IMG-LOGO

2025 අප්‍රේල් මස 27 වන ඉරිදා


පාකිස්තානු හමුදාවේ දේශපාලන උණ

දකුණු ආසියානු කලාපයේ න්‍යෂ්ටික බලවතුන් දෙදෙනාගෙන් අයකු වන පාකිස්තානය කලාපයේ භූ දේශපාලනයේ දී ඉතා වැදගත් භූමිකාවක් රඟ දක්වයි. සමස්ත ජනගහනය මිලියන 207 ක් වන පාකිස්තානය ලෝකයේ ජනගහනය අතින් හයවැනි විශාලතම රට වෙයි. පාකිස්තානය නිර්මාණය වී ගත වූ වසර 70ක කාලයේදී ඡන්දයෙන් තේරී පත්වූ කිසිම අග‍්‍රාමාත්‍යවරයකුට සිය ධුර කාලය අවසන් කිරීමට නොහැකි විය.

ඇතැමෙකු හමුදා කුමන්ත‍්‍රණයකින් බලයෙන් පහ කෙරෙද්දි තවත් අයකු අධිකරණ කි‍්‍රයාමාර්ගවලින් බලයෙන් ඉවත් කෙරුණි.

හිටපු අග‍්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ට අධිකරණ කි‍්‍රයාමාර්ගයකින් ගෙදර යන්නට සිදු වූ අතර මැතිවරණයට දින කිහිපයක් තිබියදී දුෂණ චෝදනාවලට වරදකරු කරමින් ඔහුට දස වසරක සිරදඬුවමක් පැනවීමට ද එරට අධිකරණයක් නියෝග කළේය. සිය ධුර කාලය නිල වශයෙන් අවසන් කිරීමට සමත්වූ එකම ආණ්ඩුව වන්නේ 2013 වසරේ පැවැති මහ මැතිවරණය ජයග‍්‍රහණය කිරීමෙන් පත්වූ ආණ්ඩුවයි.

මෙවර මහ මැතිවරණයේ දී බල හුවමාරුව වෙනදාට වඩා සාමකාමී අයුරින් සිදු වූ අතර වසර 70ක පාකිස්තාන ඉතිහාසයේ එක් ආණ්ඩුවකින් තවත් ආණ්ඩුවකට සිවිල් බලය හුවමාරු වූ දෙවැනි අවස්ථාව මෙය විය. මෙවර මහ මැතිවරණයේදී විශිෂ්ට ජනවරමක් හිමි කරගනිමින් පාර්ලිමේන්තුවේ තනි විශාලතම පක්ෂය බවට පත්වීමට 1992 දී ලෝක කුසලානය දිනූ පාකිස්තාන කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු නායක ඉම්රාන් ඛාන් සමත්විය.

සමස්ත ප‍්‍රතිඵල අනුව ආසන 117 ක බලය තහවුරු කරගැනීමට ඉම්රාන් ඛාන්ගේ තරීක් ඊ ඉන්සාෆ් (පී.ටි.අයි) පක්ෂය සමත්ව තිබිණි. හිටපු අග‍්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ ‘පාකිස්තාන මුස්ලිම් ලීගය - එන්’ පක්ෂයට දිනාගැනීමට හැකිව තිබෙන්නේ ආසන ආසන 63 ක් පමණි. පාකිස්තාන ජනතා පක්ෂය (පී.පී.පී) ආසන 43ක් දිනාගෙන ඇති බවත් සඳහන් කළේය.

මේ අනුව පාකිස්තාන ජනතා පක්ෂය සන්ධාන ආණ්ඩුවක රජුන් තනන පක්ෂය වනු ඇතැයි ද පැවැසේ. ස්වාධීන කණ්ඩායම් සහ අනෙකුත් පක්ෂ දිනාගෙන ඇති ආසන සංඛ්‍යාව 47 කි. 

පාකිස්තාන ජනතා පක්ෂය (පී.පී.පී) පක්ෂය යනු ඝාතනයට ලක්වූ පාකිස්තානයේ හිටපු අගමැතිනි බෙනාසීර් බූතෝ සහ හිටපු පාකිස්තාන අගමැති අසීෆ් අලී සර්දාරිගේ පුත් බිලාවාල් බූතෝ සර්දාරීගේ නායකත්වයෙන් යුතු පක්ෂයයි.

