IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


ප්‍රශ්නවලට උත්තර නැතිකමේ ජනතා පීඩනය අම්පාරෙන් දිගනින් පුපුරා ගියා

 (ජයන්ත සමරකෝන්)

රටේ සමාජ ආර්ථික ප්‍රශ්නවලට නිසි විසඳුමක් නොමැතිකමින් ජනතාව තුළ නැගෙන කෝපය අම්පාර, හා දිගන සිද්ධීන්වලින් පුපුරා ගොස් ඇතැයි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා ඊයේ (8) පැවැසීය. එදා ’83 කළු ජූලිය සරල සිද්ධියක් ලෙස සළකා කටයුතු කළ ජේ. ආර්. ජනාධිපතිවරයාට එය
බූමරංගයක් වූ ආකාරය අප අමතක කළ යුතු නැතැයිද බොරැල්ල කොටා පාරේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.

සමාජවාදී ජනතා පෙරමුණ විසින් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සංවිධානය කර තිබුණි. ගුණසේකර මහතා මෙසේද කීය.
’83 කළු ජූලියට අවුරුදු 35ක් පිරෙන අවස්ථාවකදියි මේ සිද්ධිය වෙන්නේ. එදත් මේ ආකාරයෙන්ම තමයි ඒ දේවල් ආරම්භ වුණේ. එදා එම සිද්ධින් සුළු සිදුවීම් ලෙසට සළකා හදිසි තත්ත්වය ඇතිකරන්නට සතියක් පමණ ගතවුණා. එදා ජේ.ආර්. ජනාධිපතිවරයා ජාතිය අමතා කතා කළේ සියල්ල අවසන් වුණාට පසුවයි. එහි විපාක අවුරුදු 30ක් යනතුරුම අපට දරාගන්නට සිදුවුණා. කොමියුනිස්ට් පක්ෂය වශයෙන් මේ වනවිට ඇතිවී තිබෙන තත්ත්වය ගැන අපි කණගාටු වෙනවා. විපතට පත් ඒ සියලුම දෙනාට දේපළවලට වන්දි ගෙවිය යුතුයි.

මේ කිසිම සිදුවීමක් ඕපපාතිකව සිදුවන්නේ නැහැ. මේ අවස්ථාවේදී පදනම් විරහිත කතා නොකළ යුතුයි. අන්තවාදී කොටස් සිටිනවා. පහුගියකාලයේ ඇතිවූ ආර්ථික බිඳ වැටීම මගින් ජනතාව මත ඇතිකර තිබෙන බලපෑම අවතක්සේරු නොකළ යුතුයි. ආණ්ඩුවේම සංඛ්‍යාලේඛන අනුව ජනතාවගේ ක්‍රය ශක්තිය පුදුමාකාර විදියට අඩුවෙලා. එවැනි අවස්ථාවක සමාජය තුළ අසහනකාරි තත්ත්වයක් ඇතිවීම සාමාන්‍ය දෙයක්.

ඕනෑම රටක ඛේදවාචකයක් සිදුවන්නේ සරල සිද්ධියකින්. එය බලයේ සිටින රජයට පාලනය කිරීමට බැරි අවස්ථාවක් නම් ඒකට බුද්ධි අංශයක් සිටිනවා. බුද්ධි අංශයේ වාර්තා ගැන ආණ්ඩුව තුළම විවේචන තිබෙන බවද කිව යුතුයි.
අම්පාර සිද්ධිය බුද්ධි අංශය නිවැරැදිව වාර්තාකළා නම් පූර්ව නිගමනයකට ඒමට තිබුණා. ඒත් දිගනට යනතුරු ඒ දේ සිදුවී නැහැ. සිද්ධියක් වුණාට පස්සේ හදිසි නීතිය දාලා හරියන්නේ නැහැ. ඒ වගකීම භාරගත යුත්තේ රජයයි. රජයට බලය දීලා තියෙන්නේ සිවිල් සමාජය ආරක්ෂා කිරීමට. අන්තවාදී කොටස් මේවා වෙන පැත්තකට හරවනවාද දන්නේ නැහැ.

1958 භාෂා ප්‍රශ්නය, 1983 කළු ජූලිය මේවාට හොඳම උදාහරණයි. එදා වමේ පක්ෂ තහනම් වුණා. පක්ෂ නායකයින් අත්අඩංගුවට ගත්තා. ඒ අයගෙන් එක් කෙනෙක් මම. සීඅයිඩී එකෙන් එදා ප්‍රශ්න කරද්දි මේ සිදුවීම පිටුපස ජේ.ආර්. ජයවර්ධන සිටින බවට මට කට උත්තරයක් දුන්නා. ඒක තාමත් සීඅයිඩී එකේ තිබෙනවා. මේ සිදුවන දේවල් දේශපාලනීකරණය කරන්නට එපා. ඒවා රටට අහිතකරයි.

