පොල් යනු ඉතිහාසයේ සිට ලාංකිකයන්ගේ දෛනික කටයුතු හා බැදුණකි. එනම් සුබ කටයුත්කදී පොල් කිරි යොදා සකසන කිරිබත නැතිවම බැරිය, දෙවියන් පිදීමේදී වුවත් පොල් ගෙඩියක් වරදින්නේ නැත. එබැවින් පොල් ගස හැඳින්වූයේ මිනිසාගේ කප්රුක ලෙසයි. මේ දිනවල රට පුරා පොල් හිඟයක් නිර්මාණය වී තිබේ.
පොල් මිලද අහස උසටය. වෙළඳපොළේ පොල් ගෙඩියක මිල ඇසූ විට එලොව පොල් පෙනෙන තත්වයට පත් වී තිබේ. රුපියල් හැටට හැත්තෑවට තිබූ පොල් ගෙඩියක් රුපියල් 200-250 අතර මුදලක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරට ප්‍රධාන පෙළේ දේවාල සහ කෝවිල්වල පොල් ගැසීම සහ පූජාවට්ටිවල පොල් පූජා කිරීම නොකරන බවද වාර්තා වෙයි. දෙව්ලොවටත් පොල් හිඟය දැනී ඇතිසේය. මෙම හිඟය හේතුවෙන් පොල් අපනයනය කිරීමට නොව ආනයනය කිරීමට සිදු වී තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන බෝග මොනවාදැයි යන්න ඕනෑම අයකුගෙන් ප්‍රශ්නයක් නැගුවහොත් කාගේත් පළමු පිළිතුර වන්නේ තේ, පොල්, රබර් යන පිළිතුරයි. අතීතයේ පටන් මෙම අපනයන ක්‍රියාවලිය සක්‍රීය ලෙස මෙරට ක්‍රියාත්මක විය. නිදහස ලබන අවදියේ මුළු අපනයන ආදායමින් සියයට 89 ක්ම ලැබුණේ තේ, පොල් සහ රබර් නිෂ්පාදනවලිනි. ඊට අවුරුදු 20 කට පමණ පසු වුවද අපනයන ආදායමින් සියයට76 ක් පමණම ලැබුණේ මෙම බෝග තෙවර්ගයෙනි. එලෙස රටට ආදයම් එක් කළ ප්‍රධාන අපනයන භෝගයක් වූ පොල් වර්තමානයේදී ආනයනය කිරීම පිළිබඳ කසුකුසුව මේ දිනවල කාගේත් කතාබහට ලක් වී ඇත.
මේ පිළිබඳ අදහස් දැක්වූ ලුණුවිල පොල් පර්‌යේෂණ ආයතනයේ අධ්‍යක්ෂිකා නයනි ආරච්චිගේ මහත්මිය,
මේ වෙනකොට ලංකාවේ පොල් නිෂ්පාදනයේ අඩුවක් තියනවා. 2025 අවුරුද්දේ පොල් නිෂ්පාදනය අඩුවීමට හේතුව තමයි 2024 වසරේ ජනවාරි ඉඳලා අප්‍රේල් මාසය වෙනකන් පොල් වගා කරන ප්‍රදේශවල වර්ෂාපතනයේ අඩු වීම සහ උෂ්ණත්වය අංශක 33 ට වඩා වැඩි වීම. එක් පොල් මුරයකට එනම් ජනවාරි පෙබරවාරි මාස දෙකට ගෙඩි මිලියන 500 ක් දේශීය පරිභෝජනයට සහ අපනයන ක්‍රියාවලියට ඕනෑ. ලබා දී ඇති අනාවැකිවලට අනුව ජනවාරි පෙබරවාරි මාස දෙකට ලබා ගත හැකි පොල් ගෙඩි ප්‍රමාණය මිලියන 349 යි. අනාවැකිවලට අනුව මාර්තු අප්‍රේල් මාසවල ලබාගත හැකි පොල් ගෙඩි ප්‍රමාණය මිලියන 467 යි. මැයි ජුනි මාස දෙකට පොල් ගෙඩි මිලියන 592 යි. මැයි ජුනි මාස දෙකේ අවශ්‍යතාවට වඩා වැඩි පොල් නිෂ්පාදනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ජනවාරි පෙබරවාරි මාස දෙක තුළ ලැබෙන පොල් මිලියන 349 ක ප්‍රමාණය පොල් කිරි, පොල් තෙල් ආදී වූ නිෂ්පාදනයන්ටත් වෙන් වුණාම පොල් හිඟයක් නිර්මාණය වෙනවා. ඒ නිසා තමයි පොල් කර්මාන්තකරුවන් කියන්නේ පොල් ආනයනය කරලා දෙන්න කියලා.
එහෙත් පොල් ආනයනය කරන්න ගියොත් ලංකාවේ පොල් වගාවේ නැති රෝග ලංකාවට ව්‍යාප්ත වීමේ තර්ජනයක් තියනවා. වෙනත් රටක සිට පොල් ආනයනය කරන කොට යම් පොල් ගෙඩි ප්‍රමාණයක් පැළ වෙනවා. පැළ වුණ ගෙඩියක යම් විෂබීජයක් තිබ්බොත් ඒ හරහා ලංකාවේ පොල් වගාවට රෝග ව්‍යාප්ත වෙන්න පුළුවන්. එම රෝග පොල්වලට විතරක් නෙමෙයි තාල වර්ගයේ ඕනම ගහකට එනම් පුවක්,තල්, කිතුල් වගේ ගස්වලටත් පැතිරීමේ තර්ජනයක් තියනවා.
පහුගිය දිනවල ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය පවත්වපු මාධ්‍ය සාකච්ඡාවේදී යම් වැරැදි තොරතුරු සමාජ ගත වෙලා තියනවා. ඒ සාකච්ඡාවට සහභාගී වුණේ පොල් නිෂ්පාදකයන් සහ පොල් අපනයනකරුවන්. අපිට ආරාධනාවක් ලැබුණේ නෑ. රජය පාර්ශවයෙන් කවුරුත් ඒකට සහභාගී වුණේ නෑ. මාධ්‍ය සාකච්ඡාවෙදි ඔවුන් ප්‍රකාශ කරලා තිබ්බා 2025 අවුරුද්දේ පොල් ගෙඩි මිලියන 1408 ක් නිෂ්පාදනය වෙන්නේ කියලා. ඒක වැරැදි. පොල් ගෙඩි මිලියන 1408 ක් නිෂ්පාදනය වෙන්නේ පළමු මාස 6 තුළ. අවුරුද්දේ දෙවන මාස 6 ගැන දැම්ම අනාවැකි කියන්න හැකියාවක් නෑ. ඒ වැරැදි තොරතුර නිවැරැදි කරන්න ඕන. ගෙඩි මිලියන 2500 ත් 3000 ත් අතර ප්‍රමාණයක් 2025 වසරේ ලැබෙයි කියලා අනුමාන කරන්න පුළුවන්.
පොල් ආනයනය කළොත් යම් හෝ සහනයක් පාරිභෝගිකයන්ට ලැබෙනවා. පොල් ආනයනය මගින් දේශීය පොල් වෙළඳපොළේ පොල් මිල ගණන් අඩු වෙනවා. ඒත් පොල් ආනයනය කෙටි කාලීන විසඳුමක්. දීර්ඝ කාලීන විසඳුමකට නම් ලංකාවේ පොල් නිෂ්පාදනය ඉහළ දැමීමට කටයුතු කරන්න ඕන. ලංකාවේ දැනට තියන පොල් ප්‍රභේදවල එක පොල් ගහකින් අවුරුද්දකට පොල් ගෙඩි 80 ක් ලබා ගැනීමේ හැකියාව තියනවා. ඒත් සාමන්‍ය ප්‍රතිශතයක් ලෙස ගත්තාම ගහකින් පොල් ගෙඩි 50 ක් වගේ තමයි ලබා ගන්න පුළුවන්. පොල් වගාව සඳහා පෝර යෙදීමේ, වතුර යෙදීමේ, පස් රක්ෂණය කිරීමේ නිසි ක්‍රමවේදයක් තියනවා. එම ක්‍රමවේද නිසි පරිදි වෙන්නේ නෑ.
