IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


පළාත් සභා.. විපක්ෂයේ විසම්මුතිය

දහතුන – දහතුන - දහතුන. මෙය අවසානයක් ද නැති ප්‍රතිඵලයක් ද නැති සංවාදයකි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා යැයි පවසමින් ඉකුත් ජූලි 26 වැනිදා ‘‘සර්ව පාක්ෂික’’ සමුළුවක් කැඳවීය. දැන් එම ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ගනු ලැබ ඇත.

පසුගිය බදාදා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කළ වික්‍රමසිංහ මහතා එහිදී ද අවධාරණයෙන් කීවේ ආර්ථික ප්‍රශ්න පිළිබඳව හා පොලිස් බලතලවලින් තොරව 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම පිළිබඳවය. සංවේදී කරුණක් වන පොලිස් බලතල පළාත් සභාවලට පැවරීමෙන් තොරව 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව තම තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්නැයි ඔහු එහිදී සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියේය.

ඉහත කී ‘‘සර්ව පාක්ෂික’’ සමුළුව පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සිරස්තලය ලෙස යොදා තිබුණේ සියලු පක්ෂ සමග 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සාකච්ඡා කිරීම යනුවෙනි. නිවේදනයේ විස්තරාත්මක කොටසේ සඳහන් වූයේ සංහිඳියාව ඇති කිරීම සඳහා වූ ආණ්ඩුවේ වැඩපිළිවෙළ පිළිබඳවත් උතුර, නැගෙනහිර සංවර්ධන සැලැස්ම පිළිබඳවත් පක්ෂ නායකයන් දැනුවත් කිරීම සමුළුවේ අරමුණ බවය. එහෙත් එම සමුළුවද මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් පසුගිය දශක හතරක් තිස්සේ කෙරුණු සිය ගණනක් වූ සාකච්ඡා මෙන් කිසිදු එකඟතාවක් හෝ ඉදිරි සාකච්ඡා දිනයක් පිළිබඳ දැනුම්දීමක් හෝ නැතිව අවසන් විය.

දශක හතරක අත්දැකීම් අනුව අනුමාන කළ හැක්කේ දැනට පාර්ලිමේන්තුවේ කෙරෙන සංවාදයටද එවැනිම ඉරණමක් අත්වනු ඇති බවය. විශේෂයෙන්ම සිංහල මෙන්ම දෙමළ ජාතිකවාදී දේශපාලන පක්ෂ මේ කාරණයේදී ජනාධිපතිවරයාගේ මතයට විරුද්ධ වීම නිසාත් ජනාධිපතිවරයාගේ අරමුණ ද ප්‍රකාශිත අරමුණට වඩා වෙනස් යැයි පෙනෙන නිසාත් එවැනි දෙයක් සිදුවීමේ සම්භාවිතාව ඉතා ඉහළය.

2017 දී පළාත් සභා නීතිමය අර්බුදයක් නිසා අකර්මණය වීම, 2018 ව්‍යවස්ථා අර්බුදය, 2019 පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාර, 2020 කොවිඩ් ගෝලීය වසංගතය හා එතැන් සිට උග්‍ර වූ ආර්ථික අර්බුදය සහ මහජන නැගිටීම්, එහි ප්‍රතිඵයක් ලෙස 2022 දී ඇති වූ දේශපාලන අර්බුදය හා පාලනයේ ඇති වූ වෙනස්වීම් ආදී ප්‍රශ්න නිසා යටපත් වූ හා සැමට අමතක වූ ජනවාර්ගික ප්‍රශ්නය යළි කරළියට ගෙන එනු ලැබුවේ ජනාධිපති වික්‍රමසිංහ මහතා විසින් ඉකුත් නොවැම්බර් මස අයවැය විවාදයේදීය. ඒ 2023 පෙබරවාරි 4 වැනිදාට යෙදුණු 75 වැනි නිදහස් දින උත්සවයට පෙර ජනවාර්ගික ප්‍රශ්නය විසඳන බවට කළ ප්‍රකාශයකිනි.

