IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


පේ‍්‍රමයට හරස් වූ කුලය

2 BUP(SW)_Rasavitha---02-1

රුවන්ති කියලා කියන්නෙ පවුලෙ හිටපු එකම දරුවා. ඇගේ අම්මයි තාත්තයි දෙන්නම බැංකු නිලධාරීන්, ඒ නිසාම රුවන්තිට පොඩිකාලෙ ඉඳන්ම මිල මුදල්, සැප සම්පත්වලින් අඩුවක් තිබුණෙ නෑ. ඒ මොනතරම් මිල මුදල් තිබුණත් ඇයට මව්පියන්ගෙ සෙනෙහස ලැබුණෙ ඉතා අඩුවෙන්. ඒ ඇයගෙ මවුපියන්ගෙ රැකියාවෙ තිබුණු කාර්යබහුලත්වය නිසා.

 


රුවන්ති ඇත්තටම ලස්සන ගෑනු ළමයෙක්. ඇය පාසලේ සිටි දීප්තිමත් ශිෂ්‍යාවක්. පාසලේ කිසිම දෙයක් ඈ මඟහැරියෙ නෑ. හැමදේම වෙලාවට කිරීමට ඇයට හොඳ හැකියාවක් තිබුණා. ඒ නිසාම රුවන්තිට පාසලේ ගුරුවරුන්ගේ නොමද ප‍්‍රසංශාවට සහ ගුරුවරුන්ගේ ආදරය දිනාගැනීමට හැකි වුණා. ඇයගේ විභාගය තිබුණේ අගෝස්තු මාසෙ. ඒ නිසා ඇය මහන්සි වී වැඩ කළා. රුවන්ති සිහිනයෙන් පවා බලාපොරොත්තු වුණේ රජයේ ආයතනයක පරිපාලන නිලධාරියෙක් වීම.


දින සති කෙමෙන් කෙමෙන් ගෙවී ගියා. උසස්පෙළ විභාගය හමාර කළ රුවන්ති කාලය ගත කළේ තනිකමින් හා පාළුවෙන්. ඇගේ තනිකම ටිකක් හරි මැකුවේ ටසී. ටසී කියන්නේ රුවන්තිගේ බලූ පැටියා..


රුවන්ති ඇඳට වී පොතක් බලනවිටත් ටසී ඇඳ ළඟට වෙලා ඉන්නවා. ඇය යන හැම තැනකටම පස්සෙන් යාම ටසීගෙ සිරිතක්. ‘‘ටසී මට කොච්චර ආදරේද’’ ඇගේ සිත ඇතැම් විටක කල්පනා සයුරේ ගිලෙන්න වුණා. ඒසේ මාස 3, 4ක් නිවසට වී කල්ගත කළ රුවන්තිගේ උසස්පෙළ විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කරන දවසත් උදාවුණා.


හදිසියේම ඇයගේ නිවසට දුරකතන ඇමතුමක් ආවා..


‘‘පුංචි නෝනා කෝල් එකක්’’


කල්පනා ලොවින් මිදුණු රුවන්ති වහා සාලය වෙත දිව ගියා. රුවන්ති උසස්පෙළ ඉහළින්ම සමත්ව ඇති බව ඇයට දැනගන්නට ලැබුණා. ඒ ඇයගේ මවගෙන්.. ඒ දැනගත් පසුව රුවන්තිට ඇති වුණේ පුදුමාකාර සතුටක්..


විභාගය ඉහළින්ම සමත්වුණු ඇයට ඇගේ බලාපොරොත්තු මල්ඵල ගැන්වෙනවා සේ දැනෙන්නට වුණා. එය ඇගේ මවුපියන්ට ද ඉතාමත් සතුටක් ගෙන දෙන්නක්. අනතුරුව ඇයට විශ්ව විද්‍යාලයට ඇතුළත්වීමට වරම් ලැබුණා. ඒ වෙද්දී ඇය පසුවුණේ ඉතාමත් සතුටකින්.


