ශ්රී ලංකාවේ ආර්ථිකය පිපිරෙන්නට ආසන්න වූ ගිනිකන්දකට සමාන තත්ත්වයකට පත්ව තිබේ. කාලයක් තිස්සේ කළමනාකරණය නොවූ ආර්ථික අර්බුදය විසින් ජනතාව කබලෙන් ළිපට ඇද දමා ඇත. අද නගරවල පමණක් නොව ගම්බද ප්‍රදේශවල පවා මහමග දක්නට ලැබෙන ඉන්ධන සහ ගෑස් පෝලිම්වලින් කියාපාන්නේ අර්බුදයේ මතුපිට කොටස පමණි. ඉන්ධන ගෑස්වලට අමතරව කිරිපිටි මිල, ඖෂධ හිඟය සහ අධික මිල ජනතාවට කිසිසේත්ම දරාගන්නට නොහැක. මේවාට අමතරව ජනතාව කතා නොකරන එහෙත් තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා රැසක මිල ගණන් තිබෙන්නේ අහසේය.
මේ වසරේ මුල් භාගයේ සිට උග්‍ර අතට පත්වූ මෙකී ආර්ථික අර්බුදය ජනජීවිත කඩාකප්පල් කර මුළුමහත් සමාජයම ගරාවැටීමට ලක්කර තිබේ. පවත්නා ප්‍රශ්නයේ බැරෑරුම්කම හැඟවෙන වාර්තාවක් පසුගියදා ඇමෙරිකාවේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කි ප්‍රකාශයට පත් කළේය. ඔහුට අනුව සියයට 21.50 මට්ටමේ පැවති ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතය (භාණ්ඩ මිල ඉහළ යාමේ වේගය) දැන් සියයට132ක් තරම් ඉහළම මට්ටමකට පත්ව ඇත. ලෝකයේ අධි උද්ධමනය වාර්තා කරන රටවල් අතරින් ශ්‍රී ලංකාව දෙවැනි වන්නේ සිම්බාබ්වේ රාජ්‍යයට පමණක් බවද මහාචාර්යවරයා සඳහන් කරයි. රටේ සැබෑ තත්ත්වය මෙය නම් ජනතාව තවමත් වීදි සටන් නොකිරීම ගැන ආණ්ඩුව සතුටු විය යුතුය.
ඇමෙරිකානු මහාචාර්යවරයාට අමතරව පසුගියදා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද පෙන්වා දුන්නේ දැන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පණඅදින රෝගියකුගේ තත්ත්වයට පත්ව ඇති බවයි. මෙම වසර වෙනුවෙන් පසුගිය දෙසැම්බරයේ සම්මත කරගත් අයවැය ව්‍යාජ සංඛ්‍යා දත්තවලින් පිරී තිබෙන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. 2022 වසරේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 2300ක් ලෙස එහි දක්වා තිබුණද සැබෑ ආදායම විය යුත්තේ රුපියල් බිලියන 1400කි.
එලෙස රුපියල් බිලියන 700ක පමණ වැඩි ආදායමක් රටට පෙන්වූ ආණ්ඩුව රජයේ වියදම ගැන අයවැය මගින් ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛනද සත්‍යයෙන් තොර බව තහවුරුව තිබේ. 2022 සැබෑ රාජ්‍ය වියදම රුපියල් බිලියන 3300ක් ලෙස අයවැයෙන් ප්‍රකාශ කළද සැබෑ වියදම රුපියල් බිලියන 4000ක් පමණ වන බව අග්‍රාමාත්‍යවරයා හෙළිදරව් කළේය. එසේම රටේ අයවැය හිඟය ඉතිහාසයේ නොවූ විරූ ලෙස සියයට 13කට ඉහළ නැග තිබුණි. මෙම පසුබිමේ හටගෙන ඇති ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවේ ආර්ථිකය පූර්ණ ආබාධිත තත්ත්වයට පත්කර ඇත. එම නිසා මැයි මස රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට මුදල් අච්චු ගසන්නට ආණ්ඩුවට සිදුවන බව ප්‍රකාශිතය.
