IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ප්‍රභාරකන්ගේ තැන ගන්න බර වාහන රියදුරෙක්


 

පසුගිය මාර්තු 13 වැනි බ්‍රහස්පතින්දා රැයේ කිළිනොච්චියේ ධර්මපුරම් පුලියාම්පොත්තකනෙයි මුසාලම්පිටි හි ඉන්දියා නිවාස යෝජනා ක්‍රමයට අයත් නිවසකින් වෙඩි පහර 2 ක් නිකුත් වනු ඇසුණි.

ත්‍රස්ත විිමර්ශන ඒකකයට අයත් පොලිස් නිළධාරියකු වූ රත්නකුමාර් තුවාළ ලබා නිවසේ බිිම වැටී සිටිනු දක්නා ලදී. ඔහුට වෙඩි පහර එල්ල කළේ යැයි සැකකෙරෙන හිටපු එල් ටී ටී ඊ බුද්ධි අංශ සාමාජිකයකු බව පැවසෙන නිවෙසේ නවාතැන් ගෙන සිටිි පොන්නයියාහ් සෙල්වනායගම් කජීබන් හෙවත් ගෝබි ඒ වන විට අතුරුදන්ව සිටියේය.

මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ රත් කරවීමට සමත්වූවක් විිය. යුද්ධයෙන් පසු ප්‍රථම වතාවට හිටපු එල් ටී ටී ඊ සාමාජිකයෙකැයි සැක කෙරෙන පුද්ගලයෙකු රටේ ආරක්ෂක අංශ නිළධාරියෙකුට වෙඩිි ප්‍රහාරයක් එල්ල කර තිබේ.ආරක්ෂක අංශ 2009 වසරේ මැයි මාසයේ නන්දිකඩාල් කලපුවේදී එල් ටී ටී යේ සියලූ බල කණු බිද දැමූ දා පටන්ම උතුරේ පැවතුණේ සාමකාමිී වාතාවරණයක් වන අතර ගැටලූ රැසක් තිබුණද ජනතාව සාමාන්‍ය දිවි පෙවතකට හුරුවෙමින් සිටියහ.පසුගිය මාස 58  පුරාවට එල් ටී ටී යේ් කිසිදු ලකුණක් උතුරුකරයෙන් සොයාගැනීමට පවා අපහසු විය.දෙමළ ජනතාව සිටියේ එල් ටී ටී ග්‍රහණයෙන් සම්පූර්ණයෙන්ම මිදුණු ප්‍රදේශයක යුද්ධයේ අදුරු සෙවණැලි දුරු වී ගිය පරිසරයක නව ජීවිත අරඹමිනි.

නිසල පොකුණකට සම වු උතුරේ වාතාවරණය එම පොකුණට ගල් කැටයක් වැටුණා සේ දැන් තිබෙනුයේ චංචලවය.මෙම සිදුවීම උතුරේ මේ දක්වා පැවතුණු සාමකාමිී වාතාවරණය බිද හෙළීමේ සමත් බවක් දක්නට ඇත.

ආරක්ෂක අංශ මේ සිදුවීම වනවිට සිටියේ උතුරේ සිදුවෙමින් පැවතුණු ක්‍රියාවලීන් දාමයක් පිළිඹදව පරීක්ෂණ පවත්වමිනි.එල් ටී ටී ඊ සංවිධානයට පණ දීම සදහා ජනතාව පෙළඹවීමේ අරමුණින් ඛෙදා හැරීමට සැළසුම් කර තිබූ අත් පති්‍රකා සමූහයක් සොයාගැනීමට ආරක්ෂක අංශ වලට හැකිව තිබුණි.අවි සගවා තිබූ ගබඩා කිහිපයක්ම සොයාගැනීමට හැකිව තිබුණි.මෙම කටයුතු සියල්ලටම සැකකරු ලෙස ආරක්ෂක අංශ පොත් වල සටහන්ව තිබුණේ ගෝබිගේ නම වීමද විශේෂය.වෙඩිතැබීමේ සිදුවීමත් සමග එල් ටී ටී ඊ සංවිධානය යළි නැගිටීමක් ගැන පළවී තිබු සැකයන් දැන් සැබෑවී ඇති බවක් දැකගත හැකි සෙයකි.

ආරක්ෂක අංශ මේ වන විට කජීබන් හෙවත් ගෝබි හා ඔහුගේ සහයකයා ලෙස හදුනාගෙන ඇති නවනීතන් හෙවත් අප්පන් සොයා මුලූු උතුරුකරයම ආවරණය වන සේ මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබේ.මොවුන්ගේ තොරතුරු සදහන් පෝස්ටර වන්නියේ තාප්ප හා ගස් වසාගෙන ඇත.මුලතිව් වවුනියා හා කිළිනොච්චි යන දිස්ති්‍රක්ක වල යුධ සමයේ සේම තැන් තැන්වල පොලිස් හා යුද හමුදා සාමාජිකයින් කණ්ඩායම් ගැසී සිටිනු දැක ගත හැක.ඔවුන් ගෝබි සොයා එම ප්‍රදේශයන් පිීරමින් සිටී.තරුණ තරුණියන් කණ්ඩායම් පිටින් ප්‍රශ්න කිරීම් වලට කැදවාගැනෙන අතර ඔවුන්ගෙන් බහුතරය එවලේම නිදහස් කර එවතත් සුලු කොටසක් වැඩිදුර ප්‍රශ්න කිරීම් සදහා රදවා ගැනේ.රථවාහන පරීක්ෂාවද සිදුකෙරෙන අතර ඒවායේ ගමන්කරන්න් දැඩි ලෙස පරීක්ෂා කර බැලීම සිදුවේ.මහමග යනෙන පුද්ගලයින් අහඹු ලෙස තෝරාගෙන ඔවුන්ගේ අනන්‍යතාව පරීක්ෂා කිරීමද සිදුවේ.

මෙවන් වාතාරවරණයකට අනන්‍ය වන පිරිදි බොහෝ දෙනාගේ සැකය දැන් එල්ල වී ඇත්තේ උතුරු කරයේ තරුණ තරුණියන් වෙතය.විශේෂයෙන් එල් ටී ටී ඊ සංවිධානයෙන් මිදී පුනරුත්ථාපනය වූ හිටපු සාමාජික සාමාජිකාවන් ඔවුන් අතරින් ප්‍රධානය.එවන් සාමාජික සාමාජිකාවන්ද ප්‍රශ්න කිරීම සදහා කැදවීමට ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටී.ඔවුන්ගේ සෑම සියලු කි්‍රයාකාරකමක්ම පුලුල් ලෙස විමර්ශනය කිරීමද සිදුවේ.ආරක්ෂක අංශ උත්සාහ කරමින් සිටින්නේ ගෝබි සොයාගැනීම පමණක්ම නොව එල් ටී ටී ය යළි නැගිටින බවක් හදුනාගත හැකි ඉතා සුලු අවස්ථාවක් පවා වේ නම් එය ව්‍යර්ථ කර දැමිීමටය.ආරක්ෂක අංශ වලට යටත් නොවී පලා යෑමට සමත්වූ හා පුනරුත්ථාපන කටයුතු වලට සහභාගී නොවුණු එල් ටී ටී ඊ සාමාජිකයින් සොයාද දැන් මෙහෙයුම් කි්‍රයාත්මකය.

