IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


පොළොව යට පිහිටි ගුහාවකට ගිය ගමනක්

    25_SLT_P26 

 

ශ්‍රී ලංකාව ඉපැරණි මානව ශිෂ්ටාචාරයන්ට විවිධ අවස්ථාවල ලක්වුණු අතර ඒ හා එදවස බැඳි ජන ජීවියේ වැදගත් ස්ථානයක් උමං, ලෙන් හා ගුහාවලට හිමිවිය. නිවසක් වූ ඒවා පසු කලෙක රාජ යුද්ධවලදී රහසිගත ස්ථාන හා වටිනා දෑ සුරැුකිව තබන ගුප්ත ස්ථාන බවට පත්විය. පාහියන් ලෙන, බටදොඹ ලෙන, බෙලිලෙන ආදී සරල ලෙන් හා ගුහා ලාංකේ5ය ඉතිහාසය තුළ වැදගත් තැනක් ගනියි. ඊට අමතරව ඌව පළාත යනු ගුහා හා උමංවලට ඉතා ප‍්‍රසිද්ධියක් උසුලන ප‍්‍රදේශයකි. අද වන තුරුත් අප දන්නා උමං රාශියට අමතරව තවමත් සොයා නොගත් උමං ඇති බව එම ප‍්‍රදේශවල ජනයාට පවා නොරහසකි. අද අපේ චාරිකාව දිවෙන්නේ ඓතිහාසික වටිනාකමක් පිළිබඳ කිසිදු පොතපතක සඳහනක් නොමැති  ඕපනායක ප‍්‍රදේශයේ කාලයාගේ ඇවෑමෙන් සැඟවී තිබෙන ඉපැරණි විශාල ලෙනක් සොයා යෑමය. එය අඳුරින්ම පිරී වනගත සැඟවුණු ‘ඇඳිරි ලෙන’ වේ.

 


රත්නපුර සිට බදුල්ල දක්වා දිවෙන ප‍්‍රධාන මාර්ගයේ  ඕපනායක ප‍්‍රදේශයේ එක්තරා හන්දියකදී ඔබට ‘කන්දේ පුරාණ රාජමහා විහාරය සහ මහා දේවාලය’ ලෙස සඳහන් නාම පුවරුවක් දක්නට ලැබේ. එම මාර්ගය ගැමි ජීවිතවල සෞන්දර්ය පෙන්වමින් එම විහාරය දෙසට දිවෙයි.  වාහන ඒ අසල නවතා කැලයට අවතීර්ණවී ගමන ඇරඹිය යුතුය. මේ ඈතින් පෙනෙන කන්ද ‘පෙට්ටිගල කන්ද’ යි. ඒ අවට සැඟවුණු ඇඳිරි ලෙන යනු වළගම්බා රජ සමය හා බැඳී ඇති බව ගම්වැසියෙකු අප සමඟ පවසන ලදී. මෙම වන පියස පවා අඳුරු ස්වභාවයක් ඇති තෙත් කලාපීය අඩවියකි. කැලෑ ගමන ආරම්භයේ පටන්ම අපට කූඩැල්ලන්ගේ ප‍්‍රහාරවලට ගොදුරු වීමට සිදුවිය. මෙතැන් සිට විටින් විට මැකී යන අඩි පාරක් තිබෙන නමුත් ශාක හා පඳුරුවල ව්‍යාප්තිය නිසා එය එපමණ පැහැදිලි නොවීය. මහා රූස්ස ගස් අතරින් තෙත, මඩ සහිත මාර්ගයේ පය තබන සැණින් එල්ලීමට බලා සිටින කූඩැල්ලන් දැක ගත හැකිය.


