IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


පරිසර නඩු සම්බන්ධ ආකල්ප වෙනස් කළ තීන්දුවක්

(සටහන - විනීතා එම් ගමගේ)

විල්පත්තු ජාතික වනෝද්‍යානය ජාතික සම්පතක් වුව ඉකුත් වසර හත අටක කාලය තුළ එහි නම සමග දේශපාලනය බොහෝ සෙයින් කියැවුණේය. එහි ඇති අනගි පරිසර පද්ධතිය ගැන නොව කැලය කපා කරන පදිංචි කිරීම් ගැනද පවතින නීතිරීතිවලට එහා ගොස් විදේශාධාර කෙලින්ම ලබාගෙන නිවාස තැනීම් කරන දේශපාලකයන් ගැනද කථා බහට ලක්විය.

යුද්ධය අවසන් වූ වහාම උතුරු  නැගෙනහිර අවතැන් වූවන් යළි පදිංචි  කිරීමේ කටයුතු කථා බහට නැගි මුල්ම කාරණයකි. එහි දී උතුරු වසන්තය යටතේ ඇරඹුණු නැවත  පදිංචි කිරීම් මුලින්ම සිදුකෙරුණේ 2010 දීය.

2012 වසරේ දී නැවත පදිංචි කිරීම් පිළිබඳ කටයුතු සොයා බැලීම සදහා ජනාධිපති කාර්ය සාධන බලකායක් ද ආරම්භ විය. දිසාපතිවරුන් හරහා සුදුසු ඉඩම් සොයා ගෙන නැවත පදිංචි කිරීම් සිදුකරන්නැයි එම බලකාය නියෝග කළේය.

ඒ වනවිට මන්නාරමේදිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කලේ හිටපු අමාත්‍යවරයකු වන රිෂාඩ් බදුර්දීන්ය. ඔහු ද යුද්ධය නිසා අනාථවූවන් ගොඩට වැටෙන බව එකළ ඔහු  විසින් නිතර කියන ලද්දකි.  සංවර්ධන කමිටුවේ සභාපතිවරයා මෙන්ම බලතල ඇති අමාත්‍යවරයකු ද වූ බදුර්දීන් ගේ අනුදැනුම් මත විලත්තිකුලම් සිට මන්නාරමෙන් උතුරට ඇති  පෙරියමඩු ප්‍රදේශය ඇතුළු හෙක්ටයාර් 3000 ට අධික වනාන්තර කපා විනාශ කෙරිණි.

විල්පත්තුවේ සිදුව මේ මහා වනාන්තර සංහාරය පිළිබඳව පරිසරවේදීන්ගේ අවධානය යොමු විය. විරෝධතා වැඩි දියුණු වෙමින් උද්ඝෝෂණ දක්වා ගමන් කෙ‍රිණි. එහෙත් කවර හෝ හේතුවක් නිසා එකී උද්ඝෝෂණ ගණන් නොගත් වන සංහාරකයෝ දිගින් දිගටම තම කාර්යය කරගෙන ගියහ. ඒ වනවිටත් පරිසරය වෙනුවෙන් අධිකරණමය ක්‍රියාමාර්ග හරහා බොහෝ සාධාරණයන් ඉටුකරගෙන තිබු පරසර යුක්ති කේන්ද්‍රය නඩු මගට පිලිපන්නේ මේ අවස්ථාවේ දීය. ඒ 2015 වසරේදීය.

එසේ 2015 දී අභායචානාධිකරණය ඉදිරියේ පැවරුණු නඩුවේ තීන්දුව ඉකුත් 16 දා ලැබිණි.  දූෂකයා විසින් පිරිවැය දැරිය යුතුය යන සංකල්පය ඔස්සේ ක්‍රියාත්මක වෙමින්  මේ නඩුව ඉදිරියට ගෙන යන ලදී.

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උතුරුඅභය භූමිය මෙන්ම මාරවුක්කඩිසරව්කුලි රක්ෂිත වනාන්තර ප්‍රදේශද, විල්පත්තු බටහිරකො‍ටසේ කැබලි දෙක හා හතර යන කොටස් ද, මඩු මාර්ග අභය භූමියේ වන සංකීර්ණ්ය සහ මඩු මාර්ග රක්ෂිත වනාන්තර වල බිම් කැබලි පදික මාර්ග වලට බෙදා අනවසර ජනාවාස පිහිටුවීම හා සමස්ත පරිසරයට හා පරිසර පද්ධතියට මෙන්ම වනජීවි වාසස්ථානවලට ‍ආපසු හැරවිය නොහැකි හානි සිදුකිිරීම හා විල්පත්තු ජාතික වනෝද්‍යානයට යාබද වනාන්තර සංකිර්ණයේ හෙක්ටයාර් 3000 ක් පමණ අනවසරයෙන් නැවත පදිංචි කිරීම යන චෝදනා සම්බන්ධයෙන් මෙම  නඩුව ගොනු කෙරිණි.