2009 වසරේ මැයි මාසයේ මුලතිව් මුල්ලිවාටයික්කාල් හි ඇතිවූ අවසන් සටනේදී නායක වේලූපිල්ලේ ප්‍රභාකරන් හා ඉදිරි පෙල නායකයින් රැසක් මරුමුවට පත්වීමෙන් පසු එල් ටී ටී ඊ සංවිධානය නමටම පමණක් සීමාවූ තත්ත්වයකට පත්වුණි.යටත්වුණු 11000 කට අධික එල් ටී ටී ඊ සාමාජිකයින් හා නායකයින් පුනරුත්ථාපන කටයුතු සදහා යොමුකෙරුණු අතර මේ වන විට එයින් සුලු ප්‍රමාණයක් හැරෙන්නට ඉතිරි සියල්ල නිදහස් කර යවා තිබේ.ඉතිරිව සිටින ඇතැමෙක් තවමත් පුනරුත්ථාපනය කෙරෙන අතර ඇතැමෙක් අධිකරණය හමුවට පමුණුවා තිබේ.

අන්තර්ජාතික තලයේ වාතාවරණය මිීට වඩා වෙනස්ම ස්වරූපයක් ගත්තේය.ශ්‍රී ලංකාවේ එල් ටී ටී ඊ සංවිධානය බිද වැටුණු පසු එල් ටී ටී යේ සැර බාල වුවද අන්තර්ජාතික තලයේ සිට කි්‍රයාත්මක වූ එල් ටී ටී ඊ සාමාජිකයින් හා නායකයින් එක් පුද්ගලයෙකු යටතේ ඒකරාශී වී අඩක් මියැදී සිටි සංවිධානට ජීවය දෙන්නට වුනි.මෙම පුද්ගලයා වූයේ පිරින්බනායම් සිවපාරන් හෙවත් නෙදියවන් හෙවත් ‘උස මිනිසා‘ ය.සංවිධානයේ බිද වැටීමත් සමග සියල්ලන්ගෙන් වසන් වී ජීවත් වන්නට ගත් නෙදියවන් නෝර්වේහි ඔහු වාසය කරමින් සිටි ප්‍රදේශය අතහැර අගනගරයවූ ඔස්ලෝ නුවරට සැතපුම් 150 පමණ දුරින් පිහිටිි කුඩා නගරයකට සංක්‍රමණය විය.එහි සිට තම සමිීපතම අගසව්වන් දෙදෙනකු වූ ඉලම්පොරෙයි හා නන්තකෝපන් ගේ සහයෝගය ඇතිව එල් ටී ටී ඊ සංවිධානය මෙහෙයවීම ආරම්භ කළේය.

එල් ටී ටී ඊ සංවිධානය දෙමළ ජනතාවගේ විමුක්තිය තකා අවි අතට ගත් සංවිධානයක් යන්න සංවිධානයේ අන්තර්ජාතික තලයේ සාමාජිකයෝ යට ගැසූහ.ඒ වෙනුවට එල් ටී ටී ඊ සංවිධානය යනු දෙමළ ජනතාවට යුක්තිය,සාධාරණත්වය,සමානත්වය හා ජීවත්වීමේ අයිතිය දිනාදිීමට සංවිධානය වූවක් ලෙස නව මුහුණුවරකින් ඔවුහු එල් ටී ටී ඊ සංවිධානය යළිත් කරළියට ගෙන ආහ.මේ නව මුහුණුවර ලොව පුරා පිළිගත් මානව හිමිකම් සංවිධානයන්ගේ අවධානය හා සැළකිල්ල දිනාගැනීමට සමත්විය.මෙය කෙතරම් දුරට ගෙනයාමට ඔවුන් සමත්වීද යත් ඒහි ප්‍රතිඵලයක් ලෙස යුද සමයේ සිදුවී ඇතැයි නැගී ඇති චෝදනා වලට මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන් වන උත්තරීතර ආයතනය වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ උත්තර බැදීමටත් දැන් ශී්‍රලංකාවට සිදුව ඇත.

අන්තර්ජාතික තලයේ එල් ටී ටී ඊ සංවිධානය මහත්වරුන් සේ හැසිරීමට තැත් කළත් ශී්‍රලංකාවේ ඔවුන්ගේ සැබෑ මුහුණ යළි මතුවෙමින් පැවතුණි.ආරක්ෂක අංශ සොයාගෙන ඇති තොරතුරු වලට අනුව අන්තර්ජාතික දෙමළ ඩයස්පෝරාවේ උපදෙස් මත කි්‍රයාත්මක එල් ටී ටී ඊ සාමාජිකයින් උතුරේ කළහකාරී වාතාවරණයක් ඇති කිරීමේ සූදානමකින් සිට ඇත.මේ මගින් දෙමළ ඩයස්පෝරාව උත්සාහ කර ඇත්තේ එවන් වාතාවරණයකට මුහුණ දීමට එල් ටී ටී ය යළිත් අවි අතට ගැනීම සාධාරණිීකරණය කිරීමටයි.එල් ටී ටී ඊ සාමාජිකයින් 12000 ක් දෙනා ශී්‍රලංකාවේ රහසිගතව අවි පුහුණුව ලබමින් සිටින්නේයැයිද ප්‍රභාකරන් තවමත් ජීවතුන් අතර සිටින්නේයැයිද විශ්වාස කරනා මෝඩයන් පිරිසක්ද මොවුන් අතර වන බව අමතක කළ යුතු නැත.

ශී්‍රලංකාවේ ආරක්ෂක අංශ එල් ටී ටී ඊ සංවිධානය සම්පූර්ණයෙන්ම අඩපණව ගොස් ඇතැයි දැන සිටියද දෙමළ ඩයස්පෝරාව සතු මුදල් බලය හා ඔවුන් එල් ටී ටී ඊ  සංවිධානයට යළි පණදීමට නොනවත්වා දරන උත්සාහයන් ගැන විමසිලිමත්ය.ආරක්ෂක අංශ විශ්වාස කරන්නේ ඩයස්පෝරාව ඔවුන් සතු  මුදල් යොදවා හිටපු එල් ටී ටී ඊ  සාමාජිකයින් මිලයට ගෙන අවිගත් අරගලයක් නැවත ඇති කිරීමට කැස කවමින් සිටින බවයි.මෙනිසා එවැන්නකට ඇති අවස්ථාවන් අවහිර කිරීමට ආරක්ෂක අංශ සාමාජිකයින් විශාල ප්‍රමාණයන්ගෙන් උතුරු ප්‍රදේශයේ ස්ථාන ගත කරන්නට බළධාරීහු කටයුතු කර ඇත.මේ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ශී්‍රලංකා රජයට නොයෙකුත් බලපෑම් අන්තර්ජාතික තලයෙන් එල්ල වන්නට පටන් ගත්තේ යුද්ධය අවසන් නිසා මෙසේ ආරක්ෂක අංශ සාමාජිකයින් උතුරුකරයේ ස්ථාන ගත කිරීම අවශ්‍ය නොවන බව දක්වමිනි.ඒවාට ප්‍රතිචාර ලෙස ශී්‍රලංකාව එසේ ස්ථාන ගත කර සිටි ආරක්ෂක අංශ සාමාජිකයින් ගණනින් අඩු කිරීමට කටයුතු කළත් උද්ගතව ඇති නව වාතාවරණය හමුවේ ඒ සියල්ල ආපස්සට හැරවෙනු ඇතැයි සිිතිය හැක.