ලෙනට ඇතුල් වීමට තිබෙන ස්ථානය ඉතා කුඩා හා පටු ස්ථානයකි. වනය තුළින් එය සොයා ගැනීම පවා දුෂ්කර අපහසු කාර්යයක් බව ද ගම්වැසියන් අපට පවසන ලදී. කෙසේ  හෝ අප නඩය තනිවම එම ඉසව්ව සොයා යෑමට අදිටන් කර ගත්තේ අතරින් පතර සොයාගත් තොරතුරු අනුවය. කැලය තුළින් විනාඩි 30කද පමණ දුරක් පැමිණි අතර ගතට දැනෙන විඩාවද තරමක් වැඩිවිය. කුඩා දිය පහරක්ද අසුන් ගෙන ගිමන් හැරිය හැකි ගල් කුට්ටිද තිබුණු අතර වනය තුළින් නේක විධ සතුන්ගේ ශබ්ද ඇසෙන්නට විය. මාංශ භක්ෂක සතුන් පිළිබඳ තොරතුරක් නොලැබුණද සර්ප ගහණය තරමක් ඇති බව අපට දැනගැනීමට ලැබුණි. විටින් විට ගුවන ආරා නැග ඒ මේ අතර දුවන මීඳුම් සළු බොහොමයක් දැකගත හැකි අතර උදෑසනින්ම ගමන පටන්  ගත් නිසා පත‍්‍ර අතර රැුඳී ලස්සන පිනි බිංදු අපට දැකගත හැකි විය.


මෙම කැලෑ ගමන ඉතාමත් දුෂ්කරය. මේ වනවිට පැයකට ආසන්න කාලයක් අප කිලෝමීටර්  2කට වැඩි දුරක් ඇවිද්දෙමු. උමං කට සොයා ගැනීම ඉතාමත් අපහසු විය. මන්ද යත් එය ඉතා කුඩා හෙයිනි. කූඩැල්ලන් දෙකකුල්වල එල්ලී දණ හිස දක්වා පැමිණෙමින් තිබුණි. ඒ ඇසිල්ලෙන් අප ගමන හදිසියේ නැවතුනේ මාර්ගය හරහා ඇහැටුල්ලෙක් දැකීමෙනි. සුළු විෂ සර්පයෙකු වන කොළ පැහැති දණ්ඩක් බඳු මෙම සර්පයා බොහෝ විට ගස්වල ලැග සිටියි. මිනිසුන් ගමන් ගන්නා මාර්ගවල පිහිටි ගස්වල සැඟවී සිටින්නේ මිනිසුන්ගේ ඇස් මට්ටම අසලිනි. බොහෝ විට ඇස්මට්ටමින් සිටින මෙම සර්පයාට ඇහැටුල්ලා යැයි හඳුන්වයි. ඒ හැරුණු විට මෙම සර්පයා ඇස් උගුල්ලා දැමීමට නිරායාසයෙන් සෑදුණු සර්පයෙකු නොවේ. කෙසේ හෝ වනාන්තරයේ  හිමිකරුවෙකු වූ එම සර්පයා අපගේ මාර්ගයෙන් ඉවතට ගිය පසු අප නැවත ගමන පටන් ගත්තෙමු. පඳුරු, කැඞීගිය අතු රිකිලි හා ගස් මාර්ගය හරහා වැඞී තිබුණු හෙයින් ඒවා ඈත් මෑත් කොට අප ඉදිරියට ඇඳුනෙමු. සමහර ස්ථානවල විශාල මී වද දක්නට ලැබුණු අතර විටින් විට වන පියස සිසාරා මියුරු විහඟුන්ගේ හඬවල් රැව් පිළිරැුව් දුණි.

