හිටපු අමාත්‍යවරයකු මෙන්ම කලාකරුවකු වූ අභාවප්‍රාප්ත සී.වී. ගුණරත්න මහතාගේ 20 වැනි ගුණ සමරුව හෙටට (7) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
මීට වසර 35 කට පමණ පෙර එක්තරා හැන්දෑවක රත්මලානේ කඳවල වත්තේ පොකුණක් අසල දී මට දිය රකුසකු දැක ගන්නට ලැබිණි. මතකය හරි නම් ඒ 1985 වසරය. මේ දිය රකුසා පොකුණ අසළ සිටි කුඩා දරුවන් පමණක් නොව වැඩිහිටි අපව ද බිය ගන්වමින් රළු කටහඬින් ශබ්දයක් නංවා මතු වූයේය.
ජාතක කතා මාලාවේ එන ‘‘නලපාන ජාතකය’ ඇසුරෙන් සුමිත්‍රා පීරිස් වර්ල්ඩ් විව් ආයතනය වෙනුවෙන් අධ්‍යක්ෂණය කළ ඉංග්‍රීසි ටෙලි නාට්‍යයේ අවස්ථාවකි මේ. එදා ඒ නපුරා ලෙස රඟපැවේ එවකට දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ විපක්ෂ නායක වරයා වූ සී.වී. ගුණරත්න මහතාය.
එදා ගුණරත්න මහතා හඳුනා ගැනීමට මට අවස්ථාව ලැබුණේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ හැඳින්වීම නිසාය. ඒ මහතා හමු වූ මුල්ම හා අවසාන දිනය ද එය විය.
නපුරු දිය රකුසකු ලෙස රඟපෑමක් දියෙන් ගොඩට පැමිණි ගුණරත්න මහතා අපූරු සුන්දරත්වයකට හිමිකම් කී හදවතක් තිබූ බව මොනවට පැහැදිලි විය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, සුමිත්‍රා පීරිස් හා කැමරා අධ්‍යක්ෂ විලී බ්ලේක් සමග සතුටු සාමීචියේ යෙදී සිටි ගුණරත්න මහතා ටෙලි නාට්‍යයේ රඟ පෑ කුඩා දරුවන් සමග වඩාත් සමීපව මිතුරුකමින් කතා කළ අයුරු මට තවමත් මැවී පෙනෙයි.
‘‘ලෙස්ටර් මම ඇත්තටම රකුසෙකු වගේ නොවේදැයි’’ ගුණරත්න මහතා ඇසුවේ තම බිරිඳ සිනහ ගන්වමිනි.
‘‘නැහැ, ඔබ රකුසකු ලෙස හොඳට රඟපෑවා. ඊළඟ අපේ ටෙලිඩ්‍රාමා එකේ මම ඔබව රජ කරනවා’’ යි ලෙස්ටර් මහතා කීය.
පසු කලෙක තම පියා වූ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ප්‍රථම නගරාධිපති වූ මේජර් ඇල්.වී. ගුණරත්න මහතාගේ අඩිපාරේ යමින් සී.වී. ගුණරත්න මහතා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවෙන් දේශපාලනයට පිවිස එහි විපක්ෂ නායකවරයා විය.
1989 පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කයට පොදුජන එක්සත් පෙරමුණෙන් තරග කොට ජයග්‍රහණය කර කර්මාන්ත සංවර්ධන ඇමැතිවරයා විය. ගුණරත්න මහතාගේ පියා වූ මේජර් එල්.වී. ගුණරත්න 1956 මහා මැතිවරණයේදී එදා දෙහිවල වැල්ලවත්ත ආසනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කොට පරාජය විය. තම පියා කොළඹ රාජකීය විද්‍යාලයේ කීර්තිමත් ගුරුවරයකු වූ නිසා සී.වී. කුඩා කල සිටම රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීය. ඔහු ක්‍රීඩාවට කුසලතා දැක්වූ ශිෂ්‍යයකු වූ අතර ශිෂ්‍ය නායකයකු, පාසලේ රග්බි පාපන්දු කණ්ඩායමේ නායකයා ලෙස ද කැඩෙට් භට කණ්ඩායමේ සාමාජිකයකු ද වී ඇත.
පොදුජන පෙරමුණු රජයේ දක්ෂ හා කීර්තිමත් ඇමැතිවරයකු වූ ක්ලෙමන්ට් වික්ටර් ගුණරත්න 1935 අප්‍රේල් 17 වැනිදා දෙහිවල උපත ලැබීය. ඔහු 2000 දී මිය යන විට වයස අවුරුදු 65 කි.
2000 වසරෙ ජුනි 07 වැනිදා රණවිරු දිනය නිමිත්තෙන් රත්මලානේ ගොළුමඩම හන්දිය පසු කොට තම සගයන් 24 දෙනකු සමග යමින් සිටියදී ත්‍රස්ත ප්‍රහාරයකින් සී.වී. ගුණරත්න මහතා දිවි පිදුවේය.