උද්ගතවී ඇති තත්ත්වය ගැන හොද අවබෝධයක් ලබා ගැනීමට නම් වෙඩි තැබීමේ සිදුවීමට ප්‍රථමයෙන් උතුරුකරයෙන් වාර්තා වූ සිදුවීම් කිහිපයක් පිළිඹදව අවධානය යොමුකළ යුතුවේ.මෙම වසර ආරම්භයේදී වන්නිය පුරා ද්‍රවිඩ භාෂාවෙන් ලියැවුණු විප්ලවකාරී අදහස් අඩංගු පති්‍රකා සමූහයක් ඛෙදා හැරෙන්නට පටන් ගැනුනි.බස් රථ වලදී වෑන් රථ වලදී පොදු ස්ථාන වලදී එකිනෙකාගේ අතින් අතට හුවමාරු වුනු මෙම පති්‍රකා ඛෙදා හැරීම පසුපස සිටින්නේ තරුණ පිරිසක් බවද හෙළිවුනි.මිීට අමතරව එම පති්‍රකා මිටි ගනන් පාසැල්”පන්සල්”භෝජනාගාර වැනි ස්ථාන වල දමා ගොස් තිඛෙනුද දැකගත හැකිවුනි.කුඩා ප්‍රමාණයක් තාප්ප හා ගස් වල අලවා තිඛෙනු දැක ගත හැකිවිය.

මෙම පති්‍රකා ඛෙදා හැරීමේ හා ඇලවීමේ නියුතුවූවන් එක් රැයකදී කිසියම් ප්‍රදේශයක් ආවරණය කර තිඛෙනු හදුනාගතහැකිවුනි.මෙනිසා ආරක්ෂක අංශ විශ්වාස කරන්නට යෙදුනේ මොවුන්ට වැඩි පිරිස් බලයක් නොතිඛෙන්නට ඇති බවයි.මේ හේතුව නිසාම ඉදිරියේ ඒමට තිබූ මහත් ව්‍යසනයකට සූදානම් වීමට ආරක්ෂක අංශ වැඩි කලබලයක් දක්වා නොමැති බවක් පෙනෙන්ට ඇත.

එම පති්‍රකා වල දෙමළ ජාතිකත්වය ඉස්මතු වන ආකාරයේ හැගීම් දනවන වැකි අඩංගු විය.ඒවායින් පැවසුනේ යළි පණ ලබන ‘කාවල් තිවෙන්ගල්‘ හෙවත් ‘මුර දේවතාවන්‘ අභිමුඛයෙහි දෙමළ ජනතාවට එක්රැස් වන ලෙසටයි.එදවස එල් ටී ටී ඊ සංවිධානයද ‘කාවල් තිවෙන්ගල්‘ හෙවත් ‘මුර දේවතාවන්‘ ලෙස හැදින්වුනු අතර දෙමළ ජනතාව ආරක්ෂා කිරීමට හා ඔවුන්ගේ අයිතීන් දිනා දීමට පෙනී සිටිනා ‘දේවතාවන්‘ ලෙස ඔවුහු තමන්ව හදුන්වාගත්හ.

ස්ථීරසාර නිදහසක් දිනා ගැනීම සදහා වන අරගලයට එක්වන ලෙස දෙමළ ජනතාවට එම පති්‍රතා වලින් බල කොට තිබුණි.ඒ සදහා නියමුවා වන්නේ ‘මුර දේවතාවා‘ හෙවත් එල් ටී ටී ඊ සංවිධානය යැයිද එහි දැක්වුණි.අන්තර්ජාතික තලයේ වාතාවරණය දැන් යහපත් අතට හැරෙමින් පවතින බවත් යළි නැගිට ඊළම දිනාගැනීම සදහා දෙමළ ජනතාවට මේ හොදම කාලය බවත් එහි සදහන් කර තිබුණි.

මෙම පති්‍රකා මුලින්ම හමුවුණු විට ආරක්ෂක අංශ ඒ කෙරෙහි දැක්වූයේ උදාසීන ආකල්පයකි.නමුත් මේ පසුපස සිටිින්නේ කවුරුන්දැයි සොයා පරීක්ෂණ කටයුතු ආරම්භ කරන්නට ඔවුන් පමා නොවුනි.මෙම පරීක්ෂණ කටයුතු වලින් හෙළිවුනු කරුණු කාරණා තැතිගන්වන සුලු විය.ඒවායින් හෙළිවූයේ කිසියම් පිරිසක් එල් ටී ටී යට යළි පණ දීමට උත්සාහ කරමින් සිටින බවයි.අවි ආයුධ තොග ගණනින් උතුරුකරයට ගෙන එමින් පවතින බවත් එල් ටී ටී ඊ සංවිධානය කෙරෙහි අනුකම්පා උපුදවන පුද්ගලයින් සංවිධානයේ නව සාමාජිකයින් ලෙස බදවා ගැනෙමින් තිඛෙන බවත් පරිීක්ෂණ වලින් හෙළි විය.

වැඩිදුර පරීක්ෂණ වලින් මේ පසුපස සිටින්නේයැයි සැකකෙරන පුද්ගලයෙකු සොයාගැනීමට ආරක්ෂක අංශ සමත්විය.ඒ පුද්ගලයා වූයේ අන්කිසිවෙකු නොව තිස් එක් හැවිරිදි පොන්නයියා සෙල්වනායගම් හෙවත් ගෝබිය.අඩි 6 ක් උසැති තළෙලු පැහැති වන මෙම පුද්ගලයාගේ උඩු තොලෙහි වම් පැත්තේ කැපුම් ලකුණකුදු පිහිටයි.හිටපු එල් ටී ටී ඊ බුද්ධි අංශ සාමාජිකයෙකැයි තොරතුරු සොයාගැනුණු හෙතෙම එල් ටී ටී ඊ බුද්ධි අංශ නායකව සිටි ෂන්මුගලින්ගම් සිවසන්ගරන් හෙවන් පොට්ටු අම්මාන්ගේ සෘජු අධීක්ෂණය යටතේ සේවය කර ඇතැයිද අනාවරණය විය.කජීබන් යුද්ධයේ අවසන් භාගයේදී ආරක්ෂක අංශ භාරයට පත්ව තිඛෙන අතර වවුනියාවේ පුූන්තොට්ටම් හි පිහිටි ප්‍රතිස්ථාපන හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත අනුයුක්ත තර සිට ඇත.

