IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


පන්දුව හිසේ වැදී ජීවිතයෙන් සමුගත් ක‍්‍රිකට් තරුව

 

1c024cacd8

 

කි‍්‍රකට් යනු අපූරු චමත්කාරයක්ද ආස්වාදයක්ද ගෙන දෙන  කී‍්‍රඩාවක් එනිසාම එහි ඇති භයංකාර බැව් හෝ අන්තරාදායක බව ගැන සිහි ගැන්වෙන්නේ නැත. නමුත් කි‍්‍රකට් යනු ලොව ඇති කී‍්‍රඩා අතරින් අන්තරාදායී කී‍්‍රඩාවක් වන්නේය. ඒ භයංකාර කී‍්‍රඩාවේ නියත බව සනාත කරවමින් කි‍්‍රකට් කී‍්‍රඩාව පසුගියදා තවත් තුරුණු කී‍්‍රඩකයකුගේ ජීවිතය බිලිගත්තේය. මේ කණගාටුදායක  පුවත නිසා සමස්ත කි‍්‍රකට් ලෝකයම කැළඹී තිබේ. මෙතරම් තාක්‍ෂණය දියුණු වූ යුගයකදීත් මෙලෙසින් වටිනා තුරුණු ජිවිතයක් අහිමි වූවේ ඇයි? කි‍්‍රකට් කී‍්‍රඩාව බිලිගත් මේ කී‍්‍රඩකයා කවුද?


ඔහු  ඕස්ටේ‍්‍රලියානු ජාතික පිලිප් ජොඑල් හියුස්ය. නමුත් බොහෝ දෙනා ඔහු අමතන්නේ පිල් හියුස් නමිනි. පිල් උපන්නේ 1988 නොවැම්බර් 30 වැනිදා නිව් සවුත්වේල්ස් - ප‍්‍රාන්තයේ කුඩා ගම්මානයක් වන මැක්ස්විලිහිදීය. ඒ ග්‍රෙග් සහ ඉතාලි ජාතික කාන්තාවක වන වර්ජිනියා යුවළගේ දරුවකු ලෙසිනි. පිල්ගේ පියා ග්‍රෙග් කෙසෙල් වගාවේ නිරතවූ ගොවියෙකි. පිල් කුඩා කළ සිටම කී‍්‍රඩාවට දක්‍ෂ වූ නිසාම වයස අවුරුදු දහය සපිරීමටත් පෙර තම ගමේ පැවති තරගයකට කී‍්‍රඩා කිරීමට වරම් ලබා ගත්තේය. පසුව 12න් පහළ කණ්ඩායමට ඇතුළත් වූ පිල් දක්‍ෂයකු වූ නිසාම වයස 17 වෙද්දි සිඞ්නි නුවරට සේන්දු වූයේය.  එතැන් සිට දිනෙන් දින තව තවත් දක්‍ෂතා වර්ධනය කරගත් ඔහු හට වැඩිකල් නොගොස්ම ප‍්‍රාන්ත කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව ලැබිණි. එම ප‍්‍රාන්තයේ තරුවක් වූ පිල් රටේම තරුවක් වූයේ 2009 දී දකුණු  අපි‍්‍රකාවට  එරෙහිව පැවැති ටෙස්ට් තරග මාලාව සඳහා  ඕස්ටේ‍්‍රලියාව නියෝජනයට වරම් ලබාගැනීමෙනි. පිතිකරණයට මෙන්ම දකුණතින් දඟ පන්දු යැවීමට ද දක්‍ෂ වූ හේ අතිරේක කඩුලූ රකින්නකු ලෙස ද කටයුතු කළේය. යොවුන් කි‍්‍රකට් ලෝලීන් පිල් ආමන්ත‍්‍රණය කළේ හියුසි යන ආදරණීය නාමයෙනි. කඩවසම් නළුවෙකු මෙන් වූ පෙනුමින් යුතු වූ නිසාම හියුසි හට පෙම් බැඳි තරුණියන්ද බොහෝ වූහ. මෙම 30 වැනිදා එනම් අද දින එළැඹෙනතෙක් හියුසි පෙරුම් පුරමින් සිටියේය. ඒ 26 වැනි උපන් දින වෙනුවෙන් තම මිතුරු - මිතුරියන් සඳහා විශේෂ දෙයක් කිරීම වෙනුවෙනි. නමුත් දෛවය ඊට හරස් වූවේය.

 

