IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


පත්තිනි ආශිර්වාදය පතා කළ යාගයක්

බෙලිඅත්ත ගැටමාන්න ප‍්‍රදේශයට නුදුරු ගමක පදිංචි හතළිස් හතර හැවිරිදි ඇය දෙදරු මවකි. දැනට මාස කිහිපයක සිට හදිසියේ එම කාන්තාව අසනීප වීම නිසා මුළු පවුලම දුකට පත් විය. සැමියා විසින් දුක් මහන්සි වී උපයා ගන්නා ලද මුදල් වලින් වැඩි කොටසක් වෛද්‍යවරුන් අතට පත් වූයේ කෙසේ හෝ අසනීපය සුව කර ගත යුතු නිසාය. නිතර ක්ලාන්තය සැදීම හිස බරව පැවතීම නින්දෙන් බිය වීම කෑම බීම අප‍්‍රිය වීම ඇයගේ රෝග ලක්‍ෂණ විය. මුදල් වැය කොට ප‍්‍රතිකාර ලබා ගැනීමට බොහෝ වෛද්‍යවරුන් වෙත ගියත් අවසානයේ එම කාන්තාවට ලෙඩක් නොමැති බව ඔවුහු කීහ. මේ නිසා බටහිර වෛද්‍ය ශාස්ත‍්‍රයට තිත තබා යන්ත‍්‍ර ගුරුකම් වලින් යම් පිහිටක් ලබාගැනීමට පවුලේ සාමාජිකයෝ තීරණය කළහ. ඒ සඳහා දේවාල කිහිපයකටම ගියත් ඔවුන්ගේ අරමුණ ඉටු නොවීය. මේ අතර අසනීපව සිටින කාන්තාවගේ සැමියාට මැදමුලන සූනියම් පංච මහා දේවාලයේ කපු මහතා මුණ ගැසෙන්නේ ඉතා අහම්බෙනි. ඔහු ඒ ගැන සොයා  බලා ගෘහ මූලික කාන්තාවට ඥාති වරමක් ඇති වී තිබෙන බව ප‍්‍රකාශ කළේය. ඒ අනුව අසනීප තත්ත්වය ඉවත් කිරීමට නම් තොවිලයක් කළ යුතු බවටද දැනුම් දුන්නේය. පත්තිනි සළඹ සොයා වන වැදුණු ගමනට දායක වූ නාකුළුගමුව හඳපාන්ගොඩැල්ල නව සොහොන් කාලී දේවාලයේ සුජීව ප‍්‍රසන්න මංගල කපු මහතා මෙම තොවිලයට සම්බන්ධ වන්නේ මැදමුලන සූනියම් පංච මහා දේවාලයේ කපු මහතාගේ ආරාධනයකට අනුවය. ඒ අනුව මෙම තොවිලය ඉකුත් සති අන්තයේදී කිරීමට සියලූ කටයුතු සූදානම් කෙරිණි. ඒ සඳහා බෙරකරුවන් තිදෙනකු හා තොවිල්කරුවන් සිව් දෙනකු කැඳවා ගත්තේය. ඇදුරු පන්තිය හා දේව පන්තිය ලෙස දෙකට බෙදී එකිනෙකාට සම්බන්ධ වී මෙම තොවිලය පැවැත්වීම විශේෂත්වයක් විය. ඒ සඳහා අවශ්‍ය කෙසෙල් කොට, ලී කෝටු ගොක් කොළ, බුලත්, කෙසෙල් කොළ, පොල් පුවක්, මල්, පොල් මල් ලදපස් මල්, පිණිදිය කැවිලි වර්ග,පලතුරු වර්ග කිරි, පැණි, හත් මාළුව, විසි පස් මාළුව, රතු කැකුළු බත්, හුණුසහල් බත්, කිරි බත්, තලප, පිට්ටු, රොටී, අල වර්ග, බඩ වර්ග, රා, අරක්කු, ගංජා බීඩි. සුරුට්ටු අබිං, රසදිය, පන්දම්, විලක්කු, අමු ඉඟුරු, අළු පුහුල්, රතු අන්නාසි, තැඹිලි, ගොඩ දිය මස්, දුම්මල පුළුටු කුකුළෙක් ආදී අමුද්‍රව්‍ය නිවැසියන් විසින් කල් ඇතිව