IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


ප‍්‍රභාකරන්ගේ රියදුරු වීරමනී කියන කතාව

දශක තුනක් පුරාවට රටම භිතියට සහ සංත‍්‍රාසයට පත් කරමින් අහිංසක මිනිසුන් දහස් ගණනකගේ පමණක් නොව කිරි දරුවන්ගේ පවා ලේ රස බැලූ වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ රියදුරකු ලෙස ඔහු කටයුතු කළේය. කොටි සංවිධානයට එක්වෙමින් පසු ඔහු හැඳින්වූයේ වීරමනී යන නමින් වන අතර සංවිධානය යටතේ -0212 යන අංකය යටතේ ලියාපදිංචි කර ඇත. වන්නි මානුෂිය මෙහෙයුම පැවැති කාලයේ සාමාන්‍ය ජනතාව අතරේ සැඟව හමුදා පාලනය යටතේ පැවැති ප‍්‍රදේශයට පැමිණ ඇති වීරමන් නමැත්තා පසුව අත්අඩංගුවට පත්ව ඇත්තේ ඔහු ප‍්‍රභාකරන්ගේ රියදුරකු ලෙසට කරුනු අනාවරණය වීමෙන් පසුවය. ප‍්‍රභාකරන්ගේ රියදුරු ලෙස සේවයකර ඇති බව දැන සිටියදීත් අනෙකුත් සාමාන්‍ය මිනිසුන්ට මෙන්ම හමුදාව තමන්ට ඉතා හොඳින් මනුෂ්‍යත්වය පෙරදැරිකරගෙන සැලකූ බව වීරමන් නමැත්තා පවසා ඇත. එතෙර සිටින කොටි හිතවාදී දෙමළ ඩයස් පෝරාව අපේ හමුදාවට බොරු චෝදනා එල්ලකරමින් ලෝකය පුරා බොරු ප‍්‍රචාර ගෙනයද්දී ප‍්‍රභාකරන්ගේ රියදුරා පමණක් නොව අත්අඩංගුවට ගත් ප‍්‍රධාන පෙලේ කොටිනායක නායිකාවන් පවා එකී ප‍්‍රකාශකර සිටියේ හමුදාව තමන්ට මනුෂ්‍යත්වය පෙරදැරි කරගෙන සැමවිටම සැලකූ බවයි. දෙමළ ඩයස් පෝරාව ප‍්‍රකාශ කරන අන්දමට හමුදාව යටත්වූ කොටින්ට පවා වෙඩි තැබුවා යැයි යන කියමනට ප‍්‍රභාකරන්ගේ මේ රියදුරු පමණක් නොව කොටි කාන්තා දේශපාලන අංශයේ නායිකා කමලනී කොටි මාධ්‍ය ප‍්‍රකාශක දයා මාස්ටර් කොටි සංවිධානයේ භාෂා පරිවර්තකයාට සහ ත‍්‍රිකුණාමලය කොටි සන්නද්ධ අංශනායක පද්මන් ඇතුළු තවත් බොහෝ කොටි නායක නායිකාවන් ජීවතුන් අතර සිටිය නොහැකිය. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ යුද හා අවි පුහුණුව ලබා ඇති නිසා සහ සන්නද්ධ අංශයේ සාමාජිකයකුව සිට ත‍්‍රස්තක‍්‍රියාවන්ට සම්බන්ධවීම නිසා කොළඹ ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨෘශයේ (ටී.අයි.ඞී) නිලධාරින් වෙත වීරමන්ට එරෙහිව අධිකරණය නඩු පවරා තිබූ අතර නඩුවෙන් ඔහු පසුකාලයක දී නිදහස ලබා පැමිණ තිබේ. ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ එවකට රාජකාරි කළ දැන් විශ‍්‍රාම ලබා සිටින පොලිස් අධිකාරී නිමල් රත්නායක මහතාට වීරමනි පාපොච්චාරණයක් කර ඇත. විශ‍්‍රාමික පොලිස් අධිකාරී නිමල් රත්නායක මහතා දක්‍ෂ අපරාධ විමර්ෂකයකු වන අතර දෙමළ භාෂාව චතුර ලෙස කථා කළ හැකි නිලධාරියෙකි. ප‍්‍රභාකරන්ගේ රියදුරා වන වීරමන් නමැත්තා සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වනු ලැබූ පරීක්‍ෂණ කණ්ඩායම නායකත්වය දෙනු ලැබුවද කොළඹ ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ එවකට සේවය කළ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නිලූපුල් පීරිස් මහතාය. ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නිලූපුල් පීරිස් මහතා ප‍්‍රධාන පෙලේ කොටිත‍්‍රස්තවාදීන් සහ කොටි බුද්ධි අංශයේ සහයකයන් ගණනාවක් අත්අඩංගුවට ගැනීම සඳහා මුල්වී කටයුතු කළ දක්‍ෂ පොලිස් නිලධාරියෙකි. ප‍්‍රභාකරන්ගේ රියදුරා සම්බන්ධ පරීක්‍ෂණ සඳහා ත‍්‍රස්තවාදී විමර්ෂණ කොට්ඨාසයේ දක්‍ෂ නිලධාරියකුවන උප පොලිස් පරීක්‍ෂක සුනිල් මහතා ඇතුළු කොස්තාපත්වරුන් වන රත්නායක (45752) පියතිලක (7624) යන මහත්වරුන් ද හමුවී ඇත. අධිකරණය හමුවේ විභාගවූ නඩුවේදී වීරමනී නමැති ප‍්‍රභාකරන්ගේ රියදුරා නිදහස ලබා පැමිණ ඉන්පසු පෞද්ගලික බස් රථ රියදුරෙක් ලෙස සේවය කරන බව දැනගැනීමට ලැබී ඇත. මේ එදා වීරමනී කල කී දෑ ගැන පොලිස් අධිකාරී නිමල් රත්නායක මහතා හමුවේ කළ පාපොච්චාරණයයි. ප‍්‍රභාකරන්ගේ රියදුරා එදා පොලිස් අධිකාරිවරයා හමුවේ කළ පාපොච්ඡුාරණය මෙතැන් සිට ඔබ හමුවේ තබමු. 18 උපත ලබා ඇත්තේ 1980 දෙසැම්බර් මස 08 වැනි දාය. අවිවාහකයකු වන මම 10 වැනි වසර දක්වා ඉගෙනුම ලබා තිබෙනවා. මගේ උපන් ගම යාපනය වෙන්තලයිකර්ති මුල්ලියාන් ගම්මානයයි. මගේ මල්ලී විවාහ වී ඇති අතර ඔහු දැනට මගේ මව සමඟ ජීවත් වෙනවා. මව සහ මල්ලී දැනට යාපනයේ අවතැන් වූවන්ගේ කඳවුරක සිටින අතර ඒ කුමන කඳවුරේදැයි කීමට මා දන්නේ නැහැ. මගේ සොහොයුරියක මනල්ආරු ප‍්‍රදේශයේ දී ගුවන් ප‍්‍රහාරයක් හේතුවෙන් මිය ගිය බව එල්.ටි.ටී.ඊ. ය මගින් අපට දැනුම් දුන් අතර ඇගේ සිරුර නිවසට ගෙන ආවේ නැත. මගේ සහෝදරිය එල්.ටී.ටී.