IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


පළාත් සභා හතරක් හෙලවෙයි?

29_PAGE_06_M  ss

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ පුවතින් පසු විවිධ කතා සමාජයේ පැතිරෙන්නට විය. ”ආණ්ඩුවේ මැති ඇමැතිවරු 60ක් මෛත‍්‍රිගේ උදව්වට එනවා”, ”මහින්ද ඡන්දය නවත්වන්න යනවා”, ”පළාත් සභා හතරක් පෙරළා විපක්ෂයට බලය ගන්නවා”. මේ කතාවලට තටු ලැබී පියාඹන්නට විය. පෙරළන්නට යන බව කියන පළාත් සභා මොනවා ද? ඒවා පෙරළිය හැකි ද? මේ ඒ ගැන කරන සොයා බැලීමකි.

 

උතුරු මැද

 

පෙරළනවයි කී පළාත් සභාවලින් වැඩියෙන්ම අවධානය යොමු වූයේ උතුරු මැද පළාත් සභාව වෙතය. ඒ ආණ්ඩුවෙන් වෙන්වූ අමාත්‍යවරුන් දෙදෙනකු  උතුරු මැද පළාතේ වීම නිසාය. පොදු අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේන පොළොන්නරුව දිස්ත‍්‍රික්කය ද, අධ්‍යාපන සේවා හිටපු ඇමැති දුමින්ද දිසානායක අනුරාධපුර දිස්ත‍්‍රික්කය ද නියෝජනය කරති.


උතුරු මැද පළාත් සභා මැතිවරණය පැවැත්වූයේ 2012 වසරේදීය. ඒ මහින්ද රාජපක්ෂ ජනපති දෙවැනි වරටත් ජනපති ලෙස තේරී පත්වී වසර දෙකකට පසුය. එම පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡුන්ද 3,38,552ක් ලබාගෙන බෝනස් ආසන ද සමග පළාත් සභාවේ මන්තී‍්‍ර ආසන 21ක් හිමි කර ගත්තේය. ඡුන්ද 1,96,127ක් ලබා ගත් එක්සත් ජාතික පක්ෂය මන්ත‍්‍රී ආසන 11ක් ද, ඡන්ද 16,066ක් ලබා ගත් ජනතා විමුක්ති පෙරමුණ එක් ආසනයක් ද හිමි කර ගත්තේය.


ඒ අනුව උතුරු මැද පළාතේ ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රී ධුර ගණන 21ක් ද, විපක්ෂයේ මන්ත‍්‍රී ධුර ගණන 12ක් ද විය. උතුරු මැද පළාතේ ආහාර, සමුපකාර, කර්මාන්ත, පේෂකර්ම හා ග‍්‍රාම සංවර්ධන ඇමැති ලෙස කටයුතු කළේ පොළොන්නරුවෙන් තේරී පත්වූ පේෂල ජයරත්න මහතාය.


ඔහු පොදු අපේක්ෂක මෛති‍්‍රගේ ළඟම හිතවතෙකි. ඔහු පක්ෂයෙන් හෝ තනතුරින් හෝ ඉවත් වීමටත් පෙර පසුගිය සඳුදා (24) එම ධුරයෙන් ඉවත් කැරුණු අතර මහ ඇමැති රංජිත් සමරකෝන් උතුරු මැද ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතා ඉදිරියේ පේෂලගේ අමාත්‍ය ධුරයේ වැඩ බාර ගත්තේය.
ඒ සමගම පේෂල මෛත‍්‍රිපාල සිරිසේන මහතාට සහාය පළ කරන බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළේය. ඔහු විපක්ෂයට එකතු වීමත් සමග උතුරු මැද පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී ගණන 20ක් වූ අතර විපක්ෂ මන්ත‍්‍රීන් ගණන 13ක් විය. පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් ගණන අතර වෙනස හතකි. මන්ත‍්‍රී ධුර හතරක් වෙනස් කිරීමෙන් පළාත් සභාවේ බලය තමන් සතු කර ගත හැකි බව විපක්ෂයේ මතය විය. උතුරු මැද එක්සත් ජාතික පක්ෂය සහ පොදු අපේක්ෂකට සහාය පළ කරන බව කියන සන්ධාන මන්ත‍්‍රීවරුන් කිහිප දෙනකු අතර සාකච්ඡුා ඇරැුඹිනි.


