IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


පුංචි ලෝකාන්තයෙන් බැස්ස බලපිටියේ නිලන්ත

ලංකාවේ කඳු බැසීමේ ශූරයා ලෙස ප‍්‍රකට බළපිටිය නිලන්ත ද සොයිසා සිය ක‍්‍රීඩා දිවියේ 13 වැනි වසර සැමරුවේ ලොවටම අමතක නොවන දිනයක් වූ 2012.12.12 දින දහවල් 12.12ට 12 වන කන්ද වූ නකල්ස් පුංචි ලෝකාන්තය පහළට බසිමිනි.


”අන්තර්ජාලයෙන් මම දැක්කා ලෝකයේ බොහෝ රටවල් 2012.12.12 දිනය සමරන්න සූදානම්වන හැටි. ත‍්‍රාසජනක ක‍්‍රීඩාවක යෙදී සිටින අයකු ලෙස ලංකාවේ ඒ දිනය සමරන්නයි මම 12 වැනි කන්ද බැස්සේ යැයි නිලන්ත ද සොයිසා කියා සිටියේ ඉරිදා ලංකාදීපය සමඟ පිළිසඳරක නිරත වෙමිනි.


ප‍්‍රපාත තරණය නැමැති ත‍්‍රාසජනක මෙම විෂයෙහි ඔහුට අභියෝග කිරීමට සමතකු නැත. ත‍්‍රාසය අමෘතයක් කරගත් ඔහුගේ අනතුරු ගමන ද අමිහිරි වූවද ඔහුට නම් එය මිහිරිය. ත‍්‍රාසයට ඇළුම් කරන අපූරු තරුණයා අඩි 3700ක් පමණ ගැඹුරු ලෝකාන්තය පතුළට බැස වාර්තාවක් තැබූ මුල්ම පාසල් සිසුවාය.

 


නිලන්තගේ උපන්ගම බළපිටියේ කොස්ගොඩ වෙලන්ගොඩය. පවුලේ එකම දරුවා වූ නිලන්ත ගමේ බොහෝ තරුණයන් හඳුන්වන්නේ ”ලෝකාන්ත” යන අනර්වර්ථ නාමයෙනි. නිලන්තගේ මේ වීරත්වයට බළපිටියේ පමණක් නොව රටේ ලෝකයේ බොහෝදෙනා ආදරය කරති.


ශ්‍රී ලංකා ටෙලිකොම්හි විශ‍්‍රාමික සේවකයකු වූ පත්මසිරි ද සොයිසා මහතාගේ සහ ටී. නාලනී මෙන්ඩිස් මහත්මියගේ එකම පුතනුවන් වූ අගම්පොඩි නිලන්ත ද සොයිසා මූලික අධ්‍යාපනය ලැබුවේ කොස්ගොඩ හෑගල්ල මහා විද්‍යාලයෙනි. අම්බලන්ගොඩ ධර්මාශෝකයෙන් වාණිජ උසස් පෙළ අංශයෙන් සිප් සතර හැදෑරූ ඔහු කඳු බැසීමේ ක‍්‍රීඩාවට අත්පොත් තබන්නේ පාසල් කාලයේදීමය. පාසල් කාලේ නොයෙකුත් ක‍්‍රීඩාවල නිරත වුණා. ඒත් මට ඉදිරියට යන්න බැරිවුණා. පාසලේ මිතුරන් එක්ක අපි විනෝද ගමනක් ගියා. ලෝකාන්තය බලන්නත් ගියා.


