හන්තානට පායන සඳ එදත් පායා තිබෙන්නට ඇත. එහෙත් ඝන වළාකුළු අහුරකින් ඒ සඳ වැසි තිබෙන්නට ඇත. නොඑසේ නම් හන්තාන කඳු වළල්ලම කම්පිත කරවමින් අකාලයේ ජීවිතයෙන් සමුගත් දික් ඕවිට කම්කානම්ලාගේ නිශාන්ත නමැති සුහුඹුල් යෞවනයාගේ ඉරණම සම්බන්ධයෙන් වැදගත්ම සාක්ෂිය රැගෙන සඳ යළිත් නැග එන්නට ඉඩ තිබිණි.
සාක්ෂියක් නොතබාම නිශාන්ත මරු වැළඳ ගත්තේය. ඔහු ගෙල වැළලාගෙන දිවි නසාගත් බව පමණක් දැනට අපි දනිමු.
කරගොඩ - උයන්ගොඩ නාරංගල උපන් නිශාන්ත අඟුණකොළපෑලැස්ස මහානාග ජාතික පාසලෙන් උසස් පෙළ හදාරා සරසවි සිහිනය සැබෑ කර ගත්තේය. ඒ 2010 වසරේදීය. 2011 වසරේ ඔක්තෝබරයේදී ඔහු සුන්දර හන්තාන අඩවියේ සරසවියට පැමිණියේය. ඉතිහාසයේ මහා ශිෂ්‍ය සටන්වලට සෙවණ දුන් මාකස් ප‍්‍රනාන්දු ශාලාවේ කාමර අංක 55හි ඔහු ලැඟුම් ගත්තේය. ඒ සරසවි ගිරි දුර්ගය තරණය කිරීමට පැමිණි තවත් සගයන් දෙදෙනකු සමගය.
කාලය ගෙවී ගොස් තිබේ. මේ 2014ය. ඉකුත් 10 වැනිදා පුහුණුවකට පැමිණ සිටි බාලදක්ෂයෝ පිරිසක් මාකස් ප‍්‍රනාන්දු ශාලාවට ඉහළ කන්ද තරණය කරමින් වනාන්තරයට ඇතුළු වූහ. බොහෝ දුරක් යාමට ඔවුන්ට අවකාශයක් නොවීය. ගසක අත්තක එල්ලෙමින් තිබූ මළ සිරුරක් දැක ඔවුහු නතර වූහ. ඒ වනවිටත් මළ සිරුර නරක්වී තිබිණි. ආරංචිය ලැව් ගින්නක් සේ සරසවි බිම් පෙත පුරා පැතිර ගියේය. මුදල් පසුම්බියේ වූ හැඳුනුම්පතින් ඔහු කවුදැයි හඳුනා ගැනුණි. ඒ නිශාන්තය. ජීවිතයට අලූත් ආරම්භයක් ඉල්ලා ඔහු පැමිණි සරසවි භූමියට ඔහුගේ ජීවිතයේ නිමාව සනිටුහන් කර තිබිණි.
විශේෂත්වයකි!
ඔහු එල්ලී සිටියේ ඔහු වසරකට ආසන්න කාලයක් ලැඟුම් ගෙන සිටි හිල්ඩා ඔබේසේකර ශාලාවේ කාමර අංක 55 දෙස එක එල්ලේම බලාගෙනය. කන්දේ අතු පතර අතරින් ඔහුගේ කාමරය මැනවින් දිස්විය.
ප‍්‍රශ්නයකි!
ඔහු මරා දැමුවාද? නොඑසේ නම් ඔහු දිවි නසා ගත්තේද? මේ පිළිබඳව විවිධ මතිමතාන්තර එළි දැක්වෙමින් තිබියදී අපි පේරාදෙණිය සරසවිය බලා ගියෙමු.
