IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


පෙම් හබ නිසා ගෙදර ගිය ජනපති

   

 

අද මේ තීරයෙන් හඳුන්වා දෙන්නේ ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකලස් සර්කෝසිය. 2007 මැයි 16 දා සිට 2012 මැයි 15 දා තෙක් ප්‍රංශය පාලනය කළේ ඔහුය. ජැක් චිරාක් ගෙන් පසුව ඔහු බලයට පත්විය. 2012 මැතිවරණයේදී ප්‍රංශුවා ඔලන්දේ ඔහුට වඩා වැඩි ඡන්ද 11,39,983ක් ලැබ ජනපති තනතුර දිනා ගත්තේය. 2014 ජූලි 2 දා බලය අයුතු ලෙස යෙදවීමත් දූෂණ හා වංචා ක්‍රියාවල නිරත වීම ආදී චෝදනා යටතේ සර්කෝසිට එරෙහිව නඩු පවරණ ලදි. ජනපති පදවියට ආයුබෝවන් කියා ඔහුට ගෙදර යාමට සිදුවූයේ ඔහුගේ ජීවිතයේ පෙම් හබ නිසාය.

 

06_page_2-RS
අද 60 වැනි වියේ පසුවන සර්කෝසි ප්‍රංශයේ මුල් පුටුව දක්වා පැමිණි ගමන් මඟ අපූරු සංචාරයකි. මොහුගේ ජීවිතයේ අප්‍රකට තොරතුරු අපමණය. ප්‍රංශය ගැන කතා කරද්දී ප්‍රංශ විප්ලවය, බැස්ටීලය බිඳ වැටීම, නැපෝලියන් බොනපාට්, සහ චාල්ස් ඩිගෝල් ගැනද නිතැතින්ම මතකයට නැගේ.
වර්ග කිලෝ මීටර 6,40,679ක් විශාල ප්‍රංශයේ අද මුළු ජනගහනය හය කෝටි හැත්තෑ ලක්‍ෂයකි. ලෝකයේ මහ බලවතුන් පස් දෙනාගේ ලැයිස්තුවට මේ ප්‍රංශය ඇතුළත්ය. කලකට පෙර මේ කියන ප්‍රංශයේ පැරිස් නුවර අවුරුද්දක කාලයක් රැඳී සිටීමට මට අවස්ථාව ලැබිණි.


ප්‍රංශයේ මුල් පුටුවට පත්වී පැරිස් නුවර එලිසී මන්දිරයට (Elysee Palace) පිය නැගූ සර්කෝසි 3න් වරක් විවාහ වූ පුද්ගලයෙකි. ළමයින් සිව්දෙනෙකුගේ පියෙකි. උපතින්ම ඉතා ධනවත් පවුලක සාමාජිකයෙකි. ජනපති වූ පසුද කෙළිලොල්, දඟකාර ජීවිතයක් ගත කළ රසවතෙකි. ආදරය හා වින්දනයට මුල් තැන දුන් දේශපාලකයෙකි. ලොව බලසම්පන්නම හමුදාවක් මෙහෙයවද්දී පෙම් පහසින් අමන්දානන්දයට පත්වූ රසකාමියෙකි.


ඔහුගේ පියා සහ මව හන්ගේරියානු ජාතිකයෝය. පසු කලෙක ඔව්හු ප්‍රංශයට පැමිණ එහි පදිංචි වූහ. සර්කෝසි ඉපදුණේ ප්‍රංශයේය. අධ්‍යාපනය නිම කිරීමෙන් පසු නීතිඥයකු බවට පත්විය. කලකට පෙර ඉතාලියේ හිටපු අගමැති සිල්වියෝ බර්ලුස්කෝනිගේ නීතිඥයා වශයෙන්ද ඔහු කටයුතු කර තිබේ.


