IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


පුත්තලමේ හතරෙන් එකකට වන අලි කරදර

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

අලි මිනිස් ගැටුම හේතුවෙන් මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කයේ ලක්ෂ දෙකකට ආසන්න ජනතාවක් දැඩි අසරණතාවයකට පත්ව ඇතැයි කියති.

වන අලි කඩා වදින ගම්මානයන්හි  පදිංචි බහුතරයක් ජනතාවගේ   නිවෙස් තුළ අලි පලවා හැරිමට ලබා දෙන අලි වෙඩි තබාගෙන සිටින අතර එලෙස  නොමැති නිවසක් සොයා ගැනීම පවා අපහසුය. පුත්තලම දිස්ත්‍රික්කයට අයත්  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස  16 කි. එහි පදිංචි පිරිස  8,240,904 කි. එම ජනතාව අතරින් ලක්ෂ දෙකකට අඩු ජනතාවක් නිරන්තර වල් අලි පහර දිම් වලට ලක්වි සිටිති.

බව භෝග විනාශ කිරීම, නිවාස කඩා දැමීම, අලින්ගේ පහරදීමෙන්  බරපතල මානුෂික හා ශාරිරික පිඩාවන්ට  ජනතාව දැඩි ලෙස අසරණභාවයෙන් පීඩා විදිති.  පුත්තලම දිස්ත්‍රික්කයේ බොහෝ පිරිසක් වන අලින්ගේ  පිඩාවන්ට පත්වන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ හතකි. මේ අතරින්  ආණ්මඩුව , නවගත්තේගම, මහකුඹුක්කඩව , පුත්තලම , කරුවලගස්වැව ප්‍රධාන තැනක් ගනී . පල්ලම හා මුන්දලම යන  ප්‍රාදේශීය ලේකම් බල දෙකටද සුළු ලෙස හානි සිදුවන බව කියයි.

පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි ගම්මාන 1456 කි. ඒ අතරින් ගම්මාන 460 කට ආසන්න සංඛ්‍යාවක ජනතාව නිරන්තර අලි තර්ජනවලට මුහුණ පා සිටිති.වනාතවිල්ලුව හා කරුවලගස්වැව ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශයන්හි  තිබූ දැවැන්ත වනාන්තර පද්ධති වසර 10 කට පෙර වනසා දැමිමට ඇතැම් නිලධාරීන් වගකිව යුතු බවද   ගැමියෝ චෝදනා කරති. මෙම බල ප්‍රදේශවල රාජකාරීහි   නිරතවු රාජ්‍ය නිළධාරින්ගේ මැදිහත් විමෙන් මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට වගා කටයුතු සදහා විවිධ ආකාරයෙන් බලපත්‍ර සකසා අක්කර දහස් ගණනින් අත්පත් කර දීමද මෙම ගැටළුවට ප්‍රධාන හේතුවකි.
        
අලි රංචු ගම්මානයන්ට  කඩා වැදිම නිසා අතීතයේ වගා බිම් බවට පත්ව තිබු කරුවලගස්වැව ,ආණමඩුව , වනාතවිල්ලුව , පුත්තලම ආදි ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන සිය ගණනක අක්කර දහස් ගණනක වගා කටයුතු  සම්පුර්ණයෙන් නවතා තමා ඇති අතර  හේන් වගාවෙන් දිවි ගෙවමින් ජීවිතය සරිකර ගත් බෝහෝ දෙනෙකු එයින් ඈත්ව තිබේ. මේ නිසාම වෙනදා නගරයේ වෙළදසැල් පිරි ගිය ගමේ කුරක්කන් , මුං, කවුපි , ඇතුළු ධාන්‍ය වර්ග  වර්තමානයේදී  දකින්නටවත් නොමැත. වගා කළ වගාබිම් අද මුඩු බිම් බවට පත්ව ඇත. 
  ගැමියන්  වී  ගොවිතැන සිදු කරනුයේද  ඉතාමත් අපහසුවෙනි .  පැල් සකසා  රාත්‍රිය පුරා  නිදි වරමින් මාස තුනකට වැඩි කාලයක් ගොයම  ආරක්ෂා කර ගැනිමට ඔවුහු ගන්නා උත්සාහය සුළුපටු නොවේ. පසුගිය දශකයකට ආසන්න කාලයක පුත්තලම දිස්ත්‍රික්කයේ පොල් වගාවටද වනව අලි තර්ජන හේතුවෙන් හිනි සිදු විය. ආදයම් ලබමින් තිබු පොල් ගස් 50,000 ආසන්න ප්‍රමාණයක් විනාශ වි ඇති බවට වාර්තා වෙයි. ගෙවුණ දශකය තුළ පුත්තලම දිස්ත්‍රික්කයේ පොල් වගාවන්ට එල්ල වු දරුණුතම හානියක් බව ද කියති.

