IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


පාතාලය අතුගා දැමීමට සමස්ත ජාතිය එකට එක්වෙමු

මනුෂ්‍ය ආත්ම භාවයක් ලබා ගැනීම ඉතා දුර්ලභ බව බුදු බණෙහි සඳහන්ය. බුදුන් පහස ලද පුණ්‍ය භූමියක වෙසෙන ජනයා ඒ බව එයට හිමි නිසි අරුතෙන්ම වටහාගෙන ජීවත්වීමට උත්සාහ දරති. එහෙත් රුධිර පිපාසිත මාංශ භක්ෂක අශිෂ්ට සුළුතරයක් ඒ ශිෂ්ට බහුතරයේ ඉරණම සමග සූදු ක්‍රීඩාවෙහි යෙදී සිටිති. සෙත් පිරිතෙන් අවදිව මහ පිරිතෙන් නින්දට ගිය ජාතියක් අනු අංක මකා දැමු ගිනි අවිවලින් නික්මෙන වෙඩි හඬින් තිගැස්සී අවදිවීමට සිදුවී තිබෙන්නේ එහෙයිනි.

ඉකුත් සඳුදා පෙරවරුවේ පැතිර ගිය ලේ පිළී ගඳ ගහන ප්‍රවෘත්තියෙන් කියැවුණේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේ දී පුද්ගලයන් සිවු දෙනකු වෙඩි තබා ඝාතනය කර ඇති බවය. තවත් පුද්ගලයකු වෙඩි වැදුණු තුවාල හේතුවෙන් රෝහලේ දී මියගිය බවය.

නඩුවකට සහභාගිවීමට තංගල්ල උසාවිය බලා ඩිෆෙන්ඩර් රථයකින් ගමන් කළ පිරිසකට මෙසේ වෙඩි තබා ඇත. මියගිය පිරිස අතර අපේ ජනබල පක්ෂයේ ලේකම් සමන් පෙරේරා  නැමැත්තා ද සිටි බව මාධ්‍ය වාර්තාවල සඳහන්ය. කොස්ගොඩ සුජි නැමති පාතාල කල්ලි සාමාජිකයාගේ  පිරිසක් මෙම පංච පුද්ගල ඝාතනය සිදුකර ඇතැයි ද ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියකු අප පුවත්පතට ප්‍රකාශ කර තිබිණි.

වෙඩි තැබීම සිදුකර තිබෙන්නේ කැබ් රථයකින් පැමිණි තිදෙනෙකි. එකකු රියැදුරු වන අතර  අනෙක් දෙදෙනා දඩයක්කරුවෝ වෙති. ටී පනස් හය වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර තිබෙන්නේ සඳුදා දින පෙරවරු 8.45ට පමණය. ඒ විශාල පිරිසක් මංසන්ධියට රැස්ව සිටි අවස්ථාවකදීය. පළමු වෙඩි ප්‍රහාරය එල්ලවනවාත් සමගම ඩිෆෙන්ඩර් රථයේ පැමිණි පස්දෙනා හිස් ලූ ලු අත දිව ගොස් ඇතැයි පැවසෙන අතර ඝාතකයන් පලාගොස් තිබෙන්නේ තම දඩයම පරිපූර්ණ කර ගැනීමෙන් පසුවය. පාතාලයන්ගේ නීතියට අැති අවනත භාවය, පක්ෂ පාතිත්වය, ගරු සරු බව එමගින් මනාව පැහැදිලිය. මියගිය පුද්ගලයන් පස් දෙනාගෙන් තිදෙනකුට කුඩාවැල්ල ප්‍රදේශයේ දී  පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තංගල්ල උසාවියේ නඩුවක් විභාග වන බවත් ඔවුන් ගමන් කරමින් සිට ඇත්තේ ඒ වෙනුවෙන් බවත් උසස් පොලිස් නිලධාරියෙක් අප පුවත්පතට ප්‍රකාශ කර තිබිණි.

මෙයට පෙර තෙලිජ්ජවිලදී තරුණයකු වෙඩි තබා මරා දමා ඇත. එම තරුණයාට වෙඩි තබා ඇත්තේ වැරදීමකින් බවත් තුවක්කුකරුගේ ඉලක්කය වෙනත් අයකු බවත් පැවසේ. එහෙත් අවසනයේ දී සිදුවූයේ අහිංසක තරුණයකුට අකාලයේ මරු වැළඳ ගැනීමට සිදුවීමය.

