ඇතැම් පොලිස් පොඞ්ඩන්ගේ විනය සම්බන්ධයෙන් අප පසුගිය කාලයේ කතා කළේ ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රධානියා වන පොලිස්පතිවරයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි තුනක් ලැබී ඇති පසුබිමකය. එපමණක් නොව විදුලි සෝපාන ක්‍රියාකරුවකුට පහර දුන්නේයැයි කියන සිද්ධියක් ගැන ද අදාළ ආයතනවලට පැමිණිලි ලැබී ඇති පසුබිමකය. මෙවර සත්‍ය ගවේෂණ විශේෂාංගයෙන් ඉදිරිපත් කරනුයේ පොලිස්පතිවරයාට එරෙහිව ඇති පැමිණිලි ගැනයි.
ඒ 2004 වර්ෂයයි. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට අලුත් විදුහල්පතිවරයෙක් පත්වී පැමිණියේය. ඔහු නමින් රොඩ්‍රික් ගිල්බට්ය. ඉන්දියාවේ උපත ලද රොඩ්‍රික් මහතා ඉන්දියාවේ බ්‍රික් පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබීය. එංගලන්තයෙන් උපාධිය ලබා ගත් ඔහු යළි ඉන්දියාවට පැමිණියේ ගුරු වෘත්තියේ නියැළීම සඳහාය. ගිල්බට් මහතා 1969 වසරේ සිට බටහිර ඉන්දියානු පාසල් කිහිපයක ගුරුවරයකු ලෙස කටයුතු කර තිබේ. 1987 සිට 1995 දක්වා දකුණු ඉන්දියාවේ නිල්ගිරි ප්‍රදේශයේ අන්තර්ජාතික පාසලක විදුහල්පති ලෙස ද කටයුතු කළේය.
සුනාමි ව්‍යසනයෙන් ලංකාවේ බොහෝ මුහුදු බඩ ප්‍රදේශ ආපදාවට පත්වූයේ රොඩ්‍රික් මහතා ත්‍රිත්වවිද්‍යාලයේ විදුහල්පති ධුරයට පත්වී වසරක් යද්දීය. ඒ අනුව විදුහල්පතිවරයාට ද සහන ලෙස යම් යම් දේ ලැබුණු අතර ඔහුගේ බිරිඳ රුතීගේ ප්‍රධානත්වයෙන් සහන සැලසීමේ කටයුතු සිදු විය. ඒ අම්පාරේ කරයිතිව් ප්‍රදේශයේය. එම ප්‍රදේශයේ පාසලක් ඉදි කිරීමේ කටයුතු ද ආරම්භ වී තිබිණි.
ඊට ආසන්න ප්‍රදේශවල නිවාස ඉදි කිරීමේ ව්‍යාපෘතියක් රාජ්‍ය නොවන සංවිධානයකින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණු අතර එම කොන්ත්‍රාත්තුව ලබා ගත්තේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේම ආදි සිසුවකු වන මහනුවර පදිංචි නිශාන්ත අල්විස් මහතාය. ඔහුගේ පියා නාවික හමුදාවේ සේවය කළ නිලධාරියෙකි. අල්විස් මහතා සිය වැඩ කටයුතු ආරම්භ කළ පසු වැඩිපුරම රුඳී සිටියේ අදාළ ප්‍රදේශවලය. ත්‍රිත්ව විද්‍යාල විදුහල්පතිගේ රියදුරු එල්ටීටීඊ සංවිධානය සමඟ හිතවත්කම් ඇති අයකු බවට අල්විස් මහතාට තොරතුරු ලැබෙන්නේ මේ අතරේය. සිය පියාගේ මිතුරකු වන යුද හමුදා නිලධාරියකුට අල්විස් මහතා ඒ ගැන දැනුම් දුන්නේය. එම නිලධාරියා අදාළ අංශවලට ඒ ගැන දැනුම් දුන්නේය.
අල්විස් මහතා නිරන්තරයෙන් මේ ගැන අවධානයෙන් සිටියේය. මේ අතර සිදුවීම් දාමයක් සිදු විය. ත්‍රිත්ව විදුහල්පතිවරයා එල්ටීටීඊ සංවිධානයට උදවු උපකාර කරන බවට චෝදනා එල්ල විය. 2006 වසරේ සිට 2008 වසර
දක්වා ත්‍රිත්ව විද්‍යාලයේ ගුරුවරියක, ගුරුවරයකු ඇතුලු කිහිප දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. ඉන් පසු ලැබුණු බුද්ධි වාර්තාවකින් පසු 2008 වසරේ මැයි මාසයේදී විදුහල්පති ගිල්බට්ගේ වීසා අත්හිටුවීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගත්තේය. ඒ අනුව විදුහල්පතිවරයා රටින් පිටුවහල් කැරිණි.