ඊ. ට බැඳුනේ 1989 වසරේදී. මගේ අක්කා මිය ගිය පසු එල්ටීටීඊය අප පවුලේ සාමාජිකයින් මහා වීර පවුලක් ලෙස සලකා විවිධ පහසුකම් අපට ලැබුණා. විවිධ අවස්ථාවලදී ආර්ථික පහසුකම් ලබා දුන්නා. මා පාසල් ගියේ වෙන්තලයිකර්තිහි රෝමානු කතෝලික දෙමළ මිශ‍්‍ර පාඨශාලාවටයි. එහි 5 වැනි ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලැබුවා. ඊට පසු පරනිතුරේ හි පිහිටි රෝමානු කතෝලික කණිෂ්ඨ විද්‍යාලයේ දහවැනි ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලැබුවා. ආර්ථික අපහසුතා මත ඉගෙනුම නතර කර මුහුදු යාමේ රස්සාවට යොමු වුණා. එසේ රක්ෂාව කරමින් සිටින විට දිනක් පරන්තුරේහි පිහිටා ඇති රෝමානු කතෝලික විදුහලේ පැවැති එල්ටීටීඊ සංවිධානය මගින් රැස්වීමක් සූදානම් කර ගමේ සියලූ දෙනාට එන්න කීවා. ඒ අනුව මාත් එම රැස්වීමට ගියා. එවිට කරිකාලන් නමින් හඳුන්වාගත් අයකුද කතා කළා. ඔහු කතා කරලා කීවා එල්ටීටීඊ එකට බැඳෙන්න එන්න කියලා. ඒ අනුව මා අත ඉස්සුවා. ඊට පස්සේ ස්වේච්ඡාවෙන්ම බඳවා ගත්තා. මා සමග තවත් ශිෂ්‍යයන් 10-12 පමණ බැඳුණා. එයිට පසු යාපනයේ ඉරුබාලෙයි නමැති ගමට රැගෙන ගියා. ඉරුබාලෙයි ගම්මානයේ පිහිටි එල්ටීටීඊ කඳවුරට රැගෙන ගොස් එහි සිටි සුදල් නැමැත්තාට අප බාර දුන්නා. එතන කට්ටිය එකතු කරන තැනක්. එතන සතියක් විතර සිටියා. ඊට පස්සේ මුලතිව්, මනලාරු ප‍්‍රදේශයේ සිට පැමිණි ඉලංතීරන් යන අය පැමිණ අප 300  ක් පමණ දෙනා මුලතිව් අදරඩි නැමැති කඳවුරට රැගෙන ගියා. කිලාලි කලපුව හරහා බෝට්ටු වලින් තමයි රැගෙන ගියේ. අපි ඔක්කොම කට්ටිය 400 ක් විතර හිටියා. මේ කඳවුරේ ප‍්‍රධානියා ලෙස සිටියේ සෙල්ලක්කලි නැමැත්තෙක්. මාසයක් පමණ යනතුරු අප සියලූ දෙනා කඳවුර ශුද්ධ කිරීමට යෙදෙව්වා. 1995.09.19 වැනි දින සිට පුහුණුවීම් පටන් ගත්තෙ. කැමරන් යන අය තමයි එල්ටීටීඊ කොඩිය ඔසවන්න එදා ආවෙ. අලූයම 4.30 ට පමණ ඔක්කොම නැගිටිනවා. නැගිටලා පෝලිම් වෙනවා. කොඩිය ඔසවලා සංවිධානයේ මිය ගිය අය සිහි කරලා දිවුරුම් දෙනවා. ඊට පස්සේ රවුම් කීපයක් දුවනවා. උදේ 8.30 පමණ වන තෙක් ශාරීරික අභ්‍යාස කරනවා. උදේට කෑම කාලා 9.30 ට නැවත පංතියට යනවා. එහිදී දේශපාලනය සම්බන්ධව කියා දෙනවා. නැවත දහවල් 1.00 ට සිට 3.00 වන තෙක් දිවා ආහාරය සඳහා අවස්ථාව ලබා දෙනවා. 3.00 න් පස්සෙ නැවත පෝලිම් වෙනවා. පංතියට සහභාගී වෙනවා. ඉන් පසු පුහුණුවීම් කරනවා. සවස 5.00 සිට 6.00 දක්වා කී‍්‍රඩා කරනවා. රාත‍්‍රී 7.00 ට නැවත පෝලිම් වෙනවා. උදේ 8.00 සිට රාත‍්‍රී 9.00 දක්වා එදා දිනය තුළ කරන ලද පුහුණුවීම් සම්බන්ධව සාකච්ඡා කරනවා. රාත‍්‍රී 9.00 න් පසුව තමයි රාත‍්‍රී කෑම දෙන්නෙ. රාත‍්‍රි 10.00 ට පමණ නිදා ගන්නවා. මාස 06 ක් පමණ මෙම කඳවුරේ පුහුණු වුණා. 