මේ පිළිබදව වගකිව යුතු අංශ නිසි අයුරින් ක්‍රියාත්මක නොවිම බරපතලම ගැටළුවකි. පුත්තලම දිස්ත්‍රික්කයෙන් රටට ලබා දුන් පොල් ආදායම සැළකිය යුතු ප්‍රමාණයක් අඩුවි ඇති බව කියති . ගෙවුණු දශකයේදී  වෙඩි තැබිම් වලින් මරණයට පත්ව ඇති අලි ප්‍රමාණය  200 කට වැඩි බවට වාර්තාවෙයි. පුත්තලම දිස්ත්‍රික්කය තුළ මේ වන විට වල් අලි බෝවිමේ ඉහල මට්ටමක් වාර්තා වන අතර  දැනට අලි 200 කට ආසන්න සංඛ්‍යාවක් සිටින බවට වනජීවි නිළධාරින් පවසති.

මිනිසුන්ට එල්ල වන ප්‍රහාරයන්ට වන්දි ලබා දිම සිදුවුවද වගා හානි සදහා නිසි වන්දි ක්‍රමයක් නොලැබිම හේතුවෙන් ජනතාව දැඩි අසරණතාවයන්ට ලක්ව තිබේ . මේ නිසාම වන අලින් සිදුකරන වගා හානිවලට නිසි වන්දි ක්‍රමයක් නොමැති නිසා වගාකරුවන් අන්ත අසරණ වු අවස්ථා එමටය. 

අලි තර්ජනයට ලක්වු ප්‍රදේශ වල විවිධ පුද්ගලයින් තම වියදමින්  පුද්ගලික විදුලි වැටවල් ඉදිකිරිමත් අලි ගම්වැදිම තවත් ගැටළුවකි. පෞද්ගලික අවශ්‍යතා මත ඉදිකළ විදුලි වැටවල් එම අවශ්‍යතා ඉටුවිමේන් පසුව නැවත ඉවත් නොකිරිම මෙම තත්වයට බළපා ඇති බවයි. ඇතැම් විටක එසේ භාවිතා කළ අනවසර වැටවල්  විදුලිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීමෙන් අලි විදුලි වැට පෙරළා ගම්මානයට කඩා වදිති . අලි නිතර ගමන් කළ මාර්ග අවහිර කරමින් විදුලි වැට ඉදි කිරීමත් සමඟ අලි මිනිස් ගැටුම තවත් උග්‍ර වු බව ද වනජීවි නිළධාරින් පවසති. පුත්තලම දිස්ත්‍රික්කයේ වල් අලි කඩා වැදිම වළක්වා ගැනිමට ඉදිකර ඇති විදුලි අලි වැටවල් නඩත්තු කිරීම සදහා භාරව ඇත්තේ සිවිල් ආරක්ෂක බළකායටය . 

 සිවිල් ආරක්ෂක  බළකාය භාරව සිටින පුත්තලම සිවිල් ආරක්ෂක බළකා අණ දෙන නිළධාරි ලුතිනන් කර්නල් මහෙෂ් මොරගම්මන මහතා අදහස් දක්වමින් පවසා සිටියේ මෙවැන්නකි.