සූදානම් කොට ගෙනවිත් තිබුණි. කෙසෙල් කොට හා ලී දඬු වලින් අලංකාර ලෙස සාදන ලද තටුවට එම ද්‍රව්‍ය තබා දිෂ්ටි කළේ ඉන් අනතුරුවය. ඒ සඳහා කියන ලද නව නීල හා ශ්‍රී රාමය මන්ත‍්‍ර කවිවලින් කොටසකි මේ   ‘‘ ඕඃ ඉන්දුවඩිග නව නීල දිෂ්ටි වාරුං වාවා කන්දස්වාමිදෙවොල් ගිනි පත්තිනි දැඩි මුණ්ඩ රාමේ වාවා දේව රජ්ජුරු බණ්ඩාර, හනුමන්තා දිෂ්ඨි වාවා කල්ලං බේරී - සරස්වතී ජල මේඝ කාලී ශ‍්‍රියා දේවී අංජනම් කුමාරි දිෂ්ටි වාවා     ආගෝර වඳුරු මාල සීලම්බර භූමි දිෂ්ඨිවාවා   මල් මදන කටුව හූනියම් යක්‍ෂයා දිෂ්ටි වාවා දෙමළ භාෂා සෑම දිෂ්ටි වාවා යන්ත‍්‍ර මන්ත‍්‍ර තෙල් බෙහෙත් අඳුන් සඳුන් දිෂ්ඨි වාවා’’   ඒ ආකාරයට තටුව දිෂ්ඨි කර ගැනීමෙන් පසු බෙර ගසා කෝල් මුරයාගය ආරම්භ කෙරුණි. කෙසෙල් පත‍්‍ර ආදී අමුද්‍රව්‍යවලින් සාදන ලද දේව යහනට දෙවියන් කැඳවා ගැනීම කළේ ඊට පසුවය. ඒ මගුල් බෙර වාදනයද මධ්‍යයේය. සියලූ දෙවි දේවතාවුන් යහනට වැඩම කරවා ගැනීමට මේ ආකාරයට කවි කියන ලදී. කතරගම දෙවියන් කතරගමට අධිපති කඳ දෙවි     සුරිඳු මූණු සයකි අත් දොළසෙකි ඇති    සුරිඳු සියලූම නරයින්ගේ දුක බලනා     සුරිඳු වඩිනු මෙමා මල් යහනට කඳ     සුරිඳු   විෂ්ණු දෙවියන් නිල්වන් සිරුරකින් බබලන විෂ්ණු     දෙවී සියලූ ලෝ සතුන්ගේ දුක නිවන     දෙවී අසරණ ලෝ සතුන්ගේ පිහිටට සිටින     දෙවී වඩිනු දෙවිඳු මල් යහනට විෂ්ණු     දෙවී   දැඩිමුණ්ඩ දෙවියන් අලූත් නුවරටයි අධිපති දැඩි     මුණ්ඩ මුණ්ඩ කියලා නම් කොට අණ කර    තබන බුදු හිමිගේ ද සිරුරේ සැඟවී    සිටින වඩිනු මුණ්ඩ මල් යහනට දැඩි    මුණ්ඩ   ගම්භාර දෙවියන් කබලෑවට ද අධිපතිගම්භාර     දෙවී ගෙන් ගෙටආලෝකෙ බලමින් සිටින    දෙවී සියලූම නරයින්ගේ දුක එලෙසින් බලන    දෙවී වඩිනු මැනවි මල් යහනට ගම්භාර    දෙවී   ගණ දෙවියන් ගණ දෙවි කෝවිල පිරි බඩ    ලන්නේ ඇත මැදපිරුවට ඇද    පේවෙන්නේ කළ කී දේ මට සාදා    දෙන්නේ පිං ඇති ගණ දෙවි යහනට    එන්නේ   සමන් දෙවියන් බුදු හිමිගේ ද රන් පතුල ද රකින     දෙවී ශ්‍රී පාදස් ද ථානේ අඩවියේ    දෙවී ඔබගේ නමට යහන ද කැප     දෙවී වඩිනු මැනවි මල් යහනට සමන්    දෙවී   පත්තිනි දෙවියන් නව ගමුවේද මහ දෙවොලක් තැනූ    අම්මේ ඔබගේ නමට මල් යහනක් තැනූ    අම්මේ මෙම නරයාට සෙත සලසා දෙන    අම්මේ වඩිනු ද මෙමා මල් යහනට පත්තිනි    අම්මේ   