පස්වන සියවසේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලකයා වූ කාශ්‍යප රජුගේ රාජධානියවූ සීගිරිය බළකොටුව ලොව ප්‍රසිද්ධ ඉතා වටිනා පෞරාණික සිද්ධස්ථානයකි. මීටර 350ක් උසැති මහා ගල්පර්වතයක් මත ගොඩ නගා ඇති විස්මිත නිර්මානයත්, ගල් පර්වතයේ බඳවටා හැඩ කළ අජන්තා ගල් ලෙනේ උපත ලද සීගිරි රූ ළදුන් අද මුළු විශ්වයම පුදුමයට පත් කරවීමට සමත්වී ඇත්තේය.
එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය නොහොත් ජාත්‍යන්තර යුනේස්කෝ සංවිධානය අනුමත කල ලෝක උරුමයන් අතර ඇස් දෙක මෙන් රැකගත යුතු ලොව වටිනා පෞරාණික ස්ථාන අතරින් පෙරමුණේ සිටින ශ්‍රී ලංකාව සතු සීගිරි බලකොටුව පසුගියදා ප්‍රංශ තැපැල් ක්ෂේත්රයට මුද්දරයකින් ඇතුල් වුයේය.
සිගිරි ගලේ මුද්දර කථාව ආරම්භ වන්නේ වර්ෂ 1938 දීය. ඉංග්‍රීසි පාලනය පැවැති එකල ප්‍රධානියා වූ හයවන ජෝර්ජ් රජුගේ රූපය සමග සිගිරි ගල ප්‍රථමයෙන් මුද්දරයක පසුබිම සරසමින් සිගිරි ගලේ මුද්දර ජීවිතය ආරම්භ කරයි.
ඉන්පසු 50, 60, 80 දශක වලදී ශ්‍රීලංකාවේදී ද ඉන්දියාව එංගලන්තය, ජපානය ආදි රටවල් මෑත අතීතයේද සිගිරිය බළකොටුව සංකේතවත් කල මුද්දර ලොවට හදුන්වාදී ඇත්තේය. එදා සිලෝන් වල ශත දහයට මිලකළ සිගිරි මුද්දරය අදවන විට යුරෝ ශත 95ක් හෙවත් රුපියල් 170 කට පමන මිලකර ඇත.
බඩුමිල මෙන් සිගිරි මුද්දර මිලද ඉහල ගොස් ඇත්තේය. එම සීගිරිය මෙවර ප්‍රංශ මුද්දර පොලට තෝරා ගත්තේය.
සිගිරි බළකොටුවෙන් සැරසූ යුනේස්කෝ ලාංචනය පසුබිමට එක් කළ මිලිමීටර් 40×26 තිරස් හැඩති කුඩා මුද්දරය යුරෝ ශත 95කට මිල කර ඇත්තේය එක්පත් ඉරුවකට මුද්දර 50ක් ලෙස සකස් කොට මුද්දර ලක්ෂ හයක් නොවැම්බර් මස 12 වෙනිදා ප්‍රංශ තැපැල් පොලට නිකුත් කළේය. මෙම මුද්දරයේ ඇති ලෝක පූජීත පසුබිමත් එහි නිර්මාන ශිල්පියත් ලොව පිලිගත් විශේෂ එකතුවක්වීම සීගිරි මුද්දරය ප්‍රංශයේ මෙන්ම ලෝකයේ සුවිශේෂි ස්ථානයක් හිමිකර ගත්තේය.
අවුරුදු 69ක් වයැසැති ප්‍රංශ ජාතික ජෝන් පෝල් වෙරෙට් ලෙමැරිනියෙර් මෙම සිගිරි බළකොටුව ඇතුලත් මුද්දරයේ නිර්මාණකරුවාය. ප්‍රංශ මුද්දර ලෝකයේ මුද්දර පියෙක් ලෙස ප්‍රංශ ජනතාවගේ බුහුමනට ලක්වූ ඔහුගේ නිර්මාණයක් වීමී ඉහත මුද්දරයට විශේෂ ස්ථානයක් හිමිවීමට හේතු කාරනා වුයේය.
සැරසීම හා කලා ශිල්ප විද්‍යාව පිලිබඳ ප්‍රංශයේ සුප්‍රසිද්ධ විද්‍යා පීඨයක්වූ පැරීසියේ එස්තියෙන් විද්‍යා පීඨයේ උසස් අධ්‍යාපනය අවසන් කල ඔහු 1977 දී ප්‍රංශයේ තැපැල් හා විදුලි සංදේශ පර්යේෂණ ආයතනයේ සේවයට එක්වුයේය.