එහි ප්‍රධාන වගඋත්තරකරු වන එවක අමාත්‍යවරයකු වූ රිෂාඩ් බදුර්දීන් නඩුවේ හත්වන වගඋත්තරකරු වූ අතර වගඋත්තරකරුවන් අට දෙනෙකු නම් කර තිබිණි.

මේ නඩුව පවරන විටත් විලයිත්තිකුලම් වනාන්තරයේ නැවත පදිංචි කිරීමේ දී වනාන්තර වල වන ජීවින් සහ ඉඩම් නීතිවලට අදාල නීති උල්ලංඝණය කිරීම් රාශියක් සිදුව ඇතැයි විගණකාධිපතිවරයා විසින් නිකුත්කරන ලද වාර්තාවකින් අනාවරණයකර තිබිණි.

ඒ සමගම වනෝද්‍යානයේ හෙළි පෙහෙලි කළ ප්‍රදේශ අතහැර ඉතිරිය වනාන්තර රකෂිතය ලෙස යළි ගැසට් කරන්නට එවකට ප්‍රබලඅමාත්‍යවරයකු වු බදුර්දීන් ඇතුළු පිරිස උත්සාහ දැරීය. පෙත්සම්කරු මෙම පියවරට මුලුමනින්ම  විරැද්ධ විය. 2012 අංක 1779/15 දරන අතිරේක ගැසට් පත්‍රය   ඉල්ලා අස්කර ගැනීමට සිදුවූයේ මේ අනුවය.

වසර පහකට ආසන්න කාලයක් තිස්සේ ඇසෙමින් පැවැති නඩුව විනිසුරු සමයවර්ධණ ඉදිරියේ ජනවාරි 23 දින යළි කැඳවනු ලැබුඅතර පසුව විනිසුරු ජනක් ද සිල්වා සහ විනිසුරු බන්දුල කරුණාරත්න වෙත මාරු කරන ලදී. ඒ අනුව වැඩිදුර විභාගකිරීම සඳහා 2020 පෙබරවාරි 12 දින නඩුව කැඳවනු ලැබූ අතර සියලු වගඋත්තරකරුවන් විසින් 2020 ‍පෙබරවාරි 19 දිනට වාචික ඉදිරිපත්කිරීම් අවසන් කරන ලදී. මාර්තු 18දින ලිඛිතකරැණු ඉදිරිපත් කෙරුණු අතර එවකට පැතිර ගිය කොවිඩ් 19 වයිරසය හේතුවෙන් 2020 අප්‍රෙල් 03 දිනට නඩු විභාගය කල්තැබීමටත් විනිශ්චය නියමිත දිනයකින් තොරව කල් තැබීමටත් අධිකරණයපියවර ගෙන තිබිණි.

නඩුවේ සියලු තත්වයන් සැළකිල්ලට ගනිමින් අධිකරණය විසින් ඵලමු වන වගඋත්තරකරු වනසංරක්ෂණ ජනරාල්,වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව මැන්ඩාමුල් ස්වභාවයේ රිට් නියෝගයක් නිකු් කරන ලද්දේ 1907 අංක 16 වන වනආඥා පනත උල්ලංඝණය කරමින් අවතැන් වූවන් නැවත පදිංචි කිරීම සඳහා භාවිතා කරන ලද සංචිත වනාන්තර ප්‍රදේශයේ ගස් සිවුටීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමට නියෝග කරමිනි.

එසේම දූෂීතයා විසින් ගෙවිය යුතුය (Polluter Pays Principle )යන පරිසර මූල ධර්මය අනුගමනය කරමින් අවතැන්වුවන් නැවත පදිංචි කිරිම සදහා භාවිතා කරන ලද සංචිත වනාන්තර ප්‍රදේශයේ ගස් සිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නැයි නියෝග කෙරිණි.

අධිකරණය විසින් නියම කරන ලද ගස් සිටුවිමේ වැඩ සටහනේ පිරිවැය ගණනය කර එය පිළිබද හත්වන වගඋත්තරකරු වන රිෂාඩ් බදුර්දීන්ට දෙමසක් ඇතුළත ‍දැනුම් දෙන  ලෙස පළමු වග උත්තරකරුට නියම වූ අතර එසේ දැනුම් දෙන මුදල මාසයක් ඇතුලතගෙවන ලෙස හත්වන වගඋත්තරකරුට නියම විය.