දෙස්-විදෙස් සංචාරකයන්ගේ නෙත් සිත් වශී කිරීමට සමත් නුවරඑළිය දිසාවේ පිහිටි ලෝකාන්තය (World's-End) සොබාදම් මාතාවගේ අපූරු විශ්මිත නිර්මාණයකි. සුන්දර තරමටම එය බියකරුය. ශ්‍රී ලංකාවේ උසම තුරු සෙවණ ලෙස හඳුන්වන මෙහි සුන්දරත්වය විඳ ගනිමින් ලෝකාන්තය මුදුනේ සිට ඉරු එළිය පැහැදිලිව ඇති මීදුමෙන් වැසී නොමැති දිනයකදී පහත බලන විට බලංගොඩ සානුවේ පිහිටා ඇති නිවෙස් ඉතා කුඩාවට දිස්වෙයි. සීත සුළං රැළිවලට හසුවෙමින් පුළුන් රොද වැනි මීදුම් ගුලි අප ඉන්නා ඉහළට එන ආකාරය අතිශයින් චමත්කාර ජනක දර්ශනයකි.


මෙහි එන බොහෝ දෙනකුට සිතෙන්නේ මේ ලෝකයේ කෙළවරද? යනුවෙනි. එසේම මීදුම නැති විටක පහත බලන කාගේත් සිත මොහොතකට නතර වූ සෙයකි. මෙහි කෙළවරට ගොස් ලෝකාන්තය දෙස බලනුයේ ද ස්වල්ප දෙනෙකි. එක එල්ලේ දෙඇස් පහතට යොමු කිරීමට ශක්තියක් ඇති කරගන්නේ විනාඩි කිහිපයකට පසුවය.


1973 වසරේදී අගෝස්තු 18 වැනිදා දිනක මොනිකා-බි‍්‍රටෝ පෙම්යුවළ ස්වකීය ජීවිත පරිත්‍යාග කරමින් ලෝකාන්තය මුදුනේ සිට පහළට පැන්නේ ”ඩෝසන් අපි යනවා” කියමින් පුංචි සමනළයන් දෙදෙනකු මෙන් පහළට ඇදී යමිනි. දකුණේ දෙණියායෙන් ගිය තරුණයකු සිය පෙම්වතිය සමග පේ‍්‍රමය වෙනුවෙන් දිවිපූජා කළේද ලෝකාන්තයෙන් බිමට පනිමිනි.


ලෝකාන්තය මුදුනේ සිට හෙළ දෙස ඇසිපිය නොහෙලා බලා සිටි නිලන්ත ඉන් ඉවතට යන ලෙස මිතුරන් කීවද බියමුසු හැඟීමක් ඇති නොවුනි.


ලෝකාන්තයෙන් පහළට බැසීමේ අදහස ඇති වූ නිලන්තට ”පුළුවන් නම් බැහැලා පෙන්වපන්” යැයි මිතුරන්ගේ අභියෝගය ද පිළිගන්නේ දෙවරක් නොසිතමිනි. සැබැවින්ම මෙය සුන්දර මෙන්ම බියකරු අභියෝගයකි.


මම වනජීවි කාර්යාලයෙන් ටෝනි අයියාගේ ලිපිනය ලබාගෙන ඔහු හමුවන්න එදාම ගියා.
1996 වසරේදී ලෝකාන්තයෙන් පහළට අඩි 3700ක් කඹයක ආධාරයෙන් බැස වාර්තාවක් තබන්නේ ඇන්තනි බන්දුල හෙවත් ටෝනීය. මීපිලිමානේ වීරයා ලෙස හඳුන්වන පුංචි මිනිසා සොයා යන නිලන්ත ඒ වන විට 18 හැවිරිදි වියේ පසුවූ පාසල් සිසුවෙකි.
”මම ටෝනි මුණගැහිලා මගේ අදහස කිව්වාම සතුටුවෙලා උදව් කරන්න ඉදිරිපත් වුණා.” යැයි නිලන්ත කීවේ ස්තූති පූර්වක හැඟීමෙන් යුතුවය.


