IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


පනස් තුනේ හර්තාලය

1952 මැයි 24, 26, 28 සහ 30 යන දින හතර පුරා පැවැති දෙවැනි මහා මැතිවරණයේ දී එ.ජා.ප. ය ආසන 54 ක් ජයග්‍රහණය කළ අතර, පක්‍ෂ නායක ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක මහතා දෙවනි වරට ද අග්‍රාමාත්‍ය පදවියෙහි දිවුරුම් දුන් නමුත්, සම්පූර්ණ මැතිසබා වාරය ඉකුත්වෙන තුරු අගමැති තනතුරේ රැඳී සිටීමට හැකි වූයේ නැත.

1953 වර්ෂය අග්‍රාමාත්‍යවරයාට අමිහිරි වූ ද, බිහිසුනු වූද අභියෝගයකට මුහුණ දීමට සිදුවූ එකක් විය. එයට මූලික වූයේ ලාංකේය වෘත්තීය සමිති ව්‍යාපාරයේ නායකත්වය යටතේ පොදු ජනතාවද පෙළ ගැසුණු සැබෑ නැගිටීම ලෙස ඉතිහාසයේ සටහන් වෙන 1953 අගෝස්තු මස 12 දින පැවැත් වූ මහා හර්තාල් ව්‍යාපාරයයි. සමස්ත සමාජය පමණක් නොව ආණ්ඩුව ද භීතියටත්, කම්පනයටත් පත් කළ හර්තාල් දිනය එදා හැඳින්වූයේ ‘‘ලංකාව හෙල්ලුම් කෑ දිනය’’ වශයෙනි. 

1950 දශකයේ කොරියානු යුද්ධය පැවැති අවදියේ ලංකාවේ ස්වාභාවික රබර් සඳහා ඉහළ මිලක් ලැබෙමින් පැවතිණ. එයින් රට තුළට ගලා ආ මුදල් නිසි පාලනයකින් තොරව සුළුතරයකගේ අවශ්‍යතා සඳහා අත්තනෝමතික ලෙස වැය කරන බවට රජයට චෝදනා එල්ල විය. යුද්ධය අවසන් වීමත් සමඟ රට මූල්‍ය අර්බුදයකට මුහුණ පෑ අතර, 1953 අය – වැය ලේඛනය මඟින් සහනාධාර කපා හැරීමට යෝජනා ඉදිරිපත් විය. බහුතර ජනතාවගේ මතය වී තිබුණේ, එවකට මහ බැංකුවේ අධිපති ධුරය හෙබවූ ඇමෙරිකානු ජාතික ජෝන් එක්ස්ටර් මහතාගේ උපදෙස් මත මෙසේ සහනාධාර කප්පාදු කිරීමටත්, ඇතැම් සේවා ගාස්තු ඉහළ දැමීමටත් යෝජනා වූ බවය. 

තැපැල් ගාස්තු සහ දුම්රිය ගාස්තු වැඩි කිරීම, පාසල් ළමයින්ගේ දිවා ආහාරය නතර කිරීම නව අය – වැය යෝජනා අතර විය. ජනතාව දැඩි ලෙසම කුපිත වූයේ එතෙක් සහල් සලාක පොතට සත 35 ගණනේ ලබාදුන් සහල් සේරුවේ මිල ශත 25 න් වැඩි කිරීම හේතුවෙනි. මෙයට විරෝධය පෑමක් වශයෙන් වැඩකරන පන්තිය 1953 ජුනි 23 දින කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැත් වූ රැස්වීමට ආණඩුව පොලීසිය යොදවා ප්‍රහාර එල්ල කර ජනාතව පලවා හැරීමට ක්‍රියා කළේය. ආණ්ඩුවේ මර්දනයටද, අය – වැය යෝජනාවලට ද එරෙහිව හර්තාලයක් කැඳවීමට වෘත්තීය සමිති නායකයෝ ඉක්බිතිව ක්‍රියා කළහ. 

අගෝස්තු 11 දා කොළඹ නගර සභා පිටියේ පැවැති රැළියේදී ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා (84 – රුවන්වැල්ල) ඉදිරිපත් කළ යෝජනාව සම්මත වූ අතර, නගර සභා ගොඩනැගිල්ලේ කළු කොඩි ඔසවා තිබුණේය. 

