අන්තර් පළාත් සංචරණ සීමා ඊයේ මධ්‍යම රාත්‍රි 12 සිට ලබන 30 වැනිදා දක්වා ක්‍රියාත්මක කරන බව රජය ඊයේ නිවේදනය කළේය. රටේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් අන්තර් දිස්ත්‍රික් සංචරණ සීමා පැනවීමටද ඉඩ ඇති බව රජය අනතුරු ඇඟවීමක්ද කළේය. එම අනතුරු ඇඟවීම තුළ අනතුරෙහි ගැඹුර පැහැදිලිව සටහන්ව තිබේ. මෙම තත්ත්වය එයට හිමි නිසි බරින් හඳුනා ගෙන කටයුතු කිරීම සියල්ලන්ම ඉදිරිපිට ඇති සාමූහික වගකීම වේ.
වසන්තයෙන් පසුව වසංගතය පැමිණිය හැකි බව තේරුම් නොගත් විචාරශීලීත්වය අහිමි කරගත් සියල්ලන්ගේම දායකත්වයෙන් කොරෝනා වගුර පළල්වී තිබේ. විශාලා මහනුවරක් බවට පත්ව ඇති ඉන්දියාවේ සජීවී අත්දැකීම් එයට හිමි නිසි අරුතෙන් ග්‍රහණය කර නොගැනීමේ වන්දිය ලෙස අන්තර් පළාත් සංචරණ සීමා පනවා තිබේ. අන්තර් දිස්ත්‍රික් සංචරණ සීමාව ඊට පිටුපසිනි. මුළු රටම අගුලු ලෑම ඊළඟ පියවර වේ. විනාශයෙන් පසුව සංරක්ෂණය සම්බන්ධයෙන් කටමැත දෙඩවීම ජාතික සිරිතක්ව ප්‍රගුණ කරන රටක කොරෝනා මාරක වසංගතය සමග සෙල්ලම් කිරීමට යාම අමුතු විමතියක් දනවන්නක් නොවේ.
ඉක්මයන මේ මොහොතක තුළ බොහෝ දෙනෙක් සෞඛ්‍ය විශේෂඥයෝ වී සිටිති. ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයෝද විපක්ෂයේ දේශපාලනඥයෝද සමාජ මාධ්‍ය ජාලාවල පිනුම් ගසන්නෝද විවිධ සමාජ ක්‍රියාකාරිකයෝද ඒ අතර වෙති. සැබැවින්ම මෙබඳු මාරක වසංගතයකදී කළමනා කටයුතු තීරණය කිරීමේ බලය සෞඛ්‍ය අධිකාරියට දිය යුතුය. ආරක්ෂක අංශවලට දිය යුතුය. ඔවුන්ගේ තීරණය අවසාන තීරණය විය යුතුය. එසේ නොවීම රට තුළ අවුල්සහගත චිත්‍රයක් ඇතිවීමට හේතුවකි. එවිට සිදුවන්නේ අවුලට විසඳුම් සෙවීමට යොමුවීමය. ඇත්ත ප්‍රශ්නය යට යන්නේ එම හේතුවෙනි. කොරෝනා රෝගීන් දිනකට 2500ක් ඉක්මවා වාර්තා වන තරමට තත්ත්වය බැරෑරුම් වූයේ ඒ අනුවය.
රටේ අද දවසේ තත්ත්වයට අනුව අන්තර් පළාත් සංචරණ සීමා පැනවීම අත්‍යවශ්‍යය. එහෙත් එක් ජනප්‍රිය මතයක් වී තිබෙන්නේ මුළු රටම අගුලුලා යුතු බවය. පහසුම විසඳුම ද එයමය. එහෙත් එම විසඳුම නිමක් නැති ප්‍රශ්න කන්දරාවක් නිර්මාණය කිරීමට හේතුවකි. 2020 වසරේ මාර්තු මාසයේ සිට පුරා දෙමසක් අපි ඒ කටුක අත්දැකීම ලැබුවෙමු. යළිත් එම කටුක, කඨෝර, නීරස, අහිමිරි අත්දැකීම විඳිනු රිසි යමකු සිටීදැයි සැක සහිතය.
මෙම මොහොතේ ජනතාව වඩාත් බුද්ධිමත්ව හා වගකීමෙන් යුතුව කටයුතු කරන්නේ නම් තත්ත්වය පාලනය කිරීමට සෞඛ්‍ය අංශවලට හැකිවනු ඇත. රට වහන්නැයි මොරදීම වෙනුවට මුව ආවරණ පළඳින්නේ නම් හා රට හුදෙකලා කර ඇතැයි සිතා නිවෙසට වී සිටින්නේ නම් එය යහපත්ය. අපගේ මෙම මානුෂික හා කාරුණික ඉල්ලීම රටේ සාතිශය බහුතරයක් වූ අහිංසක දිළිඳු ජනයා වෙනුවෙනි.
සඳුන් ගැටක් මිටින් අරන් නූපන් අපේ දිළිඳු ජනයා සතුව තැන්පත් කරගත් මහ ධන නිධානයක් නැත. බොහෝ දෙනකු දිවිගෙවන්නේ හා දරු පවුල රක්ෂා කරන්නේ දෛනික ආදායමෙනි. ඔවුන් ගැන නොසිතා නොබලා කටයුතු කළ නොහැකිය.
බොහෝ නිවෙස්වල රෝගීහු සිටිති. ඔවුන්ට ප්‍රතිකාර මෙන්ම ඖෂධ ද අවැසිය. මුළු රටම හුදෙකලා කළ සන්දියේ එබඳු රෝගීන් සිටින නිවෙස්වල ජනයාට කොරෝනා බියට අමතරව තමන්ගේ නිවසේ සිටින රෝගියාගේ ඉරණම සම්බන්ධ භීතියෙන් ද කල් ගෙවීමට සිදුවිය. අද වනවිටත් හුදෙකලා කර ඇති ගම්මානවල ජන ජීවිතය කෙතරම් දුක්මුසුදැයි හඳුනා ගැනීමට අමුතු නුවණක් ඇවැසි නැත.
රටේ ඊළඟ තත්පරය තීරණය වන්නේ ගෙවෙන තත්පරයට සාපේක්ෂවය. රට දැන් තිබෙන්නේ අනුමාන හැකියාවෙන් එපිටය. එහෙයින් සිදු කළ යුතුව තිබෙන්නේ ඒ එන ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි පරිදි රට සූදානම්ව තැබීමය. රජයේ වගකීම වන්නේ එයය. විශේෂයෙන්ම ජන ජීවිතය කඩා වැටීමට ඉඩ නොදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය , ඖෂධ මෙන්ම ජනයාට අවශ්‍ය අනෙකුත් දෑ සපයා ගත හැකි යාන්ත්‍රණයක් සකස් කළ යුතුය. එම යාන්ත්‍රණයට හොඳම අවබෝධයෙන් සහාය දීම ජනයාගේ වගකීමය.
(***)
ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල
හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.
නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස
අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ
මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පළාත් හුදෙකලා කරන අතරම අත්‍යවශ්‍ය සේවාත් කරගෙන යමු