සර්කෝසි දේශපාලනය ඇරඹුවේ ප්‍රංශයේ හුයි සර්සීන් ප්‍රදේශයෙනි. 1947 සිට 1983 දක්වා එහි නගරාධිපති තනතුර දැරූ ඇකිල් පෙරෙට් ඔහුගේ ප්‍රථම දේශපාලන ගුරුවරයාය. මේ පුරපතිවරයාගේ පිහිටෙන් ඔහු ප්‍රාදේශීය දේශපාලනයට පිවිසුණේය. පුරපතිවරයාගේ ඥාති දියණියකි මේරි ඩොමිනික්.(Marie dominique Culioli) සර්කෝසිට මේරි මුලින්ම හමුවුණේ 1980 වසරේදීය. ඒ වනවිට සර්කෝසි 25 හැවිරිදි කඩවසම් තරුණයෙකි.

55

 

නිකලස්-මේරි හමුව අහම්බයෙන් සිදුවූවකි. ආදරය පාවෙන්නේ දිව්‍ය ලෝකයේ වලාකුළු අතරද? උතුරා ගලා යන ආදරයෙන් මේ දෙදෙනා මුසපත් වුණාද? මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ යයි නිකලස් සර්කෝසි ප්‍රාර්ථනා කළේය. දෙදෙනාගේ හදවත් පතුලේ පෙම් සිහින ජනිත විය.


ඔහු ප්‍රංශයේ පාලකයා වනු ඇතැයි මේරි සිහිනෙන්වත් සිතුවේ නැත. ඇයගේ ආදර නිල් දෑස වෙතින් විහිදුණ කාන්තිය තුළින් ඔහු විකසිත විය. දේශපාලන පොර පිටියේ, පොර බදමින්, උසාවියේ නීති තර්කවල පැටලෙමින් සිටි නිකලස් සර්කෝසි ඒ සියල්ල මඳකට පසෙකලා ආදර සාගරයේ කිමිදුණ මොහොත මෙයයි.


“ජීවිතය මෙතරම් සුන්දර දැයි” නිකලස් මේරිගෙන් විමසීය. එයට ඇය දුන් පිළිතුර ආදර බළකොටුවේ ඔබ සුරැකිව තබා ගමී යන්නයි. දේශපාලනයත්, උසාවියේ නීති තර්කත් අතරට ආදරය පටලවා ගත් නිකලස් සර්කෝසි තරුණයා තම  ප්‍රථම දේශපාලන ජයග්‍රහණය ලබා ගත්තේ ඔහු ජීවත්වූ ප්‍රදේශයේ නගරාධිපතිවරයා බවට පත්වීමෙනි.


පුරපති තනතුරට පත් මේ තරුණයා තම ප්‍රේවන්තිය වූ මේරි සමඟ විවාහ වූයේ 1982 සැප්තැම්බර් 23දාය. 1982 නිකලස් සර්කෝසිගේ ජීවිතයේ පෙරළි දෙකක් සිදුවූ වසරක් වශයෙන් හැඳින්විය හැකිය. ඔවුන්ගේ පවුලට පුතුන් දෙදෙනෙකු එක් වූයේ 1985 සහ 1986 වර්ෂ වලදීය. ඒ පියරේ සහ ජීන්ය.
1996 වර්ෂය වන විට ඔහු මුළු මහත් ප්‍රංශය පුරාම ප්‍රසිද්ධියට පත්වී සිටි දේශපාලකයෙකි. ප්‍රාදේශීය දේශපාලනයෙන් ප්‍රධාන දේශපාලන කරළියට අවතීර්ණ වී සිටි ප්‍රබලයෙකි. ඔහුගේ මුල් විවාහය පැවතියේ වසර 14ක් පමණකි. ප්‍රංශයේ අගනුවර වූ පැරිස් :ඡ්රසි* නුවරට සංක්‍රමණය වීමත්, මුල් බිරිඳ වූ මේරිගෙන් දික්කසාද වීමත් සිදුවූයේ 1996 වර්ෂයේදීය.


