IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පොලිස් කීර්තිය වනසන පොලිසියේ අපතයෝ

පොලිසියට යළිත් නරක කලාවක් උදාවී ඇති සෙයකි. ​පොලිස් කොස්තාපල්වරියකට අතවර කළ බව කියන පොලිස් ස්ථානාධිපතිවරයකු සම්බන්ධ පුවතක් වාර්තා වූයේ  මාතර දිස්ත්‍රික්කයෙනි. එම පුවතෙහි උණුසුම  මැකීයාමටත් පෙර එබඳුම කාමතුර පොලිස් ස්ථානාධිපතිවරයකු පිළිබඳ තොරතුරු වාර්තා වූයේ රත්නපුර දිස්ත්‍රික්කයෙනි. කාමාතුර පොලිස් ලොක්කාට එවර ද බිලිවී තිබුණේ ආධුනික පොලිස් කොස්තාපල්වරියකි. මේ කාමාතුරයා එම ආධුනික පොලිස් කොස්තාපල්වරියට ගංජා තැම්බූ වතුර බලහත්කාරයෙන් පෙවා ඇති බව ද මාධ්‍ය වාර්තාවල සඳහන්ය.

පොලිස් ලොක්කන් එසේ නොමඟ යනවිට ‘‘අප කළාම මොකදැයි’’ සිතු පොලිස් පොඩ්ඩන් සිවු දෙනකු සම්බන්ධ පුවතක් අප පුවත්පත වාර්තා කරනු ලැබුවේ එහි ප්‍රධාන පුවත ලෙසය. මේ පොලිස් පොඩ්ඩන් සිවු දෙනා කර තිබුණේ මංකොල්ලකෑමකි. පන්නිපිටිය විද්‍යාල හන්දියේ දී තරුණයකුගේ ගෙල බැඳි රන් මාලය සහ ඇපල් වර්ගයේ ජංගම දුරකතනයක් කොල්ලකා ඇති පොලිස් පොඩ්ඩන් සිවුදෙනා මාලබේ පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිට ඇති බව අප ප්‍රවෘත්තියෙන් සඳහන්ය. මංකොල්ලය සඳහා සිවුදෙනා පිටත්ව ගොස් ඇත්තේ අත්අඩංගුවට ගත් එක් පොලිස් නිලධාරියකුට අයත් ත්‍රීරෝද රථයෙන් බව ද අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.

 නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බී.ජී.එස්. ජයමහ මහතාටත් කොට්ටාව පොලිස් ස්ථානාධිපති පොලිස්  පරීක්ෂක ඩබ්ලිව්.ඒ.කේ.  සුභාෂණ මහතාටත් මෙම මංකොල්ලය සම්බන්ධව විමර්ශනය කර හොරුන් හතර දෙනා අත්අඩංගුවට ගත් සෙසු නිලධාරීන්ටත් විශේෂ  ප්‍රණාමයක් පිරිනැමිය යුතුය. හොරා පොලිසියට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වනවිට සිද්ධිය ගොඩින් බේරාගෙන පොලිසිය නම රැක ගැනීමට  කටයුතු නොකිරීම එම විශේෂ ප්‍රණාමයට හේතුවය. දරුවන් අපයෝජනය කරමින් එම අවස්ථා රූගත කර අන්තර්ජාලය ඔස්සේ විකුණා කෝටි ගණන් මුදල් ඉපැයු බව කියන ගාල්ල පළාතේ කාමාතුර හොර කපුවා බේරා ගැනීම සඳහා එම පළාතේ ඇතැම් පොලිස් ලොක්කන් විශාල මෙහෙයුමක් කළ බවට පුවත් අනාවරණය විය. අවසානයේ දී එම පොලිස් මෙහෙයුම ගැන  විශේෂ විමර්ශනයක් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවට සිදුවී තිබෙන බව ද වාර්තා විය.

මේ කාලයේ තමාට ලැබෙන වැටුපෙන් ජීවත්වීම ඉතා අසීරු බව සත්‍යයකි. එහෙත් එබඳු අවස්ථාවක දී ආදායමේ  ප්‍රමාණයට වියදම් සීමා කර ගැනීම සාමාන්‍ය තත්ත්වයකි. තමාට ලැබෙන වැටුපෙන් ජීවත්වීමට නොහැකි නම් එයින් කියැවෙන්නේ වියදම් අසීමිත බවය.

වියදම් අසීමිත වීමට බලපාන කාරණා අතර මත්කුඩු පානය රාත්‍රි සමාජ ශාලාවලට යෑම හා හොර අඹුවන්ට පිදිම ප්‍රධාන වේ. පොලිස් පොඩ්ඩන්ට සිවු දෙනාගේ මංකොල්ලය පිළිබඳ විමර්ශනයට අමතරව මොවුන්ගේ වියදම් අධික වූයේ ඇයි දැයි විශේෂ විමර්ශනයක් කළ යුතුය. මන්ද යත් මෙම මංකොල්ලකරුවන් සිවු දෙනා පොලිස් නිලධාරීන් වීම නිසාය.