එතැන් සිට ඔහු විටින් විට දුන් පොරොන්දු හා කළ ප්‍රකාශ අනුව මතුවන ප්‍රශ්නයක් නම් ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම යන්නෙන් හා 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම යන්නෙන් ඔහු අදහස් කරන්නේ එකම කරුණක්ද නැත්නම් කරුණු දෙකක්ද යන්නයි.

විටෙක ඔහු අසුවල් දිනට පෙර ජනවාර්ගික ප්‍රශ්නය විසඳන බව පවසයි. තවත් විටෙක අසුවල් දිනට පෙර 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන බව පවසයි. මෙම ප්‍රකාශවල පරස්පර විරෝධී භාවයක් නැතැයි අප සිතන්නේ නම් ඔහු ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම යන්නෙන් හා 13 වැනි ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම යන්නෙන් අදහස් කරන්නේ එකකි.

එහෙත් 75 වැනි නිදහස් දිනට පෙර ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම සඳහා යැයි පසුගිය දෙසැම්බර් 13 වැනිදා ඔහු කැඳවූ ‘‘සර්ව පාක්ෂික’’ රැස්වීමේ දී පෙබරවාරි 4 වැනිදාට පෙර ජනවාර්ගික ප්‍රශ්නය විසඳන්නේ නම් ඊට පෙර එනම් ජනවාරි 31 වැනිදාට පෙර 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කොට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන්නැයි දෙමළ පක්ෂ ඉල්ලා සිටියේය. මෙම ඉල්ලීම අනුව පෙනෙන්නේ ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම යනු 13 වැනි  සංශෝධන පූර්ණ වශයෙන් ක්‍රියාත්මක  කිරීමෙන් ඔබ්බට ගිය කටයුත්තක්  බවය. ඒ දෙක එකක් නොව දෙකක් බවය. ජනාධිපති වරයාද මෙම ඉල්ලීමට එදා එකඟ විය. එහෙත් දෙකෙන් එකක්වත් ඉටු නොවීය.

ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම හා 13 වැනි සංශෝධන පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම යනු කාරණා දෙකක් නම් පසුගිය කාලයේ ජනාධිපතිවරයා කළ ප්‍රකාශ ගණනාවක් එකිනෙකට පරස්පරය. නොවැම්බර් මාසයේදී හා දෙසැම්බර් මාසයේ ජනවාර්ගික ප්‍රශ්නය විසඳන්නට කතා කළ ඔහු ජනවාරි 15 වැනිදා ජාතික තෛපොංගල් උත්සවය අමතමින් වසර දෙකක් තුළ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන බව පැවසීය. යළිත් එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලියේ දී මේ වසර තුළ ජනවාර්ගික ප්‍රශ්නය විසඳන බව කීවේය. පසුගිය මස සිය ඉන්දීය සංචාරයට පෙර යළිත් පොලිස් බලතල පළාත් සභාවලට නොපවරා 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන බව කීවේය. එම සංචාරයෙන් පසු 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීය. දැන් පොලිස් බලතල පළාත් සභාවලට නොපවරා 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවේ අනෙකුත් පක්ෂවල අදහස් විමසයි.

දෙමළ පක්ෂ පවසන්නේ 13 වැනි සංශෝධනය දැනටමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් වන හෙයින් එය ක්‍රියාත්මක කිරීම පිළිබඳව තවත් සාකච්ඡා කළ නොහැකි බවයි. එහෙත් පළාත් සභාවලට පොලිස් බලතල නොපවරා එම සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු යැයි මතයක් දැරීමටත් ඒ මතය පාර්ලිමේන්තුවේ දී හෝ පිටස්තර සංවාද මණ්ඩපයක දී හෝ සාකච්ඡාවට භාජන කරවීමටත් ජනාධිපතිවරයාට ඇති අයිතිය කිසිවකුටත් ප්‍රතික්ෂේප කළ නොහැකිය. ඔහුගේ අරමුණ පිළිබඳ ප්‍රශ්න මතුවීම වෙනම කාරණයකි.