ගිල්බට් මහතා විදුහල්පතිවරයා ලෙස කටයුතු කරන කාලයේ පාසලේ රුපියල් මිලියන 202ක් අතුරුදන් වී ඇති බව ද ඉන් පසු හෙළි විය. පෙර සඳහන් කළ නිශාන්ත ද අල්විස් මහතා මුදල් අතුරුදන්වීම සම්බන්ධයෙන් රහස් පොලිසියට පැමිණිල්ලක් කළේය. ඒ එම මුදල් එල්ටීටීඊ සංවිධානයට ලබා දුන්නේදැයි සොයා බලන ලෙස ඉල්ලමිනි. කෙසේ වෙතත් 2011 වසරේ දී රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරීවරයකු දැනුම් දී තිබුණේ අපරාධයක් සිදුවී ඇති බව හෙළිදරව් නොවන බැවින් සාක්කි ඇත්නම් ඉදිරිපත් කරන ලෙසයි. ඉන් පසු අල්විස් මහතා මහනුවර මහේස්ත්‍රාත්
අධිකරණයේ නඩුවක් පැවරීය. ඒ අනුව ඉදිරිපත් වූ විගණන වාර්තාවක් ද ඇසුරු කර ගනිමින් විමර්ශන පවත්වන්නැයි අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
මෙම කතාවේ වැදගත්ම කොටස එන්නේ ඉන් පසුවය. පැමිණිලිකරුවන අල්විස් මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් කළේය. එහි වගඋත්තරකරු අන් කවරකුවත් නොව වර්තමාන පොලිස්පති පූජිත ජයසුන්දර මහතාය.
වීසා අවලංගු කර රටින් පිටුවහල් කරනු ලැබූ ගිල්බට් නම් හිටපු විදුහල්පතිවරයා ඔහුගේ පුත්‍රයාගේ විවාහ මංගලෝත්සවයකට ලංකාවට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට නොගෙන සිටීමට එවකට මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව සිටි පූජිත ජයසුන්දර මහතා ලක්ෂ 120ක අල්ලසක් ගත් බව එම පැමිණිල්ලෙන් කියා තිබේ. ත්‍රිත්ව විද්‍යාලයට සම්බන්ධ පිරිසක් පවත්වාගෙන ගියැයි කියන ගිනුමකින් 2008 අගෝස්තු 20 වැනි දා එනම් හරියටම වසර 10කට පෙර පී එස් බී ජයසුන්දර නම් පුද්ගලයකුට රුපියල් මිලියන 12ක් ලබා දී ඇති බවත්, ඒ. පී. එස්. බී ජයසුන්දර යනු වත්මන් පොලිස්පතිවරයා බවත් එහි සඳහන් වේ.
2008 අගෝස්තු මාසයේ සිදුවීයැයි කියන එම සිදුවීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලත් සමඟ විමර්ශන ආරම්භ කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි. ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරයකුට මෙවැනි චෝදනාවක් එල්ල වූ පළමු අවස්ථාව මෙය බව දැනගන්නට තිබේ. මෙය චෝදනාවක් පමණක් බව සැබෑය. තවම ඔප්පු වී නැත. එහෙත් මෙවැනි බරපතල චෝදනාවක් එල්ල වී තිබියදී පොලිසියේ ප්‍රධානම තනතුරේ කටයුතු කිරීමට ඉඩ දීමෙන් පහළ නිලධාරීන්ට අනාගතයේදී ප්‍රශ්න උද්ගතවනු ඇත.
පොලිස්පතිවරයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට ඉදිරිපත් වි ඇති ඊළඟ පැමිණිල්ල අල්ලස් පනතේ දූෂණය නම් වරද සිදුකිරීමක් ගැනයි. පැමිණිල්ල සිදු කර ඇත්තේ කිලිනොච්චිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතාය.