2


හෝරාවකුත් අඩක් ගිය පසු අප නිවැරදි ඉසව්වට පැමිණ තිබුණි. පොළව මත වේලී ගිය පත‍්‍ර බොහොමයක් තිබුණු අතර විශාල වැල් කිහිපයක් අවට ගස් මත දක්නට ලැබුණි. පුංචි ගල් දෙබොක්කාවක් අසල මීටර 5ක්  පමණ පහළට බැසීමට ඇති පුංචි ලෙන් දොර දක්නට ලැබුණි. ඒ අවට වසාගෙන ගස් වැවී තිබුණු නිසා ඒවාත් සුද්ධ කරමින්ම අප හා හා පුරා කියා ඇඳිරි ලෙනට අවතීර්ණ වීමු. අවතීර්ණ විමත් සමඟ අප ගෙන ආ විශාල විදුලි බල්බ දල්වනු ලැබීය. ඒ මන්දයත් තද අඳුරක් මෙම ලෙන තුළ තිබෙන හෙයිිනි. හිරු එළිය නොවැටෙන මෙම ලෙන පෙට්ටිගල කන්ද තුළ සැඟවී ඇත. මෙහි ඔබ එනවා නම් පැය 2ක් 3ක් දැල්විය හැකි එල්.ඊ.ඞී. විදුලි පන්දම් රැුගෙන ආ යුතුය. එලෙසම ශක්තිමත් හා නොලිස්සන පාවහන් යුගලක්ද පැළඳිය යුතුය. කෑලි කැපෙන අඳුර සමඟ ඇඳිරි ලෙනට ඇතුල් වූ අපව පිළිගනු ලැබුවේ විශාල ගෙම්බන් කිහිප දෙනෙකු විසිනි. ඔවුන් අපගේ අත්ල තරම් විශාල එවුන් විය.


ඇඳිරි ලෙනට ඇතුළු වූ පසු මද දුරක් යනවිට අවට අඳුරට එළිය යොමු කළ විට ඉතා විශාල අවකාශයක් දැකිය හැක. එය විශාල ශාලාවක් බඳුය. මිනිසුන් සියයකට වඩා සිටිය හැකි ඉඩක් එහි තිබේ. ඉහළින් පිහිටි ගල් කුට්ටි ඛාදනයට ලක්වී විවිධ හැඩතල මවා ඇත. වට පිටාවේ පැතිරුණු ගල් බිත්ති සියල්ලම එලෙසය. පොළොව පවා එලෙස සමතලා බිමකි. මෙතැනින් තව තවත් ඇතුළට යාම සඳහා ගල් බිත්තිවල සලකුණු සටහන් කොට තිබේ. දිගු වේලාවක් දැඩි දුෂ්කර වනගත  චාරිකාවක නියැලූණු නිසා අප දැඩි විඩාවකට පත්වී තිබුණු හෙයින් බිම වැතිරී ගිමන් හැරීමට පටන් ගත්තෙමු. එම නිසා අවට තිබූ දර, කොළ රොඩු රැුස්කර ගිනිමැලයක් ගසා ගත්තේ විදුලිය ඉතිරි කර ගැනීමට අවශ්‍ය නිසාය.

3

ලෙන ඇතුළේ හැටි මෙහෙමයි...

 


මද වේලාවක් ගිමන් හැරි පසු අප අවට හොඳින් නිරීක්‍ෂණය කළෙමු. මදක් නැවී ඉදිරියට යා යුතු පැතලි ගල් තලාවක් තිබේ. මේ අවට ගල් තලාව කිසිවෙකු විසින් කුරුටු ගා තිබුණි. එක් තැනක නාගයෙකුගේ වැනි රුවක් තිබුණි. මේවා හුදෙක් වර්තමානයේ මිනිසුන් විසින් අඳිනු ලැබූ ඒවාය. මං සලකුණු පවා ගල් තලාවේ ලොකු අකුරින් ලියා තිබුණි. මෙම ඇඳිරි ලෙන මීට වසර පහකට පමණ පෙර දේශීය සංචාරකයන් විටින් විට ආගිය තැනකි. නමුත් පසුගිය වසර ගණන තුළ මෙය සංචාරකයන් පවා පැමිණීම නැත්තටම නැතිවී ගොසිනි. ඒ වනගත දුෂ්කරතාවයත්, ලෙන සොයා ගැනීමේ අපහසුතාවයත් නිසාය. කෙසේ හෝ කෑලි කැපෙන අඳුර විනිවිද යමින් අපි ඉදිරියටම ගමන් කළෙමු. විටෙක තවත් කුඩා හිස් අවකාශ තිබුණු අතර කැඞී ගිය ගල්  පතුරු තැන් තැන්වල තිබුණි. වවුලන් බොහෝමයක් දක්නට නොලැබුණද සමහර ස්ථානවල විවිධ වසුරු දක්නට ලැබුණි. ඇතැම් විට මෙම කාලයේ සුලභව සැරි සරණ පොළොඟුන්, පලා පොළඟා, කුණකටුවා වැනි විෂඝෝර සර්පයන්ගේ වාසස්ථාන මේ විය හැකිය.


