සතුටින් සිටීමේ ප්‍රථම කොන්දේසිය වන්නේ මිනිසා සහ සොබාදහම අතර බැඳියාව නොකැඩීම බව රුසියානු මහ ගත්කරු ලියෝ තෝල්ස්තෝයි වරක් ප්‍රකාශ කළේය. එසේ නම් මේ බැඳියාව කඩා බිඳ දැමීම මිනිසාගේ සතුට විනාශ කිරීමකි. එසේ නොකර සොබාදහම සමඟ සම්බන්ධතාව පවත්වාගෙන යාමටද වෙනම කොන්දේසියක් තිබේ. ඒ පරිසරය රැක ගැනීමයි. සොබාදහමට අනුකූල වන සේ අප අවට පරිසරයද රැකගත හැකි නම් අප සියලුදෙනාගේම සතුටද රැකෙනු ඇති බව මේ සියල්ලේ යථාර්ථයයි.
කරුණු එසේ වුවද පරිසරය මිනිසා විසින්ම විනාශ කරනු ලබන බව අපට දෑසින්ම දැකගන්නට තිබීම මහා ඛේදවාචකයකි. මහා පරිමාණයෙන් විනාශ කරන ඝන කැලෑ, රැම්සා තෙත්බිම් අපට කියන්නේ අප ඉදිරියේම මහා විනාශයක් සිදුවෙමින් පවතින බවය. ඒවා වැළැක්වීමට නීතිය උපරිමව ක්‍රියාත්මක විය යුතු බව අප විසින් වරින්වර පෙන්වා දී තිබේ. එසේ තදින් පියවර ගැනීමකින් තොරව මේ විනාශකාරී ක්‍රියා නැවැත්වීමට වෙනත් ක්‍රමයක් නැත.
එවැනි මහා පරිමාණයේ නීති විරෝධී ලෙස සිදුකෙරෙන පරිසරය විනාශ කිරීම්වලට අමතරව තවත් ආකාරයක විනාශයක් කෙරෙහිද අවධානය යොමු කිරීමට කැමැත්තෙමු. අපට ආසන්නයෙන්ම තිබෙන පරිසර පද්ධතිය අපේම අවශ්‍යතා වෙනුවෙන් බිලිදෙමින් තිබීම මේ කියන විනාශයට හේතුවයි. එය ඇස් පනාපිටම දැකගැනීමට වැඩිදුරක් යා යුතු නැත. දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ කොට්ටාව සිට මාතරටත් මාතර සිට කොට්ටාවටත් යාම-ඊම පමණක් ප්‍රමාණවත්ය. මෙම අධිවේගය දෙපස වඩාත් දකුණු ප්‍රදේශයට බරව පිහිටා තිබූ ඉතාම සුන්දර පරිසරය දැන් කෙමෙන් කෙමෙන් විනාශ වන්නට පටන්ගෙන තිබේ. මීට පෙර තිබූ සොඳුරු පරිසරය වෙනුවට දැන් ඇතැම් ස්ථානවල දකින්නට තිබෙන්නේ පර්චස් දහයේ විස්සේ කැබැලිවලට වෙන්කර ඇති ඉඩම්වල ඉදිවෙන නිවාස සහ ගොඩනැගිලිය. ඈත සිටම දැකිය හැකිවූ ගස් කොළන් වෙනුවට ගල් බැමි, ගඩොල් බිත්ති, ඇස්බැස්ටස් වහළ මතුවෙමින් තිබේ. කොළ පැහැයෙන් බැබළුණු පරිසරය එක්වරම කොන්ක්‍රීට් වනාන්තරයක් බවට පෙරළෙමින් තිබෙනු දකින සියලු දෙනාගේ හදවත්වල සියුම් වේදනාවක් ඇතිකරන බව නොරහසකි. එය එසේ විය යුතුද? අප මේ බිඳ දමන්නේ සතුටින් සිටීමේ පළමු කොන්දේසිය නොවේද?