ගෝබි පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වත්මන් රජයේ දෙමළ සාමාජිකයෙකුගේ සහය ආධාරය ලබා පැනගොස් කටාර් රාජ්‍යය වෙත පළාගොස් ඇතැයි සැකකෙරේ.එතැන් සිට යුරෝපය බලා පැමිණ ඇති ගෝබි යුරෝපය පුරා කරක් ගසා අවසානයේ ගොස් ඇත්තේ නෝර්වේ ටය.ඔහුගේ යුරෝපා සංචාරය අතරතුරදී ඔහු එල් ටී ටී ඊ කි්‍රයාකාරීන් රැසක් හමුවන්නට ඇතැයි සැකකෙරේ.මොවුන් අතර නෝර්වේහි වාසය කරන නෙදියවන් ඇතුලු ඔහුගේ අගසව්වන් දෙදෙනා වන ඉරුම්බාරයි හා නාතාන්ගෝපාන් ද සිටිින්නට ඇතැයි සැකකෙරේ.

ඔහු එහි සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණ බර වාහන රියැදුරෙකු ලෙස සේවය කර ඇතැයි පැවසේ. ඔහු කොළඹ සිට මුලතිව් වව්නියාව කිළිනොච්චිය හා යාපනය යන ප්‍රදේශවලට නිරතුරුව සංචාරය කර ඇතැයි සදහන්ය.ආරක්ෂක අංශ පවසන්නේ කජීබන්ට අන්තර්ජාතික දෙමළ ඩයස්පෝරාවෙන් පැවරී තිබූ කාර්යය වන්නට ඇත්තේ ශී්‍රලංකාවේ එල් ටී ටී ඊ සංවිධානය යළි නගා සිටුවීම බවයි.නමුත් ඔවුනට සැබෑවටම අවශ්‍ය වූයේ එල් ටී ටී ඊ සංවිධානය තවමත් ශී්‍රලංකාවේ කි්‍රයාත්මක වෙමින් පවතින්නේයැයි දැක්වෙන සිදුවීමක් බවත් එය දඩමිීමා කරගෙන අන්තර්ජාතික තලයේ  ‘අප නැවතත් පැමිණියා‘ යැයි කියමින් පෙර පරදි මුදල් ආධාර එකතු කිරීමේ යෙදීම බවත් ආරක්ෂක අංශ පෙන්වා දේ.

පෙනෙනා පරිදි ඔවුන්ගේ අරමුණ සාක්ෂාත් කරගැනීමට ගෝබි බළළ් අතක්,මේ අවස්ථාවේදී නම් කොටි අතක් බවට පත්කර ගෙන තිබේ.ආරක්ෂක අංශ සාමාජිකයින් ගෝබිගේ නිවසට ගොස් ඔහු සෙවූ අවස්ථාවේදී ඔහුගේ බිරිද පවසා ඇත්තේ තම සැමියා තමන් හා වාසය නොකරන බවත් ඔහු කොහේ සිටින්නේදැයි තමන් නොදන්නා බවත්ය.අනතුරුව ගෝබි ආරක්ෂක අංශ වලට අවශ්‍ය කරන පුද්ගලයෙකු යැයි සදහන් දැන්වීම් මාධ්‍යයන්හි පළ කිරීමට කටයුතු කෙරුණි.

ගෝබි සොයා මෙහෙයුම් සිදුකෙරෙනා අතරතුරදී තවත් සිදුවිීම් විය.දෙමළ ජාතීන් අතරමවූ එල් ටී ටී ඊ සංවිධානයේ යළි නැගිටීමක් කිසිසේත් බලාපොරොත්තු නොවුූ පුද්ගලයින්ද ආරක්ෂක අංශ වලට ඔත්තු සැපයීමට පටන් ගත්තේය.මේ සියලු ඔත්තු විමර්ශන කෙරුණේ ශ්‍රී ලංකා පොලිසියට අනුයුක්ත ත්‍රස්ත විමර්ශන ඒකකය යටතේය.

එසේ ලැබුණු එක් ඔත්තුවක් ඔස්සේ පරීක්ෂණ කටයුතු මෙහෙයවූ ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිළධාරීන් හට විශ්වමඩු ප්‍රදේශයේ නිවසක සගවා තිබූ අවි ආයුධ තොගයක් සොයාගැනීමට හැකි විය.එහි මෝටාර් ආර් පී ජී අවි අත් බොම්බ එක් ක්ලේමෝ බෝම්බයක් හා ටී 56 උණ්ඩ රාශියක් තිබුණි.අවි තොගය සමග නිවෙස් හිමි නිදර්ශනා නම් 26 හැවිරිදි කාන්තාව ඇයගේ මව හා සොහොයුරා සමගම අත්අඩංගුවට ගැනුනු අතර මව හා සොහොයුරා පසුව නිදහස් කෙරුණි.නිදර්ශනා තවමත් ත්‍රස්ත විමර්ශන ඒකකය රදවාගෙන ප්‍රශ්න කිරීමි සිදුකෙරෙන බව සදහන්ය.

පරීක්ෂණ කටයුතු සිදුකිරීමේදී නිළධාරීන්ට මුහුණ දීමට සිදුවූ තවත් ගැටලුවක් වූයේ ඔත්තු ලබා ගැනීමට ප්‍රශ්න කළ යුතු වූ පුද්ගලයින් හා ගනුදෙනු කිරීමේ සංවේදී භාවයයි.මෙම පුද්ගලයින්ගෙන් බහුතරය යුධ සමයේ අතුරුදන්වූවන් හා අතුරුදන්කරනු ලැබූවන් සම්බන්ධයෙන් විරෝධතා පැවැත්වූවන් වීම මිීට හේතුව විය.මෙම පුද්ගලයින් අතුරුදන්වූ හෝ නැතිවූ එල් ටී ටී ඊ සාමාජිකයින් බවට සැකකෙරෙන පුද්ගලයින් සිටි පවුල්වල සාමාජිකයින්ද විය

.මෙවන් පුද්ගලයින් පසුපස යමින් ඔවුන්ගේ සෑම සියලු කි්‍රයාකාරකමක්ම විමර්ෂණය කරමින් ආරක්ෂක අංශ උද්ගතවී ඇති තත්ත්වය පිළිඹද තොරතුරු ලබා ගැනීමට දරනා උත්සාහය යුද්ධයෙන් පීඩිතව සිටින එවන් පුද්ගලයින්ට තවත් බර පැටවීමක් හෝ ඔවුන් අපහසුතාවයට පත්කිරීමක් ලෙස දැකිය හැක.මෙය විමර්ශනය කරන්නෙකුට ශී්‍රලංකාවේ ආරක්ෂක අංශ යුද්ධයෙන් පීඩිතවූ පුද්ගලයින්ගේ මානව හිමිකම් කඩකිරීමට කටයුතු කරන්නේයැයි චෝදනා කළ හැකිය.මෙම තත්ත්වය දැනටමත් ජීනිවාහි පැවැත්වෙන මානව හිමිකම් සමුලුවේදී යුධ සමයේ සිදුව ඇතැයි කියන මානව හිමිකම් කඩවීමේ චෝදනා වලට පිළිතුරු බැදීමට සිදුව ඇති ශී්‍රලංකාව තවත් අපහසුතාවට පත්කිරීමට හේතුවන්නේයැයි අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත.

