2018 න් පසුව පළාත් පාලන මැතිවරණයක් නැවත පැවැත්වීමට නියමිතව තිබුණේ 2022 වර්ෂයේ වුවද, ආර්ථික අර්බූදය සහ ආර්ථික අවපාතය හමුවේ පළාත් පාලන මැතිවරණය වරින් වර කල් දාන්නට පෙර පැවැති ආණ්ඩුව කටයුතු කළේය. නව ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව පැවැත්වෙන පළමු පළාත් පාලන මැතිවරණය පිළිබදව සමාජ කථිකාවක් නිර්මාණය වෙමින් පවතින තත්වයක් තුළ ප්‍රාදේශීය මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම පිළිබද කථිකාව යළි කරළියට පැමිණ තිබේ.
කාලීන ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට මැතිවරණ අත්‍යවශ්‍ය වුවත්, මැතිවරණ පැවැත්වීම සහ මැතිවරණ ප්‍රථිඵලය භාවිත කිරීමේ ප්‍රථිඵලය අතර පරතරය වැඩි වෙමින් පවතී. එහෙයින් ප්‍රාදේශීය ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා පවතින ක්‍රමය ක්‍රමානුකූල කළ යුත්තේ කෙසේද යන්න විමසා බැලිය යුතුය.
පළාත් පාලන ආයතන ජනතාවට වඩාත් සමීප ආයතන විශේෂයක් වන අතර, ප්‍රජාතන්ත්‍රවාදී රටක පළාත් පාලන ආයතනවල අර්ථය සහ වැදගත්කම ඉතා ඉහළය. මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා මෙම පළාත් පාලන ආයතන සඳහා ඇතුළත් වේ. එමගින් බිම් මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම තහවුරු කිරීම සහ ප්‍රවර්ධනය සිදුකරන අතරම, පුරවැසි සහභාගීත්වය තහවුරු කිරීම මගින් පළාත් පාලන ආයතන ප්‍රජාතන්ත්‍රවාදී දොරටුවේ ළඟම ආයතන (Doorstep government) බවට පත්ව තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී න්‍යායට අනුව බොහෝ රටවල, පළාත් පාලන ආයතන මගින් තම පුරවැසියන්ට වඩා ප්‍රජාතාන්ත්‍රික අවස්ථාවක් උදාකර දී ඇත. ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඡන්දදායකයන් සහ ඡන්දයෙන් තේරී පත් වූ අපේක්‍ෂකයන් අතර සමීප සම්බන්ධයක් ඇති කිරීම මගින් මහජන සහභාගීත්වය වැඩි දියුණු කළහැකි අතරම, යහපාලනය තහවුරු කිරීමටද එය හේතූවක් වෙයි.
ඩෙන්මාර්කය, ස්වීඩනය, ප්‍රංශය වැනි යුරෝපීය රටවල පමණක් නොව ඉන්දියාව සහ චීනය වැනි රටවලද පළාත් පාලන ආයතන මගින් සුවිශේෂ කාර්යභාරයක් ඉටු කෙරෙයි. ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම පුරවැසියන්ට පහසුවෙන් භුක්තිවිඳීමට ඉහතින් සඳහන් කළ රටවල් ඇතුළු බොහෝ රටවල අවස්ථාව උදාකර දී තිබුණත්, මෙරට පුරවැසියන්ට එම අවස්ථාව අදවන තුරුම හිමි වී තිබේ ද යන්න ගැටලුවකි. අනෙකුත් බොහෝ රටවලට සාපේක්‍ෂව මෙරට පළාත් පාලන ආයතන ආර්ථික, මූල්‍ය සහ භෞතික සම්පත් අතින් ද තවමත් දුර්වල මට්ටමක පවතින අතර, මෙම ආයතන ප්‍රාදේශීය මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට සිදුකර ඇති කාර්යභාරය කිසිසේත්ම ප්‍රමාණවත් නැත.
