ජනපි‍්‍රය බොලිවුඞ් නළු රිතික් රොෂාන් පසුගියදා හදිසියේම රෝහල් ගත කෙරුණි. ඒ, මොළයේ ලේ කැටියක් සිරවීම නිසා යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. ඔහු සැත්කමකට ද භාජනය කෙරුණු බව පැවැසිණි. රොෂාන්ගේ බිරිය ඇතුළු පවුලේ අයත් යහළුවනුත් ඔහු අසලම සිටි අතර, ෂාරුක් ඛාන් වැනි බොලිවුඞ් සුපිරි තරු ඔහුගේ සුවදුක් බැලීමට ද පැමිණියහ. රිතික්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ දෙස් විදෙස් රංගන ශිල්පිනියන් අතර මෙක්සිකෝ නිළියක් ද සිටින්නීය.
ඇය බොලිවුඩයට ද ආගන්තුක නොවේ. ඒ වෙන කවුරුවත් නොව, මීට වසර කිහිපයකට පෙර, එනම් 2010 දී ‘කයිට්ස්’ චිත්‍රපටයේ රිතික්ගේ පෙම්වතිය ලෙස
රංගනයෙන් දායක වූ සුරූපිනි බාබරා මෝරිය. ‘කයිට්ස්’ චිත්‍රපටය මෙරට සිනමාහල්වල ද තිරගත විය. පිළිකා රෝගියකුව සිට ප්‍රතිකාර ලබා එම පිළිකාව පරාජය කිරීමට සමත් වූ ඇය රංගන ශිල්පිනියක වී ජීවිතය ජය ගත් තැනැත්තියක යැයි කීවොත් එහි ද වරදක් නැත. ඇය දිරිය කාන්තාවකි.
බාබරා මෝරි ඔචෝවා, උපන්නේ 1978 වසරේ පෙබරවාරි දෙවැනිදා ය. ඇය උරුගුවේ, ජපන් හා මෙක්සිකන් සම්භවයක් ඇත්තියකි. ඇගේ මිත්තණිය ජපන් ජාතික කාන්තාවකි. බාබාරාට සොහොයුරියක හා සොහොයුරකු සිටින අතර ඔවුහු ද මේ වනවිට රංගනයට පිවිස සිටිති.
බාබරාගේ මවත් පියාත් ධනවත් නොවූහ. එහෙත් බාබරාටත් ඇගේ සොහොයුරියට සහ සොහොයුරාට නිසි අධ්‍යාපනයක් ලබා දීමට ඔවුහු වෙහෙසුණහ. බාබරා වයස අවුරුදු 14 දී, පාසල අවසන් වී අවන්හල් සේවිකාවක ලෙස රැුකියාව කළාය. දිනක් අහම්ඹෙන් මෙන් ඇය සේවය කළ අවන්හලට සුවිශේෂී පුද්ගලයෙක් පැමිණියේය. ඒ, මෝස්තර නිර්මාණ ශිල්පී මාකස් ටොලේඩෝය. ඔහු පැමිණ සිටියේ තවත් සුරූපී යුවතියන් දෙදෙනකු ද සමඟය. ඔවුන්ට සංග්‍රහ කිරීම පැවැරුණේ බාබරාටය. කුඩා කල සිටිම සුරූපී යුවතියක වූ බාබරා ගැන මාකස් උනන්දුවක් දැක්වීය. රංගන ශිල්පිනියක වීමට බොහෝ කලකට පෙර, මෝස්තර නිරූපිකාවක ලෙස ඉදිරියට පැමිණීමට බාබරාට අවස්ථාවක් උදා වූයේ ටොලේඩෝ නිසාය.