 “ අපිට පුත්තලම දිස්ත්‍රික්කයේ විදුලි අලි වැටවල් කිලෝ මිටර් 349 ක් නඩත්තු කරන්න සහ එළි පෙහෙළි කරන්න භාර දි තිබෙනවා . නමුත් අපිට එය ආරක්ෂා කරන්න ඉන්න සිවිල් ආරක්ෂක භටයින් සංඛ්‍යාව ප්‍රමාණවත් නැහැ. මොකද දැනට යොදවලා තිබෙන්නේ කිලෝ මිටර් 10 කට තුන් දෙනෙක් විතර එය ඉතා අපහසුයි මොකද එක් කිලෝ මීටරයකට එක් අයකු සිටියොත් තමා අවශ්‍ය කටයුතු වෙන්නේ . අපි කරන්නේ විදුලි අලි වැටවල් නඩත්තුව හා ආරක්ෂාව පමණ  උනත්  එහි අනිකුත් කටයුතු වනජීවි එකටත් ප්‍රාදේශීය ලේකම්ටත් භාරයි . ඒ නිසා අලිවැටවල් අලි රංචු කඩා දැම්මාට පස්සේ නැවත ඒ සදහා අවශ්‍ය  උපකරණ ලැබිම ප්‍රමාද වුණාම තවත් ගැටළු ඇතිවෙනවා . මේ නිසා විදුලි අලි වැටවල් වල සම්පුර්ණ වගකිම අපිට නැහැ කියලා කියන්න පුළුවන් . යැයි ඔහු පැවසිය.‘
 ස්ථිර සාර වැඩපිළිවෙලක්  ක්‍රියාත්මක නොවිම නිසා ජනතාව අලි මිනිස් ගැටුම අවසන් වන තුරුම කළ යුත්තේ කුමක් දැයි නිශ්චිත නොවේ.
මේ පිළිබදව අදහස් දක්වමින් සිටි පුත්තලම අට්ටවිල්ලුව වි.පී .බෝධිපාල මහතා පවසා සිටියේ මෙවැන්නකී.

 “ කියන්න කණගාටුයි.  මේ අලි ගැටළුව ගැන වනජීවි අධ්‍යක්ෂ ජනරාල් දක්වා ගිහින් අපිට තිබෙන ප්‍රශ්න ගැන දන්වා තිබෙනවා .නමුත් මේ ගැන පුත්තලමේ නිළධාරින් ක්‍රියාත්මක විම පසුගිය කාලයේදිම සිදුවෙලා නැහැ . මගේ ඉඩමේ තිබුන පොල් ගස් දෙකෙන් පංගුවක් අලි විනාශ කලා ඒ මදිවාට කොස් ,අඹ , ඇතුළු අනිකුත් දෑ සම්පුර්ණයෙන් විනාශ කර දැමුවා.  නමුත් අද වෙනකම් කිසිම උත්තරයක් මේ අලි ගැටළුවට ලැබිලා නැහැ . හිටපු වනජීවි ඇමති සරත් ෆොන්සේකා මහත්තයාට කියපුහාම එයා විතරයි.

 මේ සදහා ඇහුන් කම් දිලා වැඩ කරන්න පටන් ගත්තේ .මොනවා උනත් ඒ මනුස්සයා ගාව තිබුණා අපේ ප්‍රශ්න වලට ඇහුම්කම් දිලා සොයා බලන එකක් .අනිත් අයට එහෙම මානසිත්වයක් මම දැකලා නැහැ යැයි,, ඔහු චෝදනා කරන්නට විය . අලි ගම්මාන වලට කඩා වැදිමේන් පිඩාවට පත්වු කරුවලගස්වැව නෙළුම් ගම  ඊ.එම්. ඹෟෂධහාමි  මහතා පවසා සිටියේ මෙසේ අදහස් දක්වන්නට විය . 

“ මේ  අලි කරදරය අපි අවුරුදු ගාණක් පුරා විදවන ප්‍රශ්නයක් වෙලා .මගේ ගස්ලබු වගාවේ අක්කර තුනක් විතර ගිය අවුරුද්දේ සම්පුර්ණයෙන් විනාශ කලා .හොදම ආදායම ගන්න තිබුනු කාලයේ තමා මේ අලි විනාශ කලේ .මේ එකපාරක් විතරයි මගේ වගාවන් අලි විනාශ කරපු වාර අනන්තයි .මේ අලි ප්‍රශ්නය අපි කලින් හිතුවේ කරුවලගස්වැවට විතරයි කියලා .නමුත් දැන් බලපුහාම හැම තැනම ප්‍රශ්න . වල් අලි නිසා අපි දැන් හේන් වගාවන් සම්පුර්ණයෙන් නවතා දමා තිබේන්නේ මොකද අලිත් එක්ක කිසිම ගොවිතැනක් කරන්න පුළුවන් කමක් නැති නිසා . හැබැයි ඉස්සර අලි වෙඩි ඉල්ලපුහාම පුදුම අමාරුවක් තිබුනේ .නමුත් දැන් ඇති තරම් අලි වෙඩි ලැබෙනවා .නමුත් දැන් අලි වෙඩි වලට අලි බය නැති අවස්ථා එමට යැයි,, ඔහු පැවසිය. 

