ලෝක සිතියමේ ඇබැටක් තරම් වූ නයන පිනවන මේ රන් දිවයින ලෝකයේ මුදුනටම ඔසොවා තැබූ අදීන අදම්‍ය අපරාජිත ශ්‍රේෂ්ඨ සංස්කෘතියක උපත සිදු කළ අසිරිමත් මහින්දාගමනය බුදු බැතින් පිනා ගිය හදවතින් අනුස්මරණය කරන උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබේ. රෝ දුක් දුරුව මුළු රටත් ලෝකයත් සන්සුන් සංහිඳියාවෙන් සපිරුණ අලුත් යුගයක් උදාවේවා යන්න ලංකාදීපයේ පොසොන් ප්‍රාර්ථනය වේ.
මුළු ලොවම වසාගත් මාරාන්තික කොරෝනා වයිරසයේ සැහැසි ග්‍රහණයට අප රටත් ගොදුරු වී තිබේ. එහෙයින් අපට වෙසක් මංගල්‍යය අහිමි විය. පොසොන් මංගල්‍යය ද අහිමිව තිබේ.
නිවෙස් තුළටම වී පොසොන් මංගල්‍යය සැමරීමට බොදුනුවන්ට සිදුවී තිබේ. ඇති තතු ඇති ආකාරයෙන් පිරිසිඳ දැකීමේ විසල් මනස බෞද්ධයා සතුය. එහෙයින් අකම්පිත මනසින් යුතුව සිය හදවත් පූජාසනයක් බවට පත් කර ගනිමින් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර කිරීමට බෞද්ධයාට හැකියාව ඇත.
කිසිවක් ඉබේ සිදු නොවන බව අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට දායාද කළ උතුම් බුදු දහමේ සඳහන් වේ. හේතුවකින් තොරව ඵලයක් හට නොගන්නා බව අවධාරණය කරන හේතුඵලවාදය උතුම් බුදු දහමේ මූලික පදනම වේ. ඒ අනුව මුළු ලෝකයත් මුළු රටත් ගිලී ඇති බියකරු වසංගතය අහේතුකව උපන්නක් නොවේ. මේ බියකරු වසංගතයට හේතුව කුමක්ද යන්න සන්සුන් මනසින් කියවා ගැනීමට පොසොන් පුර පසළොස්වක පොහොය කදිම අවස්ථාවක් විවර කර දී තිබේ.
මිනිසා යනු සොබාදහමේම කොටසක් විනා ඉන් පරිබාහිරව පවතින්නක් නොවේ. එහෙයින් මිනිසාට උරුම වූ ගමන වූයේ සොබා දහමත් සමඟ සහජීවනයට යාමය. එහෙත් සිමීත සම්පත්වලින් අසීමිත මිනිස් ආශා මුදුන්පමුණුවා ගැනීමට ගිය මිනිසා සොබාදහමත් සමඟ අඛණ්ඩව අනවරත ගැටුමක පැටලුණේය. සොබාදහම ගැන නොසිතන, නොසලකන ගමනකට මුලපිරුවේය. එය දිනෙන් දින වේගවත් වූවා මිස සැර බාල වූයේද නැත. නොයෙක් ආකාරයේ ස්වාභාවික විපත්, වසංගත රෝග පීඩා නිර්මාණය වූයේ ඒ අනුවය. මාරාන්තික කොරෝනා වසංගතය වූ කලී එහි නවතම ප්රකාශනය මිස අන් යමක් නොවේ.
මාරාන්තික වසංගතයක් හිසට ඉහළින් ලෙළදෙන විට තමන් පැමිණි ගමන විනාශකාරී බවත් අන්තවාදී බවත් මෙම ගමන කෙළවර වන්නේ පරාජයෙන් බවත් විනාශයෙන් හා මරණයෙන් බවත් මිනිසා තේරුම් ගත්තේය. ඒ අනුව යළිත් සොබාදහම සමඟ සහජීවනාත්මක ගමනකට මිනිසා මුලපිරුවේය. ගෙවත්ත වගා බිමක් බවට පත් කිරීමට වෙහෙසුණේය. පුරන් කුඹුරු අස්වැද්දීමට යොමු වුණේය. මුඩුබිම් සරු බිම් බවට පත් කිරීමට උත්සහා දරන්නේය. මිනිසා විවිධ රෝග කාරක, මාරක වසංගත, ස්වාභාවික විපත් ආදියෙන් නූගත් පාඩම කොරෝනා මාරක වසංගතයෙන් ඉගෙන ගනිමින් සිටින්නේය.
බුදු දහම වූ කලී සොබාදහමත් සමඟ අත්‍යන්තයෙන්ම සංකලනය වූ දහමකි. සිදුහත් කුමරා උපත ලද්දේ කිඹුල්වත්නුවර ලුම්බිණි සල් උයනේ දීය. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ සියලු කෙලෙස් මුලිනුපුටා දමා ලොව්තුරා බුද්ධත්වයට පත් වූයේ බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සෙවණේදීය. පිරිනිවන් පා වදාළේ කුසිනාරා නුවර උපවත්තන නම් සල් උයනේදීය. ජීවිතයේ අනියත බව උන්වහන්සේ පැහැදිලි කළේ ‘පූජේමි බුද්ධං කුසුමේන නේන’ යන ගාථාවෙහි දැක්වෙන පරිදි ‘මල පරවී යන්නා සේ සිරුරද විනාශ භාවයට පත් වේ’ යනුවෙනි.
ඒ උතුම් බුදු දහම රැගෙන අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළේ සඳරැස් වැටුණු කල දිය දහරාවක් ගලා යන්නාක් මෙන් පෙනෙන චන්ද්‍ර කාන්ති පාෂණය පිහිටි මිස්සක පව්ච මතටය. මහකනදරා වැව පිස එන සීත සුළඟින් ඒ පරිසරය ‘සිත් නිවී’ සැනසීම් බවට පත් කළේය.
බුදු දහම අපට උරුම වූයේ ඒ සොබා දහමේ අසිරි සිරියත් සමඟය. අපගේ ගමන් මඟ වැටී ඇත්තේ ඒ සොබාදහම මතින්ය. එයින් පිට පැන්න ගමනක්, ඒ උරුමයට පිටු පා ගමනක් අපට නැත. ලෝක වසංගතයක් අපට කියා දෙන පාඩම එයට හිමි නිසි අර්ථයෙන් අප හඳුනා ගන්නේ නම් මෙබඳු ලෝක වසංගතවලට විලංගු ලෑමේ පළමු පියවර වන්නේද එයයි.
ඇඳිරි නීතියට කොටු වී නිවෙස් තුළටම වී අසිරිමත් මහින්දාගමනය සමරන බෞද්ධයා රටත් ලොවත් පත්ව ඇති ඉරණම භාවනා කමටහනක් බවට පත්කර ගන්නේ නම් අප පැමිණි ගමනේ දෝෂ තැන් මෙන්ම අනාගත ජයග්‍රහණ සඳහා කළමනා කටයුතු මොනවාදැයි නිවැරැදිවම වටහා ගැනීමේ ප්‍රඥාව පහළ වනු ඇත.
ශ්‍රී ලංකාවේ දැනට පවත්නා ආර්ථික අර්බුදයට මුහුණදිය හැකි තිරසාර විසඳුම් කවරාකාරද යන්න පිළිබඳ සංවාදය සමාජයෙහි නිරන්තර සාකච්ඡාවට ලක්වන්නකි. මේ කාරණා කෙ
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොසොන් සිරියෙන් රට සැනහේවා