cricket26s-2-web


දේශීය ප‍්‍රධාන පෙළේ තරගමාලාවක් වන පෙෆීල්ඞ් ෂිඞ්ඩා තරග මාලාව සඳහා පසුගියදා පිල් තම කණ්ඩායම වෙනුවෙන් සිඞ්නිහිදී තරගයකට සහභාගි වෙමින් සිටියේය. අර්ධ ශතකයක් ඉක්මවා කණ්ඩායම වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක නියැලී සිටි පිල්හට ප‍්‍රතිවාදී නිව්සවුත්වේල්ස් පිලේ පන්දු යවන්නා වූ ෂෝන් ඇබොට් කෙටි පන්දුවක් යොමු කළේය. හිස් ආවරණ සහිතව කී‍්‍රඩා කරමින් සිටිය ද පිල්ගේ පිත්ත පරයා ඒ පන්දුව කෙළින්ම පිල්ගේ හිසෙහි පතිත විණි. දේහධාරී පිල් කෙසෙල් කඳක් මෙන් බිම ඇද වැටුණි. කී‍්‍රඩකයෝ සියලූ දෙනාම ඔහු වටකර ගත්තෝය. හියුසි ආ යූ.  ඕ. කේ. හියුසි, හියුසි යනුවෙන් කණ්ඩායමේ සගයින් කෑ ගසන්නට වූහ. එහෙත් ආදරණීය හියුසිගේ මුවින් වචනයකුදු පිට නොවීය. මුහුණ සහ පපු පෙදෙස ලෙයින් නැහැවී තිබිණි. සිහිසුන්ව සිටි හියුසි හට ප‍්‍රතිකාර ලබාදීම සඳහා ප‍්‍රධානීහු වහ වහා උත්සුක වූහ. තත්ත්වය බැ?රුම් බව තේරුම් ගත් නිසාම හෙළිකොප්ටර් යානයක් ගෙන්වා හියුසිව සිඞ්නිහි ප‍්‍රධාන රෝහලක් වෙත යොමු කරවන ලදී. සිහිසුන්ව පසු වූ හියුසි හට එහිදී විශේෂඥ වෛද්‍ය සහාය ලැබිණි සැත්කමකට ද භාජනය කෙරිණි. එහෙත් ඒ කිසිවකින් පලක් වූයේ නැත. දින දෙකක් සිහි නොලබාම සිටි පිලිප් හියුසි මේ ලොව හැර ජිවිත ගමනින් සදහටම සමුගෙන යන්නට ගියේය. 


”මේක මොන තරම් නම් පුදුමයක්ද?”


”මේක සිහිනයක්ද?, දෙයියනේ මේක විශ්වාස කරන්න පුළුවන්ද”


ආදරණීය හියුසිට ආදරය කරන බොහෝ දෙනා මුමුණන්නට, කොඳුරන්නට වූහ. 


එලෙසින් අද ආදරණීය හියුසි ගැන දුක්වන්නේ  ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් ලෝලීහු පමණක් නොවේ. එංගලන්තයේ මිඞ්ල්සෙක්ස්, හැම්ප්ෂයර්, වුස්ටර්ඵයර්, ඇඩිලේඞ් ස්ට‍්‍රයිකර්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම්වල සහ ප‍්‍රාන්තවල කී‍්‍රඩකයෝ මෙන්ම කී‍්‍රඩා ලෝලීහුද ඒ අතර වෙති. පිලිප් හියුස් ගෙවී ගිය කාලයේදී තම රටට පමණක් නොව එම විදේශීය ප‍්‍රාන්ත කණ්ඩායම්ද නියෝජනය කිරීම ඊට හේතුවය.


(වයි.යූ. ඩිඞ්න් ඩු දැට්?)  ඇයි ඔබ එය නොකළේ යැයි ඇය හැඬුමින් පසුවන්නීය. ඒ හියුසිට ආදරය කරන  තරුණියකි. ඇත්තටම හියුසි නොකළේ කුමක්ද? හෙල්මටය නොපැළඳීමද? නැත. ඔහු ඒ මොහොතේ හෙල්මටය පැළඳ සිටියේය. නමුත් එහි මුහුණු ආරක්‍ෂිත දැල අතර වූ හිඩැසින් ගොස් පන්දුව පතිත වී ඇත්තේ පිලිප්ගේ හිසෙහි කොටසකය. පන්දුවේ  මෙම පතිතවීම කෙතරම්ද යත් ඔහුගේ මොළයට අධික ලෙස ලේ වහනය වි තිබිණැයි සිඞ්නිහි වින්සන්ට් රෝහලේ ප‍්‍රධානීහු පවසා තිබේ. දැන් සියල්ල සිදුවී හමාරය. එදා පන්දු යැවූ ෂෙවින් ඇබොට් වනයකුද  කතා කර ගත නොහැකි වූ තරමට හැඟුම්බරව වික්ෂිප්තව සිටී.

 

503138-b72660dc-74f8-11e4-a12d-e5a17384de24

 


”දෙයියනේ ඇයි මෙහෙම දෙයක් වුණේ. මම මෙය හිතා මතා කළ දෙයක් නොවේ” ඔහු උමතු වූවකු මෙන් විටෙක මුමුණන්නේය. මරණයේ වේදනාව අද අත් විඳින්නේ පිලිප් හියුස් නොවේ. ෂෙජන් ඇබොට් මෙන්ම ආදරණීය හියුසිට ආදරය කළ බොහෝ දෙනාය. 


මෙහිදී  ඕනෑම කි‍්‍රකට් කී‍්‍රඩකයකු පිල්ගේ මරණින් ගත යුතු පාඩම වන්නේ කි‍්‍රකට් කී‍්‍රඩාවේදී හොඳම දේ පමණක් කිරීමට වගබලා  ගැනීමය. පිතිකරුවකු හතරේ පහරක්, හයේ පහරක් එල්ල කළ විගස පන්දු යවන්නෙකු ඊළඟට කෙටි පන්දුවක් යොමු කිරීම තවදුරටත් උචිත ද යන්න මෙතැන් සිටවත් වේග පන්දු යවන්නන් කල්පනා කළ යුතු දෙයම වන්නේය. ආදරණීය හියුසි ඔබට සුබ ගමන්.

 


sandun-gamage

 



අදහස් (0)

පන්දුව හිසේ වැදී ජීවිතයෙන් සමුගත් ක‍්‍රිකට් තරුව

ශෂිමාල් Wednesday, 03 December 2014 05:03 AM

ඔබට නිවන් සුව! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 147 0

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 800 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1326 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 182 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 417 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 585 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 512 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2041 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site