පසුවදා එනම්, අගෝස්තු 12 දා කොළඹ නගරයට හිරු උදා වූයේ එදින අලුයම 2.00 ට පමණ ග්‍රෑන්ඩ්පාස් පිහිටි ‘‘වොල් කාට් බ්‍රදර්ස්’’ සමාගමේ ගබඩාව ගිනිගෙන ඇති බව කියැවෙන ‘‘හර්තාලයේ’’ ප්‍රථම ආරංචිය ද සමඟය. වෙනදා මහත් කලබලකාරිත්වයක් උසුලන කොළඹ නගරය පුරා පැවතියේ පාළු ස්වභාවයකි. රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ කාර්යාල ද සේවකයන්ගෙන් හිස්ව පැවතින. පිටකොටුවේ විදුලි රිය පොළේ 300 පමණ ද, දෙමටගොඩ දුම්රිය දෙපාර්තමේන්තුවේ ‘‘රනිං ෂෙඩ්’’ වැඩපොළේ 1500 ක් පමණ ද, වරායේ 7000 ක් පමණ ද කොළඹ මහ නගර සභාවේ කසළ ශෝධක කම්කරුවන් ද ඇතුළු සියලු සේවකයෝ ද පෞද්ගලික හා රාජ්‍ය අංශයේ සමස්ත සේවක පිරිස ද වැඩවරා සිටියහ.

දෙමටගොඩ මස් මඩුවේ සේවකයන් ද වැඩ නතර කර සිටි බැවින්, සත්ව ඝාතනයක් ද සිදු නොවීය. ගමනාගමනය මුළුමණින්ම අඩපණ වී තිබුණි. රජය, ‘‘සවුත් වෙස්ටර්න්’’ බස් රථ සමාගමේ බස් රථ 30 ක් හමුදා සහ පොලිස් ආරක්‍ෂාව යොදවා ධාවනය කිරීමට උත්සාහ දැරුවද්‍ දහවල් වනවිට එය ද ව්‍යර්ථ විය. විවිධ ස්ථානවල දී ගල්මුල් ප්‍රහාර එල්ලවීමෙන් බස් රථවලට විශාල ලෙස අලාභහානි සිදුවී තිබුණි. ලියුම් බෙදීම ද, දුරකථන රැහැන් කපා දැමීම නිසා විදුලි පණිවුඩ යැවීම ද, දුරකතන සේවය ද අක්‍රිය විය. 

දවසේ දෙවැනි භාගය වනවිට හර්තාලයට සම්බන්ධ වූවෝ සටන සම්පූර්ණයෙන්ම සියතට ගෙන සිටියහ. ගස් කපා මාර්ග අවහිර කිරීම, දුම්රිය මාර්ග ගැලවීම, වාහනවලට පහර දීම හා ගිනි තැබීම, පොලීසිය සමඟ මුහුණට මුහුණලා ගැටීම නිසා ආණ්ඩුව මහත් අර්බුදයකට මැදිවිය.

කොළඹින් ආරම්භ වූ හර්තාල් සටන පිට පළාත්වල ද ක්‍රියාත්මක වූ බව දහවල් වනවිට ලැබුණ ආරංචි මගින් තහවුරු විය. මොරටුව, කොරලවැල්ල, කළුතර, වස්කඩුව, හොරණ, පානදුර, රත්ගම, ඌරගහ, දොම්පේ, තොටගමුව, බුලත්කොහුපිටිය, කිතුල්ගල එයින් ප්‍රධාන තැනක් ගත්තේය. වාහනවලට අලාභ හානි කිරීම, ගස් පෙරලා ගමනාගමනය අවහිර කිරීම, ලී පාලම් ගිනි තැබීම විරෝධතා ක්‍රියා අතර විය. තත්ත්වය පාලනය කිරීම සඳහා රජය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර ඇඳිරි නීතිය ද පැනවීය. 