ආරක්ෂක අංශ බළධාරීහු කුමන බාධක මධ්‍යයේ වුවද පරීක්ෂණ කටයුතු සිදුකිරීමට ඉටාගෙන සිටී.ඔවුන් යටතේ කි්‍රයාත්මක වන නිිළධාරීන්ටත් ඔවුන් උපදෙස් දී තිඛෙන්නේ රටේ ආරක්ෂාවට හා ජනතාවට තර්ජනයක් විය හැකි දෙයක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බැවින් කොතෙක් බාධා පැමිණියද දිගටම පරීක්ෂණ කටයුතු වල නියැළෙන ලෙසයි.මෙනිසා ජිනීවාහිදී ශී්‍රලංකාවට අවාසිදායක තත්ත්වයක් ඇතිවුවද එය පසුවට සළකා බැලිය හැකියැයි ඔවුන්ගේ මතය වී ඇත.

මේ අනුව බාධා වලින් තොරව පරීක්ෂණ කටයුතු මෙහෙයවූ නිළධාරීන්ට වැදගත් ඔත්තුවක් ලැබී ඇත්තේ පසුගිය 13 වැනිදාය.කිළිනොච්චි ත්‍රස්ත විමර්ශන ඒකකයට ලැබුණු එම ඔත්තුවෙන් පැවසුනේ කජීබන් හෙවත් ගෝබිට සමාන හැඩහුරුකම දරන පුද්ගලයෙකු ධර්මපුරම්හි පිහිටි ජෙයකුමාරි බාලේන්දිරා නම් කාන්තාවකගේ නිවසට ඇතුල් වනු දක්නා ලද බවයි.

51 හැවිරිදි ජෙයකුමාරි බාලේන්දිරා තම දුවණිය වන 13 හැවිරිදි විභූෂීකා හා තනිව ජීවත්වූ කාන්තාවකි.මුසාලම්පිටිි පුලිටාම්පොක්කනෙටි ධර්මපුරම් හි ඉන්දියා නිවාස ක්‍රමයේ නිවාස අංක 5 හි පදිංචි වී සිටි ඇය හා ඇයගේ දියණිය මාධ්‍ය හා මානව හිමිකම් සුරැකීමේ සංවිධානයන් හොදින්ම දැන හදුනන දෙදෙනකි.අතුරුදන්වූවක් හා නැතිවූවන් සම්බන්ධයෙන් පැවැත්වෙන උද්ඝෝෂණ හා පෙළපාලි වලදී ඔවුන්ගේ මුහුණු අනිවාර්යයෙන්ම හදුනාගත හැකිය.

එවැනි දේ වලට සහභාගී වීමට ඔවුන්ට හොද හේතුවක් තිබුණි.ජෙයකුමාරි තම දියණිය හා පෙනී සිටියේ යුද්ධය නිසා අවතැන්වූ කාන්තාවක ලෙසිනි.ඇයගේ සැමියා මියගොස්ය.ඇතැම්හු පවසන්නේ ඔහු නාදුනන කණ්ඩායමක් පැහැරගෙන ගොස් ඇති බවයි.තවත් අය කියන්නේ ඔහු ෂෙල් ප්‍රහාර වලට හසුව මරුමුවට පත්වුණු බවයි.ජෙයකුමාරිට පුතුන් තිදෙනෙක් සිට ඇත.වැඩිමලා එල් ටී ටී යට බැදී මාවිල්ආරු සටනේදි මරණයට පත්්ව ඇත.දෙවැන්නා ස්වේච්ඡාවෙන්ම එල් ටී ටී යට බැදී මුලතිව්හිි අනාන්තපුරම් හිදී සිදුූවූ ගැටුම් වලදී මරණයට පත්ව ඇත.

ඇයගේ තෙවැනි පුතා 15 වැනි වියේ සිටියදී එල් ටී ටී ඊ සංවිධානයට ළමා සොල්දාදුවෙකු ලෙස බලහත්කාරයෙක් බදවාගෙන ඇත.ඔහු බදවාගෙන ඇත්තේ සින්නතුරෙයි ෂෂිදරන් හෙවත් මේජර් එස්හිලන් නම් පුද්ගලයෙක් වන අතර බදවාගැනීම සිදුවී ඇත්තේ මුලතිව්හි කරෙයිතුරයිපට්රු ප්‍රදේශයේදීය.එම දරුවා එල් ටී ටී ඊ සංවිධානයේ ග්‍රහණයෙන් 2009 මැයි මාසයේදී පලා විත් මව වෙත පැමිණ තිඛෙන අතර ඇය එම දරුවා ආරක්ෂක අංශ වෙත භාරදී තිඛෙන්නේ යටත්වූ කොටි සාමාජිකයෙකු ලෙස හදුන්වාදෙමිනි.ඇය සතුව එම දරුවා රජයේ පුනරුත්ථාපන කදවුරක ව්‍යායාම් කටයුතු වල නිරත වනු දැක්වෙන ඡායාරූපයක්ද ඇත.කලක් ගතවූ පසු දරුවා සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් සොයාගැනීමට නොහැකි වුනු අතර ඔහු අතුරුදන්වූවෙකැයි වර්ග කෙරුණි.මෙනිසාම ජෙයකුමාරි හා ඇයගේ දියණිය මෙවන් විරෝධතා හා උද්ඝෝෂණයන්ට නොවරදවා සහභාගී වේ.ඔවුන් තම දරුවාගේ හා සොහොයුරාගේ වියෝව මතක් කරමින් හඩා වැලපේ.ඔවුන්ගේ කදුලු මාධ්‍ය ඇසට හොදට හුරුය.ඔවුන් අතුරුදන්වී ඇති තම පුත්‍රයාගේ හා සොහොයුරාගේ තොරතුරු මාධ්‍ය හා හුවමාරුද කරගනී.

මේ කරුණු සළකා බැලු ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිළධාරීන් කණ්ඩායමක් සිවිල් ඇදුමින් සැරසී ඇයගේ නිවස කරා ගොස් ඇත.පොලිස් වාර්තාවේ සදහන් පරිදි ඇයගේ නිවසට නොපෙනෙන දුරින් තමන් පැමිණි වාහනය නතර කර ඇති ඔවුන් පයින්ම ගොස් නිහඩවම නිවසට ඇතුල්වී තිබේ.ඔවුන් දැක ජෙයකුමාරි හා ඇයගේ දියණිය තැතිගෙන තිඛෙන අතර ගෝබි සිටිනවාදැයි ප්‍රශ්න කළ විට ඇය උස් හඩින් එවන් නමක් ඇති පුද්ගලයෙක් ගැන තමන් අසාවත් නැතැයි පවසා තිබේ.

