වීදි ගණිකාවෝ බොහෝ විට අඳුරු අහුමුළු, ගාල් කළ නාටාමි කරත්ත, අස්සට පිරිමි කැඳවාගෙන එති. තුන් වේලම කුඩු ගහගෙන, බේබද්දන් වී සිටීම ඔවුන්ගේ සිරිතය. දවාලට මේ ගෑණු කාමර අස්සේ හොඳ නින්දේය. රෑට මතින් මත් වී පාරට බසියි.
‘‘අපි කතා කළාම හුඟක් පිරිමි එනවා. බේබදු මිනිස්සු පැනලම එනවා. රෑ 11-12 වෙනකොට බස් ස්ටෑන්ඞ් එකට හරි ස්ටේෂමට හරි වෙලා බංකුවට බර වෙලා නින්දක් දානවට වඩා පාළු මකන්න කැමති පිරිමි, ගෑණු එක්ක කළුවර වීදිවලට රිංගනවා.’’ අතුල කතාව අරඹයි.
පිටකොටුවේ විකිණෙන නා නා විධ දේවල් ඒවා නිපදවන චීනයටත් වඩා ගාණ අඩු ය. එහෙම බැලූ විට ලංකාවේ පමණක් නොව ලෝකයේ කොහේවත් නැති අඩුම ගාණට කොටුවෙන් බඩු ගත හැකිය. ඇපල්, දොඩම් ගෙඩියේ සිට, මුද්දරම්පලම්, රටඉඳි ටිකේ සිට, සෙල්ලම් බඩු, රෙදි පිළි සිට ඔරලෝසු විදුලි උපකරණ දක්වා මේ න්‍යාය පොදුය.
ඒ නිසා ලෝකේ කකුල් ගෙවෙනකල් ඇවිදින එකේ පිටකොටුවේ ඇවිද්දා නම් ඕනැම බඩුවක් අඩුවට ගත හැකිය. චීනයේ හදන ජංගම දුරකතන, චීනෙට වඩා අඩුවට පළවෙනි දෙවෙනි හරස් වීදිවල තිබේ. සුද්දෝ වුණත් සිය දාස් ගාණක් පොදි කකා බඩු ගන්නේ මේ නිසා විය යුතුය.
චීනයෙන් එන බඩු එහෙට වඩා මෙහෙ අඩු මොකදැයි චීන්නු පවා පුදුම වීම අරුමයක් නැත.
පිටකොටුවේ ක්‍රමය මේකය. අද බඩු විකුණන තැන හෙට ඒ වෙළෙන්දා නැත. ගැරන්ටි (වගකීම) සේෆ්ටි (ආරක්ෂාව) නැත. සමහර ඉලෙක්ටි්රකල් බඩු ක්‍රියා කරන්නේ දෙවන හරස්වීදියෙන් එළියට බහින තුරු පමණි. ගෙදර ගිය විට බඩු වැඩ නැත. පිටකොටුවේ හැම දෙයම මෙහෙම යැයි අපි කියන්නේ නැත.
එහෙත් බොහෝ බඩු ‘නෝ ගැරන්ටි’ ‘නෝ සේෆ්ටි’ බව අමතක නොකළ යුතුය.
පිටකොටුවේ සරන ගණිකාවන්ට ද මේ කතාව එසේමය. සමහර පිරිමි කොටුවෙන් ‘ගමට’ බහින විට ඇඳිවතත් නැත. හැම ගණිකාවම ‘මහත්තුරු’ සුද්ද කරන බව අපි නොකියමු. ඒත් වැඩි දෙනෙක් එසේය. චීනෙන් එන ‘ටෝයිස්, මොබයිල්’ චීනෙටත් අඩු ගාණට විකිණෙනවා වගේ රුපියල් 100-150ට ගෑණු ඇඟ විකුණන ලෝකේ එකම තැනත් පිටකොටුව, මරදාන විය හැකිය.
ගිය සතියේ නැවතුණ තැනින් අතුල මහතාත් සමග මම ගමන යමි.
අඩ කරුවලේ ගිලූණු වීදිවල බැලූ බැල්මට කවුරුවත් පේන්නට නැත. හිඟන්නන් නිදා සිිටිනු කරුවල අතරින් බේරී පෙනේ. සමහර අහුමුළුවලට හිඟන්නෝ ආරක්ෂාව දෙන නිසා පොලිසිය එබෙන්නේ වත් නැත. රෑට බේබද්දන් වූ හිඟන ගෑණු පිරිමි නටන නැටුම් අස්සට කවුරු එබුනත් ‘අමු කුණුහරුප’ වලින් සංග්‍රහ ලැබෙයි.