නිකලස් සර්කෝසි රටපුරා ජනප්‍රිය වීම තුළින් ඔහුගේ පවුල් ජීවිතය දෙදරා ගියේය. මේ කඩවසම් ජනප්‍රිය චරිතය වටා තරුණියන් විශාල වශයෙන් ඒකරාශී වීම මේරි නොරිස්සුවාය. ඔහුගේ කාර්ය බහුල දේශපාලන දිවිය තුළින් පවුල් ජීවිතය අවුල් විය. දේශපාලන පොරපිටියේ තවදුරටත් ඉදිරියට යනවාද පවුල සමඟ ගමේම දිවි ගෙවනවාද යන උභතෝකෝටික ප්‍රශ්නයට ඔහු මැදිවිය. අවසානයේදී දේශපාලනයට මුල් තැන දීමට ඔහු නිගමනය කළේය. මුල් බිරිඳගෙන් වෙන්වී පැරිසියට ළඟාවීම ඔහු ජීවිතයේ පැන්න ලොකුම පිම්මයි.

 


කුමට එක් වුණාදෝ කෙළෙස වෙන්වුණාදෝ
මෙය කුමන ආකාරයේ පිම්මක් වුවත් මෙහිදී කීමට ඇත්තේ කුමට එක්වුණාදෝ කෙළෙස වෙන්වුනාදෝ යන්නයි. බොහෝ විවාහ ජීවිත වලට කණකොක් හඬ නඟන්නේ මෙසේ නොසිතූ නොපැතූ පරිද්දෙනි.


ඊළඟ වසර කීපය තුළ නිකලස්ගේ ජීවිතයේ පෙරළි රාශියක් සිදුවිය. යුනියන් ෆෝ අ පොපියුලර් මුව්මන්ට් (UMP) දේශපාලන පක්‍ෂයේ සභාපති තනතුරට පත්වීමම ඉන් එකකි. ජැක් චිරාක් ජනාධිපතිවරයාගේ කැබිනට් මණ්ඩලයේ මුදල් ඇමති පදවියද පසුව අභ්‍යන්තර කටයුතු ඇමති පදවියද දැරීමට ඔහුට අවස්ථාව ලැබිණි. මෙසේ පියවරෙන් පියවර ඔහු දේශපාලන පොර පිටියේ ඉදිරියටම ගියේය. කැපවීම තුළින් ඔහු මෙසේ ජයග්‍රහණ රැසක් අත්පත් කර ගත්තේය.

fsd

ලොව බොහෝ අයට ආදරය හා කාමය අතර පවතින සැබෑ වෙනස තේරුම් කර ගැනීමට නොහැකිය. අද බොහෝ රටවල පවුල් ජීවිත අසාර්ථක වන්නේ මේ නිසාය. අද දියුණු යයි කියන සෑම රටකම පාහේ විවාහ වූ අයට නීතියෙන් වෙන්වීම ඉතා පහසු කාර්යයකි. කල්ගත වන ක්‍රියාදාමයක් නොවේ.


නිකලස් සර්කෝසි තම මුල් බිරිඳ සමඟ යුග දිවියක් ගත කරද්දීම සිසිලියා නැමති කාන්තාවක සමඟද සබඳතාවක් පැවැත්වූ බව මාධ්‍ය වාර්තා දක්වයි. කවුරුද මේ සිසිලියා ඇයගේ සම්පූර්ණ නම සිසිලියා මේරි සිග්නර් ඇල්බෙනිස්ය. (Cecilia Maria Ciganer Albeniz) ඇය මෝස්තර නිරූපණ ශිල්පිනියකි. මාධ්‍යවේදිනියකි. ඇය හමුවූ විට ඔහුට සිතුණේ ජීවිතේ සුන්දරද මෙතරම් කියලාය.