කිසිදු අත්දැකීමක් හෝ දැනුමක් නොමැතිව ආත්ම ශක්තිය පමණක් එකම සවිය වූ නිලන්තට ශක්තිය වූයේ මාපියන්ය. විනෝද චාරිකාව අවසන් කර යළි නිවසට ආ නිලන්තට මෙම අදහස මුදුන් පමුණුවා ගැනීමට කිසිදු අනුග‍්‍රාහකයකු ද නොවීය.
1999 මැයි 23 වැනි දින දහවල් 12.40 වන විට නිලන්ත සිය අභිප‍්‍රාය ඉටුකර ගැනීමට නතර වූයේ ලෝකාන්තය මුදුනේය. දිරිදුන්නේ පන්ති මිතුරන්ය. ඊට වසර තුනකට පෙර බන්දුල කුමාර හෙවත් ටෝනි පැය 01 කුත් විනාඩි 23ක් කාලය ගත් ලෝකාන්තය තරණය සඳහා නිලන්තට ගත වූයේ පැයක් පමණි.


ආධුනිකයකු ලෙස තමන් කරන ලද වික‍්‍රමයෙන් උනන්දුව සිත් ඇතිව සිටි නිලන්ත නම් වූ බළපිටියේ පුංචි වීරයා ගැන මුළු රටම දැන හැඳින ගත්තේ ඉන් පසුවය.


ලංකාවේ සියලූම බියකරු ප‍්‍රපාත තරණය කිරීමේ අධිෂ්ඨානය නිලන්තගේ සිතේ තදින් තැන්පත්වූවද කඳු බැසීමට අවශ්‍ය උපකරණ නොමැතිකම ලොකුම අභියෝගය විය. ඔහු ලෝකාන්තය බැසීමට අවශ්‍ය කඹ උපකරණ ලබා ගත්තේ කුලී පදනම මතය. ඒ නුවරඑළිය කඳු නගින්නන්ගේ සංගමයෙනි. ඒ සඳහා දිගින් දිගටම මුදල් වියදම් කිරීමේ හැකියාවද ඔහු සතු නොවීය.


ජාතික තරුණ සේවා සභාව සංවිධානය කළ පා ගමනක් කොළඹ දී පැවති අවස්ථාවකදී බළපිටිය යෞවන සමාජ ප‍්‍රාදේශීය මණ්ඩලය නියෝජනය කරමින් සහභාගි වන නිලන්තට එවකට යෞවන කටයුතු හා ක‍්‍රීඩා ඇමැතිවරයාව සිටි එස්.බී. දිසානායක මහතාට හඳුන්වාදෙනු ලබන්නේ  බලපිටියේ එවකට සේවය කරන ලද තරුණ සේවා නිලධාරිවරයා විසිනි. ලොකු වැඩක් කළ පුංචි කොල්ලාට කඹ අඩි 5000ක් ලැබෙන්නේ එවකට ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාව සිටි මිල්ටන් අමරසිංහ මාර්ගයෙනි. එස්.බී. දිසානායක ඇමැතිවරයගෙන් ලබාදුන් කඹය නිලන්තට සුපිරි දිරියක් විය.


කඳු නැගීමට අවශ්‍ය සෙසු උපකරණ මතකයට නගා ගත් ඔහු ලියවන පට්ටලයක් වෙත ගොස් ඒ අයුරින් අවශ්‍ය මෙවලම් සකසා ගත්තේය.


හාන්ස් පටියක් සපයාගැනීම නිලන්ත හමුවේ ඊළඟ ප‍්‍රශ්නය විය. කඳු බැසීමේදී ඉන දවටා ගන්නා උපකරණයක් වූ මෙය ආනයනය කළහොත් රුපියල් තිස්දාහක පමණ මුදලක් වැය කිරීමට සිදුවේ.


නිලන්තගේ හාන්ස්පටිය සපයා දීමට ඔහුගේ මව ඉදිරිපත් වූවාය. ඩෙනිම් රෙදි කැබලි එකිනෙක මත තබා මහන මැෂිමේ ආධාරයෙන් නිම කරන්නේ මිළඟ ඉලක්කය වූ බුලත්සිංහල පාහියන්ගල බැසීමේ අරමුණින් යුතුවය.


