IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


පෙම්කෙළින තල්මසුන් බලන්නට සුවපහසු නැවකින් මිරිස්සට ගමනක්

එක් පසෙකින් හරිත පැහැයෙන් බබලන ගොඩබිම තීරය දිස්වෙයි. තවත් පසෙකින් දිස්වන්නේ ඉමක් නොපෙනෙන ඉන්දියන් සාගරයයි. දැවැන්ත නෞකාවේ ජෙට් එන්ජින් දෙක හේතුවෙන් මහ සයුරේ රටා මැවෙමින් තිබේ. වේලාව උදෑසන අටට ආසන්නය. සිහින් සුළං රැළත් සමග සීතල ගත වෙලා ගනිද්දී හිටිවනම වතුර විදින ශබ්දයක් ඇසේ ඒ සමගම අපට පෙනෙන්නේ සුවිසල් ජල කඳක් වතුර මලක් මෙන් සයුරෙන් ඉහළට එසවෙන ආකාරයයි. අති දැවැන්ත වූ මත්ස්‍යයා ජල කඳ විසුරුවා හරිමින් යළි දියයට නොපෙනී යයි. මොහොතකින් තවත් මත්ස්‍යයකු මතුවෙයි. මේ මිරිස්ස ආසන්න මහ මුහුදේ තල්මසුන් රග දෙන ආකාරයයි. අප ඉදිරියෙන් මුහුදේ ඒ මේ අත පිහිනා යන්නේ Bryde's whale හෙවත් බ‍්‍රයිඩිගේ තල්මසා නමින් හඳුන්වනු ලබන තල්මසුන් සමූහයකි. ඔවුන් බැල්නොප්ටෙරා එඞ්නි ලෙස සත්ත්ව විද්‍යාත්මකව නම්කැර ඇති අතර මෙම වර්ගයේ හොඳින් වැඩුණු සත්ත්වයකු මීටර 14 ක් පමණ උපරිම දිගකින් යුක්ත වේ. මෙම විශේෂය සාමාන්‍යයෙන් වෙරළ ආසන්නයේ ජීවත් වීමට වැඩි කැමැත්තක් දක්වන බැවින් මිරිස්ස මුහුදේ දී නිතර දැකිය හැකිය. ලෝකයේ වාර්තාවී ඇති තල්මසුන් විශේෂ දහසයක් අතරින් විශේෂ නමයක් ශී‍්‍ර ලංකාව අවට ඉන්දියන් සාගරයේ දක්නට ලැබේ. ඒ තල්මසුන් අතර මිහිතලයේ දැවැන්තම සත්ත්ව විශේෂය වන බැලනොප්ටෙරා මුස්කුලස් ලෙස විද්‍යාත්මකව හඳුන්වන නිල් තල්මසා ද සිටීම විශේෂත්වයකි. සාමාන්‍යයෙන් මීටර 30 ක් පමණ දිගැති මේ මත්ස්‍ය විශේෂය 125 සිට 160 දක්වා බරකින් යුක්තය. උපදින අවස්ථාවේ පැටවකු මීටර හතක් පමණ දිගැතිය එමෙන්ම ටොන් දෙකක් හෝ තුනක් පමණ බරැතිය. ජලයේ පාවෙන කුඩා සත්ත්ව හා ශාක ප්ලවාංග ආහාරයට ගන්නා මොවුන්ට දිනකට ටොන් අටක් පමණ ආහාර අවශ්‍යවේ. ශී‍්‍ර ලංකාව අවට මුහුදේ නිල් තල්මසුන්ට අමතරව මොල්ලි තල්මසා, මන්දා තල්මසා, කුරුමන්දා තල්මසා, මිටි මන්දා තල්මසා, පුහුලොලූ තල්මසා, කුරු මිනීමරු තල්මසා, ව්‍යාජ මිනීමරු තල්මසා සහ කෙටි වරල් නියමු තල්මසා යන විශේෂ දැකිය හැකිවේ. ඔවුන් ශරීර