ගලහා හන්දියේ අට්ටාලයකි. ඒ අට්ටාලයට දින 52කි. සම සෞඛ්‍ය සිවු අවුරුදු පාඨමාලාව රැක ගැනීමේ සිසු සටන ඒ අට්ටාලයේ ඇවිළී යයි. සරසවි ශිෂ්‍යයෝ උදේ - දිවා - රැයේ වෙනසකින් තොරව අඛණ්ඩ සත්‍යග‍්‍රහයේ නියැලෙමින් සිටිති.
ඒ අට්ටාලය පසුකරමින් අපි සරසවි පරිශ‍්‍රයට ඇතුළු වූයෙමු.
විමතියක.
තමන්ගේ රැහේ එකෙක් මැරී තිබේ. නැතහොත් මරා දමා තිබේ. එහෙත් ඒ වෙනුවෙන් එසැවුණු සුදු කොඩියක් නැත. ශෝක ප‍්‍රකාශයක් නැත. තම සගයකුගේ සමුගැන්ම සම්බන්ධයෙන් සංවේදීවන සහෝදර හදවත් මේ භූමියේ නොමැතිද?
”මේ මරණයත් සුපුරුදු විදියට ශිෂ්‍ය ව්‍යාපාරයට මඩ ගහන්න ආණ්ඩුව පාවිච්චි කරමින් ඉන්නවා. මේ දැන් තමයි පශ්චාත් මරණ පරීක්ෂණය තිබ්බේ. ජනමාධ්‍ය ආයතනවල මහත්වරු මට කතා කරලා කිව්වා ඒ මරණ පරීක්ෂණයෙන් ඔප්පු වුණා කියලා මේක සිය දිවි නසා ගැනීමක් කියලා. ඒත් ආණ්ඩුව මේ මරණය නවක වධයක් එක්ක ගැට ගහලා ශිෂ්‍ය ව්‍යාපාරයට මඩ ගහනවා.” දිමුතු ගුණසේකර කීවේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඔහුය.
යළිත් අතීීතයට යාමට අපට සිදුවී තිබේ. නිශාන්තලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පැමිණියේ 2011 වසරේ ඔක්තෝබරයේ 17 වැනිදාය. ඉන් හරියටම දින 10කට පසුව පැමිණි රාති‍්‍රයකදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආපන ශාලා ආසන්නයේ ශිෂ්‍යයෙක් වැටී සිටියේය. කථිකාචාර්ය ඊ. එම්. එම්. ආර්. පී. එල්. නුගපිටිය මහතා හනිකට එම ශිෂ්‍යයා පේරාදෙණිය රෝහලට රැගෙන ගියේය. සරසවි පද්ධතියේ සටන්කාමි හා අව්‍යාජ ජීව ගුණය මරාදමන භයානක පිළිලයක් වන නවක වධයේ ම්ලේච්ඡත්වයේ නිරුවත රෝහල් පොලිසිය ඉදිරිපිටදී අනාවරණය විය. ආපන ශාලාව ඉදිරිපිට බිම වැටී සිටි ශිෂ්‍යයා දරුණු ලෙස නවක වධයට ලක්වී තිබිණි. එයට අමතරව මුළු මහත් සරසවි ප‍්‍රජාවටම නින්දාසහගත කැළලක් එක් කරමින් එම ශිෂ්‍යයා බරපතළ ලෙස ලිංගික අතවරයට ලක්වී ඇති බව අනාවරණය විය. වෛද්‍ය පරීක්ෂණයෙන්ද ඒ බව අනාවරණය විය.
එසේ ලිංගික අතවරයට ලක්ව සිටියේ නිශාන්ත සමග 66 කාමරයේ ලැඟුම් ගෙන සිටි සගයන් දෙදෙනාගෙන් එක් අයෙකි. එහෙයින්ම නිශාන්ත එම සිද්ධියට අදාළ ප‍්‍රබලම සාක්කිකරුවා විය. එමෙන්ම ඔහු තමන්ද විඳි අනේක විධ වධ බන්ධනයන් සහිතව ලිංගික අතවරය සම්බන්ධයෙන් සාක්කි දුන්නේය.