භද්‍රකාලී දෙවියන් භද්‍රය කාලිගේතෙද බල ඇති    අම්මේ මුන්නේස්වරමටයි තෙද ඇති    අම්මේ ඔබගේ නමට යහනක් කැප කර    අම්මේ වඩිනු ද මෙම මල් යහනට භද්‍රය    අම්මේ   සොහොන් කාලී මෑණියන් පාවෙන සුළඟ සේ ගමනේ යන    අම්මේ මිනී ඔළු ද මාලය දාමින්    අම්මේ සියලූ නරයන්ට සෙත සලසන    අම්මේ වඩිනු මෙම යහනට කාලිය    අම්මේ   ඊට අමතරව කඩවර, කම්බිල, බහිරව , පොලෝ මහී, සඳු හිරු ආදී දෙවි දේවතාවුන් වහන්සේලාටද කවිවලින් මල් යහනට ආරාධනය කළ පසු අසනීපව සිටින ගෘහ මූලික කාන්තාව ආවේශ වීමට පටන් ගත්තාය. ඇය නටන්නට ගත්තාය. ඉන් පසුව සුජීව ප‍්‍රසන්න මංගල කපු මහතා හා මැදමුලන පංච මහා දේවාලයේ කපු මහතා එක්ව පන්දම් පාලිය ආරම්භ කළහ. දහ අට පාලියට අයත් කොටස් එකිනෙක කියවමින් ආවේශ වූ ඥාතියා සතුටු කරන විට තොවිලය බැලීමට පැමිණි කාන්තාවක්ද ඒ මැදට පැන්නාය. ඇයද නටන්නට වූවාය. මේ අතරතුර කප් සිටුවීමද කරන ලදී. ඒ සඳහා මුරුංගා අත්තක් යොදා ගත්තේය. ඊට අමතරව පොල් ගෙඩි දෙකක් පුවක් මලක් හා පොල් මලක් ද සිටුවන ලද කප් ගසේ රඳවන ලදී. දැන් තොයිලය දේව රඟ මඬලකි. කඩවර දෙවියන් සතුටු කිරීම සඳහා මංගල කපු මහතා පොල් මල හිසේ ගසාගෙන ඇට විසුරුවා හැරියේය. අසනීප වී සිටින කාන්තාව නැගිට්ටවා ගැනීම සඳහා කටින් දෙහි කැපීය. ඉන් පසුව ඇයගේ අතට පොල් මල දී කතා බහ කිරීමට මංගල කපු මහතා ක‍්‍රියා කළේ අතීතය ගැන එම කාන්තාව බොහෝ දේ කීවාය. සැබෑ කාන්තාව නොව ඒ කතා කළේ ඇගේ ශරීරයට වැසී සිටි ඥාති ප‍්‍රාණ කාරයාය. සියලූ කරුණු හා තොරතුරු පැවසීමෙන් අනතුරුව මංගල කපු මහතාට අවනත වී ඇය පියවි සිහිය වෙත පැමිණියාය. රාත‍්‍රි 7.00 ආරම්භ කළ දේව තොවිලය පසු දින උදෑසන 6.00 පමණ අවසන් කළේ පත්තිනි මෑණියන්ට කිරි දානයක් පූජා කරමින්ය. ඊට අමතරව අසනීපය සුව වූ කාන්තාවට නැවත වරක් අණවින කොඩිවින නොවීම සඳහා ඇගෙත් පවුලේ අයගෙත් ආරක්‍ෂාව සඳහා පදිංචි නිවසේ හතර කොන හා අට කොන ආරක්‍ෂක යන්ත‍්‍රවලින් ආවරණය කළේය. මේ සියලූ කටයුතුවලින් අනතුරුව අදාළ කාන්තාවට සුවය ලැබී තිබෙන බව සුජීව ප‍්‍රසන්න මංගල කපු මහතා පවසයි. එහෙත් ඉදිරි දින කිහිපය තුළ කතරගම නවගමුව, කබල්ලෑව හා මුන්නේෂ්වරම් ආදී දේවාල වෙත ගොස් පුද පූජා පවත්වා සම්පූර්ණ සුවය ලබාදීමට ද ඔවුන් සැලසුම් කර තිබේ. මෙම තොවිලය අවසන් කළේ පත්තිනි දෙවියන්ගේ ආශිර්වාදය ද සමගිනි.