කුඩා පෞද්ගලික ඉඩම් ප්‍රමාණයක නිවෙස් සෑදීම වැළැක්විය හැක්කක් නොවේ. එහෙත් ඉතාම අලංකාර ලෙස පිහිටා ඇති සොබාදහම දායාද කර තිබෙන නීල-හරිත පරිසර පද්ධතියක් සූරා දමමින් කුඩා කැබැලි වශයෙන් ඉඩම් කුට්ටි කර අලෙවි කිරීමේදි අනුගමනය කළයුතු පරිසරය සුරකින නීති රීති පද්ධතියක්ද හඳුන්වාදීම සුදුසු යැයි අපට කල්පනා වෙයි. පෞද්ගලික ඉඩමක නිවෙසක් ඉදිකිරීමේදී වුවද පරිසරය ආරක්ෂා වන ආකාරයට එය සිදුකිරීමට සරල නීති හඳුන්වාදීමට බැරිකමක් නැත. ප්‍රාදේශීය මට්ටමින් දැනට වුවද පරිසරයට හානිවීම වැළැක්වීම සඳහා නීතිරීති පවතින බව අපි දනිමු. එහෙත් එම නීති රීති අකුරටම ක්‍රියාවේ යෙදවෙන්නේ නැති බවද ඒ සමඟ කිව යුතුය. අඩුම තරමින් වැසි ජලය ගලායාම සම්බන්ධ නීති රීති පවා කඩකරමින් විවිධ ගොඩනැගිලි සහ නිවාස ඉදිවී ඇති අවස්ථා අනන්තවත් දැක ගැනීමට හැක. එවැනි නිවාස අවට පරිසරය පිළිබඳව කතා කිරීමත් නිෂ්ඵලය.
නාගරිකව මේ ගැටලුව තවදුරටත් බරපතළ වෙමින් තිබේ. ඇතැම් නිවාස සහ ගොඩනැගිලි ඉදිවී ඇත්තේ කිසිදු ආකාරයකින් පරිසරය පිළිබඳ සැලකිල්ලක්ද දක්වමින් නොවේ. අඩුම තරමින් හෙවණකටවත් ගහක් කොළක් දකින්නටවත් නැත. ඉබේ පොළොවේ වැවෙන ගසකට හෝ ඉඩක් තබා නැත. බොහෝදුරට මෙවැනි ඉදිකිරීම් දකින්නට ඇත්තේ පර්චස් දහයේ හෝ ඊටත් අඩු ඉඩම් කැබැලිවල ඉදිකෙරෙන නිවෙස් හෝ ගොඩනැගිලිවලය. මේවා ඉදිකිරීම්වලට අදාළව පවතින නීති යල්පැන ගිය ඒවා නම් එවැනි නීති යාවත්කාලීන කිරීම මගින් තරමක් දුරට හෝ මේ විනාශය වළක්වාගත හැකිවනු ඇත. විශේෂයෙන්ම නාගරිකව කුඩා ඉඩම්වල ඉදිකෙරෙන නිවාසවලට අඩුම තරමින් මහල් දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් තිබිය යුතු බවට නියම කළ හැකිනම් එය ඵලදායී වනු ඇති බව අපගේ වැටහිමයි.
මහාමාර්ග අද්දර ඉඩම්වල ඉදිවන ගොඩනැගිලිවලට නම් මෙවැනි නීති අදාළය. මේ නිසා තනි තට්ටුවේ ගොඩනැගිලි ඉදිවීම වැළැක්වී තිබේ. ගොඩනැගිලි සහ නිවාස ඉදිවෙන තරමට පය තබාගත හැකි ඉඩම් ප්‍රමාණය අහිමි වන බැවින් භූමි ප්‍රමාණයෙන් උපරිම ඵල ලැබීමට වැඩිපුර තට්ටු සංඛ්‍යාවක් සහිත ඉදිකිරීම් දිරිගැන්විය යුතුය. එය නාගරික මට්ටමේ පමණක් නොව ග්‍රාමීය මට්ටමට වුවද අදාළ කරගත හැකි නම් පරිසරය රැක ගනිමින් වඩාත් ඵලදායී ආකාරයට ඉඩකඩම්වලින් උපරිම ප්‍රයෝජන ගත හැකිවනු ඇතැයි අපි විශ්වාස කරමු.