උපුල් නුවන් විදහා ඔහු සිනාසුණේය. ඇයත් සිනාසුණාය. දෙහදක් එකට එක්විය. මේ සමයේදීම නිකලස්ට ලා ෆිගාරෝ (Le Figaro) පත්‍රයේ තවත් මාධ්‍යවේදිනියක වූ ඇනී (Anne) හමුවිය. ඔහු ඇනී සමඟද කිට්ටු සබඳතාවක් පැවැත්වූ බව ප්‍රංශයේ මාධ්‍යයන්ට රහසක් නොවීය. ඔහුගේ මේ ප්‍රේම කතාන්දරය පිළිබඳ විස්තර පුවත්පත් වල පිටු පුරා දිග හැරෙන්නට පටන් ගත්තේය. තම අවසන් අරමුණ ඉටු කර ගැනීමට නම් සෙල්ලක්කාර ජීවිතයෙන් මිදී සාර්ථක පවුල් ජීවිතයක් ගෙවන සැමියෙකු බව පෙන්වා ජනතාව අතරට යාම කාලෝචිත බව ඔහු අවබෝධ කර ගත්තේය. ඇනී අමතක කොට සිසිලියා සමඟ ඔහු විවාහ වුණේය. ඒ 1996 වර්ෂයේදීය. ඔහු ගත් මෙම පියවර ඔහුව විවේචනය කළ අයට දුන් හොඳම පිළිතුරය.


ඒ වනවිටත් සිසිලියා සහ ඇනී මාධ්‍යයන් ඔස්සේ ඔහුගේ ප්‍රතිරූපය ගොඩ නංවා තිබුණි. මෙය ඔහුගේ ඉදිරි දේශපාලන ගමනට බෙහෙවින් ඉවහල් විය. දෙවැනි බිරිඳ වූ සිසිලියා මේරි විවිධ මාධ්‍ය ආයතනවල සහය ඇතිව නිකලස් සර්කෝසිගේ සමාජ සේවා කටයුතුවලට පුළුල් ප්‍රචාරයක් ලබා දීමට කටයුතු කළාය.


මේ සිසිලියා මේරි මුලින්ම සර්කෝසිට හමුවීමේ කතාන්දරයද අපූරු සිද්ධියකි. සිසිලියා මේරි මුලින්ම විවාහ වූයේ ජනප්‍රිය රූපවාහිනී නිවේදකයකු වූ ජැක් මාර්ටින් සමඟය. ඒ 1983 වසරේදීය. විවාහය සිදු වූයේ ඔවුන් සිටි ප්‍රදේශයේ නගර සභාව තුළය. විවාහය සිදු කළේ එවිට එහි නගරාධිපති වූ නිකලස් සර්කෝසිය. විවාහයට අත්සන් කළේ නගරාධිපති නිකලස් සර්කෝසිය. සර්කෝසිගේ හිත මනාලිය වෙත ඇදී ගියේ විදුලි වේගයෙනි. එය ආදර දහනක් ජනිත කළ මොහොතක් විය. “මල්සර හදකට තුරුලු වෙලා තව එක හදකට මුකුළු කළා” යනුවෙන් මේ සිද්ධිය කෙටියෙන් සඳහන් කළ හැකිය. විවාහ දිනයේ මනමාලයා හැරෙන්නට තවත් අයෙකු මනමාලියට ආදරය කිරීම අමුතුම සිද්ධියක් නොවන්නේද? “ඔබ මගෙ කිරුළයි ආදරයේ” කියා නිකලස් සර්කෝසි තමාටම එදා මුමුණා ගන්නට ඇත.