පළාත් සභාවලට පොලිස් බලතල නොපවරා 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන්නටනම් තවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වේ. මන්දයත් එම බලතල එම සංශෝධනය මගින්ම පළාත් සභාවලට පවරනු ලැබ ඇති හෙයිනි. පළාත් සභාවලට මෙතෙක් එම බලතල ක්‍රියාත්මක කළ නොහැකි වූයේ මෙතෙක් සිටි කිසිදු ජනාධිපතිවරයෙක් ඒ සඳහා වූ යාන්ත්‍රණය සකස් කොට නොදීම නිසාය. එනම් පළාත්වලට නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතේ වෙන් වෙන් පොලිස් කොට්ඨාසයක් (ඩිවිෂන් එකක්) පිහිටුවීම සිදු වූයේ නැත.

එසේ වුවද නියෝජ්‍ය පොලිස්පති කොට්ඨාසවල සීමා පළාත් සීමා සමග සමපාත වන අයුරින් යළිත් සකස් කළ යුතු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය පෙබරවාරි මාසයේ දී නව පාර්ලිමේන්තු සැසිය විවෘත කරමින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දී සඳහන් කළේය. එසේ කළ යුත්තේ ඇයි? ඒ වන විට ඔහු ජනවාර්ගික ප්‍රශ්නය විසඳන බවට ද 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් විසඳන බවටද ප්‍රකාශ කොට තිබූ හෙයින් පළාත් පදනමින් නියෝජ්‍ය පොලිස්පතිවරුන් යටතේ පළාත් පොලිස් කොට්ඨාස පිහිටුවීම එම යෝජනාවේ අරමුණ වී යැයි කෙනකු සිතීම සාධාරණය. එහෙත් ඔහු දැන් පළාත් සභාවලට පොලිස් බලතල නොදිය යුතුය යන මතයේ සිටී.

පළාත් සභාවලට පොලිස් බලතල නිසි ලෙස පැවරීම ජාතික ආරක්ෂාවට තර්ජනයකැයි ඇතැම් පිරිස් සිතති. එහෙත් ජනාධිපතිවරයා එවැනි මතයක් මෙතෙක් ප්‍රකාශ කොට නැත. ඔහු ඉකුත් බදාදා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළ පොලිස් බලතල පිළිබඳ කාරණය ඉතා සංවේදී නිසා 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමේ දී මුලින් පහසු කාරණා ඉටුකොට පසුව මෙම කාරණාවට යා හැකිය කියාය.

1988 13 වැනි සංශෝධනය සම්මත වූ දා සිට එම සංශෝධනය මගින් පළාත් සභාවලට බෙදා දෙන ලද විෂයයන් ගෙන් පළාත් සභා යටතේ කොහෙත්ම ක්‍රියාත්මක නොවූයේ පොලිස් බලතල හා ඉඩම් බලතලයි. එහෙත් සංවේදී කාරණාවකැයි සලකා දැන් ජනාධිපතිවරයා පළාත් සභාවලින් ඉවත් කළ යුතු යැයි කියන්නේ පොලිස් බලතල පමණි. ඉන් අදහස් කෙරෙන්නේ ඉඩම් බලතල පිළිබඳව එවැනි සංවේදී බවක් දැන් නැති නිසා විය යුතුය. දකුණේ ජාතිවාදී පක්ෂ හෝ එම ප්‍රශ්නය මතු නොකිරීම නිසාද එම කරුණ දැන් සංවේදී කාරණාවක් ලෙස ඔවුන් ද නොසලකන බව පෙනේ.

