IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


නව වසරේ ඔබේ ලග්නයට

නව වසරේ ඔබේ ලග්නයට..................  

මේෂ

තරඟකාරී කටයුතු ජය ලග්නාධිපති හා 8 වැන්න අධිපති කුජ 5 වැන්නේද, 2 වැන්න අධිපති හා 7 වැන්න අධිපති සිකුරු ධනස්ථානගතව කේතු සමග ද, 10 වැන්න හා 11 වැන්න අධිපති ශනි 7 වැන්නේ ද, භාග්‍යස්ථානාධිපති හා 12 වැන්නාධිපති ගුරු ලග්නගතව ද 3 වැන්න හා රෝගස්ථානය අධිපති බුද 12 වැන්නේද 5 වැන්නාධිපති රවි ලග්නගතව ගුරු සමග ගමන් කරමින් තිබියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට මිශ‍්‍රඵල ගෙන දෙන වර්ෂයක් බව කිව යුතුය. ඔබට මෙම වර්ෂය උදා වනුයේ ලග්න ගත රවි ගුරු ප‍්‍රබල ග‍්‍රහ සංයෝගයක් සහිතවය. උදාවෙන මේෂ ලග්නයට රාහුගේ පිහිටීම එතරම් ශුභ නැත. සඳු හා කුජ පිහිටීම ඉතා බලවත් නිසා තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ඨ කර ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත. අය-වැය සමසේ පවතී. මැයි මස මැද භාගයේ සිට ජූලි මස අවසානය දක්වා මේෂ ලග්න හිමියන්ට එතරම් ශුභ කාලයක් නොවේ. එන් පසුව ලබන කාලය සැප්තැම්බර් මස දක්වා යහපත් කාලවකවානුවක් වන අතර තමන්ගේ අභිමතාර්ථ ඉෂ්ඨ කර ගත හැකි වාසනාවන්ත කාලයකි. විදේශ ගමන් බිමන් යෑමට මේ කාලය අතර තුර ලැබේ.ධනය. ආදායම හා වියදම සමසේ පවතී. මැයි මස මැද භාගයේ සිට ජූනි මාසය දක්වා යම් ව්‍යාපාර කරන්නන් හට ශුභයි. තරමක යහපත් ආදායමක් ලැබිය හැකි කාලයකි. විවාහය. යම් යම් ගැටළු පැන නගින වසරකි. විවාහ නොගැලපීම් පිළිබඳ දැඩි අවදානයක් යොමු කර තීරණ ගත යුතු කාලයකි. දැඩි හිතුවක්කාරී තීරණ මත සිදුකරන විවාහය විශාල ගැටලූ විය හැකි බව සිතේ තබා ගන්න.  සෞඛ්‍ය ඒතරම් යහපත් නොවේ. විශේෂයෙන් හන්දිපත් රුදා අර්ශෂ් රෝග බහුලව පවතී. ඔක්තෝබර් මුල සිට දෙසැම්බර් මැද භාගය දක්වාම මෙම රෝග වරින් වර මතු වී නැති ඇති වේ. ඉතාමත් කුසීතව කාලය ගත කිරීමට කැමැත්තක් දක්වයි. එනමුත් අපේ‍්‍රල් 15 දින සිට ජූනි මස අවසානය දක්වා කාලය සෞඛ්‍යයට යහපත්ය. ශුභ වර්ණ - රතු - නිල්, ශුභ දින - ඉරිදා - අඟහරුවාදා, ජය අංකය - 1,5,9,11, ශුභ මැණික් - රතු කොරල්, රතු මැණික්.