හැඩයෙන්, ප‍්‍රමාණයෙන්, පිහිනා යන විලාසයෙන් මෙන්ම ඉහළට වතුර විදින ආකාරයෙන් ද එකිනෙක වෙනස් වේ. මතුපිටට පැමිණ ආපසු දිය යටට යද්දී පිටුපස වරළ ඉහළට ඔසවන තල්මසුන් විශේෂ කිහිපයක්ද එසේ නොකරන තල්මස් විශේෂ කිහිපයක් ද ශී‍්‍ර ලංකාව අවට මුහුදේ දක්නට ලැබේ. ලෝකයේ තල්මසුන් නැරඹීමට සුදුසුම ස්ථානයක් ලෙස ශී‍්‍ර ලංකාව දිනෙන් දින ජනපි‍්‍රය වෙමින් තිබීම මෙරට සංචාරක කර්මාන්තයේ වර්ධනයට මහත් රුකුලක් වී තිබේ. මැයි සිට ඔක්තෝබර් දක්වා කාලයේ ති‍්‍රකුණාමලය ආසන්න මුහුදු තීරයේ තල්මසුන් නැරඹීමත් නොවැම්බර් සිට අපේ‍්‍රල් දක්වා කාලයේ මිරිස්ස ආසන්න වෙරළ තීරයේ තල්මසුන් නැරඹීමත් මේ වනවිට ජනපි‍්‍රය වී ඇත. තල්මසුන් නැරඹීම සඳහා බෝට්ටු සේවා පවත්වාගෙන යන අතර ශී‍්‍ර ලංකා නාවුක හමුදාව යුද සමයේ හමුදා සෙබළු ප‍්‍රවාහනය සඳහා යොදාගත් ඒ 543 නැමැති සුඛෝපභෝගී මගී ප‍්‍රවාහන නෞකාව උපයෝගීකැර ගනිමින් තල්මසුන් නැරඹීමේ ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කැර තිබේ. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ කැරුණු මෙම ව්‍යාපෘතිය මේ දිනවල ගාල්ල වරායේ සිට කි‍්‍රයාත්මක වේ. බදාදා සහ සෙනසුරාදා දිනයන්හි ගාල්ල වරායෙන් උදෑසන හතට ගමන් ආරම්භ කරන මෙම නෞකාව විනාඩි 45 ක පමණ ගමනකින් මිරිස්ස ආසන්න මුහුදට සේන්දු වේ. මිරිස්ස යනු ඉන්දියන් සාගරයේ ජීවත්වන තල්මසුන්ගේ අභිජනන ස්ථානයකි. ඔවුහු තම වර්ගයා බෝකැර ගැනීමේ අවශ්‍යතා සඳහා මිරිස්ස ආසන්න මුහුදු වෙරළට පැමිණ බොහෝ විට යුගල වශයෙන් සැරිසරයි. මේ කාලය තල්මසුන් නැරඹීමට පහසුම අවධියයි. නාවුක හමුදාවේ තල්මසුන් නැරඹීමේ ව්‍යාපෘතියේදී ඔවුහු තම නෞකාව මිරිස්ස ආසන්න මුහුදේ පැය තුනක පමණ කාලයක් නවතා තබා ගනී. නැවේ ගමන්කරන සංචාරකයන්ට තම සිතැගි පරිදි තල්මසුන් නැරඹීමේ අවස්ථාව එයින් උදාවේ. මෙම ගමන සඳහා එක් දේශීය සංචාරකයකුගෙන් අයකරන මුදල රුපියල් 3500 කි. අවුරුදු 6-12 ත් අතර ළමයකුගෙන් රුපියල් 2000 ක් අයකරන අතර විදේශිකයකුගේ ඇමරිකන් ඩොලර් 100 ක් අයකරයි. සම්පූර්ණයෙන්ම වායු සමීකරණය කැර ඇති නෞකාවේ කාර්ය මණ්ඩලය හතළිහක් සහ නිලධාරීන් හයදෙනකු සේවය කරන අතර එහි වෛද්‍ය  කණ්ඩායමක් සහ ජීවිත ආරක්ෂක කණ්ඩායමක් ද සිටීම විශේෂත්වයකි. නැවේ ගමන් ගන්නා සෑම අයකුටම ජීවිතාරක්ෂක ඇඳුම් කට්ටලයක් ලැබෙන අතර උදය ආහාරය ද නෞකාවෙන් සැපයේ. මහල් දෙකකින් යුතු නෞකාවේ මගීන් 300 ක් සඳහා ගමන් පහසුව ඇතත් මෙහි එක් වරකට ගෙනයන්නේ සංචාරකයන් 75 ත් 200 ත් අතර ප‍්‍රමාණයකි. නෞකාවේ අණභාර නිලධාරී කෝසල විජේසූරිය මහතා පවසන්නේ මේ වනවිට ඒ 543 නෞකාවේ සංචාරයේ යෙදී තල්මසුන් නැරඹීම විදේශිකයන් අතර මෙන්ම ලාංකිකයන් අතර ද බෙහෙවින් ජනපි‍්‍රය වෙමින් තිබෙන බවයි. ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය. අපේ නෞකාවේ ගමන ඉතාමත්ම චමත්කාරජනක අත්දැකීමක්. නෞකාවකින් මුහුද තරණය කිරීම වගේම නෞකාවේ තට්ටුව මතට වී තල්මසුන් නැරඹීමත් සුන්දර අත්දැකීමක්. අපි  ඕනෑම කෙනෙකුට කැමරා ඇතුළු ආම්පන්න රැගෙන යාමට අවස්ථාව ලබාදෙනවා. ඒ නිසා මේ ගමන සුන්දර සිහිවටන වලින් සමන්විත වේවි. මෙවර තල්මසුන් නැරඹීමේ සංචාරය ගාල්ල වරායෙන් පසුගිය 12 වැනිදා ආරම්භ කරන ලදී. ඒ ගමනට එක්වූ දර්ශනී වටවල මහත්මිය මෙසේ කීවාය. අපි මේ නැවපිළිබඳ තොරතුරු දැනගත්තේ අන්තර්ජාලයෙන්. වෙන රටවල මේ වගේ දේවල් තිබුණත් ලංකාවේ මේ වගේ සංචාරයක් තිබෙනවා කියා දැනගත්  පළමු අවස්ථාවේම අපි මේ සංචාරයේ යෙදෙන්න තීරණය කළා. ඉතාමත් විනෝදජනක ගමනක යෙදුණා. අපූරු අත්දැකීමක්. තල්මස්සු හයදෙනෙක් විතර හොඳට දැක්කා. හරිම සතුටුයි. සමන්ති කාරියවසම් මෙනවිය මෙසේ කීවාය. ඉතා හොඳ අත්දැකීමක්. පොඩි බෝට්ටුවලින් තල්මසුන් බලන්න යන බවනම් දැනගෙන සිටියා. ඒත් ඒ බෝට්ටුවල යන්න ලොකු බයක් හිතේ තිබුණා. මේ නැවේ ගමනනම් කිසිම භයක් වෙන්න දෙයක් නැහැ. අපිට සියළු පහසුකම් තිබෙනවා. භය නැතිව සංචාරය ගිහින් ආවා. ඉතාමත් හොඳයි. ඕනෑම තනි පුද්ගලයකුට හෝ කණ්ඩායමකට මුදල් ගෙවා මේ නෞකාවේ සංචාරයක් ලබාගැනීමේ හැකියාව ඇති අතර සාමාන්‍ය මගියකු ලෙස ද ගමනට එක්වීමේ හැකියාව තිබේ ඒ සඳහා අවශ්‍ය තොරතුරු 0777323050 දුරකථනයට ඇමතීමෙන් හෝ www.whalewatching.navy.lk වෙබ් අඩවියෙන් ලබාගැනීමේ අවස්ථාව ලබාදී ඇත.