කාලය සෙමින් ගෙවී ගියේය. නිකලස් මේ මනමාලිය සමඟ රහසේ පෙම් ජවනිකා රඟපෑ බව ප්‍රචාරය වන්නට විය. සිසිලියා මේරිගේ විවාහ ජීවිතය වැඩි කල් නොපැවතුණි. ඒ වනවිට ඇය මෙන්ම නිකලස්ද මුල් විවාහවලින් වෙන්වී සිටි තනිකඩයෝය. 1996 ඔක්තෝබර් 23 දා මේ දෙදෙනා අතර විවාහය සිදුවිය. ඒ වනවිට නිකලස් සර්කෝසි ප්‍රංශයේ මුදල් ඇමතිවරයාය.


මෙහිදී විශේෂ යමක්ද සඳහන් කළ යුතුමය. නිකලස් සර්කෝසිගේ මුල් බිරිඳගේ නම මේරි ඩොමිනික් වීමත්, දෙවැනි බිරිඳගේ නමට “මේරී” කෑල්ලක් එකතු වීමත්, මේ විශේෂ සිද්ධියයි. මේ මේරිලා දෙදෙනා සමඟ ගත කළ ජීවිතය ගැන සර්කෝසි පසු කලෙක ලිව්වේ මෙසේය. “මගේ ජීවිතයට මගේ ඉදිරි ගමනට ශක්තියක් වූයේ සිසිලියා මේරිය.”


2007 මැයි 16දා ප්‍රංශයේ ජනපති ඡන්දයෙන් සර්කෝසි විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනිද්දී ඔහු සමඟ සෙවණැල්ලක් මෙන් සිටියේ ඔහුගේ දෙවැනි බිරිඳවූ සිසිලියා මේරිය. පැරිස් නුවර අයිෆල් කුලුන පේන තෙක් මානයේ පිහිටි එලිසී මාලිගාව මේ දෙදෙනාගේ වාසස්ථානය බවට පත්විය. මට මෙහිදී සිහිවන්නේ කලකට පෙර පැරිසියේ චාල්ස් ඩිගෝල් එතුවාල් අසල වසරක පමණ කාලයක් ගත කළ සුන්දර සමයයි. ප්‍රංශය වූ කලී මිහිපිට ඇති සුන්දරම රටවලින් එකකි.


සිසිලියා මේරිට ප්‍රංශයේ ජනාධිපති සර්කෝසි සමඟ මේ මහ මැදුරේ එකට ගත කිරීමට හැකිවූයේ මාස 5ක් පමණකි. 2007 ඔක්තෝබර් 18දා ජනපති සර්කෝසි සිසිලියා මේරි ගෙන් දික්කසාද විය. ඇයට එලිසි මන්දිරයට මෙන්ම ජනපති සැමියාට “ආයුබෝවන්” කීමට සිදු වූයේ එවිටය.


නිකලස් සර්කෝසි ජනපති වීමෙන් පසු පැටලුණේ සුරූපි චිත්‍රපට නිළියක සමඟය. ඇය චිත්‍රපට තාරකාවක් පමණක් නොවේ ගායිකාවකි. නළඟනකි. මෝස්තර නිරූපිකාවකි. ඇය සතුව පැවතුණේ රසිකයන් මෝහනයට පත් කරන මධුර මනෝහර මියුරු කටහඬකි. මනහර පෙනුමකි. මේ සුරූපිනිය මුල් වරට ජනපති නිකලස් සර්කෝසිගේ නෙත ගැටුණේ රාත්‍රී භෝජන සංග්‍රහයකදීය.


අඩ අඳුරේ, කර්ණ රසායන ගීත රාවය පැතිරෙද්දී, චමත්කාරජනක මනස්කාන්ත පරිසරය නැටුම්වලින් වඩාත් විසිතුරු වන්නට පටන් ගත්තේය. ප්‍රංශයේ සේනාධිනායකයාට තමා කවුරුන්දැයි අමතක වුණේ මෙතැනදීය. ලෝකයේ බලවත්ම පුද්ගලයන් පස් දෙනාගෙන් කෙනෙකු වූ නිකලස් සර්කෝසි රිදී තිරයේ බැබළෙන තාරකාවක වූ කාර්ලා බෲනි (Carla Brunii) සමඟ ආලිංගන නැටුමකට  (Dance)එක් වූණේ මේ සොඳුරු රැයේදීය.