වීදි ගණිකාවෝ බොහෝ විට අඳුරු අහුමුළු, ගාල් කළ නාටමි කරත්ත, අස්සට පිරිමි කැඳවාගෙන එති. තුන් වේලම කුඩු ගහගෙන, බේබද්දන් වී සිටීම ඔවුන්ගේ සිරිතය. දවාලට මේ ගෑණු කාමර අස්සේ හොඳ නින්දේය. රෑට මතින් මත් වී පාරට බසිති.
අපි කතා කළාම හුඟක් පිරිමි එනවා. බේබදු මිනිස්සු පැනලම එනවා. රෑ 11-12 වෙනකොට බස් ස්ටෑන්ඞ් එකට හරි ස්ටේෂමට හරි වෙලා බංකුවට බර වෙලා නින්දක් දානවට වඩා පාළු මකන්න කැමති පිරිමි, ගෑණු එක්ක කළුවර වීදිවලට රිංගනවා. අතුල කතාව අරඹයි.
සමහර පිරිමි ගණිකාව සමග යන ගමන් කතාවට වැටෙනවා.
‘උඹ බැඳලද’
‘ඇයි, උඹ මාව බදින්නද’ වචනෙට උත්තරේ එහෙමයි.
‘මගේ මිනිහා නාටාමි ඌ දවල් වැඩ කරලා රෑට බීලා බුදි.’’
ලාවට කළුවර අතරේ බිත්තියකට හෝ තනිවූ ත්‍රීවීල් එකකට මුවා වී ඉතිරි හරිය සිද්ධ වෙයි.
ඒ අතරේ මහත්තයාගේ බෑග් එක ද අත ගා බලයි.
‘මොනවද මේකෙ.. බොන්ඩ නැද්ද’ සමහර පිරිමි ළඟ බාර් එක වහද්දි ගත් බෝතලයෙන් බාගයක් ඉතිරි වී තිබෙයි.
ඒකෙන් කාලක් විතර ගෑණි කටට හලා ගන්නේ බේබදුකම ප්‍රකට කරමිනි. පිරිමියාගෙන් සිගරට් එකක් ද ඉල්ලා එය ද උරා බොන ඇය පුදුම ගැහැනියකි. සමහර පිරිමි මත් වී හිටියත් ඒද ආශ්වාදයකි.
මේ හැමදේටත් කලින් සල්ලි ටික ගැනීමට ගණිකාව පෙරැත්ත කරයි.
‘දීපන් සල්ලි’
පිිරිමියා හිමින් සීරුවේ පොරොන්දු වූ එකසිය පනහක් දෙයි. එය ඩෙනිම් කලිසමේ සාක්කුවක් අතරට දා ගනී.
මේ අය ළඟ උපත් පාලන උපකරණත් තියනවා. ඒවා වෙනම විකුණනවා. ඊට පස්සෙ ඉතින් ආපු වැඬේ.
සමහර කාන්තාවෝ මහත්තයාගේ ‘පර්ස් එක’ බිම හෙළති. මහත්තයා හැඟීම්වල උච්ච මොහොතක නිසා ‘පර්ස්’ එක ගැන වගක් නැත.
මේ හුඟක් ගණිකාවො පික් පොකට් වැඬේට සුපිරි දක්ෂය. මෙයාලගෙ පිරිමි දවල්ට පික් පොකට් ගහනවා. රෑට මෙයාල පික් පොකට් ගහනවා. සමහර ගෑණු මහත්තුරු එක්ක යන්නෙ පොලිසිය නිතර පා ගමනින් යන එන කිට්ටු තැන්වලට. එහෙම ගිහින් පර්ස් එක බිම දාලා මහත්තයා එක්ක ටිකක් ඉන්න ගමන් ‘පොලිසියෙන් පොලිසියෙන්’ කියලා කෑ ගහනවා.
බැලූවම ඇත්තටම පොලිසියෙ මහත්තුරු දෙන්නෙක් පයින් යනවා.