උතුරු මැද පළාත් සභාවේ ආණඩු පක්ෂයේ පේෂල ජයරත්න හිටපු ඇමැතිවරයාට හිතවත් මන්ත‍්‍රීවරු හය දෙනෙකු ද, බර්ටි පේ‍්‍රමලාල් හිටපු මහ ඇමැතිට පක්ෂ මන්ත‍්‍රීවරු පස් දෙනෙකු ද සිටින බව කියති. ඒ පස් දෙනාගෙන් එක් මන්ත‍්‍රීවරයකු  දැනටමත් මහින්ද රාජපක්ෂ ජනපතිට උදව් කරන බව පෙනෙන්නට තිබේ.


පේෂල ජයරත්නට හිතවත් හය දෙනාගෙන් හතර දෙනකු නියත ලෙසම පොදු අපේක්ෂකයාට සහාය දැක්වීමට පොරොන්දු වී ඇති බවත්, දුමින්ද දිසානායක හිටපු ඇමැතිවරයාගේ හිතවත් මන්ත‍්‍රීවරු තිදෙනෙකු ද පොදු අපේක්ෂකයාට සහාය දෙන බවට පොරොන්දු වී ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.


එලෙස හත් දෙනකු පොදු අපේක්ෂකයාට සහාය දීමට පළාත් සභාවේ විපක්ෂයේ වාඩි වුවහොත් උතුරු මැද සංයුතිය සන්ධානයේ 13 ලෙස ද, පොදු විපක්ෂයේ 20 ලෙස ද උඩු යටිකුරු වනු ඇත. විපක්ෂයේ සියලූ මන්ත‍්‍රීවරුන්ගේ හා සන්ධානයෙන් පොදු විපක්ෂයට එන මන්ත‍්‍රීවරුන්ගේ දිවුරුම් පෙත්සම් ගෙන පළාත් සභාවේ විපක්ෂය බලය වැඩි බව පෙන්වා මහ ඇමැති ධුරය පේෂල ජයරත්න මහතාට ලබා දෙන්නැයි ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටීමට ද පිරිසක් සූදානම් වෙන බව පළාත් සභා ආරංචි මාර්ග කියයි.


කෙසේ වෙතත් උතුරු මැද සැසි වාරය ජනවාරි දෙවැනිදා දක්වා කල් තබා ඇත. පළාත් සභාව නැවත රැස්වීමට නියමිතව ඇත්තේ ජනවාරි දෙවැනිදාය. එදින ද පළාත් සභාව රැස් නොකරතියි සමහරු පවසති.


නම හෙළි කිරීමට අකැමැති වූ පළාත් සභා මන්ත‍්‍රීවරයකු මෙලෙස කීවේය.
”ඉදිරියේ කරන්න යන්නේ මොනවද කියා කලින් කිව්වොත් ආණ්ඩුව එය නවත්වන්න උත්සාහ කරනවා. විවිධ වරදාන වරප‍්‍රසාද දෙනවා. හෘද සාක්කියක් තියෙන පිරිස් තව ඉන්නවා නම් අපත් සමග එකතු වෙයි. මෛති‍්‍රපාල සිරිසේන මහත්තයත් යන මොහොත වෙනකම්ම කිව්වේ යන්නේ නෑ කියලා තමයි.”

 

සභාව පෙරලනවට වඩා අපට වැඩ තියෙනවා
පේෂල ජයරත්න


පළාත් සභාවේ බලය පොදු විපක්ෂයට ගන්නට යන බව කියන කතාව ගැන උතුරු මැද හිටපු ඇමැති පේෂල ජයරත්න මහතාගෙන් විමසීමු.