මහනුවර මහාධිකරණයේ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා ඉදිරියේ මෙම නඩුව දීර්ඝ ලෙස විභාග වූ අතර ශිෂ්‍යයන් තිදෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා හයක් යටතේ නඩු පවරා තිබිණි. නවකවදය ලබාදීමට කුමන්ත‍්‍රණය කිරීම, නවකවදය ලබාදීම, බරපතළ ලිංගික අපයෝජනයක් කිරීම, ඉන් ලිංගික තෘප්තියක් ලබාගැනීම, එම කි‍්‍රයාව සඳහා ආධාර හා අනුබලදීම එම අධි චෝදනා වේ. චූදිත සිසුන් තිදෙනා වෙන් වෙන්ව සියලූ චෝදනාවන්ට වරද පිළිගැනීම හේතුවෙන් අධිකරණය ඔවුන්ට බරපතළ වැඩ සහිතව වසර දෙකකට වැඩි සිරදඬුවම් නියම කළ අතර එම දඬුවම වසර පහකට අත්හිටුවා තිබේ. එසේම ලිංගික අතවරයට ලක්වූ ශිෂ්‍යයාට රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් ගෙවන ලෙස නියෝග කෙරුණු අතර එම මුදල නොගෙවන්නේ නම් තවත් වසර දෙකක බරපතළ වැඩ සහිතව සිරදඬුවම් නියම කළේය.
මෙම සිදුවීමෙන් පසුව ලිංගික අතවරයට පත් සිසුවාත් එහි ප‍්‍රධාන සාක්ෂිකරුවා වූ නිශාන්තත් සරසවි බිමට සමුදුන්හ.
අතුරු කාරණාවක් මෙසේය. අධිකරණය මගින් නියම කළ දඩ මුදල ගෙවීම සඳහා පෙරමුණ ගන්නේද එම සරසවියේ ශාස්ත‍්‍ර පීඨ ශිෂ්‍ය සංගමයය. නවක සිසුන්ට නවක වධය දී ලිංගික ආශාවන් සන්තර්පනය කරගත් සරසවි සිසු වෙස්ගත් නරුමයන්ට කෙවිටෙන් තළා පන්නා දමනු වෙනුවට ඒ පවිටුවන්ට අවශ්‍ය මුදල් සොයාදීම ශාස්ත‍්‍රපීඨ ශිෂ්‍ය සංගමයට යුගයේ කාර්යභාරය වී තිබිණි. එම දඩ මුදල් සොයාදීම සඳහා සරසවි ශිෂ්‍යයන්ගේ මහපොළ ශිෂ්‍යාධාර වාරික එකතු කළ ශාස්ත‍්‍රපීඨ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයාට සති දෙකක පන්ති තහනමක් ලබාදී තිබේ.
අපි යළිත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති දිමුතු ගුණසේකර දෙසට හැරෙමු. අපි ඔහුට ප‍්‍රශ්නයක් යොමු කළෙමු.
”ලිංගික අතවරයට ලක්වූ ශිෂ්‍යයාත් එය සම්බන්ධයෙන් සාක්කි දුන් නිශාන්තත් විශ්වවිද්‍යාලය හැර ගියේ ඇයි? එයට ඔබේ පැත්තෙන් යම් බලපෑමක් වුණාද?” මේ එයට ලැබුණු පිළිතුරය.
”නෑ අපෙන් කිසිම බලපෑමක් නෑ. අපි නවකවධයට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. එය හෙළා දකිනවා. නමුත් ආණ්ඩුව හැම මොහොතෙම මේ නවකවධයට මුවාවෙලා ශිෂ්‍ය ව්‍යපාරයට මඩ ගහනවා. එහෙම කරලා ඇත්ත ප‍්‍රශ්න යට ගහනවා. ඔය කියන ශිෂ්‍යයො දෙන්නාවත් ආණ්ඩුව හොඳට පාවිච්චි කළා. ඒ දෙන්නත් ඒ වෙනුවෙන් පාවිච්චි වුණා.”
නිශාන්තගේ මළ ගෙදර යන්නේ දැයි අපි ඔහුගෙන් විමසුවෙමු. ඒ ඔහු මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා වන හෙයිනි.