එක්තරා අවස්ථාවකදී අපට හොඳටෝම නැවී රිංගා යා යුතු ස්ථාන තිබුණි. ඉහළින් පිහිටි ගල් බිත්ති හුණු ගල් බිත්ති වලින් පහළට නෙරා ආ උල් පතුරු වැනි හිරි ළඹ විය. මෙහි ඇතුළේ මීටර් 500කට වඩා අප ගියෙමු. ගැමි ජනවහර අනුව මෙම උමඟ ආදී රජකාලේ වස්තුව සඟවා තැබූ සේම යුද උපක‍්‍රම ලෙස පාවිච්චි කළ ස්ථානයක් නිසා මෙහි පිටවුමක් වෙනත් ස්ථානයකින් ඇති බවයි. නමුත් මෙම ඇඳිරි ලෙන මිනිස් සංචරණයෙන් බැහැර වූ හුදෙකලා ස්ථානයක් නිසා එහි ආ ගිය පුද්ගලයෙකු අපට සොයාගත නොහැකි විය. මෙම පරිසරය පවා තරමක් බිය උපදවන සුළු හෙයින් මෙය නැරඹීමට අවට ගම්වැසියක් පවා තවම පැමිණ නැත.


තවත් ඉදිරියට යාමේදී ඇතැම් ගල් බිත්ති අතර විශාල කුහර දක්නට ලැබුණි. ඒවා තුළින් රිංගා යෑමට අප කිසිවෙකුට හැකියාවක් නම් නැත. සමහර තැන් තැන්වල කළු ගල් කැබලි දක්නට ලැබුණි. කහ පාටින් මං සලකූණු බොහෝ ස්ථාන වල තිබුණි. එය අපට හොඳ කි‍්‍රියාවක් ලෙස අනුමත කළ නොහැක. මන්ද එම ස්වභාව සෞන්දර්ය අපවිත‍්‍රවී අවලස්සන වී තිබුණු නිසාවෙනි. සමහර ස්ථානවල තරමක පල්ලම් බැසීම් දක්නට ලැබුණි. කෙසේ හෝ ගුප්ත ගල් ගුහාවක අප තනිවී ඇත. සිව් කොනම කෙළවර කට්ට කළුවර පමණි. මෙම ලෙනේ තව තවත් ඇතුළට ගියෙමු. කිසිම විටෙක ස්වසන අපහසුවක් අපට නොදැනුණු නමුත් සමහර අවස්ථාවල දුර්ගන්ධයක් දැනුණි. තවත් ඉදිරියට යාමේදී ඉහළින් පිහිටි ගල් පර්වත රතු පාෂාණයන් දක්නට ලැබුණි. මිනිසුන්ට නිදහසේ රාත‍්‍රිය ගත කළ හැකි ස්ථාන බොහොමයක් මෙහි දක්නට ලැබුණි. දහසකට වුව මෙම සමස්ථ ඇඳිරිලෙන තුළ රාත‍්‍රිය ගත කළ හැකි. කි.මි. 1ක් පමණ අප විවිධ ඉසව් වලින් තව තවත් ඇතුළටම ගමන් කළෙමු.

1


සමහර ස්ථානවල නිදාගත හැකි යහනක් ලෙස ස්වභාවිකව සෑදුණු ගල් තලා තිබුණි. උල් ගල් කැබලිද දක්නට ලැබුණි. විවිධ අඳුරු වර්ණ වලින් යුත් ගල් බිත්ති දසතම තිබුණි. වැලි ගොඩවල් පවා මේ ඇතුළේ දක්නට ලැබුණි. සමහර ස්ථානවල මීටර 50ක්, 100ක් අප ගමන් කළේ දෑතද පොළවට තබමින් නැවීගෙනය. විශාල කන්දක ස්වභාවිකව කි.මීටර 2කට වැඩි ප‍්‍රදේශයක පැතුරුණු මෙම ඇඳිරිලෙන විශ්මයජනක නිර්මාණයකි. මෙහි කිසිම ස්ථානයක මිනිස් ශ‍්‍රමයෙන් කැපූ ගල් බිත්ති දක්නට නොලැබුණි. කාලාන්තරයක් මුළුල්ලේ ඛාදනය වී දියවී පිවිසුම් මාර්ග සෑදී තිබුණි. සැබැවින්ම මෙහි ගමන් කිරීම බොහෝ දුෂ්කරය.