13 වැනි සංශෝධනයෙන් ඉඩම් බලතල පළාත් සභාවලට පැවරුව ද රටේ ඉඩම්වල අයිතිය පවතින්නේ මධ්‍යම ආණ්ඩුව යටතේ යැයි ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය කාලයේ තීන්දු කොට තිබිණි. ඉඩම් ප්‍රශ්නයේ සංවේදී බව නැතිව ගියේ ඒ නිසා විය යුතුය.

පොලිස් බලතල සම්බන්ධයෙන් අදහස් දක්වමින් දෙමළ ජනතා ජාතික පෙරමුණේ නායක සී.වී. විග්නේශ්වරන් පසුගියදා ජනාධිපතිවරයාට යෝජනා කොට තිබුණේ පළාත් පොලිසිය පිළිබඳ බියක් පවතී නම් එම පොලිසියට වෙනත් ආයුධ නොදී බැටන් ​පොලු පමණක් දිය යුතු බවය. එහෙත් මේ කාලයේ සුළු සුළු සොරකම්වලට හා කෝලාහලවලට පවා භයානක ආයුධ පාවිච්චි කෙරෙන තත්ත්වයක් යටතේ එවැනි පොලිසියකට සොරකම් හෝ කලකෝලාහල මැඩ පැවැත්විය නොහැකිය. ඔහුගේ යෝජනාව ප්‍රායෝගික නොවේ.

පළාත් සභාවල බලතල වෙනස් කිරීමට පෙර දැනට එම සභා ක්‍රියාත්මක කරන බලතල යට​තේම පළාත් සභා මැතිවරණ පැවැත්විය යුතු යැයි දෙමළ පක්ෂ මෙන්ම විරුද්ධ පක්ෂ ද ඉල්ලා සිටී. එහෙත් එම වෙනස්කම් කිරීමෙන් පසු පළාත් සභා මැතිවරණ පැවැත්විය යුතුයැයි ජනාධිපතිවරයා පසුගිය බදාදා පාර්ලිමේන්තුවේ දී පැවසුවේය. එජාප මැතිවරණවලට දක්වන බියත්, යෝජිත මෙම වෙනස්කම්වල සංකීර්ණ බවත් එකට ගෙන සලකා බලන කල 13 වැනි සංශෝධනය පිළිබඳ වත්මන් සංවාදයේ අරමුණ පළාත් සභා මැතිවරණ තවදුරටත් කල්  දැමීමදැයි යන සැකය මතුවේ.

පොලිස් හා ඉඩම් බලතල ඇතුළු පළාත් සභාවල බලතල සම්බන්ධයෙන් විපක්ෂයේ සියලු පක්ෂ එක මතයක නැත. ඒ අනුව  13 වැනි සංශෝධනය පිළිබඳ සංවාදය ඉදිරියට යාමේ දී එම පක්ෂ අතර ආරවුල් ඇති වීමට ඉඩ තිබේ. එය ද වත්මන් සංවාදයේ අරමුණක් විය හැකිය.

එසේම මෙම සංවාදය උණුසුම් වුවහෝ රටේ ආර්ථික ප්‍රශ්නවලින් ජනතාවගේ අවධානය එම සංවාදය වෙතට මුළුමනින්ම යොමු විය හැකිය. එය මෙම සංවාදයේ තවත් අරමුණක් විය හැකිය.

13 වැනි සංශෝධනය පිළිබඳ වත්මන් සංවාදය නිසා පළාත් සභාවලට වැඩි බලතල ලැබෙනු ඇතැයි දකුණේ ඇතැම් පිරිස් සිතන බව පෙනේ. එසේම පළාත් සභාවල බලතල මෙමගින් අඩුවනු ඇතැයි දෙමළ පක්ෂ සිතන බව ද පෙනේ. එහෙත් මෙම සංවාදය සංවාදයකින් ඔබ්බට යාමේ ඉඩකඩ ඉතා අවම හෙයින් ඒ දෙපාර්ශ්වයට බිය වීමට  හේතුවක් නැත.