ආසියාවේ විශාලතම ගල්ලෙන පිහිටි පාහියන්ගල අඩි 750කි. සනත් සුරේන්ද්‍ර නමැත්තකු විනාඩි 45කින් පහළට බැස තබා ඇති වාර්තාව බිඳ හෙළීමට නිලන්තට ගත වන්නේ විනාඩි 25 තත්ත්පර 45කි.


2003.08.23 දින බදුල්ල රෝබෙරි කඳු යායේ පුංචි ලෝකාන්තය අඩි 1257ත් විනාඩි 15යි තත්ත්පර 45 කදී කඹයක ආධාරයෙන් තරණය කරන ශ්‍රී ලාංකික ප‍්‍රථම ක‍්‍රීඩකයා බවට පත්වන්නේද නිලන්තය.


තමා උපන්ගමේම උපන් කොස්ගොඩ දමින්ද තාබ්‍රේව් හපුතලේ බඹරකන්ද දියඇල්ල (ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල අඩි 789* තරණය කරමින් විනාඩි 45ක දී තබා තිබූ වාර්තාව නිලන්ත බිඳ හෙළන්නේ විනාඩි 05යි තත්ත්පර 20කිනි. ඒ 2003.08.24 දිනය.
(දමින්ද තාබ්‍රේව් එවන් වාර්තාවක් තබන්නට ගොස් අනතුරට ලක් වී අවාසනාවන්ත ලෙස මරණයට පත් විය.)


2004 වසරේ මැයි මස 16 දින දියලූම දියඇල්ල (අඩි 628) විනාඩි 19 කින්ද 2005x05x24 දින මාතලේ නකල්ස් පුංචි ලෝකාන්තය (අඩි 800) විනාඩි 01යි තත්ත්පර 02කින් බැස ප‍්‍රථම ශ්‍රී ලාංකික ක‍්‍රීඩකයා බවට වාර්තා පොතට එක්වන්නේද නිලන්තය.

 


2005.11.31 බදුල්ල රෝබෙරි කඳු යායේ පුංචි ලෝකාන්තය (අඩි 1257) නිලන්තම පෙර තබා තිබුණ තමාගේ වාර්තාව වූ විනාඩි 15 තත්ත්පර 45 විනාඩි 13යි තත්ත්පර 09ක කාලයකදී බිඳ දමන්නේ බොහෝදෙනා මවිත කරවමිනි


මාතලේ රත්තොට නකල්ස් පුංචි ලෝකාන්තය 2006 අපේ‍්‍රල් 16 දින රාත‍්‍රියේ බසිමින් වාර්තාවක් තබන්නේ ශ්‍රී ලංකාවේ රාත‍්‍රී කාලයක සිදුවූ ප‍්‍රථම කඳු තරණය බවට ඉතිහාසයට එක්වෙමිනි.


2008 වසරේදී පෙබරවාරි 04 නිදහස් දිනයේදී දියලූම දියඇල්ල තත්ත්පර 23ක දී බැස වාර්තාවක් තබන්නේ 2008 වසරේදී හෙට්ටිආරච්චි නැමැති ක‍්‍රීඩකයකු විනාඩි 10 තත්ත්පර 23ක කාලයකදී තබා තිබූ වාර්තාව බිඳ හෙළමිනි.
නුවරඑළිය කොතලාගල නුවරඑළියේම ක‍්‍රීඩකයකු විනාඩි 43 කදී බැස තබා තිබූ වාර්තාව නිලන්ත බිඳ හෙළන්නේ විනාඩි 13 කදීය. ඒ 2008.09.09 දිනය.


ශ්‍රී ලංකාවේ කඳු බැසීමේ ශූරයා ලෙස අභිෂේක දරණ නිලන්ත 2009 වසරේදී එවරස්ට් තරණය කිරීමට එක්වන්නේ දහදෙනෙකුගේ කණ්ඩායමක් සමගිනි. එවරස්ට් තරණය කිරීමට දින 19ක කාලයක් ගත වේ. එහිදී ඔහු ලබාගත් අත්දැකීම් බොහෝය.


”කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේ මම. අවදානම් අවස්ථාවකට නම් මම මුහුණ දුන්නේ නැහැ. එවරස්ට් නගිනකොට එංගලන්ත කාන්තාවක් මුණ ගැහුණා. ඇය හුඟාක් සතුටු වුණා. මම ලංකාවේ කිව්වාම ඇය මට කථා කරලා කිව්වා එයත් එක්ක උඩට යමු කියා. කොහොම නමුත් මම දැක්කා චිකාගෝ බුල්ස් කෙනෙක් ඉස්සරහ ඉන්නවා. මම ඇයට කිව්වා අනතුරක් වෙනවා. ටිකක් ඉඳලා මග හැරලා යමු කියා. ඒත් ඇය ගණන් ගත්තේ නැතිව ඉදිරියට ගියා. ඒ කුළුහරකා ඒ කාන්තාවට ඇනල මරලා දැම්මේ මගේ ඇස් ඉදිරියේ. ඒක මට අමතක වෙන්නේ නැහැ යැයි නිලන්ත කීවේ දුක්මුසු හැඟීමෙනි.


එවරස්ට් ගමනේදී අමතක නොවන සිද්ධි කීපයක් සිදුවුණා. ඒ කාලේ උතුරේ යුද්ධය දිනන්න මාස ගණනකට කළින් මම දැක්කා තමිල්නාඩුවේ කරුණානිධි උපවාස කරනවා. ලංකාවට විරුද්ධව. මම මගේ ට‍්‍රැවලින් බෑග් එකේ තිබුණ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඡායාරූපයට යටින් හීරෝ මහින්ද කියා ලියා එවරස්ට් කඳු මුදුනේ ඉස්සුවා. කැනඩාවේ සුද්දෙක් ඇවිත් මේක දැකලා ඌට හොඳටම තරහ ගියා. මගේ ළඟට ඇවිත් බැනල අතේ තිබුණ වතුර බෝතලයෙන් මට ගැහුවා. මටත් හොඳටම කේන්ති ගියා. මාත් ගැහුවා සුද්දාට අඩි 50-60 ක් පහළටම වැටෙන්නට.


ජනාධිපතිතුමාගේ ඡායාරූපය එවරස්ට් කඳු මුදුනේ උස්සන අයුරු ඡායාරූපය මම ජනාධිපතිතුමාට යුද්ධයෙන් පස්සේ දවසක දුන්නා”යි
නිලන්ත කීවේ මහත් අභිමානයෙන්.


මේ ක‍්‍රීඩාවෙන් මම ඉදිරියේම ඉන්නවා. මේක ලියාපදිංචි කරලා ජාත්‍යන්තර මට්ටමට අප යා යුතුයි.


ජාත්‍යන්තර ප‍්‍රමිතියකින් යුතු කඹවලින් තමයි ගොඩාක් රටවල ක‍්‍රීඩකයෝ මේ ක‍්‍රීඩාව කරන්නේ ඊට අමතරව ආරක්ෂක අමතර කඹයක්ද තිබෙනවා. ලංකාවේ මම බහින්නේ ධීවර කර්මාන්තයට යොදා ගන්නා නයිලෝන් කඹයකින්. ජීවිත ආරක්ෂාවක් නැහැ. අවදානම් හා ලෝකයේම අනතුරක් අතේ තියාගෙන කඳු බහින එකම කෙනා ලංකාවේ මම....” නිලන්ත කීවේ කනගාටුවෙනි.
කොස්ගොඩ දමින්ද කන්දෙන් වැටිලා මැරුණ පසු මුල් කාලයේදී තිබුණ පොඩි සහයෝගයත් නැතිවුණා. ලොකු පීඩනයක් ආවා. යන යන තැන බාධා. රජයේ නිලධාරීන් වගකීම් බාරගන්න කැමති වුණේ නැහැ. ලියාපදිංචි ක‍්‍රීඩාවක් නොවන නිසා. ඇත්තටම මේ ක‍්‍රීඩාව කරන්න කැමැති මොරාල් එක තියෙන අය ලංකාවේ ඉන්නවා. අපට මේ ක‍්‍රීඩාවෙන් ලෝකයටම අපේ දක්ෂතා පෙන්වන්න පුළුවන්” යැයි නිලන්ත කීවේ අදිටනකින් යුතුවය.


