IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


පෘතුගීසින් පැරදවු බලන මහා සටන

කන්ද උඩරට රාජධානිය ආක‍්‍රමණය කිරීමට පැමිණි පරදේසක්කාර සතුරන්ට කදිම පාඩම් කියාදුන් ස්ථානයක් වශයෙන් බලන බළ කොටුව හැඳින්විය හැකිය. කන්ද උඩරටට ඇතුළුවන ප‍්‍රධාන කපොල්ල වශයෙන් හැඳින්විය හැකි මෙම ස්ථානය පසුකරමින් පර සතුරන් ගමන් ගත්තේ අවස්ථා කිහිපයකදී පමණි. මෙහිදී සිදුවූ සටන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගරිල්ලා සටන් වශයෙන් හැඳින් විය හැකිය. අපගේ වීරෝදාර උඩරට සිංහල හමුදා අපගේ දේශයේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කර ගැනීම සඳහා එහිදී ජීවිත පරිත්‍යාගයෙන් සටන් වදින ආකාරය එහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය. එහිදී අපගේ වීරෝදාර සොල්දාදුවන් සටන් භූමියේ ඇති පිහිටීම උපයෝගී කර ගනිමින් ගස් හා ගල් පෙරළමින් ප‍්‍රතිවාදී ආක‍්‍රමිණිකයන් මෙල්ල කළ අයුරු බලන සටන්වල දී දැක ගත හැකිය. බලන දුර්ගය ආක‍්‍රමණය කිරීම සඳහා පැමිණෙන ප‍්‍රතිවාදී පරසතුරු හමුදාවන්ට එරෙහිව දැවැන්ත ගල් පෙරළා ගෙනවිත්, ආධාරක මතින් රඳවා තබාගෙන සතුරා ළඟා වූ වහාම ආධාරකය ඉවත් කිරීම මගින් සතුරා විනාශ කරයි. සතුරා පැමිණෙන මාර්ගයේ ඇති දැවැන්ත ගස් කිහිපයක් අඩක් මුලින් කපා තබා කඹ මාර්ගයෙන් ඒ සියලූ ගස් එකිනෙකට සම්බන්ධ කොට තබා සතුරා කඳු නැග ඉහළට පැමිණීමත් සමග පහළට ගස් පෙරළීම මගින් එයට ඇඳා ඇති ඉහළ ගස් සියල්ලම පෙරළීමෙන් සතුරා විනාශ කිරීම වැනි එදා උඩරට සටනට ආවේනික ගරිල්ලා ආකාරයේ සටන් ක‍්‍රම එම අවදියේ භාවිත කෙරුණි. කන්ද උඩරට සටන්කාමීන් අතර එවන්වූ සටන්කාමීත්වයක් තිබියදී අප දේශය ආක‍්‍රමණය කළ කෲරතර ආක‍්‍රමිකයකු වශයෙන් සැලකෙන ජෙනරාල් ජෙර්නිමෝ ද අසවේදු විසිපන්දහසක සොල්දාදුවන් පිරිසක් සමගින් උඩරට ආක‍්‍රමණය කිරීමට පැමිණ්ය. ගන්නෝරුව සටනේ දී මියගිය කපිතාන් ජෙනරාල් සුසාගෙන් පසු පෘතුගීසි හමුදා මෙහෙයවීම සඳහා එවන ලද ජෙනරාල් අසවේදු ඉතිහාස ගත වන්නේ ඉතාමත් කෲරතර ආක‍්‍රමණිකයකු වශයෙනි. ඔහු අපගේ කුඩා දරුවන් උඩ දමා කඩුව ඇල්ලීමට තරම් කෲර මානසිකත්වයකින් පෙළුන