IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ප්‍රජාතන්ත්‍රවාදයට අනුගතවූ ඡන්දයකට පෙළගැසෙමු

2024 ජනාධිපතිවරණය පැවැත්වීමේ දිනය මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව එන මස නැතහොත් අගෝස්තු මස 15 වැනි දින නාම යෝජනා කැඳවීමට ද සැප්තැම්බර් 21 වැනිදා ඡන්ද විමසීමට ද දින නියම කර තිබේ.

මැතිවරණයක් යනු ප්‍රචණ්ඩත්වයේ නිවුන් සොහොයුරා යැයි හඳුනාගත හැකි තරමට සමීප බවක් දක්නට ලැබේ. පූර්ව මැතිවරණ අවදියේ දී මෙන්ම මැතිවරණ දිනයදාද පශ්චාත් මැතිවරණ කාල සීමාවේදී ද මෙම ප්‍රචණ්ඩ ක්‍රියා වෙනසකින් තොරව සිදු කෙරේ. එහෙයින් මහජන මතය නිවැරැදිව ප්‍රකාශයට පත් කෙරෙන සාමකාමී නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් කැපවීම සෑම දේශපාලන පක්ෂයකම සහ ඒ ඒ දේශපාලන පක්ෂවල කේඩරයන්හි පළමු වගකීම සහ යුතුකම විය යුතුය.

මැතිවරණයක් යනු ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රමාණය කිරා මැන බැලෙන කැඩපතකි. මන්දයත් එමගින් සිදුවන්නේ මහජන මතය උරගා බැලීම වන හෙයිනි. ප්‍රජාතන්ත්‍රවාදය යනු රටේ බහුතර මතයට හිස නැමීමය. එම බහුතර මතය නිවැරැදිව ප්‍රකාශයට පත් කළ හැකි නිර්බාධක පරිසරයක් තිබිය යුතුය. එයට අවශ්‍ය විධි විධාන නීති පොතෙහි නිවැරැදිව දක්වා තිබේ. අවශ්‍ය වන්නේ එම නීති වගන්ති ප්‍රකාරව කටයුතු කිරීමේ ශික්ෂණය වූ නීතිගරුක මනසක් නිර්මාණය කර ගැනීමය.

තමාගේ මතය සම්පූර්ණ, පාරිශුද්ධය, සර්පයෙක් බදු යැයි සිතා එම මතය ජයග්‍රහණය කරවීම ඒකාන්ත අරමුණ කරගත් පිරිස් සිටිති. එම අරමුණට අනුව පළමුව කළ යුතු වන්නේ අනෙකාගේ මතය ප්‍රකාශ කිරීමට ඇති අවස්ථා අහුරාලීමය. බාහු බලය, මැර බලය, ආයුධ බලය යොදවනු ලබන්නේ එහෙයිනි. මැතිවරණ සමය ලෙයින් කඳුළෙන් හා මරණයෙන් කිළිටි වී යන්නේ එහෙයිනි. මෙම පැරැණි පන්නයේ අවි නූතනයට නොගැළපෙන බව වටහා ගැනීමට සමත් මනසක් නිර්මාණය කර ගැනීම වැදගත්ය.

අප මේ නිදහස ලබා හැත්තෑ හය වසරකි. මෙම කාලය පුරාම විවිධ පන්නයේ මැතිවරණ අත්දැකීම් මෙරට ජනයා ලබා සිටිති. එම අත්දැකීම්වලින් ලත් ඥානයෙන් මෙරට ජනයා පොහොසත්ය. එම ඥානයට අනුව කටයුතු කිරීමට එම ජනයාට අවස්ථාව දිය යුතුය.

නිදහස ලැබ ගෙවා ආ මුල් කාලය පුරාම මෙරට ජනාධිපතිවරුන් හා ආණ්ඩු පිහිටුවා තිබෙන්නේ මහජනතාවය. සන්නද්ධ අරගල හරහා හා කුමන්ත්‍රණවලින් ආණ්ඩු පිහිටුවීමට ගත් සෑම උත්සාහයක්ම ලත් තැනම ලොප් වී තිබේ. එම සෑම තැනකදීම ඔප්පු කර පෙන්වා ඇත්තේ මහජන බලය සියල්ලටම වඩා බලවත් බවය. මැතිවරණ කාල සීමාවල දී ඒ බව තරයේ සිතට ගෙන ක්‍රියා කිරීම වඩාත් වැදගත්ය.