රුවන්තිගෙ විශ්ව විද්‍යාල ජීවිතය ආරම්භ වුණා. ඇය නවාතැන් ගත්තේ බෝඩිම් හවුස් එකක. බෝඩිම් ජීවිතය සහ විශ්ව විද්‍යාල ජීවිතය ඇගේ ජීවිතයට ලොකු වෙනසක් ගෙන දුන්නා.


දවසගානේ විශ්ව විද්‍යාලයට යාමට ඇය ගොඩක් ප‍්‍රිය කළා. එහි වූ සුන්දර බව විදින්න ඇය කැමැත්තක් දැක්වුවා. යාළුවන් සමඟ විනෝදයෙන් කල්ගත කිරීමත් ඇයගේ සිතට ගෙන දුන්නේ ලොකු සතුටක්.


මේ විදිහට ටික දවසක් ගතවෙද්දී රුවන්තිගෙ රූපයට විශ්ව විද්‍යාලයේ සිටි ගොඩක් දෙනෙක් කැමැත්තක් දැක්වුවා. ඇගේ ආදරය පැතුවා. ඒත් රුවන්ති කිසිඳු කෙනෙකුට කැමැත්තක් ප‍්‍රකාශ කළේ නෑ.


රුවන්තිගේ හොඳම යාළුවකු වූ ඉෂාන්ද ඇගේ ලස්සනට වශී වී සිටියා. ඔහුත් ඇගෙන් ආදරේ අයැද සිටියා.


ඉෂාන්ගේ පෞරුෂත්වයත් කඩවසම් බවටත් රුවන්ති බෙහෙවින් ඇලූම් කළා. එහෙත් ඇය ඔහුට ආදරය ප‍්‍රකාශ කළේ නැහැ.


දින සති එසේ ගෙවී ගොස් දෙදෙනාගෙම මේ සමීප බව ආදරයක් බවට පත්වුණා. දිනෙන් දින කාලය ගෙවී යද්දී ඔවුන් දෙදෙනාගේ ආදරේ ලියලා වැඩුණා. ඒ වෙද්දී විශ්ව විද්‍යාලයේත් දෙවන වසරේ අවසන් වාරය ගෙවිලයි තිබුණේ. රුවන්තිත්, ඉෂානුත් එකම විෂයන් හැදෑරූ නිසා ඔවුන් දෙදෙනා දේශනවලට සහභාගි වුණෙත්, පාඩම් කළෙත් එකට.. ඉෂාන් රුවන්තිට ගොඩක් ආදරේ කළා. ඇය ගැන හැමවිටම සොයා බැලූවා. ඇයටත් ඔහුගේ ඒ සොයාබැලීම රැුකවරණයක් වගේම හිතටත් ලොකු සහනයක් වුණා.


කුඩා කාලයේ ඉදන්ම මිල මුදල්, සැප සම්පත් බොහෝ සෙයින් භුක්ති වින්දත් මාපිය රැකවරණයක් නොමැතිව සිටි රුවන්තිට ඉෂාන්ගේ රැුකවරණය මහමෙරක් තරම් වුණා.


සරසවියේ අවුරුදු 4 ගෙවිලා ගියේ ඉතාම ඉක්මනින්. රුවන්තිත්, ඉෂානුත් මේ අවුරුදු හතරේ කාලසීමාවේ දී ගොඩක් සමීප වුණා. සරසවි දිවියෙන් සමුගත් දෙදෙනා ටික කලක් යද්දී බොහෝ සෙයින් වෑයම් කරලා නැවතත් රැුකියා ස්ථානයේදීත් එකටම හමුවුණා. එසේ කාර්යාලයේත් හොඳින් වැඩකරගෙන යද්දී කාර්යාලයේ සිටින එක්තරා පුද්ගලයෙක් ඔවුන්ගේ ආදර සම්බන්ධය ගැන රුවන්තිගේ පියාට පවසා තිබුණා.


