අද උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයයි. අවුරුද්දේ අවසාන මාසය වන දෙසැම්බර් මාසයේ යෙදෙන මෙම අවසන් පොහෝ දිනයේ සුවිශේෂී සිදුවීම් රැසක්ම සිදුව ඇති දිනයක් ලෙස ශාසන ඉතිහාසය පෙන්වා දේ. ඒ අතර සංඝමිත්තා තෙරණියගේ ලංකාගමනය, මෙරටේ භික්ෂුනී ශාසනය ඇරැඹීම, ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලංකාවට වැඩමවා රෝපණය කිරීම, ප්‍රථම භික්ෂුනී ආරාමය ඇති වීම, දඹදිව සිට දක්ෂ විවිධ වෘත්තිකයන් මෙරටට පැමිණීම සහ සිරිපා වන්දනාව ඇරැඹීම යන කරුණු කාරණා මූලික වේ.
තථාගතයන් වහන්සේ විසින් නිරන්තරයෙන්ම අනුශාසනා කරනු ලබන්නේ සියලු පාප ධර්ම නොකළ යුතුය යන්නයි. එමෙන්ම සියල්ලෝම මරණ ධර්මය නොඉක්මවූවන් නොවෙති. ඉන් අත්මිදීම සඳහා කිසිදු ආරක්ෂක ස්ථානයක් ද නොවන බවයි. වර්තමාන ලෝකය අධි තාක්ෂණික නිපැයුම්වලින් ගහණ වන අතර එම සියලු තාක්ෂණික මෙවලම් හා මූලධර්ම ගවේෂණාත්මකව සොයා ගැනීමේ මූලික අපේක්ෂාව සත්ත්වයාගේ පුද්ගලයාගේ ආරක්ෂාව සලසා ගැනීම වේ. එය විවිධ රෝග බීජවලින් අත්මිදීම ආදී විවිධ අපේක්ෂාවන් විය හැකියි. ශාරීරික වශයෙන් බාහිරව සිදුවන විවිධ බලපෑම් ආදියෙන් අත්මිදීම සඳහා ද හේතුවන විවිධ ආරක්ෂක උපකරණ ආදිය පමණක් නොව තම වාසස්ථාන සකස්කර ගැනීමද සිදු කොට ඇත්තේ ආරක්ෂාව හා පැවැත්ම මූලික කොටගෙනය. මානව සමාජයෙහි ආරම්භයේ සිටම විවිධ යුගවලට පුද්ගලයා ක්‍රියාත්මක වූයේ එම මූලික අපේක්ෂාව සිත්හි ගැනීමෙනි.භාග්‍යවතුන් වහන්සේ පුද්ගලයා පාප ධර්මයෙන් වළක්වා ගැනීම සඳහා ධර්මය දේශනා කරන ලද්දේ සිදුකරගත් පාපයෙහි විපාකය සඳහා කිසිදු වාරණයක් නොමැතිවීම මූලික සාධකයක් වීම නිසා විය හැකිය.
“අත්තානෝ ලෝකෝ අනභිස්සරෝ” යන බුදුවදන සනාථ කරනුයේ සියලු සත්වයන්ගේ අනාරක්ෂිතභාවය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම නොවන්නේ ද? අප්‍රමාණ ධන සම්පතින් මෙන්ම සේනා සම්පත් ද අනූන වූ ලෝකවාසී විවිධ පුද්ගලයන් මරණයෙන් අත්මිදීම සඳහා එම ධනය හෝ බලය කිසිදු රැකවරණයක් වූයේ නැත.
