පොදු රාජ්‍ය මණ්ඩලයේ නවතම සභාවාරය මෙවර පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේය. මෙයට සහභාගීවීම සඳහා බි‍්‍රතාන්‍ය මහ රැජින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. එහෙත් ඉකුත් සතියේ දිනෙක එලිසබෙත් රැජින කොළඹ වරායට පැමිණ සිටියාය. දෙදහසක සංචාරක පිරිසකුත් සමඟ ඇය හදිසියේම කොළඹ වරායට ආවේ ඇයි?
එසේ පැමිණී එලිසබෙත් රැජින ශ්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන මණ්ඩලය සහ වරාය අධිකාරිය එක්ව සාදරයෙන් පිළිගනු ලැබූහ.
ඇයට රාජ්‍ය නිලධාරීන්ගේ පිළිගැනීමක් නොලැබුණේ ඇයි ?
සමාවෙන්න. මේ අපේ‍්‍රල් පළමුවැනිදා විහළුවක් නොවේ. ඉකුත් 30 දා කොළඹ වරායට පැමිණි ‘‘ක්වීන් එලිසබෙත්’’ වූ කලී එංගලන්තය සතු සුපිරි නෞකාවකි. බි‍්‍රතාන්‍ය ඕස්ටේ‍්‍රලියා, ජපන්, දකුණු අපි‍්‍රකා හා ප‍්‍රංශය වැනි රටවල සංචාරක පිරිසක් රැගත් මේ සුපිරි නෞකාව පසුදා පෙරවරුවේ මුම්බායි වරාය බලා නික්ම ගියාය.
ක්වීන් එලිසබෙත් වූ කලී කුනාඞ් ලයින් සමාගම මගින් මෙහෙයවනු ලබන විශාලතම මගී නෞකා තුනෙන් විශාලත්වයෙන් දෙවැනි තැන ගන්නා නෞකාවයි. ඔවුන් සතු විශාලතම නෞකාව ක්වීන් මේරි වන අතර අනෙක ක්වීන් වික්ටෝරියාය.
කුනාඞ් ලයින් සමාගම තමන්ගේ ඊළඟ මෙහෙයවීම් නෞකාව ලෙස ක්වීන් එලිසබෙත් පිළිබඳව දැනුම් දුන්නේ 2007 වසරේ ඔක්තෝබර් මාසයේදීය. එතැන් පටන් වසර තුනක් තිස්සේ ඉතාලියේ පින්කැන්ටෙයරි ටොනිපැල්කන් ෂිප්යාඞ් සමාගම මගින් ඉදිකළ නෞකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 560 ක් වියදම් විය.
මේ සුපිරි රාජිනිය දොරට වැඞීමේ උළෙල 2010 ඔක්තෝබර් 11 වැනිදා සවුත්හැම්ෆ්ටන් හිදී උත්සව ශ්‍රීයෙන් පැවැත්විණී.
ඉනික්බිති ඇගේ මංගල ගමන කැනරි දුපත් දක්වා යෙදුණු අතර කපිතාන් ක‍්‍රිෂ් වේල්ස් ඇගේ ගමන් මෙහෙයවීය.
අනතුරුව ඇගේ ප‍්‍රධාන චාරිකාව ඇරඹුණි. ඒ සවුත් හැම්ප්ටන් වෙතය. 2010 ඔක්තෝබර් 10 වැනිදා ඇරඹුණු එකී ගමනේදී විගෝ, ලිස්බන්, කාඩිෆ්, ග‍්‍රාන්කැනේරියා, ටෙනරිෆ්, ලා පැල්මා, මදෙයිරා වැනි වරායවල නතර කෙරිණි.
කුනාඞ් ලයින් සමාගම මෙහෙයවන මහා රාජිනියන් තිදෙනාම 2012 ජුනි 5 වැනිදා එකම තැනකදී මුණගැසීමද විශේෂත්වයකි. ඒ සවුත්හැම්ෆ්ටන් වරායේ දීය. ඒ වත්මන් රැජිනියගේ දියමන්ති ජුබිලිය සැමරීම් වස්ය.
මගීන් 2092කට ඉඩ පහසුකම් ඇති මෙම සුපිරි නෞකාවේ තට්ටු 16කි. ඉන් 12 ක්ම මගීන් වෙනුවෙන් වෙන්කර ඇති අතර නැවේ දිග මීටර් 294කි.
2025 අප්‍රේල් 2 වැනිදා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් 90කින් පමණ එක්සත් ජනපදයට ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා සියයට 10ක මූලික තීරුබදු ඇතුළුව ආන
කැනඩාවේ නව ලිබරල් පක්ෂ නායක මාර්ක් කාර්නි 2025 මාර්තු 14 වැනි දින කැනඩාවේ 24 වැනි අගමැති ලෙස වැඩ භාර ගත්තේය. 1965 මාර්තු 16 වැනි දින උපත ලැබූ කාර්නි, කැනඩා බැංකුවේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වැලිගම ප්‍රදේශයේ පැවැති පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක රැස්වීමක දී කරන ලදැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් චම්
අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි
ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස
ශ්රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට කලින් කොළඹ වරායට පැමිණි "බි‍්‍රතාන්‍ය රැජින"