සර්කෝසි-කාර්ලා හමුව සිදුවුණේ මෙසේය. “කෝකිලයා කෙවිලිය හා නැළවෙන ප්‍රේම වසන්තය මේ. රණ මොණරා මොනරිය හා සැතපෙන ප්‍රේම වසන්තය මේ.” ප්‍රංශ පාලකයා රසිකයන්ගේ හද බැඳගත් ගීත කෝකිලාව සිත දිනාගත් ඒ සොඳුරු මොහොත මෙවන් ගී පද වැලකින් වර්ණනා කළ හැකිය.


ඊට පසුදා ප්‍රංශයේ පුවත්පත්වල මුල් පිටුවේ පළවුණේ නිකලස් සර්කෝසි හා කාර්ලාගේ ආලිංගන නැටුමේ ඡායාරූපයයි. විදේශ මාධ්‍යයන්ද මෙම ඡායාරූප පළ කළේය. රූපවාහිනියද විසින් මේ නැටුම නැවත නැවත විකාශනය කරන ලදී. රට පාලනය කිරීම පසෙක තබා ප්‍රංශ ජනාධිපතිවරයා අමුතුම නැටුමක් අරඹා ඇතැයි මාධ්‍ය වාර්තා කළේය.


ප්‍රංශ ජනාධිපතිගේ මෙම “අමුතුම නැටුම” අවසන් වූයේ 2008 පෙබරවාරි 2දා එලිසි මන්දිරය ත-ුළදී නිකලස් සර්කෝසි සහ කාර්ලා බෲනි අතර විවාහය සිදුවීමෙනි. ඒ වනවිට නිකලස් ගේ වයස අවුරුදු 53කි. කාර්ලාගේ වයස අවුරුදු 40කි. මේ නිකලස් ගේ තුන්වැනි විවාහයයි. කාර්ලාගේ ප්‍රථම විවාහයයි. මේ යුවළගේ කැදැල්ලට දියණියක් එක් වූයේ 2011 ඔක්තෝබර් 19දාය.


ප්‍රංශ ජනපතිගේ පෙම් පලහිලව්ව තුළින් ඔහුගේ ජනප්‍රියත්වය බිංදුවටම බැස්සේය. ඔහු රට පාලනය කරනවා වෙනුවට තම නිරුවත් ඡායාරූප මාධ්‍යයන්ට විකුණන නළඟනක් සමඟ කම් සැප විඳින වගකීමක් නැති සෙල්ලක්කාර පුද්ගලයෙකු බව විරුද්ධවාදීහු ඔහුට චෝදනා කළහ. තම පෞද්ගලික ජීවිතය දේශපාලන කටයුතුවලට සම්බන්ධ කර ගන්නට එපා යයි නිකලස් ඉල්ලා සිටියේය. මාධ්‍යයන් ඔහුට එරෙහිව මෙහෙයුමක් ඇරඹුවේය. මෙම මඩ ප්‍රචාර අතරේ ඇමෙරිකාවේ අංක එකේ චිත්‍රපට අධ්‍යක්‍ෂකවරයකු වූ වුඩී ඇලන්ගේ (Woody Allen) පැරිසියේ මැදියම් රැයක (Mid Night in Paris) චිත්‍රපටයේ රඟ පෑමට කාර්ලාට අවස්ථාවක් ලැබිණි. මෙම චිත්‍රපටය ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය (Golden Globe Award) දිනා ගැනීමට සමත් විය. කාර්ලා වඩාත් ජනප්‍රිය වුණේ ඉන් පසුවය. ඇය සම්බොඩි ටෝල්ඞ් මී (Some Body Told Me)" පැපරාසි ප්‍රෙට් පෝටර් ආදී චිත්‍රපටවලද රඟ පෑවාය.
“මිඞ් නයිට් ඉන් පැරිස්” චිත්‍රපටයෙන් විදහා දක්වන ලද්දේ 1920 වර්ෂයේ එනම් මීට වසර 95කට පෙර පැරිස් පුරයේ සිදුවූ සිද්ධියකි. පැරණි පැරිස් නගරය එදා පැවති ආකාරය මෙම චිත්‍රපටයෙන් මනාව විදහා දක්වා තිබුණි. 


