IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


පාසලෙන් කට්ටි පැන කුඩුවලට පුරුදුවූ කසුන්

PAGE_4_RASA  

 

හාත්පසින්ම ගලා එන සුළඟ වෙනදා තරම් සුවදායි නැත. භයංකර පරිසරයක සේයාව හදවතට ඉඟි කෙරෙයි. සමාජයේ හෙට දවස කෙබඳු වේද?
මීට මාස කිහිපයකට පෙරදී පාසල් සිසුවියකු වූ විද්‍යා සමූහ දූෂණයට ලක් කොට අමානුෂික ලෙස මරා දැමිණි. ලොවම සසල කළ ඒ පුවතත් සමඟ උතුරේ පමණක් නොව, දකුණේද මිනිසුන්ගේ දෑස්වලට කඳුළක් ඉනුවේද විද්‍යා වෙනුවෙන් කෑ මොර දුන්නේද තවත් අහිංසක මල් කැකුළක් මෙවන් අවාසනාවන්ත ඉරණමකට ලක් නොවන්නටය.

 


එහෙත් ගතවූයේ මාස කිහිපයකි. අහිංසක දරුවන් කිහිපදෙනෙක්ම අමානුෂික ලෙස මේ කාල සීමාවන් තුළ කෲර ලෙස ඝාතනයට ලක් වූහ. ඒ අපට වාර්තා වූ සිදුවීම් පමණි. එසේ වාර්තා නොවූ සිදුවීම් කළින් කොතෙක් නම් පොලිස් පොතේ පිටු පිරවී ඇති ද යන්න සාක්ෂි දරන්නේ පොලිස් පොතම පමණි. එහෙත් හය හතරක් නොතේරෙන පුංචි දරුවන් තළා පොඩි කර දමන අපරාධකරුවන් සමහරෙක් තවමත් නිදැල්ලේය. තවත් සමහරෙක් වසර දහයේ නිවාඩුවක් ගත කිරීමට බන්ධනාගාර ගත කළ අය වෙති. දිනෙක මොවුන් නිදහස් වී යළිත් කරන්නේද එම අපරාධ නොවේදැයි රටේ නීති සම්බන්ද නිළධාරීන්ට නොතේරෙන්නේ ඇයි දැයි කනගාටුවකට  කරුණකි. එසේම රටේ අහිංසක දරුවන්ගේද අවාසනාවකි. අපරාධකරුට නිලතල, තරාතිරම, මුදල අවශ්‍ය නැත. හෙට දවසේ රාගයෙන් මත් වී සිටින තිිරිසනුන් මාන බලන්නේ ඔබේ මල් කැකුළට විය හැකිය.

1
තවත් එක් ළමා දිනයක් මහ ඉහළින් සමරා අවසන්ය. මේ මිලින වී ගිය අහිංසක දරුවන් වෙනුවෙන් මුළු රටක් ළමා අපචාරකයන්ට මරණ දඬුවම දෙන ලෙස ඉල්ලමින් කෑ මොර දෙද්දී වසර දහයක සිර දඬුවමක් ප‍්‍රමාණවත් යැයි දරුවන් ආරක්ෂා කරන අධිකාරිවල ඉහළ ඇත්තන් ප‍්‍රකාශ කරද්දී, රටේ දරුවන්ගේ ආරක්ෂාව කොතනදැයි හෘද සාක්ෂියට එකඟව විමසා බැලිය යුතුය.


ළමා නිවාසයන්ට සිරවෙලා දරුවන්ගේම ලෝකයක් සොයන දරුවන් අතර මට එක්තරා සුවිශේෂි චරිතයක් මුණ ගැසුණි. 


පසුගිය දිනක ගෙවී ගියේ නාමිකව ලියවුණු තවත් එක් ළමා දිනයක් පමණය. දරුවන්ගේ දිනය ගැන පම්පෝරි ගහන ඇතැමුන් දරුවන්ගේ ආරක්ෂාව ගැන කථා කරනවානම්, අදට වඩා හෙට රටේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත වේයැයි අපි සිතන්නෙමු.


මව්පියන් සතුව ධනය ඇති දරුවන් විනෝද උයන්වල ඩිස්නිලන්තවල ළමා දිනය සමරමින් අසීමිතව සතුටු වෙද්දී ළමා නිවාසවල ජීවත් වන දරුපැටව් කවුරු හෝ ලබා දෙන දානයකින් කුස පුරවාගෙන රූපවාහිනිය ඉදිරියට වී ධනය ඇති දරුවෝ ළමා දිනය සමරන හැටි අව්‍යාජව බලාගෙන සිටිති. මුළු සමාජයම හරිම නිහඬයි. ඒ දරුවන්ගේ නිදහස හිරකරලා. නිදහස් සමාජයකට මේ දරුවන් ඇඟිලි ගනිනවා. කථාව ඉවර නැහැ. පුංචි දරුවෙකුගේ තවත් අනුවේදනීය කථාවකට මේ විදිහට කන් දුන්නේ හදවතින් නැගෙන වේදනාවත් සමඟිනි.


