IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


පෙම් කරන්න දඹුලූගල නැග්ග දරු දැරියන්ට පොලිසියෙන් පංතියක්

14-page1-S2-4 dffh 

 

උපකාරක පංති පැමිණි බාලවයස්කාර දරු දැරියන් පිරිසකට දඹුලූ ගල මතදී දඹුල්ල පොලිසියෙන් විශේෂ උපකාරක පංති පැවැත්වීම මේ දිනවල ආරම්භ කැර ඇත. ඒ දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සාරනාත් සමරකෝන් මහතාගේ උපදේශකත්වයෙනි. රංගිරි දඹුල්ල ඉතා ලෝක ප‍්‍රසිද්ධියට ලක්ව ඇත්තේ ලෙන් විහාර සංකීර්ණය නිසාවෙනි. එහෙත් වර්තමානයේ යෞවන යෞවනියන් අතර ප‍්‍රසිද්ධවී ඇත්තේ පංති මගහැර ගල්ගුහා අස්සේ පෙම්සුව විඳීමට ඇති ආරක්ෂිත ස්ථානයක් ලෙසයි.

 

 

මහනුවර, කුරුණෑගල, මාතලේ, පොලොන්නරුව, අනුරාධපුර දිස්ත‍්‍රික්කවල දරු දැරියෝ නිතර නිතර දඹුලූ විහාරයට පැමිණෙති. එපමණක් ද නොව එසේ පැමිණෙන දැරියන් තවත් පිරිසකගේ ගොදුරු බවට පත්කැර ගැනීමේ සංවිධානාත්මක කල්ලියක් ද දඹුලූ ලෙන ආසන්නයේ රැඳී සිටිති.


මේ කිසිත් නොදන්නා පාසල් අධ්‍යාපනය ලැබූ සමාජ අධ්‍යාපනය නොලද පුංචි දරු දැරියෝ ආදරය කිරීමට දඹුලූ ගලට පැමිණෙති. දඹුලූ ගලේ ඇති කැලෑබද ප‍්‍රදේශවල සිදුවන බොහෝ දේ සියැසින් දුටුවෝ මිනිසුන්ට වඩා රිලා වඳුරෝයි.


සිවිල් ආරක්ෂක කමිටුවල සාමාජිකයෝ මේ තත්ත්වය පිළිබඳව දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සාරනාත් සමරකෝන් මහතාට දැනුම් දුන්නේය. මේ පිළිබඳව කරුණු අවබෝධ කැර ගැනීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුන පොලිස් කණ්ඩායමක් දින ගණනාවක් දඹුලූ ගලට යවා එහි සිදුවන ක‍්‍රියාදාමය පිළිබඳව සත්‍ය වාර්තාවක් ලබාගත් සමරකෝන් මහතා දඹුලූ ගල කාර්යබහුල වන්නේ ඉරිදා, සෙනසුරාදා සහ පෝය දිනවල බව හඳුනාගත්තේය.

dth
පසුව රජයේ නිවාඩු දිනයක් යොදාගත් සමරකෝන් මහතා තම පොලිසියේ සිටිනා කාන්තා පොලිස් නිලධාරීන් හා තවත් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් කැඳවා තාවකාලික පෙම්වතුන් ලෙස ඔවුන් වෙස්ගැන්වීය. දඹුලූ ගලේ තැන තැන ස්ථානගත කර පැය කීපයක් ගත කිරීමෙන් පසු දඹුලූ ගලේ පෙම්සුව විඳිමින් සිටි ජෝඩු සිය භාරයට ගත්හ.


මෙම දරුවන් සියලූදෙනා අවුරුදු 18 ට අඩු අයවීම විශේෂත්වයකි. එමෙන්ම ඔවුන්ගෙන් ඇතමුන් ගස් ගල් යට හැසිරුණ ආකාරය එහි රැකවල් දා සිටි පොලිස් කාන්තාවන්ට ජීවිතයේ අමතක නොවන පාඩම් කියා දෙන්නක් විය.


”අම්මලා තාත්තලා දරුවන්ට උගන්වන්ඩ වෙන මහන්සිය. ඒත් දෙයියනේ කටේ කිරි සුවඳ යන්නට පෙර දරුවන් මේ තරම් අශෝබන ලෙස හැසිරෙන්නේ කොහොමද?” පොලිස් කොස්තාපල්වරියක් වන කුමාරි මහත්මිය අප සමග කියමින් ඉකිගසා හඬන්නට වූවාය.