ඒ අතර තුර 1984 වසරේ නොවැම්බර් 26 වෙනිදා ඔහුගේ ප්‍රථම මුද්දර නිර්මාණය ප්‍රංශය එළිදැක්වීය. ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය වෙනුවෙන් එම මුද්දරය නිපැයූ ඔහු මේවන විට මුද්දර අටසියයක් පමණ ප්‍රංශය ඇතුලත් විදේශ රටවලද ඔහුගේ මුද්දර රාමු වලින් තැපැල් මළු මුද්දර කලාගාරයක් බවට පත්කර ඇත්තේය.
මොසැබික් හා මැඩගස්කාර් රාජ්‍යයන් අතර ඉන්දියානු සාගරයේ පිහිටා ඇති වර්ග කි:මී: 376ක් විශාලැති මායෝට් ලෙස හදුන්වන ප්‍රංශයට අයත් සුන්දර දුපතේ මුද්දර හා කලා ශිල්ප විද්‍යාව පිලිබඳ අධ්‍යක්ෂක ජෙනරාල් ලෙස මෑතක් වනතුරු තම නිර්මාණ ලොවට බිහිකරමින් සැඳෑ සමයට පිය නගන ඔහු ; අද නිදහස් නිර්මාණ ශිල්පියෙක් ලෙස ලොවට මුද්දර නිර්මාණ බිහි කරමින් පැරීසියේ තම මුද්දර නිවසේ ජීවත් වන්නේය. මුද්දර ශිල්පයේ පියෙක් ලෙස හදුන්වන මුද්දර පියාගේ මෙවර බිහිවීම ශ්‍රී ලංකාව සතු සිගිරි බළකොටුව වුයේය.
ඔහුගේ ඇගිලි තුඩින් හැඩ ගැන්වූ සිගිරි බළකොටුව ඇතුලත් මුද්දරය ජාත්‍යයන්තර යුනේස්කෝ ලාංඡනය සහිතව ප්‍රංශ මුද්දර ලෝකයට එක්වුයේය.
පැරිස් අග නගරයේ පිහිටි ජාත්‍යයන්තර යුනේස්කෝ මුලස්ථානයේදි ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය කරුණාරත්න හඟවත්ත මහතා ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් සහභාගි වූ විශේෂ උත්සවයක් ද ඒ සදහා පැවැත්වුනි. අද ප්‍රංශයේ තැපැල් මළු සිගිරි බළකොටු ආරක්ෂාව ඇතිව ලොව වටා සැරිසරති.
පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ
පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.
ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය
ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ප්‍රංශයේ සැරිසරන සිගිරි බළකොටුව
ප්‍රදීප් කුමාර දිසානායක Friday, 22 November 2013 09:04 PM
ගොඩක් ස්තුති මේවගේ දේවල් පලකිරීම ගැන අපේ දේවල් වල අගය අපට නැතී හැටි ඊ අපටත් මෙවැනි දේවල් කරන්න බැරි (ස්තුතියි ලංකාදීප ) (ස)
ධම්මක-කැන්ඩි Sunday, 24 November 2013 09:36 AM
බුදු සරණේ යන අපිට , සිංහල ජාතියට මහගු පිටුවහලකි .....'(නදී)
ශාම් Tuesday, 16 September 2014 04:07 PM
සිංහලයෙකු වීම මට මහත් ආඩම්බරයකි. . . . (ස)
ලක්ෂීත ප්‍රංශය Friday, 22 November 2013 01:05 AM
මට මාර චූන් හරිම සංතෝෂයි (ස)
ඉන්දු මෙල්බර්න් Thursday, 21 November 2013 05:48 PM
ස්තුතියි ලංකාදීප මේ වගේ අපිව දැනුවත් කරනවාට. (නි)
පාලි Thursday, 21 November 2013 05:49 PM
මගේ රටට දළදා හිමි සරණයි (නි)
කමල් Saturday, 23 November 2013 04:08 AM
සුභ පැතුම්! (නි)
සාගරිකා ප්‍රංශයේ සිට Saturday, 23 November 2013 05:59 AM
වසරකට වඩා වැඩිකලක් තිස්සේ වැර වෑයමෙන් මේ දේ සාර්ථක කරගන්නට මහන්සි වූ කිසාගෝතමී සරත්චන්ද්‍ර මහත්මියට ජාතියේ ප්‍රණාමය. හරවත් දෙයක් පළකරන ලංකාදීපයට ස්තුතියි (නි)
විජේ Thursday, 21 November 2013 12:34 PM
මේ කෝ අර මීට කලින් සීගිරියේ තිබිල හොයාගත්තු මැටි කලය. ඒකට මොකද උනේ ? ඒක ඇරලා බැලුවද ? (නදී)