මෙතරම් ආර්ථික ව්‍යසනයක් සිදුව තිබියදීත් රජය ශුද්ධ පාඩු පිට පවත්වාගෙන යන ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැනි ආයතනද නඩත්තු කළ යුතුය. ශ්‍රී ලන්කන්හි මෙතෙක් සිදුව ඇති පාඩුව රුපියල් බිලියන 372කි. ගිය වසරේ පමණක් පාඩුව රුපියල් බිලියන 45කි. ශ්‍රී ලන්කන් සමාගමට අමතරව මෙලෙස ශුද්ධ පාඩු පිට පවත්වාගෙන යන ඛනිජ තෙල් සංස්ථාව, ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා දුම්රිය සේවය ඇතුළු තවත් රාජ්‍ය ආයතන රැසකි. මේවායෙන් අත්‍යවශ්‍යම මහජන සේවා සපයන ආයතන එකක් දෙකක් රාජ්‍ය පාලනයේ තබාගෙන සෙසු ආයතන සියල්ල රාජ්‍ය හා පෞද්ගලික ආයෝජන ව්‍යාපාර ලෙස ප්‍රතිව්‍යුහගත නොකළහොත් ශ්‍රී ලංකාව පවත්නා අර්බුදය ව්‍යාසනයේ පතුලටම තල්ලු කරනු ඇත.
ශ්‍රී ලංකාවට ඉන්ධන ගෙන පැමිණි නැව් තුනක් දින 40ක් තිස්සේ කොළඹ අවට මුහුදේ නවතා තිබේ. ඊට හේතුව තෙල් ඇණවුම් කළද ඒවා මිලදී ගන්නට අවශ්‍ය ඩොලර් නොමැතිවීමයි. තෙල් නැව් තුනක් දින 40ක් මහමුහුදේ ගාල්කර තබන විට ඒවා සඳහා ගෙවිය යුතු අධික ප්‍රමාද ගාස්තුවෙන් තවත් තෙල් නැව් තුන හතරක් මිලට ගන්නට පිළිවන. සාමාන්‍යයෙන් වත්මන් මිල ගණන් නොව එක් තෙල් නැවකට ඇමෙරිකානු ඩොලර් මිලියන 60ක් පමණ ගෙවීමට සිදුවෙයි. මෙරට මසක ඉන්ධන අවශ්‍යතාව සඳහා යන වියදම දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක් පමණය. එසේම ගෑස් නැවකට ඇමෙරිකානු ඩොලර් මිලියන 8ක් පමණ (වත්මන් මිල ගණන් අනුව) ගෙවිය යුතුය. ගෑස් නැවකට ගෙවා ගන්නට ඩොලර් නැති රටේ තෙල් නැව් ගැන කවර කතාදැයි අසන්නට සිදුවීම පුදුමයක් නොවේ.
මනස විකල් කරන සිත කෝප කරවන ෙමම සංකීර්ණ අර්බුදයේ හතර මායිම් ගැන ජනතාවට තවදුරටත් අමුතුවෙන් කියන්නට දෙයක් නැත. දැන් සැමගේ සිත් සකස් කළ දැල්වෙන එකම අපේක්ෂාව මේ ව්‍යසනයෙන් ගොඩ එන්නේ කවදාද යන්නයි. මෙහිදී චීනයේ හිටපු නායක මාවෝ සේතුං විසින් ප්‍රකාශ කරන ලද සුප්‍රකට කියමනක් සිහිපත් වෙයි. ඔහුට අනුව ‘‘වළක වැටීමත් මොළයට ලාභයකි. අර්බුදය විසින් මිනිසා නිවැරැදි මාවතට ගෙන එනු ලබයි” යන්න මේ කීර්තිමත් දේශපාලන නායකයාගේ මතයයි. එහෙත් අප වැටී සිටින වළෙන් ගොඩ ඒම පමණක් ප්‍රමාණවත් නොවේ. නැවත නිසි මාවතට පැමිණි කල අර්බුදය විසින් කියාදෙනු ලබන ලද පාඩම් මතකයේ රඳවාගෙන සුබ අනාගතයක් කරා ප්‍රවේශ විය යුතුය. මාවෝ සේතුං කියූ පරිදි වළක වැටීමත් මොළයට ලාභයක් වන්නේ එවිටය.
(***)
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පිපිරෙන්නට ආසන්න ආර්ථික ගිනිකන්ද