වෘෂභ

ව්‍යාපාර වලින් ජය වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සිකුරු සමග කේතු 1 වැන්නේ ද 7 හා 12 අධිපති කුජ ගෘහස්ථානයේ ද 9 හා 10 අධිපති ශනි 6 වැන්නේ ද 3 වැන්නාධිපති 10 වැන්නේද 2 හා 5 අධිපති බුද අයස්ථානයේද, 4 වැන්නාධිපති රවි සමග ගුරු 12 වැන්නේ වැයස්ථාන ගතව ද හැසිරේ. වර්ෂය මිශ‍්‍රඵල දායකය. අලූත් අවරුදු උදාවීම සමග සාමාන්‍ය ආර්ථික වර්ධනයක් දක්නට ලැබෙන කාලයකි. රැකියා බලාපොරොත්තුව සිටින අයට රැුකියා හිමි වේ. බුද ගේ බලපෑම නිසා අවුරුද්ද පුරාවට තීරණ ගැනීමේ දී අවදානයෙන් යුතුව සැලකිලිමත්ව තීරණ ගත යුතුයි. අලූත් දේ වලට යොමු වීම සුබ නැත. වියදමට සරිලන ධනයක් උපයා ගැනීමට හැකියි. ණය තුරුස් නොවී හොඳින් ජීවත් විය හැකිය. බරපතළ රෝගීන්ට සුවය ලබා ගැනීමට හැකියාව ලැබේ.   ධනය ආර්ථික ලැබීම් අතින් වාසි සැලසේ. ඒ හා සමානව වියදමක් ඇති වේ. තමන් බලාපොරෝතු වන තරමට ඉතිරි කිරීමක් කර ගැනීමට හැකියාවක් නැත. ඒ නමුත් අය-වැය සමානව තබාගෙන කටයුතු කිරීමට හැකියාව ලැබේ. මැයි මුල් භාගයේ සිට අගෝස්තු අවසානය දක්වාම ව්‍යාපාර වලින් ලැබීම් අතින් ශුභයි. පොළොව සම්බන්ධ යම් යම් කර්මාන්ත කරන අයටත් ඉතා ශුභයි. අතරමග අතහැර දමා ඇති හෝ නැවතී තිබෙන යම් කිසි කටයුත්තක් (කර්මාන්ත, ව්‍යාපාර) නැවත පටන් ගැනීම ශුභයි. යම් යම් ගනුදෙනු වලට හෝ ගිවිසුම් වලට ශුභ නැත. රැකියා 2012 දී රැකියා දියුණුවක් පිළිබඳ පෙන්නුම් නොකෙරේ. ඒ නමුත් නිරතව සිටින යම් කර්මාන්තයක් වේ නම් එහි නිරත වීමට උනන්දුව ඇතිවන කාලයකි. රැකියා ස්ථානයේ යම් යම් සුළු ගැටලූකාරී මානසික පීඩා ගෙන දෙන ගැටලූ කිහිපයකට මුහුණ දීමට සිදුවේ. එය එසේ වන්නේ අගෝස්තු මස 15 දින සිට සැප්තැම්බර් අවසානය දක්වා කාලයයි. ඉවසීමෙන් යුතුව ධාර්මිකව කාලය ගත කිරීම සුදුසුය. විවාහය විවාහය සාර්ථක වේ. විවාහ ප‍්‍රමාද වූවන්ට, විවාහ අපේක්‍ෂකයන්ට නොවැම්බර් 15 පසුව ඉටුවේ. සෞඛ්‍ය සෙම් රෝග බලපවත්වන කාලයකි. ත‍්‍රිදෝෂ කිපීම වැනි රෝග හට ගැනීමට ඉඩ කඩ ඇති වසරකි. ඒ නමුත් බරපතළ රෝගී තත්ත්වක් පෙන්නුම් නොකෙරේ. ජය අංකය - 6, ශුභ දවස් - බදාදා, සිකුරාදා, ශුභ වර්ණ - ඇත්දළ පාට, ශුභ මැණික් - දියමන්ති

 