මේක දකින මහත්තුරුන්ට සහලෝලා දාඩිය දානවා. අහුවුණොත් මොන ලැජ්ජාවක්ද? මේ ඉන්න සමහරු රටේ ආරක්ෂක අංශයෙ තරුණ කොල්ලො. සමහරු ඈත ගෙවල් දොරවල්වලට යන අය. සමහරු රස්සාවලට දුර යන අය. බස් එකට වෙලාව එනකල් පිටකොටුවෙ පොලිසියට මාට්ටු වෙලා කූඩුවේ දැම්මොත් තමන්ගෙ ඇත්ත සමාජයට මුහුණ දෙන්නෙ කොහොමද? යථාර්ථය මේය. ටිකක් බිව් විටත්, හැඟීමක් ආ විටත් කාමෙයෙහි වරදවා හැසිරෙන්නට කොටුව පමණක් නොව රටේ ප්‍රධාන නගර කොයිකේත් ගණිකාවෝ සිටිති. එහෙත් ඒ සියල්ල සමාජයට රහසක් කිරීම කාගේත් සිරිතය.
ටයි පටි දාගෙන සිටින ලොකු මහත්තුරුත් මේ විදිහට සැරි සැරීම අද අමුතු හෝ පුදුම දේවල් වන්නේ නැත. තමන්ගේ බිරිඳට හොරා දිනපතා, සතිපතා ගණිකාවන් සොයා යන බහුතරයක් පිරිමි මගේත්, අතුලගේත් ගමනේ සාමාන්‍ය දේවල් පමණි. ඒවා අපේ කතාව තුළ කොහෙත්ම පුදුම උපදවන කාරණා නොවේ. එම නිසා මේ වැසුණු ඉසව්ව අස්සේ ‘ඇන්දෙන’ ඔබ බේරා ගැනීමේ වගකීම අපගේ යුතුකම හා මේ සමාජ සමීක්ෂණයයි.
‘‘පොලිසියෙන් දැකපු ගමන් මහත්තයා බෑග් එක කරේ එල්ලා ගෙන පොලිසිය මග හරින්න වීදියෙ අනික් කෙළවරට දුවනවා. මේ ගෑණු කෙනා පර්ස් එක අහුලාගෙන මහත්තයාව මග අරිනවා..’’ ආපහු ස්ටේෂමට යන මහත්තයාට කෝච්චියට ගොඩ වන්න රුපියල් 50ක් නෑ. සමහරු පඩි අරන් ගමේ යන අය. තවත් අය දුර යන නිසා රුපියල් තුන් හාර දාහ පර්ස් එකේ තියන් යන අය. බලාගෙන ගියාම රුපියල් 150ක් සොයාගන්න ආවට ඇත්තටම ඇඟ විකුණලා තියෙන්නේ රුපියල් දහ පහළොස් දාහට. මොකද මහත්තයාගෙ සල්ලි ටික සේරටම විදලනෙ.’’
පිටකොටුව ‘නෝ ගැරන්ටි, නෝ සේෆ්ටි’ කියන්නෙ මේකයි. අන්තිමේ සල්ලිත් නෑ. බඩුත් නෑ... ගත්ත ‘ආතල්’ එකතුත් නෑ.
සමහර කාන්තාවෝ මහත්තයාව එක්ක ගිිහින් වැඩිපුර සල්ලි ඉල්ලනවා. මුලදී සීයට දෙසීයට කතා කරල එක්ක ගිහින් කළුවර වීදියට බැස්සම රුපියල් 500 දාහ ඉල්ලනවා.
‘‘දීපන්.. මට දාහක්’’
‘උඹ කිව්වෙ දෙසීයයි.. දෙන්නෑ තොට’’ සමහර පිරිමි බේබදු
ගෑණුන්ට ගහන්න යනවා. ඒ ගණිකාවො අරින්නෙත් නෑ..
‘ගහපිය බලන්න’ කියලා කෑ ගහනවා. මේ මහත්තුරු දන්නෙ නෑ තමන්ව එක්කගෙන ආවේ ගෑණි ඇඟ විකුණන්න නොවෙයි, නැති ලෙඩක් දාන්න බව. මේ ගණිකාවො මහත්තයාව එක්ක යන්නෙ තමන්ගෙ කුඩු ගහන මිනිහා හරි තව ගෑණු අය හරි නිතරම ගැවසෙන තැනට.