45 දෙනා බැගින් කණ්ඩායම් වශයෙන් තමයි පුහුණුවීම් කළේ. ඒ කණ්ඩායමක් නැවත 15 දෙනා බැගින් කුඩා කණ්ඩායම් වලට කඩනවා. අපි පුහුණුවීම් කරනු ලැබුවේ ජේසුදාන් මාස්ටර්, මනිරත්නම් මාස්ටර්, මුල්ලෙයි චෙල්වම් මාස්ටර් සහ කලෙයිකෝන් මාස්ටර් නැමැත්තන් විසිනුයි. ටී. 56, ටී. 81, 303 ආයුධ පිළිබඳව පුහුණූවීම් ලබා දුන්නා. දෙදෙනා බැගින් වෙඩිතැබීම් පුහුණු කළා. පුහුණුවෙන් පස්සෙ එල්ටීටීඊ නම වශයෙන් වීරමනි යන නමද ලියාපදිංචි අංකය ඔ. 201 වශයෙන්ද ලබා දුන්නා. සයනයිඞ් කරලක්ද ගෙලේ පැලැන්දුවා. රාධා බළකායේ ප‍්‍රධානියා වන කර්නල් ගඩාපිද අපේ විසිර යෑමේ අවස්ථාවට පැමිණියා. දින දෙක තුනක් පමණ එම කඳවුරේම සිටියා, ඊට පස්සේ මාත් සමගින් 40 ක් පමණ දෙනා ශසිකුමාර් යන අය පුනරින් ප‍්‍රදේශයේ පිහිටි කැලෑ ප‍්‍රදේශයකට රැගෙන ගියා. එම කඳවුරේ වීරප්පන් මාස්ටර් දිනේෂ් මාස්ටර්, නිශාන්දන් මාස්ටර්, කිල්මන් මාස්ටර් යන අය සිටියා. අප එම කඳවුරට පැමිණෙන විට 500 ක් පමණ පිරිසක් එහි පුහුණුව ලබමින් සිටියා. එහිදී අපට මාස තුනක පමණ කාලයක් හමුදා කඳවුරුවලට පහර දෙන ආකාරය පිළිබඳව පුහුණුවක් ලබා දුන්නා. පුහුණුව අවසානයේ එස්.එල්.ආර්. අවියක් පතුරම් 60 බැගින් අඩංගු මැගසින්  3 ක් පූචස් 01 ක් බැගින් ලබා දුන්නා. පසුව අප බස් රථවල නැගී නැවත පරන්තන් වලට ආවා. මගේ කණ්ඩායමේ සිටි 40 දෙනා ගෙන් 10 දෙනෙක් විතර මිය ගොස් සිටියා. ඉතිරි 30 දෙනා පරන්තන් ඉදිරි ආරක්‍ෂක වළල්ලේ රාජකාරිවල යෙදෙව්වා. 1996.08.15 වන දින පමණ වන තෙක් එහි රැඳී සිටියා. ඒ වන විට අපට විරුද්ධ දෙසින් යුද හමුදාව ප‍්‍රහාර එල්ල කරමින් සිටියා. මාසයක් පමණ එහි හිටියා. පස්සේ රාධා බළකාය විශ්වමඩුවලට රැගෙන ආවා. එහිදී අපට ටික දිනක් පුහුණුව දුන්නා. අපි 150 ක් 200 ක් පමණ කට්ටිය එහි සිටියදී ආර්.පී.ජී., එල්.එම්.ජී. මෝටාර් සහ සුළු අවි වශයෙන් කණ්ඩායම් වලට බෙදුවා. මා ඇතුළු තවත් කිහිප දෙනෙක් කර්නල් ගඩාෆිගේ "78 බේස්” එකේ ආරක්‍ෂක කටයුතු සඳහා යෙදෙව්වා. රාධා බළකායේ මූලස්ථානය මෙම "78 බේස්” කඳවුරයි. එහිදී පාවිච්චි කළේ ටී 56 අවියක්. 1997 මාර්තු පමණ වන තෙක් මම එහි රැඳී සිටියා. මෙම කඳවුරේදී එල්.එම්.ජී. අවි සම්බන්ධයෙන් නැවත මාස 04 ක් පමණ පුහුණු වුණා. 