IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ප‍්‍රධාන කාරණා තුනකට එජාපයයි, පොදු විපක්ෂයයි එකඟයි

    22_MAIN_P_16

 

ජනාධිපතිවරණ උණුසුම නව වටයකින් පණ ගසා රළ නගමින් තිබේ. උද්යෝගය දෙගොඩතලා ගලා බසිමින් තිබේ. එජාපය සූදානම්ද? මේ ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයේ සභාපති ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කරු ජයසූරිය මහතා සමඟ කළ සාකච්ඡාවකි.

 


ප‍්‍රශ්නය - දැන් රටේ මොකද වෙන්නේ?
පිළිතුර -
මේ රටේ ජනතාව ඉතාම බුද්ධිමත්. ඒ වගේම රටේ වර්තමාන තත්ත්වය දිහා බැලූවම රටේ විශේෂ පෙරළියක්, හිතපු නැති දේවල් සිදුවීමට නියමිත බව පේනවා. ඒ වගේම අපි රට වටේ යනකොට අපිට දකින්න ලැබෙනවා මේ පාලනයේ වෙනසක් ඇති කිරීමේ ලොකු පිපාසයක් ජනතාව තුළ තියෙනවා. ඒ අරමුණ මල්ඵල ගන්වන තැනකට රට ඇවිත් තියෙනවා. අපි යන යන තැන්වලදී ජනතාව කියන්නේ රටට මේ විදිහට ඉදිරියට යන්න බෑ. පවුල් පාලනයකට රට බාරදෙන්න බෑ. මේ රටට ප‍්‍රජාතන්ත‍්‍රවාදය අවශ්‍යයි. මේ රටට යහපාලනයක් අවශ්‍යයි. ඒ නිසා මේ පාලනයේ වෙනසක් අවශ්‍යයි කියලයි. ජනතාව ඉල්ලන්නේ ඒ වෙනසයි. ඒ නිසා ඉදිරි දින කිහිපය තුළ මේ රටේ විප්ලවීය වෙනසකට අවශ්‍ය පසුබිම සකස් වෙන බව විශ්වාසයෙන් කියන්න පුළුවන්.
ප‍්‍රශ්නය - ජනාධිපතිවරයා මේ මොහොත වන විටත් සටන ආරම්භ කරලා. ඒත් ඔබේ පක්ෂයට තවම බැරිවුණා අපේක්ෂකයෙක් සොයාගන්න.

 

පිළිතුර - අපි පක්ෂයක් විදියට බිම් මට්ටම ශක්තිමත් කරලා තියෙන්නේ. ඒ වගේම අනිකුත් සැලසුම් කටයුතු සියල්ලම හොඳින් කරගෙන යනවා. ආසන මට්ටමින් ඒ වගේම පක්ෂයට සම්බන්ධ සියලූම සංවිධාන හොඳ මට්ටමකට අරන් ඇවිත් තියෙනවා.

 

1


ප‍්‍රශ්නය - මගේ ප‍්‍රශ්නය වුණේ අපේක්ෂකයා සම්බන්ධවයි.

පිළිතුර - ඔව්. ඒක හොඳ ප‍්‍රශ්නයක්. අපිට මේ වෙලාවේ බොහෝදෙනෙක් චෝදනා කරනවා අපේක්ෂකයා ප‍්‍රමාද කිරීම සම්බන්ධයෙන්.


ප‍්‍රශ්නය - එහෙම ප‍්‍රමාද කරලා තියෙන්නේ අපේක්ෂකයෙක් හොයාගන්න බැරි නිසාද?

පිළිතුර - නෑ එහෙම නොවෙයි... අපට මේ අවස්ථාවේදී අවශ්‍ය කරන්නේ මැතිවරණය ජයග‍්‍රහණය කිරීමටයි. අද ආණ්ඩුව තමන්ගේ සියලූම ශක්තීන් යොදා ගනිමින් ඉන්නේ. මුළු රාජ්‍ය බලයම යොදවනවා. මුළු රාජ්‍ය තන්ත‍්‍රයම පාවිච්චි කරනවා. රජය සතු සියලූම සම්පත් අද මේ සඳහා යොදවනවා. ජනතාව මුලා කරමින්... අරලියගහ මන්දිරයෙ දවසකට හාර පන් දාහකට කෑම දෙමින් සියලූම මැතිවරණ නීති රීති උල්ලංඝණය කරමින්, ආචාර ධර්ම සම්ප‍්‍රදායන් බිඳිමින් මේ රජය කටයුතු කරගෙන යනවා. මේක පරදවන්න  ඕනෑ. ඒ වෙනුවෙන් මුළු මහත් විපක්ෂයම එක්සත් කළ යුතුයි. ඒ වෙනුවෙන් තමයි අපි කටයුතු කරන්නේ. අපි අපේ නායකතුමාටත් යෝජනා කළා එතුමා පක්ෂ නායකයා හැටියට විපක්ෂයේ සියලූම කොටස් සමග සාකච්ඡුා කරලා පොදු එකඟතාවයකට එන්න කියලා. ඒ වෙනුවෙන් අපිත්, අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙක්ම තිරය පිටිපස්සේ ඉඳගෙන ඒ වෙනුවෙන් ක‍්‍රියා කරනවා.