මිථුන

ආදායම් මාර්ග වාසනාව මිථුන ලග්නයෙන් උපත ලද ඔබගේ ලග්නාධිපති 10 වැන්නේද 3 අධිපති රවි සමඟ ගුරු අයස්ථානයේද 8 වැන්න හා 9 වැන්න අධිපති ශනි 5 වැන්නේද 12 වැන්න හා 5 වැන්න අධිපති සිකුරු සමඟ කේතු වැයස්ථානය ගතව සිටියි. උදාවන මෙම වසර මිථුන ලග්න හිමියන්ට සමඵලයි. ආර්ථිකය යහපත් වේ. රාහුගේ බලපෑම් ශුභ ඵල අඩු කරයි. යම් යම් මානසික පීඩනයක් සිදුවනු ඇත. අනවශ්‍ය ගමන් බිමන්, පල රහිත වැඩ කටයුතු වැනි දේ බහුලයි. යම් බලාපොරොත්තු කඩවීම් නොසිතු විදිහට කනගාටුදායක සිදුවීම් වසර මැද භාගයේදී ඇතිවිය හැකිය. ඉවසීම් වැදගත්ය.  ධනය 2012 ආදායම් අතින් ශුභඵල ගෙන දේ. අපේ‍්‍රල් 14 වන දින සිට සැප්තැම්බර් මුල් භාගය දක්වා ආදායම් ලැබීම් අතින් ශුභයි. ඒ නමුත් ඉතිරි කිරීම් අතින් ශුභයි. ඒ නමුත් ඉතිරි කිරීම් පිළිබඳ ගැටලූ රාශියක් මතුවේ. ඔබ ලබන ආදායම හා සමාන මුදලක් වියදම් කිරීමට සිදුවේ. හදිසි ලොතරැයි වාසනා, දේපළ ලැබීම් හෝ හදිසි මුදල් ලැබීම් වසර මැද භාගය වන විට ලැබෙන බව කිව හැකිය. රැකියාව මිථුන ලග්න හිමියන්ගේ රැකියා ස්ථානය මධ්‍යස්ථ ඵල ගෙන දෙනු ලැබේ. ඒ වගේම අපේ‍්‍රල් මස අවසානයේ සිට ජූනිි මස මැද භාගය දක්වා රැකියා ස්ථානයේ යම් යම් පීඩාකාරී ගැටලූ මතු වීමට ඉඩ තිබේ. එබැවින් ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න. තවද රැකියා අපෙක්ෂකයින්ට නම් ජූනි මාසයේ මැද භාගයෙන් පසුව ඉල්ලූම් කිරීමට ශුභයි. විවාහය විවාහ කටයුතු සාර්ථක උවත් ගැටුම්කාරී සවභාවයක් මත කටුයුතු කිරීමට සිදුවේ. විවාහ බලාපොරොත්තු වන අයට ජූනි මාසයෙන් පසුව ඒ සඳහා යොමු වීම ශුභයි. සෞඛ්‍ය 2012 සෞඛ්‍ය තත්වයට ශුභඵල ගෙනදේ. ඒ නමුත් සෙම් රෝග, හන්දිපත් රුදා, අර්ෂස් වැනි රෝග වැළදීමට ඉඩ කඩ ඇත. උෂ්ණ රෝග තත්ත්වයන්ද මතුවේ. ඒ නමුත් රෝග බරපතළ නොවේ. ඒ හැර දරුණු රෝගකාරක මතු වන්නේ නැත. ජය අංකය - 3-5, ශුභ දින - බදාදා - සිකුරාදා, ශුභ වර්ණ - කහ - කොළ, ශුභ මැණික් - පච්ච  

කටක

ආර්ථික වාසි ලග්නාධිපති සඳු මිත‍්‍රව සිටියි. 5 වැන්න හා 10 වැන්න අධිපති කුජ ධනස්ථානයේ ද 6 වැන්න හා 9 වැන්න අධිපති ගුරු සමග රවි කම ස්ථානයේ ද 4 වැන්න හා 11 වැන්න අධිපති සිකුරු සමග කේතු අයස්ථානයේද 7 වැන්න හා 8 වැන්න අධිපති ශනි ගෘහස්ථානයේ ද 3 වැන්න හා 12 වැන්න අධිපති බුද පුණ්‍යස්ථානයේද ගමන් කරයි. කටක ලග්න හිමියන්ට තරමක අයහපත් ප‍්‍රතිඵල පෙන්නුම් කරන වසරකි. ඒ නමුත් ආර්ථික වාසි ඇති කෙරේ. ආර්ථිකය වර්ධනය කර ගැනීමටත් ආදායම් වැඩි දියුණුකර ගැනීමටත් හැකි වසරකි.  ධනය 2012 මිල මුදල් හා තම ව්‍යාපාර වලින් වාසි සැලසේ. සවකීය ව්‍යාපාර වැඩි දියුණු කර ගැනීමට උනන්දුවක් දක්වන වසරකි. රැකී රක්ෂා රැකියා ස්ථානයේ ගැටලූ හෝ කරදර මතු වුවත් ඉවසීම හා අවබෝධයෙන් කටයුතු කර විසඳා ගැනීමට හැකිය. ඒ නමුත් එතරම් ගැටලූ මතු නොවේ. කටක ලග්න රැකියා අපෙක්ෂකයින්ට මැයි 15 පසුව ශුභ ඵල ගෙන දේ. එම කාලය නොවැම්බර් අවසානය දක්වා පවතී. ඒ බැවින් රැකියා වලට ඉල්ලූම් කිරීම ස්වකීය ව්‍යාපාර ආරම්භ කිරීමට මෙම කාලය සුදුසු වන බව කිව හැකිය. විවාහය අවුලකින් තොරව කටයුතු කළ හැකිය. විවාහ අපෙක්ෂකයින් විවාහය පිළිබඳ තීරණ ගැනීමට සුදුසු වසරකි. පේ‍්‍රම සම්බන්ධතා ද වැඩි දියුණු වන විවාහයට ශුභ කාලයකි. සෞඛ්‍ය 2012 දී සෞඛ්‍යට එතරම් ගැටලූ මතු නොවේ. ඒ නමුත් හන්දිපත් රුදා, හිසරදය, සෙම්රෝග වැනි දේ නිතර නිතර වැළඳේ. එමෙන්ම අක්ෂි අබාධ සුළු වශයෙන් ඇති කෙරේ. අගෝස්තු මැද භාගයේ සිට ඔක්තෝබර් අවසානය දක්වා මෙම තත්ත්වය බලපවත්වයි. ජය අංක - 1, 7, 9, ශුභ දවස් - සඳුදා, අඟහරුවාදා, බ‍්‍රහස්පතින්දා, ශුභ වර්ණ - සුදු පාට, ශුභ මැණික් - මුතු

