දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නියෝජනය කළ ඇතැම් සන්නද්ධ නායකයන්ගේ තොරතුරු එතෙක්-මෙතෙක් රහසක්ව පවතී. සමහරුන් ජීවත්ව සිටින අතර සමහරු ජීවත්ව නැත. ඇතැම් සන්නද්ධ නායකයන්ට සිදුවූයේ කුමක්ද යන්න ඒ අයගේ ගෙදරදොර අය තබා ජ.වි.පෙ. වත් හරිහැටි දන්නේ නැත. අභිරහසක් ලෙසම මහ පොළොව යට මිහිදන් වූ සන්නද්ධ නායකයකුගේ ඉරණම අද ඉලුක්කුඹුර හෙවත් හේමන්ත සහෝදරයා අවදි කරයි.
හේමන්ත කොළඹ ඩී-2 කලාපය බාරව සිටි කාලයයි. එදා සමන් පියසිරි ප්‍රනාන්දු හෙවත් කබ්රාල් මහත්තයා සන්නද්ධ නායක කමිටුවක් මොරටුව විශ්වවිද්‍යාලයේ දී පැවැත්විය. කමිටු සාකච්ඡාවෙන් පසු ඔහු සැලසුම්සහගත අලුත් වැඩපිළිවෙළ ගැන කිසියම් ඉඟියක් පළ කළේය.
“ආයුධ ලබාගැනීම සඳහා ප්‍රහාරයක් සැලසුම් කරනවා. සහෝදරයන් ඊට සූදානම් වෙන්න.” ජ.වි.පෙ. හි සන්නද්ධ නායක සමන් පියසිරි මතක් කළේය.
ඉන් දින ගණනාවකට පසු සැලසුම කුමක්ද යන්න සාමාජිකයෝ දැනගත්හ.
දවසක් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ විශේෂ කණ්ඩායමක් කොළඹට කැඳවීමක් කළා. මට මතක හැටියට 15 දෙනකුගේ පමණ කණ්ඩායමක්. පිටස්තර ප්‍රදේශවලින් කොළඹට පැමිණි අයට නවාතැන් ලබාදීම මට භාරව තිබුණා. ඒ අයට නවාතැන් දුන්නේ අත්තිඩියේ නිවසක. ප්‍රහාරය හරියටම කුමක්ද යන්න අපි දැනගත්තෙ එදා රාත්‍රියේ. මොකද මේ ප්‍රහාරය සම්පූර්ණයෙන් සැලසුම් කළේ සමන් පියසිරි ප්‍රනාන්දු සහෝදරයා...” ඉලුක්කුඹුර කියයි.
“ප්‍රහාරය කුමක්ද?” අපේ කුතුහලය අවදි වී තිබෙයි.
“කොළඹ පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයට පහර දීම...”
මේ ප්‍රහාරය සඳහා සමන් පියසිරි සහභාගි නොවූයේය. ප්‍රහාරය භාරව ගියේ කොළඹ දිස්ත්‍රික්කයේ “ඔපරේෂන් ලීඩර්” හෙවත් සන්නද්ධ නායකයා වූ පති සහෝදරයාය. ඊට අමතරව කලාප සන්නද්ධ නායකයෝ ද එහි සිටියහ. කොළඹ ඩී-2 කලාපය බාරව සිටි සන්නද්ධ නායක මාල් සහෝදරයා ද ඩී-1 කලාප නායක කැමී සහෝදරයා ද මෙහි සිටියහ.
“සන්නද්ධ නායකයෝ ප්‍රහාරය සඳහා ජීවත් වුණේ මධ්‍යම රාත්‍රියෙන් පසුව. එදා පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය කිසිසේත් අපේක්‍ෂා නොකළ ප්‍රහාරයක්... යම් ප්‍රහාරයක් බලාපොරොත්තුවෙන් සිටියොත් එය බොහෝ අපහසු වෙනවා. ඒ වගේම දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය යම් තැනෙකට ප්‍රහාරයක් එල්ල කළා නම් අදාළ ස්ථානයේ ඇතුළේ අයගේ පැහැදිලි සම්බන්ධීකරණයක් තිබුණා. පොලිස් ක්ෂේත්‍ර මූලස්ථාන ප්‍රහාරයේදීත් එහි ඇතුළේ නිලධාරීන් කීපදෙනෙක් තොරතුරු ලබාදුන්නා. ඒ කවුද යන්න දැනසිටියේ කබ්රාල් මහත්තයා පමණයි.