මේ පිළිබඳ අදහස් දැක් වූ පොල් සංවර්ධන අධිකාරියේ අළෙවි සංවර්ධන සහ පර්‌යේෂණ අධ්‍යක්ෂක අනුරාධි හතුරුසිංහ මහත්මිය.
පරිභෝජනයට සහ කර්මාන්ත සඳහා වසරකට අවශ්‍ය පොල් ප්‍රමාණය මිලියන 4500 ක්. මෙරට පොල් කර්මාන්තයෙන් එම අවශ්‍ය පොල් ප්‍රමාණය නිෂ්පාදනය වෙන්නේ නෑ. නිෂ්පාදනය වෙන්නේ මිලියන 3000 ටත් වඩා අඩු ප්‍රමාණයක්. ඒ කියන්නේ පොල් නිෂ්පාදනයේ ලොකු අඩුවක් තියනවා. ඒ නිසා තමයි මෙරට පොල් මිල මේ තරම් ඉහළ ගිහින් තියෙන්නේ. අවශ්‍ය පොල් ප්‍රමාණයෙන් මිලියන 1500 ටත් අඩු ප්‍රමාණයක හිඟයක් තියනවා. අනෙක් පැත්තෙන් මෙරට පොල් නිෂ්පාදන අපනයන ක්ෂේත්‍රයට පවතින ඉල්ලුම ඉතාම ඉහළ මට්ටමක තියෙන්නේ. විශාල ඇණවුම් ප්‍රමාණයක් ලැබෙනවා. මේ දිනවල අපේ රටේ තියන පොල් හිඟය නිසා ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දෙන්න බෑ.
මේකට කෙටිකාලීන වගේම දීර්ඝ කාලීන විසඳුම් තියනවා. දීර්ඝ කාලීන විසඳුම් තමයි පොල් වැවීම වැඩි කිරීම, පොල් ඵලදාව වැඩි හොඳ ප්‍රභේද හදුන්වා දීම, නිසි පරිදි පෝර යෙදීම, පරණ පොල් ගස් ඉවත් කිරීම. පෝර යෙදීම නම් ගොඩක් දුරට නිසි පරිදි සිදු වෙන්නේ නෑ පොහොර මිල ගණන් එක්ක. මේ දේවල් තුළින් මේ තියන ප්‍රශ්නෙට ඉක්මනින් විසඳුම් ලබා ගන්න බැරි නිසා තමයි කෙටිකාලීන විසඳුමක් ලෙස පොල් අශ්‍රිත නිෂ්පාදනය ආනයනය කිරීම සිදු කරන්න හදන්නේ. පොල් ගෙඩි නෙමෙයි ආනයනය කරන්නේ. ප්‍රධාන වශයෙන් පොල් කිරි, පොල් මද සහ පොල් කැබලි තමයි ආනයනය කරන්නේ. මෙම ආනයනය ක්‍රියාවලියට අවශ්‍ය කැබිනට මණ්ඩල පත්‍රිකාව හදලා තියෙන්නේ. ඒ සඳහා ලබන සතියේ වගේ අනුමැතිය ලබා ගන්න පුළුවන් වෙයි. අනුමැතිය ලැබුණොත් ආනයනය ආරම්භ කරන්න පුලුවන්.