සිංහ

විවාහ බලාපොරොත්තු ඉටුවෙයි රවි හිමි සිංහ ලග්නයෙන් උපත ලද ඔබගේ ලග්නාධිපති රවි උච්ච බලයෙන් ගුරු සමග භාග්‍යස්ථානයේද ගමන් කරමින් සිටියි. 4 වැන්න හා 9 අධිපති කුජ ලග්නයේ ද, 3 හා 10 වැන්න අධිපති සිකුරු සමග කේතු කර්මස්ථානයේ ද 12 වැන්න අධිපති සඳු 7 වැන්නේ ද 6 හා 7 අධිපති ශනි වික‍්‍රමස්ථානයේද ගමන් කරමින් සිටියි. ඒ අනුව සිංහ ලග්න හිමියන්ට ඒතරම් ශුභදායක වසරක් නොවේ. යම්කිසි කටයුත්තක දී හෝ තීරණ ගැනීමේදී වැඩිහිටි උපදෙස් පිළිපැදිය යුතුය. හිතුමතේ වැඩ කටයුතු කිරීම නතර කළ යුතුය.  ධනය ආදායම් තත්ත්වය වැඩි දියුණුවක් හෝ පරිහානියක් ඇති නොවෙන වසරකි. උත්සාහයේ තරමට ප‍්‍රතිඵල නැත. නව ව්‍යාපාර ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නේ නම් වසර අවසානයේ යොමුවීම සුදුසුයි. ස්ථිර තැන්පත් ධනයක් වේ නම් එයද විනාශ වීමට ඉඩ ඇති වසරක්ය. ඒ බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. ඒ නමුදු වසරේ අවසන් කාර්තුව ශුභඵල ගෙනදේ. රැකීරක්ෂා 2012 රැුකියා ස්ථානයේ ගැටලූ මතු නොවෙතත් ඒකාකාරී ස්ථානයක් ලෙස කටයුතු කිරීමට සිදුවේ. රැකියාවේ උසස්වීම් බලාපොරොත්තු වන අයට ඒ සඳහා මග පෑදෙන්නේ සැප්තැම්බර් මස 1 දාට පසුවයි. වෙනත් ව්‍යාපාර හෝ රැකියාවලට ඉල්ලූම් කරන්නේ නම් සැප්තැම්බර් 01 පසුව ඉල්ලූම් කිරීම යහපත්ය. විවාහය ගැටුම් මතු නොවේ. විවාහ බලාපොරොත්තු වන සිංහ ලග්න හිමියන්ට වසර පුරාවටම සුදුසු සහකරුවෙකු හෝ සහකාරියක ලබා ගැනීමට ඉඩකඩ වැඩි වසරක්ය. උත්සහවන්ත වෙන්න. විවාහ බලාපොරොත්තු ඉටුවීමට ශුභ කාලයකි. සෞඛ්‍ය සෙම් රෝග බහුල වීම් තුළින් හටගන්නා රෝග දණහිස්වලින් පහල වේදනා සහගත රෝග අධික හිසරදය හා අර්ශස් රෝග හට ගැනීමට හැකි ඉඩකඩ බොහෝය. ඒ බැවින් ප‍්‍රවේශම්වන්න. ජය අංක - 1, 5, ශුභ වර්ණ - රතු, ශුභ දින - ඉරිදා, අඟහරුවාදා, ශුභ මැණික් - පද්මරාග

