IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


පුරවැසි කැපවීමද? නායකයන්ගේ ආදර්ශයද?

මෑත ඉතිහාසයේ අන්ධකාරම කාල වකවානුව දැනට පසුකරමින් සිටී. ගමන් කරන්නේ අන්ධකාරයෙන් තව දුරටත් අඳුර වෙත ද, නොඑසේනම් අරුණාලෝකය උදාවෙමින් පවතින්නේ ද යන්න පැහැදිලි නැත. අප සියලු දෙනා ගන්නා ක්‍රියාමාර්ග, අත්නොහැර ගෙන යන ඉතාම සුදුසු වැඩ පිළිවෙළ රට ඉහළට ඔසවා තබනු ඇත. නිදහස ලබාගෙන වසර හැත්තෑ පහක කාල පරිච්ඡේදය තුළ එකිනෙකට වෙනස් මාර්ග ගණනාවක ගමන් කර තිබේ.

ලබාගත් ජයග්‍රහණ පමණක් නොව, දරුණු පරාජයන් ද මතකයෙහි ඇත. අවසානයේ දී රටට ලැබී ඇත්තේ තාවකාලික පහසු වාතාවරණයක් පමණකි. වැසියන් සියලු දෙනා අඩු වැඩි වශයෙන් අතෘප්තිමත්ය. ස්ථිරසාරව ගෙනයන සංවර්ධනාත්මක පියවරවලින් හැර, රටට අනාගතයක් නැත.

රටක වටිනාම සම්පත තරුණ ජවයයි. තරුණ ශ්‍රම බළකාය ප්‍රතිශතයක් වශයෙන් ඉහළ මට්ටමක පවතින විට, සැලකිය යුතු වාසිදායක තත්ත්ව අත්පත් කරගත හැකිය. ශ්‍රී ලංකාවේ ජනගහන රටාව සලකනවිට, තරුණ ජවය ඉහළම මටට්මක පැවැති කාල පරිච්ඡේදය අතීතයට එක් වී ඇත.

තරුණ බලමුළුව, ඔවුන්ගේ ඉහළම ප්‍රතිශත අවධියේ දී ත්‍රස්තවාදයක් පැවැති අතර, හැම පැත්තකින්ම රටට අහිමි වූයේ තරුණ ජන කොටස්ය. ජීවිත අහිමිවීම පමණක් නොව රට හැර යාම ද සැලකිය යුතුය. ත්‍රස්තවාදය පරාජය කොට තිබේ. ආර්ථිකය අඩාලවී ඇත. නිසි තීරණ, සුදුසුම මොහොතේ දී නොගැනීම, ආර්ථික පරිහානියට බලපා ඇති සාධක අතර ප්‍රධානය. 

මාතෘ භූමිය වෙනුවට වෙනත් රටක් තෝරා ගැනීම

රට තුළ පවතින අවස්ථා සීමාසහිත, තත්ත්වය ඉදිරියේ වෘත්තිකයන් සහ තරුණ පිරිස් සෑහෙන කොටසක් වෙනත් සංවර්ධිත රටකට සංක්‍රමණය සඳහා වෑයම් කරමින් සිටී. නීත්‍යානුකූලව හෝ අනිසි ක්‍රමයකින් හෝ රටකට පැනයාම අභිමතාර්ථය බව පෙනේ. රට තුළ ත්‍රස්තවාදී අරගල පැවැති වකවානුවේ දී, විශාල වශයෙන් සිදුවූ සංක්‍රමණයට ආසන්න ස්වභාවයකි. ජුලි කලබලවලට පසු හා අනතුරුව පැවැති ගැටුම්වලට මැදිවීමෙන් අසරණ වූවන් මෙරටින් පිටත්ව ගිය අතර  ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ලෝකයේ නොයෙක් රටවල පදිංචි වී සිටිති. දැනට සිදුවන ප්‍රවණතාව අනුව ත්‍රස්තවාදී කාලයට පසු, සාමකාමී කාල පරිච්ඡේදය තුළ ඉතිහාස ගතවන සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවෙන් බැහැර වීමට ඉඩ ඇත. 