පසුව නිළධාරීන් නිවසේ අභ්‍යන්තරය පරීක්ෂා කිරීම අරඹා තිබේ.එක් නිළධාරියෙකු ඇදක් තිබූ කාමරයක් පරීක්ෂා කරමින් සිටියදී ඇද යට සැගවී සිටි මිනිසෙකු ඔහු ඉලක්ක කර වෙඩි පහර දෙකක් එල්ල කර තිබේ.යටි බඩට හා කලවටය එල්ලවූ වෙඩිපහර 2 කාගෙන නිළධාරීයා බිම ඇදවැටෙද්දී පිටතට පැන ඇති ඔහු අහසට වෙඩිල්ලක්ද තබා නිවසේ පසුපසින් පලා ගොස් තිබේ.මේ කලබලය අස්සේ සෙසු නිළධාරීන්ටත් එම පළාගිය පුද්ගලයා අල්වා ගැනීමට අවස්ථාවක් තිබී නොමැති අතර පොලිස් ආරංචි මාර්ග ඵවසන්නේ ප්‍රතිරෝධයක් අපේක්ෂා නොකළ= බැවින් එම නිළධාරීන් ගිනි අවි රැගෙන ගොස් නොමැති බවයි.

වෙඩි වැදී තුවාළ ලබා සිටි තම සගයා වෙත අවධානය යොමු කර ඇති සෙසු නිළධාරීන් පිරිස වහාම ගිලන් රථයක් කැදවා ඔහුව කිළිනොච්චි මහ රෝහල වෙත පිටත් කර යවා ඇත”අනතුරුව වැඩිදුරටත් නිවෙස් සිටියවුන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදුකර ඇත”මේ වන විට 300ක පමණ ආරක්ෂක අංශ සාමාජිකයින් නිවස වටා එක් රැස්වී සිටි අතර පලාගිය පුද්ගලයා ගෝබි යැයිද හදුනාගෙන තිබුණි.

පැය ගණනාවකට පසු මව හා දුවණිය කිළනොච්චි පොලිස් ස්ථානය වෙත ගෙනයනු ලැබුණු අතර එහිදී හෙළිවූයේ දියණිය මිීට දින 10 කට පෙර මාර්තු 3 වැනිදා වැඩිවියට පත්ව ඇති බවයි.පොලිසියට ඇය නිවසේ හෝ හිතවතෙකුගේ නිවසේ රැදවීමට අවශ්‍ය වූවත් මව පැවසුවේ ඇයව රදවා පැමිණීමට තරම් සුදුසු පුද්ගලයෙකු එම ප්‍රදේශයේ නොමැති බවයි.මෙනිසා මවගේ ඉල්ලීම මත දුවණියද ඇය සමග රැගෙන ඒමට කටයුතු කළේයැයි පොලිසිය පවසයි.කිළිනොච්චියේ අධිකරණ වෛද්‍ය පරීක්ෂකයෙකු නොසිටි බැවින් වව්නියාවට ගෙන ගොස් ඔවුන් දෙපළ එහි සිටි වෛද්‍ය පරීක්ෂකවරයාට ඉදිරිපත් කළ බවත් ඔහුගෙන් ලද වාර්තාවලින් දෙපළ කිසිලෙසකින්වත් කායික පීඩා වලට ලක්කර නොමැති බව තහවුරු කෙරුණු බවත් පොලිසිය කියයි.

දෙපළ නැවත කිළිනොච්චිය වෙත ගෙන එනු ලැබුණු අතර කිළිනොච්චි වැඩ බලන මහේසත්‍රාත් එස්.සීවාබාලසුබ්රමුනියම් හමුවට ඉදිරිපත් කෙරුණි.එහිදී ජෙයකුමාරිනී බාලේන්ද්‍ර මහත්මිය ත්‍රස්ත විරෝධී පණත යටතේ දින 18 ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග කෙරුණු අතර 13 හැවිරිදි දියණිය කිළනොච්චි රෝහලට ඇතුලත් කර වෛද්‍ය පරීක්ෂාවකින් පසු කිළිනොච්චි පරිවාස හා ළමාරක්ෂක නිළාධාරියා වෙත භාරදෙන ලෙස නියෝග කෙරුණි.

සති අන්තයේදී විදෝෂිකා කිළිනොච්චි රෝහල වෙත ඇතුලත් කෙරුණු අතර ඇය හොද සෞඛ්‍යය තත්ත්වයෙන් සිටින බව එහිදී හෙළිවිය.රෝහලෙන් ඇයව භාරගත් කිළිනොච්චි ළමා හා පරිවාස නිළධාරී වී.මුතුකුමාරු මහතා ඇයව ‘මහාදේව අච්රම සයිවාච් ඉල්ලාම්‘ ‘මහාදේව අශ්රම ළමා නිවාසය‘ නම් ළමා නිවාසයට භාරදීමට කටයුතු කර ඇත.මෙම ළමා නිවාසයේ පාලන කටයුතු සිදුකෙරෙන්නේ හිටපු රජයේ නිළධාරියෙකු වන ටී.රාසනායගන් අතිනි.මුලදී විදෝෂිකාව වව්නියාවේ පිහිටි කන්‍යා සොහොයුරියන් අතින් පාලනය කෙරෙන ‘න්බගම්‘ නම් ළමා නිවාසයට භාර දීමට උත්සාහ කළත් එය සාර්ථක නොවුනි.මහේස්ත්‍රාත් වරයා අවසානයේ මාර්තු මස 17 වැනිදා ඇයව මහාදේව ළමා නිවාසයට භාරදීමට අවසර දුනි.

මේ අතර ජෙයකුමාරි මහත්මියව බූස්ස නාවික හමුදා කදවුරේ රැදවුනි.අන්තර්ජාතික රතු කුරුස සංවිධානයේ සාමාජිකයින් පිරිසක් පැමිණ ඇයගේ සෞඛ්‍යය තත්ත්වයද පිරික්සා බලා ගොස් ඇත.ඇයව රදවාගෙන ත්‍රස්ත විමර්ෂණ ඒකකයේ නිළධාරීන් ප්‍රශ්න කරමින් සිටී.

මෙය බළධාරීන් පවසන කතාන්දරයයි.මිීට හාත්පසින්ම වෙනස්වූ තවත් කතාන්දරයක්ද ඇත.මේ දෙක සම්බන්ධයෙන් සිදුකෙරෙන විමසුමක් පසුව පළකෙරෙන ලිපියකින් දැක්වෙනු ඇත.

