IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


පොසොන් සිසිලෙන් රටම සැනසේවා..!

උතුම් පුර පසළොස්වක පොහොය අද උදාවේ. දිග් විජය ධර්ම විජය බවට පරිවර්තනය කළ දම්සෝ නිරිඳුන්ගේ පුත්‍රයා වූ අනුබුදු මිහිඳු මහ රහතන්වහන්සේ ධර්මදූත සේවයට එක්වෙමින් ලොව්තුරා බුදු රජාණන්වහන්සේගේ පින්සිරිබර බුදු මුව කමලින් ගලාගිය උතුම් ධර්මය රැගෙන මෙරටට වැඩම කළේ අද වැනි පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයේදීය. ලෝක සිතියමේ අබැටක් තරමේ වුවද පුංචි දූපතක් වූ අප රට විශ්වයේ මුදුනටම ඔසොවා තැබූ මහා ආගමික විප්ලවය සහ සංස්කෘතික පරිවර්තනය පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයෙන් අරුත් ගැන්වෙයි. එහෙයින් ලක්වාසී සකල ජනී ජනයාගේ ශ්‍රේෂ්ඨතම හා පූජනීය ආගමික, සංස්කෘතික හා ජාතික මහෝත්සවය වන්නේද පොසොන් පුර පසළොස්වක පොහොය වේ. ඒ මහා ආගමික සංස්කෘතික හා ජාතික මහෝත්සවය වෙනුවෙන් රොද බඳින සකල ජනී ජනයා සමග ලංකාදීපයද අපමණ සැදැහැ සිතෙන් මෙසේ එක්වේ.

ඉතිහාසයේ අතිශයින්ම කටුක පරිච්ඡේදයක් අද උදාවී තිබේ. මුළුමහත් සමාජයේම පැවැත්ම බරපතළ දෙදරුම්කෑමකට ලක්වී තිබේ. ආර්ථික අර්බුදය බරපතළ දේශපාලන අර්බුදයක් නිමැවීමටත්, එමගින් තියුණු සමාජ ආර්ථිකයක් හා කම්පනයක් ජනිත කරවීමටත් හේතු වී තිබේ. පිළිගත් දියුණු රාජ්‍ය තාන්ත්‍රික පිළිවෙත් හා රාජ්‍යකරණය පසෙකලා ‘හිතු මනාපෙ’ තීන්දු තීරණ ගෙන ක්‍රියාත්මක කිරීමට යාමේ ප්‍රතිඵල ලෙස පුරවැසියාද ඉබාගාතේ යාමට පටන් ගෙන ඇත. එම පුරවැසියා නීතිය අතට ගෙන ක්‍රියා කිරීමට දැඩි රුචිකත්වයක් දක්වනු පෙනේ. බුදු දහමේ ආභාසයෙන් වගා කරගත් ආත්ම ශික්ෂණය පුරවැසියා වෙතින් පලා යමින් තිබේ. මහ පොළොව නුහුලන අපරාධවලට හේතුව ද එයයි.

මුළුමහත් සමාජයම එකාවන්ව එකට එක්වී සාමූහික ප්‍රයත්නයක් මගින් පළවාහැරිය යුතු අන්ධකාරයක් තනි තනි ක්‍රියාකාරීත්වයක් මගින් පළවාහැරිය නොහැකි බව වටහා ගැනීම මේ මොහොතේ අතිශයින්ම වැදගත්ය. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට දායාද කළ උතුම් ධර්මයේ එක් තැනක මිසදිටු පුද්ගලයා සරුදෙය නිසරු ලෙසත් නිසරු දෙය සරු ලෙසත් දකින බව දැක්වේ. සමාජයක බහුතරය එබන්දන් බවට පත්වූ විට බුදු දහමේ දැක්වෙන නරකාදිය එතැන නිර්මාණය වේ. අවශ්‍ය වන්නේ සරු දෙය සරු ලෙසත් නිසරු දෙය නිසරු ලෙසත් දකින පළල් හා විසල් මනසකින් හෙබි මිනිසුන්ය. එබඳු මිනිසුන්ට පළවාහැරිය නොහැකි අන්ධකාරයක් නැත.