 තම කුඹුරු වගාවන්ට වල් අලින්ගෙන් එල්ල වන නිරන්තර කරදර පිළිබදව අදහස් දැක්වු කරුවලගස්වැව නෙළුම්ගම් එච්.ඒ . වින්සන් මහතා මෙසේ අදහස් දක්වන්නට විය. 

“ අපි දැදුරු ඔය ජලාශයට ඉඩම් දන්දිලා අද කරුවලගස්වැවට ඇවිත් වල් අලින්ගෙන් බැට කන්න වෙලා .එදා අපිව කරුවලගස්වැවට ගෙනත් දාන විටත් අපි ඇහුවා මොන අපරාධයක්ද මේ කරන්නේ කියලා .නමුත් නිළධාරින් අපිව සුන්දර ලෝකවල තනි කරලා අපි අසරණ කරලා දැම්මා .අද කවුරුත් නැහැ අපේ දුක සොයන්න .තුන්වේල හොදට කාල ඇදලා හිටිය අපිට මොන දෙයක්ද මේ  මොන අපරාදයක් ද කලේ කියලා අපි පුදුම දුකක් ඇති වෙලා තියෙන්නේ . නිදහසේ කුඹුරක් කරගන්න විදිහක් නැතිවෙලා . වල් අලි රංචු පිටින් ඇවිත් වනසනවා කුඹුරට වි ඇටේ ඉසපු දා ඉදලා අපි කුඹුරට සින්න වෙනවා මාස තුනහාමරකින් තමා ගෙදර යන්නේ වෙන්නේ .ඒ තරමට අපිව අන්ත අසරණ කර දාලා යැයි ඔහු පවසයි . 

වල් අලි විනාශය දැඩි ලෙස බලපෑ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය මහත් ව්‍යසනයක්ව තිබේ .මේ ඒ පිළිබදව අදහස් දැක්වු කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් ජනක තුෂාර බාලසුරිය මහතා මෙසේ පවසන්නට විය .

 “ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ දරුණුම ගැටළුව වි තිබෙන්නේ වල් අලි ප්‍රශ්නය . මේ නිසාම තමයි මේ බල ප්‍රදේශයේ ජනතාව උග්‍ර දිළිදුකමට පත් විමට එක් හේතුවක් වි තිබෙන්නේ . අපේ තිබෙන ඉඩම් ප්‍රමාණය විශාල උනත් ජනතාවට එයින් ප්‍රයෝජනයක් ගන්න බැරි වෙලා තියෙනවා මේ වල් අලි ප්‍රශ්නය නිසා. 

වන සතුන් විනාශ කරලා ජනතාවට සහන දෙන්නත් බැ . ජනතාව නිසා වන සතුන් විනාශ කරන්නත් බෑ .මෙය බරපතලම ප්‍රශ්නයක්. අපිට ළග තිබේන තබ්බෝව අභය භුමිය සහ අලුතින් ඉදිවන ගල් විල සංචාරක උද්‍යානයත් මේ ආසන්නයේ තමා තිබේන්නේ . නමුත් වල් අලි ගම්මාන වලට හුරු වෙලා දැන් කැලෑවලට යන ප්‍රමාණය ඉතාම අඩුයි. මේ නිසා නිළධාරින් හැටියට අපි අන්ත අසරණ වෙලා කියලා කියුවොත් ඇත්තම තමයි. නමුත් එහෙම කියලා අපේ රාජකාරිය පැහැර හරින්න අපිට පුළුවන් කමක් නැහැ . සෑම අවස්ථාවකම අපි ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පැය 24 ම බැදිලා ඉන්නවා කියලා කිව යුතුමයි යැයි ඔහු පැවසිය. 

