IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


පෙම්වතියට රිද්දන්න ගිහින් වැඩ වරද්දා ගත් කසුන්

6  

 

මහ මුහුදේ රැල්ල හැමදාම ගොඩටම එනවා. හැබැයි එන්නේ හිස් අතින්. ඒත් ආයෙම යනකොට රැල්ල අපෙන් සමහර දේවල් උදුරාගෙන යනවා. අපේ ජීවිතෙත් සමහර දේවල් තියෙනවා මුහුදු රැල්ලක් වගේ ජීවිතේට ඇවිල්ලා කාටවත්ම නොකියා යන්න ගියපු අවස්ථා. මේක සුරංගනා කථාවක් නෙමෙයි. මේක තමයි ජීවිතේ ස්වභාවය. අපි ලියනවා. ඔබ බලනවා. මේ ඛේදවාචකයේ අවසානය කවද ද කියලා ඔබ හිතනවා ඇති. කෙනෙක් චෝදනා කරනවා. ඇයි උඹලට දැනෙන්නේ ජීවිතවල කුණු රහ විතර ද කියලා. මේ හැම දේකටම පිළිතුරක් තියෙනවා. 


ජීවිතේ කියන්නේ මොකක්ද කියලා පත්තර පිටුවකට සීමා කරලා ලියන්න  බැහැ. ළමුන් සම්බන්ධව සිද්ධ වෙන අපචාර, ලිංගික අපයෝජන ලංකාවේ ඇයි මේ තරමට වැඩි වෙන්නේ කියලා සහ වරද කොතැනද කියලා වගකිව යුතු උදවිය ඇස් ඇරලා බලනවා නම් මේ විදිහට ඔබ ඉදිරියේ දරුවන්ගේ දුක් අදෝනා ලියන්නටත්, ඔබට දකින්නටවත් සිදුවෙන්නේ නෑ. 

21-Rasa-P2-BA
මේ ජීවිතේ ගොඩාක් දුරයි. ගිරිදුර්ග, වන දුර්ග, ජල දුර්ග අතරින් ගෙනියන ජීවිතේ පාර වැරදෙන වාර අනන්තයි. ඒත් පාර වැරදුණා කියලා ජීවිතේ නතර කරන්න පුළුවන්කමක් නැහැ. තව පාරක් සොයා ගන්න උත්සාහ ගන්න ඕන.  හැමදාම කථා කළේ පාර වැරදුණ ජීවිතයක් ගැන. කසුන්ගේ ජීවිතෙත් පාර වැරදිලා ඉවරයි. ඒත් කසුන් ජීවිතේ කියන පාර වරද්ද ගත්තේ කසුන්වත් නොසිතපු විදිහට. 


කසුන් පාසල් ගියේ ගාල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලකට. කසුන්ගේ තාත්තා ආරක්ෂක අංශයේ නිලධාරියෙක්. කසුන්ගේ අම්මා ගාල්ල ප්‍රදේශයේම පාසලක ගුරුවරියක්. ගාල්ල ප්‍රදේශයේ පුංචි පාසලකට ගිය කසුන්ට ප්‍රසිද්ධ පාසලකට එන්න අවස්ථාව ලැබුණේ පහේ ශිෂ්‍යත්වය ඉහළින් සමත් වෙන්න වාසනාව ලැබුණු නිසා. ගමේ පාසලේ හැදුණු වැඩුණු පරිසරයට වඩා ගාල්ලේ ලොකු ඉස්කෝලේ පරිසරය කසුන්ට ලොකු වෙනසක් ගෙනදුන්නා. අලුත් යාළුවො, ගුරුවරු ගමේ ඉස්කෝලෙට වඩා හරිම වෙනස්. කාලය ගෙවුණේ හරිම වේගයෙන්.... 