නිෂ්පාදන සාධක සඳහා අවශ්‍ය, නිර්මාණාත්මක ශ්‍රමය බැහැරට ගලා යන අවස්ථාවක ශ්‍රී ලංකාව තව දුරටත් සංකීර්ණ ප්‍රශ්නවලට ගොදුරු විය හැක. තරුණ ශ්‍රමය රටක පැවැත්මට ඉතාම වැඩදායකය. ඉන්දියාව තුළ සිදුවන වේගවත් සංවර්ධනය පිටුපස තරුණ ශ්‍රමය ඇත. චීනයේ දැනට පවතින සංවර්ධනය කරා අවතීර්ණ වූයේ, ඔවුන්ගේ ශ්‍රම බලකායේ තරුණ නියෝජනය වැඩිම මට්ටමක තිබුණ අවධියේ දී ය. දැන් පරිනත තැනක පසුවන චීනය වැඩිහිටි ජනතාව සඳහා සුබසාධනය ආරම්භ කළ හැකි තරමට ශක්තිමත්ය. 

යුද ගැටුම්, ත්‍රස්තවාදය, සුනාමි, පාස්කු ඉරිදා ප්‍රහාර සහ ජන අරගලවලට පසු දරුණු අර්බුදයක පසුවන ශ්‍රී ලංකාව, විසඳුමක් කරා අවතීර්ණ විය යුතුය. සමාජය තුළ සංවාදයක් අවශ්‍යය. බලය අල්ලා ගැනීම වෙනුවට එකතු වී සංවර්ධිත රටක්, සැනසිලිදායක සමාජයක් කරා ගමන් කරන වගකීමක් ඇත. බරපතළ සිද්ධිවලින් හෙම්බත් වූ සෑම අවස්ථාවකම, එකතු වී ගොඩනැගෙන ක්‍රම ගැන අදහස් විසුරුවා හරින ලද නමුත් ජන සමාජය හෝ නායකත්ව එකට එකමුතු වූයේ නැත. එවැනි එකමුතුවක් සඳහා ශක්තිමත් වැඩ පිළිවෙළක් සකස් කරගන්නට අපොහොසත් විය.

අර්බුද මැදින් ඉදිරියට ගමන් කළ රටවල සාක්ෂි

දැනට ඇති ප්‍රධානතම ප්‍රශ්නය රට මුහුණ පා ඇති දරුණු මොහොත නිසියාකාරයෙන් හඳුනා නොගැනීමය. දේශපාලන පක්ෂ, විද්වතුන්, ආගමික නායකයෝ, ජාතිය ගැන විශාල වේදනාවකින් කතා කරන පිරිස් විවිධ කෝණවලින් තමන්ට පහසු සහ ගැළපෙන තැන් පමණක් තෝරා ගෙන සිටිති. සංකීර්ණ ස්වභාවය, අංශක තුන්සිය හැටක කෝණයකින් නිරීක්ෂණය කර විසඳුමක් සඳහා පෙළ ගැසෙන්නේ නැත. දේශපාලන පක්ෂවල න්‍යාය පත්‍ර අනුව තමන්ට බලය ලැබුණොත් කළ හැකි බව දකින, ඔවුන් දන්නා කොටසට විසඳුමක් දෙන්නට හැකි බව ප්‍රකාශ කරමින් සිටිති. ඉතිහාසයේ සිදුවූ පමණක් නොව දැන් සිදුවෙමින් පවතින්නේ ද දේශපාලන බලය ලබාගැනීම මත, කරගෙන යන තාවකාලික පිළියම් සෙවීමකි. 

සමාජ එකඟතාවකින් ගොඩනැගුණු රටවල් අප අභිමුවෙහි ඇත. දෙවැනි ලෝක යුද්ධයෙන් බිංදුවට වැටුණ ජපානය, මැලේසියාව හා එයින් කැඩී වෙන් වූ සිංගප්පූරුව නිතර දැක්විය හැකි උදාහරණ අතර තිබේ. ආර්ථිකය වැටුණ පසු කොරියාව සන්නිවේදන තාක්ෂණික අංශයට නැඹුරුවී ඇතිකරන ලද ප්‍රතිසංස්කරණවලින් පසු නැවත දියුණු රටක් බවට පත් වූ අතර ජාති, ආගම්, දේශපාලන සහ පන්ති බේද අත්හැර මානව සම්පත නිසිසේ ආයෝජනය කිරීමෙන් මෙම රටවල් අද පවතින තැනට පැමිණ සිටී. රටවල් දියුණුවන විට ශ්‍රමය ප්‍රමාණවත් නොවූ අතර පිටරටවලින් පවා ශ්‍රමිකයන් කැඳවීය. 

