පරිසරය සම්බන්ධයෙන් මේ දවස්වල ඇසෙන්නේම අවර ගණයේ කතාය. කැලෑ කැපීම්, සිංහරාජය ආසන්න ප්‍රදේශවල පරිසරයට හානිකර ඉදිකිරීම්, කඩොලාන පරිසර පද්ධති විනාශකර දැමීම්, කුඹුක් ගස් කපා දැමීම් මේ අතරින් ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල පමණක් නොව සමාජ මාධ්‍ය ජාලවල ද අවධානය දිනාගත් මාතෘකා අතර විය. මේ විවේචන සහ වාර්තා කිරීම් පිළිබඳව පරිසරය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශකර තිබුණේ මේ ගැන සොයාබැලීමට කටයුතු කරන නමුත් බොහොමයක් වාර්තා රජය අපහසුතාවට පත් කිරීම සඳහා සංවිධානාත්මකව සිදුකෙරෙන අසත්‍ය සිදුවීම් පදනම් කරගත් ඒවා බවය.
එය එසේ වුවද පරිසර විනාශය සම්බන්ධයෙන් කඩිනමින් සහ කාර්යක්ෂමව ක්‍රියාත්මක වීම සඳහා නව ඒකකයක් පිහිටුවීමට රජය පියවර ගෙන තිබේ. පරිසර අමාත්‍යංශ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව මගින් ගනු ලැබූ තීරණයකට අනුව පිහිටුවනු ලබන නව ඒකකයට මාධ්‍ය ඒකකයක් ද අනුයුක්ත කිරීමට තීරණය වී තිබේ. පරිසරය සම්බන්ධයෙන් රටේ අසත්‍ය ප්‍රවෘත්ති සංසරණය වැළැක්වීමත් පරිසරය හා බැඳෙන වැදගත් ප්‍රවෘත්ති කෙරෙහි වැඩි අවධානය යොමු කිරීමත් නව ඒකකය මගින් අරමුණු කරගෙන තිබේ.
පරිසර විනාශය සම්බන්ධයෙන් රජය දැඩි පරික්ෂාවකින් සිටින බව මේ තීන්දුවෙන් පැහැදිලි වෙයි. පරිසර, වනජීවී, වනසංරක්ෂණ, මහජන ආරක්ෂාව ඇතුළු අමාත්‍යංශ ද මධ්‍යම පරිසර අධිකාරිය වැනි රාජ්‍ය ආයතනවල ඉහළ නිලධාරීන් ද එම අලුත් පරිසර ඒකකයට ඇතුළු කිරීමට තීරණය කිරීම ද යහපත් පියවරකි. එහෙත් මෙම ඒකකයේ අරමුණ විය යුත්තේ පරිසර විනාශය පිළිබඳ සත්‍ය තොරතුරු හෙළිදරව් කරමින් නීත්‍යානුකූලව කටයුතු කරන පරිසර සංවිධානවලට පාඩමක් ඉගැන්වීම නොවන බව ද පෙන්වාදීමට කැමැත්තෙමු. අලුත් ඒකකයට රටේ පිළිගත් පරිසර සංවිධානවල වගකිවයුතු නිලධාරීන් කිහිප දෙනකුගේ හෝ සහාය ලබාගත හැකි ක්‍රමවේදයක් සැකසිය හැකි නම් එය එහි පරමාර්ථ වඩාත් කුළුගන්වනු ඇතැයි අපගේ වැටහීමය.
නව පරිසර ඒකකයට සහාය වීම සඳහා පිහිටුවනු ලබන මාධ්‍ය ඒකකයට තාක්ෂණික දැනුමින් පිරිපුන් පිරිසක් ද සම්බන්ධ කරගත හැකි නම් එය වඩාත් ඵලදායී වනු ඇති බව ද අපි අදහස් කරමු. එය රජයට සුදු හුණු ගාන හුදු මාධ්‍ය ප්‍රචාරක ආයතනයක් නොවිය යුතුය. පරිසරය පිළිබඳ අසත්‍ය තොරතුරු සහ ව්‍යාජ ඡායාරූප මුදාහරින පුද්ගලයන් සහ කණ්ඩායම් සිටී නම් ඔවුන් පිළිබඳ තොරතුරු සොයාබැලීම මෙන්ම සැබෑ කැලෑ පාළුවන්ගේ වතගොත හෙළිකරන ඒකකයක් වශයෙන් ද නව මාධ්‍ය ඒකකය ක්‍රියාත්මක වීම අවශ්‍යය. ප්‍රධාන අරමුණ වන පරිසරය රැක ගැනීමට සත්‍ය ලෙසම දායක විය හැක්කේ එවැනි නවමං ඔස්සේ ක්‍රියාත්මක වන ඒකකයකින් පමණි.
