IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


පාසල් සිසුන් අතේ මත්කුඩු

 

 

 

හෙරොයින් මත් කුඩු ලංකාව පුරා ව්‍යාප්තවූ ආකාරයේ බරපතළකම මතුවූයේ පසුගියදා පොල්ගහවෙල සිසුවකු හෙරොයින් කුඩු පැකට් තුනක් සමග අත්අඩංගුවට ගැනීමත් සමගය.

විදුහල්පතිගේ දැනුම් දීම මත පොලිසිය කළ පරීක්ෂා කිරීමේ දී සිසුවාගේ සාක්කුවේ ගිනි පෙට්ටියක දමා තිබූ හෙරොයින් පැකට් තුන හසු වී ඇති අතර එහි හෙරොයින් මිලිග‍්‍රෑම් 45ක් පමණ තිබී ඇත.

උසස්පෙළ වාණිජ අංශයේ ඉගෙනුම ලබන 18 හැවිරිදි එම සිසුවාගේ මව විදේශගතවී සිටින අතර පියා සුළු රැකියාවක් කරයි. සිසුවාගේ තොරතුරු මත තවත් 18 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගන්නේ කුඩු පැකට් දෙකක් ද සමගිනි. ඔහු අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු අධ්‍යාපනය අතරමග නවතා දැමූ අයෙකි.

ඔවුන් කියා ඇත්තේ වෙනත් ප‍්‍රදේශයකින් කුඩු ගෙනැවිත් තමන් ද භාවිත කරන ගමන් අන් අයටද විකුණන බවයි.

මෑත කාලයේ හෙරොයින් ගැන වැඩි කතාබහක් ඇතිවූයේ විශාල ප‍්‍රමාණයේ හෙරොයින් තොග හමුවීම නිසාය.  හෙරොයින් හා ඇතැම් පොලිස් නිලධාරීන්ගේද, ඇතැම් දේශපාලනඥයන්ගේ ද සම්බන්ධතා ගැන මීට මාස කිහිපයක සිට විවිධ කතා වාර්තා විය.

ඒ සිද්ධීන් වාර්තා කරමින් මාධ්‍ය මගින් අනතුරු ඇඟවූයේ අනාගතය භාරගැනීමට සිටින තරුණ - තරුණියන් ගිල ගැනීමේ පිපාසයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පසුවන බවයි. එය සත්‍ය බව තහවුරු වූයේ පොල්ගහවෙල සිද්ධියත් සමගය.

පොල්ගහවෙල, අලව්ව, කුරුණෑගල ප‍්‍රදේශවල මත් කුඩු උවදුර තදින් පැතිරී ඇතැයි පොලිස් ආරංචි කියයි. එම ප‍්‍රදේශවල පාසල් සිසුන් රැුසක් හෙරොයින් උවදුරට ගොදුරු වී හමාර බව ද එම ආරංචි කියයි.

”අපේ ළමයි ගොඩක් කුඩු ගහනවා. අනිත් අය කරද්දී අපිටත් සමහර වෙලාවට නොකර ඉන්න බැරිවෙනවා. මාත් එකපාරක් දෙපාරක් පාවිච්චි කරලා තියනවා. ළමයි බල කරපු නිසා තමයි පාවිච්චි කළේ.” එසේ පැවසුවේ වයඹ පළාතේ පාසලක උසස් පෙළ සිසුවෙකි.

ඔහු පවසන ආකාරයට මිතුරන්ගේ හෝ පිටස්තර පුද්ගලයන්ගේ බලපෑම උඩ හෙරොයින් සඳහා ඇබ්බැහි වූ සිසුහු ද සිටිති.

”අපේ කට්ටිය කුඩු, කං හැන්දෙන් එකක් ගන්නේ රුපියල් දාහකට විතර. සමහර ළමයි කුඩු බිස්නස් කරනවා. එයාලා ඒකෙන් ගොඩක් හම්බ කරනවා. ඉස්කෝලෙ ඇතුළේ ටොයිලට්ස් ඇතුළෙදි වගේ තමයි ගොඩක්  ඕක කරන්නේ. ටොයිලට්ස් ළඟ  ඕන තරම් ඊයම් කොළ තියෙනවා.”

