ලංකා විදුලිබල මණ්ඩලය මූල්‍යමය වශයෙන් සාර්ථක වනතුරු ප්‍රසාද දීමනා සහ අමතර ගෙවීම් නවතා දැමිය යුතු බවත් එසේ නොවුණහොත් ලංවිම ආයතනයක් වශයෙන් කඩා වැටීමේ අවදානමක් තිබෙන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පසුගියදා ප්‍රකාශ කර තිබිණි. මේ ප්‍රකාශය රටේ බොහොමයක් පිරිස් අතර උණුසුම් සංවාදයකට මග පාදමින් තිබෙන අතර ඒ සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තාවලට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර දැක්වූ බහුතරය එම ප්‍රකාශයට එකඟත්වය පළකර තිබූ බවද සඳහන් කළ යුතුය.
ආයතනය රාජ්‍ය හෝ පෞද්ගලික හෝ වුවද බෝනස් ගෙවීම පදනම් වන පැහැදිලි නිර්ණායකයක් තිබේ. වාර්ෂික ආදායම් සහ වියදම් විගණනයට ලක් කිරීමෙන් පසුව ලාබයක් පෙන්නුම් කරන්නේ නම් එයින් කිසියම් ප්‍රතිශතයක් ආයතන සේවකයන්ට සතුටු දීමනාවක් වශයෙන් ලබාදීම එම නිර්ණායකය වෙයි.
එහෙත් ලංවිම යනු මේ රටේ තිබෙන අතිවිශාල අලාබයක් ලබන රාජ්‍ය ආයතනයකි. එය අලාබ ලැබීම සිදුව ඇත්තේ පසුගිය අවුරුදු කිහිපය තුළදී නොව 1996න් පසුව බවද සඳහන්ය. ඉන්පසුව වාර්ෂිකව එම අලාබය වර්ධනය වෙමින් පැවතිණි. එම අලාබය අවම කර ගැනීමට හෝ කිසියම් උත්සාහයක් දැරුවා නම් ඒ සියල්ල දැන් වතුරේ ගොසිනි.
මෙසේ ලැබූ පාඩුව මිලියන ගණනින් ගණන් හැදූ කාලය ඉක්ම ගොස් දැන් පැමිණ ඇත්තේ බිලියන ගණනින් පාඩුව ගණන් හදන කාලයයි. 2019 වසරේදී රුපියල් බිලියන 85ක් පාඩු ලැබූ ලංවිම 2020දී බිලියන 120ක් පාඩු ලබනු ඇතැයි අනාවැකි පළවී තිබිණි. කොතරම් පාඩු ලැබුවත් ලංවිම සේවකයන්ගේ බෝනස් හෝ අමතර දීමනා වශයෙන් ලබාගන්නා වෙනත් කිසිඳු දීමනාවක් හෝ නොලැබී ගියේ නැත. 2021 වසරේ ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ලංවිම සේවකයන්ට හිමිවූ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් නිකුත් කෙරුණු චක්‍රලේඛයේ සඳහන් වන්නේද සේවකයන්ට ගෙවනු ලබන බෝනස් සහ සෙසු සියලු අමතර දීමනා නව වැටුප් තල මත පදනම් වෙමින් ගෙවන බවය. පාඩු නැතිකර ලාබ ලැබීමේදී බෝනස් ගෙවන බවට කිසිඳු සඳහනක් එහි නැත.
මේ ආකාරයට ආයතනය බිලියන ගණනින් පාඩු ලබද්දී තමන් බෝනස් සහ අමතර දීමනා ලබා ගැනීම සාධාරණදැයි තම හෘද සාක්ෂියෙන් ලංවිම සේවකයන් විමසා බැලිය යුතු නොවේද? මේ රටේ ආර්ථිකය කඩා වැටීමට මෙවැනි පාඩු ලබන රාජ්‍ය ආයතනද හේතු වී ඇති බව සංඛ්‍යාලේඛන මගින් දැක්වෙයි. ලංවිම හැරුණු විට තෙල් සංස්ථාව, දුම්රිය සහ ලංගම වැනි ආයතනද මේ ගණයටම වැටෙන බවද පෙන්වා දිය යුතුය. මේ ආයතන සියල්ලම රටට අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන බවද අවධාරණයෙන් පවසමු. එහෙත් සේවය අත්‍යවශ්‍ය වුවත් එය එම ආයතනය බිලියන ගණනින් පාඩු ලැබීමට හේතුවක් නොවේ. එසේම එම පාඩුව තවදුරටත් වැඩි කෙරෙන බෝනස් සහ අමතර දීමනා ලබා ගැනීම කිසිඳු ආකාරයකින් සාධාරණීකරණය කළ නොහැක. එම ආයතන නඩත්තුව සඳහා වැය වන්නේ රටේ බදු ගෙවන ජනතාවගේ මුදල් බැවිනි. ඒ අර්ථයෙන් ගත් කල පාඩු ලබන රාජ්‍ය ආයතනවල වැටුප් සහ බෝනස්ද අමතර දීමනාද ගෙවනු ලබන්නේ රටේ බදු ගෙවන ජනතාව බව පැහැදිලිය. එම ආයතන උපයන ආදායම් ආයතනයේ නඩත්තුවට හෝ කිසිසේත් ප්‍රමාණවත් නැත.