1981 වසරේ අපේ‍්‍රල් මස 08 වැනි දින උපන් නිලන්ත නම් වූ ක‍්‍රීඩකයා පරිගණක හා ඉංග‍්‍රීසි ඩිප්ලෝමා පාඨමාලා හදාරා බ‍්‍රැන්ඩික්ස් ගෲප් හි මානව සම්පත් කළමනාකාර නිලධාරියකු ලෙසද සේවය කර ඇති අයෙකි. එසේම පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බළපිටිය ප‍්‍රදේශීය සභාවටද තරග කළ එඩිතර තරුණයෙකි.


”සමහර යාළුවෝ මට එපා කියනවා. මාරාන්තික ක‍්‍රීඩාවක් කියා. ඒත් අවුරුදු 13ක් කඳු බැහැල මට පොඩි හරි සීරීමක්වත් වුණේ නැහැ.
මාතලේ රිවස්ටන් නකල්ස් පුංචි ලෝකාන්තය බහින්න තීරණය කළේ 2012.12.12 දවසේ අමතක නොවන දෙයක් කරන්න. ඇත්තටම නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි නොහිටින්න මට මේ කන්ද බහින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම ලග්ගල පොලිස් ස්ථානාධිපතිතුමා හා ප‍්‍රදේශීය සභාවේ සභාපතිතුමා මට ගොඩාක් උදව්කරා. එදා මේක කළේ සංදර්ශනාත්මක එකක් හැටියට. මට අවසරය ලැබුණේ අන්තිම මොහොතේ මට කිසිදෙයක් හරිහැටියට සංවිධානය කර ගන්න වේලාවක් තිබුණේ නැහැ. අනුග‍්‍රාහකයකු හොයාගන්න පෙර පුහුණුවීම් කර ගන්න බැරි වුණා. වනජීවි එකෙන් අන්තිම මොහොතේ අවසරය ලැබෙනකොට මගේ මනස බිංදුවේ තිබුණේ. ලාංකිකයකු හැටියට මම පෞද්ගලිකව ලැජ්ජවෙනවා. මගේ හිතේ ලොකු කලකිරීමක් තිබෙනවා. මේ ඔක්කොම ප‍්‍රශ්න කියන්න ජනාධිපතිතුමා මුණගැහෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ” නිලන්ත කීවේ අප කථා බහට සමුදෙමිනි.

සටහන හා ඡායාරූප -  අම්බලන්ගොඩ හේමන්ත ද සිල්වා




අදහස් (0)

පුංචි ලෝකාන්තයෙන් බැස්ස බලපිටියේ නිලන්ත

නාරද Tuesday, 08 January 2013 04:46 PM

නියමයිනේ. ජය වේවා! (නි)

:       0       0

ජීවන් Thursday, 17 January 2013 11:31 AM

සිංහලකම ඇගේ තියෙන එඩිතර කොල්ලෙක්. ජය වේවා! (නි)

:       0       0

අචිනි Tuesday, 08 January 2013 01:36 PM

හොඳ කොල්ලෙක්..ඒත් ලංකාවේ දේශපාලනයට යොමු වෙන්න එපා (ස)

:       0       0

අශෝක Wednesday, 16 January 2013 11:36 PM

අපේ ගමේ දරුවෙක්. ජය වේවා පුතේ! (නි)

:       0       0

ඉරේෂ් Tuesday, 08 January 2013 08:51 AM

එල කොල්ලෙක් ..ජය වේවා පුතා (ස)