බුදු දහම සමාජයේ පුද්ගලයන් කොටස් හතරකට බෙදා දක්වා ඇත. ඒ අනුව එක් පිරිසක් අඳුරෙන් ආලෝකයට යති. තව පිරිසක් ආලෝකයෙන් ආලෝකයට යති. තවත් පිරිසක් ආලෝකයෙන් අන්ධකාරයට යති. ඊළඟ පිරිස අන්ධකාරයෙන් අන්ධකාරයට යති. මෙයින් පළමුව හා දෙවැනුව දක්වන ලද පිරිස් පෞද්ගලිකව තමන්ගේ ජීවිතය පාරිශුද්ධත්වයට පත්කර ගනිමින් සමාජ ප්‍රගමනයට දායක වෙති. දෙවැනි හා සිව්වැනි පිරිස් තම පෞද්ගලික ජීවිතයද විනාශයට හා අගතියට පත්කර ගනිමින් පොදු සමාජ පැවැත්මට මාරාන්තික අභියෝගයක් වෙති. බුදු දහමේ දැක්වෙන්නේ පළමු හා දෙවැනි වර්ගයේ මිනිසුන් බවට පත්විය යුතු බවය.

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ අපට දායාද කළ උතුම් බුදු දහම පරලොව ජීවිතය ඉලක්ක කරගත් දහමක් පමණක් නොවේ. එය මෙලොව පරලොව ජීවිත සුගතිය හා ප්‍රගතිය අරමුණු කරගත් අවසාන නිෂ්ඨාව වන නිර්වාණය පදනම් කරගත් දහමකි. බුදු දහම තුළ අර්ථවත් ජීවිතයක් මෙන්ම සුරක්ෂිත සමාජයක් නිර්මාණය කිරීමට අවැසි ඉතාම දියුණු හා විද්‍යාත්මක මගපෙන්වීමක් තිබේ. එමෙන්ම ගැඹුරු අර්ථික විද්‍යාවක්, දේශපාලන දර්ශනයක් මෙන්ම සමාජ විද්‍යාවක්ද අන්තර්ගතය. බුදු දහම ගැඹුරින් අධ්‍යයනය කර ඒවා තම ජීවිත සරසන සැරසිලි බවට පත්කර ගත යුතුය.

බුදු දහම මිනිසා යනුවෙන් හඳුන්වනු ලබන්නේ මනස උසස් බවට පත් කළ හැකි සත්වයා ලෙසය. එම අරුමැසි හැකියාව පවතින්නේද මිනිසාටම පමණි. මිනිස් මනසේ ස්වභාවය වන්නේ වරදට පාපයට වෙහෙසකින් තොරව නැඹුරුවීමය. එමෙන්ම වැරැදි කිරීමෙන් මෙන්ම පාපයෙහි ඇලීගැලී වාසය කිරීමෙන් මනස සතුටට පත්වේ. අද සමාජයට සිදුව තිබෙන්නේ ද එයයි. වර්තමානය දෙස බලනවිට නිර්මාණය වී ඇති විනාශයම විනෝදයට පත්කර ගත් පිරිස් බහුල බව පැහැදිලිය.

රටට ඇවැසි වන්නේ ආධ්‍යාත්මයක් සහිත මිනිසුන්ය. බුදු දහම යනු එබඳු ආධ්‍යාත්මයක් ගොඩනගා ගැනීමට අවැසි හොඳම මාර්ග සිතියම සහිත දහමකි. පොසොන් උළෙල උත්කර්ෂයෙන් සමරා පසුදින සිට පරණ පුරුදු ජීවිතයට ගමන් කරන්නේනම් එයින් ප්‍රයෝජනයක් නැත. පළමුව ඔබ හොඳ බෞද්ධයකු විය යුතුය. මනුෂ්‍යත්වය ඔබ තුළ පූදිනු ඇත්තේ එවිටය.

(***)



අදහස් (0)

පොසොන් සිසිලෙන් රටම සැනසේවා..!

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 105 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 379 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මක්නිසාද?
2025 අප්‍රේල් මස 18 118 0

ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 116 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 287 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 547 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 104 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 225 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 392 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site