එපමණක් නොව ලංවිම වැනි රාජ්‍ය ආයතන ගණනාවක උපයන විට ගෙවීමේ බදු ගෙවනු ලබන්නේද අදාළ ආයතනය විසින්ම බවද හෙළි වී තිබේ. මෙය කෝප් කමිටු විමර්ශනවලදී පවා හෙළි වූ කරුණකි. එසේම මෙවැනි ගෙවීම්වල පවතින නුසුදුසු බව රජයේ විගණකාධිපතිවරයා විසින්ද අවස්ථා ගණනාවකදී පෙන්වා දී ඇති බවත් එම කාරණය කැබිනට් මණ්ඩලවලදී පැවති සාකච්ඡාවලින් එහා නොගිය බවත් සඳහන් වෙයි. එවැනි එක් වාර්තාවකට අනුව 2010 වසරේ සිට 2014 දක්වා පමණක් රුපියල් මිලියන 1407ක් සේවකයන්ගේ උපයන විට ගෙවීමේ බද්ද සඳහා ලංවිම අධ්‍යක්ෂ මණ්ඩල විසින් ගෙවා තිබේ. මීට අමතරව වෙනත් දීමනා වශයෙන් 2013 වසරේ මිලියන 642ක්ද 2014 වසරේ මිලියන 849ක්ද ගෙවා තිබේ. එම සංඛ්‍යාලේඛන අනුව ලංවිම එම වසරවලදී පාඩු ලබා ඇත්තේ කෙසේදැයි සොයාගැනීමට අංක ගණිතය පිළිබඳ සුළු දැනුමක් තිබීම පමණක් ප්‍රමාණවත්ය. 2013 දෙසැම්බර් 13 වැනිදා ගනු ලැබූ කැබිනට් තීරණයකට පවා පටහැණිව යමින් මේ ගෙවීම් කර ඇති බවද ලංවිම 2014 වසරේ වාර්ෂික වාර්තාව මගින්ද පෙන්වා දී තිබීම හාස්‍යජනකම කරුණය. ඇතැම් අවස්ථාවලදී වැඩ වර්ජනයේ යෙදී සිටි දිනවලදී පවා සේවකයන්ට විවිධ අමතර දීමනා ගෙවා ඇති බවද හෙළිදරව් වී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් විසින් තම ආයතනය මූල්‍ය වශයෙන් සාර්ථක කර ගැනීමට හැකි අයුරින් දිරිගැන්වීම අපගේ අරමුණය. එසේ කළහොත් ඔවුන්ට රටට ණය නොවී බෝනස් ලබාගත හැකිය. රටට ආර්ථික හෙණයක් වී පවතින පාඩු ලබන රාජ්‍ය ආයතනවලින් එකක් හෝ එයින් මුදාගත හැකිය. මේ සියලු කරුණු පාඩු ලබන රාජ්‍ය ආයතන සියල්ලටම අදාළ බවත් කෙසේ හෝ තම ආයතන ලාබ ලබන තත්ත්වයට පත් කර ගැනීම එම ආයතන සේවකයන්ගේ අභියෝගය බවත් පෙන්වාදීමට කැමැත්තෙමු. නැතහොත් අකැමැත්තෙන් වුවද එම ආයතන ප්‍රතිසංස්කරණය කිරීමේ තීන්දු ගැනීමට රජයට සිදුවනු ඇත. තමන්ගේ බෝනස් එක රටේ ජනතාවගේ බදු මුදලින් ලබාගැනීමේ ලජ්ජාසහගත ක්‍රමවේදයට දැන්වත් තිත තැබිය යුතුය.
(***)
දිසානායක මුදියන්සේලාගේ රංබණ්ඩා සහ ඔහුගේ බිරිඳවන සීලවතීගේ දෙවැනි දරුවා ලෙස 1968 වසරේ නොවැම්බර් මස 24 වැනිදා ගලේවෙල මකුල්ගස්වෙල මාතෘ නිවාසයේදී ඔහු උපත ලැබ
2024 ජනාධිපතිවරණය ඉතාමත්ම උණුසුම් මෙන්ම තරගකාරීත්වය අතින් ඉහළම ජනාධිපතිවරණයක් වශයෙන් හඳුනාගත හැකිය. මෙකී ජනාධිපතිවරණයට පසුබිම සැකසෙන්නේ රට ආර්ථික වශ
මීට පෙර ලිපියක අප සඳහන් කළ ආකාරයට අද පැවැත්වෙන ශ්රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරණය මෙතෙක් පැවැත්වුණු ජනාධිපතිවරණ අටටම වඩා කරුණු ගණනාවකින් වෙනස්ය.
මාතලේ, නාලන්ද ගෙඩිගේ යනු මෙරට මධ්‍ය කේන්ද්‍රය ලෙස සලකනු ලබන ස්ථානයේ පිහිටි පෞරාණික මෙන්ම සුන්දර පරිසර පද්ධතියකින් හෙබි හරි අපූර්වතම ස්ථානකි. නාලන්ද
අඹගහපිටිය වලව්ව හෙවත් සහබන්ධු වලව්ව බලපිටිය මුදලි පෙළපතේ පැරැණිම වලව්වකි. විහාරස්ථානයට පූජා කළ ලංකාවේ මුල්ම වලව්ව ලෙස මෙය සැලකේ. උපසම්පදාව ජනසතු කරම
නීතියේ ආධිපත්‍යය යනු සියලුම පුද්ගලයන්, ආයතන සහ සංවිධාන නීතියට යටත් බවත් එහි නිර්දේශවලට වගකිව යුතු බවත් සහතික කරන මූලික මූලධර්මයකි. එසේම රටක් පාලනය ව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පාඩු ලබද්දී බෝනස් ගෙවන රාජ්‍ය ආයතන