මේ වන විට පැය දෙකකට ආසන්න කාලයක් අපි මෙහි ඇවිද ගොස් ඇත. බොහෝ දුර ගමන් ගත්තද හැම තැනකම අලූතින් යමක් දක්නට  ලැබුණු නිසා ගමන් විඩාවක් නොදැණුනි. එක්තරා ගල් තලාවකට පැමිණි අප ගිමන් හැර ආහාර අනුභව කළෙමු. මෙහි එන විට වතුර හොඳට රැුගෙන එන ලෙස මතක තබා ගන්න. මන්ද දැඩි පිපාසයක් හා දහදියක් දැනෙන හෙයිනි. මේ වන විට අප මිනිස් වාසයෙන් මිදී කි.මි. 6ක් පමණ දුරක් පැමිණ ඇත. එයිනුත් සෑහෙන දුරක් අත්හැර දමනු ලැබූ කැලයෙන් වැසී තිබෙන ලෙනක් ඇතුළේ අප සිටින්නෙමු. මෙතෙක් අපගේ සංචාරවලට වඩා වෙනස්ම වූ පොළව යටට ගිය ගමනත් මෙය වේ.

9988

අපේ නඩය


කෙසේ හෝ යා හැකි උපරිම දුර අප ගමන් කළෙමු. යා හැකි හැම මාර්ගයකින්ම අප අමාරුවෙන් වුව ගමන් කළෙමු. සමහර විට බිම තිබෙන ගල් පතුරුවලට අපගේ දෙපා සීරුනි. නැවී ගෙන ගමන් කරන විට හදිසියේ අමතක වීමෙන් හිස එසවීමේදී ගල් බිත්තිවල ඔලූව වැදුණි. ඒ සියලූම දුෂ්කරතා මැඩගෙන බොහෝ දුරක් ඇඳිරි ලෙන තුළ ගමන් කල අප කාලය සමඟ නැවත හැරී ඒමට ගමන් කළෙමු.


ආපසු එන මග තරමක් සොයා ගැනීම අපහසු වුවත් හැකි තාක් ඉක්මනින් අප ආවෙමු. මෙම ස්ථානයට අප ආ බව ගල් බිත්තිවල සටහන් කළේ නැත. මන්ද එලෙස නම් සටහන් මෙහි තැනින් තැන තිබුණ හෙයිනි. මෙවැනි ස්ථාන එවැනි විනාශයන්ගෙන් ආරක්‍ෂා කළ යුත්තේ ඔබ අපිමයි.  පැයකින් පමණ අපට උමං කට අසළට ඒමට හැකිවිය. අවසන් වරට අති විශාල ශාලාවක් බඳු ප‍්‍රදේශයේ ඡුායාරූප රැුගෙන නැවත වනයට පිවිසීමට සැරසුනෙමු. කාලයාගේ ඇවෑමෙන් සහ පැමිණීමේ දුෂ්කරතාවය නිසාත් ඓතිහාසික අගයක් නැතැයි පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් සනාථ කළ නිසාත් මෙම ඇඳිරිලෙන කැලෑවැදී යට යමින් පවතියි. සිතා ගත නොහැකි කුඩා පිවිසුමකින් ඇතුළ්වී මහා විශාල කන්දක් ඇතුළේ විශාල ශාලා තිබීමත් කි.මි. කිහිපයක් දුරට පැතිරී තිබීමත් පුදුමය දනවන සුළුය.