”ඔව් මළ ගෙදර යනවා. ඒ සම්බන්ධයෙන් ප‍්‍රශ්නයක් නෑ.”
”සරසවි බිමෙන් සමුගත් නිශාන්ත කොහේද ගියේ? සැබැවින්ම ඔහු ගියේ බියගම මල්වානේ පදිංචි ඔහුගේ බාප්පාගේ නිවසටය. එම නිවසේ නතරවී ඔහු කොළඹ වරායේ පෞද්ගලික ආයතනයක ලොරියක සහායකයකු ලෙස සේවය කළේය. 2010 වසරේදි රත්නපුර දිස්ති‍්‍රක්කයෙන් 73 වැනියා ලෙස උසස් පෙළ උසස් ලෙස සමත්වූ නිශාන්තට දෛවය සරදම් කළේ එසේය. සරසවි බිම පිටුපෑවේ එසේය. සහෝදර හදවත් සැළකුවේ එසේය.
දිනය ඉකුත් ජනවාරි 26 වැනිදාය.
”මම තේ බොන්න යනවා” එසේ කී නිශාන්ත රැුකියා ස්ථානයෙන් පිටතට ආවේය. දෙදිනක් ගෙවී ගියේය. නිශාන්ත ගැන තොරතුරක් නොවීය. බාප්පා මේ ගැන කඩවත පොලිසියට පැමිණිලි කළේය. එහෙත් නිශාන්ත ගැන තොරතුරක් නොවීය.
ඉකුත් 29 වැනිදා නිශාන්තගේ ඥාති සොහොයුරකුට ඇමතුමක් ආවේය. ඒ ඇමතුම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේම සිසුවියකගෙනි. රජරට පදිංචිකාරියක වන ඇය නිශාන්තගේ පෙම්වතිය බවද කියැවේ. අධ්‍යයන නිවාඩු ලබා සිටි හෙයින් ඇය සිටියේ අනුරාධපුරයේය.
”නිශාන්ත පේරාදෙණියේ ඉන්නේ. එයා කලකිරීමෙන් වගෙයි කතා කරන්නේ. පොඞ්ඩක් හොයලා බලන්න.” ඇය කීවාය. ඥාති සහෝදරයාද නිශාන්තට කතා කළේය.
”මම ඉන්නේ පේරාදෙණියේ” ඔහු කීවේය. එපමණකි. දුරකථනය විසන්ධි විය.
නිශාන්තගේ බාප්පා ඇතුළු පිිරිසක් පේරාදෙණියට ගියහ. විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයට නිශාන්තගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ඔවුහු පැමිණිලි කළහ. ආරක්ෂක අංශ නිලධාරීහු හා ඥාතීහු මාකස් ප‍්‍රනාන්දු ශාලාවට ඉහළින් ඇති වනගත පෙදෙස පරීක්ෂා කළහ. එහෙත් නිශාන්තගේ මරණයේ කිසිදු සළකුණක් ඔවුන්ට හමු නොවීය.
එහෙත් 10 වැනිදා නිශාන්ත හමුවිය. ඒ වනවිටත් ඔහු නොඑන ගමන් ගොස් සිටියේය. නවක වධ සිද්ධියට මුහුණ දුන්නාට පසුව පුතා හිටියේ හරිම සිත් වේදනාවෙන්. ඊට පස්සේ ඉගෙන ගන්නවත් එයාගේ හිතේ ආශාවක් උනන්දුවක් තිබුණේ නැහැ. ඒත් මගේ පුතා මෙහෙම දෙයක් කර ගනීවි කියලා මම හිතුවේ නෑ. නිශාන්තගේ ආදරණීය තාත්තා කම්කානමලාගේ බන්දුල මහතා කීවේය. ජීවිතය වසා පැතිර තිබූ අනේක විධ දුක් කම්කටොලූ පලවා හැර කඳුළ මත පය ගසා වඩාත් භාග්‍යවත් ජීවිතයකට සිහින දුටු තමාගේ ආදරණීය පුත‍්‍රයා ගැන පියාට කීමට තිබුණේ එබඳු වැකියකි.