ඩේලි මිරර් අනුග්‍රහයෙනි

පරිවර්තනය - කෝවිද ගුණසේකර



අදහස් (0)

ප්‍රභාරකන්ගේ තැන ගන්න බර වාහන රියදුරෙක්

සමරනායක Tuesday, 25 March 2014 08:10 AM

කන්ගැට්ටට මොකද වුණේ.(නදී)

:       0       0

කස්තුරි Tuesday, 25 March 2014 08:17 AM

සිරා ල වගේ කට්ටිය නිසා තමා රටක ආරක්ෂාව හානියට පත්වන්නේ. රාජ්‍ය නොවන සංවිධානයක වෙන්ට ඇති සිරා වැඩකරන්නේ. (නදී)

:       0       0

ශෂිමාල් Wednesday, 26 March 2014 11:09 AM

ඔය හරි උමේෂ්.අතිගරු ජනදිපතිතුමනි,උතුරෙන් හමුදාව ඉවත් කරන්න නම් එපා.(අ)

:       0       0

මොණරාගල නාගිත හිමි Wednesday, 26 March 2014 12:02 PM

අපේ රටට එවැනි කුරිරු යුද්ධයක් තවත් නොවේවා... අතිගරු ජනඩිපති තුමනි අපේ රටේ යුද්ධය අවසන් වුණා කියල උතුරෙන් හමුදාව ඉවත් කරන්න එපා.. උතුරු නැගෙනහිරට ප්‍රබල ආරක්ෂක සේවාවක් ලබා දෙන්න.. ඔබ තුමාට තෙරුවන් සරණයි. (ස)

:       0       0

තරූ Tuesday, 25 March 2014 09:13 AM

සිරාගේ කතාව සිරාවටම වැරදියි. (නදී)

:       0       0

රොකී Tuesday, 25 March 2014 09:14 AM

කරුණව වගේ ගොඩින් ෂේප් කරගත්තා නම් හරි නේද? (නදී)

:       0       0

රන්ජිත් පෙරේරා Monday, 31 March 2014 05:05 PM

මේ වගේ කතා පතුරද්දී ටිකක් ප්‍රවේසම් විය යුතුයි.(නදී)

:       0       0

සම්පත් Wednesday, 26 March 2014 12:55 PM

ජාත්‍යන්තරෙන් උදව් ලැබුණොත් ඔන් බල්නේ රට කොහොම හරි අල්ලා ගන්න. ඒක නිසා ආරක්ෂක අංශ සීරුවෙන් තැබිය යුතුයි (අ)

:       0       0

ටෙනිසන් Tuesday, 25 March 2014 09:45 AM

කොලඹ ඉදල මොරටුවට දුම්රියෙන් පැමිණි මගීන් ගෙදර ඇවිත් ඇදුම් මාරු කරද්දී මකුණු පොත්තක් දැකල පොත්තක්නේ කියල ගසල දැම්මා. මාසයක් ගියේ නැහැ ගෙදර මකුණෝ පිරිලා .මිනිහ දැන් කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා මකුණෝ මරන්න. ගෙදර හැමෝගෙම අගේ පලුදාළ. මේකත් සුරංඟනා කතාවක්.(නදී)

:       0       0

තිලක් Saturday, 29 March 2014 11:07 PM

ප්‍රභාරකන්ගේ? (අ)

:       0       0

චානක Wednesday, 26 March 2014 11:17 PM

කොටි සෙවණැලි රටේ තවමත් හොල්මන් කරනවා. අපි මේවා ගැන සෙවිල්ලෙන් සිටිය යුතුයි. (නි)

:       0       0

කුමාරි Tuesday, 25 March 2014 10:22 AM

කොහොම කොහොම හරි අළු යට ගිනි නැහැ කියල කවුරුත් හිතන්න එපා.ආයෙත් ඒ වගේ කාලයක් මුළු රටම බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. (ස)

:       0       0

අනුර Friday, 28 March 2014 05:48 AM

කවදාවත් සත්‍යයක් වෙන්නේ නැති කාරනාවක් (දී)

:       0       0

සුමේද Monday, 31 March 2014 11:42 AM

මේ මිනිස්සු ලංකාවේ හිටපු අයද කියල හිතෙනවා.ඔක්කොම අමතකයි මේ අයට අපි ජීවිතයත් මරණයත් අතර ජිවත් උනා මතක නැද්ද (දී)

:       0       0

රසික Monday, 24 March 2014 09:15 PM

ජයලලිතාට හරි සතුටු ඇති (දී)

:       0       0

චන්ද්‍රා Friday, 28 March 2014 07:18 AM

දැන් මේ පිටරටවල සිටින කොටි ලංකාවේදී තමන් භාවිතා කරන නම වෙනස් කරලා වෙනත් නමකින් අදාල රටේ පාස්පෝර්ට් ගන්නවා.මේ අය නැවත ලංකාවට අාවොත් අල්ලාගන්න ක්‍රමයක් ලංකාවේ තිබෙනවද?මොකද වෙනත් රටකට ගිහිල්ලා නම වෙනස් කරනවා කියන්නේ හරිම පහසු දෙයක්. (නි)

:       0       0

පුෂ්ප - ජර්මනිය Friday, 28 March 2014 08:44 PM

උතුරේ කර්මාන්ත සහ ගොවිතැන් ආරම්භ කර ඒවාට සිංහලයින් පදිංචි කරවීම දැන්වත් අරම්භ කලොත් හොඳ නැද්ද ? (නදී)

:       0       0

බන්ඩාර Tuesday, 25 March 2014 11:01 AM

ලංකා රජයට හා හමුදාවට විරුද්ධව රට රටවලට ගොස් කේලම් කියමින්, උතුරේ කොටින් සමග එක්වී, ඩයස්පෝරා ඩොලර් වලට යටවී තම මවු බිම පාවා දුන් ජාති ද්‍රෝහීන් මේ තත්වයට සම්පූර්ණයෙන් වග කිව යුතුයි.(නදී)

:       0       0

දයාරත්න Wednesday, 26 March 2014 02:55 PM

විනාශ වන වැඩ රටටත් ජනතාවටත් එපා. උතුරට ආරක්ෂාව වැඩිකරන්න.(නදී)

:       0       0

සිරි Tuesday, 25 March 2014 11:33 AM

පසුගිය ශත වර්ෂයේ අසූවේ දශකයේත් ලංකාවේ උතුරු නැගෙහිර තිබුනේ ඔය වගේ තත්වයක්. ලංකාවේ බොහොම සුළුවෙන් පටන් ගත්තු ත්‍රස්ත කටයුතු ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවට පත්වුණා . මෙදා පාරත් එවැනි තත්වයක් ඇති නොවීමට වග බලා ගැනීම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප සැමගේ වගකීමක්.(ස)

:       0       0

කසුන්සිරි Friday, 28 March 2014 08:46 AM

හැමදාම මැතිවරණයක් එනකොට කොටිත් එනවා. හා හා හා. අපි පුන්නක්කු කන්නේ නැහැ. අපිට පිටරටවලින් අරගෙන තියන ණයවලින් රට නිදහස් කරලා දෙන්න වෙන මොකුත් එපා.(නදී)

:       0       0

නදුන් Wednesday, 26 March 2014 12:31 AM

සිහිනයක් විතරයි නැවත ඇතිවීමක් නැහැ (දී)

