IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනගෙන සිට ඇත්තේ ඔහු සමීපයේම සිටි කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම්, ඔහුගේ බිරිඳ ඇඩෙලා බාලසිංහම්, කොටි දේශපාලන අංශයේ නායක තමිල් සෙල්වම් කොටි පොලිස්පති නඩේෂන් ඔහුගේ බිරිඳ විනීතා මුහුදු කොටි නායක සුසෙයි, සහ දේශපාලන අංශයේ නායිකා තමලනි වැනි ප්‍රධාන පෙළේ නායක නායිකාවන් කිහිප දෙනකු පමණි.

වන්නි මානුෂීය මෙහෙයුමේ අවසන් සටන් පැවැති වකවානුවේ වෙල්ලමුල්ලිවයිකාල් තීරුවේ සිට නන්දිකඩාල් කළපුව හරහා රජයේ පාලන ප්‍රදේශයට සාමාන්‍ය ජනතාව අතර සැඟවී පැමිණෙද්දී එම ගමන වළක්වා ගැනීමට එසේ පලා එන සාමාන්‍ය ජනතාව ඉලක්ක කර ගනිමින් වෙඩි තබද්දී ප්‍රභාකරන් කුඩා කාලයේ සිටම හදා වඩාගත් දියණියටද වෙඩි වැදී තුවාල සිදුවී තිබිණි.

වවුනියාවේ අවතැන් කඳවුරක සිටියදී ප්‍රභාකරන් කුඩා කල සිට හදා වඩා වඩා ගත් බවින්සා කොටුයේ එවකට මධ්‍යම පළාතේ පිහිටුවා තිබූ මධ්‍යම පළාත් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය ස්ථානාධිපතිවරයාව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.කේ.නිශාන්ත රත්නසිරි මහතා ඇතුළු පොලිස් කණ්ඩායමකටය.

 බවින්සා යනු දරුකමට හදාගත් තැනැත්තියක් බව හෙළි වූයේ සරණාගත කඳවුරේ සිට මධ්‍යම පළාත් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට රැගෙන ඇවිත් සෑහෙන කාලයකට පසුවය.

මේ බව හෙළි හෙළි කර ගත්තේ ද ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත රත්නසිරි මහතාය.

ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත රත්නසිරි මහතා සමග හිතවත් වීමෙන් පසු ඇය මේ බව ඔහු සමග පවසා ඇත.

මේ බව දැනගත් පසු ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත රත්නසිරි මහතා ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිල් යටවර මහතා සමග සිද්ධිය පවසා ඇත. එම කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාව සිටියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිල් යටවර මහතාය.

ප්‍රභාකරන්ගේ හදා වඩාගත් දියණිය වරින් වර කිසියම් තදබල වේදනාවකින් නිරන්තරයෙන් පීඩා විඳින බව දැනගත්තේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත රත්නසිරි මහතාය

ඊට හේතුවක් ඇය දැන නොසිටියාය.

රත්නසිරි මහතා මේ බව ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිල් යටවර මහතාට දැනුම් දීමෙන් පසු මේ කොටි කෙල්ල කෙරෙහි අනුකම්පා කර ඇය කඩිනමින් ඉදිරිපත් කරනු ලැබුවේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ කාන්තා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය, කපිල ගුණවර්ධන මහතා හමුවටය.

මහාචාර්ය, කපිල ගුණවර්ධන මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඇය ගෙන් විස්තර විමසා මේ කොටි කෙල්ල ස්කෑන් පරීක්ෂණයකට ලක් කර ඇත. එම ස්කෑන් පරීක්ෂණයේදී ඇයගේ සිරුරේ එක්තරා ස්ථානයක උණ්ඩයක් රැඳී ඇති බව ගැනීමට හැකි වී ඇත.

කොටි පාලන ප්‍රදේශයේ සිට රජයේ පාලන ප්‍රදේශයට නන්දිකඩාල් කළපුව හරහා සාමාන්‍ය ජනතාව අතරේ බවින්සා පලා එද්දී එසේ එන ජනතාව වැළැක්වීමට කොටි ත්‍රස්තවාදීන් එල්ල කරන ලද වෙඩි ප්‍රහාර වලදී ඇයගේ සිරුරට ඇතුළු වූ එක් වෙඩි උණ්ඩයක් සිරුරේ ඇති බව මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා ඇයට පෙන්වා දී ඇත.

ඇය වරින් වර තද බල ලෙස වේදනාවට පත්වන බවද මහාචාර්යවරයා පවසා එම උණ්ඩය ශල්‍ය කර්මයකින් ඉවත් කළ යුතු බව ද පෙන්වා දී ඇත.

මේ තොරතුරු සියල්ල හෙළි කරනු ලැබුවේ මේ වන විට විශ්‍රාම ලබා සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිල් යටවර මහතාය.