දුෂණ චෝදනාවලට වරදකරු වූ හිටපු අගමැති නවාස් ෂරීෆ්ට මැතිවරණයට ඉදිරිපත් නොහැකි වූ අතර ඒ වෙනුවට ඔහුගේ සහෝදරයකු වන ෂෙබාබ් ෂරීෆ් ‘පාකිස්තාන මුස්ලිම් ලීගය පක්ෂය - නවාස් (පී.එම්.එල්-එන්)’ පක්ෂයේ අගමැති අපේක්ෂකයා විය.

ප‍්‍රචණ්ඩ කි‍්‍රයා, තලේබන් සහ අයි.එස් තර්ජන, දුෂණ හා වංචා, මැතිවරණ අක‍්‍රමිකතා යන අවදානම් තත්ත්වය මධ්‍යයේ පැවැති මෙවර පාකිස්තාන මැතිවරණයත් ඉන් පසු පාකිස්තානය කොයි දිසාවකට ගමන් කරන්නේ ද සහ ඉන් දකුණු ආසියානු කලාපයට, ලෝකයට සහ ශ්‍රී ලංකාවට වන බලපෑම සම්බන්ධයෙන් විශේෂඥ අදහස් විමසා බැලීම ඉතා වැදගත් වන්නේය.

ඒ සම්බන්ධයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අංශයේ කථිකාචාර්ය කුලනි විජයබාහු මහත්මිය සහ සහකාර කථිකාචාර්ය සගීත් මනිමෙල්වඩු මහතා දරන්නේ මෙවැනි අදහසකි.

‘‘මෙවර මහ මැතිවරණය පාකිස්තාන දේශපාලන ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් ලකුණු කරන මැතිවරණයකි. දුෂණය, ත‍්‍රස්තවාදී සහ අන්තවාදී කි‍්‍රයාකාරකම්, මිලිටරි පාලනය හා හමුදාවේ බලය පාකිස්තානයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමට එල්ල වී තිබෙන බාධා ලෙස පෙන්වා දිය හැකියි”

”ජනමාධ්‍යය වාරණයක් ද මධ්‍යයේ පැවැති මෙවර මැතිවරණයේදී ඡන්ද දායකයන් ආකර්ෂණය කරගැනීම සඳහා සෑම පක්ෂයක්ම පොරොන්දු රැසක් ලබා දී තිබිණි. දරිද්‍රතාවයෙන් පෙළෙන පාකිස්තානය සංවර්ධන මාවතට ගැනීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම, ජනමාධ්‍ය නිදහස, සම්පත් සෑම ජනප‍්‍රජාවක් අතරේම සමානව බෙදී යෑමට සැලැස්වීම යන පොරොන්දු වලින් මැතිවරණ වේදිකා පිරී පැවැතුණි.

ජූලි 25 වැනි දා පැවැති මහ මැතිවරණය සටහන් වන්නේ පළමු වරට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස පාලන තන්ත‍්‍රය පවත්වාගෙන ගිය කාලසීමාවක නිමාවක් සහ නැවත ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක බලාපොරොත්තුවක් ඇති කරන්නක් ලෙසිනි. 

පාකිස්තාන පාලන තන්ත‍්‍රය තළ පවතින දුෂණය, අකාර්යක්ෂමතාව මෙන්ම මැතිවරණ වංචා, දුෂණ සහ අක‍්‍රමිකතා, දේශපාලන පළිගැනීම බොහෝ විට ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයේ මළගමටත් මිලිටරි ජුන්ටා පාලනයක් හිස එසවීමටත් එවැනි මිලිටරි පාලනයකට සුජාතබවක් සැපයීමටත් හේතු වී තිබේ.

පාකිස්තානයේ බලය සඳහා වන මිලිටරි පාලනය සහ සිවිල් ආණ්ඩු අතර වන අරගලය ඉතිහාසය මුළුල්ලේම දක්නට තිබිණි.

වසර 2013 දී බලයට පත්වූ පසුගිය ආණ්ඩුව ද එම අරගලය මඟ හැර යා නොහැකි විය. මැතිවරණය පැවැත්වීමට සතියකටත් අඩු කාලයක් තිබියදී වත්මන් ආණ්ඩුව සහ මිලිටරි පාලනය එසේත් නැතිනම් හමුදාව අතර අරගලයේ උච්චතම අවස්ථාව එළැඹිණි. ඊට පෙර සිටම ඒ සඳහා පසුබිම සකසා තිබිණි.