ඡායාරූප හා සටහන - මාතර ක‍්‍රිෂාන් ජීවක ජයරුක්
පත්තිනි සළඹ සොයා වන වැදුණු ගමනක් - 1 පත්තිනි සළඹ සොයා වන වැදුණු ගමනක් - 2



අදහස් (0)

පත්තිනි ආශිර්වාදය පතා කළ යාගයක්

හසිත Wednesday, 27 June 2012 10:08 AM

අවිශ්වාස කරන්න බෑ නමුත් විශ්වාස කරන්නත් බෑ . ඒත් මානසික සුවයට හොඳයි....

:       0       0

හසිත Wednesday, 27 June 2012 10:55 AM

මොනවා උණත් මානසික සුවය තමයි වැදගත්

:       0       0

හසිත Wednesday, 27 June 2012 10:55 AM

අවිශ්වාශ කරන්නත් බෑ.ඒත් විශ්වාශ කරන්නත් බෑ.

:       0       0

දයා,saudi Monday, 25 June 2012 06:13 PM

එහෙම කියන්න එපා.මේ දේවල් වලටත් යම් ශ්‍රාස්ත්‍රයක් තියෙනවා

:       0       0

හසිත Wednesday, 27 June 2012 10:55 AM

අවිශ්වාස කරන්න බෑ..නමුත් විශ්වාස කරන්නත් බෑ....මානසික සුවයට හොඳයි..

:       0       0

රසංගි Friday, 29 June 2012 08:53 PM

අවිශ්වාශය නැතුව විශ්වාශය හිතේ තියාගෙන කරන්න

:       0       0

කපිල වසන්ත කුමාර Thursday, 28 June 2012 02:55 PM

හරියට සාස්තරේ දැනගෙන කළොත් මෙවැනි සෙතක් තියෙනවා.. අත්දැකිම් සහිතයි..

:       0       0

රනා Tuesday, 26 June 2012 09:37 PM

හොඳ වැඩක්

:       0       0

අසෝක Monday, 25 June 2012 02:45 PM

බොරුවැඩ.

:       0       0

ඉෂානි Monday, 25 June 2012 03:39 PM

මමත් විශ්ව‍ාස කරනවා ඒ ගැන.

:       0       0

ඉෂානි Monday, 25 June 2012 03:00 PM

මමත් විශ්වාස කරනවා ඒ ගැන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 93 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 332 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මක්නිසාද?
2025 අප්‍රේල් මස 18 111 0

ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 102 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 269 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 520 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 88 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 219 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 392 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site