“මම ගාල්ලේ ස්කෝලෙට ආවේ ශිෂ්‍යත්වය පාස් වෙලා. ගමේ ඉස්කෝලෙන් එදා මම ගාල්ල ප්‍රසිද්ධ ඉස්කෝලෙකට ආවේ කැමැත්තකින් නෙමෙයි. මට පුංචි කාලේ ඉඳලම ඉගෙන ගැනීමේ දක්ෂතාව තිබුණා. ශිෂ්‍යත්ව විභාගයත් පාසලෙන් ඉහළින්ම පාස් වුණේ මම. අම්මට ඕන වුණේ මාව ගාල්ලේ ප්‍රධාන පෙළේ පාසලකට යවන්න. 


ජීවිතේ ගෙවුණේ හොස්ටල් එකේ. මුල් කාලේ නම් මට ඉගෙන ගන්න එකත් එපා වුණා. ටිකෙන් ටික හෝස්ටල් ජීවිතයට හුරු වෙන්න ගත්තම ඒකෙත් හරි අමුතු රහක් තියෙනවා කියලා හිතුණා. හොස්ටල් එකෙන් මට ගොඩාක් යාළුවෝ මුණ ගැහුණා. මගේ ජීවිතේ මේ අගාධයට වැටෙන්නේ අන්න එතැනින්.


ඒ දවස්වල යාළුවන්ට වඩා ලොක්කෙක් මගේ ලෝකේ හිටියේ නැහැ. අම්මා තාත්තා කියන දේවල්වලටත් වඩා මම යාළුවෝ කියන දේවල් ගොඩාක් විශ්වාස කළා. ජීවිතේ ඔය විදිහට යද්දි ඉස්කෝලේ ලොකු අයියලාත් එක්ක මම ගැන්සියට වැටුණා. ගැන්සියකට වැටුණොත් ගැලවීමක් නම් නැහැ. හොස්ටල් එකේ ලොකු අයියලා වැඩ කළේ හොස්ටල් එකේ නීතිරීති රෙගුලාසිවලට පිටින්. ලොකු අයියලාගේ ඉත්තෝ වුණේ අපි. ලොකු අයියලට සමහර දවසට සිගරට් ගේන්න කඬේ යන්න වුණේ මට. දවසක් ලොකු අයියලාගේ බල කිරීමට මටත් සිගරට් බොන්න වුණා. එදා අකමැත්තෙන් සිගරට් බීපු මට පස්සේ පස්සේ සිගරට් එක ජීවිතේ නැතුව බැරි දෙයක් වුණා. ඔය විදිහට මත්පැන්වලටත් ඇබ්බැහි වුණා. එතකොට මං හත වසරේ. ඉස්කොලේට ඇවිල්ලා අවුරුදු දෙකක් යද්දි හැම මත්ද්‍රව්‍යයක්ම මං පාවිච්චි කළා. යාළුවෝ එක්ක වළට වැටුණා. මම එදා හිතුවේ සිගරට් එක, මත්පැන් ටික තමයි ජීවිතේ කියලා. මොන දේ කරත් අධ්‍යාපන වැඩ ටික හරියට කළා. 


එතකොට මේ මත්ද්‍රව්‍ය පාසල ඇතුළට එන්නේ කොහොමද?
අංකල් කෙනෙක් තමයි අපිට මේවා ගෙනත් දෙන්නේ. ඇත්තටම එයා අපේ කැන්ටින් එකේ තමයි වැඩ කළේ. ඒ නිසා ඒ අංකල්ට ඉස්කෝලෙ ඇතුළට යන්න එන්න ඕන වෙලාවක අවසර තිබුණා. අංකල්ට සල්ලි ලැබෙනව නම් අපි ඉල්ලන ඕනම දෙයක් එයා ගෙනත් දුන්නා. සමහර දවසට රෑට හොස්ටල් එකෙන් පැනලා අපි ඇවිදින්න ගියා.  ඒ දවස්වලට ඒ අංකල් අපිට ගොඩක් උදව් කළා. ඔය විදිහට අපි ගොඩාක් විනෝද වුණා. මේ දේවල්වල බරක්පතළක් තේරුණේ නැහැ. යාළුවොත් එක්ක එකතු වෙලා අසභ්‍ය වීඩියෝ බලන්න ඇබ්බැහි වුණා. නිවාඩුවකටවත් ගෙදර ගියේ නැහැ. අම්මා හොස්ටල් එකට එක්ක යන්න එන්න ඇහුවම විවිධ බොරු කිව්වා. ගෙදරට බොරු කිය කිය අම්මා එවන සල්ලිවලින් කළේ ඔන්න ඔය දේවල්. 