ශ්‍රී ලාංකිකයන්ට අලුත් යුගයක් ගැන සිහින නැත්තේ ඇයි? එකමුතු කරන්නට පහසු නැත. ජන සමාජය ආත්මාර්ථකාමීය. මැදි ආදායම් මට්ටමට පැමිණි  පසු තමන් පමණක් කෙසේ හෝ නැගී සිටින්නට උත්සාහ කරයි. රට වෙනුවෙන් කැපවීමක්, කැක්කුමක් ඇති පිරිස සීමිතය. බිංදුවට වැටුණ පසු නැවත නැගිසිටීම ගැන සිතිම අවශ්‍යය. වැරදුණු තැන් සොයා බලා ප්‍රතිසංවිධානයක් විය යුතුය. එහෙත් බහුතරයක් දෙනා තමන් ගැන පමණක් සිතමින් සිටිති. දේශපාලන පක්ෂ හා දේශපාලනඥයන් සමාජයේ බෙදුණු, කොටස් තෝරාගෙන ඔවුන් ලවා තමන්ගේ බලය ආරක්ෂා කරගනිමින් සිටී. සෑහෙන කොටසක් දේශපාලනඥයන්ට සමීප වන අරමුණ ඇතිව ක්‍රියාකරන අතර, එයින් අදහස් කරන්නේ බලයට පත් වූ පසු ඔවුන්ට අවශ්‍ය දේ කරගැනීම බව සඳහන් කළ යුතුය.

නායකයන් ගේ ආදර්ශය ප්‍රශ්න කළ යුතු මොහොත

ශ්‍රී ලංකාවේ ආගමික හා දේශපාලන නායකයන්, බුද්ධිමතුන්, වෘත්තීය සමිති රට ගොඩනැගීම සඳහා දක්වන කැපවීම කුමක්ද? මෙම පිරිස් ඔවුන් දරන අන්තවාදී මත හැර අනෙක් අදහස් ඉතාම දරුණු ලෙස ප්‍රතික්ෂේප කරන බව පෙනේ. වෛරය, ප්‍රචණ්ඩත්වය හා ගැටුම් මතුවීමට එය ප්‍රධාන සේ බලපා ඇත. ජනවර්ග හා ආගම් අතර පරතරයක් ඇති කරන සාධක බවට පත්ව තිබේ. රට පත්ව ඇති ආර්ථික අර්බුදය හමුවේ ජනතාව ගතකරන්නේ ඉතාම දුෂ්කර ජීවිතයකි. වැඩකරන ජනතාව මත අධික බදු පනවා තිබේ. ආහාර මිල, විදුලිය, බස් ගාස්තු දරාගත නොහැක. ආදායම් බදු නංවා ඇත. උද්ධමනය සහ පොලී අනුපාත ඉහළ මටට්මකට නැග තිබේ.

ආර්ථිකයක් නැවත නිවැරදි කරගැනීමේ දී කළ යුතු ප්‍රතිසංස්කරණ සඳහා පොදු එකඟාවකින් ක්‍රියා කළහොත් ජනතාව මුහුණ පා ඇති මෙම අතිශය වේදනාකාරී තත්ත්වය අවම කරන්නට බැරිකමක් නැත. එහෙත් දේශපාලනඥයන් එයට සූදානම් නැත. නායකයන් සැලසුම් කරන්නේ නැවත බලය අල්ලා ගැනීමට බව පෙනේ. වැරදි නිවැරදි කරගැනීම, හරවත් සංවාදයකට පසු යථාර්ථය තේරුම් ගැනීම සහ විකල්ප අදහසකට ඉඩදීම වැනි කරුණු සඳහා සූදානම් නැති පසුබිමක් තුළ තව තවත් ව්‍යසනය හැර අනෙකක් අපේක්ෂා කළ හැකිද? සියලුම නායකයන් තමන් දෙන ආදර්ශය ගැන සතුටු විය හැකිද?