ප‍්‍රශ්නය - ඒත් පොදු අපේක්ෂකයෙක් තාම හොයාගන්න බැරිවුණානේ.
පිළිතුර -
මූලික වශයෙන් අපට  ඕනෑ කරලා තියෙන්නේ විපක්ෂයේ සියලූම කණ්ඩායම්වලට පොදු එකඟත්වයකට ආ හැකි වැඩ පිළිවෙලක්. ඒ අරමුණ අපි දැනට ජය අරගෙන තියෙනවා.


ප‍්‍රශ්නය - විපක්ෂය පැත්තෙන් එහෙම එකඟතාවක් නම් අපට පේන්න නෑ..?
පිළිතුර -
මෙහෙමයි ප‍්‍රධාන කාරණා තුනක් සම්බන්ධයෙන් අපි එකඟතාවට ඇවිත් ඉන්නවා. පළමු වැනි කාරණය තමයි විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම. ඒ වගේම 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය නැවත ස්ථාපිත කිරීම. ඒ වගේම දිනේෂ් ගුණවර්ධන කමිටුව විසින් නිර්දේශ කර තිබෙන නව මැතිවරණ ක‍්‍රමය ක‍්‍රියාත්මක කිරීම. මේ කාරණා සම්බන්ධයෙන් පොදු එකඟත්වයක් තියෙනවා. ඒ නිසා අත්වැල් බැඳගෙන ඉස්සරහට යන්න අපට ක‍්‍රමවේදයක් තියෙනවා.

 

2


ප‍්‍රශ්නය - මගේ පෙර ප‍්‍රශ්නයට තවම උත්තරයක් ලැබුණේ නෑ. මම ඇහුවේ අපේක්ෂකයා කවුද කියලයි?
පිළිතුර -
ඔව් අපේ අපේක්ෂකයා පොදු අපේක්ෂකයෙක් වෙන්න පුළුවන්. තනි අපේක්ෂකයෙක් වෙන්න පුළුවන්. පක්ෂයක් විදියට අපි හිතන්නේ විපක්ෂයේ සියලූම කොටස් ඒකරාශී කරගන්නයි. ඒ සම්බන්ධයෙන් දැනට සාකච්ඡුාවක් තියෙනවා. ඉතාම ඉක්මණට අපි අපේ අපේක්ෂකයා එළියට දානවා. ජයග‍්‍රහණය කළ හැකි විපක්ෂයේ සියලූම බලවේගවලට පිළිගන්න පුළුවන් අපේක්ෂකයකු අපි ඉදිරිපත් කරනවා.


ප‍්‍රශ්නය - එජාපයේ අපේක්ෂකයාට විපක්ෂයේ අනිත් පක්ෂ එකඟ නොවුණොත්
පිළිතුර -
අපි තමයි විපක්ෂයේ ප‍්‍රබලම පක්ෂය. අපිට සියයට 40 ට වඩා ඡුන්ද පදනමක් තියෙනවා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයෙ අපට යුතුකමක්, වගකීමක් මෙන්ම අයිතියක් තියෙනවා මේ ක‍්‍රියාදාමයේදී නායකත්වය ගන්න. ඒ අනුව තමයි අපේ පක්ෂයෙ නායකතුමාට අපි යෝජනා කළේ අනිත් පක්ෂ සමඟ සාකච්ඡුා කරන්න කියලා. එතුමා මේ රටේ දෙවරක් අගමැති වුණා. පිරිසිදු දේශපාලනඥයෙක්. ඒ වගේම එතුමාට ලොකු දැක්මක් තියෙනවා. එතුමාට විශාල කාර්යභාරයක් කළ හැකියි මේ අගාධයට වැටිලා තියෙන රට ගොඩගන්න. ඒ වෙනුවෙන් අපේ පක්ෂයේ සියලූම කොටස් ඒකරාශී වෙලා ඉන්නවා. ඉදිරි පැය කිහිපය තුළදී ඒ නායකත්වය යටතේ රටට අලූත් ගමනක් අරඹන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.