කිසියම් සාහසික ක්‍රියාවක් සිදු කරන පුද්ගලයා නීතියෙන් ගැලවීම සඳහා විවිධ උපක්‍රම භාවිත කොට කිසියම් කාලයකට අස්වැසිල්ලක් ලැබුවද එම වසන්වීම සිදුකරනුයේ තම සිතින් අප්‍රමාණව විඳින මානසික පීඩාවන් සහිතව වන්නේ මතුනොව පාප විපාකයකින් අත්මිදීමට හෝ මරණයෙන් මිදීම සඳහා සැඟවී සිටිය හැකි කිසිදු ආරක්ෂක ස්ථානයක් නොමැති බව ත්‍රිපිටක ධර්මයෙහි බොහෝ ස්ථානවල දක්නට ලැබේ. පාපකාරී පුද්ගලයන් පමණක් නොව විවිධ හේතූන් මත තම ජීවිතය පිළිබඳ අධිතක්සේරුවක යෙදී සදාකාලික ජීවිත පිළිබඳ මංමුලාව සිහින ලෝකවල ජීවත් වන අඥාන පුද්ගලයන් ලොමු ඩැහැගන්වන මෙම ඉගැන්වීම ධම්මපද පාළියට අයත් පාප වග්ගයෙහි මෙසේ සඳහන් වේ.
න අන්තලික්කෙ න සමුද්ද මජ්ඣේ
න පබ්බතානං විවරං පවිස්ස
න විජ්ජති සෝ ජගතිප්ප දේසෝ
යත්ථට්ඨිතෝ මුඤ්චෙය්ය පාප කම්මා
පාපකර්මයෙන් මිදිය හැකි තැනක් නොමැති බව මෙසේ සඳහන් වන අතර මරණයෙන් අත්මිදිය හැකි කිසිදු තැනක් ද නැති බව දක්වා ඇත. “යත්ථට්ඨිතෝනප්පසහේථ මච්චු”යනුවෙනි.“ජගතිප්පදේසෝ” යන පාලි වචනයෙන් පැහැදිලි කොට ඇත්තේ පාපී පුද්ගලයාට පාපයෙන් මිදී සිටීමට හැකි කිසිදු ආරක්ෂාකාරී පිහිටීමක් මිහිපිට කිසිදු තැනක දැකගත නොහැකි බවයි.“අන්තලික්ඛේන” මෙහි අන්තලික්ඛ යන නමින් අර්ථ ගන්වා ඇත්තේ අභ්‍යවකාශය හෙවත් අහසයි. “අන්තරීක්ෂ” හැඳින්වෙන මෙය මහපොළොවත් වෙනත් ග්රහලෝකත් අතර වූ ප්‍රදේශය ලෙසද දැක්වෙන අතර පවින් මිදී සිටීමට හෝ මරණයෙන් බේරී සිටීමට හෝ සමත්කම් නොදක්වන බව සඳහන් වේ.
වර්තමානය වන විට මෙම අභ්‍යවකාශය තුළ සැරිසරන විවිධ විද්‍යුත් මෙවලම් ඇත්තේ මතුනොව මගී ප්රවාහනයෙහි යොදවා ඇති ගුවන් යානා පිළිබඳව සියල්ලෝම දැන සිටිති. ඇතැම් ග්‍රහලෝක ගවේෂණය සඳහා පමණක් නොව විනෝද චාරිකා සඳහා අභ්‍යාවකාශ ගතවන ලෝකයෙහි ඇතැම් බිලියනපතියන් පිළිබඳව වාර්තා වේ. එසේ සකස් කර ගත් යානයකින් හෝ ගමන් ගන්නා ග්‍රහලෝකයක දී හෝ පාපයෙන් සැඟවී සිටීමට හෝ මරණයෙන් අත්මිදී සිටීමට හැකියාවක් නොවන බව මින් අවධාරණය කෙරේ.“සමුද්දමජ්ඣෙ’’ යන වචනයද මුලින් සඳහන් කළ අහස මෙන්ම අතිශය සංකීර්ණ වූ මහා සමුද්‍රය හෙවත් මහ මුහුද පිළිබඳව කෙරෙන විග්රහයකි. මේ පිළිබඳ අටුවා විග්‍රහය වන්නේ සම්මා “ක්ලීදන්ති චන්දෝදයේ අස්මා ආපානීති සමුද්දෝ” යන්නයි.