පසුදා, 1953 අගෝස්තු 13 දා ‘‘ලංකාදීප’’ පත්‍රයේ මුල් පිටුව හර්තාල් දිනයේ ආරංචිවලින් පිරී තිබුණි. ප්‍රධාන පුවත මෙසේය.

‘‘පළාත් දෙකක හදිසි තත්ත්වයක් - කොළඹ රෑ 6.30න් පසු ගමන් නවතී - ආහාර කාර්යාලයක ගිනි - ගමනාගමනය සහමුලින්ම ඇන හිටී - වෙඩි තැබීම්’’ ඊයේ වැඩ වර්ජන උග්‍ර අවස්ථාවකට එළඹෙත්ම සවස ආණ්ඩුව ප්‍රකාශයට පත් කළ හදිසි තත්ත්වයකින් බස්නාහිර පළාත සහ දකුණු පළාත හදිසි තත්ත්වයක පැන නැඟී ඇති පළාත් හැටියට නම් කරන ලදී.

කොළඹ නගරයේ සවස 6.30 සිට උදේ 6.30 දක්වා කාලය තුළ ගෙවල් දොරවල්වලින් දොට්ට බැස ඇවිදීම තහනම් කරමින් නියෝගයක් පනවන ලදී. පළාත් දෙකට අයත් අනිත් නගරවල සවස සංචාරය පොලිස් බල ප්‍රදේශවල තත්ත්වය අනුව අදාළ පොලීසියට ප්‍රකාශයට පත් කිරීමට ඉඩ තබා තිබේ’’ මේ අවස්ථාව ප්‍රකාශ කළේ මැනිං මාර්කට් ආහාර පාලක කාර්යාලයට ගිනි තැබීමෙන් හා මොරටුවේ දුම්රියක් පීලි පැනීමෙන් අනතුරුවය.

දෙවැනි ප්‍රධාන පුවතින් කියැවුණේ කොළඹ සිදු වූ ගිනි තැබීම් ගැනය. අලුයම වොල්කාට් සමාගමේ කොහු ගබඩාවේ ද දහවල් 1.00 ට මැනිං මාර්කට් උප ආහාර පාලක කාර්යාලය ද පස්වරු 3.30 ට පමණ පස්වැනි හරස් වීදියේ ඩොක්ලන්ඩ් හෝටලයේත්, වරාය නැව් අලුත්වැඩියා කරන ස්ථානයේත් හටගත් ගිනි ගැනීම් එම වාර්තාවෙන් හෙළිකර තිබුණි.

උප ආහාර පාලක කාර්යාලය ගිනි තැබීමේ දී විරෝධතාකරුවන් හා පොලීසිය අතර ඝට්ටනය බොහෝ වේලාවක් පැවැති අතර දෙවරක්ම පොලීසිය බැටන් ප්‍රහාර එල්ල කළ බවද වාර්තා විය. අගෝස්තු 14 දා වනවිට රටේ තත්ත්වය සන්සුන් අතට හැරෙමින් පැවතින. ඇන්.ඇම්. පිලිප් සහ පීටර් කේනමන් එක්ව නිකුත් කළ නිවේදනයකින් ඉල්ලා සිටියේ ආපසු වැඩට යන ලෙසය. එහි මෙසේ ද සඳහන් විය. ‘‘පොලීසියේ හා රජයේ ක්‍රියා ගැන නොසලකන ලෙස අපි ඔබෙන් ඉල්ලමු. කලින් දැන්වූ පරිදි පැය 24 වැඩ වර්ජනය ඊයේ අවසන් විය. ඒ නිසා, හැම දෙනාගෙන්ම තම තමාගේ සාමාන්‍ය කටයුතුවල යෙදෙන ලෙස අපි ඉල්ලා සිටිමු.’’ 