මත් කුඩු භාවිතා කරන බස්නාහිර පළාතේ පාසල් සිසුවකු පැවසුවේ අත්හදා බැලීමක් වශයෙන් මුලින් භාවිත කළ බවයි.

”අපේ කට්ටිය ඊයම් කොළයක තියලා යටින් ගිනි කූරක් ගහලා මොනවද අදිනවා දැකලා තියනවා. සමහරු රුපියල් විස්සේ කොළයක් අරගෙන ඒක රෝල් කරලත් කරනවා. යාළුවො කිව්වා උඹත් ගහලා බලපන් කියලා. මටත් ආස හිතුනා මොකද වෙන්නේ කියලා බලන්න.  ෆුට්බෝල්වලට හවස ඉස්කෝලෙ ඉද්දි අනිත් අයත් එක්ක මන් මුලින් ගැහුවා. අයියා කෙනෙක් තමයි දුන්නේ. ඒක උඩට ඇද්දම මොළේ කැඩිලා ගියා වගේ දැනුනේ. ගොඩක් අමාරුයි.”එම සිසුවා පැවසූ ආකාරයට හවස ක‍්‍රීඩා පුහුණුව සඳහා සිටිද්දී ඔහු මත්කුඩු භාවිතයට යොමුවී ඇත. අතිරේක පන්ති යන බව පවසමින් මුදල් ඉල්ලාගෙන කුඩු භාවිත කරන බව එම සිසුවා කියයි.”ආර්ථික විද්‍යාව පංතියකටයි, ව්‍යාපාර අධ්‍යයනය පන්තියකටයි යනවා කියලා තමයි ගෙදරින් සල්ලි ඉල්ල ගන්නේ. රුපියල් තුන් දහස් පන්සීයක් හම්බෙනවා. ඒකෙන් තමයි කුඩු ගන්නේ. දවස ගානේ කෑමටයි, ගමන් වියදම් වලටයි දෙන ඒවත් එකතු කර ගන්නවා. මම නිතරම පාවිච්චි කරන්නේ නෑ. සතියකට එක පාරක් දෙපාරක් කට්ටිය සෙට් වුණාම තමයි ගන්නේ.”

පාසල් සිසුන් හෙරොයින් භාවිත කර හසුවූ පළමු අවස්ථාම මෙය නොවේ. පසුගිය ජූලි මාසයේ පිළියන්දල පාසල් සිසුන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවට පත්වූයේ  දෙහිවල, බඩෝවිට දී හෙරොයින් පානය කරමින් සිටිය දීය. ඔවුන් දෙදෙනා අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසුන් දෙදෙනෙකි. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඞ් බාරයේ සිට පසුව දඩ නියම විය.

මොරටු සරසවියේ ඉන්ජිනේරු පීඨ සිසුන් බව කියන දෙදෙනෙකු හෙරොයින් සමග අත්අඩංගුවට පත් වූයේ පසුගිය වසරේය. ඒ රත්මලාන මැලිබන් හන්දියේදීය.