(*** එම්.එස්.එම්. අයුබ්)



අදහස් (5)

පළාත් සභා.. විපක්ෂයේ විසම්මුතිය

AB Saturday, 12 August 2023 07:29 PM

වසර 36ක සිට පවතින බලය බෙදීම ගැටලුව පළාත් සභා ක්‍රමයට විසඳුමක් වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන ලද විසඳුම් ඉතාම ප්‍රායෝගික ස‍ාධනීය සහ ක්‍රියාත්මක කළහැකි විසඳුම් පමණක් නොව ආර්ථික වශයෙන් එම විසඳුම් ඉතාම වැදගත් වේ. පළාත් සභා වෙනුවෙන් ඇමැතිවරයකු පත්කර ඔහු යටතේ එම පළාත් සභාවේ පරිපාලනය මෙහෙයවීමට හැකියාව සහ පළාත් සභා වෙනුවෙන්ම දේශපාලකයින් පත්කර කෝටි ගණනක මුදල් වියදම් කරනවා වෙනුවට රටේ මහජනතාවට පිළිගත හැකි විසඳුමකි. මෙම ක්‍රියාදාමය නිසා පළාත් සභාවේ පරිපාලනය සහ ක්‍රියාවලිය මධ්‍යම රජය දැනුවත්ව සිදුකිරීමට හැකියාව ලැබීමද විශේෂත්වයකි. දෙවනුව උතුරු නැගෙනහිර දේශපාලකයින් පාර්ලිමේන්තුවට පත්ව විපක්ෂයේ සිය බලය බෙදීම පිළිබඳ හැර මහජන ගැටළු පිළිබඳව නිහඬව සිටීම පිළිබඳව ඉදිරියේදී ගැටළුවක් නොමැත. අලුතින් පළාත්සභා වෙනුවෙන්ම පත්වන ඇමැතිවරයා මගින් පළාත් සභාවේ ක්‍රියාවන් නිසි ආකාරයට සිදුකිරීමට හැකියාව ඇත...

:       0       1

AB Saturday, 12 August 2023 07:30 PM

පාර්ලිමේන්තුවට පත්වන සියලු මන්ත්‍රීවරුන් වෙත යම් රාජකාරියක්, වැඩකොටසක් ලබාදීමට හැකියාව පවතියි. එම නිසා පාර්ලිමේන්තුවට පත්වන නවක මන්ත්‍රීවරුන් ඔවුන් අයත් පළාත් සභාව තුළ එම පළාත් සභාවට පත්කරනා කැබිනට් ඇමැතිවරයා සමග එක්ව ඔවුන්ගේ ගැටළු සාකච්ඡා කර විසඳා ගැනීමට හැකියාව ලැබේ. විසඳා ගැනීමට නොහැකි ගැටළු පළාත් සභාවට පත්කරනා ඇමැතිවරයා මගින් මධ්‍යම රජයට ඉදිරිපත් කර අවශ්‍ය විසඳුම් සහ උපදෙස් ලබාගැනීමට හැකියාව ඇත. පළාත් සභා මන්ත්‍රීවරුන් ඇමැතිවරුන් ඔවුන්ගේ කර්යමණ්ඩල වාහන දීමනා සහ වෙනත් වරප්‍රසාද වෙනුවෙන් වැයවන/ අනවශ්‍ය වියදම රුපියල් කෝටි ගණනක මුදල සීඝ්‍රයෙන් අඩුකිරීමට හැකියාව ලැබේ. එම මුදල ණය ගෙවීමට සහ පාසල් අධ්‍යාපනයට, සෞඛ්‍යය වෙනුවෙන් යොදාගැනීමට හැකියාව පවතියි. පාර්ලිමේන්තුවට පත්වන මන්ත්‍රීවරුන්ට එම වැටුප සහ කාර්ය මණ්ඩලය පළාත් සභා වෙනුවෙන්ද යොදවා ගැනීමට හැකියාව පවතියි. උතුරු, නැගෙනහිර ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත්ව එම ජනතා ගැටළු අමතක කර බලය බෙදීම වෙනුවෙන්ම පසුගිය වසර 36කට අධික කාලයක් විපක්ෂයේ අසුන් ගත් දේශපාලකයින්ට එම කාර්යය ඒ ආකාරයෙන්ම කරගෙන යාමට අවස්ථාව‍ තිබේ.