අනෙක් අතට, මෙරට බලය හා ධනය ඇති පිරිස හැසිරෙන අන්දම බලන විට, රටට කිසිම ප්‍රශ්නයක් නැත. ජනතාව අතිශය දුක් විඳින අතර ඔවුහු ඉහළින්ම ජීවිත පවත්වාගෙන යති. පසුගිය උත්සව කාලයේ එක රාත්‍රියකට රු. පහළොස් දහසක සිට පනස්දහස දක්වා වැය කළ කිසිවකු සිස්ටම් චේන්ජ් කරන ලෙස බලකරන ලද අරගලයක් තිබුණ බව මතක නැත. හෝටල්වල සාදවලින් එය පෙනිණ.

සමාජය වෙනස් කරන්නට, අලුත් යුගයක් ඇති කරන්නට කැපවෙන ඒ වෙනුවෙන් වෙහෙසෙන කුඩා පිරිසට ලැබෙන පිටිවහල කුමක්ද? අලුත් ව්‍යුහයක් ඇති කරන්නට වෙහෙසෙන පිරිසට සතුටුවිය හැකි තත්ත්වයක්ද? මාස ගණනකට කලින් රට තිබුණ තැන, අනාගතයේ මුහුණ දෙන්නට සිදුවන ඉරණම නොතකන තැනකට ඇතැමකු පත් වූයේ කෙසේද? තමන් හැසිරෙන ආකාරය කැඩපතක් ඉදිරියට පැමිණ ප්‍රශ්න නොකරන්නේ ඇයි?

දූෂණය, වංචාව ගැන විශාල මතවාදයක් රට තුළ ඇත. මේවා ගැන වේදනාවෙන් කතා කරන ඕනෑම පුද්ගලයකුට ඒවා නතර කළ හැකි සීමාවක් තිබේ. දූෂණ, වංචාවලට ඉඩ දිය යුතු නැත.

නීතියට අනුව ක්‍රියා කිරීම අවශ්‍යය. දූෂණය නැති කර රට ගොඩනගන්නට උත්සාහ කළ සෑහෙන වතාවක්, එහි දී අසමත්වී තිබේ. රටට අවශ්‍ය නිසි ප්‍රතිපත්ති අනුව තීරණ ගෙන නිෂ්පාදනය ඇති කරන, අපනයන වැඩි කරන රාමුවකි. කාර්යක්ෂමතාව ගැන විශාල අවධානයක් අවශ්‍යය. ඵලදායිතාව ගැන සැලකිලිමත්විය යුතු අතර තරඟකාරීත්වයට ඇතුළුවිය යුතුව තිබේ. දේශපාලනයේ දී හෝ වෙනත් තැනක දී, බලයට ඇති තරඟය නිෂ්පාදන හෝ සේවා සාධක සඳහා යෙදවුවහොත් ශ්‍රී ලංකාව අතිශය සාර්ථක රටකි. 

මෙහෙම ගියොත් තවත් දුෂ්කර අවසානයකට

පසුගිය වසර හැත්තෑ පහ තුළ අනුගමනය කළ, විවිධ ක්‍රමවල හොඳ නරක අප අභිමුවෙහි ඇත. එයින් ජනතාවගේ හිත් තුළ අස්වැසිල්ලක් ලැබුණේ නැත. රට ගොඩනැගීම ගැන ඉතාම පටු ආකාරයකට කල්පනා කරන ලද කාලය අවසන් කළ යුතුය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාව අතර එක කොටසකි. ලෝකය ගමන් කරන මාවතෙන් සම්පූර්ණයෙන් බැහැර විය නොහැක.