වවුනියාව සරණාගත කඳවුරක සිටියදී අපේ බාරයට ගෙන පොලිස් නිලධාරිනියන්ගේ රැකවරණය ලබමින් කොටි සංවිධානයේ ලු‍තිනන්වරියක වන චිත්‍රා කියලා කාන්තාවක් සිටියා. කොටි සංවිධානයේ දේශපාලන අංශයේ නායක තමිල් සෙල්වම්ගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස ඇය කටයුතු කර තිබෙනවා. ඇය තමා ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත මහතා සමග බවින්සා විඳින මේ වේදනාව ගැන මුලින්ම කියා තිබෙන්නේ.

මේ ගැන දැනගත් මොහොතේම ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත රත්නසිරි මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට දැනුම්දුන් පසු ඇය කඩිනමින් රෝහලට ඇතුළු කරගෙන ස්කෑන් පරීක්ෂණය කරලා ශල්‍යකර්මයකට ලක් කරලා ශරීරයේ තිබුණු උණ්ඩය ඉවත් කළා. මේ උණ්ඩය ඇගේ ශරීරයෙන් ඉවත් කළේ නැත්නම් කවමදාවත් ඇයට දරුවෙක් ලැබෙන්නේ නැහැ කියලා මහාචාර්යවරයා එදා මා සමග කිව්වා අද වගේම මට මතක යැයි විශ්‍රාමික ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිල් යටවර මහතා පැවසීය.

තවදුරටත් ඒ හා සම්බන්ධයෙන් තොරතුරු හෙළි කරමින් විශ්‍රාමික ප්‍රධාන පොලිස් පරීක්ෂක යටවර මහතා මෙසේද පැවසීය.

බවින්සා රෝහල් ගත කළ කාලය පුරාවටම ඇයට ඇප උපස්ථාන කිරීමට ඇය ළඟටම වී සිටියේ කොටි ලු‍තිනන්වරියක වූ චිත්‍රා නමැත්තියයි. ඇයට ශල්‍ය කර්මය කිරීමට ඇඳිය යුතු ඇඳුම් තිබුණේ නැහැ. උප පොලිස් පරීක්ෂක ජගත් මහත්තයාගේ බිරිද ඇඳුම් පැළඳුම් ඇයට දුන්නා.

මහාචාර්ය කපිල ගුණවර්ධන මහත්තයා ඇතුළු වෛද්‍යවරුන් කොටි කෙල්ලක් යයි මොහොතකටවත් නොසිතා ඇයට වෛද්‍ය ප්‍රතිකාර උපරිමව කළා. හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය ඇයට ඇප උපස්ථාන කළා. වෛද්‍ය ප්‍රතිකාර සහ ඇප උපස්ථානවල හොඳ කමටම ඇය ඉක්මන් සුවය ලැබුවා. ඇය රෝහලින් පිටවෙන්න කලින් ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ට හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයට වැඳ නමස්කාර කළා. සිංහල අය මෙච්චර හොඳ කට්ටියක් කියලා දැනගත්තේ එදා බවද ඇය අපිත් එක්ක කිව්වා. මම කොටි කෙල්ලක් වෙලත් සිංහල අය මෙච්චර හොඳට සලකයි කියා කිසිසේත් බලාපොරොත්තු නොවූ බවද ඇය අපත් සමග වැඩිදුරටත් කිව්වා.

ප්‍රභාකරන් දරුකමට හදා වඩා ගත් බවින්සා මේ වනවිට විවාහ වෙලා දරුවන්ද ලබා සාර්ථක විවාහ ජීවිතයක් ගත කරනවා. ඇය අදටත් අපි එක්ක ඉඳලා හිටලා කතා බහ කරනවා. මහාචාර්ය කපිල ගුණවර්ධන මහත්තයා එදා ඇයගේ ශරීරයට ඇතුළු වී තිබූ වෙඩි උණ්ඩය ශල්‍ය කර්මයකින් ඉවත් නොකරන්නට මෙවැනි ජීවිතයකට ඇයට කිසිසේත්ම ඉඩක් ලැබෙන්නේ නැහැ. මහාචාර්යවරයා මේ බව මා සමඟත් ඒ කාලේ පවසා තිබුණා. මහාචාර්යවරයා ඉතාම දක්ෂ වෛද්‍යවරයෙක් යැයිද විශ්‍රාමික ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිල් යටවර මහතා කීය.

