මෙරට දේශපාලනය ත්‍රාසජනක සටන් සපිරි බටහිර චිත්‍රපටයක් බඳුය. පාර්ලිමේන්තුවේ ඉකුත් දිනවල රඟ දැක්වුණු ජවනිකා වුවද එයට කදිම නිදසුනකි. මෙරට දේශපාලන සංස්කෘතිය කොතරම් අවිචාරයේත් මුග්ධභාවයේත් පත්ලටම වැටී ඇද්දැයි වටහා ගැනීමට එම ජවනිකා පෙළ වුවද ප්‍රමාණවත්ය.
ප්‍රතිවිරුද්ධ මත දරන දේශපාලන පක්ෂ අතර මතවාදී සංග්‍රාම, වාග් ප්‍රහාර තියුණු විවේචන ඇතිවිය හැකිය. එය ස්වාභාවිකය. එහෙත් ඒවා වූවද මිනිස් බුද්ධියට නිගා නොදෙන්නක් විය යුතුය. ශිෂ්ටත්වයේත්, මානුෂිකත්වයේත් සීමාව තුළ ඒවා සිදුවිය යුතුය.
මුළුමහත් සමාජයක්ම අවිචාරයේ ගල්ගුහා වෙත වේගයෙන් ගමන් කරන පරිසරයක දේශපාලන ක්ෂේත්‍රයෙන් පමණක් උත්තුංග මානවීය ගුණධර්ම හා ආදර්ශ බලාපොරොත්තු විය යුතු නැතැයි තර්කයක් මතු කළ හැකිය. එහෙත් වෙනත් ක්ෂේත්‍රයකට අදාළව එම තර්කය යම් වලංගු බවක් පළ කළ ද දේශපාලන ක්ෂේත්‍රයට අදාළව එය ගැළපීම උගහටය. මන්දයත් සමාජය නිරීක්ෂණය කරනු ලබන්නේ දේශපාලකයන් වන හෙයිනි. රටේ ජනතාවට උරුමකර දෙනු ලබන්නේ කුමනාකාරයේ රටක් ද යන්න තීරණය කරනු ලබන්නේ දේශපාලකයන් විසිනි. එබඳු බාරදූර වගකීමක් දෙවුර මත හොවාගත් දේශපාලකයන් වෙතින් බලවත් බලගතු ආදර්ශ මතුවිය යුතුමය. මන්දයත් දේශපාලනය යනු දේශය පාලනය කිරීම වන හෙයිනි.
නූතනය වනවිට ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂ අතර වන ගැටුම්වලට වඩා එකම පක්ෂයේ පිරිස් අතර වන ගැටුම් කරළිගත වෙමින් තිබේ. සාමූහික වගකීම් සම්බන්ධ අනුල්ලංඝනීය උරුමයක් සහිත ඇමැති මණ්ඩලය තුළ ද වර්තමානය වනවිට කාකොටා ගැනීම් බහුලවෙමින් තිබේ. ඇමැති මණ්ඩලයේ සාමූහික වගකීම් උල්ලංඝනය කිරීම ඇමැති ධුරය අහිමි වීමට හේතුවක් බව ආසන්න මෑත කාලයෙන් ද නිදසුන් තිබේ. එහෙත් පක්ෂයේ දේශපාලනඥයන්ගෙන් බහුතරයක් යනු ඛේදවාචකවලින් මෙපිට පාඩම් ඉගෙන නොගන්නෝ වෙති. එබන්දන්ගෙන් රටේ පොදු මහජනයාට සැපයෙන ආදර්ශ මොනවා දැයි ඒ අනුව සිතා ගත හැකිය.
මෙරට දේශපාලනය යනු බඩරස්සාවක් පමණකැයි සමාජයේ පොදු මතයක් තිබේ. ජනතාවට සේවය කිරීම සඳහා දේශපාලනයට පිවිසි බව ප්‍රකාශ කළ ද බහුතරයක් දෙනා දේශපාලනයට පිවිස තිබෙන්නේ පරම්පරා ගණනකට හරි හම්බ කිරීමට බව ජනතාව චෝදනා කරති. මෙබඳු චෝදනා ගොඩනැඟෙන්නේ නිස්කාරණයේ නොවේ. හේතු සාධක මත පදනම්වය. පාරට දමන තාර ටිකෙන්, බෝක්කුව හැදීමට ගෙනා සිමෙන්ති කොට්ටයෙන් ද ගසා කන චෞර කප්පිත්තාගේ භූමිකාවට පණ පොවන දේශපාලනඥයා නිසා එවැනි චෝදනා එල්ල වී තිබේ.
‘‘වෙන රටක නම් දුම්රිය අනතුරක් සිදුවුණහොත් ඒ රටේ ප්‍රවාහන අමාත්‍යවරයා ඉල්ලා අස්වෙනවා.’’ විදෙස් අත්දැකීම් ඇසුරෙන් අපේ ජනයා එසේ කියති. ජනතාවට වගවීම සම්බන්ධ උපමා නැති අලංකාර ආදර්ශ දියුණු ශිෂ්ට සමාජවලින් ප්‍රදර්ශනය වීම එයට හේතුවය. එබඳු සමාජවලට අනුව තනතුරු යනු ආභරණ නොවේ. වැඩ කිරීම සඳහා අවස්ථාවකි. තනතුරු ආභරණ ලෙස සලකන්නෝ මුග්ධ බව ආඩම්බර පදක්කමක්ව පළඳින්නෝ වෙති.