කසුන් කියන්නේ අවුරුදු දහතුනක පුංචි දරුවෙක්. කසුන්ගේ තාත්තා වෘත්තියෙන් පෙදරේරුවෙක්. අම්මාත් රැුකියාවක් කළා. ඇය පියාට  වඩා අධ්‍යාපන මට්ටමින් ටිකක් ඉහළ කෙනෙක්. ඈ රැුකියාව කළේ කර්මාන්තශාලාවක ලිපිකාරිණියක් විදිහට. සුනිල්ගේත් තමරාගේත් මේ විවාහය සිද්ධ වුණේ දෙපාර්ශවයේම අකමැත්ත මත. මඟ තොටදී මුණ ගැහිලා ඇති වුණ දැන හැඳුනුම්කමත් එක්ක, පේ‍්‍රමයට පෙරළුණු මේ සම්බන්ධය විවාහයකින් කෙළවර වුණේ හොර රහසේමයි. මාපියන්ට අකමැත්තෙන් සිදුකරගත් විවාහය නිසා තමරගෙ නිවසින් ඇයව දරුකමින් පවා අතහැර දැම්මේ සුනිල්ට තමරාගේ පියා තරයේම විරුද්ධ වූ නිසා. ඒත් ලූණුුයි බතුයි කාලා හරි ජීවත් වෙන්න හිතාගෙන සුනිල් එක්ක පැනලා ආපු තමරට සිද්ධ වුණේ කබලෙන් ලිපට වැටෙන්න. සුනිල් මත්පැනට අතිශය ඇබ්බැහිි වුණු පුද්ගලයෙක්. තමරා ඇහැට කනට පේන තරුණියක්. නිතරම සුනිල් තමරා දිහා බැලූවේ වපර ඇහෙන්.
‘‘තොගේ ෆොන් එක මට කියලා කුඩු කරවගන්න එපා.’’


‘‘උඹට අනිවාර්යයෙන්ම ඔය වැඩ පලේ හොර මිනිහෙක් ඉන්නවා...... දැනගනින් හැමදාම හැංගි හැංගි නටන්න බැහැ.’’


තමරා නිතරම හිටියේ ජංගම දුරකථනයේ. සුනිල් මේ දේවල් එක්ක තමරා දිහා බැලූවේ වපර ඇහෙන්. සුනිල් සමඟ එකට පවුල් කෑවත් මේ කැදැල්ලේ මිහිර තිබුණේ ටික දවසයි. සුනිල්ගේ බීමත්කමත් එක්ක තමරා බලාපොරොත්තු වුණ ආදරයත්, සෙනෙහසත් සුනිල්ගෙන් ලැබුණේ නැහැ. දුක කියාගෙන මාපියන්ගෙ දෙපතුල ළඟට යන්න තරම් ශක්තියක් ඇයට තිබුණෙත් නැහැ. ජීවිතේ සතුට කියන දේ ඇය වින්දේ හරිම අල්ප වශයෙන්. ඒත් බැඳ ගත්ත බෙරේ කෙසේ හෝ ගැසිය යුතුයි කියන චේතනාවත් එක්ක ඇය සියල්ල විඳ දරාගෙන සුනිල් සමඟ ජීවත් වුණේ කර කියා ගැනීමට කිසිත් නොමැති නිසා.
අඩ දබර, සිත් රිදවීම්, සමඟ ගෙවුණු ජීවිතයට දරුවෙකු සිටියානම් මේ ප‍්‍රශ්න මඟ ඇරෙනු ඇතැයි යහළුවන් දුන් උපදෙස් අනන්තයි අප‍්‍රමාණයි.


‘‘ඔය බේබද්දගෙන් මොන දරුවොද? ඊට වඩා හොඳයි අහිංසක දරු පැටවුන්ට දුකක් දෙන්නේ නැතුව....... ඔන්න ඔය ටික කාලෙත් මෙහෙම ඉඳලා මැරිලා යනවා.’’


ඒ විටෙක ඇය සුනිල් සමඟ ඇතිවන වෛරයත් පෙරදැරිව ආවේගයෙන් තම යහළු යෙහෙළියන් ඉදිරියේ දිගහැරෙන ඇතැම් වදන්ය.