පවතින ක්‍රමය යහපත් වෙනසකට ලක් කිරීම පිළිබද නව ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මගින් මධ්‍යම, පළාත් සහ පළාත් පාලන ආයතන ප්‍රතිසංස්කරණවලට ලක්කිරීම කෙරෙහි අවධානය යොමුකර තිබීම වැදගත්ය. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ පැවැති විවිධ ආණ්ඩු මගින් පළාත් පාලන ප්‍රතිසංස්කරණ කෙරෙහි යම්තාක් දුරකට අවධානය යොමුකර ඇත. ඒ අතරින් 1954 චොක්සි කොමිසම, 1978 මොරගොඩ කමිටුව, 1998 ජනාධිපති කොමිෂන් සභාව සහ වසර 2009 පළාත් පාලනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය එම ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වැදගත් සන්ධිස්ථාන කිහිපයකි. මෙම ප්‍රතිසංකරණ බොහෝමයක් මගින් ඵලදායී ප්‍රතිසංස්කරණ යෝජනා ගණනාවක් ඉදිරිපත් කළත් ඒවා ක්‍රියාවට නැංවූ බවක් පෙනෙන්නට නැත.
එයට අමතරව පැවැති පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව පළාත් පාලන ආයතන සම්බන්ධව එතෙක් පැවැති සමානුපාතික නියෝජන ක්‍රමය වෙනස් කරමින් මිශ්‍ර නියෝජන ක්‍රමය හඳුන්වා දීමට කටයුතු කරනු ලැබිය. සියයට 60ක් කේවල ක්‍රමය යටතේ ද, සියයට 40ක් සමානුපාතික නියෝජන ක්‍රමය යටතේද පැවැත්වෙන මෙවර මැතිවරණයට අපේක්‍ෂකයන් 80000කට අධික සංඛ්‍යාවක් පළාත් පාලන ආයතන 337ක් සඳහා තරග කිරීමට නියමිතය. සභිකයන් 8000කට අධික සංඛ්‍යාවක් තෝරා ගැනීමට ද නියමිත වේ. ඒ අනුව මෙවර පළාත් පාලන මැතිවරණය මගින් මහ නගර සභා 27 කට, නගර සභා 36කට සහ ප්‍රාදේශීය සභා 274 කට නියෝජිතයන් තෝරා පත්කර ගැනීමට නියමිතය. මෙතෙක් පැවැති දේශපාලන ක්‍රමය මගින් පෙනී යන්නේ මධ්‍යම ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් තම දේශපාලන ශක්තිය වර්ධනය කර ගැනීම වෙනුවෙන් බොහෝ දුරට පළාත් පාලන ආයතන භාවිත කිරීම පිළිබද සිදුවීම්ය.
මධ්‍යම ආණ්ඩුවේ ශක්තිමත්භාවය වැඩි ප්‍රදේශවලට වැඩි ප්‍රමුඛතා මත මුදල් ප්‍රතිපාදන වෙන් කීරීම සිදුකොට, විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ බලය වැඩි ප්‍රදේශවලට අඩු මුදල් ප්‍රතිපාදන වෙන්කිරීම පිළිබද තත්වයන්ය. අනෙක් අතට ඒ ඒ පළාත් පාලන ආයතනවල භෞතික සම්පත් හිමිකාරීත්වයේ ප්‍රමාණයද විසම සහගතය. මෙරට පළාත් සභා ක්‍රමය ඉතා දුර්වල තත්වයක පවතියි. 1987, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රථිඵලයක් ලෙස වර්තමාන පළාත් පාලන ආයතන මෙහෙය වන්නේ ද පළාත් සභා මගිනි. අනෙක් අතට විශේෂයෙන්ම මූල්‍ය පාලන බලය හරහා මධ්‍යම ආණ්ඩුවේ පාලනයටද නතු වෙයි.