ගුණරත්න මහතා මිය ගිය අවස්ථාවේ එතුමා කුඩා කල සිටම හොඳින් හඳුනන විශිෂ්ට චිත්‍රපට අධ්‍යක්ෂ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා හා ප්‍රවීණ රංගවේදී ගාමිණී ෆොන්සේකා මා සමග කී මතක සටහන් මේ ලිපියට එකතු කිරීමට මට සිතුණි. මේ තිදෙනාම දෙහිවල හන්දිය සමීපයේ ඉපදී ඇති අතර ඔවුන්ගේ පියවරුන්ද සමීප මිතුරන් වී සිටියේලු.
‘‘වරක් ගුණරත්න මහතා මිය යාමට ටික කලකට ඉහත එක්තරා සිනමා සම්මාන උළෙලක දී කළ කතාවක දී සිනහ උපදවන කතාවක් කිව්වා.’’ ලෙස්ටර් මහතා මට ටෙලිෆෝනයෙන් මෙසේ කීවේය.
‘‘මම නියම ජල රකුසෙකු වගේ නිසා ලෙස්ටර් මහත්තයා මාව ජල රකුසාගේ චරිතයට තෝරා ගත්තා.’’ කියලා ගුණරත්න ඇමැතිතුමා කිව්වම සභාව සිනාසුනා.
උත්සවය ඉවරවෙලා එතුමා මා ළඟට ආ විට මම කිව්වා ‘‘ඇයි ඔබ රජෙකු ලෙස මගේ ටෙලි නාට්‍යයක රඟ පෑ බව නොකිව්වේ කියලා’’ එතකොට ඇමතිතුමා මගේ පිටට තට්ටු කරලා කිව්වා ‘‘මම කතා කළේ මගේ හොඳම රඟපෑම ගැන පමණයි’’ කියලා.
ලෙස්ටර් මහතා තම කුඩා කාලය මතක් කරමින් මෙසේ කීවේය.
‘‘මට මගේ ගැටවර කාලෙ මතක් වෙනවා. මට වයස අවුරුදු 15ක් විතර ඇති. මගේ පියා (දොස්තර ජේම්ස් ෆ්‍රැන්සිස් පීරිස්) සමීපව ඇසුරු කළ යහළුවන් දෙදෙනෙක් හිටියා. දෙහිවල හන්දියට ගාලු පාරේ තිබුණු ‘‘සිහගිරි’’ කියන ගෙදරට යන එන සී.වී.ගේ තාත්තා මේජර් එල්.වී, අනික් එක්කෙනා දොස්තර කොල්වින් රොඩ්රිගෝ. මේ තිදෙනා බ්‍රිජ් කාඩ් සෙල්ලමට සූරයෝ. එල්.වී. සමග පුංචි සී.වී.ත් අපේ ගෙදර එනවා. එයා ටිකක් දඟයි’’.
සී.වී. ගුණරත්නයන් ගේ කුඩා කාලය ගැන දැන සිටි ප්‍රවීණ නළු ගාමිණී ෆොන්සේකා. ඔහු එදා මතකය අවදි කළේ මෙහෙමයි.
‘සී.වී.ට අපි පුංචි කාලේ හුරතලේට කතා කළේ ‘චගී’ කියලා. චගී ට පුංචි කාලෙ ඉඳලම තිබුණේ දේශපාලනය ගැන උනන්දුවක්. සර් වින්සන්ට් චර්විල් බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ දේශපාලන කතා රැසක් කට පාඩම්ව තිබුණා. ඒ කාලේ මමත්, චගීත්, තවත් අපේ වයසේ යහළුවෝ කිහිප දෙනෙක් එකතුවෙලා ක්ලබ් එකක් හදා ගත්තා. චගීගේ සොහොයුරා ජෙම්, මම, කනක සබේ, ඩී.එච්. ප්‍රනාන්දු (පසුව කර්නල්) ලෝංග් ජෝන් සිල්වා, මේ ක්ලබ් එකේ සාමාජිකයෝ. චගීගේ නැන්දගේ ගෙදර (දෙහිවල දුම්රිය පොළ පාරේ) ඉස්සරහ තිබුණු තාප්පෙ තමයි අපේ ආසන. මේ තාප්පේ ක්ලබ්’ ගැන දෙහිවල බොහෝ දෙනෙක් දැන හිටියා. අපි ක්‍රිකට් ගැහැව්වේ ප්‍රෙස්බටීරියන් ගර්ල්ස් ඉස්කෝලෙට. චගී වැඩිය කැමති රගර්වලට.