එහෙත් කාලයත් සමඟ තමරාගේ දරු සිහිනය සැබෑ කරමින් කසුන් කුසට ආවේ මීට වසර දහතුනකට පෙරය. ඇය ගැබ්බරව සිටින අවධියේද සුනිල්ගේ බීමත්කම නිසා ඇයට හිරිහැර, අඩ දබර සිදුවූ අවස්ථා එමටය. බලාපොරොත්තු ගොන්නක් පොදි බැඳගෙන මෙලොව එළිය දුටු හයක් හතරක් නොතේරෙන දරු පැටියාටද සුනිල් වෙරි මතින් බොහෝ වෙලාවට සාප කළේ, ‘‘ඔය ළමයා උඹේ හොර මිනිහගේ. අන්තිමට ඒකට කරගහන්න වුණේ මට.’’


මේ කරන්නේ මොන තරම් නින්දා අපහාසයක්දැයි ඇය ඇයට කියා ගත්තේ සුනිල් සමඟ වාද කිරීමට ගොස් පහරවල් කෑමට නොහැකි නිසාය. හයක් හතරක් නොතේරන කසුන් කුඩා කළ සිටම අසැබි වචලවලට හුරු වූයේද පියා බීමත්ව තම මවට බැණ වදින ඇතැම් අසැබි වචන අහුලාගෙනය.


කසුන්ට දැනුම් තේරුම් අවධියේ පටන්ම නිවසේ සිදුවන බොහෝ ක‍්‍රියාවන් පාසලේදී කීමෙන් ඇතැම් අවස්ථාවල ගුරුවරයාගේ වේවැල් පාරටද ගොදුරු විය. එපමණන් නොව පාසලේදී අසැබි වචනවලින් ගුරුවරුන්ට බැණ වැඳුණු අවස්ථා කිහිපයකදීම තමරා පාසලට ගෙන්වා විදුහල්පතිනිය නියෝග දුන්නේ තමුන්ගේ ළමයා මේ පාසලෙන් ඉවත් කරගෙන යන ලෙසටය. දරුවා පාසලෙන් කොන් වීම, පියාගේ බීමත්කම, සහ ගෙදර සිදුවන අඩදබර මේ සියල්ලට හේතුව බව කියමින් සුනිල් සමඟ තමරා දින ගණනාවක්ම අඩ දබර ඇතිකරගත්තේ ඉතා දරුණු ලෙසය. එහෙත් එම ක‍්‍රියාවන්වල කිසිදු අඩුවක් වූයේ නැත.


මෙසේ සියල්ල දරා සිටියදී කාලයත් සමඟ කසුන්ද දිනෙන් දින ශරීර ලකුණුවලින් වෙනස්කම් පෑවේ තමරාගේ සිතට තවත් බලාපොරොත්තු ගොන්නක් එකතු කරමිනි. සෑම දිනකම උදෑසන නිවසින් පිටව රැකියාවට යන තමරා නිවසට ආපසු පැමිණෙන්නේ සවස් යාමයේය. සුනිල්ගේ දින චර්යාවද එසේමය. පාසල නිම වී නිවසට පැමිණෙන කසුන්ට ඇසුරට සිටියේ නිවස අසල වට පිටාවේ සිටිනා වැඩිමහල් තරුණයන් කිහිපදෙනෙකු පමණය. පිරිමි දරුවෙකු නිසා තමරාට වට පිටාවේ බියකරු බවක් හිතේ පුංචියටවත් තිබුණේ නැත. එහෙත් මේ සමාජය ගැහැණු දරුවන් මෙන්ම භයංකර වටපිටාවක් පිරිමි දරුවන්ටද නිර්මාණය වී ඇති වග ඇයට දැනුනේ නැත. කසුන් ඇසුරු කළ තරුණයන් එක්තරා මත්ද්‍රව්‍යයකට පුරුදු වී සිට ඇති අතර ඔවූහු අසභ්‍ය වීඩියෝ දර්ශන නැරඹීමටද ලොල් වී සිටි තරුණයන් කොට්ඨාසයක් වූහ. කසුන්ද ක‍්‍රමයෙන් මේ සියල්ලට ඇබ්බැහි වීමට මහ කාලයක් ගත වූයේ නැත.


එහෙත් තම පුතාගේ මේ ක‍්‍රියාවන් කිසිවක් තමරාට ඉවෙන් හෝ දැනුනේ නැත. සමහර දිනවල පාසල් යාමට නිවසින් පිට වන දරුවා පාසලට ගියදින ගණනට වඩා තිබුණේ පාසල් නොගිය දිනයන්ය. පාසලෙන් කට්ටි පැන්න දිනවලටද කසුන්ගේ එකම රාජකාරිය වූයේ කුඩු ගැසීම සහ යහළුවන් සමඟ එකතු වී අසැබි වීඩියෝ දර්ශන නැරඹීමය. කසුන්ගේ යහළුවෝ සෑම දෙනාම කසුන්ට වඩා වයසින් මුහුකුරා ගිය තරුණයෝ වූහ. ඔවුන් සියලූ නිතී විරෝධි ක‍්‍රියාවන් සියල්ල පාහේ කර ගත්තේ කසුන් හරහාය. වයස අවුරුදු දහතුනක් වුවද වයසට වඩා මුහුකුරා ගිය ස්වරූපයක් කසුන්ට ගෙන දුන්නේ පියා මෙන්ම මත්ද්‍රව්‍ය භාවිතයට අතිශය ලොල් වූ බැවිනි.