සටහන සහ ඡායාරූප උණවටුන ඞී.ජී.සුගතපාල, අහංගම සමතිපාල දියගහගේ සහ උඩුගම රවී ලියනගේ
පුහුලොලූ තල්මසා මන්දා තල්මසා මොල්ලි තල්මසා නිල් තල්මසා ඒ 543 නෞකාව සහ කාර්ය මණ්ඩලය සංචාරකයන් තල්මසුන් නරඹමින්  



අදහස් (5)

පෙම්කෙළින තල්මසුන් බලන්නට සුවපහසු නැවකින් මිරිස්සට ගමනක්

ලක්මාලි Wednesday, 17 April 2013 03:17 PM

ලස්සන පින්තූර ටික.(නදී)

:       0       0

ඉන්දික Wednesday, 23 November 2011 10:07 PM

හොද වැඩක්...

:       0       0

විජේකෝන් Tuesday, 22 November 2011 01:38 PM

ඒක විනොද ගනමක් වේවි

:       0       0

සොනාලි Thursday, 24 November 2011 02:48 PM

ඇත්තටම ගොඩක් සතුටුයි ලංකාවෙත් මෙවැනි දේ තිබීම ගැන. මගේ පවුලත් ගොඩක් ආඩම්බර වෙනවා. ලංකාවට සුභ අනාගතයක්!

:       0       0

K.M.Godawaththa Sunday, 05 December 2021 11:41 AM

සුන්දර අත්දැකීමක්... හරිම සතුටුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සැරින් සැරේ තැනින් තැන මතුවන වාහන
2024 ඔක්තෝබර් මස 16 2195 0

ඉකුත් රජය මැති ඇමැතිවරන් ඇතුළු ප්‍රභූවරුන්ට ලබාදී තිබූ මෝටර් වාහන හතු පිපෙන්නාක් මෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ රථ ගාලේ සහ විවිධ ස්ථානවලින් මතුවීම ආර


ආර්ථිකයට ලෝක බැංකු පණිවිඩය
2024 ඔක්තෝබර් මස 16 766 1

ශ්‍රී ලංකාව සම්බන්ධ ඉතා වැදගත් වාර්තාවක් ලෝක බැංකුව විසින් මේ මස 10 වැනිදා ප්‍රකාශයට පත් කරන ලදී. ශ්‍රී ලංකා සංවර්ධනයේ නව තත්වය 2024 අනාගතය දක්වා විවෘත කිර


පවුරු බිඳ දැමූ අගමැති නිල නිවස
2024 ඔක්තෝබර් මස 15 2940 2

2005 වසරේ සිට, වසර 19 ක් තිස්සේ, වසා දමා තිබුණු අරලියගහ මන්දිරයට යාබද කොල්ලු‍පිටිය මුස්ලිම් පල්ලියේ සිට රොටුන්ඩා වට රවුම දක්වා දිවෙන මාර්ගය, මීට දින කීපයකට


තහනම්ද පෙම් කරන්නට තුම්මුල්ල හන්දියේ
2024 ඔක්තෝබර් මස 15 10615 0

සරසවි ප්‍රේමය පිළිබදව නිර්මාණ රචනයේ යෙදෙන බොහෝ නිර්මාණකරුවන්ට නිතරම මතක්වන්නේ පේරාදෙණියයි. එහි පවත්නා පාරිසරික සෞන්දර්යය ඊට ප්‍රමුඛ හේතුවක් වෙයි. ප


දිළිඳුකම පිටුදැකීමේ ක්‍රමවේදයක්
2024 ඔක්තෝබර් මස 15 710 0

පසුගිය කාලයේදී කතා බහට ලක්වූ මාතෘකා නැවතත් කරළියට පැමිණ ඇත. මැතිවරණ සමයක දක්නට ඇති පාවෙන ඡන්ද මෙන් සහල් සහ බිත්තර මිල සැමට දැනෙන අයුරින් පාවෙන්නට පටන්


රථ වාහන ලොව දිග්විජය කළ මානව හිතවාදියා
2024 ඔක්තෝබර් මස 14 1238 0

රතන් ටාටා මානව ගුණාංගවලින් පරිපූර්ණ අද්විතීය මිනිසෙකි. ඔහු අසීමිත ලෙස ඉන්දියාවට සහ ඉන්දියානුවන්ට ආදරේ කළ අයෙකි. ඉන්දියාව ද ඔහුට පෙරළා ආදරය කළේය. රතන්


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 616 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1553 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site