වයස අවුරුදු 17 වෙද්දී, බාබරා වෘත්තීය නිරූපිකාවක ලෙස රැුකියාව කරන්න වූවාය. මෙක්සිකන් ජනපි‍්‍රය නළු සර්ගියෝ මේයර් සමඟ පෙමින් වෙළෙද්දී, බාබරාගේ වයස අවුරුදු 19 කි. වසර ගණනාවක් ඔවුහු පෙම්වතුන් වී සිටිය ද විවාහ නොවූහ. 1998 වසරේ දී ඇය, පුතකු බිහි කළාය. සර්ගියෝ මේයර් සමඟ සිටිද්දී බාබරා පැපොරාසී කැමරා ශිල්පීන්ගේ ඇසට නිරන්තරයෙන් ලක් වූවාය. මෝස්තර නිරූපිකාවක ලෙස කටයුතු කරනවාට වඩා ලොකු ජනපි‍්‍රයත්වයක් ඇයට නොමිලේම හිමිවිය. ඇය රංගනයට උනන්දුවක් දැක්වූයේ එම අවස්ථාවේදීය.
රංගන ශිල්පිනියක ලෙස බාබරා, මෙක්සිකෝවේ ඇස්ටෙකා නාළිකාවේ රූපවාහිනී මාලා නාටකයකට සම්බන්ධ වූවාය. ඇය රසික හදවත් දිනා ගනිමින් ජනපි‍්‍රය වූයේ 2004 වසරේදී ‘රූබි’ නමැති ටෙලි කතා මාලාවට සම්බන්ධ වීමෙනි.
ආදායම් වාර්තා බිඳ හෙලූ මෙක්සිකෝ චිත්‍රපටයක් වන ‘ල මුජේ දෙ මි හර්මානෝ’ චිත්‍රපටයේ රඟපෑමට 2005 වසරේ ඇයට වාසනාව උදා වූයේ රූපවාහිනිය හරහා රසික හදවත් දිනා ගැනීමට සමත් වූ නිසාය.
‘ල මුජේ දෙ මි හර්මානෝ’ චිත්‍රපටයේ ඇය කළ රංගනය විචාරකයන්ගේ පැසැසුමට ලක් විය. එපමණක් නොව, ඇයට චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ගේ අවධානය දිනා ගැනීමට ද හැකිවිණි. මේ අතර බොලිවුඞ් චිත්‍රපට නිෂ්පාදකවරයෙක් ද සිටී. ඒ, ‘කයිට්ස්’ චිත්‍රපටයේ නිෂ්පාදක රාකේෂ් රෝෂන් ය. රිතික් රොෂාන් යනු රාකේෂ් රෝෂන්ගේ පියා ය. තම පුතු රිතික් රෝෂන් සමඟ ‘කයිට්ස්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන නටාෂාගේ චරිතය සඳහා බාබරා තෝරා ගැනුණේ 2007 වසරේය. 2008 වසරේ ජූලි මස අගදී ‘කයිට්ස්’ චිත්‍රපටයේ රූගත කිරීම් ඇරැඹුණි. ඒ, ඇමෙරිකාවේ නිව් මෙක්සිකෝ, ලාස් වේගස් සහ ලොස් ඇන්ජලීස් යන නගරවලදී ය.
”කයිට්ස් චිත්‍රපටයට මාව තෝරා ගැනීමට මට ලොකු සතුටක්. බොලිවුඞ් සිනමාව ගැන මා කිසිවක් දැන සිටියේ නැහැ. මුලින් මා බොලිවුඞ් සිනමා නිර්මාණ කිහිපයක් නැරැුඹුවා. ඒවායේ නැටුම් ගැයුම්වලට සුන්දර ආදර කතාවලට මා වශී වුණා. බොලිවුඞ් සිනමාවේ මෙන් නැටුම් ගැයුම් හොලිවුඞ් චිත්‍රපටවල නැහැ. රිතික් හඳුනාගත්තාට පස්සේ ඔහු මට ඔහු රඟපෑ බොලිවුඞ් චිත්‍රපට ඞී.වී.ඞී. ගෙනත් දුන්නා. මා ඒ හැම චිත්‍රපටයක්ම ආසාවෙන් නැරඹුවා.” යැයි බාබරා ඉන්දියාවේ ‘ෆිල්ම්ෆෙයා’ සඟරාව සමඟ පවසා තිබුණි.