:       0       0

අතුල Friday, 28 March 2014 09:37 AM

යුද්ධය නිමාවූ පසු අාණ්ඩුවට තිබුනා පිටරටවල සිටි දෙමළ ජනතාවට යළි ලංකාවට පැමිණ අාෙයා්ජනය කරන ලෙස ඉල්ලා සිටීමට. විශේෂයන්ම සංචාරක ක්ෂේත්‍රෙය් ජනතාව බොහොමයක් රට හැර ගියේ කොටි නිසා. මුහුදු කරෙය් වටිනා ඉඩම් ඔවුන්ට ලබා දීමට තිබුනා සැලසුම් සහගතව. නමුත් එම ඉඩම් ධනපතියන් අතර බෙදී ගියා. පිටරට සිටින දෙමළ ජනයාට ආයෝජනයට අවස්ථාවක් දුන්නානම් ලංකාව පිළිබද ව ප්‍රචාරක කටයුතු කරන්නේත් ඔවුන්. ත්‍රස්ත්‍රවාදයට යුදමය පිළිතුර හරි. ඒත් ජාතික ගැටලුවට අවශ්‍ය බුද්ධිමත් දේශපාලන පිළිතුරක්.(නදී)

:       0       0

සිරා Monday, 24 March 2014 10:56 PM

හරි ලස්සන සුරංගනා කතන්දරයක්, නැවත කොටි සංවිධානය නැගිටීම කිසිවිට සිදු නොවියහැකි දෙයක්. (දී)

:       0       0

පිටිගල Monday, 24 March 2014 11:07 PM

සිරා, ඔය කියන්නේ සිරාවටමද? (අ)

:       0       0

අසංක Wednesday, 26 March 2014 04:46 PM

උතුරේ ආරක්ෂාව වැඩි කරන්න. නැවත රටට යුධ වාතාවරණයක් නොවේවා!!! (ස)

:       0       0

ඞ්බ්ලිවි.කේ මංඡුල ක්‍රිෂාන්ත පෙරේරා Monday, 24 March 2014 11:16 PM

දැන් කාටකාටත් කල්පනාවෙන් ඉන්න වේවි (අ)

:       0       0

සුරංග මුදියන්සේ Monday, 24 March 2014 11:29 PM

ඉන්දියාවට කතා කරලා අන්දමන් දුපත් ටික අරන් දුන්න නම් ඉවරයි (දී)

:       0       0

උමේෂ් Tuesday, 25 March 2014 01:12 PM

යුද්ධය අවසන් උනා කියලා තියෙන ආරක්ෂක කටයුතු වල කිසිම අඩුවක් කරන්න හොඳ නෑ... විශේෂයෙන්ම උතුරේ ආරක්ෂක කටයුතු තව තවත් වැඩි කරන්න ඕනේ... උතුරේ වගේම දකුණේ අපිටත් අපහසුතා ඇති වෙනවා තමා.. ඒත් කලින් විඳපු කරුම යුද්දෙට වඩා එහෙම කරදර විඳින එක හොදා.... .. ඊට වඩා හොඳයි අද ටිකක් දුක් විදලා අනාගතේ සුරක්ෂිත කර ගන්න එක... (ස)

:       0       0

මොහොමෙඩ් රිස්මි Wednesday, 26 March 2014 05:50 PM

උතුරේ ආරක්ෂාව වැඩි කරන්න (දී)

:       0       0

සිරි Tuesday, 25 March 2014 02:12 PM

ඡන්දෙත් ළඟයි නේද ... (ස)

:       0       0

චරිත Wednesday, 26 March 2014 05:50 PM

ආයේ නම් අපිට යුද්ධ එපා. සාම කාමීව ජීවත් වෙන්න තිබුනම ඒ හොදටම ඇති. හැබයි මේක චන්ද ගුන්ඩුවක් එහෙම නෙවේ නේද.? (දී)

:       0       0

වීරසේකරගේ Tuesday, 25 March 2014 01:21 AM

මේක තවත් ඡන්ද ගුණ්ඩුවක්ද? (නදී)

:       0       0

ප්‍රදීප් Thursday, 27 March 2014 10:45 AM

මම අපේ ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටිනවා ආයේ නං මේ ත්‍රස්තවාදීන්ට ඔලුව උස්සන්න ඉඩ තියන්න එපා කියලා. (ස)

:       0       0

ශෂික රශාංග Thursday, 03 April 2014 11:09 PM

අපිට යුද්ද‍ෙ නම් එපා, නැවතත් (නි)

:       0       0

මොහාන් දමාම් Tuesday, 25 March 2014 04:04 PM

රටක ත්‍රස්තවාදයක් අවසන් උනත් වසර දහයක් වත් යනතුරු ප්‍රබල ආරක්ෂක සේවාවක් තිබිය යුතුයි.(නදී)

:       0       0

ශීලා Tuesday, 25 March 2014 02:41 AM

මන් හිතන්නේ මේක ජිනීවා වලට ගහපු තුරුම්පුවක්. මොකෝ මේ රා පොලක් බුරු පොලක් වටලන්නෙත් මැෂින් තුවක්කු අරන්. මෙහෙව් එකෙක් අල්ලන්ට නිරායුදව ගියාද. මොන බොරුද. ජිනිවා වලට මෙහෙ තත්වේ කචල් ඔය කියන දේවල් කරන්ට තාම අමාරුයි කියල කියන්ට කරපු වැඩක්.(නදී)

:       0       0

සුධීර Tuesday, 25 March 2014 02:42 AM

හැම දේටම ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියල ජපා කරන උන්දලා මේවා කුමන්ත්‍රණ නොවේද කියා කියා දෙනු මැනවි. ඇයි මේ කොලේ වහල ගහන්නේ.(නදී)

:       0       0

චානක. Tuesday, 25 March 2014 02:50 AM

අපි හරි ආසයි මේ වගේම කේ.පී දැන් කොහෙද ඉන්නේ මොනවද ඔහුගෙන් කෙරෙන්නේ කියලා දැන ගන්න.(නදී)

:       0       0

ආනන්ද ආර් Saturday, 29 March 2014 07:49 AM

ඊළඟ මෝටර් රථ ධාවන තරඟය කවදා කොහේදී තියේවිද දන්නේ නැහැ (නි)

:       0       0

සමන්ති Tuesday, 25 March 2014 04:58 AM

ත්‍රස්ත්වාදී සංවිධානයක නායකයා මලාට ක්‍රියාවලිය නොනවතී. තලෙයිබාන් සංවිධානයත් තවම තියෙන්නේ. (ස)

:       0       0

දර්ශන Tuesday, 25 March 2014 06:22 AM

හොදම සුරංගනා කතාව විදියට රාජ්‍ය සම්මාන ලැබිය යුතු කතාවක්. (නදී)

:       0       0

පහන් Thursday, 27 March 2014 12:23 PM

වැඩිය දඟලන්න දෙන්න හොඳ නෑ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5124 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 714 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1285 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 116 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 201 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 268 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39093 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25572 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 321 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1079 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site