”උතුරු මැද පළාත් සභාව පෙරළනවා කියන එක අපට මහ ලොකු දෙයක් නෙවෙයි. උතුරු මැද පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ සියලූම මන්ත‍්‍රීවරුන් මීට පෙර ආණ්ඩුව විවේචනය කළ අවස්ථා තියෙනවා. පළාත් සභාව පෙරළන්න මන්ත‍්‍රීවරුන් පස් දෙනයි අවශ්‍ය. එය අපට කළ හැකියි. නමුත් මේ වෙලාවේ අපිට පළාත් සභාවට වඩා විශාල කාර්යයක් තියෙනවා ජනාධිපතිවරණය වෙනුවෙන් කරන්න. සියලූ කටයුතු සඳහා දින තිහක් පමණයි තියෙන්නේ. ඉතින් ඒ සඳහා වෙහෙසෙනවා. පළාත් සභාවේ බලය විපක්ෂයට ගන්න දිවුරුම් පෙත්සම් හදන්න, නඩු කටයුතු කරන්න කාලය මදි. ඒ කාලයත් අපි ජනාධිපතිවරණය සඳහා යොදවනවා.”

 

බස්නාහිර

 

බස්නාහිර පළාත් සභා මැතිවරණය පැවතියේ පසුගිය මාර්තු මාසයේදීය. වැඩිම මනාප ගැනීම සඳහා ගම්පහ සහ කොළඹ දිස්ත‍්‍රික්කයන්හි සන්ධාන මන්ත‍්‍රීවරුන් අතර ලොකු තරගයක් තිබෙනු දක්නට ලැබිණි. එම මැතිවරණයෙන් ඡන්ද 13,63,675ක් ලබා ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 51ක් දිනා ගත්තේය. එක්සත් ජාතික පක්ෂය ආසන 28ක් ද, සරත් ෆොන්සේකාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය ආසන නවයක් ද, ජනතා විමුක්ති පෙරමුණ ආසන හයක් ද, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පක්ෂය ආසන දෙකක් ද, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය ආසන දෙකක් ද, සමස්ත ලංකා ජනතා කොංග‍්‍රසය එක් ආසනයක් ද හිමි කර ගත්තේය.


ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය පළාත් සභාවට වෙනම තරග කළ ද එය එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග කටයුතු කරන පක්ෂයකි. ඒ අනුව බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ සංයුතිය 58ක් වූ අතර විපක්ෂයේ සංයුතිය 47ක්ව තිබිණි. ආණ්ඩුවේ හා විපක්ෂයේ මන්ත‍්‍රී ධුර ගණන අතර වෙනස 11ක්ව තිබිණි.


සරත් ෆොන්සේකාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ එක් මන්ත‍්‍රීවරයෙක් මීට සති දෙකකට පමණ පෙර ආණ්ඩුවට එක් විය. ඒ අනුව ආණ්ඩුවේ මන්ත‍්‍රී ධුර සංඛාව 59ක් වූ අතර විපක්ෂයේ මන්ත‍්‍රී ධුර සංඛ්‍යාව 46ක් විය.


පළාත් සභාවේ පරිසර ඇමැති ලෙස කටයුතු කළ උදය ගම්මන්පිල මහතා පරිසර ඇමැති ධුරයෙන් ඉවත් වූ අතර එම ඇමැති ධුරයේ මහ ඇමැති ප‍්‍රසන්න රණතුංග දිවුරුම් දුන්නේය. ගම්මන්පිල මහතා නියෝජනය කරන හෙළ උරුමයේ මන්ත‍්‍රීවරු තිදෙනෙක් බස්නාහිර පළාත් සභාවේ වෙති. හෙළ උරුමය ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වුව ද සන්ධානයෙන් ඉවත් නොවූ බව පක්ෂය කියයි. පාර්ලිමේන්තුවේ අයවැය අවසන් වර ඡුන්දයේ දී හෙළ උරුමය ඡුන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියේය.


බස්නාහිර පළාත් සභා ඡන්දය ද එළඹෙන සතියේ පැවැත්වීමට නියමිතය. හෙළ උරුමයේ මන්ත‍්‍රීවරුන් තිදෙනා පළාත් සභා අයවැය ඡන්දයේ දී ඡන්දය දීමෙන් වැළකී සිටියහොත් ආණ්ඩුවට ඡන්ද තුනක් අහිමි වන අතර එම ඡන්ද තුන විපක්ෂයට ද හිමි නොවනු ඇත. ඒ අනුව ආණ්ඩුවට පක්ෂව ඡන්ද 56ක් ද, අයවැයට විරුද්ධව ඡන්ද 46ක් ද ලැබෙනු ඇත. වැඩි ඡන්ද දහයකින් ආණ්ඩුව අයවැය ජය ගනු ඇත.


