පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චරිත හේරත්
මීතොටමුල්ලේ කුණු කන්ද පුපුරා ගියේ මීට සතියකට පෙර ය. එය අපේ නොසැලකිල්ල නිසාම වූ බරපතළම ඛේදවාචකයකි. ඒත් ඒ ව්‍යසනය හේතු කරගෙන හෝ මේ රටේ හුඟක් අය අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව කථා කරන්නට පටන් ගෙන තිබීම නම් ඉතාමත් වැදගත්ය. යම් රටක අගනගරයක් නිර්මාණය කිරීමේ දී පිළිගත් අත්‍යවශ්‍යම සාධක දෙකක් වන්නේ එම නගරය තුළ සුසාන භූමියක් සහ ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ ස්ථානයක් තිබීම යැයි පොතක කියවූවා මට මතකය. කොළඹ නගරයට අක්කර 50 වැඩි ලොකු සුසාන භූමියක් (කනත්තක්) තිබුණත් විද්‍යාත්මකව අපද්‍රව්‍ය බැහැර කිරීමේ මධ්‍යස්ථානයක් කවදාවත්ම තිබිලා නැත. වසර පනහක් එක දිගට කොළඹ නගර සභාවේ බලය තිබුණේ එක්සත් ජාතික පක්ෂයට වුවත් බලය ලබාගත් පසු ඔවුන් හැසිරුණේ කුණු ප‍්‍රශ්නය ඒ අයට අයිති දෙයක් නොවේ වැනි ආකල්පයකින් වීම මෙයට එක හේතුවකි. ‘කොළඹ කුණු අයිති ගෝඨාභයට’ වගේ කථා අදත් සමහරුන් මාධ්‍යයට කියන්නේ මේ හැසිරීම නිසාය.
මෑත ඉතිහාසයේ කොළඹ නගර සභාවට එජාපය කෙළින්ම පත් නොවුණේ එකම එක වතාවක පමණය. ඒ නාමයෝජනා පත‍්‍ර තහනම්වීමෙන් එජාපයට ජන්දය ඉල්ලන්න නොහැකි වූ එකම අවස්ථාවකදීය. එවිටත් ඒ පක්ෂය කළේ වෙනත් ‘ඩමියක්’ දමාගෙන නගර සභාවේ බලය ලබා ගැනීම ය. ඒ අතින් බලනවිට කොළඹ නගරයේ සිටින පුරවැසියන් යැයි කියන බහුතරයක් අය බලනවා යැයි පෙනෙන්නේ එජාපයට සම්බන්ධද යන්න මිස තමන් පත් කරන නගර සභිකයන්ට මේ බරපතළ නගර සභාව පාලනය කළ හැකිද කියා නොවේ. එජාපයේ සහාය තිබෙනවා නම් ත‍්‍රිරෝද රථ රියැදුරු මහත්මයකුට වුවත් මේ ආර්ථික අග නගරය පාලනය කරන්නට හැකි යැයි සිතන පාක්ෂිකයන් තවමත් සිටින ගානය. (මා එසේ කියන්නේ රියැදුරු මහතුන් අපහසුවට පත් කිරීමට නොව මේ ප‍්‍රශ්නයේ ස්වභාවය පැහැදිලි කිරීමට නිදර්ශනයක් වශයෙන් පමණය.) පසුගිය කාලයක එජාපයේ සහායෙන් නගරාධිපති ධුරය ලබා ගත් ඒ රියැදුරු මහතා තමන්ගේ ධුරකාලය අවසන් වී ආපසු යනවිට පුවත්පත් සම්මුඛ සාකච්ජාවක් කරමින් කියා සිටියේ ‘කොළඹ ජනතාව තමන් ඔවුනගේ නගරාධිපති ලෙසින් තෝරා ගත්විට පුදුම සිතුණු බවත් තනතුරින් යන්න වෙන එක ගැන දුක හිතෙන’ බවත් ය. මේ කොළඹ ජනතාව ගැන පිටින් සිට බලන කවුරුත් කියන්නේ ඒ මහතා කියූ කථාවමය. එනම් මේ ජනතාව ගැන අපටත් වෙලාවකට ‘පුදුම’ හිතෙන බවත් තවත් වෙලාවකට ‘දුක’ හිතෙන බවත් ය.