පාසල් සිසුන් මත් උවදුරෙන් බේරා ගැනීමට ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුනට ඇත්තේ ද විශාල වගකීමකි. සිසුන්ගේ හැසිරීම් රටා ගැන ගුරුවරුන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. පාසල් වැසිකිළි අසළ නිතර ගැවසෙන සිසුන් ගැන සොයා බැලිය යුතුය. විවිධ ක‍්‍රීඩාවලට හා විෂය බාහිර ක‍්‍රියාකාරකම්වලට පාසල් කාලයෙන් පසු පාසලේ සිසුන් රැුඳී සිටිද්දී ඔවුන් වෙනත් අයථා කාර්යයන්ට යොමු නොවන සේ කටයුතු කළ යුතුය. ඒ ගැන විශේෂ අවධානයක් යොමු කළේ නම් පෙර කී සිසුවා ද මත්කුඩු සඳහා ඇබ්බැහි වන්නේ නැත.පාසල් සිසුන් දෙදෙනකු ළඟ තිබී මත්කුඩු බවට සැක කරන කුඩු වර්ගයක් ගුරුවරයකුට හමුවූයේ බස්නාහිර පළාතේ පාසලකිනි. එම ගුරුවරයා එම කුඩු වර්ගය සහ සිසුන් දෙදෙනා ද කැටුව විදුහල්පති ළඟට ගොස් සිද්ධිය විස්තර කළේය. ‘කුඩු? ගම්බිරිස් කුඩු තියනවා, කහ කුඩු තියනවා, මිරිස් කුඩු තියනවා. මොන කුඩක්ද?’ සිද්ධිය සැහැල්ලූවෙන් ගත් විදුහල්පතිගේ මුවින් පිටවූයේ එම වදන්ය. සිසුන් ද ඉදිරිපිට ගුරුවරයා දැඩි අපහසුතාවට පත්විය. මෙය වාර්තා වූ එක් සිද්ධියක් පමණි.

පාසල් සිසුන් මතට යොමුවීමට බලපෑ තවත් ප‍්‍රධානම හේතුවක් වනුයේ දරුවා පවුල් පරිසරයෙන් ඈත් වීමයි. පොල්ගහවෙල සිසුවාට ද එය බල පා තිබිණි.
පාසල් සිසුන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වීම ගැන කුරුණෑගල තල්විට පුරාණ විහාරය හා මහර නුගේගොඩ කඩවත ඉසිපතන ශ‍්‍රී සම්බෝධි විහාරය යන උභය විහාරාධිපති ශාස්ත‍්‍රපති මොරතිහේ සෝරත හිමියන්ගෙන් විමසීමක් කළෙමු.

‘පාසල් සිසුන් මත්ද්‍රව්‍ය සඳහා යොමුවෙන්න සමාජීය, ශාරීරික හා මානසික හේතු බලපානවා. පවුල්, ආගමික, අධ්‍යාපන, දේශපාලන හා ආර්ථික ආදී සමාජීය හේතු දරුවන් මත්ද්‍රව්‍යයට යොමුවන අවස්ථා දැක ගන්න පුළුවන්.

පවුල් සංස්ථාව බිඳවැටීම, මවුපියන් දුරාචාරයේ යෙදීම, දෙමාපියන් හා දරුවන් අතර අන්නොන්‍ය බැඳීමක් නැතිකම නිසා දරුවන්ට නිසි රැුකවරණ අහිමි වෙනවා. ඒ නිසා දරුවෝ ඉබාගාතේ යනවා. යෞවන වයසේ දරුවන්ගේ ලක්ෂණය තමයි අලූත්දේ අත්හදා බලීමට ඇති ආශාව. කවුරු හරි මොනව හරි කරනවා දැක්කම ඒ දේ කරන්න යනවා. ඒක යෞවන වයසේ ස්වභාවය. වැඩිහිටියන් දැගන්නට  ඕනෑ ඒ වයසේදී කළ යුතු සහ නොකළ යුතු දේ කියා දෙන්න.

දෙමාපියන්, ගුරුවරුන් පමණක් නෙමේ ආගමික නායකයන්ටත් මෙහි ලොකු වගකීමක් තියෙනවා. බෞද්ධ දර්ශනයේ තියෙනවා ආශ‍්‍රය කළ යුතු සහ ආශ‍්‍රය නොකළ යුතු මිතුරන් ගැන. නරක ආශ‍්‍රය නිසා මත්ද්‍රව්‍යයට යොමුවණු සිසුන් රැසක් හමුවී තිබෙනවා. වැඩිහිටියන් වශයෙන් අපි දරුවන්ට ඒ ගැන කියා දෙන්න  ඕනෑ.