කොහොම නමුත් එදා මේ ප්‍රහාරයේ දී දරුණු වෙඩි හුවමාරුවක් සිදුවුණා. දේශප්‍රේමී ව්‍යාපාරයේ අතිදක්ෂ නායකයන් රැසකට තුවාල වුණා. සටන පොලිසියටත් පහසු වුණේ නෑ..”
පොලිසිය හා සන්නද්ධ නායකයන් දරුණු ලෙස වෙඩි හුවමාරු කරගනිද්දී තවත් පිරිසක් වේගයෙන් ආයුධ පැහැරගනිමින් සිටියහ. ප්‍රහාරයේ පරම අරමුණ වූයේ “ආණ්ඩුවට ඇසක් බඳු” තැනකට පහරදීම සහ ආයුධ පැහැරගෙන දේශප්‍රේමී ව්‍යාපාරයේ සන්නද්ධ බලය පෙන්වීමය.
පොලිසිය සමග ඇතිවූ ගැටුමේ දී කොළඹ දිස්ත්‍රික් සන්නද්ධ නායක පති සහෝදරයා හෙවත් ප්‍රධාන ප්‍රහාරකයා තුවාල ලැබීය.
පති සහෝදරයාගේ අත් දෙකේ ඇඟිලි පතුරු යන්න වෙඩි වැදුණා. ඇඟිලි ලේ පෙරි පෙරි, කෑලි කෑලි එල්ලෙමින් තිබුණා. ඔහු මොනතරම් එඩිතර සන්නද්ධ නායකයෙක් ද කියනවා නම් පති සහෝදරයා අත්දෙක උඩට උස්සලා පෙන්නලා හිනා වුණා..”
ඉළුක්කුඹුර පවසයි. මේ ප්‍රහාරයේ දී තුවාල වූ පති සහෝදරයාව ජ.වි.පෙ.ට සම්බන්ධ බොරලැස්ගමුවේ වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත යොමුකෙරිණි. ඔහු එම ස්ථානයෙන් දිගටම ප්‍රතිකාර ලබා සුවය ලැබීය.
“පක්ෂයේ සාමාජිකයෝ ආබාධයකට ලක්වුණොත් ප්‍රතිකාර කරපු එක ප්‍රධාන වෛද්‍ය මධ්‍යස්ථානයක් තමයි ඔය බොරලැස්ගමුවේ තැන. එතැන වුණත් අපි හැමෝම දැනහිටියෙ නෑ.. පති සහෝදරයා සම්පූර්ණ සුවය ලැබුවට පසු ආයෙත් කොළඹ දිස්ත්‍රික් සන්නද්ධ නායකයා විදිහට බොහෝ සාර්ථක ප්‍රහාර සැලසුම් කළා.
පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථාන ප්‍රහාරයේ දී ජ.වි.පෙ.ට සුවිශේෂ සගයකු අහිමි විය. ඔහු කොළඹ ඩී-1 කලාපයේ සන්නද්ධ නායක කැමීය. කැමී සහෝදරයා යනු එම කලාපය ඇතුළු විවිධ සන්නද්ධ අරගලවල පෙරමුණේ සිටි කැපීපෙනෙන නායකත්වය දුන්නෙකි.