කලක් තිස්සේ මත්ද්‍රව්‍ය භාවිත කළ කසුන්ගේ මිතුරන් විකෘති මානසිකත්වයෙන් සමහර අවස්ථාවල කසුන්ව ලිංගික අතවරයටද ලක් කළ අවස්ථාවන් බොහෝය. නිවසේදීද බීමත්ව විකෘති මනසින් ජීවත් වූ පියාගේද දරදඬු දෑතට පුංචි කසුන්ට ගොදුරු වීමට සිදුවූ අවස්ථාවන්ද ඒ අතර විය. එහෙත් උදෑසනම නිවසින් පිටව යන සවස නිවසට පැමිණෙන තමරාට මේ සියල්ල වසන් විය. පුතාගේ යම් යම්  ක‍්‍රියා කලාපයන් විටෙක ඇය සැක පහළ කළද, ගම්මු විවිධ කතා කිව්වද විශ්වාස කිරීමට තරම් තමරාගේ මව් සෙනෙහස ඉඩ නොදුන්නේය.


එහෙත් කසුන්ගේ ජීවිතය බිලිගන්නා පාපතරයා සිටින්නේ නිවස තුළමය. තමරා සිහිනෙන්වත් නොසිතුවේය. තමරාටද ගුටි බැට දෙමින් විකෘති මානසිකත්වයෙන් ජීවත් වු සුනිල් තම කාමුක ආශාවන්වලට ලෙයින් උපන් දරුවා බිලිකරගත්තේ මොන තරම් තිරිසන් සිතකින් දැයි ඔබට පමණක් නොව තමරාටද සිතාගත නොහැකිය.


දින ගණනාවක් තම පියාගේ ග‍්‍රහණයට නතුවූ කසුන් දරා සිටීමට නොහැකි තත්ත්වයකට පත්ව සියල්ල සිය මවට හෙළි කරන්නේ වෙන කරන්ඩ කිසිවක් නොමැති හෙයිනි. වැඩිමහල් තරුණයන්ගේද අතවරයට ලක්වූ කසුන් ඒ වන විට සිට ඇත්තේ දරාගත නොහැකි මානසික ව්‍යාකූලතාවයකින් බවත්, එම නිසාම මවට පැවසූ බවත් කසුන් අද සමාජය ඉදිරියේ පවසන්නේ දෑසේ පිරුණු කඳුළු කැට බිමට පතිත කරවමිනි.


මේ දරු පැටවුන්ගේ ජීවිත බිලි ගන්නා සහ බිලිදෙන නරුමයන්, තිරිසනුන් අදට වඩා හෙට වැඩි වනවා මිස අඩු වීමක් නැත. නීතිය හැමදාමත් පාහේ උඩ බලාගෙන සිටින සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. දරුවා යහපත් සමාජයකට ගෙන යාමේ දොරටු විවර කළ යුත්තේ නිවසේ පරිසරයෙන් මිස, සමාජයෙන් නොව. එසේ නම් අද කසුන් මේ සමාජයේ යහපත් දරුවෙකු මෙන්ම මෙවන් හිංසනයන්ටද ගොදුරු නොවනු ඇත. මේ අහිංසක දරුවන්ගේ අදට වඩා හෙට දවස හෝ සුරක්ෂිත වේ යැයි දෑස් අයා බලාසිටින්නෙමු. 


මෙය සත්‍ය සිදුවීමක් අළලා ලියවුණු කථාවක් බව කරුණාවෙන් සලකන්න.

m



අදහස් (3)

පාසලෙන් කට්ටි පැන කුඩුවලට පුරුදුවූ කසුන්

චන්දි Thursday, 15 October 2015 03:51 PM

මේ තිරිසන් ලෝකයෙන් පුංචි ගැහැණු ළමයි වගේම පුංචි පිරිමි ලමයිවත් රැක ගන්න ගොඩක් මහන්සි වෙන්න ඕනේ., හරිම කනගාටුදායක පුවතක් (අ)

:       0       0

සමන්තිකා Friday, 16 October 2015 09:29 PM

පුදුම පිළිකුලක් දැනෙන්නේ. (නි)

:       0       0

ටී ඒ කසුන් තරංග දේශප්‍රිය Sunday, 26 February 2023 10:08 AM

ආගමත්, ආදරයත්, ආර්ථිකයත්, නීතියත් රකින්න සැමදාම...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 543 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 65 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 91 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 317 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 212 1

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 109 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 669 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 481 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site