ඇඳිරි ලෙන යනු සැබවින්ම කැලෑවැදීමට නොදී ආරක්‍ෂා කර ගත යුතු ස්ථානයකි. අතිශය දුෂ්කර ගමනක් සහිත මෙම සුවිශාල ලෙන බැලීමට ජනතාව යා යුතුය. මෙවැනි විශ්මිත ස්වභාවික නිර්මාණ දැකගත යුතුය. කෙසේ හෝ තවත් පැය එකහමාරක ගමනකින් පසු අප යතුරුපැදි කරා ආවේ එක එල්ලේ කිසිදු විවේකයක් නොනගමිනි. ලේ සුවඳට අපේ කකුල්වල එල්ලූණු කූූඩැල්ලන් මග හැරීමට අප සබන් භාවිතා කළේ ඇඳිරි ලෙන තුළදී වූ සීරීම් නිසාවෙනි.  ඕපනායක ගම් පියසේ පෙට්ටිගල කඳු වළල්ලේ සැගවුණු ඇඳරි ලෙන තුළ කෑලී කැපෙන අඳුරේ ගත කළ හෝරාගොන්න කාත් කවුරුත් නැති අඳුරු ලෝකයක අපි තනි වූවා සේ දැනුණි.


Travel in Sri Lanka - Sobasiri  මුහුණු පොත පිටුව සංචාරයට කැමති ඔබ සැමට ඇඳිරිලෙන නැරඹීමට යන ලෙස ආරාධනා කරන්නෙමු.

 

M



අදහස් (0)

පොළොව යට පිහිටි ගුහාවකට ගිය ගමනක්

සඳරේකා Monday, 10 August 2015 04:35 AM

මේ ලිපිය හරිම ත්‍රාසයජනකයි, මේ වගේ දේවල් තවත් ලියන්න, අපිත් ලංකාදීපේ බලන්න හරිම ආස මේ වගේ අමුතු ලිපි හින්ද..(ම)

:       0       0

අජිත් Monday, 10 August 2015 02:55 PM

හරිම අගෙයි ලංකාදීපයට ගොඩක් තුති (බ)

:       0       0

අකලංක Thursday, 13 August 2015 05:16 AM

අයියෝ! අපිත් පෙරෙයිදා ඔයාලගේ ලිපිය බලලා මේ ලෙන බලන්න ගියා. පැය 3ක් විතර මේ ලෙන හෙව්වත් හමුවුණේ නැහැනේ. පස්සේ ආයෙත් ගමට ආවහම එයාල කිව්වා මඟපෙන්වන්නෙක් නැතුව අපිට කීයටවත් ලෙන හොයාගන්න බැහැ කියලා. ඔයාලා නම් සුපිරි ගමනක් තමයි ගිහින් තියෙන්නේ.. (නි)

:       0       0

සුමුදු Friday, 07 August 2015 09:39 AM

ඇල්ලේ ඥානිස්සර හිමිගේ කතාව නම් හරි අගෙයි.(නදී)

:       0       0

සුධීර Wednesday, 12 August 2015 05:32 AM

ඇල්ල පැත්තේ තියෙනවා තව හැංඟුණ ගුහා. ඒවටත් යන්න පරිස්සමින්. සුපිරියි මේ ලිපි පෙළ. (නදී)

:       0       0

අසෝකා Saturday, 08 August 2015 03:14 PM

ලංකාවේ අපේ පැරැන්නෝ හදපු උමන් මාර්ග බොහොමයක් තිබෙන බව මා අසා තිබෙනවා. අවිස්සාවේල්ල කෝට්ටේ මාතලේ රත්නපුර ප්‍රදේශයේ. නමුත් ඒවා සොයා ගත්තත් ඒවාට නිසි ඇගයීමක් හෝ විස්තර යක් නිවැරදිව නොදීම නිසා, දන්නා අයත් ඒවා ගැන කිසිම සදහනක් නොකර මිය පරලොව යනවා. ඒ අතින් ලංකාදීපය කරන මහගු සේවයට අපි ස්තුතිවන්ත විය යුතුයි! (නදී)