ප‍්‍රශ්නය - ඇයි එජාපයේ නායකයා සටනට එන බව කියන්න බය? ඇයි තවම නායකයා හංගාගෙන ඉන්නේ?
පිළිතුර
- එතුමා ඉදිරිපත් වෙනවද නැද්ද කියලා තවම ස්ථිරවම කියන්න බෑ. ඒකට එතුමගේ අනුමැතියත් අවශ්‍යයි. පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒක තීරණය කරයි. ඒ වගේම අපි පොදු සංධානයකින් නම් එන්නේ ඒ සඳහා ඔවුන්ගේ අනුමැතියත් ගත යුතුයි. ඒ වෙනුවෙන් තමයි පහුගිය දිනවල එතුමාගේ නායකත්වයෙන් සාකච්ඡුා වට කීපයක් ගියේ. තව කල් තියෙනවනේ. අපි මේ සාකච්ඡුාව කෙරෙන මොහොත වන විටත් රජය නිල වශයෙන් ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කරලා නෑ. එතකන් අපි ඉවසමු.


ප‍්‍රශ්නය - පොදු අපේක්ෂකයා වෙන්න ඔබත් ලොකු සටනක් දෙනවා.
පිළිතුර -
එක මාධ්‍යයක විතරක් ඔය වගේ කතාවක් ගියා. මම 2013 සැප්තැම්බර් මාසයේදී නායකත්ව මණ්ඩලයෙ සභාපති ධුරය බාරගත්දා ඉඳලා මේ දක්වා මට එරෙහිව මහා අවලාද මෙහෙයුමක් ක‍්‍රියාත්මක වෙනවා. මමත් පොදු අපේක්ෂකයා වෙන්න උත්සාහ කරනවා කියන අවලාදයත් ඒකෙම කොටසක්. මට එරෙහිව ඔය විදිහට පහර දෙන්නේ මම මගේ පක්ෂයත්, නායකයත් රැුකගත්ත නිසයි. ඉතාම අසීරුම අවස්ථාවක මම ගත් ඒ ක‍්‍රියාමාර්ගය නිසා පක්ෂය ආරක්ෂා වුණා.


ප‍්‍රශ්නය - ඒ කියන්නේ ඔබ ඒ චෝදනාව ප‍්‍රතික්ෂේප කරනවා.
පිළිතුර -
අනිවාර්යයෙන්ම. මම පෙනී ඉන්නේ මේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමටයි. ඒ සටනේ මම විශාල චරිතයක් රඟපානවා. 17 වැනි සංශෝධනය ගෙන එන්න මම මුල් වුණා. ඒවගේම මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමේ කමිටුවට දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ නම යෝජනා කළේ මම. ඒවගේම තොරතුරු දැනගැනීමේ පනත හුඟාක් මහන්සිවෙලා මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. යහපාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය වගේ සංකල්ප මගේ ඇෙඟ් තියෙනවා. ඒ හැඟීම නිසා මේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ සටනේදී මම විශාල භූමිකාවක් නිරූපනය කළා. දැන් තියෙන්නේ මේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම මිසක් ඒකට තරඟ කිරීම නොවෙයි. ඒ නිසා මම ඒ ගැන හිතලවත් නෑ.

3

5
ප‍්‍රශ්නය - නමුත් පොදු අපේක්ෂක ලැයිස්තුවේ ඔබේ නමත් තිබුණා.
පිළිතුර -
විවිධ පාර්ශ්ව වලින් මගේ නම යෝජනා වුණා. ඒකත් මගේ අවාසනාව. මොකද මොකකට හරි මගේ නම සඳහන් වුණොත් ඊට පහුවෙනිදට මට පහර වදිනවා.