පරිසරය වැනසීමට කැලෑ කැපීම ප්‍රධාන හේතුවක් වුවද ඊට හේතුවන තවත් කාරණා ද බොහෝමයකි. ජල මූලාශ්‍ර අපවිත්‍ර කිරීම, ගංගාවලට හානිදායක ලෙසට වැලි ගොඩදැමීම, කැළි කසළ අවිධිමත් ලෙස මුදාහැරීම, යෝගට් කෝප්පයේ පටන් ප්ලාස්ටික් ඇතුළු නොදිරන භාණ්ඩ පරිහරණයෙන් පසුව විද්‍යානුකූල ලෙස බැහැර නොකිරීම, විස සහිත දුමාරය වාතලයට එකතු කරන කම්හල්, මුහුද සහ ආසන්න ප්‍රදේශ අපවිත්‍ර කිරීම ඒ අතුරින් කිහිපයක් පමණි. පරිසරය වනසන මේ සියලු හේතු පිළිබඳ විධිමත් ලෙස ගවේෂණය කිරීමත් ඊට වගකිවයුතු පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර ගැනීමත් නව ඒකකයට පැවරෙන වගකීමක් වනු ඇත. පරිසර සංහාර පිටුපස සිටින සංවිධානාත්මක පිරිස හඳුනා ගැනීමට එය මෙවලමක් කරගත හැකිය.
පරිසරයට මහා පරිමාණ මට්ටමින් හානිදායක ලෙස කටයුතු කරන බලවත් පුද්ගලයන්ට දේශපාලන අධිකාරියේ සහාය ලැබීම මේ ගැටලුවේ සංකීර්ණ බව ඉහළටම ඔසවා තිබේ. සංචාරක හෝටල් සහ වැව් තාවුලු සහ ගංගා පෝෂණ ප්‍රදේශ මත නවාතැන් පොළවල් ඉදිකිරීම හැම ව්‍යාපාරිකයකුටම කළ නොහැක. හිතුමතේ වැලි ගොඩදැමීම් සම්බන්ධයෙන් ද කිව යුත්තේ එයමය. මේ සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ දී දේශපාලන අධිකාරියේ සහාය ගැනීම බලවත් පුද්ගලයන්ගේ සිරිත වී තිබේ. සංවර්ධනයේ නාමයෙන් පරිසර හානි සිදුවීමට මග පෑදෙන්නේ ඒ ආකාරයෙනි.
පරිසර අමාත්‍යංශ උපදේශක කාරක සභාවේ නව ඒකකයක් පිහිටුවීමේ තීරණය ඉතා යහපත් ප්‍රවේශයක් බව කියන අතරම ඉහත සඳහන් කාරණා කෙරෙහි අවධානය යොමු කිරීම එය වඩාත් ඵලදායී ව්‍යාපෘතියක් බවට පත්කිරීමට හේතු වනු ඇතැයි පෙන්වාදීමට ද කැමැත්තෙමු.
(***)
මීට පෙර ලිපියක අප සඳහන් කළ ආකාරයට අද පැවැත්වෙන ශ්‍රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරණය මෙතෙක් පැවැත්වුණු ජනාධිපතිවරණ අටටම වඩා කරුණු ගණනාවකින් වෙනස්ය.
මාතලේ, නාලන්ද ගෙඩිගේ යනු මෙරට මධ්‍ය කේන්ද්‍රය ලෙස සලකනු ලබන ස්ථානයේ පිහිටි පෞරාණික මෙන්ම සුන්දර පරිසර පද්ධතියකින් හෙබි හරි අපූර්වතම ස්ථානකි. නාලන්ද
අඹගහපිටිය වලව්ව හෙවත් සහබන්ධු වලව්ව බලපිටිය මුදලි පෙළපතේ පැරැණිම වලව්වකි. විහාරස්ථානයට පූජා කළ ලංකාවේ මුල්ම වලව්ව ලෙස මෙය සැලකේ. උපසම්පදාව ජනසතු කරම
නීතියේ ආධිපත්‍යය යනු සියලුම පුද්ගලයන්, ආයතන සහ සංවිධාන නීතියට යටත් බවත් එහි නිර්දේශවලට වගකිව යුතු බවත් සහතික කරන මූලික මූලධර්මයකි. එසේම රටක් පාලනය ව
නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම තව දින දෙකකින් සිදුවීමට නියමිත අතර පෙර පරිදිම මෙවර ජනාධිපතිවරණ තුළත් රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක
වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පරිසර අලුත් ඒකකය ඉදිරි පියවරක්