පොලිස් භාරයට ගත් සියලූදෙනා දඹුලූ ගල පාමුල පිහිටි බෝධිය සෙවනට රැගෙන විත් දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා හමුවට ඉදිරිපත් කළේය. ගෑනු දරුවන් මෙන්ම පිරිමි දරුවන් ද භීතියෙන් හඬා වැටෙන අයුරු අප දුටුවෙමු. ඔවුන් සිතුවේ පොලිසිය තමන්ව රැුගෙන ගොස් දෙමාපියන්ට භාරදී නීතිය ක‍්‍රියාත්මක කරයි. දඬුවම් ලබාදෙයි කියාය.


එහෙත් දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සාරනාත් සමරකෝන් මහතා දරුවන්ට කතා කළේ ඔවුන්ගේ ළඟම ඥාතියකු ලෙසිනි.


”දරුවනේ ඔයාල බයවෙන්න එපා. මම දෙමාපියන්ට කියන්නේ නැහැ. අපිට  ඕනෑ ඔයාලා නිවැරදි මගට ගන්න. වැරදි වෙන්නේ ඔයාලා නොදන්නා නිසා. ඒ නිසා ඔයාලට නොදන්න දේ කියලා දීම අපේ යුතුකමක්. ඒ යුතුකම මම ඉටුකරන්නේ.” එම කතාවත් සමග භීතියෙන් සිටි දරු දැරියන්ගේ මුහුණු යම් මට්ටමකට පැහැපත් වන අයුරු දුටුවෙමු.


මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා මෙම දරුවන් කීපදෙනෙකුගෙන් ප‍්‍රශ්න කරන්නට විය. එහිදී කියැවුණේ මහා කනගාටුදායක හා දුක්මුසු කතා පුවත්ය.

14-page1-S2-1
ඇතැම් දරුවන්ගේ දෙමාපියන් ගොවීන්ය. පුංචි පුංචි රැකියා කරන අයගේ දරුවන්ය. තවත් කීපදෙනෙකු රජයේ උසස් රැකියාවල නිරත නිලධාරීන්ගේ දරුවන්ය. මෙහි සිටි කිසිම දරුවකුගේ දෙමාපියෙක් එම දරුවන් දඹුලූ ගලට පැමිණි බව නොදැන සිටි බව දරුවෝ කීහ.


මෙහිදී දරුවන් ඇමැතූ දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සාරනාත් සමරකෝන් මහතා. ”ඔයාලා අනාගතේ මේ රට භාරගන්න ඉන්න පිරිස. මේ රටේ සිදුවෙන අපරාධ රැුසක් වෙලා තියෙන්නේ මේ වගේ අනාරක්ෂිතව පැමිණීම නිසයි.


මෙතන ඉන්න කිසිම කෙනෙකුට තවම තමන්වත් බලාගන්න බැරි පුංචි දරුවෝ. හැඟීම්වලට යටවෙන්න එපා. තමන්ගේ දෙමාපියන් දැන් බත් පිඟාන බෙදාගෙන මග බලාගෙන ඉන්නවා දරුවෝ පන්ති ඇරිලා ගෙදර එනකල්. ඒත් ඔයාලා ඒ අහිංසක බලාපොරොත්තු තුට්ටුවකට මායිම් කරන්නේ නැතිව කිලෝමීටර් 50 - 60 දුර ගෙවාගෙන දඹුලූ ඇවිල්ලා. බැරි වෙලාවත් මෙහේදී කරදරයක් වුණානම් කොහොමද දෙමාපියන් දැනගන්නේ?


දෙමාපියන් දරුවන් කෙරේ තබලා තියෙන විශ්වාසය පලූදු කළොත් දුවේ පුතේ ඒ අයට අනාගතය සරුකර ගන්න අමාරුයි.


ඇතැම්විට අපි තරම් අපේ දෙමාපියන් ඉගෙනගෙන නැහැ. හැබැයි ඒ අය ඉගෙන ගත්තු සමාජ විශ්වවිද්‍යාලය, සංස්කෘතික හා හැදියාව කියන උපාධිය ඒ අයට තියෙනවා. ඒ නිසා ඒ අය අපට වඩා අත්දැකීම් බහුල අය. අපි දෙමාපියන්ට කීකරුව හැදුනාම තමයි වැදගත් මිනිස්සු වෙන්නෙ. අපිට වැරදුනොත් ආයේ හදාගන්න බෑ.”