විල්පත්තුව වියලි කලාපීය වනාන්තරයකි. එහි වගා කරන පෙදෙසක් මාස 9 කට වැඩි කාලයක් රැකබලා ගත යුතුය. එය ඉතා අසීරැ කටයුත්තකි. එවැනි තත්ත්වයක් යටතේ එහි ඉඩම් අක්කරයක වනාන්තරය යළි වගා කරන්නට නම් අක්කරයකට ලක්ෂ දහයක්වත් වැය වනු ඇත. ඒ අනුව මෙම තීන්දුව ප්‍රකාරව චූදිතට අති විශාල මුදලක් ගෙවන්නට සිදුවනු ඇත.

මෙම නඩුවේ තීන්දුව දෙනු ලැබුයේ විනිසුරැ ජනක් ද සිල්වා සහ විනිසුරැ එන් බන්දුල කරැණාරත්න යන විනිසුරැ දෙපළ විසිනි.  පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ නිල්මල් වික්‍රමසිංහ මහත්මියගේ ‍උපදෙස් මත නීතිඥ රවින්ද්‍රනාත් දාබර‍ේ මහතා සහ නීතිඥ එස් ‍පොන්නම්පෙරුම මෙනෙවිය පෙනී සිටියහ.

පරිසර යුක්ති කේන්ද්‍රය මේ නඩු තීන්දුව එ‍ෙතිහාසික එකක් සේ සළකන්නේ මීට පෙර මෙවැනි තීන්දුවක් ලැබී නැති බැවිනි. අනාගතයේ මෙවැනි පරිසර හානි සිදුකරන්නන්ට එරෙහිව මේ නඩු තීන්දුව අනුව යමින් අධිකරණය ඉදිරියට යන්නට පරිසරයට ආදරය ඇත්තන්ට ඉඩකඩ ලැබෙනු ඇතැයි විශ්වාස කළ හැක.

පරිසර නඩු සම්බන්ධව අධිකරණයේ  මෙතෙක් කල් තිබු ආකල්පය වෙනස් වී ඇති බව මෙම නඩු තීන්දුවෙන් පෙනේ. රජය පරිසරය ආරක්ෂා කළ යුතුය, එහි වගකීම රාජ්‍ය ආයතන සතුය, අධිකරණය ද රාජ්‍ය ආයතනයකි යන්න මෙන්ම පරිසරය රැකගැනීමේ වගකීම අධීකරණය භාර ගත් බවක් මෙම තීන්දුවෙන් කියැවේ.

ඉහළ අධිකරණයකින් දුන් මේ තීන්දුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27(14) ව්‍යවස්ථාවට පණ දීමක් සේ මෙන්ම එම ව්‍යවස්ථාවේ නිම්වළළු පුළුල් කිරීමක් සේ දැකිය හැකිය.

(පරිසර  යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ සහ මෙම නඩුවේ පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ යන මහත්වරැන් සමග කළ සාකච්ඡාවකිනි..)



අදහස් (2)

පරිසර නඩු සම්බන්ධ ආකල්ප වෙනස් කළ තීන්දුවක්

NM Sunday, 22 November 2020 04:13 PM

ඉහළ අධිකරණයකින් දුන් මේ තීන්දුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 (14) ව්‍යවස්ථාවට පණදීමක් සේ මෙන්ම එම ව්‍යවස්ථාවේ නිම් වළළු පුළුල් කිරීමක් සේ දැකිය හැකිය. මෑත ඉතිහාසයේ සොබාදහම පරිසරය වෙනුවෙන් අධිකරණයකින් ලබාදී ඇති පැසසුමට ලක්කලයුතු සුවිශේෂී තීන්දුවකි. වනය පමණක් නොව ගංගා, ඇලදොළ මිටියාවන් හානිකරමින් දේශපාලන බලවතුන් විසින් කරගෙන යන්නා වූ වැලිහැරීම්, පස් කැපීම් සහ වනසතුන් දඩයම් කිරීම් සඳහාත් මෙවැනිම තීන්දුවක් අධිකරණයෙන් ලබාදීමට හැකිවේවා...!!! 

:       3       1

pathmasiri Monday, 23 November 2020 07:41 AM

මෙතන වැරැදිකරුවන්ට දඬුවම් දෙනවට වැඩිය සිදුවන්නේ වැරැදිකාරයින්ව නිදහස් කරමින්... ඒ හොරකම් කරපු මුදල්, දේපළ, නීතිය සහ දේශපාලකයන් විසින් කඩා වඩා ගැනීමයි. හොරුන්ගෙත් හොරු...

:       2       3

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 57 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1344 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 627 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 198 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4606 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12958 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38501 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25347 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 909 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site