අනතුරුව ඉෂාන් ගැන තොරතුරු විමසා බැලූ රුවන්තිගේ මව්පියන් ඉෂාන්ට කැමැත්තක් දැක්වූවේ නැහැ. ඒ ඉෂාන්ගේ කුලයේ තිබූ ප‍්‍රශ්නයක් නිසාවෙන්. ඔවුන්ගේ සම්බන්ධය නවතා දමන්නැයි ඇයගේ මවුපියන් පැවසුවා. නමුත් අවුරුදු හතරකුත් ඉක්මවා ගිය ඔවුන්ගේ ආදර සම්බන්ධය නතර කිරීම හිතාගන්නවත් බැරි දෙයක් වුණා. ඉෂාන්ව අමතක කරන්න තියා ඒ ගැන හිතන්නවත් බැරිතරමට රුවන්ති ඔහුට සමීපවෙලයි හිටියේ.


‘‘රුවන්ති මම ඔයාට අවසාන වතාවට කියන්නෙ, ඔය තියෙන සම්බන්ධය නතර කරන්න ඔයාට  ඕන අපිද? නැත්නම් අර කොල්ලද?’’


රුවන්ති ඇයගේ පියාගේ මුහුණ දෙසට එබුණා. ඔහුගේ මුහුණ කෝපයෙන්, ගින්නෙන් දැවෙනවා දුටු රුවන්තිගේ හිතට දැඩි බියක් දැනෙන්න වුණා.
අවුරුදු ගණනක් ආදරය කළ තමන්ගෙ පෙම්වතාව අමතක කරන්න කියද්දී ඇතිවෙන දුක මොනතරම්ද? ඇය මේ ගැන ගොඩක් කල්පනා කරන්න වුණා. ඇයගේ හදවත ගිනිගන්නාක් මෙන් දැවෙන්න වුණා. අතීත සැමරුම් ගිනි ජාලාවක් වෙලා ඉෂාන්ගෙ රුව මැවි මැවී පෙනෙන්න වුණා..


රුවන්තිට ඒ ගැන ඇතිවූයේ ලොකු දුකක්. ආගම්, ජාති, කුලභේද මැව්වේ කවුදැයි ඇය ඇගෙන්ම ප‍්‍රශ්න කළා. අම්මාත්, තාත්තාත් අතහැර දැමීමට ද නොහැකි වුණු ඇය ජීවත්වුණේ දෙළොවක් අතර. ඇය ගොඩක් අමාරුවෙන් අවසානයේදී තීරණයක් ගත්තා. මවුපියන්ගේ වුවමනාව මත ඉෂාන්ගෙන් වෙන්වීමට තීරණය කළා.


‘‘ඉෂාන් අපි මේ සම්බන්ධය නවත්වමු..’’ ඇය පැවසුවා.


‘‘ඔයා මේ මොනවද කියන්නෙ?’’ ඉෂාන් ඇසුවේ අවුල් වූ හිතකින්..


‘‘අපි මේ සම්බන්දෙ නතර කරන්න  ඕන ඉෂාන්.. අම්මයි තාත්තයි කැමති නෑ. ඒ ගොල්ලෝ මේ සම්බන්දෙට ගොඩක් විරුද්ධයි. එයාලා කවදාවත්ම වෙනස් වෙන්නෙ නෑ. මම එයාලාගෙ හිත හදන්න පුළුවන් හැමදේම කළා. ඒත් පලක් වුණේ නෑ.’’


ඉෂාන් ඇයගේ මුහුණ දෙස බැලූවා. ඒත් රුවන්ති බිම බලාගත්තා. දෙනෙතින් වැටුණු කඳුළු බිදුවලින් ඇෙඟ් දෙනෙත් තෙත් වී තිබුණා.


රුවන්තිගේ මව්පියන් ඇයව නලින් නම් තරුණයාට විවාහකර දීමට කටයුතු සියල්ල සූදානම් කරලයි තිබුණේ. ඔහු ඉතා වැදගත් පවුලක තරුණයෙක්. වෘත්තියෙන් හමුදා ලූතිනන් කෙනෙක්. ඇත්තටම නලින් ගොඩක් හොඳ පුද්ගලයෙක්. ඒ්ත් රුවන්තිට ඔහු ගැන පැහැදීමක් ඇතිවුණේ නැහැ. ඒ ඇගේ සිත තාමත් ඉෂාන් ළඟ නිසා.