අපි මව්වරුන්ගේ වේදනාව සිනහවකටත් පියවරුන්ගේ වෛරය බලාපොරොත්තුවකටත් පෙරළුණු සුසංගත සමාජයක් පිළිබඳ අත් නොහළ අපේක්ෂාවෙන්ගෙන් පසුවන්නෙමු. එහෙත් ඈත අඟුණකොළපෑලැස්සේ ගිනියම සමග හැපෙමින් උස්මහත් කර සරසවියට එවූ තම ආදරණීය දරුවා ගැන ඒ පියාට කීමට තිබුණේ එබඳු වැකියකි.
සුමිතුරු නිශාන්ත! ඔබ ඉතිහාසයට එක්වනු ඇත්තේ සරසවි ශිෂ්‍යයකු ලෙස ඔබට හිමිවූ සමාජ වගකීම එයට හිමි නිසි අරුතෙන් ගරුකළ මානවකයකු ලෙස නොව දිවි නසා ගැනීම සිය ජීවිතයේ ගැටලූවලට එකම විසඳුම යැයි සිතන දුබලම දුබල මනසක් සහිත තරුණයකු ලෙසය. ප‍්‍රශ්නවලට උත්තරය ජීවිතයෙන් පලායාම නොවන බව පහළ පංතිවලදීද ඔබ කොතෙකුත් ඉගෙන ගන්නට ඇත. එහෙත් ඔබ තෝරාගත්තේ ඒ මාර්ගයය. ඔබ ඔබේ අම්මාගේ තාත්තාගේ ඇස්වලට කිසිදා නොවියැළෙන කඳුළක් දුන්නේය. ආදරණීය අක්කාට, නැගණියට හා මලනුවන්ට සදාකාලික වේදනාවක් රැගෙන ආවේය. මහා තියුණු තරග විභාගයකින් ජය ලබා රටේ අනාගත ප‍්‍රඥාවක් බවට පත්වූ ඔබට එබඳු කඳුළක් එබඳු වේදනාවක් උරුමකර දීමට කිසිදු අයිතියක් නැත. නමුත් ඔබට ඔබේ මනස පාලනය කරගත නොහැකි විය. හැඟීම් මෙල්ල කර ගැනීමට නොහැකි විය. අනාගත මහා බුද්ධිමතෙකු වීමට සිටි ප‍්‍රඥාවන්තයකුට සෙවණ දුන් මාකස් ප‍්‍රනාන්දු ශාලාවේ 55 කාමරය දෙස බලාගෙනම ඔබ ගෙළ වැළලා ගත්තේය. පරාජිතයකු ලෙස ඔබ ජීවිතයෙන් සමුගත්තේය.
දයාබර නිශාන්ත!
ඔබේ මරණයට සැබෑ හේතුව දන්නේ ඔබේ හෘදය සාක්ෂිය පමණි. හන්තානට පායන සඳවත් එය නොදනී. ඔබ මුහුණ දුන් සරසවි ජීවිතයේ සිද්ධි සමුදාය එකිනෙකට ගැලපූ විට ඔබේ මරණයට එම සිදුවීම්ද යම් බලපෑමක් කළාය යන්න බැහැර කිරීමට මගේ සිත මට ඉඩ නොදෙයි. එය එසේ වූයේ නම් මුළු මහත් මානව සංහතිය වෙනුවෙන්ම සමාව අයදිමි. මනුෂ්‍යත්වයට එසේ නිගරු කිරීමට කිසිවකුට අයිතියක් නැත.
රූපා රත්නසීලි මෙනෙවියගේ රූපය මගේ සිතේ සිතුවම් වෙයි. නවක වධයට බියෙන් පේරාදෙණිය සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ උඩු මහලේ සිට බිමට පැන්නාය. එමගින් ඇය සදාකාලික ආබාධිත බවට පත්වූවාය. පසු කාලයේදී ඇය ළිඳට පැන දිවි නසා ගත්තාය.