2000 වර්ෂයේ මුල් කාලයේදී "කර්නල් ගඩාෆි” විසින් මාව ප‍්‍රභාකරන්ගේ ආරක්‍ෂක භට කණ්ඩායමට ඇතුළත් කළා. ඒ වන විට ප‍්‍රභාකරන් සිටියේ පුදුකුඩිඉරිප්පු  ඕඞ්ඩිසුඩාන් පාරේ පිහිටි ”චාලිවන්” නැමැති කඳවුරෙයි. එහි 50 ක් විතර කොටි කණ්ඩායමක් බංකර්වල සේවය කළා. එල්.එම්.ජී. අවි තමයි අපි ළඟ තිබුණේ 2000 මාර්තු විතර දක්වා එහි ආරක්‍ෂක කටයුතුවල නිරතව සිටියා. ප‍්‍රභාකරන් ඇතුළු ඔහුගේ පවුලේ උදවිය මෙම කඳවුරේ නැවතී සිටියා. 1996.07.17 වන දින මුලතිව් යුද හමුදා කඳවුරට ප‍්‍රහාරයක් එල්ල කිරීම සඳහා 1300 ක් පමණ පිරිසක් සමගින් ආවා. බස්රථවලින් ගිහිල්ලා කඳවුරට ටිකක් දුරින් කැලේට වී සැඟවී සිට රාත‍්‍රි 12.00 ට පමණ ප‍්‍රහාරය පටන් ගත්තා. මුලින්ම ආර්.පී.ජී, එල්.එම්.ජී වලින් ප‍්‍රහාර එල්ල කරලා බංකර් අල්ලා ගත්තා. ප‍්‍රධාන කඳවුරේ සිට කි.මී. එකහමාරක් පමණ දුරින් තමයි එම බංකර් තිබුණේ. එදින 03 ක් තිස්සේ සටන් කරලා ප‍්‍රධාන කඳවුරට ඇතුළු වුණා. බාල්රාජ් තමයි සටන මෙහෙයවුයේ. මෙම සටනේදී අපේ සාමාජිකයෝ 500 ක් විතර මැරුණා. යුද හමුදාවෙන් විශාල පිරිසක් මිය ගිහිං තිබුණා. ගණනක් කීමට අමාරුයි. කාල තුවක්කු දෙකක් ඇතුළු කඳවුරේ තිබුණ අවි ආයුධ සියල්ල වාහනවල පටවගෙන අරන් ගියා. 2002 නම වැනි මාසයේදී පමණ මාත් එක්ක තවත් තිදෙනෙක් සුවාන්දිරම්පුරම් වලට ගොස් රිය පැදවීම් පිළීබඳව පුහුණුවීම් ලබා ගත්තා. බස්, කාර්, වෑන්, කැන්ටර් රථ කැබ්රථ, ට‍්‍රැක්ටර්. ත‍්‍රිවිල් මෝටර් සයිකල් පැදවීම සම්බන්ධයෙන් මාස 04 ක් පමණ පුහුණුවූ අතර පසුව එල්ටීටීඊ ය රියදුරු බලපත‍්‍රයක් ලබා දුන්නා. 2003 ජනවාරි වලදී නැවත චාර්ලි වන් බේස් කඳවුරට ආවා. එහි මාස කීපයක් ට‍්‍රැක්ටර් කැන්ටර් වාගේ රථ පදවමින් සිටියා. ඊට පස්සේ ප‍්‍රභාකරන්ගේ ආරක්‍ෂාව සඳහා යන අය ගමන් කරන ඩොල්පින් වර්ගයේ වෑන් රථයේ වැඩ කළා. ප‍්‍රභාකරන්ගේ ආරක්‍ෂාවට හතර දෙනෙක් ඔහුගේ පෙජරෝ එකේ යනවා. එය වායුසමනය කළ අඳුරු වීදුරු සහිත එකක්. කැලෑ වර්ණයෙන් (කැමප්ලාජ්) පාට ගන්වා තිබුණා. එහි අංක තහඩු සවිකර තිබුණේ නැහැ. එල්ටීටීඊ මුහුදු කොටි නායක සුසෙයි බුද්ධි අංශයේ නායක පොට්ටු අම්මාන් දේශපාලන අංශයේ නායක තමිල් සෙල්වම් සහ දීපන් යන අය ප‍්‍රභාකරන් හමුවීමට එනවා. ප‍්‍රභාකරන් එල්ටීටීඊ සන්නද්ධ අංශ වලට උපදෙස් දෙන්න මෙන්ම මහවිරු පවුල්වල උත්සවවලට යනවා. 