 ඕල් සිලෝන් මක්කල් පක්ෂයේ මන්ත‍්‍රීවරයා ද සන්ධානයට සහයෝගය දක්වන තත්ත්වයක් ඇති අතර ඔහු පළාත් සභාවේ අයවැයට පක්ෂව ඡන්දය ලබා දුනහොත් අයවැයට පක්ෂව ඡන්ද 57ක් ද අයවැයට විරුද්ධව ඡුන්ය 45ක් ද ලැබෙනු ඇත.


අයවැයේ දී ආණ්ඩුව පරද්දන්නට නම් පොදු විපක්ෂයට මන්ත‍්‍රී ධුර හයක් වැඩි කර ගත යුතුය. එහි දී ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය තීරණාත්මක සාධකයකි. ආණ්ඩුවේ මන්ත‍්‍රීවරු කියනුයේ ඔවුන් අයවැයට පක්ෂය ඡන්දය භාවිත කරන බවයි. විපක්ෂය කියනුයේ ඒ මන්ත‍්‍රීන් දෙදෙනා පොදු විපක්ෂයට ගැනීමට උත්සාහ කරන බවයි.


මේ අතර බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ සාමාජිකයකු ගැන පසුගිය සතියේ වැඩි කතාබහක් ඇති විය. ඇය හිරුණිකා පේ‍්‍රමචන්ද්‍රය. හිරුණිකා ගැන වැඩි කතාබහක් ඇති වූයේ ඇය කළ කතාවක් නිසාය. මේ හිරුණිකා කළ කතාවයි.

 

 

ඇත්ත නිල් ලේ තියෙන පාක්ෂිකයෝ තව කාලෙකින් හොයන්නත් බැරි වේවි
හිරුණිකා


”රාජිත සේනාරත්න හා මෛත‍්‍රිපාල සිරිසේන කියන්නේ මගේ තාත්තගේ මරණේ වේලාවේත් මරණින් පසුවත් තාත්තා වෙනුවෙන් නොබියව කතා කරපු දෙන්නෙක්.  මෛත‍්‍රිපාල සිරිසේන කියන්නේ ඉතාම පිරිසිදු අවංක චරිතයක්. රාජිත සේනාරත්නත් එහෙමයි. මේ වෙලාවේ පොඩි ප‍්‍රශ්නයක් තියෙනවා. ඔවුන් අනිත් පැත්තට ගියා. අපිට ඔවුන් ආයේ ගෙන්වා ගන්න බෑ. අපි උත්සාහ කරන්න  ඕනෑ පක්ෂෙ ඇතුළේ ඉන්න අය හරි රැක ගන්න. මේ විදිහට එක්කෙනා දෙන්නා කැඩිලා ගියොත් අවසානයේ මේ පක්ෂය ඇතුළෙ ඉතුරු වෙන්නේ කුඩුකාරයෝ ටිකයි, එතනෝල්කාරයෝ ටිකයි, මංකොල්ලකාරයෝ ටිකයි, බිස්නස්කාරයෝ ටිකයි විතරයි. ඇත්ත නිල් ලේ ශරීරයේ ඇතුළේ දුවන ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ එක්කෙනෙක් හොයා ගන්න බැරි වෙනවා තව ටිකක් කල් යන කොට.  අපිට ලොකු පාඩමක් උගන්වන සමයක් මේ. අපිට ඉස්සර තිබුණේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු කියලා. අද මොකක්ද කියන්න වෙලා තියෙන්නේ? කුඩු, එතනෝල්, මිනීමැරුම්, දූෂණ, වංචා, කොමිස්. තාවකාලිකව වාසි තකා මේ පක්ෂයට ළඟ දී ආපු හෙන්චයියො ටික නිසා තමයි අපේ මේ  හිටපු අහින්සක හොඳ මිනිස්සු ටික අපිට නැති වෙලා යන්නේ.”