පුද්ගලයකු බව ඉතිහාසයේ සඳහන් වේ. එක්දහස් හයසිය දෙක වසරේ දී ජෙනරාල් ජෙරනිමෝද අසවේදු පෘතුගීසි සේනා හා ලස්කිරිඤ්ඤ සේනාභටයන් විසි පන්දහසක්ද සමගින් උඩරට බලා ආක‍්‍රමණශීලී ගමනක් පිටත්විය. ලස්කිරිඤ්ඤ සේනාවේ නායකත්වය දෙන ලද්දේ සීමන් පිංඤ්ඤො හා සමරකෝන් රාල විසිනි. සියලූම ඒකාබද්ධ සේනාවේ නායකත්වය දරන ලද්දේ කපිතාන් ජෙනරාල් දොන් ජෙරනිමෝද අස්වේදු විසිනි. ඉදිරියේ දී තමන් හමුවට එන  ඕනෑම ප‍්‍රතිප‍්‍රහාරයකට ඉතා සාර්ථකව මුහුණදීම ඔහුගේ අරමුණ විය. මුහුදු මට්ටමේ සිට අඩි දෙදහසකටත් වඩා ඉහළ උසකින් සානුවක පිහිටි බලන කපොල්ල සතුරන් අතට පත්වුවහොත් ස්වභාව ධර්මය අනුව කන්ද උඩරට රාජධානිය රැකගැනීමේ වෙනත් ස්ථාන නොවීය. එබැවින් විමලධර්මසූරිය රජතුමා ගල්කුළු තුනක් මත බළකොටු තුනක් පිහිටුවා බලන ආරක්‍ෂක පවුරක් වශයෙන් නිර්මාණය කළේය. ස්වභාව ධර්මයෙන්ම ලද ඉදිරි ආරක්‍ෂක පවුරක් ද බලන කොටුවට අයත්ය. බලනට ආසන්නයෙන්ම ස්වභාව ධර්මයෙන්ම නිර්මාණය වු අනෙක් බළකොටුව වූයේ අත්තාපිටියයි. මීට පෙර පෘතුගීසිහු මුල්වරට උඩරට ආක‍්‍රමණය කිරීම ආරම්භ කරන ලද්දේ අත්තාපිටියෙනි. (අට්ටාපිටිය ලෙසද ව්‍යවහාර වේ). එබැවින් විමලධර්මසූරිය රජතුමා බුද්දස්ගොඩ අලූත්නුවර හා ගනේතැන්න යනාදී ස්ථානවල අප බළකොටු පිහිටු වීය. කපිතාන් ජෙනරාල් දොන් ජෙරනිමෝ ද අසවේදු තම හමුදා ඉදිරියට මෙහෙයවමින් අත්තාපිටියේ දිනක් කඳවුරු ලෑවේය. ඉන්පසු පෘතුගිිසි සේනා කන්ද උඩරටට පිිවිසීමේ දී පසු කළයුතු පළමු උප බළකොටුව වූ බුද්දස්ගොඩ බළකොටුවට පහරදීම ආරම්භ කළේය. තම සේනා පිළිබඳව මහත් උජාරුවෙන් සිටි අසවේදුගේ ඉලක්කය  වූයේ දින දෙකක් ඇතුළත එම බළකොටුව අත්පත් කර ගැනීමයි. එහෙත් සිංහල සේනා දින පහත් සටන් කරමින් පෘතුගිසී හමුදාවේ විශාල පිරිසක් ද ඝාතනය කොට ආරක්‍ෂක පියවරක් ලෙස පසු බැස්සහ. ඉන්පසු පෘතුගීසින්ගේ දෙවැනි ඉලක්කය වූයේ අලූත්නුවර බළකොටුවයි. අසවේදුගේ ඉලක්කය වූයේ එම බළකොටුව දින හතරක් ඇතුළත අල්ලා ගැනීමයි. එහෙත් අපගේ සිංහල හමුදා දින හතක් එම බළකොටුව රැුක ගත්තේ පෘතුගීසි හමුදාවේ තවත් පිරිසක්ද ඝාතනය කරමින් පෘතුගීසි හමුදා ශක්තිය තවදුරටත් අඩපණ කරමිනි. බළකොටු දෙකකම බලය අත්පත් කරගත් අසවේදුගේ ඊළඟ ඉලක්කය වූයේ ගනේතැන්න බළකොටුවයි. එහිදී සිංහල විරෝදාර හමුදාව එම සටන සඳහා දුනු ඊතල මෙන්ම තුවක්කුද භාවිත කළහ. පෘතුගීසි හමුදාව ගනේතැන්න බළකොටුවට විවිධ යුද උපක‍්‍රම භාවිත කරමින් වරින්වර පහර දුන්නද සිංහල සේනාව අභීතව ප‍්‍රතිප‍්‍රහාර එල්ල කළෝය. එහිදී අසවේදු නොසිතූ තරම් පෘතුගීසි භටයෝ පිරිසක් මිය ගියහ. ඉන් භීතියට පත් අසවේදු මුලූ ගනේතැන්න බළකොටුව වටකොට දින විසිඑකක් සටන් කොට එම බළකොටුව අත්පත් කර ගත්තේය. ගනේතැන්න බළකොටුව අල්ලා ගැනීමත් සමග විමලධර්මසූරිය රජතුමා පෘතුගීසින් ඉදිරියට පැමිණීම වැළැක්වීම සඳහා වෙනත් යුද උපායක් යෙදවීය. පෘතුගීසින්ගේ උඩරට ආක‍්‍රමණය වැළැක්වීමට අවසානය තෙක් සටන් කිරීමට තීරණය කළ විමලධර්මසූරිය රජතුමා පෘතුගීසින්ගේ අවධානය වෙනතකට යොමු කරවීම සඳහා උඩරටට අයත් පහතරට දේශසීමාවේ පිහිටි ආසන්න පෘතුගීසි බළකොටුවලට පහරදීමට සැලැස්විය. එක්දහස් හයසිය තුනේ ජනවාරි මස 18 වැනි දින ලක්දිව ඉතිහාසයේ සුප‍්‍රකට බලන සටන ඇරඹිණි. මේ අතර දඹදෙණියට හා හාරිස්පත්තුවට විශාල පෘතුගීසි හමුදා පිරිසක් පැමිණ ඇති බව සැලවීමත් සමග සේතුපාල බණ්ඩාර සෙනෙවියා මහනුවරින් සේනාංකයක් රැගෙන ගොස් පෘතුගීසින් විශාල පිරිසක් මරණයට පත් කෙළේය. කපිතාන් ජෙනරාල් අසවේදු බලන සටන අරඹමින් තම සේනාව මෙහෙය වීය. එහිදී පෘතුගීසි සේනා එකා පිට එකා වැටී මරුමූවට පත්වන්නට විය. තම සේනාව ඉතාම පහසුවෙන් සිංහල හමුදාවන්ට ගොදුරුවන බව දැනගත් අසවේදු තම යුද සැලසුම වෙනස් කොට බලන කොටුව සීමාවෙන් ඉවතට පසුබැස විශාල කාලතුවක්කු යොදා ගනිමින් බලන කොටුවට පහරදීමට දිවා රාති‍්‍ර උත්සහ කළේය. එහෙත් කඳු හෙල් නිසා එම උත්සාහය අසාර්තක විය. අවසානයේ අසවේදු ඇතුලූ පෘතුගීසි හමුදා මාරාන්තික සටනක නිරතවෙමින් තම සේනා බලන කඳු මුදුනට රැගෙන ගියේය. අසවේදු ඇතුළු පෘතුගීසී හමුදාව බලන කොටුව ආසන්නයට පැමිණීමත් සමග ඔවුන්ට එවකට තිබූ ප‍්‍රබලතම අවිය වූ බතරෝයි කාලතුවක්කු බැඳ කොටුවට පහර දෙන්නට විය. බලන කොටුවේ සිට තම සේනාංක මෙහෙයවමින් සිටි විමලධර්මසූරිය රජතුමා වෙනත් විකල්පයක් නොමැති වූ බැවින් බලන කොටුවට ගිනි තබා තම සේනා සමගින් තාවකාලිකව පසු බැස්සේය. මේ අතර බලන කොටුවට යන්නේ කෙසේ දැයි ජෙනරාල් අසවේදු විමසිල්ලෙන් සිටින විට පෘතුගීසින් අතර සිටි සිංහලයෝ බලන කොටුවට යන රහස් මාර්ගයක් පෙන්වාදීමට ඉදිරිපත් වූහ. පෘතුගීසින් එම මාර්ගය ඔස්සේ බලන කොටුවට ඇතුළු විය. එක්දහස් හයසිය තුනේ පෙබරවාරි මස 02 වැනි දින බලන කොටුවට පෘතුගීසීන් ඇතුලූ වනවිට එහි කිසිදු සිංහලයකු සිට නොමැත. එහෙත් මෙම බලකොටුව අල්ලා ගැනීම සඳහා පෘතුගීසීන්ට විශාල ජීවිත සංඛ්‍යාවකින් වන්දි ගෙවීමට සිදුවිය. බලන කොටුව අල්ලා ගැනීම සඳහා ඔවුන් වසර නවයක කාලයක් සැලූසුම් කළ බැවින් ඔවුනට එදින විශේෂ දිනයක් විය. එහෙත් නැවත වරක් සේනා සංවිධානය කරගත් විමලධර්මසූරිය රජතුමා බලන කොටුවට දිවා රාතී‍්‍ර පහර දෙන්නට විය. මෙම සටනේ අවසන් ප‍්‍රතිඵලය වූයේ රට ජාතිය ආගම වෙනුවෙන් දිවිහිමියෙන් සටන් කළ අපේ සිංහල භටයන්ගේ උත්තරීතර ධෛර්යයෙන් කටුගම්පොල අට්ටාපිටිය රක්ගහවත්ත යන ප‍්‍රදේශයද උඩරට සිංහල හමුදා සතුවීමයි. මෙහිදී පෘතුගීසි හමුදාවේ විශාල පිරිසක් මරණයටපත් පත්වූහ. සිංහලයෝ පෘතුගිසීන්ගේ හිස් කඳින් වෙන්කොට ගස්වල එල්ලා ඔවුන්ගේ ජයග‍්‍රහණය සනිටුහන් කළහ. මේ අතර විමලධර්මසූරිය රජතුමා වෙනුවෙන් සටන් කළ කාන්ගරආරච්චි සෙනෙවියා විශාල සිංහල හමුදාවක් මීගමුවට රැගෙන ගොස් එහි බලකොටුවට දිවා රාති‍්‍ර පහර දී එම බළකොටුව අත්පත් කර ගත්තේය. උඩරට ප‍්‍රතිප‍්‍රහාරවලට බියේ පලාගොස් කොළඹ කොටුවේ සිටි කපිතාන් ජෙනරාල් ජෙරනිමෝ ද අස්වේදු මෙම පුවත දැනගත් පසු මහත්සේ භීතියට පත්විය. බලන කොටුව යනු යටත්විජිතවාදී යුගයට පෙර අපගේ උඩරැුටියන්ගේ හදවත බඳු විය. එහෙත් මෙම ස්ථානය අද දකින බොහෝදෙනාට ඇතිවන්නේ දැඩි කම්පාවකි. පුරාණ කොටු පවුර අදවන විටද දක්නට ලැබුණද එහි ගල් ගලවාගෙන ගොසිනි. එම බිම පුරාවිද්‍යා ස්මාරකයක් වශයෙන් ප‍්‍රකාශයට පත්කොට තිබුණද අද එහි  අපචාරයේ යෙදෙන්නන් බව එහි ගිය අපහට දක්නට ලැබුණි. බලන ගමේ බොහෝ දෙනා පැවසූවේ මෙම ස්ථානය සංරක්‍ෂණය කොට ආරක්‍ෂා කිරීමේ වැඩ පිළිවෙළක් රජය ආරම්භ කළ යුතු බවයි. විශේෂ ස්තුතිය බණ්ඩාර ඇටිපොල මහතාට