ප්‍රභාකරන් කුඩා කාලයේ සිටම දරුකමට හදා වඩා ගත් බවින්සාට ගරිල්ලා සටන් පුහුණුවීම් ලබාදී යුද පිටියට යවා නැහැ. ඇයට කැමරා සහ වීඩියෝ ශිල්පය උගන්වලා ප්‍රභාකරන්ගේ පෞද්ගලික කැමරා ශිල්පිනිය වශයෙන් කටයුතු කර තිබෙනවා. ප්‍රභාකරන් හමුවීමට විදේශීය අමුත්තන්ගේ වගේම ප්‍රභාකරන් සහභාගී වන විශේෂ උත්සව අවස්ථා සෑම එකක්ම ඡායාරූප ගත කර සහ වීඩියෝ ගතකර තිබෙන්නේ බවින්සා විසින් බව ඇයගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූවා. ප්‍රභාකරන්ගේ දරු තිදෙනා එක්කම තමා මම ජීවත් වුණා කියාත් ප්‍රභාකරන්ගේ බිරිඳ තමන්ට තමන්ගේම කුසින් ඉපදුනු දරුවකුට මෙන්ම සැලකූ බවත් අපිත් එක්ක කිව්වා.

වන්නි මානුෂීය මෙහෙයුමේ අවසන් සටන් පැවැති දින කිහිපයේ එක් දවසක් බවින්සා සයනයිට් කරලත් ගිල සියදිවි නසා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ එය වළක්වා ඇත්තේ ප්‍රභාකරන් බව ඇය එදා අපිත් එක්ක කිව්වා. ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ගිහින් හොයාගත් දේවල් අතර බවින්සා පෙනී සිටින ෆොටෝ ඇල්බම් ගණනාවක්ද තිබුණා. එයින් පොටෝ කිහිපයක් මම සිහිවටන වශයෙන් තබා ගත්තා. ඒ විශ්‍රාමික ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ හඬයි. ඒ නමය මාර්ගය වවුනියාවේ ඕමන්තේ සිට යාපනය දක්වා විවෘත කිරීමේ උත්සවය වාර්තා කිරීමට දෙස් විදෙස් මාධ්‍යවේදින් රැසක්ම සහභාගී වී සිටියහ.

මෙම අවස්ථාව ලංකාදීපය වෙනුවෙන් වාර්තා කිරීමට මෙම සටහන තබන ලේඛකයාද රත්නපාල ගමගේ සහ ඉරිදා ලංකාදීපය වෙනුවෙන් ප්‍රසන්න සංජීව තෙන්නකෝන් ද සහභාගී වූහ.

ඒ අවස්ථාව ඡායාරූප ගත කිරීමට සහ වීඩියෝ ගත කිරීමට නවීන පන්නයේ කැමරා ආම්පන්න රැගෙන කොටි කෙල්ලක්ද පැමිණ සිටියාය. ඇය සමග ඡායාරූප කිහිපයකටම පෙනී සිටි අතර එම ඡායාරූප ගනු ලැබුවේ එවකට ලංකාදීපයේ ඡායාරූප ශිල්පියකු වූ මේ වන විට ඉතාලියේ රැකියාවක නිරතව සිටින සංජීව නිරෝෂණය. ඒ කොටි කෙල්ල ප්‍රභාකරන් දරුකමට හදා වඩාගත් බවක් එහි පැමිණ සිටි මාධ්‍යවේදීන්දැන සිටියේ නැත.

විශ්‍රාමික ප්‍රධාන පොලිස් පරීක්ෂක යටවර මහතා ඔහු සුරැකිව තබාගෙන සිටි ඡායාරූප පෙන්වා ඇගේ කතාව කී අවස්ථාවේ ඇය කවුදැයි කියා අපි මුල්වරට දැනගත්තෙමු.

එවකට මධ්‍යම පළාත් භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න සහ නියෝජ්‍ය පොලිස්පති ජයන්ත ගම්මන්පිල යන මහත්වරුන්ගේ උපදෙස් මත බවින්සා ගැන පරීක්ෂණ පවත්වා ඇත. මහනුවර මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා වශයෙන් එවකට සිටි උසස් වීම් ලබා වර්තමානයේ මහනුවර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස කටයුතු කරන අනුරුද්ධ බණ්ඩාරනායක මහතාද මෙම පරීක්ෂණ කටයුතු සඳහා මුල සිටම සහාය වී ඇත. බවින්සා ගැන පරීක්ෂණ කර මනුෂ්‍යත්වයේ නාමයෙන් ඇයට පිහිට වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක ශාන්ත රත්නසිරි මහතා මේ වනවිට මහනුවර පොලිස් සේවස්ථ පුහුණු ඒකකයේ රාජකාරියේ නිරතව සිටී. ප්‍රභාකරන් හදාගත් දියණියට දරු සුරතල් බැලීමේ වාසනාව උදාවූයේ මහාචාර්ය, කපිල ගුණවර්ධන මහතාට පින් සිදු වන්නටය.

 

(*** ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)



අදහස් (1)

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල

අමටදාස Friday, 04 October 2024 01:23 PM

සටන දිනුවාට පසු, කිසිවකුගෙන් පලි නොගත් පිරිසක් අපි. මාලිමාවට ඔබේ ඡන්දය දීම සුදුසු බව තේරෙනවා නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 1009 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 156 2

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 828 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 74 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 172 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 220 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38867 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25508 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 303 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1012 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 361 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site