IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ප්‍රියසාද් ඩෙප් අගවිනිසුරු ධුරයෙන් විශ්‍රාම ගනී

( තිළිණි ද සිල්වාල රංජන් කටුගම්පොළ සහ උපාලි ආනන්ද)
 
වසර එකහමාරකට වැඩි කාලයක් අගවිනිසුරු ධුරයේ කටයුතු කළ  ප්‍රියසාද් ඩෙප් මහතා අද (12) සිය ධූරයෙන් විශ්‍රාම යයි.
 
මෙරට 45 වැනි අගවිනිසුරුවරයා වශයෙන් ප්‍රියසාද් ඩෙප් මහතා එම ධූරයට පත් වූයේ පසුගිය වසරේ මාර්තු 2 වැනි වැනිදාය.
 
40 කට වැඩි කාලයක් අධිකරණ සේවයේ නිරතව සිටි ඒ මහතා මෙරට හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු වූ ආතර් සී ඩෙප් මහතාගේ පුත්‍රයෙකු වේ. මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ හෙතෙම සිය උසස් අධ්‍යාපන කටයුතු සඳහා කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළත් විය.

රජයේ අධිනීතිඥයකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයට එක්ව ඇති  ඒ 1978 වසරේදීය. එහිදී ඔහු පෑ දක්ෂතාව හේතුවෙන් වසර 11කින් පසු අගවිනිසුරු ඩෙප් මහතාට 1989 දී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයෙකු බවට පත්වීමට හැකිවිය.


පසුව ක්‍රමයෙන් ඔහු නීතීඥ වෘත්තියේ ඉහළ ම තනතුරු වෙත ළඟා වූයේ ය. ඒ රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් පදවිය(1996) රජයේ සොලිසිටර් ජනරාල් පදවිය (2007) වශයෙනි. 

2011 දී ඔහු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයට පත්විණි. එවකට අගවිනිසුරු වූ කේග ශී පවන් මහතාගේ ධූර කාලය 2017 වසරේ පෙබරවාරි 28 වැනි දා අවසන් වීමත් සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විනිසුරු ඩෙප් මහතා අගවිනිසුරු ධූරයට පත්කරන ලදී.
  
ප්‍රියසාද් ඩෙප් මහතා සිය ධූර කාලය තුළ මහජනයාගේත් සහ නීති ක්ෂේත්‍රයේත් සුබ සිද්ධිය උදෙසා තීන්දු රැසක් ලබාදුන් අගවිනිසුරුවරයකු වශයෙන් ප්‍රකටය.

අධිකරණය සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා වශයෙන්  නීතීඥවරුන්ගේ නිල ඇඳුම වෙනස් කරමින් විශේෂ ගැසට්ටුවක් නිකුත් කිරීමට කටයුතු කිරීම ඒ අතර ප්‍රධාන වේග ඊයේ (11) මහාධිකරණයෙන් මරණ දඬුවම් නියමව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු චූදිතයින් සිව්දෙනෙකු ගොනු කළ අභියාචනා පෙත්සම් විභාගය අවසන් කළ අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල චූදිත දුමින්ද සිල්වා ඇතුළු තිදෙනෙකුට දී තිබු මරණ දඬුවම තහවුරු කිරීම, ද්විත්ව පුරවැසිභාවයට හිමිකම් කියූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වූ ගීතා කුමාරසිංහ මහත්මිය එම ධූරය දැරීමට නුසුදුසු බවට අභියාචනාධිකරණය දුන් තීන්දුව තහවුරු කිරීම ආදි තීන්දු රැසකදී අගවිනිසුරු ඩෙප් මහතා සෘජුව හා නීතියට අනුගතව කටයුතු කිරීම කැපී පෙනේ.
 
අගවිනිසුරු ධුරයේ කටයුතු කළ  ප්‍රියසාද් ඩෙප් මහතා විශ්‍රාම යන බැවින් අද (12) නව අගවිනිසුරුවරයකු ප්‍රකාශයට පත් කිරීමට ද නියමිතය.
 



අදහස් (6)

ප්‍රියසාද් ඩෙප් අගවිනිසුරු ධුරයෙන් විශ්‍රාම ගනී

sathyapala Friday, 12 October 2018 10:34 AM

තමන් දරු තනතුරේ වගකීම නිසිලෙස ඉටුකරමින් තමන්ගේ හා තමන් අධිකරණ ක්ෂේත්‍රයේ ගෞරවය ආරක්ෂා කරගනිමින් කටයුතු කළ ඔබට අපගේ ප්‍රණාමය !

:       155       331

hulas banda Friday, 12 October 2018 12:21 PM

පවතින ආණ්ඩුවේ නිල නොවන නැව් හිමි නායකයන් සහ ආණ්ඩුවට එරෙහි නොවී වගකීම් ඉටුකිරීමට අපේ ප්‍රණාමය!!!

:       101       74

assangaa Saturday, 13 October 2018 05:43 AM

ඔබ ඉතාමත් අවංක හා යුක්ති ගරුක රජයේ ඉහළම තනතුර හොබවපු මහත්මයෙක් විදිහට විශ්‍රාම යන්නේය. අතිඋතුම් මිනිසෙකි.