ඒ ආන්දෝලනාත්මක කතාවත් සමගම වැඩි දෙනකු කීවේ හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර ද පොදු විපක්ෂයට එක් වනු ඇති බවයි. එමෙන්ම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාට ලැදියාවක් දක්වන තවත් මන්ත‍්‍රීවරුන් දෙදෙනකු ද, හෙළ උරුමයේ ද සහාය ඇතිව විපක්ෂයේ බලය වැඩිපුර පෙන්වා උදය ගම්මන්පිල මහ ඇමැති කරවන වෑයමක් ඇතැයි ද සමහරු කියති. කෙසේ වෙතත් බස්නාහිර පළාත් සභාවේ බලය පොදු විපක්ෂයට ගැනීමට සාකච්ඡුා කිහිපයක් පැවැත්වූ බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේය.


ආණ්ඩුවට සහාය දක්වන මන්ත‍්‍රීන් 57 දෙනා රැක ගැනීමට මහ ඇමැති ප‍්‍රසන්න රණතුංග ඇතුළු පිරිස දැඩි උත්සාහයක් ගත්තේය. ඒ ගැන සාකච්ඡුා කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරු පසුගිය බ‍්‍රහස්පතින්දා (27) විශේෂ සාකච්ඡුාවකට ද කැඳවනු ලැබූහ. ඉන් පසු විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීය.
බස්නාහිර බලය ගැනීමට යන කතාව ගැන පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන්ගෙන් විමසීමු.

 


මේ සභාව වට්ටන්න බෑ
මහ ඇමැති ප‍්‍රසන්න රණතුංග  


”බස්නාහිර පළාත් සභාවේ අපිට මන්ත‍්‍රීවරු 60 දෙනෙක්ගේ සහයෝගය තිබෙනවා. හෙළ උරුමය තනතුරුවලින් අයින් වුණාට සන්ධානයෙන් අයින් වෙලා නැහැ. හෙළ උරුමයේ ඡන්ද තුන අයවැයට නොලැබුණාට අපට ඡන්ද 57ක් තියෙනවා. බහුතරය කියන්නේ 53යි. අපට ඡන්ද 57ක් තියෙනවා. මේ බස්නාහිර පළාත් සභාවේ බලය අල්ලනවා කියා ප‍්‍රචාරය කරන්නේ බොරුවට. එහෙම කරන්න හැකියාවක් නෑ.

 


සභාවේ බලය අල්ලන්න පුළුවන් කියා මා හිතන්නේ නෑ
පළාත් සභා මන්ත‍්‍රී උදය ගම්මන්පිල (ජාතික හෙළ උරුමය)


”බස්නාහිර පළාත් සභාවේ බලය අල්ලන්න පුළුවන් වෙයි කියා මා හිතන්නේ නෑ. පළාත් සභාවට සන්ධානෙන් ආසන 56ක් ලැබුණා. මුස්ලිම් කොංග‍්‍රසයේ දෙදෙනා සහ මක්කල් කොංග‍්‍රස් මන්ත‍්‍රීවරයා ආණ්ඩුවත් එක්ක ඉන්නවා. ඒ අනුව 59යි. මෑතක දී ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ මන්ත‍්‍රීවරයෙක් ආණ්ඩුවට එකතු වුණා. ඔක්කොම 60යි. ජාතික හෙළ උරුමයේ අපේ මන්ත‍්‍රීවරු තිදෙනා අයවැයට ඡන්දය දීමෙන් වැළකෙනවා. ඒ අනුව ආණ්ඩුවට තවත් 57ක් තිබෙනවා.
පළාත් සභා බලය අල්ලා මං මහ ඇමැති වෙන්න කියා කියන කිසිම කුමන්ත‍්‍රණයකට අපි සම්බන්ධ වෙලත් නෑ. එහෙම සාකච්ඡුාවකට මෙතෙක් සහභාගි වෙලත් නෑ. අපි සමග කවුරුත් එහෙම දෙයක් ගැන කතා කරලත් නෑ. අපි තනතුරුවලින් ඉවත් වුණාට තවම සන්ධානයෙන් ඉවත් වෙලා නෑ.”