කන්‍යා

කල්පනාකාරී වන්න   ලග්නාධිපති බුද 7 වැන්නේ නීචව ගමන් කරයි. 5 හා 6 අධිපති ශනි උච්චව ධනස්ථානයේ ද, 12 වැන්න අධිපති රවි සමග ගුරු මාරක ස්ථානයේ ද 2 හා 9 අධිපති සිකුරු භාග්‍යස්ථානයේ කේතු සමග යෝගව සිටීම වැදගත්ය. වර්ෂය පුරා මධ්‍යස්ථ තත්ත්වයක් දැකිය හැකිය. ඒ නමුත් හොඳ යැයි සිතා ගන්නා තීරණ නරක අතට හැරේ. තීරණ ගන්නා විට කල්පනාකාරී වන්න. රාහුගේ පිහිටීම අනුව තමන් ගන්නා තීරණ වුවත් විටින් විට වෙනස් කිරීමට සිදුවේ. යම් දෙයක් ඔබට ලැබේ යැයි සිතාගෙන හිටියත් අවසානයේ නොලැබී යන තත්ත්වයක් ඇතිවේ. වසර පුරාවටම මානසික නොසන්සුන්භාවය විටින් විට ඇතිවේ. ධනය ආදායම් ලැබීම් අතින් ශුභයි. ඒ නමුත් ලැබීම් හා ආදායම් කලමණාකරණය දුර්වල වේ. මුදල් කලමණාකරණය දුර්වල නිෂ්ඵල තත්ත්වයක් ඇති කෙරේ. යම් යම් ආදායම් ලැබුණත් නිසි දෙයකට යොමු නොකිරීමේ හේතුව නිසා පරිහානියට පත්විය හැකිය. එබැවින් කල්පනාකාරීව මුදල් ගනුදෙනු පිළිබඳ කටයුතු කිරීම සුදුසුයි. ණය ගනුදෙනු කිරීමෙන් වැළකී සිටීම යහපත්ය. රැකී රක්‍ෂා රැකී රක්‍ෂා කටයුතු සාර්ථක වේ. රැකියා බලාපොරොත්තුව සිටින අයට ඒවා ඉටුකර ගැනීමට අවස්ථාව උදාවේ. ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නේ නම් මැයි 1 සිට අගෝස්තු 1 දක්වා ශුභ කාලයක් එළඹේ. විවාහය විවාහ කටයුතු සාර්ථක වන වසරක්ය. ප‍්‍රමාද වූ විවාහ ඇති අය උනන්දුවක් වන්නේ නම් සාර්ථක වීමක් පෙන්නුම් කරයි. විවාහ ප‍්‍රමාද වූවන්ට විවාහය ඉක්මන් කිරීමට සුදුසු කාල සීමාවක් අපේ‍්‍රල් 15 සිට මැයි 30 දක්වා කාලය ප‍්‍රබල බව කිව හැකිය. සෞඛ්‍ය සෙම් රෝග නිසා සුළු රෝග තත්්වයන්ද පීනස බෙල්ලේ, කන්වල වේදනා හන්දිපත් වේදනා හා අර්ශස් රෝග හට ගනියි. ජය අංක - 2-5-8-9, ශුභ දිනයන් - බදාදා - සිකුරාදා, ශුභ වර්ණ- කොළ, ශුභ මැණික් - පච්ච, ගෝමේද

තුලා

තරගකාරි කටයුතුවලින් ජය සිකුරු හිමි තුලා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සිකුරු 8 වැන්නේ කේතු සමග ගමන් කරයි. 4 හා 5 අධිපති ශනි ලග්නයේද, 2 හා  7 අධිපති කුජ අයස්ථානයේ ද  ගමන් කරයි. සමඵලදායක වසරකි. ඒ නමුත් බුද  ගේ පිහිටීම ගුණ නැති නිසා කේ්න්ද්‍ර හිමියා බලාපොරොත්තු වන ඉලක්කය  කරා යෑමට අමාරුයි. ඒ නමුත් වඩාත් උත්සාහය ඇති වේ. ලග්න හිමියන්ට අධිකව අශුභවාදී ඵල නොලබන වසරක් බැවින් තම බලාපොරොත්තු හා අරමුණු කිහිපයක් හෝ ඉටුකර ගැනීමට හැකි වසරක්  වනු ඇත.  ධනය තැන්පත් ධනය ඉතිරි කර ගැනීමට හැකි වුවත් අලූත් ආදායම්මාර්ගවලින් ඵලයක් නොලබන වසරකි. එබැවින් තම ව්‍යාපාර හෝ මුදල් ගනුදෙනු කිරීමේ දී සැලකිලිමත් වන්න. නව ආදායම් මාර්ගයකට පිවිසෙන්නේ නම් තුලා ලග්න හිමියන් සැප්තැම්බර් මැද භාගය හා නොවැම්බර් මුල් භාගය දක්වා කාලය ශුභයි. රැකී රක්‍ෂා රැකියා ස්ථානයේ අර්බුද නැතත් ඒකාකාරි භාවයක්  පෙන්නුම් කරයි. කෙසේ  නමුත් රැකියා ස්ථානයේ ඔබ බලාපොරොත්තු වන යම් යම් උසස් වීම් හෝ විභාග ආදි කටයුතුවලින් ජයග‍්‍රහණයන් ලැබීමට නම් ඔක්තෝබර් මාසයෙන් පසුව ඒ ගැන උනන්දුවීම වඩා ශුභයි. නව රැකියා බලාපොරොත්තු වන අයට ද මෙම කාලය බලපානු ඇත. නව රැකියාවලට යෑමට ඉඩ ලැබෙන කාලයකි. සෞඛ්‍ය ශුභයි. ඒ නමුත් සෙම් රෝග හා උෂ්ණ රෝග සුළු වශයෙන් හැරුණු කොට වෙනත් බරපතළ රෝගයක් නොවැළදේ. ජය අංක - 5-6-8, ජය වර්ණ -ඇත්දළ පාට, ශුභ දින - බදාදා හා සෙනසුරාදා, ශුභ  මැණික් - දියමන්ති