:       0       0

දිල්රුවන් පෙරේරා Friday, 07 August 2015 04:39 AM

ලංකාදීපේ යන මේ ලිපි නොවරදවාම අපි කියවනවා, මේ ලිපි බලල අපි ට්‍රිප් 3ක් ගියා මේ වෙනකොට. සමහර තැන් වලට යන්න අපිට පොඩ්ඩක් බයයි. විශේෂයෙන් කැලේ රෑ ඉන්න එක නම් අපිට හිතාගන්නවත් බැහැ. කොහොමද ඔයාල කුඩාරමක් වත් නැතුව හිටියේ කියලා. කුඩැල්ලෝ මතක් වෙද්දී නම් ට්‍රිප් යන්න හිතෙන්නෙත් නෑ අපිට. ඔයාල නම් සුපිරියි (නදී)

:       0       0

අතුල Friday, 07 August 2015 04:43 AM

රූපවතී, ලංකාවේ ලස්සන දකින්න තියෙන ගම් වල ඉන්නේ හොද හදවතක් තියෙන මිනිස්සු. අනික නයගරා ඇල්ල තියා ඔයා ලංකාවේ දියඇලි 10ක් වත් බලල තියෙනවද? ඉතාමත් වැදගත් ලිපියක්, හොද වැඩක් (නදී)

:       0       0

ජයනාත් Sunday, 04 October 2015 04:20 PM

ලංකාදීපයට ස්තුතිය..! අලුත් පරම්පරාවේ හොඳ ගවේෂකයෝ ..! තමන් අත්දුටු දේ අනුනට දැනගැනීමට සැලසුවාට ස්තුතිය ඔබට තරුණයිනි..! .හොඳ ඉදිරි ගමනක් පතමි ඔබ සැමට. (බ)

:       0       0

සමිත Thursday, 06 August 2015 04:44 PM

නියමයි. අපිටත් යන්න පුලුවන්ද? (නි)

:       0       0

නිමන්ති Friday, 07 August 2015 05:38 AM

මේ වගේ ස්ථාන ගැන ප්‍රසිද්ධ කරන්න එපා. මොකද ලංකාවේ අය මේ වගේ තැන් වලට ගිහින් ඒ සුන්දරත්වය වනසයි, ප්ලාස්ටික් පොලිතින් දාලා මේ පරිසරය විනාශ කරාවි.සඳලි තාරකා, ඔයාල ගැන පුදුමයි අනේ, මෙච්චර ලග ඉදලත් මේ තැන ගැන දන්නේ නැති එක නම්.. (ම)

:       0       0

හර්ෂණ Thursday, 06 August 2015 09:34 AM

මම මෙච්චර රත්නපුරේ ඉඳලත් මේ වගේ දෙයක් ගැන අහලවත් නැහැනේ. නියමයි මේ ලිපිය.හිතාගන්නත් බැහැ ඔයාලා කොහොමද මෙහෙම අවදානම් ගන්නේ කියලා (නි)

:       0       0

රූපවතී Thursday, 06 August 2015 06:48 PM

අනේ මට නම් යන්න බයේ බැහැ. කැලේ ඉන්නා කොටි වලසුන්ට වඩා, ලංකාවේ මේ වෙනකොට ඉන්නා මනුස්සයින්ගෙන් බේරී ආපසු එන්න ලැබෙයිද කියලා සැකයි ..? අර නයගරා වගේ දිය ඇල්ලක්වත් ඕක ඇතුළේ තියෙනවා කිවුවොත් නම් මිනිසුන් යයි බලන්න. (නි)