මෙරට බලය බෙදීමේ විවාදයන් මූල්‍ය ධාරිතාව කෙරෙහි වැඩි අවධානයක් යොමුකර නැත. කෙසේ වෙතත් මෙරට පළාත් පාලන ක්‍රමය දෙමුහුන් පාලන ආයතන (hybrid governance institutions) ලෙස සැලකෙන අතර, බලය බෙදා හැරුණු සහ සංකේන්ද්‍රිත උපජාතික ආයතන දෙකෙහිම ලක්‍ෂණ පවතී. එහෙත් ඉන්දියාවේ පංචායතී රාජ් ක්‍රමය යටතේ ශක්තිමත් පළාත් පාලන ක්‍රමයක් සකස්කර ඇති අතර, එම ආයතන ප්‍රාදේශීය මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදය සහතික කරන ආයතන වශයෙන් ශක්තිමත් සහ ඵලදායී සේවාවක් සිදු කරයි. ඩෙන්මාර්කය සහ චීනය වැනි රටවල ද පළාත් පාලන ආයතන ප්‍රාදේශීය සංවර්ධනයට වැදගත් සේවා සපයන අතර, අප එවැනි ආදර්ශ සැලකිල්ලට ගනිමින් මෙරට පළාත් පාලන ක්‍රමය යළි ප්‍රතිසංවිධානය කිරීමට කටයුතු කළ යුතුය. එසේම මෙරට පළාත් පාලන ආතනවලට සිදුකරන විවිධ බලපෑම් ජාතික හා ප්‍රාදේශීය මට්ටමෙන්ද සිදු වෙමින් පවතී. දේශපාලකයන්ට අමතරව ප්‍රාදේශීය ප්‍රභූනගේ ග්‍රහණයෙන් පළාත් පාලන ආතන වහා මුදා ගත යුතුය.
මැතිවරණ පවත්වා නියෝජිතයන් පත් කිරීම සහ රාජ්‍ය සේවකයන් විශාල සංඛ්‍යාවක් නඩත්තු කිරීම කලක පටන් සිදුවන අතර, ප්‍රාදේශීය මට්ටමෙන් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට ඉන් සිදුව ඇති කාර්යභාරය ප්‍රමාණවත් නැත. ජනතා බදු මුදලින් නඩත්තු වන පළාත් පාලන ආයතන පිළිබද මහජන මතය ද එතරම් යහපත් එකක් නොවේ. 2024 විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මගින් සිදු කරන ලද සමීක්‍ෂණයකින් පෙන්වා දී ඇත්තේ පළාත් පාලන අයතන පිළිබද මහජන විශ්වාසය සියයට 54ක් පමණක් වන බවයි. වර්තමානයේ මෙරට පුරවැසියන්ට පළාත් පාලන ආයතන පිළිබද අඩු විශ්වාසයක් පැවැතීමට අමතරව එම ආයතන ප්‍රාදේශීය ලේකම් කාර්යාල තරම් ජනප්‍රිය ආයතන බවට පත්වීමක් ද දැකගත නොහැකිය.
බොහෝවිට පළාත් පාලන ආයතන පිළිබද මහජන මතය වන්නේ ඒවා ආණ්ඩුවේ කොන්ත්‍රාත් ඉටුකරන, ජාතික මට්ටමේ දේශපාලන බලය ශක්තිමත් කිරීම වෙනුවෙන් කටයුතු කරන ආයතන විශේෂයක් බවය. එමගින් පෙනීයන්නේ පළාත් පාලන ආයතන සම්බන්ධව මහජනයා අතර එතරම් විශ්වාසයක් නොපවතින බවයි. මෙම ආයතන බොහෝමයක් ඉතා දූෂිත මට්ටමකට පත්ව තිබේ. විශේෂයෙන් අත යට සපයන මුදල් ප්‍රමාණය වැඩිවන තරමට සේවයේ කාර්ක්‍ෂමතාව තීරණයවන මට්ටමට මෙම ආයතන පත් වී හමාරය. මෙහි වගකීම එක් අතකට දේශපාලකයන් දැරිය යුතු අතර, අනෙක් අතට දූෂිත රාජ්‍ය පරිපාලන ක්‍රමය මෙන්ම අවසානයේදී ඒවාට සම්බන්ධවන ඇතම් පුරවැසියන් ද දැරිය යුතුව තිබේ. මෙම ආයතන මගින් ඵලදායී, කාර්ක්‍ෂම සේවාවක් ලබාගැනීම සඳහා දූෂණය මුලින් උපුටා දැමීමට කටයුතු කළ යුතුය.