නිවාස සහ ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීමේදි පරිසරය රැකීමට රුකුල් දෙන යෝජනා ඇතුළත් කිරීමද ඵලදායී වනු ඇත. පරිසරය මිනිසාගේ පැවැත්මට අවශ්‍ය සියල්ල සම්පාදනය කරදෙයි. එසේ නම් පෙරළා පරිසරය රැකගැනීම අප සියලුදෙනාගේම වගකීමකි. අඩුම තරමින් නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීමේදී හෝ ඒ පිළිබඳව දැනට වඩා සැලකිලිමත් විය යුතු බව අපි විශ්වාස කරමු.
(***)
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පරිසරය වැනසෙන සේ ඉඩම් කට්ටිකිරීම නවත්වමු
Nuwan Wednesday, 30 September 2020 05:57 AM
මහ වනාන්තර සහ ලෝක උරුම සිංහරාජයත් කපන ගමන්ද ඕවා අපිට කියන්නේ...?
sharm warn Wednesday, 30 September 2020 06:41 AM
මොලයක් තියෙන, හැඟීමක් දැනෙන පාලකයෙක් හමුවුණොත් කියන්න. පරිසර ඇමැති කියලා කෙනෙක් ඉන්නවා, අර පුද්ගලික ඉඩමක කරන්න ගිය වැඩකට නඩුදාලා උඩ පනිනවා. රට වටේ අක්කර දහස් ගණනින් කැලේ කපනවා පෙනෙන්නේ නැහැ. තව ටික දවසකින් එව්වට ඔප්පුත් ලියයි... කියන දේවල්වල හැටියට. මේ තමයි අපේ අලුත්ම පාලනය. කතුවැකිය ගැන හදවත පැලෙන්න දුකයි.
සාරභූමි Wednesday, 30 September 2020 06:43 AM
ඒක නවත්වන්න ඕනෑ. ඒත් ඊට ඉස්සෙල්ලා රජය මගින් තට්ටු නිවාස අඩු මුදලකට මිනිසුන්ට ලබා දෙන්න ඕනෑ. වෙන රටවල්වල තට්ටු නිවාස තමයි ගාන අඩු... අපේ රටට ඒක අලුත් දෙයක් නිසා ඒවා විකුණන මුදල ඉතා වැඩියි..
Rohana Wednesday, 30 September 2020 12:56 PM
නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශවල ඉඩම් කැබලිකිරීම නැවැත්විය යුතුය. රජය මැදිහත්වී රජය හා පුද්ගලික අංශය මගින් ඒ වෙනුවට විශාල මහල් නිවාස ඉදිකල යුතුය. ඒවා ලාභ අපේක්ෂාවෙන් නොව දැරිය හැකි මිලකට නිවාස නොමැති අයට ලබාදිය යුතුය. එසේ නොවුනොත් මේ පරිසර විනාශය ඇතිවීම වැළැක්විය නොහැක.
රසික Sunday, 04 October 2020 03:30 PM
හැමෝගෙම අවධානය තියෙන්නෙ වනාන්තර ටික පරෙස්සම් කරන එක ගැන උනාට රටේ තියෙන ඇත්තම පරිසර ප්‍රශ්නෙ මේක තමා. කතෘතුමා ටිකක් වැඩි බරක් මේ ගැන යොදවයි කියලා බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් බස්නාහිර පළාතේ බොහෝ ගම් දනව් මේ ඉඩම් වෙන්දේසි රුල්ලට බිලිවෙලා ගිහින්. බණ්ඩාරගම, හොරණ, පානදුර, හෝමාගම, පාදුක්ක වගේ පැති මේ විනාශයේ තරම බලාගන්න පුළුවන් ප්‍රදේශ. පදිංචිය සඳහා ඉඩම් හෙළි පෙහෙළි කිරීම නිසා කෘෂි වන බෝග ඉඩම් සියල්ල ඊට බිලිවෙලා. කුඩා සතෙකුටවත් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ඉතුරු වෙලා නෑ. පර්චස් 10-12 කුඩා කොටස්වල හිරවෙලා තෙරපිලා ඉන්න නිසා වැසිකිළි, ලිං සෑදවීමේ ගැටළු. ඒ නිසා හැමෝම ජලසම්පාදන මණ්ඩලය මත යැපෙන තැනට ගිහිං. පදිංචිය සඳහා මහල් නිවාසවලට යොමුවීමට අපි දැනටමත් ප්‍රමාදයි.