ගෑණි කෑගහපු ගමන් සේරම ගෑණු කුඩු ගහපු උන්ගෙ පිරිමි සේරම වටවෙනවා. ගෑණු දිගට හරහට මහත්තයාට කනට, කම්මුලට, අතින් පයින් ගහනවා.
ඒ අතරේ පර්ස් එක, බ්‍රේස්ලට් එක, මුද්ද, කර මාලෙ සේරම ගලවාගෙන ආපහු එවනවා.
කමිසෙ ඉරිලා, බය වෙලා, දාඩිය දාගෙන මේක පොලිසියෙ ගිහින් ලියන්න කියලද? කොහොම වුණත් මේවා හැංගුණු කතා. සේරම අය මෙහෙම නෑ. සමහරුන්ගෙ ටාගට් එක එළිවෙද්දී රුපියල් දෙතුන් දාහක් හොයාගෙන යන එක. එක්කො මේ සල්ලිවලින් කුඩු ගහනවා. නැත්නම් පවුලෙ වැඩවලට වියදම් කරනවා.
අපට නොපෙනෙන සමාජය ඇතුළෙ යථාර්ථය මේකය.
ලබන සතියේ තවත් විදිහකදි හමුවෙමු.
විශේෂ ස්තුතිය:- අතුල මහතාට
කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්
ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම
මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු
ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා
ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පිටකොටුවේ නෝ ගැරන්ටි සේෆ්ටි !
සුදත් ශ්‍රී Monday, 29 June 2015 12:03 AM
1997 අගෝස්තු මාසයේ දිනක මම පිටකොටුවේ පේමට් එකෙන් කැෂියෝ වර්ගයේ සයන්ටිෆික් කැල්ක්‍යුලේටරයක් මිලදී ගත්තා. විස්වාස කරන්න ඒක තවවමත් ඉතා හොඳින් ක්‍රියාත්මක වෙනවා. අද වෙනතුරු බැටරි මාරු කලෙත් නැහැ. (නදී)
චින්තක Monday, 29 June 2015 02:34 PM
අනේ බලන්නකෝ ලංකාවේ මිනිස්සු අපිට කරන දී...මට හරිම දුකයි...(බ)
තිලක් Thursday, 02 July 2015 10:09 AM
මේ කියන තරම් පිටකොටුව නරක නැහැ.පුද්ගලය අනුව තමයි ඒක වෙනස් වෙන්නේ.(අ)
තිස්ස Thursday, 02 July 2015 10:08 AM
මේ කියන තරම් පිටකොටුව නරක නැහැ.පුද්ගලය අනුව තමයි ඒක වෙනස් වෙන්නේ.මම වසර 16 පිටකොටුව ආශිතව හිටිය.තමන් නිතරම සිහියෙන් නම් කිසිවෙක් ලංවෙන්නේ නැහැ. (අ)
බට්ටි Tuesday, 30 June 2015 08:26 AM
අනේ අපේ පිරිමි... රු. 150 ට කොටුවෙන් ඇපල් කකා බස් එක එනකම් හිටියනම් ඔය ලෙඩ නෑ....(ම)
ආසිරි Tuesday, 30 June 2015 03:39 PM
නොදන්න කෙනෙක් අවොත් පර්ස් එකට සොරිම තමයි.(හේ)
චන්න බුවනක Wednesday, 01 July 2015 01:28 PM
මම ඉගෙනගන්න කාලේ සුමානෙකට සැරයක් බණ්ඩාරවෙල ඉඳල රාත්‍රී 8 බස් එකේ ගියාම පාන්දර 3 ට බස් එකෙන් බස්සනවා. එලි වෙනකන් බස් ගාලේ ඉඳල පාන්දර පන්තියට යනවා. අපි යන අරමුණ හොඳ නම් අපිට කරදරයක් නැහැ. අනවශ්‍ය වැඩ වලට ගියාම තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. (නදී)
උපසේන Thursday, 02 July 2015 08:44 PM
යකා කියන තරම් කළු නැහැ. (අ)
ශාන්ත - කටාර් Tuesday, 30 June 2015 12:13 AM
කවමදාකවත් බලෙන් ඇදගෙන යන්නෙත් නැහැ තමන්ගේ පාඩුවේ හිටියනම් කාගෙන්වත් කරදරයකුත් නැහැ, කියන තරම් යකා කළු නැහැ , (ම)