එහි අදහසවන්නේ සඳ උදාවේදී මහා ජලකඳ තදින් සිත ස්වභාවයට පත්වන නිසා සමුද්‍ර යන්න යෙදී ඇති බවයි. කෙසේ නමුත් මහ මුහුදෙහි ද අප්‍රමාණ නාවික යාත්‍රා ධාවනය වන බව රහසක් නොවන්නේ මතුනොව මගී ප්‍රවාහනය හා භාණ්ඩ ප්‍රවාහනය ඉන් සිදු කෙරේ. එපමණක් නොව අදෘශ්‍යමානව ගමන් කළ හැකි සබ්මැරීන වැනි යුදමය වශයෙන් වැදගත් වන යාත්‍රා පහණක් නොව හෝ ඉතා සුවපහසු අධිසුඛෝපභෝගී නාවික යාත්‍රා පිළිබඳව ද අසන්නට ලැබේ. ඇතැම් රටවල අවිබලය නාවික ශක්තිය පෙන්වීම සඳහා සන්නද්ධ නාවික යාත්‍රා පිළිබඳව ද තොරතුරු සඳහන් වන්නේ මතු නොව සමුද්‍රය තුළ එම කිසිදු නාවික යාත්‍රාවක රැඳී සිටීමෙන් සිදු කළ පාපක්‍රියාවක විපාකයෙන් හෝ ස්වාභාවික මරණයෙන් බේරී සිටීමට නොහැකි බව දහමින් අවධාරණය කරනු ලැබේ. එසේම සැඟව සිටීම සඳහා යොදාගත හැකි තවත් ශක්තිමත් පිහිටීමක් පිළිබඳව “පබ්බතානං විවරං පවිස්ස න” යන වචනයෙන් පැහැදිලි කෙරේ.
භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ දේශිත ශ්‍රී සද්ධර්මය ඉතා පහසුවෙන් අවබෝධ කරගත හැකි ආකාරයට උපමා උපමේය භාවිතය සිදු කොට ඇති අයුරු ඉතා ප්‍රකට කරුණකි. ඒ අනුව මෙම ධර්ම දේශනයේ දී ද පුද්ගලයාට ඉතා සමීප වස්තූන් කිහිපයක් උපමා කරගනිමින් පුද්ගලයන් නිතර දකින ආකාශය පමණක් නොව මහ මුහුද මෙන්ම ගල්ගුහාවන් පිළිබඳවද දක්වමින් ඉතා ගැඹුරු ධර්ම කාරණා කීපයක් දේශනා කොට ඇත. තථාගතයන් වහන්සේගේ මෙම උතුම් දේශනය සඳහා පාදක සිදුවීම් කීපයක් වන්නේ මතුනොව ප්‍රථම කරුණ වන්නේ එක්තරා භික්ෂූන් වහන්සේ තෙනමකගේ අත්දැකීම් ආශ්රිත සිදුවීම් තුනක් පිළිබඳව ඉදිරිපත් කළ ගැටලු තුනකට පිළිතුරු සැපයීමයි. එමෙන්ම යසෝදරාවගේ හා දෙව්දත් තෙරුන්ගේ පියාණන් වූ සුප්රබුද්ධ ශාක්‍ය රජු අපාගතවීම පිළිබඳව සිදුවීම වන අතර එක් භික්ෂු පිරිසකට ගැටලුවක් වූයේ ගිනිගත් ගෙයකින් අහසට නැගුන ගිනිදැලක් පියඹා යමින් සිටි කපුටෙකුගේ ගෙල දැවටි දැවී යාමේ සිදුවීමය. ඊට භාග්‍යවතුන් වහන්සේගේ පෙන්වාදීම වූයේ එසේ ගිනිගෙන දැවී ගිය කපුටා මිනිසෙක්ව ඉපිද සිටියදී ගවයෙකු පිදුරුවලින් වෙලා ගිනි තබා මැරීම වන අතර සියක් ආත්මභාවයන්හි ගිනිගෙන දැවී මෙසේ දරුණු විපාක ලද බවයි. දෙවැනි පැනය වූයේ නැවක් අනතුරට ලක් වූ මොහොතක නැව බේරා ගැනීම සඳහා නාවිකයා විසින් කුසපත් ඇද අභාග්‍යසම්පන්න පුද්ගලයා සෙවීමේ දී ඔහුගේ රූමත් බිරිඳ තෙවන වරටත් තේරී ගෙල කළයක් බැඳ මුහුදට දැමීමය. මෙහි අතීත සිදුවීම වූයේ ඉතා සෙනෙහසින් තමා සමග ගැවසෙන තම සුරතල් සුනඛයා බාහිර සමාජයෙන් එල්ලවන උසුළු විසුළු නිසා ගෙල කළයක් ගැටගසා දියේ ගිල්වා මරා දැමීමේ විපාකය සියක් ආත්මයක සිට මෙසේ එම පාපවිපාකය විඳීමේ ස්වභාවය වේ.