වල් අලි ගැටළුවට දිස්ත්‍රික්කයේ ප්‍රධාන වනජීවි  සහකාර අධ්‍යක්ෂවරයා වන ඩබ්ලියු .එම්.කේ.එස් චන්ද්‍රරත්න මහතාගෙන් මේ සම්බන්ධව විමසිමට ගත් උත්සහය සම්පුර්ණයෙන් වැළකී ගියේ ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබා ගත්තද ඔහු දුරකථනයට නිසි ප්‍රතිචාරයක් නොදැක්විම නිසාවෙනි . පසුව කාර්යාලයේ දුරකථන අංකයට ඇමතුම් ගත් අවස්ථා රැසක දී අධ්‍යක්ෂවරයා කාර්යාලයේ රැදි සිටියදි පවා දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීය. පසුව කාර්යාලයට ඔහු හමුවිමට ගියද එදින කල්පිටියේ පැවති රැස්විමකට සහභාගිවු බව නිළධාරින් පැවසිය. 

වනජීවි අධ්‍යක්ෂවරයා සම්බන්ධ කර ගැනිමට නොහැකිවිම නිසා පුත්තලම අලි පාලන එකකය භාර අඩවි ආරක්ෂක ඩබ්ලියු .එම්.කේ.බි.එන් .බංඩාර මහතා ගෙන් කල විමසිමේදි පවසා සිටියේ 

 “ අලි ප්‍රශ්නය මේ වෙන විට අපිට පාලනය කර ගන්න බැරි තරම් උග්‍ර මට්ටමක තිබේන්නේ .මොකද පුත්තලම දිස්ත්‍රික්කයටම අපේ නිළධාරින් ඉන්නේ 36 දෙනෙකු පමණයි ඉන්නේ. ඒ සමගම සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුවෙන් නිළධාරින් 36 දෙනෙකු අනුයුක්ත කර තිබෙනවා . නමුත් දැනට විශාල වපසරියක විසිරි සිටින වල් අලි රංචු පලවා හරින්න මේ නිළධාරින් ප්‍රමානය මදි .නමුත් අපි පුළුවන් තරම් උත්සහ ගන්නවා මේ අලි මිනිස් ගැටුම වලකා යම් මට්ටමකට ගෙන එන්න යැයි ඔහු පැවසිය. 

 පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්.එච්.එම් . චිත්‍රානන්ද මහතාගෙන් කළ විමසිමේදි පවසා සිටියේ මෙවැන්නකි.

“ මේ අලි ප්‍රශ්නය ගැන මට වඩා දන්නේ වනජීවි එක නමුත් මේ වගා හානි ජීවිත හානි වලක්වා ගන්න අපි පුළුවන් තරම් අදාල රැස්විම් වලදි නිළධාරින්ට උපදෙස් ලබා දිම් කර තිබේනවා. එසේම වල් අලි ප්‍රහාර වලින් මරණයට පත්වන අයට ගෙවන වන්දි ගෙවිම් සිදුවුනාට වගා හානි වලට ගෙවිම් ගැන අපිත් එකග නැහැ.  මොකද මේ නිසාම මම ඉහළ අදාල අංශ වලට මේ වන්දි ගෙවිම් පිළිබදව මෙයට වඩා හොද මට්ටමකින් සිතන්න කියලා දැනුම් දිම් කර තිබේනවා .නමුත් ඒ සදහා තාමත් ප්‍රතිචාර ලැබිලා නැහැ. ‘ 

 

 



අදහස් (2)

පුත්තලමේ හතරෙන් එකකට වන අලි කරදර

Adiri Tuesday, 02 July 2019 01:51 PM

මේ විශාල සත්තු හිටපු වනාන්තර කැපීමේ පව …

:       0       12

ලුම්බිණි Wednesday, 03 July 2019 01:50 AM

මේ සතුන්ට ඉන්න තැනක් ලබා දෙන්න.

:       0       11

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 65 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 93 0

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 111 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 87 0

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1604 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 738 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site