මේ දවස්වල හරි වැරැද්දක් කියලා දෙන්න කවුරුත් හිටියේ නැහැ. නිදහස වැඩියි. ඒ නිදහස ඇතුළේ ජීවිතේට එකතු වුණේ නරක දේවල් විතරයි. ඔය විදිහට කාලෙන් කාලෙට ආපන ශාලාවේ වැඩ කරපු අංකල් එක එක දේවල් ගෙනත් දුන්නා. සිගරට් එකෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු මම කුඩු පාවිච්චි කරන තැනට පත්වුණා. අම්මා එවන සල්ලිවලින් පස්සේ පස්සේ කුඩු ගහන්න ගත්තා. දිගින් දිගටම ඒ මත්ද්‍රව්‍ය ඇඟට නැතුව අප්‍රාණික ගතියක් දැනෙන්න ගත්තා. කුඩු ගහන්න සල්ලි නැති දවසට මම හැසිරුණේ පිස්සෙක් වගේ. ඒ වෙනුවට වෙනත් ආදේශක මම පාවිච්චි කළා. මේ විදිහට නැති වුණ ජීවිතේ නැවත ගොඩ ඒමක් ගැන හීනයක්වත් මම දැක්කේ නැහැ. 


විවිධ අවස්ථාවලදී පාසලේදී ඇතිවන සිදුවීම් එක්ක මේ දේවල් හැම දෙයක්ම  අම්මා දැනගත්තා.  අම්මා එදා ගුරුවරු හැමෝම ඉස්සරහා මම නිසා ලැජ්ජාවට පත්වුණා. අම්මත් ගුරුවරියක් නිසා මේ දේවල් එයාට දරාගන්න අමාරු වුණා. අම්මා නිතරම හිටියේ මට බැණගත්ත ගමන්. නිතරම අම්මා බණින කොට මට මහා වධයක් වුණා. ඒ දේවල් එක්ක මට අම්මවයි, තාත්තවයි පේන්න බැරි වුණා. ඒත් ඒ දෙන්නා මේ සමාජය ඉදිරියේ මගේ වැරැදි නිසා ගොඩක් දුක් වින්දා. සමහර දවස්වලට ගුරු දෙගුරු රැස්වීම්වලදී මගේ වැරදි කියන කොට මං වගේ දරුවෙක් හැදුවා කියලා අම්මා ගොඩක් ලැජ්ජ වුණා. පස්සේ මාව හොස්ටල් එකෙන් අයින් කළා. එදා වළට ඇදලා දාපු යාළුවෝ කවුරුත් මගේ ළඟ හිටියේ නැහැ. පාසලෙන් පවා මාව ඉවත් කරන්න හැදුවා.  ඒ වෙලාවේ අම්මා මං නිසා විදුහල්පති ඉදිරියේ කාරුණික ඉල්ලීමක් කළා. “පුතාට ඕන දඬුවමක් දෙන්න.”


පාසලෙන් ඉවත් කරන්න එපා කියලා. 


විදුහල්පති ඒ වෙලාවේ අම්මාට කිව්වා. 