වෘශ්චික

වියදම් අධික වේ ලග්නාධිපති කුජ 10 වැන්නේ මිත‍්‍රව  ද , 3 හා 4 අධිපති ශනි උච්චව වැය ස්ථානයේ ද 12 වැන්න හා 7 වැන්න අධිපති සිකුරු සමග කේතු ද 10 වැන්න අධිපති රවි සමඟ ගුරු 6 වැන්නේද ගමන් කරයි. මෙම වසර අශුභ ඵල ගෙන දෙන වසරක්ය. එබැවින් ඉවශිලිවන්තව හා ධර්මානුකූලව කටයුතු කිරීමෙන් ශුභ ඵල ලං කරගත හැකිය. වෘශ්චික ලග්න හිමියන්ට ජුලි මුල් භාගයේ සිට අගෝස්තු අවසානය දක්වා අශුභඵල ගෙන දෙන කාලයකි. ඒ බැවින් මෙම කාලය තුළ ප‍්‍රවේශමින් කටයුතු කරන්න.  ධනය වියදම් අධික වන වසරකි. නොසිතූ ලෙස උපයාගත් ධනය කුමන හෝ කාර්යයක් සඳහා වැය කිරීමට සිදු වේ. නව ආදායම් මාර්ග වලට යොමු වීම ශුභ නැත. තැන්පත් ධනය ඉවසීමෙන් යුතුව වියදම් කිරීමට වග බලා ගන්න. ව්‍යාපාර කටයුතුවලින් පාඩු ලැබීමට සිදුවන වසරකි. ඒ බැවින් ඉතාමත්ම කල්පනාකාරීව හා සුපරීක්‍ෂාකාරීව මුදල් වියදම් කිරීම සුදුසුයි. නව ආදායම් මාර්ග වලට යොමුවීමට කිසිසේත්ම ශුභ ඵලදායක කාලයක් නොවේ. උරුම දේපොල පිළිබඳ ආරවුල් හට ගැනීමට ඉඩ ඇත. රැකී රක්‍ෂා අවුල් තත්ත්වයක් පෙන්නුම් කරයි. නව රැකියා බලාපොරොත්තු වන අයට සැප්තැම්බර් මාසයෙන් පසුව හෝ මැයි 15 දින සිට ජූනි මැද භාගය දක්වා රැකියා කටයුතු සඳහා ගුණදායක වේ. ඒ සඳහා ඉල්ලූම් කරන්නේ නම් ශුභ කාලයකි. කල්පනාකාරීව නොසිටිය ගොත් රැකියා ස්ථානයේ අසමගිකම් තුළින් විවිධ ගැටලූ වලට මුහුණ දීමට සිදුවේ. ඒ බැවින් ඉතාමත්ම කල්පනාකාරීව කටයුතු කරන්න. සෞඛ්‍ය වා පිත් සෙම් කිපීම නිසා ඇතිවන රෝගකාරක හා අධික හිස කැක්කුම වැනි රෝග හට ගැනීමට ඉඩ කඩ ඇති වසරකි. ජය අංක 1-5-7-9, ජය වර්ණ රතු, ශුභ මැණික් - රතු මැණික්, ශුභ දින - අඟහරුවාදා - බ‍්‍රහස්පතින්දා

ධනු

බලාපොරොත්තු ඉටු වෙයි ලග්නාධිපති ගුරු 5 වැන්නේ රවි සමග ගමන් කරයි. 2 හා 3 අධිපති ශනි උච්චව අයස්ථානයේ සිටියි. 12 හා 5 අධිපති කුජ ග‍්‍රහයා භාග්‍යස්ථානයේ සිටියි. මෙම වසර ඉතාම ශුභදායක වසරකි. ඒ නමුත් රාහුගේ බලපෑම නිසා යම් යම් ස්ථාන වලදී මානසික පීඩා ගෙන දේ. යම් කටයුත්තක් එකවර කර ගැනීමට නොහැකියාවක් පවතී.  ධනය 2012 ආදායම් අතින් ශුභවේ. නව ආදායම් මාර්ග හා නව ව්‍යාපාර වලින් වාසි ගෙනදෙන වසරකි. අතරමග නැවතී තිබෙන ව්‍යාපාර නැවත පටන් ගැනීමට ශුභ වේ. ලොතරැුයි වාසනා පවා ලැබීමට ඉඩ ඇත. යම් කිසි මුදලක් ඉතිරි කර ගැනීමට ද හැකි වන වසරක් වේ. රැකීරක්ෂා රැකියා ස්ථානය ශුභවේ. නව රැකියා ඉල්ලූම් කිරීම හා රැකියා බලාපොරොත්තුව සිටින ලග්න හිමියන්ට ශුභ කාලයකි. එය ඉෂ්ඨ වේ. විදේශ ගමන් යෙදෙන වසරක්ය. රැකියා උසස් වීම් පවා ලබාගැනීමට හැකි වසරකි. සෞඛ්‍ය උෂ්ණ රෝග හා අජීර්ණ රෝග, හන්දිපත් වේදනා රෝග හට ගැනීමට ඉඩ කඩ ඇති බැවින් කල්පනාකාරී වන්න. ජය අංක 5-7-9, ශුභ වර්ණ - කහ, ශුභ දින - බදාදා හා සෙනසුරාදා, ශුභ මැණික් - පුෂ්පරාග

මකර

තරඟ විභාග වලින් ජය ලග්නාධිපති ශනි 10 වැන්නේ උච්චව ගමන් කරයි. 11 හා 4 අධිපති කුජ 8 වැන්නේ මාරකස්ථානයේද 8 අධිපති රවි සමඟ ගුරු ගෘහස්ථානයේ ගමන් කිරීම ශුභයි. වසර ශුභයි. ඒ නමුත් බුද හා රාහු ග‍්‍රහයින්ගේ බලපෑම නිසා යම් යම් කටයුතු ප‍්‍රමාද වීමට ඉඩ තිබේ. ඒ නමුත් සමස්ථයක් ලෙස ව්‍යාපාර ශුභඵලදායකයි.  ධනය මෙම වසර තුළ ලග්න හිමියන්ට ආර්ථික වශයෙන් වැඩි ලාභ නොලැබුණද ආර්ථික තත්ත්වය සමබරව ගෙන යාමට හැකි ආදායමක් ලැබේ. ව්‍යාපාර වලින් පාඩු සිදු වුණත් තැන්පත් ධනයට හානියක් නොවේ. අපේ‍්‍රල් මැද භාගයේ සිට අගෝස්තු අවසානය දක්වා ධන හානි වීමට යම් යම් කටයුතු බලපෑවත් අගෝස්තු මස අවසානයේ පසුව එම තත්ත්වය මග හැරී ධනය ලැබීම් අතින් වාසිදායක වේ. පොළොව සම්බන්ධ කටයුතු වලදී මුදල් ලැබීම් අතින් වාසි ගෙන දේ. විශේෂයෙන් උත්සාහය තරමට ලැබීම් ඇති වේ. රැකී රක්‍ෂා ශුභයි. ඒ නමුත් හදිසි තිරණ වලින් ඇත් වී කටයුතු කිරීම යහපත්ය. රැකියා බලාපොරොත්තුව සිටින අයට අගෝස්තු අවසානයෙන් පසුව රැකියා ලැබෙන කාලවකවානුවකි. රැකී රක්‍ෂාවල නියුතු වූවන්ට උසස් වීම් පිළිබඳ අදහසක් ඇත්නම් එයද ඉෂ්ට වීමට ඉඩ කඩ ලැබේ. සෞඛ්‍ය වා, පිත්, සෙම් කිපීමෙන් සෙම් රෝග බහුල විමත් උෂ්ණ රෝග අතරින් අර්ශස් රෝග බහුල විම පෙන්නුම් කෙරේ. ඒ බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. ජය අංකය - 7-9, ශුභ දින - බදාදා, සිකුරාදා ශුභ වර්ණ - නිල්, ශුභ මැණික් - නිල් මැණික්