විවෘත ආර්ථිකය, ගෝලීයකරණය, සන්නිවේදන ජාලගතවීම්, සමාජ මාධ්‍ය භාවිතාව අප සියලු දෙනාට එය හොඳාකාරවම උගන්වා ඇත. උගත් පාඩම් අනුව සමාජයත් ආර්ථිකයත් නැංවීම නායකයන් ගේ වගකීමකි. නායකයන් එකමුතුවිය යුතු අතර ගැටුම් හා අන්තවාදී අදහස් සඳහා ඉඩ නොතැබිය යුතුය. එක මිටට එකතු වූ පසු පරිවර්තනයක් ඇති කළ හැක. සංයමයකින් අන්තර් අදහස් හුවමාරුවකින් පසු, නිවැරදි තීරණ ගැනීම සුදුසුය.

පටු අරමුණු සහිතව ක්‍රියා කළහොත් අද මුහුණ පා ඇති තත්ත්වයෙන් ගැලවීමක් නැත. ආර්ථිකයක් නැවත ගොඩනැගීම පහසු ක්‍රියාමාර්ගයක් නොවේ. බදු නැංවීම වැනි ක්‍රියාවලින් ජනතාවගෙන් ලබාගන්නා ධනය පමණක් ආර්ථිකයක කොටසක් නොවේ. පිටතින් ධනය උපයාගත යුතුය. එවැනි විකල්ප පියවර සඳහා දිග සැලැස්මක් සහ දර්ශනයක් ඇතිව ක්‍රියා කළ යුතුව තිබේ. ධනය උපයන අලුත් මාර්ග ඇති කරගත යුතුව ඇත.

පැරණි ආදායම් මාර්ග ශක්තිමත් කරන අතර අලුත් පියවර මගින් තරුණන්ට අවස්ථා හිමිවේ. රට වෙනස්වන බව දැනෙන පසු රට අත් හැර යාමට ඇති උනන්දුව පහත වැටේ. එකිනෙකාගේ වැරදි සෙවීම වෙනුවට වැරදී ඇත්තේ කොතැනදැයි සෙවීම වැදගත්ය. අද අපගේ උන්නදුව අනුන්ගේ වැරදි සෙවීමටය. එයින් ලැබුණ වාසිය කුමක්ද? සෑම නායකයකුටම දොස් තබන අතර ඡන්දයේ දී ඉහළින්ම ඔසවන්නටත් ඉතාම ඉක්මනින් පෙරළාදමා විනාශ කිරීමත් සුදුසු නැත.

ස්ථිර සැලැස්මකට අනුව ක්‍රියාකරන්නට ඉඩක් අවශ්‍යය. හොඳ දෙය දකින්නට හා යහපත් දේ සඳහා අනුබල දෙන්නට හැකි අලුත් ආකල්ප සහිත ආදර්ශවත් නායකත්ව, සෑම ක්ෂේත්‍රයකින්ම රටට අවශ්‍යය. ඉතිහාසයේ සිටි එවැනි නායකයන් අදටත් අගය කරන අතර, අප සියලුම දෙනා අපට එවැනි ගෞරවයක් දිනාගන්නට හැකිදැයි අවධානය යොමු කළ යුතුය. මෙම ලිපිය ගැන ඔබගේ අදහස [email protected] ලිපිනයට යොමු කරන්නේ නම් කෘතඥවෙමි.

මිලින්ද මොරගොඩ විසිනි



අදහස් (2)

පුරවැසි කැපවීමද? නායකයන්ගේ ආදර්ශයද?

rathnaweera Tuesday, 24 January 2023 11:49 PM

සි අයි ඒ ඔත්තු කාරයා !!! ඉස්සෙල්ලා බැංකුවේ කෝටි ගානක ණය ගෙවපන්.මේකා පෘතුගීසි කාරයෙක්.

:       0       7

කෝරළගේ Saturday, 28 January 2023 09:52 AM

මෙයා රාජපක්ෂ රෙජීමයට උදව් කරලා ඉන්දීය තානාපතිවෙලා හොඳටම වරප්‍රසාද භුක්ති විඳිමින් රාජපක්ෂලාට ඕනෑ විදියට ලංකාවේ ප්‍රධාන මර්මස්ථාන දේපල ඉන්දියාවට මංකොල්ල කන්න, විකුණන්න බ්‍රෝකර් කම කළා. දේශද්‍රෝහියෙක්...

:       0       4

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 1334 1

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 7972 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 463 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 852 0

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 872 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 459 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37958 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25013 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 277 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site