එහෙයින් මෙම ආයතනවල ක්‍රියාකාරීත්වය පිළිබද මහජන විශ්වාසය තහවුරු කිරීම සඳහා ඒවා නැවත සමාලෝචනය කිරීමේ කාලය එළඹ තිබේ. ඒ හරහා නව පරිපාලන සංස්කෘතියක් සකස් කරමින් යහපත් මහජන සේවාවක් ඉටු කිරීම සඳහා මෙම ආයතන සුදානම් කළයුතුය. ඒ සඳහා සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ වහා කඩිනම් කිරීමටත්, අනතුරුව එම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ හැකි පරිසරයක් සකස් කිරීමත් අවශ්‍ය වේ. එමගින් මහජන විශ්වාසය නැවත තහවුරු කිරීමට කටයුතු කළ යුතුය. එසේ නොමැතිව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම මගින් පමණක් අපේක්‍ෂිත ප්‍රතිඵල ළඟාකරගත නොහැකිය.
කෙසේ වෙතත් පළාත් පාලන ආයතන සිදුකරන මහජන සේවා ලෙස මාර්ග නඩත්තුව, මහජන සෞඛ්‍ය, සනීපාරක්ෂාව, ගොඩනැගිලි උපයෝගිතා සේවා, බදු ගෙවීම්, වෙළෙඳපොළ සංවර්ධනය නිවාස, පෙර පාසල්වල සංස්කෘතික නියාමන බලතල සහ ඒවායේ නීතිය හා සාමය පවත්වාගෙන යාම සම්බන්ධ පුළුල් බලතල ප්‍රමාණයක් මේවාට හිමිය. මෙම ආයතන ඵලදායී ඒවා වීමට නම් අයහපත් පාලනය (Bad Governance) මග හරවා ඉහළ කාර්ය සාධනයක් සහිත පාලන ක්‍රියාවලියක් ඇතිකර ගැනීම සඳහා අන්තර්ගත කළ යුතුය. පාලනය කිරීමේ ක්‍රියාවලියක් පවතින ඕනෑම ස්ථානයකට අදාළ කළ හැකි ක්‍රියාමාර්ගයක් මෙමගින් යෝජනා කරයි. පාලනය (Governance) යනු තීරණ නිර්මාණය කිරීම හා එම තීරණ ක්‍රියාවට නැගීම ඇතුළත් කර ගන්නා ක්‍රියාදාමයකි. එබැවින් රාජ්‍යයේ පාලනය පිළිබද වගකීම දරන ආණ්ඩුව නම්වූ ආයතනයට යහපාලනය අදාළ වෙයි. මහජන නියෝජිතයන් සිටින තත්වයක් තුළත් ඇතැම් පළාත් පාලන ආයතන යහපාලන මූලධර්ම අනුගමනය නොකරන අතර, වර්තමානයේ පළාත් පාලන ආයතනවලට දේශපාලන නියෝජනයක් නැති තත්වයක් තුළ මුල්‍ය සහ පරිපාලන දූෂණ ඉහළගොස් තිබේ.