ප‍්‍රථමයෙන්ම නවාස් ෂරීෆ් අග‍්‍රාමාත්‍යධුරයෙන් ඉවත් කරමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුවක් දුන් අතර මැතිවරණයට සති දෙකකට අඩු කාලයක් තිබියදී හිටපු අගමැතිවරයා දුෂණ චෝදනාවලට වරදකරු කරමින් දස වසරක සිර දඬුවමක් ද නියම කෙරුණි.

ශ්‍රේෂ්ඨාධිකරණය නවාස් ෂරීෆ් අග‍්‍රාමාත්‍යධුරයෙන් ඉවත් කළා පමණක් නොව ඔහුට අමාත්‍යධුර, මන්තී‍්‍රධුර දැරීමට ඇති සිවිල් අයිතිය ද අහෝසි කළේය. එහි ප‍්‍රතිඵලයක් ලෙස ඔහුට පාකිස්තාන මුස්ලිම් ලීගය-එන් (පී.එම්.එල්-එන්) පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට ද සිදුවිය. පාකිස්තාන මිලිටරි පාලනයේ බලය අධිකරණය දක්වාම විහිදී ගොස් ඇති බව ද එම සිදුවීම්වලින් පෙන්නුම් කරයි. නවාස් ෂරීෆ්ට එල්ල වූ වංචා දුෂණ චෝදනා විමර්ශනයට පත් කළ ස්වාධීන කමිටුවලට පාකිස්තාන හමුදාවේ නිලධාරීන් පත් කිරීමෙන්ද ඒ බව තවත් තහවුරු වේ.

නවාස් ෂරීෆ්ගේ සිවිල් බලතල අහෝසි කිරීම අවාසනාවන්ත තත්ත්වයක් බව බොහෝ විද්වතුන්ගේ අදහස වී තිබේ. එය අවාසනාවන්ත තත්ත්වයක් බවට පත්වීමට මූලිකම හේතුව නවාස් ෂරීෆ්ගේ සාමකාමී විදේශ ප‍්‍රතිපත්තියයි. ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය සමඟ යහපත් සබඳතා පවත්වාගැනීමට නවාස් ෂරීෆ් කටයුතු කළ අතර එය පාකිස්තාන හමුදා නායකයන්ගේ බලාපොරොත්තු සුන් කළේය.

පාකිස්තානයේ විදේශ ප‍්‍රතිපත්තිය මිලිටරී පාලනයට යටත් වීමත් ජාතික ආරක්ෂාව ඔවුන් යටතට ගැනීමත්, දේශපාලන අධිකාරයේ අත්තනෝමතික පාලනය, ජනමාධ්‍ය වාරණය, ජනතා සංහාර යනාදිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණු මැඩ පැවැත්වීමට හමුදාවට අවස්ථාවක් උදා කර දී තිබෙන අතර ඊට නෛතික සුජාත බවක් ද සපයා තිබේ.

මිලිටරි පාලනය පාකිස්තාන දේශපාලනයේ පැවැත්ම, අභ්‍යන්තර සංවර්ධනය හා මානව සුරක්ෂිතබව මැඩ පැවැත්වීමටත් හේතුවක් වී තිබේ. ඉන්දියාව ආසන්නතම ප‍්‍රතිවාදියා ලෙසත් ඇෆ්ගනිස්තානය මූලෝපායික මාර්ගයක් ලෙසත් සලකමින් පාකිස්තාන භූමිය තම අණසකට ගැනීමට පාකිස්තාන මිලිටරී පාලනය අවස්ථා කිහිපයකදීම ප‍්‍රයන්ත දරා තිබේ. එසේ පාලනය තමන් අතට ගත් අවස්ථා සඳහා උදාහරණ ඉතිහාසයේ ඇත.