2006 දක්වා මා ප‍්‍රභාකරන්ගේ වාහනයේ රියදුරු වශයෙන් සිටියා. කොන්දේ අමාරුවක් සෑදුණු නිසා 2006 ජනවාරි වලදී පමණ ප‍්‍රභාකරන්ගේ රියදුරු කමෙන් ඉවත්වී යාමට අවසර දුන්නා. තවද ඊට පෙර 2003 ජුනිවල සිට අවුරුද්දක් පමණ කාලයක් පෙජරෝ රථයේ රියදුරු ලෙස සේවය කළා. 2006 වසරේ කොන්දේ අමාරුව සෑදීමෙන් පසුව මාව විශ්වමඩු ප‍්‍රදේශයේ පිහිටි "පපා ඇල්ෆා” 8 නැමැති රාධා බළකායේ බේස් කඳවුරට යැව්වා. එහි මාස 03 ක් පමණ කාලයක් රැඳී සිටියා. එම කඳවුරේ මාස 03 ක පමණ කාලයක් සිටීමෙන් පසු වට්ටුවාල්වල පිහිටි මුහුදු කොටි නායක සුසෙයි ගේ මුහුදු කොටි කඳවුරට දැම්මා. මුහුදු කොටි සාමාජිකයකු ලෙස 2006 වර්ෂයේ අපේ‍්‍රල් වල සිට මාස 09 ක කාලයක් පුහුණුව ලැබුවා. කරුණානිධි, තෙන්දිපන්, වට්ටාන් යන මාස්ටර්ලා තමයි පුහුණූවීම් කළේ. බෝට්ටු පැදවීම බෝට්ටුවල සවිකර තිබෙන ආයුධ පිළිබඳව පුහුණුවීම් දුන්නා. පසුව එම කඳවුරේම සේවය කරමින් 2009 මාර්තු වන තෙක් සිටියා. බෝට්ටු ප‍්‍රවාහනය කිරීමට යොදා ගන්නා වාහනයකත් වැඩ කළා. 2009 මාර්තු වලදී වට්ටුවාල් ප‍්‍රදේශයට හමුදා ප‍්‍රහාර එල්ල කිරීම හේතුවෙන් පුදුමාතලන්වලට ආවා. එහි මාසයක් විතර ඉඳලා වෙට්ටවයික්කාල්වලට ගොස් එහි දින 15 ක් විතර සිටියා. ඉන්පසු මුල්ලි වයික්කාල් වලට පැමිණ එහි සති 03 ක් විතර හිටියා. හමුදාව එම ප‍්‍රදේශයේ කොටින් ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා පසුව මම සාමාන්‍ය ජනතාව ඉන්න පැත්තට ගොස් ඔවුන් අතරේ සැඟවී හමුදා පාලන ප‍්‍රදේශයට ආවා. හමුදාව අපට ඉතා හොඳින් සැලකුවා. හමුදාව 2009.05.17 වැනි දින අපව බස් රථ වලින්  ඕමන්තට රැගෙන ආවා. දින කීපයකට පස්සේ පොලිස් අත්අඩංගුවට පත්වුණා. එම වසරේම 06.01 වන දින බුස්ස කඳවුරට රැගෙන ආවා. ප‍්‍රශ්නය - ඔබ එල්ටීටීඊ නායක ප‍්‍රභාකරන්ගේ පෙජරෝ රථයේ රියදුරු ලෙස සේවය කළ බව කීවා. ප‍්‍රභාකරන්ගේ ආරක්‍ෂාවට එම රථයේ සහ වෑන් රථයේ සිටි අයගේ නම් මොනවාද? පිළිතුර - සංඝයාන්, වල්ලූවන්, අමුදසුඩාර් සහ කදිරේෂන් යන හතර දෙනා පෙජරෝ රියේ ප‍්‍රභාකරන්ගේ ආරක්‍ෂාවට සිටියා. ඩොල්පින් වෑන් රථයේ ශිෂමුගර් ඊලවන්, ෂමුදන්, සෝර් වානන් නැමැති හතර දෙනා සිටියා. ප‍්‍රශ්නය - එම ආරක්‍ෂකයන් අතරින් නායකත්වය දැරුවේ කවුද? පිළිතුර - ඊලවන් තමයි නායකයා