තෙවැනි සිදුවීම වන්නේ මහමග වඩින භික්ෂූන් සත් නමක් ගල්ලෙනක් තුළ රෑ පහන් කරන අතර රාත්‍රී කාලයේ වෙනත් විශාල ගල්කුලක් පෙරලී අවුත් ලෙන් දොර වැසී ගිය අතර බොහෝ උත්සාහ කළ ද එය ඉවත් කළ නොහැකි වූයෙන් සත් දිනක් ඇවෑමෙන් ගල ඉවත් වීමත් කරන ලද ප්‍රතිකාර නිසා භික්ෂු පිරිස මරණයට පත් නොවූ බවත් ප්‍රකාශ කෙරිනි. එම සිදුවීමෙහි අතීත අකුසලය ලෙස භාග්‍යවතුන්වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද්දේ ගොපලු දරුවන් සත් දෙනෙකු තලගොයින් වසන තුඹසක් දැක එම තුඹසෙහි සිදුරු සතක් සත් දෙනා විසින් වසා දමන ලදින් සත් දිනකට පසු ඔවුන් එම තුඹසෙහි සිදුරු හැර දැමීමෙන් පසු එහි සිටි තලගොයින් ආහාර අහේනියෙන් පීඩිතව කැලයට ඇදී ගියේ මතුනොව එම සතුන් නොමැරූ බැවින් මරණය සිදු නොවුවද මිනිස් ආත්මභාව රාශියක දී මෙසේ සිරගතව කුසගින්නේ සිටිමින් එම පාපකර්මයේ විපාක විඳි අයුරු දේශනා කළහ. එමෙන්ම භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව මහත් වෛරයෙන් යුතුව අපහාස කරමින් මඟ අවුරාලමින් සිදුකරගත් පාප කර්මයෙන් මිදීමට සත්මහල් පහයක රැකවලුන් යොදවමින් රැඳී සිටියද ඉන් අත්මීදීමේ හැකියාවක් නොවූයේ මතු නොව විවර වූ පොලෝ තලයෙන් අපායගාමී වුණි. මෙම දේශනාවන් මගින් ගැටලු සහිතව පැමිණ විසඳුම් ලත් තෙරවරුන් සෝවාන් වූ අතර සිදු කළ පාප ධර්මයෙන් අත්මිදීමට හේතුවූ සියල්ලන්ට සාධාරණ වූ මරණ ධර්මයෙන් අත්මිදීම සඳහා කිසිදු ආකාරයක සැඟවිය හැකි තැනක් නොමැති බව භාග්‍යවතුන් වහන්සේ විසින් පැහැදිලි කොට වදාළහ.
(***)
කොළඹ 6 හැව්ලොක් සිටි සාම විහාරාධිපති
අතපත්තුකන්දේ ආනන්ද නා හිමි
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පවෙන් සහ මරණයෙන් මිදිය නොහැකිය