රුවන්ති වෙන කෙනෙකුට විවාහකර දෙන බව දැනගත් ඉෂාන්ට ඇතිවුණේ ලොකු දුකක්. ඔහු දවස මුළුල්ලේම මේ ගැන කල්පනා කළා. ඔහුට රුවන්තිගේ මතකය මෙනෙහි වුණා. ඒක හරියට චිත‍්‍රපටයක සිදුවීමක් වගේ. ඒත් මේ ඉෂාන්ගෙයි රුවන්තිගෙයි ජීවිතේ ඇත්තම කතාව.


හිරු මැකී යයි නීල අහසේ
සේද මීදුම් මායිමේ
නිමා වී යයි මේ වසන්තේ
යළිත් නොම ඒ කිසිදිනේ
ගිනි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්
රිදුම් දෙයි ආදරේ...


ඉෂාන් ඒ ගීතය ශ‍්‍රවණය කරන්න වුණා. ඔහුටම නොදැනීම දෙනෙතේ කඳුළු කැට සටසට ගා වැටෙන්නට වුණා.


විවාහයෙන් පසුව රුවන්ති කාර්යාලයට ගියේ නෑ. ඒත් නලින් රුවන්තිට ගොඩක් ආදරේ කළා. ඇයට අවශ්‍ය හැමදේම ඔහු නොපැකිලිව ඉටු කළා. කාලය අවුරුදු දෙකක් ඉක්ම ගියේ ඔවුන්ටත් නොදැනීම. නලින්ට දාව රුවන්තිට දරුවෙක් ලැබුණා. ඒ කාලය වනවිට උතුරේ යුද ගිනිදැල් ඉතා භයංකර ලෙස ඇවිළී තිබුණා. නලින් ලූතිනන් කෙනෙක් නිසා උතුරේ සටන් මෙහෙවන්නට ඔහුට සිදුවුණා.


නලින්ගේ මව්පියන් සිටියෙත් රුවන්තිලාගේ නිවෙසෙමයි. නලින් සෑම මසකම නිවෙසට මුදල් එව්වා. යුද්ධය නිසා ඔහුට ගෙදර එන්න ලැබුණේ කලාතුරකින්.


යුද ගැටුම් දරුණුවටම පැවතුණා. එහිදී නලින්ට ද වෙඩි වැදුණා. ඉන් අනතුරුව ඔහුට ජීවත්වීමට හැකිවුණේ නැහැ. නලින් මෙලොව අතහැරදා ගිය පසු රුවන්ති තනිවුණා. ඇයට දැනුණෙ ලොකු පාළුවක්, තනිකමක්.. ඒත් ඒ දුක තිබුණෙ ටික කාලයක් විතරයි. නලින් හමුදාවෙ ඉහළ තනතුරක් දැරූ නිසා ඇයට ලොකු වන්දියක් ලැබුණා.


දරුවාගේ වැඩපලවලටත්, ගෙදර වැඩවලටත් ඒ මුදල් ඉතා ප‍්‍රමාණවත් වුණා. ඇය ඒ මුදල්වලින් තමන්ට අවශ්‍ය හැමදේම කළා. හොඳට විනෝද වුණා. ගමන් බිමන් ගියා.


නලින්ගේ මව්පියන්ට සැලකීමටත් ඇය අතපසු කළා. ඒ හැමදේම මඟහැරියා. ඔවුන්ට හරියට කන්න බොන්නවත් දුන්නෙ නැහැ. මැරුණු සැමියා වෙනුවෙන් පිං දෙන්නවත් ඇයට අවශ්‍ය වුණේ නැහැ.


