IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ප‍්‍රදර්ශනයේදී මිලට ගත යුත්තේ ජීවිතය කියාදෙන පොතපතයි

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය මෙවරත් 13 වැනි වරට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී සතියක් පුරා මහත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි. ලක්‍ෂ සංඛ්‍යාත ජනගඟක් කොළඹට කැඳවන වෙනත් සංස්කෘතික උළෙලක් තවත් ඇතැයි සිතන්නට නොහැකි තරමට මෙවරත් ප‍්‍රදර්ශනයට එක්වූ ජනතාව ලක්‍ෂ ගණනකි.කොළඹ තදාසන්න පෙදෙස්වලින් පමණක් නොව බොහෝ දුර බැහැර ගෙවාගෙන පවුල්පිටින් පැමිණි පිරිස් ද මෙම ප‍්‍රදර්ශනයේදී අපට හමුවිය.මතු දැක්වෙන්නේ ප‍්‍රදර්ශනයට පැමිණි ලක්‍ෂ සංඛ්‍යාත ජනකාය අතුරින් අප හා අදහස් දැක් වූ කිහිප දෙනෙකි.

පොත් ප‍්‍රදර්ශනයේ සැබෑ ප‍්‍රතිඵල නෙළා ගනිමු කිරිඳිවල, උක්ගහවිල ශ්‍රී වික‍්‍රමශිලා පරිවේණාධිපති දොම්පේ ශ්‍රී විජය ශ්‍රී හිමි වාර්ෂිකව පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයට හැම වසරකම සහභාගී වන කෙනෙක් මම. පොත් යනු අපේ දැනුම වර්ධනය කරන මාධ්‍යයක්. පොත් කියවන විට අප නොදන්නා දේ ගැන දැනුමක් ලබාගන්න පුළුවන්. එසේම දන්නා දේ වැඩිදියුණු කරගන්නත් පුළුවන්. සැකයක් තිබෙනවා නම් එය දුරු කරගන්නත් පුළුවන්.මෑත කාලයේ ලියැවුණු ආගමික පොත් රැුසක් මේ ප‍්‍රදර්ශනයට එක්ව තිබෙනවා. ඒ පොත් වලින් සමාජ ගැටලූ පවා හඳුනා ගන්න පුළුවන්. තමන්ට අවස්ථාවක් ලැබෙන හැම මොහොතකම පොත් පිංචක් කියවන්නැයි මා හැම කෙනකුගෙන්ම ඉල්ලා සිටිනවා. ගුරුවරයකුට කරන්නට බැරි මෙහෙයක් ඇතැම් විට පොතපතට ඉටු කරන්න පුළුවන්.ඒ සඳහා මෙබඳු ප‍්‍රදර්ශනවලින් ප‍්‍රයෝජන ගන්න. සැබෑ ප‍්‍රතිඵලය නෙළාගන්න.

දරුවන්ට කියැවීම හුරුකරවීමට හොඳ අවස්ථාවක් මිරිස්වත්ත ජාතික පාසලේ පුස්තකාලාධිපතිනි නයනා කුලතුංග අපේ පාසලට අවශ්‍ය පොත පත එකම තැනකින් ලබාගැනීමේ හැකියාව මෙම ප‍්‍රදර්ශනයෙන් ලැබෙනවා. එසේම පාසල් පුස්තකාල දියුණු කිරීමටත් ළමයින්ගේ කියැවීමේ රුචිය වර්ධනය කිරීමටත් මේ ප‍්‍රදර්ශනය බෙහෙවින් වැදගත්. ප‍්‍රදර්ශනයේ ඉඩ පහසුකම් තවදුරටත් පුළුල් කළ හැකි නම් වඩාත් හොඳයි.