2016 අංක 01 දරණ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත මගින් සෑම පළාත් පාලන ආයතනයකම සභික සංඛ්‍යාවෙන් 1/3 කින් වැඩි කර කාන්තා නියෝජනයේ අවමය මුළු සභික සංඛ්‍යාවෙන් සියයට 25 දක්වා වැඩිකර කිරීමට රජය තීරණය කරන ලදී. මේ යටතේ පළාත් පාලන මැතිවරණ ක්‍රමය තුළ කාන්තාවන්ට ලබාදුන් සියයට 25 කෝටා ක්‍රමය මගින් කාන්තා නියෝජනය සියයට 20ට පමණ වර්ධනය වී තිබුණත්, ඔවුන්ට පළාත් පාලන ආයතන තුළ ඇති දූෂීත ක්‍රමය හිමි තැන ලබාදීමට කටයුතුකර නැත. ඔවුන් ගොළුවන් බවට පත්කර ඇති අතර, එය වෙනස් කිරීමට දේශපාලන සංස්කෘතිය ප්‍රතිසංවිධානය කළ යුතුය. තව ද පළාත් පාලන සේවා සැපයීම සම්බන්ධව මහජන සහභාගීතවය පවතින්නේ ද අඩු මට්ටමකය. එහෙයින් පුරවැසි සහභාගීත්වය සහ වගවීම වැඩි දියුණු කිරීම සඳහා මහජන සහභාගිත්වය වර්ධනය කිරීම කෙරෙහිද අවධානය යොමු කළ යුතුය.
අනෙක් අතට දැනට ක්‍රියාත්මකවන ඉහළ සිට පහළට දිවයන ප්‍රවේශය වෙනුවට, පහළ සිට ඉහළට දිවයන ප්‍රවේශය හඳුන්වා දීමටද කටයුතු කළ යුතුය. අවසාන වශයෙන් බාහිර සම්පත් මත රඳාපවතින පළාත් පාලන ක්‍රමය වෙනසකට ලක් කළ යුත්තේ කෙසේ දැයි යන්න සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු අතරම, පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුවවත් ඊට ගැලපෙන ක්‍රමයක් සකස් කිරීම මගින් ප්‍රාදේශීය ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා පියවර නොගතහොත් මෙරට පළාත් පාලන ආයතනවලින් අපේක්‍ෂිත ප්‍රතිඵල ළඟාකරගත නොහැකිවනු ඇත.
(***)
ලබුගම සහ කලටුවාවේ ප්‍රධාන ජල මූලාශ්‍රය වන කැලණි ගඟට තඹ සහ පිත්තල නිස්සාරණ සමාගමක බැර ලෝහ එකතු වන බවට අපි පසුගිය පෙබරවාරි 27 වැනිදා බ්‍රහස්පතින්දා වාර්ත
දිළිඳු බව ලෝකය පුරා දක්නට ලැබෙන්නකි. බුදුදහම එය අනුමත නොකරන අතර එය පිටුදැකිය යුතු බව දේශනා කරයි. ජන සමාජය දුර්වල වීම, අස්ථාවර වීම, සදාචාරාත්මක වශයෙන් දු
2018 න් පසුව පළාත් පාලන මැතිවරණයක් නැවත පැවැත්වීමට නියමිතව තිබුණේ 2022 වර්ෂයේ වුවද, ආර්ථික අර්බූදය සහ ආර්ථික අවපාතය හමුවේ පළාත් පාලන මැතිවරණය වරින් වර කල් ද
ශ්රී ලංකාව බංකොලොත් බව ප්‍රකාශ කළේ 2022 අප්‍රේල් 12 වැනිදාය. ඉන් දින දෙකකට පසු, ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවය නව ගුවන් යානා 21 ක් බද්දට ගැනීමේ සැ
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ජසීරා රූපවාහිනි නාලිකාවේ ආරාධනයකට අනුව සහභාගි වූ රූපවාහිනි සාකච්ඡාව එම නාලිකාව විකාශනය කිරීමෙන් පසු එය රට
උසාවිය තුළ වෙඩි තැබීම ඇතුළු නොබෝදා සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා නිසා මහජනයා අතර භීතිය මතු වී තිබේ. බොහෝ දෙනා මේ සිද්ධි ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස විග්‍රහ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
පළාත් පාලන ක්‍රම වෙනසක් අවශ්‍ය ඇයි?