යුක්තියේ මෙහෙයුම සාර්ථකව දියත් වෙමින් තිබේ. එහෙයින්ම පාතාලයෝත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝත් අතිශයින්ම කලබලයට පත්ව සිටිති. එහෙයින් පොලිස් මෙහෙයුම් අඩාල කිරීමට ඒවාට බලපෑම් කිරීමට විවිධ සිද්ධි පාතාලයන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ පැත්තෙන් මතුවිය හැකිය. මන්දයත් ඔවුන් සංවිධානාත්මක අපරාධකරුවන් වන හෙයිනි. කෙසේ වෙතත් පාතාලයන්ගේ අනු අංක මකා දැමූ ගිනි අවි ඉදිරිපිට දණින් වැටී අභය දානය ඉල්ලා සිටීමට රටක ජනතාවකට සිදුවන්නේ නම් එය බරපතළම ඛේදවාචකයකි. එම සැහැසි  ඉරණමෙන් රට මුදා ගැනීම සෙසු සියලු කාරණා  පසෙකලා පෙරට ගත යුතුය.

රටකට  නීතියක් යනු ගඟකට ඉවුරක් බඳුය. ඉවුර බිඳී ගිය කල්හි ගඟ  අයා​ෙල්  යයි. එහි විනාශයේ තරම පැහැදිලිය. රටේ නීතියේ විධානය බිඳී ගියහොත් ආදේශ වන්නේ නාඳුනන තුවක්කුකරුවාගේ නීතිය වේ. එවන් විනාශයක් තරම් විනාශයක් සමාජයකට තවත් නැත. මෙයට විසි-තිස් වසරකට එපිට ලේ  ගලන ඉතිහාසය වුවද එයට කදිම නිදසුනක්ය.

එබඳු සමාජයක කිසිවකුගේ හෝ පැවැත්ම තහවුරු නොවේ. පාතාලයට එරෙහිව ක්ෂණික ක්‍රියා මාර්ග ගත යුතුව තිබෙන්නේ එහෙයිනි. මෙම  අවස්ථාවේ දී තමන් දන්නා කියන තොරතුරු පවසා  පාතාලය මඬින මෙහෙයුමක් සහයෝගය දීම ජනතාවගේ වගකීමය. මෙම සැහැසි ග්‍රහණයෙන් රට මුදා ගැනීම පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවල පැහැර හැරිය නොහැකි වගකීමය.

(***)



අදහස් (6)

පාතාලය අතුගා දැමීමට සමස්ත ජාතිය එකට එක්වෙමු

නිලන්ත Friday, 26 January 2024 09:49 AM

පාතාලය අතු ගා දාන්න නම් පාතාලයට රැකවරණය දෙන දේශපාලකයන් අතුගා දැමිය යුතුයි. රට ඇතුලට කුඩු ගේන මහා පරිමාණ ජාවාරම්කාරයෝ ඔක්කොම ඉන්නේ දේශපාලකයෝ ළඟ. මේ දිනවල තිරගතවෙන පාතාල නාඩගම ලබන ඡන්දේ බලාගෙන මිනිස්සු රවට්ටන්න කරන එකක් මිසක් ඇත්තටම පාතාලය මර්ධනය කරන්න වෙන දෙයක් නෙමෙයි...

:       2       5

මාධවී Saturday, 27 January 2024 09:55 AM

ඔය දේශබන්දුම මීට අවුරුදු තුනකට කලිනුත් පාතාලය අතු ගා දමනවා කියලා පටන් ගත්තා. කෝ අතු ගා දැම්මාද?

:       2       2

බන්ඩාර Saturday, 27 January 2024 07:05 PM

පොලිසියේ, නීතිපති දෙපාර්තමේන්තුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ, අනෙකුත් අදාල අමාත්‍යංශවල, ආයතනවල පවතින දුර්වලතා, අකාර්යක්ෂමතා, මනා සම්බන්ධීකරණයක් නොවීම අපරාධ මර්දනයට සෘජුව බලපාන කරුණුයි. අඩුම තරමින් අපරාධ නඩු වසර පහක් ඇතුළත විභාග කර තීන්දුවක් ලබාදිය යුතුයි. බරපතල අපරාධකරුවන්ගේ දේපල රාජසන්තක කිඊම, ඔවුන්ට යානවාහන, දුරකතන, දේපල මිලදී ගැනීම තහනම් කිරීමට නීති සකස් කළ යුතුයි.

:       0       3

පැරකුම්Monday, 05 February 2024 05:44 AM

ඒ හැටි නීතිරීති මොකටද කරනවා නම් අනවසර ගිනිඅවි භාවිතයට දැඩි දඬුවම් දෙන්න. ඒත් ඒක කරන්න දේශපාලුවෝ කීයටවත් ඉඩ දෙන්නේ නෑ…!

:       0       0

nalaka Sunday, 28 January 2024 05:50 PM

පාතාලය කියන්නේ පවතින දේශපාලන ක්‍රමයේ නීතියෙන් එහාට ගිය කොටස... වෙනම අමුතු එකක් නෙමෙයි.

:       0       2

අපකීර්ති වර්ණකුලසූරිය Wednesday, 31 January 2024 09:31 AM

පාතාලය එක්කම ඔය දියවන්නාවේ දේශපාලුවෝ ටිකයි, පොලිසියේ ඉන්න ටිකත් අතුගාලා දාන්න බැරි වෙයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 218 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 43 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 83 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 172 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 225 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 869 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 498 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site