ප‍්‍රදර්ශනය අති ශ්‍රේෂ්ඨයි තිලක් අබේගුවර්ධන (කැලණිය) මම රජයේ සේවයෙන් විශ‍්‍රාම ලැබූ අයෙක්. පොත් ප‍්‍රදර්ශනය ආරම්භ කළ වසරේ සිටම මම එය නැරැඹීමට පැමිණෙනවා. කොළඹ පොත් ප‍්‍රදර්ශනය අති ශ්‍රේෂ්ඨ වැඩක්. ප‍්‍රදර්ශනයෙන් මා වැඩිපුරම මිලට ගත්තේ දාර්ශනික හා ආගමික පොතපත. මම එදා සිටම පොතපත කියැවූ කෙනෙක්. ඒත් දැන් අපේ රටේ බොහෝ දෙනා පොත් කියවන්නේ විභාග ඉලක්ක කොටගෙන. අප කියැවිය යුත්තේ දැනුම වර්ධනය කර ගැනීමේ අරමුණ ඇතිවයි. ඒ සඳහා මේ ප‍්‍රදර්ශනය ඉවහල් කර ගන්න පුළුවන්. ප‍්‍රදර්ශනයේදී අප මිලට ගත යුත්තේ එදිනෙදා කියවා විසි කරන පොත් නොව ජීවිතය කියා දෙන පොත පතයි. ඒ කියැවීම තුළ අපට හැමදාම තෘප්තිමත්ව ජීවත් වෙන්න පුළුවන

මොන තරම් පොත් ගත්තත්  ඇති වෙන්නේ නෑ නීල් මුණසිංහ (පානදුර) මා සේවය කරන්නේ කම්කරු දෙපාර්තමේන්තුවේ. දරුවන්ගේ පටන්  ඕනෑම වයසක ජනතාව සඳහා අතිශයින් ප‍්‍රයෝජනවත් වන ප‍්‍රදර්ශනයක් මේ.  ඕනෑම ප‍්‍රකාශකයකු ප‍්‍රකාශයට පත් කළ  ඕනෑම පොතක් මේ ප‍්‍රදර්ශනයෙන් ලබාගැනීමේ අවස්ථාව තිබෙනවා. එය විරල අවස්ථාවක්. වැඩි කාලයක් ගෙන පොතපත තෝරාගැනීමට ලැබෙන අවස්ථාවත් වැදගත්.අපේ රටේ පොතපත කියවන පිරිස ගැන තවමත් සතුටු වෙන්න බෑ. එහෙත් මෙවැනි තැන් පොතපත කියැවීමට ජනතාව හුරු කරවනවා. මිලට ගන්නේ කවර පොතපතදැයි නිවෙසින් සැළසුම් කරගෙන ආවත් ප‍්‍රදර්ශන භූමියට පැමිණි පසු මොන තරම් පොත් ගත්තත් ඇති වෙන්නේ නෑ.මා ප‍්‍රදර්ශනයට පැමිණියේ පවුලේ සියලූ දෙනාද සමඟයි. දරුවන්ට කැමති පරිදි පොතපත තෝරා ගැනීමේ අවස්ථාව ඉන් ලැබෙනවා. මේ ප‍්‍රදර්ශනය ඉතාම හොඳ වැඩපිළිවෙළක්.  මෙමඟින් දරුවන්ට පොතපත ගැන ආසාවක් කැමැත්තක් හා අවබෝධයක් ලැබෙනවා. මෙවැනි පොත් ප‍්‍රදර්ශන දිස්ත‍්‍රික් මට්ටමින් පැවැත්වීමට හැකි නම් එය වඩාත් පලදායී වෙන්න පුළුවන්.

තරුණ පරපුර පොතපතින් ඈත් වී නැහැ අමන්දා සමාධි (බත්තරමුල්ල) එකම තැනකදී අඩු මිලකට පොත් ලබාගැනීමේ අවස්ථාව මෙම ප‍්‍රදර්ශනයෙන් ලැබෙනවා.  ඕනෑම විෂය ක්‍ෂේත‍්‍රයක් නියෝජනය කරන පොතපත මෙහි තිබෙනවා. මා මේ ප‍්‍රදර්ශනයට හැම වසරකම සහභාගී වෙනවා. තරුණ පරපුරේ කියැවීමේ රුචිය වර්ධනය කර ගැනීමට මෙය ඉතා හොඳ අවස්ථාවක්. තරුණ පරපුර පොතපත නොකියවනවා යැයි ඇතැමුන්ගේ චෝදනාවක් තිබෙනවා. ඒත් එහි සත්‍යයක් ඇතැයි සිතන්න බෑ. තරුණ පරපුර අද මනෝවිද්‍යාත්මක පොතපත කියැවීමට වැඩි වශයෙන් නැඹුරු වී ඇති බවයි පෙනෙන්නේ. මෙම ප‍්‍රදර්ශනය කොළඹට පමණක් සීමා නොකොට ප‍්‍රාදේශීය වශයෙන් රැුගෙන යාම වඩාත් වැදගත් වේවි.