කැමී සහෝදරයා එක්තරා අවස්ථාවක රටේම අවධානයට ලක්වූ ප්‍රහාරයක් එල්ල කළා. ඒ ප්‍රහාරය එල්ල කළේ කැමී බව අද ජ.වි.පෙ. අයවත් දන්නෙ නෑ. එදා රජයේ රහස් පොලිසිය භාරව සිටි ටෙරන්ස් පෙරේරාට වෙඩි තැබුවේ ඔහුයි. ඔහුගේ කාර් එක ගාලු පාරට යොමු කරද්දි ප්‍රහාරය එල්ලවෙලා ටෙරන්ස් ඝාතනය වුණා. විශේෂයෙන් ඒ කාලෙ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට එය ඉතාම වැදගත් ප්‍රහාරයක් වුණා. මේ ප්‍රහාරයෙන් පසු කැමී ගැන විශාල විශ්වාසයක් සියලුදෙනා තුළ තහවුරු වුණා.” ඉළුක්කුඹුර කියයි.
“පොලිස් ක්ෂේත්‍ර බළකා ප්‍රහාරයේ දී පොලිසිය අතින් කැමී ඝාතනය වුණා. ඔහු මියගිය බව පොලිසිය දැනගත්තේ නෑ. ජ.වි.පෙ. දන්නෙත් නෑ. ඇතැම් විට ඔහුගේ පවුලේ අයවත් කැමීට වුණේ මොකක්ද කියලා අදටත් දන්නෙ නැතුව ඇති. මේවා රහස්, කවුද මේවා දන්නෙ.. කැමීගෙ මරණය ගැන දන්නෙ දෙතුන් දෙනයි. ඒ අතර එක් අයෙක් මම.. මොකද කැමීගෙ අවසන් කටයුතු සිදුකළ තැනට ගියේ තුන්දෙනයි. එතන මමත් හිටියා..”
කාලයට වැසීගිය අබිරහසක තොරතුරු ඉළුක්කුඹුර මතුකරයි.
“කැමීට වෙඩි වැදුණෙ රාත්‍රී 2.00ට විතර. ප්‍රහාරය අවසන් කරලා යද්දි කැමීගෙ සිරුර අපි අරන් ගියා. ඔහු මිය ගියා කියලා පොලිස් ක්ෂේත්‍ර බළකා භූමියෙ දාලා ගියේ නෑ. ඊට පස්සෙ ගෞරවාන්විත අවසන් කටයුත්තක් කරන්න විශාල අවකාශයක් අපට තිබුණේ නෑ. අපි තුන්දෙනෙක් ගිහින් බෙල්ලන්විල පන්සලත් එක්ක තියන හරතමං හන්දියෙන් රත්මලාන කෑම්ප් එකට තියන පාරේ මීටර් 200ක් ගියා. එතැන පක්ෂයට සම්බන්ධ ගෙදරක් තිබුණා. එහිදී ආචාර පුදකළා.
වේලාව අලුයම 3.30-4.00 පමණට ඇත. සගයෝ කෑමී සහෝදරයාට සමුදෙන්නට තීරණය කළහ. ඩී-1 කලාපයේ සිටි සන්නද්ධ නායකයා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් සමු ගන්නා මොහොතයි. වේදනාත්මක හැඟීමක් සගයන්ට දැනෙයි. එහෙත් සිදුවිය යුතු සියල්ල වේගයෙන් කළයුතු මොහොතකි. එළිය වැටීමෙන් පසු මළ සිරුරු එහා මෙහා කළ නොහැකිය. රාත්‍රිය පුරා ඝාතනය වන සියලුදෙනා රැගෙන ගියේ, වැළලුවේ, පිච්චුවේ, ගඟේ පා කළේ, දියේ ගිල්වූයේ ඝන අන්ධකාරය අතරේය.
එය හමුදාවට, පොලිසියට පමණක් නොව දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට ද පොදු වූ ලක්ෂණයක් විය.
අපි කැමීගෙ සිරුර අරන් මේ නිවස අසල පාරේ ස්ථානයකට ගියා. ඒ කාලෙ එතැනට කොහේ හෝ අලුත හාරපු පස් ගෙනත් දානවා. අපි මේ පස්ගොඩ අලුයම් ජාමෙ අතින්ම හෑරුවා. සිරුර දාන්න පුළුවන් විදිහට හාරලා ඉවර වෙන වෙලාව තමයි, කැමී මිහිදන් වෙන මොහොත. අපි ඉක්මන් කළා. කැමීගෙ සිරුර පොළොවට යටකරලා සන්නද්ධ නායකයො ආචාරකොට එතැනින් පිටවුණා. සමහර අය හිතනවා නම් ඒ අය සියල්ල දත් කියලා ඒක එහෙම වෙන්නෙ නෑ. අපි වගේ ගොඩක් යට සිදුවීම් දන්න අය උඩට මතුවුණේ නෑ.