ෂෙල් වෙඩි පිපුරුණ යාපා පටුනේ සිට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ආ වරප‍්‍රකාශ් මට තවම මතකය. නවක වධයෙන් රෝගාතුර වී රෝහල් දොරටුවෙන් ඇතුළට ගන්නටත් පෙර අවසන් සුසුම් පොද වා තලයට මුසු කළේය. අද නිශාන්තය. හෙට කවුරුන් විය හැකිද?ආදරණීය ශිෂ්‍ය සහෝදරවරුනි! ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ බිත්තියක රතු පැහැයෙන් යෝධ අකුරෙන් මෙසේ ලියා තිබිණි.
”ඔබ මෙහි ආවේ කුමකටද? ආවකු විලස යන්නද? නොආවකු විලස යන්නද? යනතෙක් රැුඳී සිටින්නද? නොරැුඳී රැඳී ඉන්නද?
මම ඔබෙන් එසේ අසමි. ගල් පව්වක් වුව අස්වද්දන ධෛර්යයන් හා ජීවයෙන් පිරීතිරී ගිය ශිෂ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් ඇස්, ඉස්, මල්, ලේ හා ජීවිත දන් දුන් විරුවෝ බොහෝ වෙති. ඔවුන්ගේ ජීවිත පූජාවන්ට නිගරු කිරීමට කිසිවකුට අයිතියක් නැත. එපමණෙකි!
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පේරාදෙණිය සරසවි සිසුවා දිවිනසා ගැනීම පසුපස අබිරහස
ලකි Friday, 21 February 2014 11:56 AM
සුමන මානවඩු සමග 100% එකගයි. (අ)
සත්‍යය Friday, 21 February 2014 03:44 PM
මමත් දැනට වසර 17ට ප්‍රථම පේරාදෙණිය විශ්ව විද්‍යාල සිසුවියක්. මම කියන දේ දැන් තරුණ වයසේ සිටින අය ට විහිළුවක් වගේ පෙනෙන්න ඉඩත් තිබෙනවා. ඔය ශිෂ්‍ය සංගම් , නායකයෝ බහුතරය සමාජවාදී ජීවිතයට තිත තියන්නේ සිංහලකම, ලංකාව සියල්ලම අමතක කරමින් වසර ගණනක් ගියාම. අන්තිමට ලංකාවේ සාධරනව ජිවත් වෙන්න ඉතිරි වෙන බහුතරය මැද පිළිවෙතේ හිටි අය. ඒ හුගාක් අය නවක වධය ලැබුවන් මිසක් නවක වධය කල අය නෙමෙයි. අපේ කාලේ නවක වදේ දෙමින් unity of university ගැන කතා කල හුගාක් අය ලංකාවේ හිටියත් සරසවි මිතුරෙකුගේ මරනෙකට එන්නේ නැ. ඉගෙන ගත් තැනට යමක් දෙන වෙලාවට සතයක් සරසවියට වියදම් කරන්න කැමති නැ. මේ කටුක සත්‍යය තේරුම් ගන්න. මම දන්නේ නැ වෙනත් සරසවි ගැන. ඒත් මම කියන්නේ පේරාදෙණිය ඉංජිනේරු පීඨය ගැන. එහෙම කියන්න දුක් වෙන්න දෙයක් නැ. දුවලා පුතාලා සරසවියට යද්දී සමාජය දිහා ඇස ඇරලා බලන්න. ඔය ශිෂ්‍ය සංගම් වලට බැදෙන්න කලින් ඇත්ත මොකක්ද , තමන්ගේ දෙමාපියෝ ගැන හිතන්න. එයාලා ඔයාල ලං කර ගන්නේ මෙච්චර කාලයක් මේ සමාජෙන් ඔයාලට වෙච්ච අසාධාරණය ගැන අහලා. එහෙම වෙලා තිබුනත් එයාලට රැවැටෙන්න