:       0       0

ඇල්ලේ ඥානිස්සර හිමි Friday, 07 August 2015 06:24 AM

මේ ළමයි මේ කරලා තියෙන්නේ ඇත්තටම හොද වැඩක්, මගේ මිත්‍ර ගුණවංශ හාමුදුරුවෝ එක්ක මම පුංචි කාලේ මේ ලෙනට ගිහින් තියෙනවා මතකයි, ඒ දවස් වලත් යන්න හරිම අමාරුයි, කැලේ වැවිලා.මේ ලෙන ඇතුලේ ගොඩක් දුරට යන්න පුළුවන්, අපි හුළු අතුවල ගින්දර දල්වන් ගියේ ගොඩක් දුර. වව්ලෝ, සර්පයෝ වගේම උභයජීවී සත්තු ඉන්නවා හරියට. සමහර තැන් වල හරිම දුර්ඝන්දයක් තියෙන්නේ. දැන් මම දන්නා තරමින් ඒ ගම පළාත් වල උදවිය වත් යන්නේ නෑ මේ පැත්තේ. ඌව පළාත සහ සබරගමුවේ මේ පැත්ත කියන්නේ උමං,ගුහා ගොඩක් තියෙන පැත්තක්. රජ කැලේ වගේම පැරණි මිනිස්සුන්ගේ ජන ජිවිත වලට මේවා උපකාරී උණා. බදුලු බණ්ඩාරවෙල පැත්තේ තියෙන උමං,ගුහා වලටත් යන්න, හැබැයි පරිස්සමෙන්. මේ වගේ තැන් වල සුන්දරත්වය වනසන්න එපා. බුදු සරණයි.(නදී)

:       0       0

පහන් Thursday, 06 August 2015 10:02 AM

අනේ අපි මෙහෙම තැනක් ගෙන ඇහුවෙත් අදයි. මාරයි..සුපිරි වැඩක්..(ම)

:       0       0

බන්දුල Thursday, 12 November 2015 05:59 AM

දැන් බොහෝ දෙනා අත ස්මාට් ෆෝන් සුලභ නිසා මෙවැනි ස්ථාන වල තොරතුරු ඛණ්ඩාංක ගූගල් මැප්ද සමග පළ කරන්නේ නම් අකලංක ලා රස්තියාදු නොවෙන්න නොවෙන්න තිබුණා. (බ)

:       0       0

සරත් ඒකනායක Friday, 07 August 2015 07:13 AM

ඉතාම හොදයි, මේ වගේ ගමන් යන්න ඔයාලට වාසනාව තියෙනවා. තවත් මේ වගේ අපි කව්රුත් නොදන්නා දේවල් ගෙන්න.(ම)

:       0       0

සුපුන් Friday, 07 August 2015 07:13 AM

සුපිරි වැඩක්.. ඇහුවෙත් අදමයි ඔහොම තැනක් ගැන..(ම)

:       0       0

සතිෂ් Tuesday, 11 August 2015 05:07 PM

ඉතා වටිනා ලිපියක්. කියවනවිට පොඩි කාලේ කියවපු ත්‍රාසජනක වීර කතා පොතක් කියවනවා වගේ. මේ වගේ සුන්දර තැන් ප්‍රසිද්ධ වුණාම, ඉක්මනින් විනාශය කරාද ළංවෙනවා. කොහොම වුණත් ලංකාදීපයට ගොඩක් ස්තුතියි. (නි)

:       0       0

පී සිරිවර්ධන Saturday, 08 August 2015 10:11 AM

මම ලංකාදීපෙට ස්තුති කරනවා මෙවැනි ලිපි පලකරීම සම්බන්ධයෙන් (නදී)

:       0       0

සඳලි තාරකා Thursday, 06 August 2015 12:16 PM

මම ඉන්නේ පැල්මඩුල්ලේ. ඒත් කවදාවත් මෙහෙම තැනක් ගැන අහලා නැහැ. කොහොමද ඔයාලා මේ වගේ තැන් හොයාගන්නේ? නියමයි හො‍ඳේ! (නි)

:       0       0

ගුණවර්ධන Saturday, 08 August 2015 10:24 AM

ඉතා හොඳ ලිපියක් ලංකාදීපයට ස්තුතියි. ඒ වගේම අපේ තරුණ තරුණියන් කරන මේ වැදගත් ගවේෂණ ගැන ඉතාමත්ව ආඩම්බර වෙනවා. ඒවගේම ශාමින්ද ඇතුළු අනික් පිරිසටත් මාගේ ස්තුතිය.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 3710 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 437 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1057 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 95 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 183 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 242 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38951 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25525 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1034 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 367 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site