මෙරට නීති පද්ධතියේ ‘‘මැතිවරණ නීති’’ යනුවෙන් විශේෂ නීති වර්ගයක් තිබේ. එම මැතිවරණ නීති පනවා තිබෙන්නේ නිදහස්, සාමකාමී හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙනි. අය ශිෂ්ට මිනිසුන් නම් එම මැතිවරණ නීති තිතට නූලට පිළිපැදිය යුතුය. එම නීති පද්ධතියට සිතින් කයින් හා වචනයෙන් අනුගත විය යුතුය. එය එසේ නොවන්නේ නම් එමගින් අශිෂ්ටත්වය ප්‍රදර්ශනය වීම හැර අන් දෙයක් සිදු නොවේ. ඒ අනුව මැතිවරණයක් යනු දේශපාලනඥයන්ගේ හා ඔහුගේ අනුගාමිකයන්ගේ ශිෂ්ට – අශිෂ්ටත්වය ප්‍රදර්ශනයට තැබෙන අවස්ථාවක්.

‘‘ඔබගේ මතයට මා එකඟ නොවුව ද එය ප්‍රකාශ කිරීමට ඔබට ඇති අයිතියට මම ගරු කරමි’’ යන්න ශිෂ්ට මිනිසාගේ පිළිවෙතය. මෙතැන් සිට දිග හැරෙන කාල සීමාව යනු එම ශිෂ්ටත්වය එයට හිමි නිසි අරුතෙන් නිසි ගුණයෙන් බලමුළු ගැන්විය යුතු කාල සීමාව වේ. සැබැවින්ම අප මේ ජීවත් වන්නේ 21 වැනි සියවසේ බව සිහි තබා ගැනීම ඕනෑම ප්‍රශ්නයකට නොවරදින, ප්‍රත්‍යක්ෂ ඖෂධය වේ.

(***)



අදහස් (0)

ප්‍රජාතන්ත්‍රවාදයට අනුගතවූ ඡන්දයකට පෙළගැසෙමු

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඡන්දයේදී උතුර කොයිබටද?
2024 සැප්තැම්බර් මස 07 1257 0

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී උතුරේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය ලෙස සැලකෙන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය සමඟි ජන බලවේගයේ නායක සජිත්


ඕස්ට්‍රේලියාවේ යළි ඉපදුණ එංගලන්තයේ ඩයනා කුමරිය
2024 සැප්තැම්බර් මස 06 4662 1

බිලී කැම්බල් ඕස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ් නගරයේ ජීවත් වන අට හැවිරිදි පොඩ්ඩෙකි. දිනක්, බිලී ඔහුගේ මවටත් පියාටත් පැවැසුවේ පෙර ආත්මභවයේ තමන් බ්‍රිතාන්‍යයේ ඩ


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 126 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


පාන්තිය විහාරය හැඩකළ සාර්ලිස් මාස්ටර්
2024 සැප්තැම්බර් මස 05 514 1

බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ බටහිර පස් යොදුන් කෝරලයේ ඉද්දගොඩ පත්තුවේ, මතුගම සුළු නගර සභා සීමාව තුළ “පාන්තිය’’ නමැති සුප්‍රසිද්ධ ග්‍රාමවරයෙහ


ඡන්දයේ ජනමතය ප්‍රභූමතය
2024 සැප්තැම්බර් මස 05 417 0

මේ වසර අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල මැතිවරණ පැවැත්වෙන වසරක් බවට පත්ව තිබේ. මෙම මස 21 වැනිදා අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ සමාජ ආර්ථික දේශපාලන ව


බොරැල්ලේ කෝවිද හිමි
2024 සැප්තැම්බර් මස 04 1685 1

අපවත් වී වදාළ බොරැල්ලේ කෝවිද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (4) සවස 4.00ට කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානයේ දී සිදු කෙරේ.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site