‘චගී’ නොහොත් සී.වී. කුඩා කාලේ ඉඳලම ප්‍රිය මනාප කෙනෙක්. විහිළුවලට, හාස්‍යයට කැමති, පොත පත කියවපු බොහෝ ඇසූ පිරූ තැන් ඇති කෙනෙක්. චගී ඉගෙන ගත්තේ රෝයල් එකේ. මම ගියේ ගල්කිස්සෙ ශාන්ත තෝමස් විද්‍යාලයට. චගී වාදවිවාදවලට දක්ෂයා. චතුර ලෙස චර්චිල් අගමැතිවරයාගේ ඉංග්‍රීසි උච්චාරණය කරමින් කතා කරන ඔහු දෙස ‘‘වොල් ක්ලබ්’’ එකේ අය ඇස් පිල්ලන් නොගහ බලන් ඉන්නවා. අපි පස්සේ පස්සේ ‘චගී’ නම වෙනුවට ‘චර්චිල්’ කියලා සී.වී.ට කතා කළා. මම නිතරම ඔහු සමග තර්ක කළා. වාද කළා. මා සමග සී.වී. කළ වාද තාප්පෙන් ගියේ පාර්ලිමේන්තුවට.
1989 වසරේ සී.වී. කොළඹ දිස්ත්‍රික්කයෙනුත් මම මාතර දිස්ත්‍රික්කයෙනුත් පාර්ලිමේන්තු ගියා. එයා ශ්‍රී ලංකා එකෙන්. මම යූ.ඇන් පියෙන්. මගේ ඥාති සම්බන්ධයක් සී.වීට තිබුණා. නෑකමට වඩා අපි හොඳ යාළුවෝ. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා ලෙස මම කටයුතු කරද්දී සී.වී.ගේ මිත්‍රත්වය මට උපකාර වුණා. මම මගේ මිත්‍ර සී.වීට හැමදාම ගරු කළා. ඔහුත් මට ගරු කළා’’ ගාමිණී, සී.වී. ගැන කීවේය.
එහෙත් ගාමිණී ෆොන්සේකා නියෝජ්‍ය කතානායකවරයා පළමුවරට විපක්ෂයෙන් මන්ත්‍රීවරුන් තිදෙනෙකු පාර්ලිමේන්තුවෙන් පිටතට යාමට නියම කළා. සී,වී. ගුණරත්න, මහින්ද රාජපක්ෂ හා දි.මු. ජයරත්නටය. මේ තිදෙනාම එකවරම එළියට යැව්වද ඔවුන් පාර්ලිමේන්තුවෙන් පිට හොඳ යහළුවන් වූ අතර කිසිදු තරහක් වෛරයක් නොතිබූ බව ගාමිණී කීය.
‘‘සී.වී. මැරුණු බව ආරංචි වුණාම මම පුදුම වුණා. අපේ පුංචි වින්සන්ට් චර්චිල් මැරුණ ද කියලා මම එකවරටම විශ්වාස කළේ නෑ. මොකද? අපි වෝල් ක්ලබ් එකේ ඉන්න කාලේ චර්චිල්ගේ ඇත්ත හඬ අහල තිබුණේ නැහැ. චර්චිල්ගේ හඬ සී.වී. උච්චාරණය කරන විට අපි ඔහුගේ ගැඹුරු කටහඬ ඇත්ත චර්චිල්ගේ කටහඬ ලෙස පිළිගැනීමට තරම් අපි එදා පෙළඹුණා. ඔහු පාර්ලිමේන්තුවේ ඔහුගේ හඬ ඇහෙන විට මට මතක් වුණේ ‘වෝල්ක්ලබ්’ එකේ චර්චිල්ගේ ගැඹුරු කටහඬ මොකක්ද පත්‍රයක කවුද ලියලා තිබුණා. සී.වී.ට ‘චර්චිල්’’ කියල නම දැම්මේ රන්ජන් විජේරත්න මහත්තයා කියලා. ඊට ඉස්සෙල්ලා අපේ ‘වෝල්ක්ලබ්’ එකෙන් දෙහිවල ස්ටේෂන් පාරේ මුල පදිංචිව සිටි මමත්, ඒ පාරෙම කෙළවර පිහිටි මේජර් ගුණරත්නගේ හා සී.වී.ගේ නිවසත් ඒ මැද පිහිටි වෝල්ක්ලබ්’ එකත් මට නිබඳව සිහි වෙනවා. ඒ අනරින් මතුව එන්නේ අපේ චර්විල්ගේ කටහඬ’ එදා (2000) ගාමිණී මට කීවේ හැඟීම් බරව.
අද සී.වී. මෙන්ම ආචාර්ය ලෙස්ටර්ද ගාමිණීද ජීවිතවලින් සමුගෙනය.
(***ඒ.ඩී. රන්ජිත් කුමාර)
ශ්රී ලංකාවේ දැනට පවත්නා ආර්ථික අර්බුදයට මුහුණදිය හැකි තිරසාර විසඳුම් කවරාකාරද යන්න පිළිබඳ සංවාදය සමාජයෙහි නිරන්තර සාකච්ඡාවට ලක්වන්නකි. මේ කාරණා කෙ
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පුංචි තිරයේ ජලරකුසා වූ දෙහිවල වර්චිල්