දිගින් දිගටම දරුවන්ට අවවාද දෙන්නට විය. දරුවෝ හඬා වැටෙන්නට වූහ. තමන් කළ ක‍්‍රියාව තේරුම් ගත් දරු දැරියන්ට පරිස්සමින් නිවෙස්වලට යන ලෙස දැනුම් දුන්නේය.


ඒත් සමගම දරුවන් කීපදෙනෙකු කූඩුවෙන් එළියට ගිය ගිරවුන් ලෙස පිටව ගියහ. බොහෝදෙනෙකු හඬා වැටෙමින් මූලස්ථාන පොලිස් පරීක්ෂක සාරනාත් සමරකෝන් මහතාගේ කකුල්දෙක අල්ලා වැඳ වැටෙමින් කීවේ ජීවිත කාලයටම මෙම පාඩම මතක තබාගන්නා බවයි. පිරිසට තෙරුවන් සරණ ප‍්‍රාර්ථනා කළ පොලිසිය දරුවන් පිටත්කැර යැවූහ.

 

M



අදහස් (0)

පෙම් කරන්න දඹුලූගල නැග්ග දරු දැරියන්ට පොලිසියෙන් පංතියක්

සොයිසා Wednesday, 18 February 2015 05:44 AM

අතමිට තියෙන දෙමාපියන්ගේ දරුවෝ සුපිරි හෝටල් වල මීට වඩා දුරදිග යනවා. නීතිය ඒවාට ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? (නි)

:       0       0

ස්ටැන්ලි Thursday, 19 February 2015 06:30 PM

මේ අබුද්දස්ස කලේ හැදෙන කොල්ලෝ කෙල්ලෝ හදන්න පොලිස් නෙවෙයි හමුදාව ආවත් හදන්න පුලුවන් ජාතියක් නෙවෙයි. (නදී)

:       0       0

සොයිසා Tuesday, 17 February 2015 02:44 PM

අතමිට තියෙන දෙමාපියන්ගේ දරුවෝ මීට වඩා දුර-දිග ගිහින් සුපිරි හෝටල් වලටත් යනවා.දැන දැනම මේවා නොදැක්කා වගේ නීතිය ඇස් පියාගෙන ඉන්නවාද කියලත් අපිට හිතෙනවා (නි)

:       0       0

ශිරන්ති Wednesday, 18 February 2015 08:26 AM

යොවුන් ප්‍රේමය ගැන තියුණු සමාජ කතිකාවතක් ඇතිවිය යුතු කාලය එළඹ ඇතැයි සිතේ . පෙම් උයන් පිලිබදව පසුගිය කාලයේ ඇමතිවරයකු කල ප්‍රකාශ සමච්චලයට ලක් කලත් එවැනි තැනක් හෝ තිබුණා නම් වගකීමක් ඇතිව හැසිරීමට මොවුන් පෙළඹෙනු ඇත . (අ)

:       0       0

මයික් Tuesday, 17 February 2015 09:01 AM

ඇත්තටම හොද දෙයක් කරලා තියෙන්නේ....ඔබතුමාට පින් වගේම ඒ ලමයින්ට කවදා හරි හොද තැනක ඉන්න කොට ඔබතුමාව මතක් වේයි..(නදී)

:       0       0

දුමින්ද Sunday, 22 February 2015 01:30 PM

18දි පෙම් නොකර 60දි කරන්නද?(හේ)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Monday, 23 February 2015 07:04 AM

දුමින්ද.....එතන ඔයාගේ දරුවෙකුත් හිටියනම් .....පොලිසියේ මහත් වරුනි තම තමන්ගේ බලප්‍රදේශ තුළ මෙවැනි මෙහෙයුම් ක්‍රියාත්මක වෙතොත් ජාතියේ දරුවන්ගේ හෙට දවස් මීට වඩා සුබවේවී.දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට ජාතියේ ප්‍රණාමය.(හේ)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 17 February 2015 08:17 PM