කුම්භ

මැණික් වාසනා ලග්නාධිපති ශනි උච්චව භාග්‍යස්ථානයේ ගමන් කරයි. 3 හා 10 වැන්න අධිපති කුජ 7 වැන්නේද 5 හා 8 අධිපති බුද ධනස්ථානයේද 4 හා 9 අධිපති සිකුරු සමඟ කේතු ගෘහස්ථානයේ සිටියි. සමස්තයක් වශයෙන් ගත් කල ශුභ ඵල ගෙන දෙන වසරක්ය. යම් යම් ග‍්‍රහ බලයන් නිසා පීඩන ගැටලූ මතු වුවත් අතිශයින්ම වාසි ගෙන දෙන ලග්නයකි.  ධනය මෙම වසර ලැබීම් අතින් යහපත්ය. ලොතරැයි වාසනා, මැණික් වාසනා වැනි දේ ද උරගා බැලීමට සුදුසු කාලයකි. නව ආදායම් මාර්ග සේම ව්‍යාපාර කටයුතු වලින්ද වාසි ගෙන දෙන වසරක්ය. රැකීරක්‍ෂා බලාපොරොත්තුවන රැකියා උසස් වීම්, නව රැකියා ලැබීම්, ආදියට මෙම වසර ශුභ දායකයි. රැකියා ස්ථානයේ ප‍්‍රධානීන්ගේ ප‍්‍රශංසා ලැබෙන වසරක්ය. රැකියා ස්ථානය ශුභ වේ. විදේශ රැකියා වලට පවා වසනාව හිමි වසරක්ය. සෞඛ්‍ය පිත් කෝපය නිසා හට ගන්නා රෝග කාරක හා උෂ්ණාධික චර්ම විපර්යාසවලට මුහුණ දීමට සිදුවේ. ප‍්‍රවේශම් වන්න. ජය අංක 1-5-9, ජය වර්ණ - දම් පාට, ජය දින- බ‍්‍රහස්පතින්දා - සෙනසුරාදා, ජය මැණික් - නිල්

මීන

සාර්ථක විදෙස් ගමන් ලග්නාධිපති ගුරු ධනස්ථානයේ රවි සමඟ ගමන් කරයි. 11 හා 12 අධිපති ශනි උච්චව මාරකස්ථානයේ ද 2 හා 8 අධිපති සිකුරු සමග කේතු වික‍්‍රමස්ථානයේ ද සිටියි. මෙම වසර මිශ‍්‍රඵල ගෙන දෙන වසරක්ය. ග‍්‍රහ බලපෑම අනුව හුදකලාවීම් වැනි දේ වලට මුහුණ දීමට සිදු වේ.  ධනය තැන්පත් ධනය ඉතිරි කරගත හැකි නමුත් අමතර මුදල් ලැබීමක් මේ වසරේ පෙන්නුම් නොකරයි. එදිනෙදා අවශ්‍යතාවන් සඳහා යම් තරමක ලැබීම් ඇත. ව්‍යාපාර වලින් සිතු තරම් ලාභ නොලැබෙන නිසා නව ව්‍යාපාර වලට යොමු වීම ශුභ නැත. රැකී රක්ෂා ස්ථානය ශුභ වේ. රැකියා උසස් වීම් බලාපොරොත්තු නම් ඉටු වේ. නව රැකියා ලැබීම් හිමිය. විදෙස් ගමන් වාසනා ඇත. සෞඛ්‍ය යහපත්ය, සාමාන්‍ය සෙම් රෝග, බඩ අජීර්ණ වැනි රෝග වලට මුහුණ දීමට සිදුවේ. ජය අංකය 3-5-9, ජය වර්ණ - කහ, රතු, ජය දින - අගහරුවාදා, බ‍්‍රහස්පතින්දා, ජය මැණික් - පුෂ්පරා



අදහස් (0)

නව වසරේ ඔබේ ලග්නයට

පියල් Wednesday, 09 May 2012 08:39 AM

අපේ ජීවිතයට ගොඩක් ප්‍රයෝජනවත්

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 439 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 437 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 102 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 372 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 543 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


ජයග්‍රහණය අබියස අභියෝගය
2024 නොවැම්බර් මස 18 906 0

ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 485 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 708 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1986 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site