පොලිස් කොමිෂන් සභාවෙන් තමාට ලබා දුන් උසස් වීම ක්‍රියාත්මක නොකිරීම නිසා පොලිස්පතිවරයා අල්ලස් පනතේ දූෂණය‘ නම් වරද සිදු කර ඇතැයි ද, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නැයි ද ඉල්ලමින් සිරිවර්ධන මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ල කළේය. නීතීඥ අශෝක වීරසූරිය සහ නීතීඥ ඉෂාර ගුණවර්ධන මහත්වරුන් සමග අල්ලස් කොමිසමට ගිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා එහි ලේකම්වරයාට පැමිණිල්ල සහ ලේඛන භාර දුන්නේය.
තමා සමග ඇති පෞද්ගලික අමනාපයක් නිසා පොලිස්පතිවරයා තමාට පාඩුවක් කිරීමේ චේතනාවෙන් පොලිස් කොමිසමෙන් ලබා දුන් උසස් වීම ක්‍රියාත්මක නොකර සිටින බව පාලිත සිරිවර්ධන මහතාගේ පැමිණිල්ලේ සඳහන්වේ. කිලිනොච්චිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස කටයුතු කරන පාලිත සිරිවර්ධන මහතා වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස පත් කරන ලෙස පොලිස් කොමිෂන් සභාව අවස්ථා කිහිපයකදීම පොලිස්පතිවරයාට දැනුම් දී තිබිණි. එහෙත් පොලිස්පතිවරයා එය ක්‍රියාත්මක කරමින් අදාළ පොලිස් පණිවුඩය නිකුත් කළේ නැත.
තමා කොල්ලූපිටිය පොලිස් ස්ථානාධිපතිව සිටින කාලයේ පූජිත් ජයසුන්දර මහතා කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ බවත්, එම වකවානුවේ ඔහු කළ අසාධාරණ ක්‍රියාවක් ගැන තමා සහ
නියෝජ්‍ය පොලිස්පතිවරයා අතර බහින්බස් වීමක් ඇති වූ බවත්, ඉන්පසුව තමා කිලිනොච්චි කොට්ඨාස භාර නිලධාරී තනතුරෙන් ඉවත් කිරීමට ද පොලිස්පතිවරයා උත්සාහ කළ බවත් පාලිත සිරිවර්ධන මහතා සිය පැමිණිල්ලේ සඳහන් කර තිබිණි.
ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් තමාට ලබා දුන් වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති ධුරය පොලිස්පතිවරයා ක්‍රියාත්මක නොකිරීමෙන් අල්ලස් පනතේ 70 වැනි වගන්තියේ සඳහන් පරිදි රාජ්‍ය නිලධාරියකු වශයෙන් නීත්‍යනුකූලව කළ යුතු ක්‍රියාවක් සිදු නොකරමින් දූෂණයි නම් වරද සිදු කරනු ලැබ ඇතැයි ද සඳහන් කර ඇත. ඒ
සම්බන්ධයෙන් විමර්ශන පවත්වා පොලිස්පතිවරයාට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතා අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටියේය.මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් ද මේ වන විට විමර්ශන ආරම්භ වී තිබේ.
පොලිස්පතිවරයාට එරෙහිව අල්ලස් කොමිසමට අනිත් පැමිණිල්ල කර ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පදිංචිකරුවෙකි. ඔහු එම පැමිණිල්ල මුලින්ම පොලිස් කොමිෂන් සභාවට යොමු කර තිබුණු අතර කොමිසම ලිඛිතව දැනුම් දී තිබුණේ පොලිස්පතිවරයාට එරෙහි එහ පැමිණිල්ල අල්ලස් කොමිසමට යොමු කරන ලෙසයි.
පොලිස්පතිවරයාට එරෙහිව ඊළඟ පැමිණිල්ල පොලිස් කොමිසමට සහ මානව හිමිකම් සංවිධානවලට මෙන්ම ඉහළ නිලධාරීන්ට ද යොමු කරනු ලැබුවේ පොලිස් මූලස්ථානයේ හිටපු විදුලි සෝපාන ක්‍රියාකරුවකු විසිනි.
2017 අප්‍රේල් මස 17 වැනිදා “සියලූම පොලිස් ස්ථාන / පොලිස් කාර්යාලවල දෛනික රාජකාරි කටයුතු ආරම්භ කිරීම” මැයෙන් සියලූ පොලිස් ස්ථාන වෙත චක්‍රලේඛයක් යැවීය. එහි අංක තුන යටතේ සඳහන් කර ඇත්තේ සියලූම නිලධාරීන් තමන්ගේ ආගමික ලබ්ධියන් අනුව දෛනික වැඩකටයුතු ආරම්භ කිරීමට පෙර විනාඩි 15ක කාලයක් මානසික ඒකාග්‍රතාවයක් මූලික කොටගත් මානසික ව්‍යායාමයක නිරත වීම ගැනයි.