මේ ලිපියෙන් මා සාකච්ඡා කරන්නට සිතා සිටියේ මීතොටමුල්ලේ සිද්ධිය ගැන වුවත් කථා කිරීමට සිදු වී තිබෙන්නේ ඊටත් වඩා වැදගත් කාරණයක් පිළිබඳව ය. එනම් මේ සතියේ සිදු කෙරුණු ඛනිජ තෙල් සේවකයන්ගේ වර්ජන හරහා මතු වූ දේශපාලන තත්ත්වය පිළිබඳවය. මීතොටමුල්ලේ ඛේදවාචකයෙන් මිනිස් ජීවිත බර ගණනක් විනාශ වූ බව සැබෑය. එහෙත් ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයන් මතු කළ ප‍්‍රශ්නය හරියට ආමන්ත‍්‍රණය නොකළහොත් අනාගතයේ ගෙවන්නට සිදුවිය හැකි වන්දිය විශාල වනු ඇති බව මගේ වැටහීමය. සරලවම කීවොත් මේ ප‍්‍රශ්නය නිවැරැදිව තේරුම් නොගතහොත් සහ නිවැරැදිව නොවිසඳවන්නේ නම් එය මේ රටේ අනාගත දේශපාලන තත්ත්වයන් වෙනස්වීම සම්බන්ධයෙන් බලපාන කේන්ද්‍රීය සාධකයක් බවට එය පත්වීමේ විශාල විභවයක් පවතින බව බැලූ බැල්මටම පැහැදිලිය
ඛනිජ තෙල් සේවකයන්ගේ ගැටලූව තනිකරම ගැට ගැසී ඇත්තේ මේ රටේ ආණ්ඩුවේ (විශේෂයෙන්ම එජාප කෑල්ලේ) තියෙන දේශපාලනයේ ස්වභාවය සමඟය. තෙල් සේවකයන් වැඩ වැරුවේ ති‍්‍රකුණාමලයේ ඇති ආණ්ඩුවට අයිති තෙල් ටැංකි ඉන්දියාවට බදු නොදෙන ලෙසින් බල කිරීමටය. මේ සටන් පාඨය තෙල් සංස්ථාවේ පෞද්ගලික න්‍යායපත‍්‍රයකට හෝ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමකට සම්බන්ධ දේවල් නොවන බව ඒ සේවකයන්ට උපහාරයක් වශයෙන් ම කිව යුතුය. මේ සටන මගින් මතු කරන්නේ මේ ආණ්ඩුව කි‍්‍රයාත්මක කරන ආර්ථික ප‍්‍රතිපත්තිය සහ විදේශ ප‍්‍රතිපත්තිය මගින් ඇති කරවිය හැකි බරපතළ තත්ත්වයක් ගැනය.