ආනයනය කරන පොල් නිෂ්පාදන යොදා ගන්නේ දේශීය පරිභෝජනයට නෙමෙයි මෙරට කර්මාන්ත සඳහා. ඒ තුළින් පොල් නිෂ්පාදන අපනයන කර්මාන්තයේ පවතින ගැටලුවට විසඳුම් ලැබෙනවා. එතකොට දේශීය නිෂ්පාදන පොල් දේශීය පරිභෝජනය සදහා යොදා ගන්න පුළුවන්. මේ හරහා පවතින අසාමාන්‍ය පොල් හිඟයට යම් විසඳුමක් ලැබෙනවා. පොල් මිලෙත් පාරිභෝගිකයාට දරාගත හැකි ලෙස අඩු වීමක් ඉදිරියේදී සිදු වෙයි. මෙයින් පොල් ගැටලුවට තාවකාලික විසඳුමක් ලබා ගන්න පුළුවන්.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා කර්මාන්ත අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පසුගිය දිනක පවසා තිබුණේ මෙවැන්නකි.
“ඉල්ලීමක් කරලා තියෙන්නෙ අපනයනකරුවන් සඳහා විශේෂයෙන්ම මේ පොල් මද සහ කිරි ගෙන්වීමට ඉඩ ලබාදෙන ලෙසත් පොල්තෙල් කර්මාන්තය සඳහා වේළන ලද මද ගෙනත් දෙන ලෙසත් ඉල්ලීමක් කරලා තියෙන්නෙ. සාධනීය තැනක නව රජයත් එකඟතාවයක ඉන්නවා මේ මොහොතේ කළ යුතු දේ මෙය බවට. මේ සඳහා අවශ්‍ය කරන කැබිනට් පත්‍රිකා සකස් කරමින් සිටිනවා. ඉදිරියේදී කැබිනට් තීරණයක් ලබාගැනීම සඳහා. අපි ඇත්තටම ගෙදර පොල් පරිභෝජනයේදී ඉතාමත් නාස්තිකාර පරිභෝජනයක තමයි ඉන්නෙ. මොකද අපි පොල්කිරි විදියට පාවිච්චි කරනවා, සම්බෝල විදියට පාවිච්චි කරනවා. මේ ක්‍රියාවලි දෙකේම පොල් සෑහෙන ප්‍රමාණයක් අපතේ යනවා. ඒ වගේම පොල් වතුර සහ පොල් කට්ට කියන දෙකත් ඩොලර්, ඒ දෙකත් අපතේ යනවා. පොල්කිරි වෙනුවට අපට ආදේශ කළ හැකි නිෂ්පාදන ප්‍රමුඛත්වයක් දීලා අපට විකල්පයක් ලෙස භාවිත කරන්න පුළුවන් නම් ඒ ඉතිරි වෙන පොල් ටිකත් අපට අපනයනය කිරීම සඳහා මෙම ඩොලර් උත්පාදනයට ලබාගන්න හැකියාවක් තියෙනවා”
ලංකා පොල් කර්මාන්ත මණ්ඩලයේ සභාපති ජයන්ත සමරකෝන් මහතාගේ අදහස,
මෙරට පොල් වතුවලින් අවුරුද්දකට පොල් ගෙඩි මිලියන 3000ක් හම්බෙනවා. ඒත් ගිය අවුරුද්දේ පොල් ගෙඩි මිලියන 2683ක් වගේ අඩු ප්‍රමාණයක් ලැබුණේ. ඒ කියන්නේ සියයට 10 කින් වගේ අඩු වුණා. ඒ නිසා තමයි පොල් හිඟය වගේම පොල් මිලත් වැඩි වුණේ. මේකට බලපාපු ප්‍රධාන හේතුව තමයි පොහොර හිඟය. 2020 අවුරුද්දේ නිසි පරිදි පෝර දැම්මේ නෑ කොවිඩ් වසංගතය නිසා. 2021 පොහොර ගෙන්වීම නතර කළා. 2022 පොහොර ගෙන්නන්න රටට ඩොලර් තිබ්බේ නෑ රටේ තිබ්බ ආර්ථික අර්බුදය නිසා. 2019 වෙද්දී පොහොර කිලෝ 50 මිටිය තිබ්බේ රුපියල් 1500 ට. 2023 වෙනකොට පොහොර මිටිය රුපියල් 14000 ත් 15000ත් දක්වා වැඩි වුණා. පෝර මිල වැඩි නිසා මිනිස්සු පෝර දැම්මෙ නෑ. ගිය අවුරුද්දෙ පෝර මිටිය 8000 ත් 9000 වගේ ගාණකට අඩු වුණා. අවුරුදු 4කින් නිසි පරිදි ප්‍රමාණවත්ව පොල්ගස්වලට පොහොර දාලා නෑ. ඒක තමයි මේ පොල් හිඟයට හේතුව.