පොත් ගන්න වසර පුරාම සල්ලි එකතු කරනවා හිමාලි ශෂිනිකා (කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලය) මා ඉගැනුම ලබන්නේ හය ශ්‍රේණියේ. හැම වසරකම මේ පොත් ප‍්‍රදර්ශනය බලන්න එනවා. මා ඒ වෙනුවෙන්ම මුදල් එකතු කරනවා.මා ප‍්‍රදර්ශනයෙන් වැඩිපුරම මිලට ගත්තේ පරිවර්තන හා ළමා කතා. පාසලට අවශ්‍ය පොත පතත් ප‍්‍රදර්ශනයෙන්ම ලබාගන්න පුළුවන්.

කිරිඳිවල, උක්ගහවිල ශ්‍රී වික‍්‍රමශිලා පරිවේණාධිපති දොම්පේ ශ්‍රී විජය ශ්‍රී හිමි මිරිස්වත්ත ජාතික පාසලේ පුස්තකාලාධිපතිනි නයනා කුලතුංග තිලක් අබේගුවර්ධන (කැලණිය) නීල් මුණසිංහ (පානදුර) අමන්දා සමාධි (බත්තරමුල්ල) හිමාලි ශෂිනිකා (කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලය)



අදහස් (0)

ප‍්‍රදර්ශනයේදී මිලට ගත යුත්තේ ජීවිතය කියාදෙන පොතපතයි

උදාර Tuesday, 21 October 2014 06:13 AM

පොත් ප්‍රදර්ශනය හොඳ පොත් ගන්න ගොඩක් වටිනවා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඡන්දයේදී උතුර කොයිබටද?
2024 සැප්තැම්බර් මස 07 1101 0

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී උතුරේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය ලෙස සැලකෙන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය සමඟි ජන බලවේගයේ නායක සජිත්


ඕස්ට්‍රේලියාවේ යළි ඉපදුණ එංගලන්තයේ ඩයනා කුමරිය
2024 සැප්තැම්බර් මස 06 4577 1

බිලී කැම්බල් ඕස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ් නගරයේ ජීවත් වන අට හැවිරිදි පොඩ්ඩෙකි. දිනක්, බිලී ඔහුගේ මවටත් පියාටත් පැවැසුවේ පෙර ආත්මභවයේ තමන් බ්‍රිතාන්‍යයේ ඩ


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 124 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


පාන්තිය විහාරය හැඩකළ සාර්ලිස් මාස්ටර්
2024 සැප්තැම්බර් මස 05 510 1

බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ බටහිර පස් යොදුන් කෝරලයේ ඉද්දගොඩ පත්තුවේ, මතුගම සුළු නගර සභා සීමාව තුළ “පාන්තිය’’ නමැති සුප්‍රසිද්ධ ග්‍රාමවරයෙහ


ඡන්දයේ ජනමතය ප්‍රභූමතය
2024 සැප්තැම්බර් මස 05 414 0

මේ වසර අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල මැතිවරණ පැවැත්වෙන වසරක් බවට පත්ව තිබේ. මෙම මස 21 වැනිදා අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ සමාජ ආර්ථික දේශපාලන ව


බොරැල්ලේ කෝවිද හිමි
2024 සැප්තැම්බර් මස 04 1680 1

අපවත් වී වදාළ බොරැල්ලේ කෝවිද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (4) සවස 4.00ට කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානයේ දී සිදු කෙරේ.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site