අපේ රටේ දේශපාලනයට ඉන්දියාවේ බලපෑම තිබුණේ අද ඊයේ නොවෙන බව කවුරුත් දන්නා කරුණකි. අවශ්‍ය නම් ඒ බලපෑම ඉතිහාසය පුරාම අපට තිබූ බවට තර්ක කළ හැකිය. අනුරාධපුර යුගයේ සිටම විවිධ ස්වරූප වලින් පෙනී සිට ඇති මේ ඉන්දියානු සාධකය එක්විටෙක සංස්කෘතික බලපෑමක් ලෙසත් තවත්විටෙක දේශපාලන බලපෑමක් ලෙසත් කරළියට පැමිණ යළිත් පසු පසට ගමන් කර තිබේ. බි‍්‍රතාන්‍ය යටත් විජිත වශයෙන් රටවල් දෙකම එකම කාලයක පැවතීම හේතුවෙන් ඒ කාලයේ අපේ රටවල් දෙක එකිනෙකාට එරෙහිව දේශපාලනය කිරීමට පෙළඹුණේ නැති වීම මෙහිදි ඉතාමත් වැදගත් කාරණයකි. අනෙක් අතට බි‍්‍රතාන්‍ය කිරීටයෙන් ඉන්දියාව වෙන්වුණේ ඒ රට එයට යටත් වූ ආකාරයට නොවීමද මෙහිදී වැදගත් වන තවත් දේශපාලන කාරණයක් ය. එක රටක් විධියට අල්ලා ගත් ඉන්දියාව සුද්දන් විසින් ආපසු භාර දුන්නේ රටවල් දෙකක් විධියටය. ඒ ඉන්දියාවත් පාකිස්ථානයත් ලෙසින් දෙකට බෙදලාය. මේ බෙදීම නිසා ඒ රටවල් දෙකට සිදුවුණේ හොඳක් ද එසේත් නැතිනම් නරකක් ද යන්න විමසීම අපට අදාළ නොවුණත් ඉන්දියාවෙන් මෙරටට සිදුවිය හැකිව තිබූ උපක‍්‍රමික බලපෑම නම් මේ බෙදීම හේතුවෙන් වෙනස් වූ බව නම් සැබෑය. නිදහස් ඉන්දියාවේ ජාත්‍යන්තර දේශපාලනය හැමවිටම කේන්ද්‍රගත වූයේ පාකිස්ථානයට එරෙහි දිසාවට වීම මෙහිදි අපට තිබූ එක් වාසියක් වූ අතර අනෙක් අතින් ඉන්දියාවේ පසු යටත්විජිත දේශපාලනයේ ආසන්නම දේශපාලන ගනුදෙනුකාරයා බවට පාකිස්ථානය පත්වීම නිසා රටක් විධියට ඉන්දියාවෙන් අපට සිදුවිය හැකිව තිබූ බලපෑම්වල බරපතළ වෙනසක් සිදු වූ බවද පිළිගැනීම නිවැරැදි ය. මේ නිසාම 1948න් පසුව ඉන්දු - ශී‍්‍ර ලංකා සම්බන්ධතාව පැවතුණේ ම යම් ආකාරයක ‘රණ්ඩු වෙවී යාලූ වෙවී’ යන මිතුරන් දෙනෙකුගේ ආකාරයක් පෙන්නුම් කරමින් ය.
මේ තත්ත්වය ඍජුවම වෙනස් වුණේ 1977 එජාප පාලනය ඇතිවීමත් සමඟය. විවෘත ආර්ථිකය මුලින්ම බරපතළ ආකාරයෙන් අත්හදා බැලීමට ගෝලීය ධනවාදය දකුණු ආසියාවෙන් තෝරා ගත්තේ ශ‍්‍රී ලංකාව ය. (මේ කාලයේම මේ අත්හදා බැලීම දකුණු ඇමරිකාවේ චිලී රටේ සිදු කළේ හමුදා පාලක පිනෝචේ හරහා ය). ඒ වැඬේට ගැළපෙන නායකයා ලෙසින් ලංකාවෙන් මතුවුණේ ජේ.