:       0       1

AB Saturday, 12 August 2023 07:32 PM

උතුරේත් දකුණේත් පුරවැසියන් 100% මෙම නව ප්‍රවේශයට එකඟ වනු ඇත. උතුරු, නැගෙනහිර දේශපාලකයින්, සහ දකුණේ බලය වෙනුවෙන්ම පාර්ලිමේන්තුවේ සිටිනා දේශපාලකයින් මෙයට අකමැති වුවත් අති බහුතරයක් ශ්‍රී ලාංකිකයින්ගේ සහයෝගය මේ සඳහා ලැබෙනු ඇත. දේශපාලකයින් නොමැති පළාත් සභාවට නියෝජ්‍ය විගණකාධිපතිවරයකු පත්කර සියලු කාර්යයන් නිසි විගණනයක් යටතේ පවත්වාගෙන යාමට අවස්ථාවද ලබාදීමට කටයුතු කළයුතුවේ. උතුරු, නැගෙනහිර පොලිස් බලය වෙනුවට ද්‍රවිඩ සහ මුස්ලිම් පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් ප්‍රමාණය වැඩිකර පත් කිරීමේ හැකියාව ඇත. ශ්‍රී ලංකාව Multicultural country / inclusive society සහිත රටකි. එමනිසා උතුරට/ නැගෙනහිර සිංහල කතාකරන්නා වූ නියෝජ්‍ය පොලිස් පතිවරයකු යටතේද දකුණු සිංහලයන් වෙසෙන පළාත් ද්‍රවිඩ / මුස්ලිම් නියෝජ්‍ය පොලිස් පතිවරයකු යටතේද සේවය ලබාදීම තුළ සංහිදියාව ක්‍රමයෙන් ඇතිවනු ඇත. ශ්‍රී ලංකාවේ දේශපාලනයේ වෙනසක් සහ යුගයේ වෙනසක් වෙනුවෙන් දේශපාලකයින් අකැමැති වුවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම යෝජනාව තවදුරටත් ජනගත කිරීම සියලු දෙනාගේ වගකීම වේ.

:       0       1

AB Saturday, 12 August 2023 07:32 PM

විසඳුම් ඉදිරිපත් කිරීමට නොහැකි නිර්මාණශීලී නොවන බලය පමණක් වෙනුවෙන්ම වේදිකාවේ සහ පාර්ලිමේන්තුවේ මැතිවරණය පමණක් විසඳුම යනුවෙන් සිතා කටයුතු කරන දේශපාලන පක්ෂ/ කණඩායම් සියල්ලට බලය බෙදීම වෙනුවෙන් ලබාදුන් පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇති විසඳුමට විකල්ප විසඳුම් ඉදිරිපත් කිරීමට හැකියාව ඇත...

:       0       1

de silva berlin Sunday, 13 August 2023 11:29 AM

මොන දේ කරන්නත් පළාත් සභාවට මහජන නියෝජිතයෝ පත්කරන්න ඕනෑ මුදල් ඉතිරි කරගන්න... පළාත් සභා පළාත් පාලන ඡන්දෙ එක්කම පවත්වන්න දින නියම කළානම් බලය බෙදීමේ සංවාදය පටන් ගන්න පුළුවන්. නැතිනම් හැමෝම ඡන්ද නීති නිසා කතාකරලා ඵලක් නැහැ කියලා මග අරීවි..

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 625 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1016 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 141 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 392 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 556 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


ජයග්‍රහණය අබියස අභියෝගය
2024 නොවැම්බර් මස 18 927 0

ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2011 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site