වශයෙන් සිටියේ. පසුගිය දිනවල කියවන ලද පොත්පත් සඟරා ඇත්දැයි කියා පොලිස් අධිකාරී රත්නායක මහතා ප‍්‍රභාකරන්ගේ රියදුරුගෙන් ප‍්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ බුස්ස කඳවුරේ ඒ කොටසේ රඳවා සිටි බාල දයාපරන් යන අය විසින් අනෙක් අයට ඉංග‍්‍රීසි කියා දෙනු ලබන බවත් ඒ ඉංග‍්‍රීසි පන්තියට සහභාගීවී ඉංග‍්‍රීසි ඉගෙනගත් බවත් කීය. දසපණත ගැන දන්නේද යන්න කියා පොලිස් අධිකාරිවරයා අසන ලද ප‍්‍රශ්නයට ද පිළිතුරු දෙමින් ඔහු දසපණත පැහැදිලිවම කියා ඇත. කිසිදු බලපෑමක් ගිවිසුමක් හෝ පොරොන්දුවක් මත මෙම පාපොච්චාරණය නොකරන බවද පොලිස් අධිකාරිවරයා හමුවේ මෙම පාපොච්චාරණය කිරීමට කලින් වීරමනී නමැත්තා ප‍්‍රකාශකර තිබේ. ප‍්‍රභාකරන්ගේ රියදුරා ව සිටි වීරමනී පෞද්ගලික බස් රථ රියදුරෙකු ලෙස සේවයකරමින් සිටි අතර වාරයේ ඔහු සම්බන්ධව පරීක්‍ෂණවලට සම්බන්ධවූ පොලිස් නිලධාරියකුට පසුගිය කාලයේ හමුවී ඔහු පොලිස් නිලධාරියා හඳුනාගෙන බොහොම සුහද ලෙස කතාබස්කර තිබෙන බවද අපි මෙහිලා අවසන වශයෙන් සඳහන් කරමු.

සටහන - ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය
ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක  නිලූපුල් පීරිස් පොලිස් අධිකාරී  නිමල් රත්නායක ප‍්‍රභාකරන්ගේ රථය හමුදා අත්අඩංගුවට ගත් පසු...



අදහස් (0)

ප‍්‍රභාකරන්ගේ රියදුරු වීරමනී කියන කතාව

නිශාන්ත Sunday, 11 March 2012 04:52 PM

ගොඩක් රසවත්

:       0       0

සංජය Sunday, 11 March 2012 05:19 PM

මේවා අපේම වාහන නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 394 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 327 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 93 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 369 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 539 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


ජයග්‍රහණය අබියස අභියෝගය
2024 නොවැම්බර් මස 18 900 0

ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 483 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 708 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1982 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site