ආර්. ජයවර්ධන මහතාය. ජයවර්ධන මහතාගේ දේශපාලනය ඉන්දියාවට දැනුණේ තමන්ගේ රට ආසන්නයේ ම බිහිවන ඇමරිකානු සම්බන්ධතා සහිත තර්ජනයක් ලෙසින් ය. නිදහස් වෙළෙඳ පොළ ප‍්‍රතිපත්තිය ලෙසින් ජයවර්ධන පාලනය මේ රටේ සිදු කළේ අපේ රටේ සංස්කෘතියත් ස්වදේශිකවාදි ආර්ථිකයත් විවෘත වෙළඳපොළකට තල්ලූ කිරීමය. 80 දශකය යනු ම මේ අර්බුදයෙන් ගැලවීමට මෙරට දේශපාලනයේ ජාතිකවාදි ව්‍යාපෘති සිදු කළ අරගලවල ඉතිහාසය ලෙසින් සැලකීම නිවැරැදිය. ජයවර්ධන පාලනයට එරෙහි ප‍්‍රජාතන්ත‍්‍රීය දේශපාලනය එවකට පැවති එජාප ආණ්ඩුව යටපත් කළේ චිලී රටේ පිනෝචේ ගේ පන්නයේ ම බරපතළ පහරදීම් හරහාය. බණ්ඩාරනායක මැතිනියගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරමින් ස්වාධීන බුද්ධිමතුන් වූ සරච්චන්ද්‍ර වැනි අයගේ හිස පලමින් මාදුළුවාවේ සෝභිත වැනි අයට පහර දෙමින් ගමන් කළ ඒ මාවතෙන් කොටු කළේ එළියට එන්න බැරි උගුලකය. රට තුළ ඇති වූ සහචර ධනවාදයේ සංස්කෘතිය මේ රටේ සම්පූර්ණ ආර්ථිකයත් සමාජ තලයත් වසා පැතිරි ඇත්තේ ඒ හේතුවෙන්ය. තවමත් ලිහා ගන්නට බැරි අවුලක් වූ 1978 ව්‍යවස්ථාව ගැටලූ ගොඩනැඟී ඇත්තේ ඒ හේතුවෙන් ය. කලදුටු කල වළ ඉස ගැනීමට ඉන්දියානු දේශපාලනයට හැකි වූයේ 77 දේශපාලනයෙන් මතු වූ මේ තත්ත්වය තුළය. ජයවර්ධන පාලනයේ ඇමරිකානු ගතිකයට ප‍්‍රතිචාර දක්වන්නට ඉන්දියාව තෝරා ගත්තේ වෙළඳපොළ ආර්ථිකයෙන් බැටකන දෙමළ දේශපාලනය හරහා ශ‍්‍රී ලංකාවේ දේශපාලනයට බලපෑමක් කිරීම ය. මේ අලූත් ඉන්දියානු බලපෑම මගින් දිග හැරුණේ එතෙක් කල් ‘රණ්ඩු වෙවී යාළු වෙවී’ පැමිණි සම්බන්ධතාව කෙළින්ම ‘යාළු නොවී රණ්ඩු වෙවී’ යන අලූත් තත්ත්වයකටය.
අසූව දශකයේ සිට මේ දක්වාම අපේ රටේ දේශපාලනයට ඉන්දියාවේ බලපෑම දිගටම පවතින්නේ මේ තත්ත්වය නිසා ය. සිදු වූ සියල්ල දැන් බලනවිට පේන්නේ චිත‍්‍රපටියක් වගේ වුවත් මේ රටේ පසුගිය වසර 25 දේශපාලනයට ඉන්දියානු බලපෑමේ ප‍්‍රමාණය අතිශයෙන්ම විශාලය. මෙරට තරුණ දෙමළ දේශපාලනය සම්පූර්ණයෙන්ම ඉන්දියානු බලපෑම හරහා සිදුකළ අර්බුදය නිමා වූයේ ඉන්දියාවේ අගමැතිවරයාත් ලංකාවේ ජනාධිපතිවරයාත් යන දෙදනාම ඝාතනය කරවමිනි. දකුණේ තරුණ දේශපාලනය මෙහෙයවූ විජේවීර ඇතුළු කණ්ඩායම ඉන්දියානු ව්‍යාප්තවාදයෙන් ආරම්භ වී ඉන්දියානු භාණ්ඩ වර්ජනය දක්වාම යමින් 89 තරුණ කැරැල්ල ගොඩනැඟුණු අතර ඔහුත් ඇතුළුව සියලූ සිංහල තරුණ නායකයනුත් දේශපාලනයෙන් සම්පූර්ණ ඉවත් කරමිනි. උතුරේ දේශපාලනයත් නිමා වූයේ එහි සිටි ප‍්‍රජාතන්ත‍්‍රීය දෙමළ දේශපාලන නායකයන්ගෙන් ආරම්භ වී සියලූ තරුණ දේශපාලඥයන්ගේ ජීවිතවලින් වන්දි ගෙවමිනි.