ජූලි 13 වැනිදා බලූකිස්තානයේ ක්වෙටාහිදී අයි.එස්.අයි.එස් සංවිධානය කළ මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදී බෝම්බ ප‍්‍රහාරයත්, මැතිවරණ ආශි‍්‍රත ප‍්‍රචණ්ඩ කි‍්‍රයාත් පාකිස්තාන මැතිවරණලදී සාමාන්‍යයෙන් දක්නට තිබෙන තත්ත්වයක් වුවත් නැවත වරක් ඒ පිළිබඳ පසු විපරමක් කිරීම වැදගත් වේ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස ජනමාධ්‍යයට අදහස් ප‍්‍රකාශ කිරීමට ඇති අයිතිය අහුරුවාලීම, ජනමාධ්‍යවේදීන් පැහැර ගැනීම, ජනමාධ්‍ය වාරණය සහ ඝාතනය කිරීම ක‍්‍රමයෙන් පාකිස්තාන මිලිටරි පාලනයේ පොදු ලක්ෂණ ලෙස දැකිය හැක. ත‍්‍රස්තවාදී හා අන්තවාදී කණ්ඩායම්වල විශේෂයෙන්ම ලක්ෂාර් ඊ තලීබා වැනි කණ්ඩායම්වල සාමාජිකයන්ට මැතිවරණයට තරඟ කිරීමට ඉඩ දීමත් ඒ හරහා පාකිස්තානයේ ස්වෛරීත්වයට සිදුවන හානියද විද්වත් කතිකාවට ලක්ව වී තිබේ.

ජාත්‍යන්තරය තුළ ත‍්‍රස්තවාදය මැඩලීම වෙනුවට ත‍්‍රස්තවාදය ප‍්‍රචලිත කිරීමට හා යම් ත‍්‍රස්තවාදී කණ්ඩායම්වලට රැකවරණය සැපයීමත් තුළින් පාකිස්තානය මිලිටරි පාලනයක් ගෙන යන ආකාරයක් පෙන්නුම් කරන බව ජාත්‍යන්තර විද්වතුන්ගේ මතය වී තිබේ.

මෙම මැතිවරණය හරහා  2008 වසරින් පසු ඇති වු ප‍්‍රජාතන්ත‍්‍රාවදී පාලනයේ දෙවැනි ආගමනයට පියවර තැබුණ ද රට අභ්‍යන්තරයේ වියවුල් වාතාවරණය, මිලිටරි පාලනයේ හස්තයට නතු වු අධිකරණ පද්ධතියද සුබවාදී වාතාවරණයක් ඇති නොකරනු ඇත.

පසුගිය දශක තුනක කාලයේදී මිලිටරි නායකයන් ඉතා දැඩි ලෙස දේශපාලන කටයුතුවලට අත පෙවීම පී.එම්.එල්-එන් පක්ෂ නායක නවාස් ෂරීෆ් හා පාකිස්තාන ජනතා පක්ෂය පක්ෂ නායක බිලාවල් බූතෝ සර්දාරි යන නායකයින්ගේ නිර්දය ලෙස විවේචනයට ලක්විය.

දැනට පවතින ජාතික ආරක්ෂක සහ විදේශ ප‍්‍රතිපත්තිවලට එකඟ නැති මිලිටරි පාලනය මැතිවරණයේදී ඉම්රාන් ඛාන් ජයග‍්‍රහණය කරවීමට උත්සාහ කරන බවට මැතිවරණයට පෙර සිටම නවාස් ෂරීෆ් පාර්ශවය ඇතුළු පාර්ශව කිහිපයකින්ම චෝදනා එල්ල වී තිබිණි.

ජනපි‍්‍රය කි‍්‍රකට් තරුවක් වන ඉම්රාන් ඛාන්  ප‍්‍රමුඛ පී.අටි.අයි පක්ෂය දේශපාලන වශයෙන් මුහුකුරා නොගිය ප‍්‍රාථමික මට්ටමේ පෙරමුණකි.  එම පක්ෂය සාමාජිකයන් ආකර්ෂණය කර ගන්නවාට වඩා පක්ෂයට බල කිරීමෙන් හා තර්ජනය කිරීම් ඔස්සේ සාමාජිකයන් එකතු කරගැනීමක් සිදු වූ බවත් පාකිස්තාන හමුදාව ඒ පිටුපස සිටි බවත් ඇතැම් විද්වතුන්ගේ අදහස වී තිබේ. එම පක්ෂයේ ජයග‍්‍රහණය ප‍්‍රජාතන්ත‍්‍රවාදය තවදුරටත් හෑල්ලූ වී දුෂණ හා වංචා වැඩි වීමේ වැඩි ඉඩ කඩක් තිබෙනවා යන්න එම විද්වතුන්ගේ අදහස වී තිබේ. 