එපා. ඒ අසාධාරණය තමන් එක්ක විදපු දෙමාපියන් සනසන්න හොදින් ඉගෙන ගන්න. එහෙම දවසක් ආවොත් හැම දේම වෙනස් වෙයි. මේ ළමයි දෙන්නට වද දුන් අයත් කලින් වසරේ මෙහෙම රැවටුණු කෙනෙක් වෙන්න පුළුවන්. වැරැද්ද කාගේද කියන්න බැ. ඒ උනාට දරුවෙක් නැති උනාම අම්මා තාත්තා විදින දුක තේරෙන්න වියපත් වෙන්නම වෙනවා. ඒ නිසා උගත් තරුණයෝ විදිහට ඒ දුකට දායක වෙන්න එපා. ඔය කාලේ අසීමිත බලය නිසා ලබන සතුට සීමිතයි. ජීවිතේ කියන්නේ ඕක නෙමෙයි. (අ)
රංගන Sunday, 23 February 2014 10:48 PM
මෙච්චර දෙයක් වෙනකන් ඇස් කන් වහගෙන හිටිය සහෝදර ශිෂ්‍යින් කියන අයටයි ඉස්සෙල්ලම දඩුවම් දෙන්න ඕනේ.(නදී)
ප්‍රියන්ත Monday, 24 February 2014 08:22 PM
ඔය සංගම් වල ඉන්න අයට දැනෙන්නේ නෑ ළමයෙක් කැම්පස් යවන්න දෙමාපියෝ විදින දුක මොකද මැරෙන්නේ දුප්පත් දෙමාපියන්ගේ දරුවෝ. ඒක නිසා ඕක නවත්වන්ඩ අඩුම තරමේ වසර 25 එහාට සිරදඩුවම් දෙන්ඩ ඕනා. ඕක කරන අයට මේක තනිකරම ම්නිමරුමක් ඉස්සරහට ළමයෙක්ව කොහොමද කැම්පස් යවන්නේ යවල දෙමාපියෝ කොහොමද සතුටින් ගෙදර ඉන්නේ. ඒක නිසා මගේ අදහස ඔය කියන සංගම් ඔන් නෑ දෙවියන්ගේ නාමෙන් ආපුදේ කරගෙන යන්න අසරණ දෙමාපියන්ගේ දරුවන්ට ඉඩ සලසල දෙන්ඩ කියල අපි වගකිවයතු අයට වැදලා කියනවා. මොකද අපිත් දරුවෝ ඉන්න දෙමාපියෝ.(නදී)
දිල් Wednesday, 26 February 2014 09:21 AM
පාසල් සිසුන්ට පොතේ දැනුම වගේම ජීවිතේ ගැනත් දැනුම දුන්නනම් මේ සිදුවීම මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබුණා.(දී)
ටේෂාන් Friday, 21 February 2014 07:14 PM
මෙම ගැටුලවට හොඳම විසඳුම ලංකාවේ ව්ශ්ව විද්‍යාල පද්ධයතිය තුල දේශපාලනය සහ සියලුම ශිෂ්‍ය සංගම් තහනම් කල් යුතු අතර ඉතාම දැඩි නීති රීති පනවා විනයානු කූල යුතුයි.(අ)
සුමන මානවඩු Thursday, 20 February 2014 05:05 PM
නවක වාදය සිළුම විශ්ව විද්‍යාල තුලත් විද්‍යා පීට තුලත් සම්පුර්නව තහනම් කොට නවකවදය දෙන සිසුනට අවම වශයෙන් දස වසරක බරපතල වැඩ සහිතව හිරදදුවම් (අත්හිටවු හිර දඬුවම් නොවේ ) නියම කලයුතුයි (දී)
පෙරේරා Friday, 21 February 2014 07:51 PM
විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් සිසුන්ට හෘද සාක්කියක් තියනවාද එකට හිටි සගයෙක් එල්ලිලා මැරුණම වගක් නැතුව තමන්ගේ වැඩක් බලාගන ඉන්න (දිල්)