පොලිස් දෙපාර්තමේන්තුව තුළ ලක්ෂයකට වැඩි පිරිසක් රාජකාරි කරති. ඔවුන්ගෙන් සාතිශය බහුතරයක් නිල ඇඳුමේ ගරුත්වය රැක ගනිමින් ආඩම්බර කාර හා අභිමානවත්  සේවාවක නිරතවන බව පැහැදිලිය. ඒ අතරම මුළු මහත් පොලිස් දෙපාර්තමේන්තුවම ගඳ ගස්සන පොලිස් දෙපාර්තමේන්තුවට නොමැකෙන අපකීර්තියක් රැගෙන එන ‘අපතයෝද’ සිටිති. පාරේ ගමන් කළ තරුණයකුගේ ගෙල බැඳි රන් මාලය හා ඇපල් වර්ගයේ ජංගම දුරකතනය මංකොල්ල කෑ පොලිස් පොඩ්ඩන් සිවුදෙනා ද එබඳු  අපතයෝ වෙති.

රටේ ජනයාගෙන් බහුතරයක් දෙනා නීතියේ සලකුණ ලෙස සලකනු ලබන්නේ පොලිසිය වේ. පොලිසියේ වගකීම වන්නේ ද නීතිය හා සාමය ආරක්ෂා කිරීමය. එමෙන්ම නීතිය බලගැන්වීමය. පොලිස් දෙපාර්තමේන්තුව අභිමානවත් පෞරුෂයකින් සමාජය ඉදිරිපිට නැගි සිටිය යුතු වන්නේ එහෙයිනි. එසේ නොවුණ හොත් නීතිය සම්බන්ධ ජනයාගේ විශ්වාසය බිඳ වැටේ. එය තරම් රටකට විය හැකි ඛේදවාචකයක් තවත් නොමැත. එසේ හෙයින් පොලිසියේ නම කිලිටි කරන අපතයන්ට උපරිම දඬුවම් දිය යුතුය. එමෙන්ම ඒවා ප්‍රකාශවලට පමණක් සීමා නොවිය යුතුය.

(***)



අදහස් (3)

පොලිස් කීර්තිය වනසන පොලිසියේ අපතයෝ

ganegoda Sunday, 28 August 2022 04:55 AM

රට පාලනය කරන අය ජනතාව සූරාකමින් පාලනය කරනකොට පොලිසියට එහෙම වෙනවා.

:       1       6

Perera Sunday, 28 August 2022 11:49 PM

දේශබන්දු ඉන්නේ උඩින්ම..!

:       1       4

sirisena Monday, 29 August 2022 11:33 AM

පාලකයින් හිටගෙන කරනකොට සේවකයෝ දුව දුවනේ කරන්නේ! පුදුමයට හේතුවක් නෙවෙයි..!

:       0       5

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අනුරගේ ගමන්මග
2024 සැප්තැම්බර් මස 23 40 0

දිසානායක මුදියන්සේලාගේ රංබණ්ඩා සහ ඔහුගේ බිරිඳවන සීලවතීගේ දෙවැනි දරුවා ලෙස 1968 වසරේ නොවැම්බර් මස 24 වැනිදා ගලේවෙල මකුල්ගස්වෙල මාතෘ නිවාසයේදී ඔහු උපත ලැබ


ජනපතිවරණ ජනමත කැඩපත
2024 සැප්තැම්බර් මස 23 61 0

2024 ජනාධිපතිවරණය ඉතාමත්ම උණුසුම් මෙන්ම තරගකාරීත්වය අතින් ඉහළම ජනාධිපතිවරණයක් වශයෙන් හඳුනාගත හැකිය. මෙකී ජනාධිපතිවරණයට පසුබිම සැකසෙන්නේ රට ආර්ථික වශ


ජනපතිවරණ ඉතිහාසයේ එදා - අද වෙනස
2024 සැප්තැම්බර් මස 21 676 0

මීට පෙර ලිපියක අප සඳහන් කළ ආකාරයට අද පැවැත්වෙන ශ්‍රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරණය මෙතෙක් පැවැත්වුණු ජනාධිපතිවරණ අටටම වඩා කරුණු ගණනාවකින් වෙනස්ය.


විශ්ව ශක්තිය ගැබ්වූ නාලන්දා ගෙඩිගේ
2024 සැප්තැම්බර් මස 20 1174 0

මාතලේ, නාලන්ද ගෙඩිගේ යනු මෙරට මධ්‍ය කේන්ද්‍රය ලෙස සලකනු ලබන ස්ථානයේ පිහිටි පෞරාණික මෙන්ම සුන්දර පරිසර පද්ධතියකින් හෙබි හරි අපූර්වතම ස්ථානකි. නාලන්ද


සඟසතු කළ මුල්ම වලව්වේ කතාව
2024 සැප්තැම්බර් මස 20 1104 0

අඹගහපිටිය වලව්ව හෙවත් සහබන්ධු වලව්ව බලපිටිය මුදලි පෙළපතේ පැරැණිම වලව්වකි. විහාරස්ථානයට පූජා කළ ලංකාවේ මුල්ම වලව්ව ලෙස මෙය සැලකේ. උපසම්පදාව ජනසතු කරම


රටට හානිකර විධායක ජනපති ක්‍රමය
2024 සැප්තැම්බර් මස 20 219 0

නීතියේ ආධිපත්‍යය යනු සියලු‍‍ම පුද්ගලයන්, ආයතන සහ සංවිධාන නීතියට යටත් බවත් එහි නිර්දේශවලට වගකිව යුතු බවත් සහතික කරන මූලික මූලධර්මයකි. එසේම රටක් පාලනය ව


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21129 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 20402 5



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 110 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 319 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 168 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site