 


මෛති‍්‍ර දිනුවම අවශ්‍ය වෙනස්කම් වෙයි
විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක හර්ෂණ රාජකරුණා


”අපි උත්සාහ කරන්නේ හැමදාම විපක්ෂයේ ඉන්න නෙමේනේ. ශ‍්‍රී ලංකාවේ සියලූම පළාත් සභාවල බලය කවදා හරි අරගන්නයි අපි උත්සාහ කරන්නේ. රටේ ලොකු වෙනසක් කරන්නයි අපි හදන්නේ. ජනවාරි අට වැනිදා ඡන්දයෙන් මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජයග‍්‍රහණය කරනවා. ඉන් පසු අවශ්‍ය වෙනස්කම් වෙයි.”

 

ඌව

 

පළාත් සභා මැතිවරණවලින් අවසන් වරට පැවතියේ ඌව පළාත් සභා ඡන්දයයි. ඌව ඡන්දය ගැන වැඩි දෙනකුගේ කතාබහට ලක් විය. රාජපක්ෂ කෙනකු වන ශෂීන්ද්‍ර රාජපක්ෂ සන්ධානයේ මහ ඇමැති අපේක්ෂකයා වෙද්දී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් ඉවත් වූ හරීන් ප‍්‍රනාන්දු එජාපයේ මහ ඇමැති අපේක්ෂකයා විය.


ඡන්දය පැවැතිදා ඡන්ද නීති උල්ලංඝණය කිරීම් රැසක් වාර්තා වූ අතර මොණරාගල දිස්ත‍්‍රික්කයේ පැහැදිලි ජයක් සන්ධානයට හිමි වෙද්දී බදුල්ල දිස්ත‍්‍රික්කය තරමක් අපහසුවෙන් සන්ධානය ජය ගත්තේය.


ඡන්ද 3,49,906ක් ගත් එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 19ක් ද, ඡන්ද 2,74,773ක් හිමි කර ගත් එක්සත් ජාතික පක්ෂය ආසන 13ක් ද, ඡන්ද 36,580ක් හිමි කර ගත් ජනතා විමුක්ති පෙරමුණ ආසන දෙකක් ද ඌව පළාත් සභාවේ හිමි කර ගත්තේය.


ඒ අනුව ඌව පළාත් සභාවේ ආණ්ඩුවට ආසන 19ක් ද, විපක්ෂයට ආසන 15ක් ද හිමි විය. ආණ්ඩුවට ඇත්තේ වැඩි ආසන හතරක් පමණි. ආණ්ඩු පක්ෂයෙන් මන්ත‍්‍රීවරුන් දෙදෙනකු විපක්ෂයට ගියහොත් ආණ්ඩුව හා විපක්ෂ බලය සමාන වන අතර විපක්ෂයට මන්ත‍්‍රීවරුන් තිදෙනකු ගියහොත් විපක්ෂය පළාත් සභාවේ බලය අත්පත් කර ගනු ඇත.


පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයෙන් මන්ත‍්‍රීවරුන් තිදෙනකු විපක්ෂයට ගෙන පොදු විපක්ෂය බලය අල්ලාගෙන මහ ඇමැති ශෂීන්ද්‍ර ඉවත් කර එක්සත් ජාතික පක්ෂයේ හරීන් ප‍්‍රනාන්දු මහ ඇමැති කරවීමේ තැතත් ක‍්‍රියාත්මක වෙතියි ඌව පළාත් සභා ආරංචි කියයි.


ඌව පළාත් සභාවේ සන්ධාන මන්ත‍්‍රීවරුන් කිහිප දෙනකු සමග මේ වන විටත් සාකච්ඡුා පවත්වා අවසන් බව විපක්ෂයේ මන්ත‍්‍රීවරයෙක් කීවේය. එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුවට මන්ත‍්‍රීවරුන් කිහිප දෙනකු ගැනීමේ උත්සාහයක් ක‍්‍රියාත්මක වන බව ද දැන ගන්නට ඇත.