කොච්චර හොඳින් ඉගෙනගත්තත් අවසානයේ ඇය මේ විදිහට හැසිරුණේ ඇයි? මේ කතාවේ හැටියට ඉෂාන්ගේත්, රුවන්තිගේත්, නලින්ගේත් වරදක් ලෙස මෙය කියන්න පුළුවන්. ඒත් කුලය ගැන හිතලා, එහෙමත් නැතිනම් මිනිසුන්ගේ ජීවිත පැවැත්මට බලපාන්නෙ නැති වෙනත් බාහිර සාධකයක් ගැන හිතලා දෙදෙනෙකුගෙ ආදරය විනාශ කර දැමීම වරදක් නේද? ඒ නිසා ජීවිත කීයක් නම් අඳුරට වැටෙන්න පුළුවන්ද?

 

m



අදහස් (14)

පේ‍්‍රමයට හරස් වූ කුලය

ධනංජනී Friday, 12 June 2015 09:15 AM

ආදරේට කුලය වැඩක් නෑ. අවශ්‍ය එකම දේ දෙන්නගේ ආදරේ විතරයි. (හේ)

:       1       5

තිස්ස Sunday, 07 June 2015 08:23 PM

මගේ ජීවිතෙත් ඔය වගේම වසර හතක ආදරයක් තිබුණා.ඒකට මගේ දෙමව්පියෝ විරුද්ධ වුණේ නැහැ.නමුත් ඇයගේ දෙමාපියෝ බියවුණා.අදටත් මම එයාට ආදරෙයි.ඒත් අපි දැන් වෙන්වෙලා.සමාජය මොනතරම් කුරිරුද? (නි)

:       0       4

ජෝර්ජ් Friday, 05 June 2015 10:05 AM

කුල මල හොයන්නේ මේ අපේ ලංකාවේ මොනිස්සු. දියුණු රටවල් ගත්තොත් ඔය එක එක දේවල් නැහැ. අපුරුවට පවුල් කනවා. (ර)

:       0       4

හෙසා Wednesday, 17 June 2015 06:03 AM

ආදරේට බේද අනවශ්‍යයි කියන්නේ ඒ ආදරයෙන් බැදුණු ජෝඩුව පමණයි. කීප දෙනෙක් කියා ඇති ලෙස මුළු ලොවේම තියෙන ප්‍රශ්නයක්. බේද නොසලකන අය සේම , ඉස මුදුනින් පිළිගන්න අය තාමත් ඉන්නවා. කණගාටුයි කියන්න ලොව පවතින තාක් කල් වෙනස් නොවෙන දෙයක් මෙය.(ම)

:       0       2

ශෙහාන් මධුෂංක Monday, 08 June 2015 08:08 AM

කුල මල අපේ මුතුන් මිත්තන් ගෙනාපුවා නේද?

:       0       1

ප්‍රේමසිරි Sunday, 07 June 2015 10:50 AM

ඔය ජෝර්ජ් ළමයා කිව්ව කතාව නම් හරි (නි)

:       0       2

රුවන් Friday, 05 June 2015 01:35 AM

කුලයෙන් වැඩි කට්ටිය විතරක් නෙවෙයි සම්මත හැටියට අඩු කුලවල අයත් දඟලනවා තමන්ගේ අඩුව උසස් කුලයකට හේත්තුවෙලා වහගන්න. මගේ කිට්ටුම මිතුරෙකුගේ නැගණියක් නුවර වලව්වකට බැන්දේ සමාජ සම්මතයේ හැටියට ඉහළයාමේ ආශාව ඒ පවුලේ අසීමිතව තිබුන නිසා. ඔවුන් නුවර සාමාන්‍ය පවුලක කට්ටිය. දැන් අර වලව්වේ හාමු කිසිම රැකියාවක් නැති , කම්මැලි නිකමෙක් කියලා අහුවෙලා. ඔවුන්ට දැන් දරුවෙකුත් ඉන්නවා. ආපසු ගෙදර එන්නද? අපි දන්නා කියන තැන් වලින් ගෙනා සාමාන්‍ය යෝජනා ඒ නැගණිය හරිම උද්දච්චකමකින් ප්‍රතික්ෂේප කළේ. තමන්ට හරියන්නේ ලොකු තැනකින් කියමින්. ඔන්න දැන් වෙලා තිබෙන දේ. වංශය කබල් ගානවා. (නි)