:       1       25

Chandima Thursday, 18 October 2018 06:36 AM

මුළු මහත් රටටම ආදර්ශයක් දීපු අද රටේ ඉතා දුර්ලභ ගනයේ ලංකා පුත්‍රයෙක්. නිල කාලයේ රාජකාරියකට විදේශයකට ගියත් වියදමට ලැබුණු ඉතුරු හැම සතයක්ම ආපහු රජයට ලබා දුන්නා තමන්ට අග විනිසුරු විදියට නිලබලයෙන් ලැබෙන්න තිබුණු නිදහස් යාන වාහන, ඉඩම් වරප්‍රසාද සියල්ල ප්‍රතික්ෂේප කරලා හිස් අතින් තමයි මෙතුමා විශ්‍රාම අරන් තමන්ගේ නිවසට යන්නේ. රටේ ජනතාවගෙන් එක සතයක් අරන් නැහැ. වේ වගේ උතුම් මිනිසුන් සියක් අද හිටියනම් අපේ රට සුර පුරක් වෙන්න තිබුන.

:       0       2

akalanka Thursday, 18 October 2018 07:30 AM

"මම ඊළඟ දවසේ ජැකට් එක රිටර්න් කළා, සයිස් එක මදි කියල. උන් නැවත බිල ඉල්ලුවම මම කිව්වා ..මේකේ පර්ෆියුම් එකේ මිළත් සටහන් වෙලා තියන නිසා මේක දෙන්න බෑ. ඔරිජිනල් බිල අවශ්‍ය නම් මට මේකෙම කොපියක් දෙන්න කියල." නැවත ලංකාවට පැමිණුනු ඔහු අර නොගත්ත වින්ටර් ජැකට් එක සඳහා ඇමරිකන් බිල පෙන්වා ආයතනයෙන් මුදල් ගත්තේය. එපමණක් නොව ඒ වික්‍රමය අප ඉදිරියේ පවසා, ආයෙත් ඇමෙරිකාවට-චීනෙට-එංගලන්තෙට නැත්තම් පෙෂාවර් වලට ට්‍රේනින් යන බාලයන්ට නොගත්ත වින්ටර් ජැකට් වලට සල්ලි ක්ලේම් කරන ක්‍රමයක් ද කියා දුන්නේය. අපි මේ රටේ රාජ්‍ය සේවයේ රැඳී සිටීමේ වාසිය එක්කෝ අර "පර්මිට්" එකය, නැත්තන් දරුවාගේ පාසලය. එක්කෝ ඒ දෙකමය. ඔබටත් මටත් ඇත්තේ පර්මිට් එක විකුණා පොඩි වාහනයක් ගන්න, ඉඩමකට අත්තිකාරම් බඳින්න, ක්‍රෙඩිට් කාර්ඩ් සෙට්ල් කරන්න වගේ පොඩි පොඩි බලාපොරොත්තු ය. අපි පිටරටක වැඩ කළා නම්, අපිට වීල්බැරෝවකින් ගෙනියන තරමට උපයා ගත හැකිව තිබියදී අපි රට වෙනුවෙන් රාජ්‍ය සේවයේ එල්ලී ඉන්නෙමු. ඒ කැපකිරීමට සොච්චම් පඩියක , ඩොලර් තිස්දාහේ තීරුබදු සහනයක් කිසිසේත් හිලව් වන්නේ නැත.

:       0       0

akalanka Thursday, 18 October 2018 07:31 AM

රුපියල රැක ගැනීමේ ව්‍යායාමය වෙනුවෙන් මන්ත්‍රීවරුන්ට, ඇමැතිවරුන්ට තීරුබදු රහිත වාහන ගෙන්වීම අවුරුද්දකට නතර කළ ඒ උදාර, ඒ උදාර අමාත්‍යවරයා ගිය අවුරුද්දේ තමන්ගේ තීරුබදු රහිත වාහන බලපත්‍රය/ ඉන් ගෙනා වාහනය වෙහිකල් සේල්ස් කාරයෙකුට විකුණා තිබිණි. ඕනනං රුපියල් ලක්ෂ පනහක් උපයා ගන්නට ඇතිය. ඒකෙන් ඊට වඩා හොයන්නට බැරිය. මා මීට පෙර සේවය කළ රජයේ කාර්යාලයක දෙපාර්තමේන්තු ප්‍රධානියට කොළඹින් ගෙවල් පහක් ඇති බවට කුප්‍රකට කතාවක් විය. නොම්මරේ එහෙ මෙහෙ විය හැකි වුවත් ඒ කතාව සම්පූර්ණයෙන් බොරුවක් නොවන වග මම ඉඳුරා දනිමි. හැබැයි, අපට කොයි තරම් නිශ්චල චංචල දේපළ තිබුණත් කොළඹින් ඉඩම් කෑල්ලක් ලැබෙන්නේ නං ඔබවත්, මම වත්, සුසන්තිකා වත්, ජනරාල් වත් ඒ ප්‍රතික්ෂේප කරන්නේ නැත. අපි ඕක ප්‍රතික්ෂේප කළා කියා රජයට ඉතිරිවන බක්කක් නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 123 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 149 1

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 126 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 167 1

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1698 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 775 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38718 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25438 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 286 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 976 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 344 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site