අප රටේ සිටින දේශපාලනඥයෝ තමන්ට ඇමැති තනතුරු අවශ්‍ය යැයි විලාප දෙති. “මට අර අමාත්‍යංශයම අවශ්‍ය” යැයි ලජ්ජාවකින් හා හිරිකිතයකින් තොරව කියති. ලැබුණු අමාත්‍යාංශය “මදි” යැයි නාහෙන් අඬති. “අරයට දුන්නා නම් මටත් ඕනෑ” යැයි කියති. අනතුරුව ඒ ඒ පක්ෂයේම මැති ඇමැතිවරු එකිනෙකාට දොස් පවරා ගනිමින් මාධ්‍ය ඉදිරියේ නිර්වස්ත්‍ර වෙති. මේ දේශපාලනඥයන්ගේ “ලජ්ජා නහරය” උපතින්ම කපා ඇද්දැයි ජනතාව සිතති.
එක් අතකින් මෙබඳු විගඩම් තිබීම වැදගත්ය. මන්දයත් ජනතාව ජීවත් වන්නේ සිය මූලික අවශ්‍යතා හෝ ඉටු කරගත නොහැකිව වේදනාවෙනි. එසේ වේදනාවෙන් පෙළෙන ජනතාවට දේශපාලකයන්ගේ මෙම විගඩම් දෙස බලා බඩ අල්ලාගෙන සිනාසිය හැකිය. ජනතාව එසේ හෝ සතුටු කිරීම සම්බන්ධයෙන් දේශපාලනඥයන්ට ප්‍රණාමය හිමිවිය යුතුය.
දිසානායක මුදියන්සේලාගේ රංබණ්ඩා සහ ඔහුගේ බිරිඳවන සීලවතීගේ දෙවැනි දරුවා ලෙස 1968 වසරේ නොවැම්බර් මස 24 වැනිදා ගලේවෙල මකුල්ගස්වෙල මාතෘ නිවාසයේදී ඔහු උපත ලැබ
2024 ජනාධිපතිවරණය ඉතාමත්ම උණුසුම් මෙන්ම තරගකාරීත්වය අතින් ඉහළම ජනාධිපතිවරණයක් වශයෙන් හඳුනාගත හැකිය. මෙකී ජනාධිපතිවරණයට පසුබිම සැකසෙන්නේ රට ආර්ථික වශ
මීට පෙර ලිපියක අප සඳහන් කළ ආකාරයට අද පැවැත්වෙන ශ්රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරණය මෙතෙක් පැවැත්වුණු ජනාධිපතිවරණ අටටම වඩා කරුණු ගණනාවකින් වෙනස්ය.
මාතලේ, නාලන්ද ගෙඩිගේ යනු මෙරට මධ්‍ය කේන්ද්‍රය ලෙස සලකනු ලබන ස්ථානයේ පිහිටි පෞරාණික මෙන්ම සුන්දර පරිසර පද්ධතියකින් හෙබි හරි අපූර්වතම ස්ථානකි. නාලන්ද
අඹගහපිටිය වලව්ව හෙවත් සහබන්ධු වලව්ව බලපිටිය මුදලි පෙළපතේ පැරැණිම වලව්වකි. විහාරස්ථානයට පූජා කළ ලංකාවේ මුල්ම වලව්ව ලෙස මෙය සැලකේ. උපසම්පදාව ජනසතු කරම
නීතියේ ආධිපත්‍යය යනු සියලුම පුද්ගලයන්, ආයතන සහ සංවිධාන නීතියට යටත් බවත් එහි නිර්දේශවලට වගකිව යුතු බවත් සහතික කරන මූලික මූලධර්මයකි. එසේම රටක් පාලනය ව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පක්ෂ ඇතුළේ කතා කළ යුතු දේ එළිපිට කතා කිරීම හරිද
රාජුන් Wednesday, 09 January 2019 09:57 PM
පක්ෂ ඇතුලේ කතා කරනවා කියන්නේ මහජනතාවට හොරෙන් දොර අගුළු දාගෙන කරන කුමණ්ත්‍රනද?
nihal Thursday, 10 January 2019 09:39 AM
පක්ෂයක්තුල ගන්නා තීරණ දෙවිදියාකාරයකට ආරක්ෂා කළ යුතුය පක්ෂයක තීරණ හෝ සාකච්ඡ කළ දේවල් පක්ෂ රාමුව තුළ ආරක්ෂා කළ යුතුය නමුත් සමස්ත රටේ ජනතාවට බලපානා ආර්ථික සහ අත්‍යවශ්‍ය තීරණ මහජනතාවගේ අවධනය සදහා ප්‍රකාශ කලයුතුය