තම පෞද්ගලික ජීවිතයේ විවිධ සිද්ධීන් මෙන්ම, පෙම් සබඳතා තුළින් ලැබූ අපකීර්තිය හේතු කොට ගෙන 2012 මැතිවරණයෙන් අන්ත පරාජයක් ලැබූ නිකලස් සර්කෝසිට ප්‍රංශයේ ජනපති පදවිය අහිමි විය. ඔහු එලිසී මැදුරෙන් ගෙදර ගියේ බිරිඳ කාර්ලා සහ එකම දියණිය සමඟය. නිකලස්-කාර්ලා යුවළ දැන් මාධ්‍යයන්ට අමතක වී ඇති බව පෙනේ. නිකලස් සර්කෝසිට අවුරුදු 5ට වඩා එක දිනයක්වත් ජනපති පදවියෙහි රැදී සිටීමට නොහැකි වූණේ පාලන කටයුතුවලට ආදරය පටලවා ගත් නිසාද? පැරදුණ ඔහු ආශිර්වාද පූජා පවත්වමින් රට වටේ ගියේ නැත.

m



අදහස් (8)

පෙම් හබ නිසා ගෙදර ගිය ජනපති

තමරා Friday, 12 February 2016 02:37 AM

ආලය අන්ධයිලුනේ (නි)

:       0       0

රූපවතී Friday, 12 February 2016 11:28 AM

ලිපිය පුරාවට තිබු වැදගත් කම අවසන් වචන ටිකෙන් වෙල්ගම කීව වගේ අවුරුදු ගානක් මහන්සියෙන් දොවාගත් කිරි කලේට ගොම බින්දුවක් මෝඩකමට හලා ගත්ත කියලයි ..? අපේ මහින්ද ජනාධිපති තුමාට මඩ ගහන්න බැහැ. එතුමා හොද ස්වාමියෙක් පියෙක් ..අපේ ජාතියට සේවයක් කළ හොද රට වැසියෙක් ....(බ)

:       0       0

ජනක Friday, 12 February 2016 05:12 AM

හොඳ ලිපියක්. ඒත් මහින්ද කියන්නේ මිනිස්සු ආදරේ කරන නායකයෙක්. (නි)

:       0       0

මාලිනි Thursday, 11 February 2016 01:28 PM

හොඳ ලිපියක්.(හේ)

:       0       0

නුවන් Monday, 15 February 2016 03:58 PM

සිරි හීන්පල්ලට මොකක් හරි ලෙඩක් තියෙනවා! (කෞ)

:       0       0

නිමේධ Monday, 15 February 2016 03:10 AM

හොඳ ලිපියන් (නි)

:       0       0

වෙල්ගම Friday, 12 February 2016 10:05 AM

අන්තිම වාක්‍ය මෙතනට අදාළ නෑ නේද? කිරි කාලයක් දොවා ගොම බින්දුවක් එක කර ගැනීමක් වගේ දෙයක් උනේ. (ර)

:       0       0

ලියොන් ගුණවර්ධන Monday, 15 February 2016 07:47 PM

කාමාශාවන් මුදුන්පත් කරගැනීමට තැත්කිරීම නිසා අපකීර්තියට පත්වී තම ජනපතිධුරයද අහිමි කරගැනීම කණගාටුවට කරුණකි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 3211 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 366 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1009 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 88 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 178 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 235 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38920 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25519 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site