 මේක සිවිල් ප්‍රශ්නයක්. ගිනි ඇවිලෙනවා. මෙහිදී දේශපාලනඥයින්ට වගකීම වැඩියි. අපේ ඇමැතිවරුන්ට තමන්ගේ
දිව ප්‍රවේසම් කරගන්නට කියා ඉල්ලා සිටිනවා. මේවා ඉතාම සංවේදී ප්‍රශ්න. මුස්ලිම් ජනතාව සිංහල ජනතාව සමග එකටයි ජීවත් වෙන්නේ. ඒ අය ඇවිස්සෙන ආකාරයෙන් කටයුතු කිරීම අනතුරුදායකයි. එල්.ටී.ටී.ඊ. යුද්ධයක්
අත්විඳ තිබුණට සිවිල් යුද්ධයක් ගැන අපිට අත්දැකීම් නැහැ. එදා 83 කළු ජුලිය ඇවිළුණේ දමිළ ජනතාවට එරෙහිවයි.

අපට විරුද්ධව නැගී සිටියේ තමිල්නාඩුව පමණයි. ඒත් මෙදා මුස්ලිම් ජාතිකයින් සමඟ ජාතිවාදී අරගලයක් ඇතිවුණොත් ඊට එරෙහිව නැගී සිටින්නට ලෝකයේ මුස්ලිම් රටවල් 54ක් තිබෙනවා. මෙය ජාත්‍යන්තර වෙළෙඳාමට, මැද පෙරදිග රැකියා ප්‍රශ්නයට බරපතළ බලපෑම් ඇතිවිය හැකි තත්ත්වයක්. අපේ තේ ගන්නේ මැද පෙරදිග රටවල් බව අමතක කරන්නට එපා. මේ තත්ත්වය අපි තේරුම්ගත යුතුයි. දේශපාලන පක්ෂ වශයෙන් එකට එක්වී මේවාට මුහුණදිය යුතුයි.

එදා ජාතික ප්‍රශ්නයට විසඳුමක් නැති නිසයි මුස්ලිම්, ද්‍රවිඩ පක්ෂ අපේ පක්ෂවලින් වෙන් වෙලා වෙනම බිහිවුණේ. අපි ඔක්කොම එකට සිටියනම් මේ ප්‍රශ්න දුරදිග යන්නේ නැහැ. 1956, 1971, 1983, 1986, 1989 සිද්ධීන්වලට පසුබිම වුණේ සමාජ ආර්ථික ප්‍රශ්නයි. අද වෙන්නෙත් ඒ දේමයි. එක තැන පල්වෙන ආර්ථිකයක් යටතේ මේ සිදුවීම වළක්වන්නට බැහැ. ආර්ථික ප්‍රතිපත්තියක් නැතිවනකොට, වෙළෙඳපොළ කඩා වැටෙන විට, විරැකියාව වැඩිවනවිට
මිනිස්සු වෙනත් ආකාරයකින් විසඳුම් සොයන්නට පෙළඹෙනවා.

එල්.ටී.ටී.ඊ.යට වඩා භයානක ප්‍රතිඵල මේ තුළින් එන්නට පුළුවන්. දැනටමත් මුස්ලිම් රටවලින් පණිවුඩ එනවා. එක්සත් ජාතින්ගේ මහ ලේකම් වරයාත් ඊයේ (7) පණිවුඩයක් එවා තිබෙනවා. 1983 වසරේ කළු ජුලියේදී එ.ජා. මහ ලේකම්වරයා පණිවුඩයක් එව්වේ දින කීපයක් ගිහිල්ලයි. අපි සිටින්නේ 2018 මිස 1983 නොවෙයි. ලෝකය එන්ට එන්ටම පුංචි වෙනවා. ෆේස්බුක් තහනම් කරන්නට පුළුවන්. ඒත් ඒවායේ සීමාවන් තිබෙනවා. සිවිල් සමාජය තුළ ගැටුම් ඇතිවීම හොඳ නැහැ. මෙවැනි අවස්ථාවක ආරක්ෂක හමුදා ඉතා ප්‍රවේශම් විය යුතුයි. එදා වමේ පක්ෂ ගැටුම්කාරී අවස්ථාවලදී එකට සිටියා.

අපේ වගකීම් අපි ඉටුකළ යුතුයි. හදිසි නීතිය වැරැදි විදියට පාවිච්චි නොකළ යුතුයි. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් මේවා තේරුම් ගන්න ඕනෑ. අපට සිවිල් යුද්ධයක අත්දැකීම් නැහැ. සිවිල් යුද්ධයක් ඇතිවුණොත් රටත් ඉවරයි. ඒ නිසා සියලුම පක්ෂ - විපක්ෂ දේශපාලනඥයින්ගෙන් ඉල්ලා සිටින්නේ හැඟීම් පාලනය කර බුද්ධියෙන් කටයුතු කරන ලෙසයි. ලංකා සම සමාජ පක්ෂයේ මහ ලේකම් හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා අදහස් දක්වමින් මෙසේ කීය.