“ගුරුවරියක් වුණ ඔයාට ඔයාගේ පුතා හදාගන්න බැරි නම්... ගුරුවරියක් විදිහට ඔයා කොහොමද ළමයෙක්ව හොඳ මාර්ගයට ගන්නේ කියලා.”
අම්මා එදා අඬ අඬ කිව්වා ජීවත් වෙන්න ආදායමක් තිබුණා නම් මගේ වැඩ නිසා ගුරුවෘත්තියෙන් අයින් වෙනවා කියලා. එදා මට තාත්තා හොඳටම ගැහුවා. තාත්තට ගහන්න බැරි නිසා මම ඉවසාගෙන ඉඳලා ගෙදරට නොකියා යාළුවෙකුගේ ගෙදර ගියා. දවස් දෙකකට විතර පස්සේ අම්මලා මාව සොයාගෙන ආවා. ආයෙම අම්මා මාව පාසල කිට්ටුව ගෙදරක නතර කළා. 


බෝඩිම වෙනස් වුණත් වළට ඇදලා දාපු යාළුවො වෙනස් වුණේ නැහැ. හැමදේම තිබුණේ ටික දවසයි. සුපුරුදු දේවල් සුපුරුදු විදිහටම කළා. ඔය අතරතුර ටියුෂන් පන්තියේ ගෑනු ළමයෙක් එක්ක මගේ ප්‍රේම සම්බන්ධතාවක් තිබුණා. ඒ ගෑනු ළමයට මම ගොඩක් ආදරේ කළා. නිතරම මුණ ගැසුණා. මාස හයක් විතර අපි දෙන්නා ගොඩක් ළඟින් ආදරේ කළා. අපි ගොඩක් වෙලාවට මුණගැහුණේ බීච් එකේ. ගොඩක් ළඟින් ආදරේ කරපු ඒ ගෑනු ළමයා මං කරපු සමහර වැරැදි දැනගත්තා. ඒ දේවල් නිසා නිතර අපි දෙන්නා අතර රණ්ඩු ඇති වුණා. ඒත් එකපාරටම එයා මාව මඟහරින්න ගත්තා. 


ඊට පස්සේ මොකද වුණේ කියලා අහන්න කළින් එක හුස්මට කියාගෙන කියාගෙන අපු කසුන්ගේ කථාව ඇතුළේ මේ සමාජයේ සිද්ධ වෙන ජීවිතේ අදුරු අගාධයකට ඇද දමපු සිදුවීම් සමුදායක් ජීවිතේ ඇතුළේ ලියවුණේ හීනෙන්වත් නොසිතපු විදිහට. 


නේවාසිකාගාර තුළ මේ කියන සියලුම දේ සිදුවෙනවා. ඒක කාටවත් නැහැ කියන්න බැහැ. කොයිතරම් වැට කඬුලු බැන්දත් ඊට උදව් සපයන උදවිය ඉන්නෙත් පාසල තුළමයි. මේ දරුවො බිල්ලට ගන්න රාක්ෂ වෙසින් ආපු දහස් ගාණක් මේ පාසල් බැම්මෙන් එළියෙ ඉන්නවා. ඒක තමයි ඇත්ත. වරද කොතැන වුණත් මේ වෙනකොට කසුන් වගේම පාසල් වියේදීම ජීවිතේ අගාධයට ඇද වැටුණු දරුවෝ සංඛ්‍යාව විශාලයි. පාසල තුළට මේ කුඩු පැකට් එක, මත්වතුර ටික, මත්පෙති ටික එන්නේ සහ මේ දේවල් ක්‍රියාත්මක වෙන්නේ මේ සමාජයේ වගකිවයුතු ඇස් මේ දේවල් දිහා අවධානයෙන් නොබලන නිසා නෙමෙයිද?


පාසල් වියේදී ඇති වෙන ප්‍රේම සම්බන්ධතා කියන්නේ සාමාන්‍ය දෙයක්. ඒ හැඟීම කසුන්ටත් දැනුණා.... 


“ඒ ගෑනු ළමයා කිසිම හේතුවක් නැතුව ප්‍රේම සම්බන්ධතාව නතර කළා. ඒ අවස්ථාවේ මගේ හිතට ආපු ආවේගයත් එක්ක මට මාව පාලනය කරගන්න බැරි වුණා. හොඳ පාඩමක් උගන්නවා කියලා මගේ හිතේ වෛරයක් ඇති වුණා.”