මිලිටරි නායකයන් හට අවශ්‍ය වී ඇත්තේ දුර්වල, තීරණ ගැනීමට නොහැකි පාලන පක්ෂයක වෙස් මුහුණු ඇති මානව පළිහක් ලෙස භාවිත කළ හැකි දුර්වල ආණ්ඩුවකි. ඒ ඔස්සේ පකිස්තානයේ සිවුදිග තදින් පාලනය කිරීමත් දෙවනුව ජාත්‍යන්තරයේ තලයේ දී ඉන්දියාව, ඇෆ්ගනිස්තානය, චීනය, ඇමරිකාව සහ ජිහාද් කණ්ඩායම් සමඟ පවත්වන සබඳතා අත්තනෝමතික මිලිටරි පාලනයක් යටතේ පවත්වා ගැනීමත් පාකිස්තාන මිලිටරී පාලනයේ අරමුණු වී තිබේ. 

පී.එම්.එල්-එන් පක්ෂයේ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම, ෂරීෆ්ගේ සිවිල් බලතල අහෝසි කිරීමේ සිට ඔහුගේ දියණියවද අත්අඩංගුවට ගැනීමත් හරහා ක‍්‍රමයෙන් මිලිටරි පාලනය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයකට උරදිය හැකි සාධක පකිස්තානයෙන් ඉවත් කරමින් සිටී.

මිලිටරි නායකයන් රූකඩ ආණ්ඩුවක් හරහා බලය මිස ‘වගකීම’ අතට නොගන්නා බව විද්වත්හු පෙන්වාදෙති. අකාර්යක්ෂම පාලනයක් මතු වුව හොත් එහි චෝදනාව සහ වගකිම එම ආණ්ඩුවට පැවරීමට ද මිලිටරි පාලනය කටයුතු කරනු ඇත.

පාකිස්තාන මිලිටරි පාලනය ව්‍යවස්ථා සංශෝධන ඔස්සේ එය හෑල්ලූවට ලක් කිරීමත් ඒ හරහා කුමන්ත‍්‍රණ, ආණ්ඩු පෙරළි සිදුවන බව පෙන්වීමට තැත් දැරීම ක‍්‍රමයෙන් පාකිස්තාන සාමාන්‍ය ජන ජීවිතයේ පරිහානියට හේතු වී තිබේ. සංවර්ධනය අතින් පකිස්තානය බංග්ලාදේශයටත් පහළින් වන අතර මානව සංවර්ධන දර්ශක අතින් ද පහළ ස්ථානයක පසුවෙයි. 

ලෝකයේ විශාලතම හා බලවත්ම යුද හමුදාවක් වන පාකිස්තානය තම න්‍යෂ්ටික ශක්තිය සම්බන්ධයෙන් උදම් ඇනුවද ඉහළ මර්ත්‍යතා අනුපාතිකය (මරණ), දරිද්‍රතාව පාකිස්තාන සමාජයේ මානව සුරක්ෂිතතාව සම්බන්ධයෙන් බියකරු සිතුවමක් මවයි. 

සමූහාණ්ඩුව තුළ බලය බෙදී යාම මෙන්ම සම්පත් බෙදීයාම පිළිබඳ විශාල ගැටලූවක් මතුව තිබේ. සංවර්ධනය සඳහා ඇති අවස්ථා හිඟ වීමත් දරිද්‍රතාව හා සංවර්ධන යන දෙකම දේශපාලන පක්ෂවල තීන්දු තීරණවලට බලපා තිබේ. දරිද්‍රතාවයෙන් පෙළෙන බොහෝ කලාපවලින්  ග‍්‍රාමීය, ස්වාධීන, වාමාංශික පක්ෂ මතුවුවද ඒවා දුර්වලය. එම දුර්වල මතුවීම හා විප්ලවයක් ඇති කිරිමට ඇති ඉඩකඩ ඇහිරීයාම හරහා බලය එක් පාර්ශ්වයක් තුළ සංසර්ණය වීමද දක්නට හැක්කකි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය පකිස්තානය තුළ ඉතා දුර්වල අස්ථාවර සංකල්පයක් වන අතර බොහෝ විට එය ප‍්‍රාථමික ලෙස වසර කිහිපයකට සීමා වු මැතිවරණ රැල්ලක හුදු ප‍්‍රාර්ථනයක් ලෙස නිරූපණය වේ. කුමන පාලන ක‍්‍රමයක් පකිස්තානය තුළ ස්ථාපිත වුවද වාර්ෂික ලෙස වෙන් වු දේශපාලන ක‍්‍රමය හා ආගම මත පදනම් වු මිලිටරිවාදය, ත‍්‍රස්ත‍්‍රවාදය තවදුරටත් පකිස්තානයේ මුල් බැස ගත් තත්ත්වයක් බව වටහා ගත යුතුය’’.