:       1       1

හේරත් Friday, 05 June 2015 02:29 AM

අඩු කුලේ කියලා අසරණයා මැඩලන්නෙ මෙලෝකේ වසලයා.... (නි)

:       0       1

සහන යුදගන Monday, 08 June 2015 01:47 AM

පත්තර වල මංගල තීරු බැලුවහමයි පෙනෙන්නේ සිංහල බෞද්ධයා කොතරම් අබෞද්ධ ලෙස කුලය සොයනවද කියලා. අඳගොවි කිව්වට කුඹුරක් දැකලාවත් නැහැ! (නි)

:       0       1

රොමේෂ් Friday, 05 June 2015 04:27 AM

මගේ ජීවිතෙත් ඔය වගේම දෙයක් තිබුණා.ඒක කුල ප්‍රශ්නයක් නෙමෙයි.ආගම් ප්‍රශ්නයක්.අදටත් මම එයාට ආදරෙයි.ඒත් අපි දැන් වෙන්වෙලා. (නි)

:       0       1

සුරංග Monday, 08 June 2015 02:55 AM

ජෝර්ජ්, දියුණු රටවල් කිව්වේ කොයි රටේද? එංගලන්තේ තරම් කුල, පාට බේද හොයන රටක් කොහෙවත් නැහැ. ඇමෙරිකාවෙත් මේ ළඟක් වෙනතුරු දරුණුවටම කළු සුදු බේදය තිබුනා. තවමත් ඉවර නැහැ. හැම රටකම ඔය ප්‍රශ්නය තිබෙනවා. මේක ලංකාවටම විතරක් ආවේණික ප්‍රශ්නයක් විදියට දකින්න එපා. (නි)

:       1       0

මැටිපහන Tuesday, 09 June 2015 07:19 AM

බුදු හාමුදුරුවෝත් මේකට විරුද්ධයි. ඒ වුනාට අපේ ශාසනෙත් කුල මල බේදය තියෙනවා කියල මං අසා තිබෙනවා. එක එක නිකායවල් වල පදනම කුලයලු. කවුරු හරි දන්නා කෙනෙක් කියල දෙන්න. (ම)

:       0       1

ඉන්දික Thursday, 04 June 2015 12:48 PM

මෙය ඉතාමත් කාලෝචිත මාතෘකාවක්. මේ කෙහෙල්මල් කුලයක් බදාගෙන මිනිස්සු කොච්චරනම් අහිංසක පෙම් පලහිලව් කඩනචාද? අනිත් එක මංගල්ලයක් කතාකරාම ඉස්සෙල්ලම අහන්නේ වාසගම සහ කුලය. හරි හමන් රස්සාවක් නැතත්, කන්නබොන්න නැතත් කුලය තියෙනවනම් සමහර දෙමව්පියන් දරුවන් බන්දලා දෙනවා. (කේ)

:       0       3

තරු Sunday, 14 November 2021 02:07 PM

මට තේරෙන්නේ නෑ මිනිස්සු ඇයි මෙච්චර මෝඩ කියලා? ආදරේ කරන දෙන්නෙක්ව කුලයක් නිසා වෙන්කරනවා. දෙමව්පියන් කරන්න ඕනෑ තමාගේ දුවගේ හෝ පුතාගේ ජිවිතය හදන එක... තමන් ආදරය කරන කෙනා නැතිකරලා එයාලා කොහොමද ජීවිතේ හදන්නේ...? මන් ආදරේ කරන කෙනා මට හම්බවුණේ නැත්නම් මට වෙන කෙනෙක්ට කැමති වෙන්න හිත හදා ගන්න බෑ..

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4359 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 539 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1141 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 100 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 187 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 244 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38984 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25535 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1053 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site