මේ ආකාරයට එක්කෝ ඍජුව ඉන්දියානු දේශපාලනයේ බලපෑම මගින් හෝ නැත්නම් ඒ බලපෑමට ප‍්‍රතිචාර දැක්වීම වක‍්‍රව ගමන් කිරීම මගින් අප ගත කර තිබෙන්නේ බරපතළ අර්බුදජනක මාවතකය. දැන් පසුගිය සතියේ ඛනිජ තෙල් සේවක වර්ජනයෙන් යළිත් වරක් මතු කළේ මේ ගමන් මාර්ගයේම තවත් පාරක් මේ රට ගමන් කිරීමේ අනතුරක් පිළිබඳවය.
මේ ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්තිය කියා එකක් හරියටම කියන්නට නැති වුණත් එජාපයේ ආර්ථික ගමන් මාර්ගය පෙන්නුම් කරන්නේ ඒ අය යන්නේ 2002-2004 කාලයේ පරණ පාරේම බවය. පරණ තැටිය ගසමින්ම බවය. ඒ අනුව පෙන්නුම් කරන්නේ රටේ විකිණිය හැකි දේවල් සියල්ලම විකිණීම ආර්ථිකයේ ජයග‍්‍රහණයක් වගේ අදහසකි. උස අයට සිකියුරිටි, මිටි අයට කම්කරු කීවාක් මෙන් දැන් කියන්න වෙන්නේ චීනයට හම්බන්තොට, ඉන්දියාවට ත‍්‍රිකුණාමලය කියාය. මේ වරාවල් දෙක මුල් කරගත් ආර්ථික මර්මස්ථාන දෙක චීනයටත් ඉන්දියාවටත් භාරදීම එක් පැත්තකින් රටේ උතුරේත් දකුණේත් බරපතළ සමාජ පීඩනයක් මතු කළ හැකි අතර එවැනි පීඩනයක අවසාන ප‍්‍රතිඵලය වන්නේ යළිත් වටයකින් උතුරත් දකුණත් ඇවිළීම විය හැකිය. එවැන්නකට කිසිදු ඉඩක් විවර නොකිරීමට වග බලා ගැනීම ඉතාමත් අවශ්‍යය.
ඛනිජ තෙල් වර්ජනය ගත යුත්තේ මේ තත්ත්වය සහ මතුවිය හැකි තර්ජනය ගැන පුර්ව මතක් කිරීමක් ලෙසින් ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පරණ පාරට හැරවීම
අසංක Friday, 28 April 2017 05:42 AM
මතුපිට ප්‍රශ්නයේ ඇතුලත පිලිබද තාර්කික සහ සත්‍ය අර්ථ දැක්වීමක්.
Deepal Nirosh Saturday, 29 April 2017 02:27 AM
ඉතාම සෞම්‍ය ආකාරයට කාලීන සත්‍යය හෙලිදරව් කර තියනවා, මේ අර්බුදයෙන් මිදීමට දැනට ජනතාව අතර ඇරඹී ඇති අරගලයට ඔබතුමාට නායකත්වයක් දෙන්න පුළුවන්නම් ඒක අති විශිෂ්ඨ නොමැකෙන මෙහෙවරක් වේවි.