 

 

 

කොළඹ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අංශයේ කථිකාචාර්ය කුලනි විජයබාහු සහ සහකාර කථිකාචාර්ය සගිත් මනිමෙල්වඩු විසිනි.

 

සටහන - හර්ෂණ තුෂාර සිල්වා

 

 



අදහස් (2)

පාකිස්තානු හමුදාවේ දේශපාලන උණ

Gayan Wednesday, 01 August 2018 05:07 AM

කථිකාචාර්ය තුමන්ලා දෙදෙනාගේ මතවල එකපර්ශවික බවක් තියෙනවා. පැනමා පත්‍රිකා චෝදනාව ගැන නොකියන්නේ ඇයි? මිලියන ගණන් මුදල් උපයාගත් ආකාරය හෙළිකිරීමට නොහැකි වීම ගැන නොකියන්නේ ඇයි? නවාස් සේරිෆ් ගේ විදේශ ප්‍රටිපට්ටිය හොද නිසා වංචා නොසලකා හරිය යුතුද?

:       9       61

හසිත Wednesday, 01 August 2018 07:05 PM

කුලනි මැඩම්ගෙ ලෙක්චර්ස් වලට මම සහභාගි වෙලා තියෙනවා... හරිම ස්වාධීන සහ කාලීන දැක්මක් ඇයට තියෙනවා.. දේශන ගොඩක් හරවත්..රසවත්... ඒ වගේම ඇයත් හරිම ප්‍රියමනාපයි...

:       205       395

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කාශ්මීරයෙන් ඇවිලෙන ඉන්දු - පාකිස්තාන් ගිනිපුපුරු
2025 අප්‍රේල් මස 26 241 0

අප අසල්වැසියන් දෙදෙනා ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද උණුසුමක් නිර්මාණය වෙමින් පවතී. ඒ, පසුගිය 22 වැනිදා ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගාම් පළා


සෝද සෝදා එළියට අදින පාස්කු දා ප්‍රහාරය
2025 අප්‍රේල් මස 26 126 0

මේ වනවිට 2019 පාස්කු ඉරිදා කිතුනු දේවස්ථාන තුනකට හා සංචාරක හෝටල් තුනකට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ ගණනාවක් පැවැත්වී තිබුණ ද මෙම ප්‍


ඉන්දු-පාකිස්තාන් අර්බුදය මැද යළි ඇවිළෙන කාශ්මීරය
2025 අප්‍රේල් මස 25 490 0

කාශ්මීරය යනු මිහිපිට දෙව්ලොවකි. ආසියාවේ ස්විට්සර්ලන්තය යනුවෙන් හැඳින්වෙන්නේ ද කාශ්මීරයයි. ඉන්දියාවේ වඩාත් උතුරින් පිහිටි ප්‍රාන්තය ලෙස සැලකෙන්නේ ද


දැන් ඇත්තේ ටියුෂන් පන්ති කාලසටහනක්
2025 අප්‍රේල් මස 25 688 4

මම අගනුවරට කිලෝමීටර් 3000ක් දුර ඈත ගමක උපන්නෙමි. ලංකාවේ ඉපදුණු බොහෝ තරුණයන් මෙන් නිදහස් අධ්‍යාපනයෙන් දිව්‍ය ලෝකය සොයාගත නොහැකි වුණ මම ජීවිතය සොයා කොළඹ ආ


ඉහළින් ගිලිහුණු උළෙල
2025 අප්‍රේල් මස 25 687 1

මෙවර අලු‍ත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ


බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 13551 5

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 932 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 408 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 561 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site