ආදරේ විරහව වේදනාව කියන මේ අඳෝනාව ඇතුළේ කසුන් හිටියේ වල්මත් වෙලා. එකවරක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා ජීවිතේ විනාශ කරගත්ත කසුන් හැඟීම්වලට වහල් වෙච්ච ආදරයක් නිසා ජීවිතේ තව වරක් කාලකන්නි කරගත්තා. කසුන් තම ප්‍රේමවන්තිය සමඟ පෙම් සුව විඳි අවස්ථාවල ජංගම දුරකථනයෙන් ගත් ඡායාරූප මුහුණු පොතට මුදා හැරියේ තමන්ව දාලා ගිය තරහට හිතේ ඇති වුණ වෛරයත් එක්ක. ඒ වගේම ඇගේ නිරුවත් ඡායාරූප තැපැල් මගින් නිවසට යැව්වා. මේ සිද්ධියත් එක්ක කසුන්ගේ ප්‍රේමවන්තිය සමාජය ඉදිරියේ මුහුණ දෙන්න බැරිව සියදිවි හානි කරගත්තා. ඒත් ඇය ජීවිතේ නැතිකරගත්තේ සියල්ල සඳහන් කරමින් ලිපියක් ද ලියා තබමින්.


“ඇත්තටම මට ඕන වුණේ ඇයට රිද්දන්න. අවසානයේ මම හැම දේකටම වැරැදිකාරයා වුණා. පාසලේ මත්ද්‍රව්‍ය පානය කරලා අහුවෙලා ඒ වෙනකොට මගේ නම පොලිස් පොතේ ලියවෙලා තිබුණේ. මේ සිද්ධියත් එක්ක මම කවදාවත් නොසිතපු තැනකට එන්න සිද්ධ වුණා. මම නිවැරදියි කියලා කොතැනකවත් කියන්නේ නැහැ. මම නිසා මගේ අම්මට තාත්තට පාරේ බැහැලා යන්න බැරි වුණා. මම ජීවිතේ හදාගන්න කොච්චර උත්සාහ කරත් මේ සමාජයෙන් ඒකට ඉඩක් දෙන්නේ නැහැ. ඇයි මට මෙහෙම වුණේ කියලා වැරදුණු තැන මම තවම සොයනවා.


ශිෂ්‍යත්වෙ විභාගය පාස්වෙලා ලොකු මහත්තයෙක් කරන්න ලොකු ඉස්කෝලෙකට දාලා අහස උසට මාලිගා තනපු ඒ අම්මාගේ තාත්තගේ හීන නැවත ගොඩ නගන්න බැරි තරමටම කඩා වැටිලා. මේ කථාව කිව්වේ තමන්ගේ දරුවා ලොකු ඉස්කෝලවලට දාන්න එපා කියලවත් හොස්ටල් දාන්න එපා කියලවත් නෙමෙයි. එක දරුවෙක් වැරැදි කළා කියලා අනෙක් දරුවො ඔක්කොම වැරැදි නැහැ. දරුවා කියන මේ සම්පත රැකගන්න මේ දරුවන්ට මීට වඩා ලොකු අවධානයක් අවශ්‍යයි.


නම්ගම් මන:කල්පිත බව කරුණාවෙන් සලකන්න. 

m



අදහස් (0)

පෙම්වතියට රිද්දන්න ගිහින් වැඩ වරද්දා ගත් කසුන්

මාර්ක් Tuesday, 24 May 2016 08:02 PM

දෙමපියනේ, සහෝදර සහෝදරියනේ, දැන්වත් ෆෛස්බූක් වගේ පඹ ගාල වල පටලවෙන්න කිසි කෙනෙකුට ඉඩ තියන්න එපා. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 2440 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 331 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 961 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 84 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 178 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 232 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38904 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25517 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1024 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 365 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site