විශේෂයෙන් දරුවන්ට අවේලාවේ වීදි සංචාරය කරන්න ඉඩ දෙන්න හොඳ නෑ. දරුවන්ගේ අතේ යහමින් මුදල් ගැවසෙනවා නම් ඒ ගැන සොයා බැලියි යුතුය. ඒ වගේම තමයි දරුවන්ගේ අතට අනවශ්‍ය ප‍්‍රමාණයට වඩා මුදල් නොදිය යුතුයි.

 

 

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා -

ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළට හෙරොයින් වැනි මත්කුඩු සංක‍්‍රමණය වීම ඉතා කනගාටුදායක තත්ත්වයක්. පාසල් යන පිරිමි දරුවන් වැඩිපුර මුදල් වියදම් කරන්නේ නම්, ඔවුන්ගේ චර්යාවේ වෙනසක්  ඇත්නම් ඒ පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමුකරවන ලෙස  දෙමව්පියන්ගෙන් ඉල්ලනවා. මත් කුඩු තුරන් කරන්න පොලිසියට විතරක් අමාරුයි. සිවිල් වැසියන්ගේ සහයෝගය  ඒ සඳහා අත්‍යවශ්‍යයි.

 

 

 



අදහස් (0)

පාසල් සිසුන් අතේ මත්කුඩු

ජයවර්ධන Tuesday, 26 November 2013 02:00 PM

විශේෂ පොලිසි හා මහජන කමිටු සංවිධානය වුවහොත් මේ උවදුර මැඩලිය හැකියි. නැත්නම් සිංහලයා තව තවත් උන්මත්තකයින් වේවි. මේවා කාට කියන්නද? (නි)

:       0       0

දර්ශා Sunday, 24 November 2013 05:20 PM

අප හැමෝම එකා වගේ කටයුතු කරනාවා නම් මෙම උවදුරු මත් කුඩු. මත් පැන් මැඩලීම පහසුයි. (නදී)

:       0       0

කසුන් ධර්මවංහ Sunday, 24 November 2013 11:47 AM

ඔබලා ඉන්න මාතලේ නගරයට ඇවිත් බලන්න සිංහල පාසැල් අසල කුඩු විකුනන ආකාරය. අකුරණ මාතලේ යන පෙදෙස් වල මෙය දිනපතා මෙය සිදුවන දෙයක්.(නදී)

:       0       0

ගමගේ Monday, 25 November 2013 08:51 PM

එතකොට කුඩු ගෙන්නන බලවත් අයට මොකදවෙන්නේ? (අ)

:       0       0

ලාල් ජකර්තා Monday, 25 November 2013 08:55 PM

රට පුරාම සංවර්ධනය.මේවා කාටද?සංවර්ධනයේ,ආශ්චර්යේ ප්‍රථිලාභ අනාගත බහුතර සිංහලයාට නම් බුක්ති විදින්න ලැබෙයි කියා හිතන්න අමාරුයි. (නි)

:       0       0

චන්දන Tuesday, 26 November 2013 06:35 PM

කුඩු නසන්න එකම බෙහෙත එල්ලුම් ගහ (නදී)

:       0       0

සරත් Thursday, 05 December 2013 09:58 AM

අපේ ගමේ ගංජා විකුනන්න පටන් ගත්තා. කොල්ලෝ එකතු වෙලා ගහල එලවලා දැම්මා. පැත්ත පළාතේ ආවෙ නැහැ ආයේ. ආණ්ඩුවට බැරි නම් අපි වත් අපේ පොඩි උන් බේරගන්න ඕනේ.(නදී)

:       0       0

චතුර ධනුෂ්ක Tuesday, 17 December 2013 12:28 PM

මගෙ නම් අදහස මේ රට සිංහල, දෙමල, මුස්ලිම්, බර්ගර් කියන හැමෝගෙම රටක්. අපේ රටේ සේනා හදන්න ඕනේ මේ අපරාද වලට විරුද්දව මිසක්, අහිංසක මිනිස්සු අදහන ආගම ජාති වලට පහර දෙන්න නෙවෙයි. ඇයි මේවාට විරුද්ධව නැගී නොසිටින්නේ?  (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 77 0

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 761 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1302 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 177 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 409 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 580 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 509 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 729 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2033 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site