ප‍්‍රශ්නය - ගිරාඹේ අනුනායක හාමුදුරුවන් ලවා ඔබ ඔබේ නම කියවා ගත්තා කියලත් චෝදනාවක් තියෙනවා.
පිළිතුර
- ඔය මම කිව්වේ. මං ගැන විශ්වාසය තියපු නායක ස්වාමීන් වහන්සේලා මගේ නම යෝජනා කළාම ඊට පහුවදා ඉඳලා මට දිගට හරහට පහර දුන්නා. ඒකත් සංවිධානාත්මකව තමයි කරන්නේ. හැබැයි  ඕවායින් මම සැලෙන්නේ නැහැ. මොකද දැන් අවුරුදු දෙකක් පුරා  ඕවා එන නිසා අපේ ශරීරයත්  ඕවට පුරුදු වෙලා තියෙන්නේ. මම උදේ පාන්දර දවස ආරම්භ කරන්නේ මෛත‍්‍රී භාවනාවෙන්. නමුත් අනික් අතට අපට හිනා යනවා. අපේ පක්ෂයට නායකත්වයට විරුද්ධව වැඩ කරපු පක්ෂ විනාශ කරන්න කටයුතු කරපු අය අද පක්ෂය, නායකයා ආරක්ෂා කරන්න කතා කරන හැටි දැක්කම. හැබැයි ඒකත් හොඳ ප‍්‍රවණතාවක් හැටියට මම දකිනවා.


ප‍්‍රශ්නය - අනුරාධපුරයේ ගිරාඹේ අනුනාහිමියන්ගේ පන්සලට ඔබ මුදල් පරිත්‍යාගයක් කළා කියලත් කියැවෙනවා.
පිළිතුර -
  ඕවා මනඃකල්පිත දේවල්. මම හැම අවුරුද්දකම මගේ උපන්දිනයට පස්සේ දවසක අනුරාධපුරයට ගිහින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳගෙන බෝධි පූජාවක් කරනවා. මේපාරත් එහෙම ගියා. මට කනගාටුයි මේ කතාවට මගේ බිරියත් ඈඳාගෙන. මගේ බිරිය කවදාවත් මම මගේ දේශපාලන කටයුතුවලට සම්බන්ධ කරගන්නේ නැහැ. ඒ පිංකමට මගේ බිරිඳත් ගියා. ඒ නිසා ඒ මඩ ප‍්‍රවෘත්තියට මගේ බිරිඳවත් සම්බන්ධ කරගෙන. ඒ වගේම මම මගේ දේශපාලන ජීවිතයේදී කවදාවත් සල්ලි දීලා පගා දීලා වැඩ කරලා නැහැ. මට එහෙම අවශ්‍ය නෑ. නමුත් මම අසරණයන්ට උදව් කරනවා. දාන මාන පිංකම් කරනවා. මම ගිරාඹේ නායක හාමුදුරුවන්ට මුදල් දුන්නා කියලා කවුරුහරි ශ්‍රී මුඛයකින් කියනවා නම් ශ්‍රී හස්තයකින් ලියනවා නම් සොබා දහම ඒ අයට අවශ්‍ය උත්තරය දේවි. ඒ වගේ සිල්වත් නායක ස්වාමීන් වහන්සේ නමකට එහෙම අපහාස කිරීම පංචානන්තරිය පාප කර්මයට සමාන පාප කර්මයක් කියලයි මම හිතන්නේ.


ප‍්‍රශ්නය - ජනාධිපතිවරණයට රනිල් නාවොත් ”මම එනවා” කියලා සජිත් කියනවා. ඔබ මොකද කියන්නේ?
පිළිතුර -
එක්සත් ජාතික පක්ෂයෙන් රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් වෙනවානම් මම මීට කලිනුත් කියලා තියෙනවා ඊයේ පෙරේදා එතුමාව මුණ ගැහුණ වෙලාවෙත් මං එතුමාට කිව්වා මොකද විවිධ මත ප‍්‍රචාරය වෙන හින්දා.. එතුමා ඉදිරිපත් වෙනවා නම් එතුමාට පූර්ණ සහයෝගය දෙනවා කියලා.


ප‍්‍රශ්නය - එතකොට සජිත් පේ‍්‍රමදාස
පිළිතුර -
ඔව් සජිත් පේ‍්‍රමදාස මැතිතුමා ඉදිරිපත් වෙනවා නම් එතුමාටත් මගේ පූර්ණ සහයෝගය දෙනවා. එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂයෙන් වෙනත් කෙනෙක් ඉදිරිපත් වෙනවා නම් එතුමාටත් මගේ පූර්ණ සහයෝගය දෙනවා. මගේ ස්ථාවරය තමයි පක්ෂය යෝජනා කරන  ඕනෑම කෙනෙකුට මගේ සහයෝගය දෙනවා.
මට අවශ්‍ය ඒ පුද්ගලයා හරහා මේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමයි. ඒක තමයි මගේ අවසන් දේශපාලන අභිප‍්‍රාය.