:       0       0

නිත්‍යා Tuesday, 08 January 2013 01:54 PM

තරුණ ජවයට ජය වේවා (ස)

:       0       0

නිශාන්ත Sunday, 20 January 2013 04:24 PM

නියම කොල්ලෙක්. (ත)

:       0       0

දුමිඳු Tuesday, 08 January 2013 09:37 AM

නියම වීරයෙක් (ස)

:       0       0

කාන්ස් Monday, 07 January 2013 04:45 AM

සුභ පැතුම්! ඉදිරියටම යන්න. (නි)

:       0       0

සමන් Wednesday, 09 January 2013 05:11 PM

ජීවිතය පරදුවට තියලා කල වික්‍රමය අගය කරනවා (දී)

:       0       0

සමන් Wednesday, 09 January 2013 05:08 PM

සුභපැතුම් නියමයි

:       0       0

අසංක Saturday, 12 January 2013 09:58 AM

ඔබ නියම යෝධයෙක් (දී)

:       0       0

ඊ.ඒම.එල්.එම්.දෙල්විට Tuesday, 15 January 2013 09:52 PM

එළ කොල්ලෙක් නියමයි දෙයියනේ කියලා ඊලග වැඩේටත් ශක්තිය ලැබේවා (ස)

:       0       0

සුනන්ද Wednesday, 09 January 2013 09:54 PM

හොඳ කොල්ලෙක්. ඒත් ලංකාවේ දේශපාලනයට නම් යොමුවෙන්න එපා. (නි)

:       0       0

පෙරේරා Friday, 11 January 2013 02:51 PM

ඔබ කල ඒ භයානක වැඩේට ජයවේවා (දී)

:       0       0

විරාජ් Tuesday, 15 January 2013 10:05 PM

ඔයාට මේ වගේ දේවල් කරන්න තව තවත් ශක්තිය ලැබේවා (ස)

:       0       0

රොනී Thursday, 17 January 2013 07:35 PM

ඔබට ජය පිට ජය ලැබේවා (දී)

:       0       0

සුජිත් Tuesday, 15 January 2013 10:34 PM

සුබ පැතුම් (ස)

:       0       0

ලසිත Thursday, 10 January 2013 01:57 PM

අපට ආඩම්බරයක් , ජය වේවා (ස)

:       0       0

ලක්ෂාන් Friday, 18 January 2013 06:37 PM

භයානක වැඩක් ඔබ කලේ (දී)

:       0       0

කසුන් Tuesday, 15 January 2013 02:15 PM

ශ්‍රී ලංකාවේ මේ වගේ කොල්ලෙක් ඉන්න එක අපිටත් ආඩම්බරයි.ඔබට සදා ජය..(ස)

:       0       0

ජයා Friday, 08 February 2013 10:45 PM

මෙහෙම කීවට අමනාප වෙන්න එපා දරුවෝ,දරපු උත්සාහය අඩු තක්සේරුවට දානවා නොවේ,තමන්ගේ ජීවිතේට වඩාත්ම පලප්‍රයෝජන වෙන දෙයක් වෙනුවෙන් කැප වෙන එක මිට වඩා දහස් ගුණයක් වටිනවා.අවදානමට වඩා සුදානම හොඳයි. (ස)

:       0       0

මධූ Wednesday, 23 January 2013 03:58 PM

නියම වැඩක්. අපේ උණුසුම් සුබ පැතුම් ඔබට (ස)

:       0       0

මධූ Wednesday, 23 January 2013 04:00 PM

නියමයි සහෝදරයා..සුබ පැතුම් (ස)

:       0       0

නාලක Wednesday, 16 January 2013 10:44 AM

අනේ හොඳයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 624 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1009 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 141 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 392 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 556 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


ජයග්‍රහණය අබියස අභියෝගය
2024 නොවැම්බර් මස 18 927 0

ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2011 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site