දරිද්‍රතාවය, ඉච්ඡා භංගත්වය ඉහළ පන්ති වලට යනවිට තරුණ සිසු සිසුවියන්ට තදින්ම දැනේ. බොහෝ දැරිවියන් පවුලේ අගහිඟකම් නිසා හැකි ඉක්මනින් නිවසින් පිටවීමට අකමැත්තෙන් වුවද පෙළඹෙන බව විශ්‍රාමික ගුරුවරයෙක් ලෙස මම දනිමි උපකාරක පන්ති වලට තම මිතුරු මිතුරියන් යද්දී මෙම දිළිඳු දරුවන්ගේ අනාගත අපේක්ෂා ඉබේම බිඳවැටී කොපමණ බුද්ධිමත් වුවත් පාසලෙන් ඉවත්වීම සමාජ අසාධාරණය මැනවින් පෙන්වන්නකි (නි)

:       0       0

ගයාන් Tuesday, 17 February 2015 10:03 AM

ඉතාම වටිනා ක්‍රියාවක්. තමන් චන්ඩිය නොවී, ඇත්ත කියාදීම අගය කොට සැලකිය යුතුයි. පොලිසියට වටිනා චරිතයක්. හොදින් සේවය කිරීමට ලැබේවා. (නදී)

:       0       0

ලසිත් Wednesday, 18 February 2015 12:39 AM

ඉතාම වටිනා ක්‍රියාවක්, බොරු පොලිස් චණ්ඩි පාර්ට් දාන්නෙ නැතුව හරි වැරැද්ද කියලා දුන්න එක. මට මතකයි මම පාසල් යනකාලේ හරි බයයි පොලිසියට අහුවෙයි කියලා. මොකද ගෙදරට කතාකරලා කියන නිසා. (නි)

:       0       0

සුජාන් Tuesday, 17 February 2015 10:32 AM

පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු පිරිසට ජාතියේ උත්තමාචාරය...!(නදී)

:       0       0

අමිත Wednesday, 18 February 2015 02:37 AM

ඉතාම හොඳ වැඩක්. අපේ සුබ පැතුම්! අන්න ඒ වගේ මිනිස්සු වුණා නම් හැම පොලිස් මහතෙක්ම?? (නි)

:       0       0

ප්‍රසාද් Wednesday, 18 February 2015 03:07 AM

අවංකවම කියනවා නම් අද සමාඡයට වටිනා ආදර්ශයක් එම පොලීසිය විසින් ලබාදුන්නා.අද සමාඡයේ බොහෝ දෙනෙක් පොලීයේ අයට බනිනවා.ඒ බනින්නේ පොලීසියෙන් වැරදි කරන අය සිටින නිසා.නමුත් ඒ අතරින් ඉතා අවංකව සේවය කරන පොලිස් නිළධාරීන් සිටිිනවා.ඒ අතරින් දඔුල්ල පොලීසියේ නිළධාරීන්. මෙවැනි පොලිස් නිළධාරීන් අපි අගය කරනවා.ඔබලාට පැහැබර අනාගතයකට මම සුභ පතනවා! (නි)

:       0       0

ජීවන්ත Tuesday, 17 February 2015 11:49 AM

ඇත්තටම හොඳයි. ගොඩක් අය කරන්නේ මේ අයව අරන් ගිහින් බය කරලා නොමග යවන එක (නදී)

:       0       0

තේහන් Tuesday, 17 February 2015 11:49 AM

සාරනාත් සමරකෝන් මැති තුමනි ඔබ තුමාට සදා ජය. මෙන්න රටේ ආඩම්බරකාර තාත්තා. (නදී)

:       0       0

රක්‍ෂිත පැරිසිය Friday, 20 February 2015 08:06 PM

මේවා තමයි යහපාලනයේ වෙනස්කම් ‍(දිල්) 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 199 0

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 142 0

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 67 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


අනුරපුර සිට මහනුවරට දළදා වහන්සේ වැඩි ගමන් මග
2025 අප්‍රේල් මස 22 164 0

මහනුවර දළදා මැදුරේ තැන්පත් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ යටි හනුවේ වම් දන්ත ධාතුන් වහන්සේය. හේමමාලා කුමරිය සහ දන්ත කුමරු ගෙන ආ කුඩා කරඬුව මැදිකර මේ වන ව


ජාත්‍යන්තර සබඳතා කෙසේ විය යුතුද?
2025 අප්‍රේල් මස 22 83 0

ජනතා විමුක්ති පෙරමුණ කේඩරවාදී දේශපාලන පක්ෂයකි. එම පක්ෂය බිහි වෙන්නේ කිසියම් දුරට චීන කොමියුනිස්ට්වාදය නැතිනම් මාඕවාදය පදනම් කරගෙනය. මේ සන්දර්භයේ ඉන්


පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 630 1

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 615 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 318 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 466 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site