ප‍්‍රශ්නය - මංගල ඇතුළු පිරිසක් ආණ්ඩුවට යන්න හදනවා කියලත් ප‍්‍රවෘත්ති පළ වුණා.
පිළිතුර -
මංගල සමරවීර මැතිතුමා ගැනත් විවිධ කට කතා ගියා. නමුත් මං එතුමාගේ දක්ෂතා දන්නවා. එතුමාගේ නිර්මාණශීලී බව වගේම එතුමාගේ නිර්භීත බව  ඕනෑම දේශපාලන පක්ෂයකට සම්පතක්. අපි පක්ෂ දෙකක ඉන්න කොට අපි එතුමා සමග සටන් කළා. නමුත් දැන් එතුමා අපේ පක්ෂයේ ඉන්න කොට අපට එතුමාගේ දක්ෂතාවය පේනවා. එතුමා යම් කලකිරීමකින් පක්ෂයෙන් යනව කියල ආරංචිය ආපු වෙලාවේ එතුමාව විවේචනය කළ පිරිස් එතුමාට බැනපු පිරිස් පවා අපට කතා කරලා කිව්වා එතුමාට යන්න දෙන්න එපා කියලා.


ප‍්‍රශ්නය - ආණ්ඩුවෙන් එන අයගෙත් විවිධ නම් කියැවෙනවා. ඇත්තටම කවුද එන්න ඉන්නේ.
පිළිතුර -
ආණ්ඩුවෙන් කවුද එන්නේ කියලා කියන්න මට සදාචාරාත්මක අයිතියක් නැහැ. මට නමුත් කියන්න පුළුවන් ආණ්ඩුවේ විශාල පිරිසක් ඉන්නේ කලකිරීමෙන්. මේ රටේ වෙනසක් අපේක්ෂාවෙන් ඉන්න පිරිස් අනිවාර්යයෙන්ම එනවා.


ප‍්‍රශ්නය - පොදු අපේක්ෂකයා වෙන්න කියලා ආරාධනාවක් ආවොත් ඔබ බාර ගන්න සූදානම්ද?
පිළිතුර -
මගේ ජීවිතයේ මට ලැබුණු හැම දෙයක්ම මම ඉල්ලලා ගත්ත දේවල් නොවෙයි. යම්කිසි අවස්ථාවක පක්ෂය මට කිව්වොත් යම්කිසි අභියෝගයක් බාරගන්න කියලා, මට කිව්වොත් යම්කිසි කැපකිරීමක් පරිත්‍යාගයක් කරන්න කියලා ඒකට මම  ඕනෑම මොහොතක සූදානම්.


m



අදහස් (0)

ප‍්‍රධාන කාරණා තුනකට එජාපයයි, පොදු විපක්ෂයයි එකඟයි

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඡන්දයේදී උතුර කොයිබටද?
2024 සැප්තැම්බර් මස 07 1071 0

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී උතුරේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය ලෙස සැලකෙන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය සමඟි ජන බලවේගයේ නායක සජිත්


ඕස්ට්‍රේලියාවේ යළි ඉපදුණ එංගලන්තයේ ඩයනා කුමරිය
2024 සැප්තැම්බර් මස 06 4557 1

බිලී කැම්බල් ඕස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ් නගරයේ ජීවත් වන අට හැවිරිදි පොඩ්ඩෙකි. දිනක්, බිලී ඔහුගේ මවටත් පියාටත් පැවැසුවේ පෙර ආත්මභවයේ තමන් බ්‍රිතාන්‍යයේ ඩ


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 124 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


පාන්තිය විහාරය හැඩකළ සාර්ලිස් මාස්ටර්
2024 සැප්තැම්බර් මස 05 510 1

බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ බටහිර පස් යොදුන් කෝරලයේ ඉද්දගොඩ පත්තුවේ, මතුගම සුළු නගර සභා සීමාව තුළ “පාන්තිය’’ නමැති සුප්‍රසිද්ධ ග්‍රාමවරයෙහ


ඡන්දයේ ජනමතය ප්‍රභූමතය
2024 සැප්තැම්බර් මස 05 412 0

මේ වසර අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල මැතිවරණ පැවැත්වෙන වසරක් බවට පත්ව තිබේ. මෙම මස 21 වැනිදා අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ සමාජ ආර්ථික දේශපාලන ව


බොරැල්ලේ කෝවිද හිමි
2024 සැප්තැම්බර් මස 04 1680 1

අපවත් වී වදාළ බොරැල්ලේ කෝවිද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (4) සවස 4.00ට කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානයේ දී සිදු කෙරේ.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site