කයිට්ස් චිත්‍රපටයේ අධ්‍යක්ෂක අනුරාග් බාසු සහ රඛේෂ් රොෂාන් කයිට්ස් චිත්‍රපටයේ නටාෂාගේ චරිතය සඳහා මෙක්සිකෝ නිළියක් සෙවීම සිදු කළේ රංගන පරීක්ෂණ කිහිපයක් ද පවත්වමිණි. සුරූපී මෙන්ම ප්‍රසිද්ධ නිළියන් කිහිප දෙනකු එම පරීක්ෂණයට සහභාගි කරවා ගැනුණු අතර, සුපිරි හොලිවුඞ් නිළි පෙනොලපී කෲස් පවා ඊට සම්බන්ධ වූ බව ඉන්දියාවේ ෆිල්ම් ෆෙයාර් සඟරාව වාර්තා කර තිබුණි. ”චිත්‍රපටයට මාව තෝරා ගෙන සිටියා ද කියලාවත් එදා මා දැන සිටියේ නැහැ. ඒ බව ඔවුන් මට දැනුම් දෙන තුරු මා දැන සිටියේ නැහැ” යැයි බාබරා ෆිල්ම් ෆෙයාර් සඟරාවට පවසා තිබුණේ ඉතා නිහතමානීවය.
බාබරා මෝරි ගැන ඉන්දියානුවන් උනන්දු වූයේ ‘කයිට්’ චිත්‍රපටයේ රූගත කිරීම් ඇරඹීමටත් පෙර සිටය. බොලිවුඞ් සුරූපිණියන්ට වඩා ඇය ගැන කාගේත් උනන්දුවක් ඇති වූයේ අන් කිසිම හේතුවක් නිසා නොව රිතික් රෝෂන් සමඟ රංගනයෙන් දායක වීමය. රිතික් සහ බාබරා ගැන ඕපාදුප කටකතා ඇරඹුණේ ඔවුන් චිත්‍රපටයේ පමණක් නොව සැබෑ ජීවිතයේදී පවා සමීපව ඇසුරු කිරීමත් සමඟය. මේ සම්බන්ධයෙන් බාබරා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ රිතික්, රිතික්ගේ බිරිය සුසෑන්, රිතික්ගේ මව පින්කි හා පියා රාඛේෂ් ඇතුළු රොෂාන් පවුලට සමීප වෙන්න ලැබීම ඇයට ගෞරවයක් බව ය. ඇය රොෂාන් පවුලේ හොඳ මිතුරකු වූ බවය.
‘කයිට්ස්’ චිත්‍රපටය තවත් පැත්තකින් ඉතා වැදගත් චිත්‍රපටයක් බවට පත් විය. රාකේෂ් රොෂාන් එය නිර්මාණය කළේ බොලිවුඞ් රසික රසිකාවියන් ඉලක්ක කර ගනිමින් පමණක්ම නොවේ. චිත්‍රපටය ජාත්‍යන්තර පේ්රක්ෂක අවධානයක් දිනා ගන්නවා දැකීම ඔහුගේ අරමුණ විය. අනුරාග් බාසු අධ්‍යක්ෂණය කළ මිනිත්තු 130 ක් දිග කයිට්ස් චිත්‍රපටයේ බොලිවුඞ් පිටපතට අමතරව ජාත්‍යන්තර පේ්රක්ෂකයන් වෙනුවෙන් හොලිවුඞ් පුරවරයෙන් වෙනම කයිට්ස් පිටපතක් නිර්මාණය කර තිබේ. එහි අධ්‍යක්ෂකවරයා වන්නේ හොලිවුඩයේ ජනප්‍රිය අධ්‍යක්ෂකවරයෙකු වන බ්රැට් රැට්නර් ය. කයිට්ස් චිත්‍රපටයේ එම ඉංගී්රසි පිටපත මිනිත්තු 90 කට සීමා විය.
බටහිර රටවල ජනපි‍්‍රය වුවත්, ඉන්දියාවේ ‘කයිට්ස්’ චිත්‍රපටය එතරම් සාර්ථක වූයේ නැත. ඒ, හින්දි බස කතා කළත්, රිතික් රෝෂාන් ප්‍රධාන චරික නිරූපණය කළත්, එහි බොලිවුඞ් සිනමාවේ අනන්‍යතාව නොතිබීම නිසා යැයි විචාරකයෝ පෙන්වා දෙති.