ආණ්ඩුව ගැන කලකිරීමෙන් සිටින ඌව පළාත් සභාවේ සන්ධාන මන්ත‍්‍රීවරුන් දෙදෙනකුට වෙනත් තනතුරු ලබා දී ඔවුන් රඳවා ගැනීමට උත්සාහ කරන බව ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

 

 


ඌව පළාත් සභාවේ විපක්ෂ නායක හරීන් ප‍්‍රනාන්දු


‘ඌව පළාත් සභාවේ අය වැය තිබුණේ පොදු අපේක්ෂකයා ඉදිරිපත් කරන්නට පෙර. අය වැයට පක්ෂව ඡන්ද 18ක් ලැබෙද්දි විරුද්ධව ඡන්ද 15ක් ලැබුණා. අපි තව මන්ත‍්‍රීවරුන් තුන් දෙනෙක් විපක්ෂයට ගත්තොත් විපක්ෂයේ 18යි. අපට බහුතර බලය ලැබෙනවා.


අපි දැන් සාකච්ඡුා කරනවා විපක්ෂයේ මන්ත‍්‍රීන් සංඛ්‍යාව වැඩිකර ගන්න. බ‍්‍රහස්පතින්දා (27) සභාව රැස්වුණාම සභාව ජනවාරි 15ට කල් තිබ්බා. අපි විරුද්ධ වෙද්දි තමයි කල් තිබ්බේ. ඒ වුණාට දිවුරුම් පෙත්සම් මගින් අපිට බහුතරය ඇති බව ආණ්ඩුකාරවරයාට පෙන්නුවොත් බලය අපට ගන්න පුළුවන්. එහෙම නැත්නම් නඩු මාර්ගයට යන්න වෙනවා. අපි මේ වෙනකොට අවශ්‍ය උත්සාහයන් ගනිමින් ඉන්නවා.’

 

නැගෙනහිර

 

නැගෙනහිර පළාත් සභා මැතිවරණය 2012 දී පැවැත්විණි. එම මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 14ක් ද, ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂයට ආසන 11ක් ද, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයට ආසන 07ක් ද, එක්සත් ජාතික පක්ෂයට ආසන හතරක් ද, ජාතික නිදහස් පෙරමුණට එක් ආසනයක් ද හිමි විය.


ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය සහ ජාතික නිදහස් පෙරමුණ වෙනම තරග කළ ද ඔවුහු එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහයෝගය පළ කරති. ඒ අනුව නැගෙනහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයට ආසන 22ක් හිමිව තිබූ අතර විපක්ෂයට ආසන 15ක් හිමිව තිබිණි.


පළාත් සභාවට සන්ධානයෙන් තරග වැදුණු සමස්ත ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ මන්ත‍්‍රීවරු තිදෙනෙක් පසුගිය සතියේ ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වූහ. අමීර් අලි, සිබ්ලි අබ්දුල් ෆාරුක් සහ එම් සුබයර් ඔවුහුය. එම්. සුබයර් මහතා පළාත් සභාවේ උප සභාපතිවරයාය. ඒ අනුව ආණ්ඩුවේ ආසන සංඛ්‍යාව 19ක් විය. ඔවුන් තිදෙනා විපක්ෂයට සහාය පළ කළ හොත් විපක්ෂයේ ආසන සංඛ්‍යාව 18ක් වනු ඇත.


ආණ්ඩු පක්ෂයෙන් තවත් මන්ත‍්‍රීවරයකු විපක්ෂයට ගත හොත් පොදු විපක්ෂය නැගෙනහිර පළාත් සභාවේ වැඩි බලයක් ලබා ගනු ඇත. එලෙස කටයුතු කර එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක, පළාත් සභා මන්ත‍්‍රී දයා ගමගේ මහතා පළාත් මහ ඇමැති කරවීමේ උත්සායක් පවතින බව ද සමහරු කියති.
විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගෙන් කිහිප දෙනකු ගැනීමට ආණ්ඩුව ද සාකච්ඡුා පවත්වන බව තව පිරිසක් කියති.


නැගෙනහිර පළාත් සභාවට වෙනම තරග කළ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය ආණ්ඩුවට සහාය පළ කළේ කොන්දේසියක් මතය. ඒ වසර දෙක හමාරක් සන්ධානයේ නියෝජිතයකු මහ ඇමැති ධුරය දරා ඉන් පසු මුස්ලිම් කොංග‍්‍රසයේ නියෝජිතයකුට මහ ඇමැති ධුරය ලබා දිය යුතු බව වූ  ගිවිසුමක් මතය.
ඒ අනුව දැනට සන්ධානයේ නියෝජිතයකු මහ ඇමැති ධුරය දරණ අතර ජනවාරි මාසයේ දී එය මුස්ලිම් කොංග‍්‍රසයේ නියෝජිතයකුට ලබා දිය යුතුය. ඇතැම් විට සන්ධානය මහ ඇමැති ධුරය මුස්ලිම් කොංග‍්‍රසයට ලබා නුදුනහොත් මුස්ලිම් කොංග‍්‍රසය නැගෙනහිර දී ආණ්ඩුවෙන් ඉවත් වීමට හැකිය.