දිගන සිද්ධිය ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ පොදුජන පෙරමුණට සම්බන්ධ කරන්නට රජය උත්සාහ කරනවා. ඉන් දේශපාලන වාසි ගන්නට හදනවා. වැරැදි මත ප්‍රකාශ කරනවා. හදිසි නීතිය ඇඳිරි නීතිය වැරැදි විදියට පාවිච්චි නොකිරිම ආණ්ඩුවේ වගකීමක්. පලිගැනීම්, අවස්ථාවාදී දේවල් නොකළ යුතුයි. මෙම සිද්ධිදාමය ගැන සොයා බැලීමේදි පොලිසිය නිද්‍රාශීලීව කටයුතු කළ බව පෙනෙනවා. ඉහළින් ආ නියෝග යක් බවට සැක හිතෙනවා.

ජාත්‍යන්තර වශයෙන් දැනට සාවද්‍ය මතයක් ප්‍රචාරය වෙනවා. මෙය රටට හොඳ නැහැ. සමාජවාදී ජනතා පෙරමුණේ ලේකම් හිටපු මන්ත්‍රී රාජා කොල්ලුරේ මහතා මෙසේ කීය. මෙම සිද්ධිය නිසා රටම කම්පා වෙනවා. රටටම බලපා ඇති ප්‍රශ්නයක්. නුවරට පමණක් නොවෙයි. නැවතත් මෙවැනි දේවල් ඇති නොවන විදියට ක්‍රියා කිරීම ආණ්ඩුවේ වගකීමක්. ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සභාපති ගාමිණි වීරසිංහ, දේශවිමුක්ති ජනතා පක්ෂයේ උප සභාපති ගලගම ධම්මරංසි හිමියෝද අදහස් දැක්වූහ.



අදහස් (2)

ප්‍රශ්නවලට උත්තර නැතිකමේ ජනතා පීඩනය අම්පාරෙන් දිගනින් පුපුරා ගියා

appuhami Friday, 09 March 2018 06:32 AM

ගොන් කතා කියන්නේ නැතිව පොඩ්ඩක් ඉන්නවා ද? මේවා කරපු අය එලි වෙමින් යන්නේ...

:       428       529

සෙනෙවි ගාල්ල Saturday, 10 March 2018 12:39 PM

මහින්ද ලඟ හිටගෙන කියන කතා... බූරු පිටියක ඉඳගෙන බූරුවා ගැහුවෙත් නැහැ කියනවා වගේ කතාවක්...

:       12       70

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කාශ්මීරයෙන් ඇවිලෙන ඉන්දු - පාකිස්තාන් ගිනිපුපුරු
2025 අප්‍රේල් මස 26 16 0

අප අසල්වැසියන් දෙදෙනා ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද උණුසුමක් නිර්මාණය වෙමින් පවතී. ඒ, පසුගිය 22 වැනිදා ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගාම් පළා


සෝද සෝදා එළියට අදින පාස්කු දා ප්‍රහාරය
2025 අප්‍රේල් මස 26 8 0

මේ වනවිට 2019 පාස්කු ඉරිදා කිතුනු දේවස්ථාන තුනකට හා සංචාරක හෝටල් තුනකට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ ගණනාවක් පැවැත්වී තිබුණ ද මෙම ප්‍


ඉන්දු-පාකිස්තාන් අර්බුදය මැද යළි ඇවිළෙන කාශ්මීරය
2025 අප්‍රේල් මස 25 360 0

කාශ්මීරය යනු මිහිපිට දෙව්ලොවකි. ආසියාවේ ස්විට්සර්ලන්තය යනුවෙන් හැඳින්වෙන්නේ ද කාශ්මීරයයි. ඉන්දියාවේ වඩාත් උතුරින් පිහිටි ප්‍රාන්තය ලෙස සැලකෙන්නේ ද


දැන් ඇත්තේ ටියුෂන් පන්ති කාලසටහනක්
2025 අප්‍රේල් මස 25 436 2

මම අගනුවරට කිලෝමීටර් 3000ක් දුර ඈත ගමක උපන්නෙමි. ලංකාවේ ඉපදුණු බොහෝ තරුණයන් මෙන් නිදහස් අධ්‍යාපනයෙන් දිව්‍ය ලෝකය සොයාගත නොහැකි වුණ මම ජීවිතය සොයා කොළඹ ආ


ඉහළින් ගිලිහුණු උළෙල
2025 අප්‍රේල් මස 25 251 0

මෙවර අලු‍ත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ


බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 10371 3

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 849 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 387 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 541 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site