”චිත්‍රපටය නරඹද්දී හින්දි උපසිරැසි කියවලා මගේ දෑස් රිදෙන්න ගත්තා. ඒකට හේතුව බාබරා, මෙක්සිකන් තරුණියක් වීමයි. ඇය රඟපාන නටාෂාගේ චරිතයත් මෙක්සිකන් තරුණියකගේ චරිතයක්. ඒ නිසා ඇය කතා කරන්නේ ස්පාඤ්ඤ බසින් මිසක් හින්දියෙන් නොවේ. චිත්‍රපටයේ ඇයට හුඟක් දෙබස් තිබෙනවා. ඒ හැම දෙබසක්ම තේරුම් ගත්තේ හින්දි උපසිරැුසිවලිනුයි.” යැයි එම අවදියේදී බොලිවුඞ් සිනමා විචාරකයෝ බොහෝ දෙනෙක් චෝදනා කළහ.
”ඉන්දියාවේ ඉන්නේ ඒකාකාරී චිත්‍රපට රසික රසිකාවියන් පිරිසක්. ඔවුන්ට ඉඳලා හිටලා බුරියානි දෙන්න මා උත්සාහ කරනවා. ඒවා තමයි ‘ඩූම්2’ සහ ‘කි‍්‍රෂ්’. මේ වතාවේ මා උත්සාහ කළේ ඔවුන්ගේ රස වින්ඳනය උදෙසා අලූත් දෙයක් දෙන්නයි. වෙනසක් කරන්නයි. ඒ වෙනස තමයි කයිට්ස්. මේ වතාවේ මා ඔවුන්ට දුන්නේ බුරියානි නොවේ පාස්ටා” (පාස්ටා යනු මෙක්සිකෝවේ රස කෑමකි) යැයි රඛේෂ් රෝෂන් කයිට්ස් චිත්‍රපටය ගැන අදහස් දක්වමින් ෆිල්ම් ෆෙයාර් සඟරාවට පවසා තිබුණි.
2011 වසරේ දී බාබරා කි‍්‍රයාදාම රූපවාහිනී කතාමාලාවක් වූ ‘වියෙන්ටෝ එල් කොන්ට්රා’ හි ප්‍රධාන චරිතයට පණ පෙව්වාය. මෙම කතා මාලාව ද අතිශයින් ජනපි‍්‍රය විය. කොතරම් ජනපි‍්‍රයත්වය ලැබුවත් තමා කළක් පිළිකා රෝගියකුව සිටි බව බාබරා අමතක නොකළාය.
පිළිකා රෝගී කාන්තාවන් වෙනුවෙන් අරමුදල් රැස් කිරීමට පවා ඇය කැප වූවාය. ඇය ඒ වෙනුවෙන් විශේෂ අරමුදලක් ද පිහිටුවා ඇත. ඇය ආ ගමන් මඟ පිළිබඳව වාර්තා වැඩසටහනක් ද නිර්මාණය කළාය. ඒ යුනිග්ලෝබල් චිත්‍රාගාරය සමඟ එක් වීමෙනි. ඇගේ එම වාර්තා වැඩසටහන ‘1 අ මිනියුත්’ නම් විය. එය ඉංගී්රසි සහ හින්දි බසින් ඇමෙරිකාවේත් ඉන්දියාවේත් රූපවාහිනී නාළිකාවල විකාශය කෙරුණි.
ෆිල්ම් ෆෙයාර් ඇසුරිනි
හොලිවුඞ් සරාගිනිය මේගන් ෆොක්ස්
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පිළිකාව පරදා රිදී තිරය ජයගත් මෙක්සිකෝ සුරූපිනිය බාබරා මෝරි
තරක Wednesday, 21 August 2013 09:13 AM
රිතික් රොෂාන් යනු රාකේෂ් රෝෂන්ගේ පියා ය. තම පුතු රිතික් රෝෂන්.........මේ මොකද.(අ)
ජගත් Friday, 16 August 2013 02:01 PM
ඉතා හොදයි. සුභ පැතුම්! (නි)
තරූ Sunday, 25 August 2013 08:20 AM
අයියෝ රාකේෂ් රොෂාන් යනු රිතික් රොෂාන්ගේ පියා.(නදී)