පොලිසියට ගහපු ප්‍රහාරයෙන් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට විශාල ආයුධ ප්‍රමාණයක් ලැබුණා. ඒ කාලෙ හැටියට ඉතාම සාර්ථක ප්‍රහාරයක්. මොකද ඒ තරම් ආයුධ ප්‍රමාණයක් එතැනදී පැහැරගත්තා. ඒ ආයුධ සඟවපු තැන් මම සියල්ල දැනහිටියේ නෑ. මම ඩී-2 කලාපයේ හේමන්ත නමින් පෙනීසිටිද්දී දිස්ත්‍රික් සන්නද්ධ අංශයේ සගයෙක් හිටියා, හේමන්ත කියන සැබෑ නමින්. ඔහු අත්අඩංගුවට පත්වුණාම ආයුධ සඟවපු තැන් කීපයක් පෙන්වලා තිබුණා. එකක් කිරුළපනේ ස්ථානයක්...” ඉළුක්කුඹුර කියයි.
එදා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය සතුව තිබුණු “රණහඬ” ගුවන් විදුලිය ගැන ද මෙහිලා යමක් ලිවිය යුතු වේ.
ඉළුක්කුඹුර ඩී-4 කලාපය බාරව සිටිද්දී එහි ස්ථාන කීපයකින් ද රණහඬ ගුවන්විදුලිය විසුරුවා හැරිණි.
“මම ඩී-4 කලාපයේ (අවිස්සාවේල්ල සිට හෝමාගම, මහරගම දක්වා ප්‍රදේශය) බාරව සිටිය දී ස්ථාන තුනක රණහඬ ගුවන්විදුලිය විසුරුවා හැරියා. මේක පක්ෂයේ ප්‍රචාරක අංශය බාරව සිටි වැඩක්. එය බාරව සිටියේ ගුණසේකර කියලා සහෝදරයෙක්.
ඩී-4 කලාපයේ පොළෝ මට්ටමින් ඉහළම ස්ථාන අපි මේකට තෝරාගත්තා. එකක් කඳු මුදුනක පිහිටි අතුරුගිරියේ නිවෙසක්. අනිත් ස්ථාන දෙක එකක් කොස්ගම සාලාව හමුදා කඳවුර ළඟ නිවසක්. අනික අවිස්සාවේල්ල කන්දක තිබුණු නිවසක්. එහි පොල්ගස් උඩ අපි සම්ප්‍රේෂණ යන්ත්‍ර සවිකළා. රණහඬ විකාශය වුණේ එක සම්ප්‍රේෂණ ස්ථානයකින් ගුවන් සැතපුම් දෙකක වගේ ප්‍රදේශයක.
අසවල් දින “රණහඬ” විසුරුවාහරින බවට ප්‍රචාරක අංශය විසින් පෝස්ටර් අලවනවා. ඊට පසුව පක්ෂය විසින් සැකසූ කැසට් පටයක් වාදනය කරමින් එය විකාශය කළා. විශේෂයෙන් මේ “සම්ප්‍රේෂණ මැෂිම” දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට සකස් කරදුන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක්.” පක්ෂය විසින් කළයුතු දැනුම්වත් කිරීම් කරනු ලැබීමට එදා රණහඬ ගුවන්විදුලිය ජ.වි.පෙ.ට බොහෝ උපකාර වුණා. පක්ෂයට සම්බන්ධ ඇති නැති සියලු අය රණහඬ ගුවන්විදුලිය ඇහුවා. ඉලුක්කුඹුර කියයි.
ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග
අලුත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ
ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක
ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්රජාතන්ත්රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක
ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී
ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පොලිස් බළකා මූලස්ථානයට පහරදුන් පහළොස් දෙනාගේ කණ්ඩායම