 

නැගෙනහිර පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රී
දයා ගමගේ


‘ඇත්තටම බැලූවොත් නැගෙනහිර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට තියෙන්නේ ආසන පහයි. අම්පාරෙන් දෙකයි. ත‍්‍රිකුණාමලයෙන් තුනයි. රිෂාඞ් බදුර්දීන්ගේ පක්ෂයේ තුන් දෙනයි, අතාවුල්ලාගේ පක්ෂයේ තුන් දෙනයි, පිල්ලෙයාන්ගේ එක්කෙනයි, මුස්ලිම් කොංග‍්‍රසයේ හත්දෙනයි, බෝනස් ආසන දෙකයි. ගැට ගහගෙන තමයි සන්ධානෙ නැගෙනහිර ආණ්ඩු කරන්නේ.


රිෂාඞ් බදුර්දීන්ගේ පක්ෂයේ තුන් දෙනෙක් දැන් ආණ්ඩුවෙන් අයින්වෙලා. ආණ්ඩුවට දැන් 19යි. විපක්ෂයට 18යි. ආණ්ඩුවෙන් තවත් එක්කෙනෙක් විපක්ෂයට ආවොත් විපක්ෂය 19යි. ආණ්ඩුව 18යි.


ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වෙලා ඉන්නවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය කැමති ගොඩක් අය අපි එක්ක එකතු වෙලා ඔහු දිනවන්න කටයුතු කරනවා. ජනවාරි අටවැනිදා සිරිසේන මහතා ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කරද්දී  පළාත් සභා පහක බලය වත්මන් ආණ්ඩුවට නැතිව යනවා.’

 

නැගෙනහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයෙන් වෙන්වී ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කළ
සිබ්ලි අබ්දුල් ෆාරුක්


‘නැගෙනහිර පළාත් සභාවේ ආණ්ඩුවේ හිටපු අපි තුන්දෙනෙක් ස්වාධීන වෙන්න තීරණය කළා. අපි ආණ්ඩුවෙන් ඉවත් වුණාට විපක්ෂයට ගියේ නෑ. අපි ස්වාධීනයි. ඒ ඒ අවස්ථාවේ වෙන දේවල් බලලා ආණ්ඩුවට සහයෝගය දෙනවාද, ආණ්ඩුවට විරුද්ධව වැඩ කරනවාද කියා තීරණය කරනවා. දැන්ම ඒ ගැන කියන්න බෑ. ලබන සතියේ අය වැයේදී අපි අයවැයට පක්ෂව ඡන්දය දෙනවද විරුද්ධව ඡුන්දය දෙනවාද කියා දැන්ම තීරණය කරලා නැහැ. එදාට ඒ තත්ත්වය බලලා තමයි ඒක තීරණය කරන්නේ.


m

 



අදහස් (0)

පළාත් සභා හතරක් හෙලවෙයි?

කාන්ති Monday, 08 December 2014 05:11 AM

ඔහොම යමුකෝ! (නි)

:       0       0

සේනක Friday, 05 December 2014 04:13 PM

අපි බලමු මොකද වෙන්නේ කියලා (දී)

:       0       0

බිගු පෙරේරා Tuesday, 02 December 2014 09:05 AM

ජය නියතයි මෛත්‍රී මහතාට. (ර)

:       0       0

රොෂාන් Tuesday, 02 December 2014 09:33 AM

මොකටද අනේ පිල්මාරු ගහන්නේ. පාඩුවේ ඉන්නකෝ තමන්ගේ රෙස්පට් එක තියාගෙන (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4822 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 649 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1225 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 110 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 194 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 259 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39031 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25553 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 314 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1066 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 375 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site