ඡායාරූප හා සටහන - ෂේන් සෙනෙවිරත්න
බලන කොටුව අද වන විට කැලෑ වැදී ඇති අයුරු හා එහි කොටු පවුරේ කොටස් බලන කොටුව අද වන විට කැලෑ වැදී ඇති අයුරු හා එහි කොටු පවුරේ කොටස් බලන කොටුව අද වන විට කැලෑ වැදී ඇති අයුරු හා එහි කොටු පවුරේ කොටස් සතුරන් එන්නේදැයි දුර සිට ඔත්තු බැලූ ඓතිහාසික බලන ගල



අදහස් (6)

පෘතුගීසින් පැරදවු බලන මහා සටන

ජී. ඩබ්.දසරත්න Tuesday, 03 July 2012 12:24 PM

මේ ගන්නා උත්සාහයට පිං

:       12       17

ඉශාර Tuesday, 08 May 2012 09:23 AM

හොද ලිපියක් ගොඩක් ප්‍රයොජනවත්

:       51       46

ලක්මාලි Monday, 21 November 2011 02:22 PM

අපේ මේ වටිනා උරුමයන් සංරක්ෂණය කර මතු පරපුර සදහා ඒවා රැකගත යුතු වෙනවා. මේ සදහා බලධාරීන්ගේ හිත ඉක්මණින් යොමු වේවා.

:       5       14

ශිරෝමි Thursday, 29 November 2018 03:26 PM

වටිනා ලිපියකි.

:       0       2

විනෝද් Wednesday, 22 May 2019 04:03 PM

ස්තූතියි...!!!

:       1       0

සිතුම් Wednesday, 11 January 2023 07:26 AM

බලන සටන යනු ලංකාවේ අවසාන රාජධානිය වන මහනුවරට අයත් ප්‍රදාන සටනකි.මෙය 1602දී 1 විමලධර්මසූරිය රජුගේ හමුදාව ජයගෙන ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඡන්දයේදී උතුර කොයිබටද?
2024 සැප්තැම්බර් මස 07 1071 0

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී උතුරේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය ලෙස සැලකෙන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය සමඟි ජන බලවේගයේ නායක සජිත්


ඕස්ට්‍රේලියාවේ යළි ඉපදුණ එංගලන්තයේ ඩයනා කුමරිය
2024 සැප්තැම්බර් මස 06 4557 1

බිලී කැම්බල් ඕස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ් නගරයේ ජීවත් වන අට හැවිරිදි පොඩ්ඩෙකි. දිනක්, බිලී ඔහුගේ මවටත් පියාටත් පැවැසුවේ පෙර ආත්මභවයේ තමන් බ්‍රිතාන්‍යයේ ඩ


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 124 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


පාන්තිය විහාරය හැඩකළ සාර්ලිස් මාස්ටර්
2024 සැප්තැම්බර් මස 05 510 1

බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ බටහිර පස් යොදුන් කෝරලයේ ඉද්දගොඩ පත්තුවේ, මතුගම සුළු නගර සභා සීමාව තුළ “පාන්තිය’’ නමැති සුප්‍රසිද්ධ ග්‍රාමවරයෙහ


ඡන්දයේ ජනමතය ප්‍රභූමතය
2024 සැප්තැම්බර් මස 05 412 0

මේ වසර අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල මැතිවරණ පැවැත්වෙන වසරක් බවට පත්ව තිබේ. මෙම මස 21 වැනිදා අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ සමාජ ආර්ථික දේශපාලන ව


බොරැල්ලේ කෝවිද හිමි
2024 සැප්තැම්බර් මස 04 1680 1

අපවත් වී වදාළ බොරැල්ලේ කෝවිද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (4) සවස 4.00ට කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානයේ දී සිදු කෙරේ.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site