හර්තාල් ව්‍යාපාරයේ පසු ප්‍රතිඵල කෙබඳුවී ද යන්න සලකා බැලිය යුතුය. හමුදාවේ සහ පොලිසියේ වෙඩි ප්‍රාහරයට ලක්ව නව දෙනෙක් මිය ගියහ. පිටකොටුවේ ඇඩ්වින්, දොඩන්දූවේ පනාගොඩ තුඩාවගේ මාතුපාල, රජ්ගම අල්විස්, ඌරාගහ රූබේල්. දොම්පේ එස්.ඒ. පියසේන, වික්‍රමසිංහ සහ සාදිරිස්, මෝදර නිකලස් සහ කිරුලපනේ සිරිසේන ඒ නවදෙනා විය. පුවත්පත් වාර්තාවලට අනුව සිදුවූ අනෙකුත් හානි මෙසේය:- පහර දී පොඩි පට්ටම් කළ බස් රථ 40, ගිනිබත් කළ බස් රථ 03 ක්, අත් බෝම්බ දමා ගැසූ බස් රථ 02 ක්, පුළුස්සන ලද වෑන් රථ 01 ක් සහ කොළඹ නගරය තුළ සිදුවූ ගිනි තැබීම් 11 ක් ද විය. තුවාල ලත් පිරිස 175 ද, තුවාල සිදු වූ පොලිස් නිලධාරින් 40 ද වූහ. අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 390 කි. 

හර්තාල් ව්‍යාපාරයට සහයෝගය දැක්වීම යන කරුණ මත, කොළඹ මහ නගර සභාවේ ද, මොරටුව නගර සභාවේ ද නගරාධිපති පාලනය අහෝසි කර විශේෂ කොමසාරිස්වරුන් පත් කෙරුණි. ඒ අනුව කොළඹ මහ නගර සභාවට ඩබ්ලිව්. ගොපල්ලව මහතාද (පසුව ප්‍රථම බෞද්ධ අග්‍රාණ්ඩුකාර සහ 1972 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ ප්‍රථම ජනාධිපති) මොරටුව නගර සභාවේ ඩබ්ලිව්.ජේ. ප්‍රනාන්දු මහතාද (පසුව මොනරාගල සහ මහනුවර මහ දිසාපති) පත්විය.

තම රජයේ නියෝග මත සිදු වූ මනුෂ්‍ය ඝාතන ගැන කම්පනයට පත් අගමැති ඩඩ්ලි සේනානායක මහතා 1953.10.12 දින පදවියෙන් ඉල්ලා අස් වූ අතර, ප්‍රවාහන හා රජයේ වැඩ පිළිබඳ ඇමති, පාර්ලිමේන්තුවේ සභානායක සර් ජෝන් කොතලාවල මහතා (62 – දොඩම්ගස්ලන්ද මන්ත්‍රී) නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය. 

(පැරණි පුවත්පත් වාර්තා ඇසුරෙනි)

ජී.ආර්.ඩී. බණ්ඩාර



අදහස් (2)

පනස් තුනේ හර්තාලය

ලංකාපුත්‍ර Thursday, 24 August 2023 03:25 PM

මේ සිද්ධිය ඉහළින් අගය කරන්න පුළුවන් වුණාට මේ සිද්ධිය නිසා තමයි නිදහසින් අවුරුදු 75ක් පිරෙන දින වෙද්දී 1972 ආරම්භ වූ බංග්ලාදේශය වැනි රටවලින් පවා ණයට ගන්න වුනේ ජනතාව අනුන් දෙන දෙයක් දෙස බලාගෙන ඉඳලා දෙන දෙයක් කන්න පුරුදු වුනේ ඒක නිසා තමයි... ඔය අරගලය නොකළානම් මේ වනවිට මේ රට සුරපුරයක් වෙන්න තිබුණා...

:       3       13

DM Saturday, 02 September 2023 04:28 PM

ඒ දවස්වල වගේම දැනුත් අපේ රටේ වෘත්තීය සමිති, අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලේ, JVP, පෙරටුගාමී වගේ ඒවා රටට මහා පිළිල... මොවුන්ගේ ඉල්ලීම් ඔක්කොම දුන්නත් ඒත් මදි. හැම තිස්සේම කරන්නේ රට තවත් අගාධයකට දාන එක තමයි. අවාසනාවට අපේ රටේ බොහෝමයක් හරිම ලේසියෙන් අන්දන්න පුළුවන්...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 419 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 59 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 136 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 314 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 235 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 945 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 535 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 298 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 447 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site