සත්‍යා Tuesday, 25 February 2014 04:10 PM
ඝාතනය හා සිය දිවි නසා ගැනීම අතර වෙනසක් නැති බව කවුරුත් පිළිගන්නවා (දිල්)
මුදිත Sunday, 23 February 2014 07:44 AM
මම නම් දකින්නේ මේක මිනි මැරුමක් (දී)
කුමාරිහාමි Tuesday, 25 February 2014 04:53 PM
කෝ නායකත්ව පුහුණුවෙන් වැඩක් වෙලා නෑ නේද?(දී)
සොනා මලයාසියාව Sunday, 23 February 2014 11:43 AM
හීනමානය ලංකාවේ බහුතරයක් පෙලෙන තමුන් ඒ බව නොදන්නා රෝගයක්.තමුන්ට ජිවිතේ නොලැබුණු දේ වෙනුවෙන් අහිංසකයෙකුගෙන් පලිගනිමින් සතුටුවීම තමයි නවක වදයේ යටි අරමුණ.සල්ලි තියෙන තැනක කෙනෙක් අවොත් එයාට නවක වදය වැඩි ඒ හේතුවයි.පිට රටවල් වල විශ්ව විද්‍යාලවල මේ වගේ මානසික රෝගීන් නැහැ.නිශාන්ත ගැන දුකයි.සරසවියට අලුතෙන් යන සොහොයුරෙනි ඔබ එක්සත්ව මේ ක්‍රමය වෙනස් කිරීමට පියවර ගන්න.නිදහසේ ඉගෙනගෙන සතුටින් සොඳුරු මතකයක් හදවතේ ඉතිරි කරන තැනක් බවට සරසවිය පත්කරන්න. (දී)
කේෂාන් Sunday, 23 February 2014 12:49 PM
නිරපරාදේ රටට සේවයක් කරන්න හිටපු කාගේ හරි දරුවෙක් නැති උනේ (දී)
ජානි Saturday, 22 February 2014 01:06 PM
ලෝකේ වෙන රටවල මේ නවකවද විකාර නැහැ. ඇමති කෙනෙක් නැද්ද මේ ළමයින්ගේ ප්‍රශ්න තේරුම් ගන්න පුළුවන්? ආරක්ෂාව තියෙන්න ඕනේ එන ළමයින්ට සේරටම ඉස්සර.(අ)
නිමාලි Thursday, 20 February 2014 10:12 AM
උසස් පෙළ කරලා කැම්පස් එන්න ළමයි දකින හීන දන්නේ ඒ ළමයි ඒ ළමයින්ගේ දුප්පත් දෙමාපියෝ විතරයි... ජීවිතේ දවසක සහනයක් විදින්න ඒ දුප්පත් දෙමව්පියෝ බලන් ඉන්නවා අවරුදු ගානක්.... කැම්පස් ජීවිතේ මීට වඩා ළමයින්ට සුන්දර තැනක් වෙන්න ඕන...වෙන රටවල ළමයි තමන්ගේ කැම්පස් ජීවිතය ගැන කතා කරන්නේ බොහොම සුන්දර මතකයක් විදියට ..එත් අපේ ළමයින්ට එක නරකාදියට ගිය ගමනක් වගේ ...ඒ තැනට යන්නත් ඒ ළමයි අවරුදු ගානක් ගොඩාක් කැප කිරීම් කරන්න ඕන...අපේ රටේ මිනිස්සුන්ගේ මානසික තත්වය ගැන කලකිරීමක් විතරයි ඇති වෙන්නේ...ලජ්ජා වෙන්න ඕන ඕව කරන අය...(දිල්)
සුජාන් Monday, 24 February 2014 01:39 PM
මේකට ප්‍රදානම හේතුව දේශපාලනයයි. විශ්ව විද්‍යාල වලින් දේශපාලනය ඉවත් කල යුතුමය. දරුවන්ට නිදහසේ අධ්‍යාපනය ලබන්න පුළුවන් වටපිටාවක් හදල දෙන්න ඕනේ. මෙහෙ ඉන්නේ වැදගත් ශිෂයෝ නෙවෙයි. අමුම අමු පිස්සෝ ටිකක්. උන් කරන්නේ මොනවද උන්ම දන්නේ නෑ. (අ)