මේ අවුරුද්දේ පුරෝකතනය අනුව පළවෙනි මාස 6ට ලබෙන පොල් ප්‍රමාණය මිලියන 1400ක් පමණ වෙනවා. අවුරුද්දේ පළමුවැනි මාස 6 දී වසරේ පොල් ඵලදාවෙන් සියයට 60ක් ලැබෙනවා. ඉතිරි මාස 6දී තමයි ඉතුරු සියයට40 ලබෙන්නේ. අවුරුද්දේ අවසාන වෙද්දි පොල් ඵලදාව අඩු වෙනවා. ඒ නිසා මේ වසරෙත් පොල් මිලියන 2600ට වඩා වැඩිවෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. පොල් ගෙඩි මිලියන 2600ක් වගේ වුණොත් මේ වසරෙත් ගෙඩි මිලියන 400ක අඩුවක් තියනවා.
ලංකාවේ පොල් අක්කර ලක්ෂ 11 තියනවා. ඒකෙන් සියයට 16 ක් තමයි අක්කර 20 ට වඩා ලොකු පොල් වතු තියෙන්නේ. අනිත් එවා ඔක්කොම කුඩා වතු. අක්කර 1යි 20 අතර පොල් වතු අක්කර ලක්ෂ 6 ක් තියනවා. අක්කරයට අඩු වතු ලක්ෂ 3ක් තියනවා. විශාල පොල් වතු සියයට 16 ට විතරක් සාත්තු කරලා පොල් වගාව දියුණු කරන්න බෑ. කුඩා පොල් වතුවලටත් සාත්තු කරන්න ඕන. ආණ්ඩුවට පුළුවන්නම් පෝර මිටිය රුපියල් 4000ක් වගේ මුදලකට අඩු කරන්න පොල් වගාව සාර්ථක කරගන්න පුලුවන්.
මේ දවස්වල පොල් වතුවලින් පොල් මිලදී ගන්න පුළුවන් වෙන්නේ රුපියල් 150 ත් 160ත් අතර ගාණකට. පාරිභෝගිකයා අතට එද්දි පොල් ගෙඩියක් රුපියල් 200 ත් 220 ත් අතර ගාණක් වෙනවා. 2025 වසරේ පළවෙනි මාස 4 ට පොල් ගෙඩි මිලියන 1000ක් වගේ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. එහෙත් ලබෙන්නේ ගෙඩි මිලියන 800ක වගේ ප්‍රමාණයක්. ගෙඩි මිලියන 200ක අඩුවක් තියනවා. මේ අඩුව සම්පූර්ණ කර ගත්තේ නැත්තම් ඉදිරියේදී පොල් ගෙඩිය රුපියල් 250 ත් 300 ත් අතර ගාණකට වැඩි වෙයි.