එම චක්‍රලේඛයේ තුන් වැනි වගන්තියේ දක්වා ඇත්තේ මිනිත්තු පහළොවක කාලයක් භාවනාවක යෙදිය යුතු බවයි. එහි රෝම ඉලක්කම් දෙක යටතේ පොලිස්පතිවරයා යෝජනා කර ඇති ක්‍රමවේදය මෙසේය. පළමු විනාඩි තුනේ දී අරමුණ පැහැදිලි කර ගැනීම ද, ඊළඟ විනාඩි පහේදී මෛත්‍රී භාවනාව ද, ඊළඟ විනාඩි පහේදී ආනා පාන සති භාවනාව ද අවසන් මිනිත්තු දෙකේදී පසු විපරම මෙනෙහි කිරීම ද යෝජනා කර තිබේ. එම චක්‍රලේඛයේ රෝම ඉලක්කම් තුන යටතේ දක්වා ඇත්තේ මෙම වැඩසටහන සිදු කරනු ලබන අවස්ථාවන්වලදී සෑම තරාතිරමකම නිලධාරීන් එයට සහභාගී විය යුතු බවයි. තමන් විශ්වාස කරනු ලබන ලබ්ධියන්ට අනුව සුදුසු භාවනා ක්‍රම අනුගමනය කිරීම සුදුසු බව ද චක්‍රලේඛයේ සඳහන්ය. පසුගිය අප්‍රේල් මාසයේ දී චක්‍රලේඛ ප්‍රකාරව භාවනා කරනවාදැයි සොයා බැලීමට පොලිස්පතිවරයා පොලිස් මූලස්ථානයේ සංචාරය කර ඇති අතර පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරු භාවනා නොකළැයි ඔහුට තර්ජනය කළ බවත්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස්
පරීක්ෂකවරයාට බැණ වැදුණු බවත් ඒ කාලයේ වාර්තා විය. බැණ වැදීමෙන් පසු ඒ මහතාට ක්ලාන්ත ගතිය සෑදී ඇතැයි ද කියැවිණි.
ඉන් අනතුරුව සමාජ මාධ්‍ය තුළ පසුගිය 13 වැනි දා පොලිස් මූලස්ථානයේ අප්‍රේල් මාසයේ සිදුවීමට අදාළව වීඩියෝවක් ප්‍රචාරය විය. එහි දැක්වෙන්නේ විදුලි සෝපානයක සිටින පුද්ගලයකුගේ කොළරයෙන් අල්ලමින් පොලිස්පතිවරයා ඔහු පිටුපසට තල්ලූ කරන ආකාරය සහ යළි කොළරයෙන් ඉදිරියට අදින ආකාරයයි. ඉන් පසු ඇඟිල්ල දිගු කර යමක් කියා යළි ඔහුට පහර දීමට සේ අත ඔසවන ආකාරයද වීඩියෝවේ දැක්වේ. අනතුරුව රහස් පොලිසියට පිවිසෙන ස්ථානයේ කවුන්ටරයේ සිටින පිරිසට ඇඟිල්ල දිගු කර යමක් ප්‍රකාශ කරන අයුරු දැක්වේ. මේ සම්බන්ධයෙන් ද අද වන තෙක් නීතිය ක්‍රියාත්මක වූයේ නැත.
පොලිස්පතිවරයා නීතිය නැවීම ගැන ප්‍රසිද්ධියේ කතා කළේය. ඒ අකාරයට නීතිය නමමින් පොලිස් අධිකාරීවරයකු වන ප්‍රියදර්ශන හේරත් මහතාගේ වැඩ තහනම් කිරීමේ සිද්ධියද පසුගිය කාලයේ දැඩි ආන්දෝලනයකට ලක් විය. පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය ජාතික පොලිස් කොමිෂන් සභාවද දැඩි ලෙස පශ්න කර තිබිණි. එම පොලිස් අධිකාරීගේ වැඩ තහනම් කිරීම වැරදි බව තීරණය කළ ජාතික පොලිස් කොමිෂන් සභාව ඔහු යළි සේවයේ පිහිටෙව්වද ඔහුගේ හිඟ වැටුප් ගෙවීමට තවම පොලිසිය කටයුතු කර නැත.
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොලිස්පතිටත් චෝදනා පත්‍රයක්