ඒ නිසා තමයි පොල් ගෙඩි මිලියන 200කට සමාන පොල් කිරි පොල් පොල් මද ආනයනය කරන්න කියල රජයෙන් ඉල්ලුවේ. පොල් අපනයනය කර්මාන්ත සඳහා අවශ්‍ය පොල් ටික ආනයනය කරලා දෙන්න කියලා. අපනයන කර්මාන්ත පොල් නිෂ්පාදන ඇණවුම් ලබාගෙන තියනවා. ඒවා ගිය අවුරුද්දේ ගත්ත ඇණවුම්. ඒවා නිසි වෙලාවට ලබා දුන්නේ නැත්තම් ඒ ලාභය නැති වෙනවා. ඒ වගේම නැවත ඇණවුම් ලබා දෙන්නෙත් නෑ. ඔවුන් වෙනත් කර්මාන්තවලට දෙනවා. 2024 වසරේ පොල් අශ්‍රිත අපනයනවලින් ඩොලර් මිලියන 850 ක අදායමක් රටට ලැබුණා. මද අශ්‍රිත අපනයනවලින් ඩොලර් මිලියන 450ක් වගේම පොල්ලෙලි සහ පොල් කටුවලින් ඩොලර් මිලියන 400ක් ලැබුණා. පොල් ආනයනය කිරීම දීර්ඝ කාලීනව කරන්න බෑ. මොකද පොල් කර්මාන්තකරුවන් පොල් වතු වලින් පොල් මිලදී ගන්නේ ගෙඩියක් රුපියල් 150 ට 160 ට. එහෙත් ආනයනය කරන පොල් ගෙඩියක ප්‍රමාණයේ පොල් නිෂ්පාදන මිල ඊට වඩා වැඩී. ඒ නිසා කර්මාන්තකරුවන්ට ඒක පාඩුයි. එහෙත් පොල් අපනයන කර්මාන්තය ආරක්ෂා කරගන්න මේ වෙලාවේ සුදුසුම විසඳුම මේක.
(*** ශෂිකා අබේරත්න)
පළාත් පාලන ආයතන 227ක මන්ත්‍රීවරුන්ගේ නිල කාලය ලබන ජූනි 2වැනිදා ආරම්භ වනු ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න
ලංකාවේ පැවති පසුගිය ඕනෑම ආණ්ඩුවකට තමන්ගේ ම කියා යම්කිසි දර්ශනයක් හා වැඩපිළිවෙළක් තිබුණි. එම ආණ්ඩුව තමන්ගේ එම දර්ශනය හා වැඩපිළිවෙළ ක්‍රියාවට වරනැගූ ප
ඩිජිටල් තාක්‍ෂණය අද වන විට අප සියලු දෙනාගේ එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය කරුණක් වී ඇත. සමහරකුට එය තම ජීවිතයේ ම අංගයක් වී අවසානය. අද වන විට ලෝක ජනගහනය ආසන්න
සමහරු අතුරුදන් ය. සමහරු හිරගෙදර සිය ජීවිතයේ අවසාන කාලය ගත කරමින් සිටිති. සාමාන්‍යයෙන් පාතාල නායකයන් සැඟවුණු ජීවිත ගත කරන්නේ ඔවුන්ට තිබෙන ජීවිත අවදානම
2025 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කෙරුණු මෙම අවස්ථාවේ රටේ පවත්නා පොදු ආර්ථික තත්වයත් රාජ්‍ය මූල්‍ය තත්වයත් සම්බන්ධයෙන් ජනතාව තුළ යම් අවබෝධයක් තිබීම අවශ්
ජාතික ජන බලවේග රජයේ ප්‍රථම අයවැය ලේඛනය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” සහිත නව ආර්ථික පුනරුදයක සමාරම්භය
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
පොල් අර්බුදයට විසඳුම ආනයනයද?
janahitha Sunday, 16 February 2025 08:53 AM
පොල් ගස් කපා දැමීම සහ ඒවා වෙනුවෙන් නැවත පැළ කරන්න ඕනෑ බව ඔය සමීක්ෂණය නෑ නේ පොල් හිටවපු වැඩ සටහනක් ගැන හිතලාවත් නෑ මන් හිතන්නේ විශ්ව විද්‍යාල වල සිටිවිම ගැන උගන්වන්නේ නෑ හත්වලාමේ වෙච්ච දෙයක්
Amda Tuesday, 18 February 2025 10:42 PM
ගම්බදව රිලවුන්ගෙන් පොල් ඵලදාවට වෙන හානිය මේ එකෙක් වත් කතා කරන්නේ නෑ. බොරුවට ඩොලර් ගැන කතා කරනවා. බොරුව තමයි කාගේත්... ඇත්ත ප්‍රශ්න පැත්තක. පිටරටින් පොල් ගෙනැල්ලා කාට හරි ගතමනාව හදන්න නම් උත්සාහ කරන එක තමයි කවුරුත් කරන්නේ.